Monday, February 9, 2015

පිහිතලය විනිවිද දිවූ උනුහුමක මතකය . . !

පිළිකා අවදානමක් නිසා වයස්ගත මවගේ පියයුරක් ඉවත් කලයුතු බව වෛද්‍යවරයාගෙන් දැන ගත් මැදිවියේ දරුවෝ විස්සෝපයෙන්. - ලංකාදීප පුවතක් -



උනුහුමට තුරුල් වී පපුවට
සීරුවට කිරි උරා බිව්
තනයක් අයින් කරනවායි ඇසූ විට
කඳුලක් නොහෙලා ඉන්න ඇහැකිද
මහමෙරක තරමට ආදරේ විඳපු
වයසට ගියපු උනත් දරුවන්ට

හැමෝටම හොඳ ටික බෙදා
වළඳේ අන්තිම දන්කුඩ ටිකෙත්
හොඳ ටික පිඟානකට හෙලා
වළඳේම කටක් දෙකටක් කා
බඩ පිරුනු බවක් අපිට පෙන්නා
හිනා වී අත හෝදපු . . . අම්මා

අනෙකා නොකල දේවලට
දොස් කියන එක දමා පසුවට
හැකි පමනටත් වඩා තව ටිකක්
කන් කෙඳිරියක් නැතුවම 
දරුවන්ට සහෝදර සහෝදරියන්ට
යුතුකම් ඉටු කරන . . . අම්මා

කියන්න ඕනෑ වුනු දේ
පොල්ලෙන් ගැසූ සේ 
කොන්ද කෙලින් තියාගෙන 
මූනටදම දමා ගසා
හිතේ කහටක් නැතුව
ඒ ගමන්ම හිනා වෙන . . . අම්මා

වයසට ගියත් දරුවන්ට
දැනෙනවා දුක පපුවට
උනුහුමට තුරුලු වී
කිරි උරා බිව් තනයක්
අයින් කරනවායැයි ඇසූ විට . . .!

Pic from: https://dianablography.wordpress.com/

32 comments:

  1. මේ ලෝකේ ජීවත්වුන,ජිවත් වෙන අම්මලා බහුතරයක් ඔය විදිහ තමා,අපේ අම්මලත් ඇතුළුව.අපේ පෙම්වතියෝ,බිරින්දෑවරු ගැනත් අපේ පැටවුන් ඔය විදිහටමකියාවි.කවිය ලස්සනයි.
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. ඔව් නේ හැම අම්මෙක්ම මේ කිව්ව වගේ තමා
      බොහෝම ස්තූතියි

      Delete
  2. ලස්සනයි මල්ලි. අම්මල ගැන කුමන කවියක් ලීවත් හදවතටඒක දිනවා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියා . .
      ඇත්තෙන්ම මේක මාසෙකට විතර කලින් ලිව්ව එකක්
      ඉඳලා හිටලා හරි බ්ලොග් එකේ ලියන්න මේ ලැබෙන දිරිමත් කිරීම හරිම වටිනවා අයියා

      Delete
  3. http://sinhala.lankanewsweb.net/features/cyber-wall-lankanewsweb/15723-2015-02-09-23-51-05

    ReplyDelete
    Replies
    1. ලින්ක් එකටත් ගොඩක් ස්තූතියි අයියා . . මේ ලින්ක් එක මම ෆේස්බුක් එකේත් ශෙයා කලා

      Delete
  4. මේ කවිය ලස්සනයි. ජීවිතය අනිත්‍යයි කියලා කොච්චර දැනගත්තත් ,මේවගේ දේවල් දරාගන්න් අමාරුයි කාට වුනත්. හැම කෙනෙකුටම අම්මා සුවීශේශියි

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඉවාන් . . වයසට ගියා උනත් දරුවන්ට ළමා කාලේ අමතක වෙන්නේ නෑනේ
      ස්තූතියි උඹටත්

      Delete
  5. දැනුණු කවියක්..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අදහස් දැක්වූවාට

      Delete
  6. ඇහැට කඳුලක් එක්කල පද පෙළක්..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අදහස් දැක්වූවාට
      "ඇහැට කඳුලක් එක්කල පද පෙළක්..." මගේ වචන ටිකකට එහෙම කරන්න පුලුවන් උනා කියලා ඇහුවම හිතට මොකද්ද මොකද්ද වගේ :D

      Delete
  7. ලස්සනයි

    ReplyDelete
  8. අපි වෙනුවෙන් දහදුක් විදි අම්මා......ලස්සනයි දුකා

    ReplyDelete
  9. Replies
    1. ස්තූතියි ලොකු පුතා

      Delete
  10. මොනා කරන්නද බං. ජීවිතේ හැටි..

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ බන් . . ඔන්න ඔහොමයි ජීවිතේ

      Delete
  11. මොනවා කියන්නද දුකා... කවිය නම් පට්ට.. සිද්දිය නම් දුකයි... ජීවිතේ ඔහොම තමයි..

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද මචෝ . . .

      Delete
  12. කරුණා සුවඳ තවරාලූ හද පියුමේ
    මවගේ සෙනෙහසයි උල්පත සැනසීමේ
    දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ
    අම්මා කියන්නේ කාටද අද අම්මේ
    ලේ කිරි කරලා මට පොවලා
    මා හැදු වැඩු අම්මේ
    පුංචිකාලෙ දණ ගාගෙන යන විට
    නැගිටින්නට අත දුන් අම්මේ
    හොඳින් නරක දේ වෙන්කරලා
    ඔවදන් දුන් අම්මේ
    මතු සංසාරෙදි ඔබේම පුතු ලෙස
    උපදින්නට පතනෙමි අම්මේ
    දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ
    අම්මා කියන්නේ කාටද අද අම්මේ
    බඩගිනි වීලා හැඩු විටදී
    මට බත් කැවු අම්මේ
    පාසල් යවලා උගන්නලා මට
    මා ලොකු මිනිසෙකු කළ අම්මේ
    ආදරයෙන් මට අඩගහලා
    පුතා කියූ අම්මේ
    ඔබ මතු බුදුවී දහම් දෙසන විට
    මමත් නිවන් දකිනෙමි අම්මේ..........

    ගායනය - නිහාල් නෙල්සන්
    ගී පද - කොලින්ස් අලුත්ගේ

    ReplyDelete
  13. අම්මාට සමාන වූ කිසිවෙක් වේද ලොවේ...නම ඇසූ පමණින් මතකයට නැගෙන රූපයත්...ඒ අවසරයෙන් සංවේදී වෙන හිතත්....

    ReplyDelete
  14. මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ.. ඒ වුනත් ඒ දෙයින් ඒ අම්මට සහනයක් ලැබෙනවනේ..

    ReplyDelete
  15. දුකා ඔව් ඒ තමයි අපේ අම්මා...................

    ReplyDelete
  16. සංසාරයට මඟ වියදම - අම්මා!

    ReplyDelete
  17. @Duka, I am dilantha from Dubai, I need to contact you please send message to my fb account. Thanks a lot

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails