Friday, March 24, 2017

සින්ඩරෙල්ලා . . !


ඔයා දන්නවා නේද?

ඔයා සපත්තුව අතහැරලා දිව්වේ අහම්බෙන් නොවන බව මම දන්න බව!

ඔව් ඒක හරිම වේදනාකාරී දෙයක් සින්ඩරෙල්ලා!

සිහිවටන ඉතුරු කර එක සැරේටම අතුරුදහන් වෙන එක.

ඒක හරියට, හරියට හර්ද්‍ය වස්තුවේ සුව නොවන තුවාලයක් වගේ.

ඔයා ලඟ ඉතුරු වුනු සපත්තුව "එක සපත්තුවකින් මොනවා කරන්නද කියලා" හිතලා ඔයා ඒක විසී කරන්නේ නෑ.

ඒ මම ඒක කවදාහරි ඔයාව හොයාගෙන ඇවිත් දේවි කියන යටි හිතේ තියෙන බලාපොරොත්තුව නිසා.

නොරිකෝ සං අර වෙස් මූන දෙවෙන්දරාගේ කාමරේ දොර ලඟින් තියලා ගියා වගේ හොරෙන්ම ඇවිත් ඒක ඔයාගේ දොරකඩින් තියලා සියලු මතකයන් අමතක කරලා ඒ සුව නොවෙන තුවාලේ සනීප කරගන්න පුලුවන් නම් කොයි තරම් දෙයක්ද.

ඒත් එහෙම කරන්න බෑ.

සපත්තු දෙක කවදාවත් එක ලඟ තියෙන එකක් නෑ.

අපි ඉඳහිට ඒ සපත්තු හංගලා තියෙන තැන් වලින් එලියට අරගෙන, අර සුව නොවෙන තුවාලේ ආපහු ආපහු පාරගෙන වේදනා විඳිමු.

7 comments:

  1. Replies
    1. හෙ හෙ තැන්කූ ඈ

      Delete
  2. මචං..සිංඩරෙල්ලා හැමදාම සපත්තු දාලා යනවා. ඒ සපත්තු නිසා තුවාලවෙන හිත්වලට අපි හැමදාම පැලැස්තර දානවා.
    සිංඩරෙල්ලලා කවදාවත්ම ඒ අමතක වෙන පුරුද්ද අතෑරගන්නේ නෑ..
    අපි හිත් තුවාල කරගන්න අසනීපේ හොඳ කරගන්නෙත් නෑ..

    හෘද සංවේදී නිර්මාණයක් මචං..

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචං අපිත් පෙරේතයි සුව නොවෙන තුවාල ඉඳලා හිටලා හරි පාරගෙන කලින් වේදනාව කොයි වගේද කියලා විඳලා බලන්න

      Delete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails