Thursday, January 22, 2015

කමක් නෑ මිත්‍රයා . . !


ජීවිතේදි සමහර වෙලාවට පුදුම විදිහේ කම්පන වලට (shocks වලට) මුහුන දෙන්න සිද්ද වෙනවා. 

පුදුම වැඩේ කියන්නේ 33,000හේ DC කරන්ට් එකක් වැදිලා නොවෙන විදිහේ shock එකක් පොඩි AC කරන්ට් එකක් වැදිලා වෙන්න පුලුවන් කම.

උදාහරණ සහිතව කතා කලොත්, කෙනෙක්ට තමන්ගේ ලස්සන කඩවසම් මූනත්තහඩුවත් එක්ක සරීරෙම පිච්චුනු වෙලාවක . . . එහෙම නැති නම් හතර අතේ Loan වලට හිර වෙලා ඉන්න වෙලාවක ගහෙන් ගෙඩි එන්න වගේ රස්සාව නැතිවීම වගේ දේකට නොවෙන shock එකක් හොඳම යාලුවෙක් Facebook එකේ උගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙන් තමන්ව අයින් කරලා තියෙනවා දැක්කාම ඇති වෙන්න පුලුවන්. :D

ජීවිතේ එක කවුළුවක් වැහෙද්දී තව දොරක් ඇරෙනවා (When one door closes, another door opens), කොයි දේ වෙන්නෙත් හොඳටයි (everything happens for reason) වගේ ලොරි ටෝක්ස් issue කරන පොරකට ඒ වගේ shock එකක් උනොත් බඩුම තමා . . 

බන කියන තරම් ලේසි නෑ පුතෝ පිලිපදින්න ගියාම . . . හිකිස්

හරි හරි අනුන්ට කරපන් කිව්ව දරාගැනීම තෝ දැන් කොරලා පෙන්නහකෝ කියලා ජීවිතේ ලබාදෙන දඬුවමක් වගේ නේද හා . . !

. . . . . . . . . . . . . . . . . . 

වෙලාවකට අපිට අපි එක්කම තරහ වෙන්න සිද්ද වෙන වෙලාවල් එනවා. අර අපි අහලා තියෙන බ්ලේඩ් වලින් කපා ගැනිලි, උල් වලින් ඇණ ගැනිලි වගේ සීන් වෙන්නේ එහෙම වෙලාවට වෙන්ටෑ . . . !

මල මගුලයි මට මාවම එපා උනා කියලා කපා ගන්න කියලයි? ඇනගන්න කියලයි? 


ලේසිම වැඩේ මම මගේම කියලා දැනෙන එකක්ට අනින එක . . කපන එක . . (සිම්පල් ප්ලෑන් එකක් - ඇද්ද තොට)

සිරාවට, සමහර වෙලාවල් වලදී අපිට දැනෙනවා අපි වෙනස් වෙන්න ඕන කියලා. ඒකාකාරී ජීවිත රටාවෙන් හෙම්බත් වෙලා ඉන්න කාලෙක, මොකක් හරි දේකට උත්සාහ කරලා ඒකෙන් ගොඩ යන්න බැරි වෙච්චි කාලෙක, එහෙම නැති නම් අලුත් දෙයක් කරන්න ඕන කියලා හිතේ කොනක තියෙන කාලේක (පොතක් ලියන්න, වත්තක් වවන්න, අලුත් විනෝදාංශෙකට යොමු වෙන්න මේ ඕනෑම දෙයක් මේ කැටගරි එකට දාන්න පුලුවන්) අපිට ඕන වෙනවා මේ ඉන්න අපි නොවී වෙන කෙනෙක් වෙන්න.

ඒත් කරුමෙට (කර්මය අනුව කියහන්කෝ ඈ) අපිට එක එක බැඳීම් . . . පවුල් බැඳීම්, යාලු මිත්‍ර බැඳීම්, දේශපාලන බැඳීම් අරවා මෙව්වා . . . 

අර අපි හිතාගෙන ඉන්න වෙනස් එකා වෙන්න නම් මේ බැඳීම් වලින් සෑහෙන්න අයින් වෙන්න ඕන. 

ලේසි නෑ. සමහර ඒවා ප්‍රායෝගිකව කරන්නම බෑ - පවුල් බැඳීම් වලින් අයින් වෙන්න පුලුවන්ද බෑනේ අන්න ඒ වගේ . . 

හොඳම දේ කරන්න අමාරු දේවල පස්සට දාලා ලේසි දේවල් (ලේසි කිව්වට ලේසි මත් නෑ හිටං) කරන්න පටන් ගන්න එක 

එකින් එක . . මුලෙන් මුල . . අලෙන් අලේ ගලෝලා අයින් කරන එක. 

"ඔබේ ඇස ඔබට වදයක් නම් උගුලුවා දමන්න කියලා ජේසුස් ක්‍රිස්තුන් වහන්සේත් කිව්වා කියලා මනෝරමයගේ ෆේස්බුක් වෝල් එකේ ලියලා තියෙනවා දැක්කා :P

එහෙම ගලෝලා අයින් කරද්දී ඇයි යකෝ මාව අයින් කලේ කියලා බැරි වෙලාවත් එක අලයක් හරි අහයි කියලා හිතෙනවා නම් හේතුත් හදලා තියා ගන්නවා . . 


ඇයි යකෝ අර කිතුල් ගහට නැග්ග එකාත් "තණකොල ඩිංගක් කපන්න නැග්ගේ ආයිබෝන්" කිව්වා නම් මොනා නොකියන්න බැරිද

ගලෝලා අයින් කරන සීන් එකේදි තේරුන් ගන්න ඕන කරන දේ තමා කෙනෙක් රූස්ස ගස් නෙමේ තණකොළ ගහක් වත් ගලවන්නේ නෑ හේතුවක් නැතුව . . 

බොරු නෙමේ අපේ අම්මගෙන් අහන්න . . . හැමදාම අනුන්ගේ කුලී ගෙවල් වල, පොඩි පොඩි ඉඩන් වල හිර වෙලා ඉඳලා අපේම කියලා පොඩ්ඩක් ඉඩ පාඩු තියෙන වත්තක් අරන් පේර, ජම්බු, නාරං ගස් වැව්වා . . එක නිවාඩුවකට යද්දී අම්මා ගස් ඔක්කෝම වගේ කප්පෝලා. ඇයි කියලා ඇහුවාම "කොල වැටෙනවා බන් . . උඹ ඉන්නේ රට මෙහේ ඉන්න මං එපැයි ඒවා ඇතු ගාන්න . . ඉතිං ඔක්කෝම කැප්පෙව්වා" කිව්වා :D

හේතුවක් නැතුව අයින් කොරන්නේ නෑ කියලා පස්සේ හරි තේරුනොත් (තේරුම් කරලා දුන්නොත්) එහෙනම් උඹේ අලුත් වෙනසට මගේ සුභ පැතුම් මිත්‍රයා .. කියලා කියන එක නේහ් වඩා හොඳ?

කමක් නෑ මිත්‍රයා . . මම තරහා නෑ . . . එහෙනම්  මචං මේ සමඟ එවන සුභපැතුම් පිලි ගනින් . . !

ජය  . . . !

60 comments:

  1. මේකනම් මාරම ශොක් එකක් වගේ

    ReplyDelete
  2. හොඳ බ්ලොග් එකක්.

    ReplyDelete
    Replies
    1. ටිකක් වැඩියෙන් ලිව්ව නං.....

      Delete
    2. ඔබේ කෙටිකතාවලට මම සැහෙන්න කැමතියි. හොඳට සිතට කාවදින අයුරින් ලියල තියෙනෙව. අනිත් ඒවා කියවන්න බැරිවුනා තවම.

      Delete
    3. අහා . . ඒ කියන්නේ තාමත් මම ඉස්සර ලියපුව වුනත් කියවන්න අය ඉන්නවා . .වාව් . . ස්තූතියි අජිත් . . සහ රාජ්

      Delete
    4. හොඳම කෙටි කතා කියවන්න පොඩි ඉඟියක් දෙන්නම් . . බීට්ල් ලියන අකුරු කියන බ්ලොග් එකේ තමා මම දැක්ක හොඳම කෙටි කතා එකතුව තියෙන්නේ . . ඒකත් බලන්න වෙලාවක

      Delete
    5. This comment has been removed by the author.

      Delete
  3. Replies
    1. පොඩි හිත රිදුනු සීන් එකක් බන්ස්

      Delete
  4. හපොයි මට අඳුරගන්නත් බැරි උනා...

    ReplyDelete
    Replies
    1. තාම යහතින් ඉන්නවා යකෝ හෙ හෙ හේ

      Delete
  5. Replies
    1. ඔන්නොහේ කමක් නෑ ටියුබ් ලයිට්ම හිටු :P

      Delete
  6. කාටද මේ කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. කියන්න ඕන උනු එකා දැකලා ඇති බන් මෙලහකට

      Delete
  7. උඹ ඉඳල හිටල ලියන මේ සටහන් ඉතිං උඹටයි වටේ ඉන්න බුකියෙ යාලුවො ටික දෙනෙකුටයි විතරක් තේරුම්ගන්න පුළුවන් එව්ව නෙව. යකෝ ලියපංකො යහපාලනේ ගැන. නැත්තං ‍ෙෆාන්සේක ගැනඓහෙමත් නැත්තං මෛත්‍රීට හරි බැනපියකො මල්ලි ටෙලිකොම් එකට දැම්මට! අපිට වද නොදී
    :-)

    ReplyDelete
    Replies
    1. බෑ බෑ යකෝ . . ඒවට ලියන්න දැනුම් තේරුම් ඇති උන් ඕන තරම් ඉන්නේ . . අපිට ඕන වුනේ තිබ්බ එක පෙරලන්න ඉතරයි :P

      Delete
  8. අඩේ දුකා........................

    කතාව කාට කිව්වත් අැත්ත.... ගැඹුරක් තියෙනවා... මොනවා වුණත් උඹ ලියන ඒක වැදගත්.......

    ReplyDelete
    Replies
    1. ඔව් බන් ආයේ ලියන්න ඕන . .

      Delete
  9. රෝග ලක්ශන අනුව සින්හල බොග් අවකාසේ ම ඉන්න කෙනෙක් ඔහුගේ දේශපාලන මතයට එකඟ නොවීම නිසා දුකාට සබන් කොලේ තියලා "ඇරලා" වගෙයි...

    ReplyDelete
    Replies
    1. හෙ හෙ හේ . . වැඩේ එහෙමත් ලේසි නෑ බන්ස් . . :D

      Delete
  10. ඒක ඇත්ත. මේ පැත්තෙ එන අපියි මෝඩයෝ.
    නැවත නොබලමි.

    ReplyDelete
    Replies
    1. අම්මෝ හෙනහුරා නේහ් . . හා එහෙනම් ආයේ ආවොත් බලාගමු . . හිකිස්

      Delete
  11. ‘‘ගලෝලා අයින් කරන සීන් එකේදි තේරුන් ගන්න ඕන කරන දේ තමා කෙනෙක් රූස්ස ගස් නෙමේ තණකොළ ගහක් වත් ගලවන්නේ නෑ හේතුවක් නැතුව ..‘‘

    මේ කතාව ඇත්ත..... මනුෂ්‍ය සම්බන්ධතා හේතුවක් නැතිව බිඳ වැටුණම දරන්න අමාරුයි...

    ReplyDelete
    Replies
    1. ඒකනේ මනුෂ්‍ය සම්බන්ධකම් වීදුරු බඩු වගේ ඒක නිසා පරිස්සමින් පාවිච්චි කරන්න කියන්නේ . .නුන්ට බන කිව්වට මටත් තාම ඒක ලේසි නෑ

      Delete
  12. ඔය තරං වද වෙන්නේ මක්කටෙයි බං. මාවත් ගලෝපි කීප දෙනෙක්ම ඉන්නවා.. ඉතිං මට මොකෝ...

    ReplyDelete
    Replies
    1. පස්සේ එහෙම හිතුනට එක පාරටම පොඩ්ඩක් අවුල් යනෝ බන්

      Delete
  13. යාන්ත්‍රිකව සම්බන්ධකම ඉවත් කලාට, කවුද කියන්නේ සම්බන්ධකම ඉවරයි කියල?

    ReplyDelete
    Replies
    1. අපොයි එහෙම ඉවර වෙන සම්බන්ධකමක් නෙමේ ඒක . . මේක මේ ටෙම්පරි අවුලක්

      Delete
  14. ඔක්කොම වෙන්නේ මිනිසුන්ට. මම නම් සත පහකට ගණන් ගන්නේ නැහැ කවුද මාව ෆේස් බුක් එකේ එකතු කරන්නේ නැත්තේ කියල. මගේ බ්ලොග් එක එල්ල ගත්තේ වුනත් නැතත් මම කොමෙන්ට්ස් දානවා. (දේශකයට හැර හැබැයි ) දේශකයට විතරයි වලිය ඇද්දේ ඇයි මාගේ බ්ලොගේ එල්ලුවේ නැත්තේ කියල :) . අර පැතුම් හේරත් ගේ හොඳ ආගම ඇසුරෙන් යන ලිපි දෙක තුනක් තියනවා. කියෙව්වා නම් පොඩ්ඩක් උපේක්ෂාවක් ඇති වෙයි. (අදහසක් විතරයි හොඳද

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔත්තුවට. ඇත්තෙන්ම කාලෙකින් බ්ලොග් එකේ ලිව්වෙත් . . අපහු බ්ලොග්ස් කියවන්න පටන් ගන්න ඕන . . අහ් උපේක්ෂාව ඇත්තෙන්ම මට සහෙන ප්‍රමානයක් තියෙනවා . . හිටපු ගමන් ඒත් අවුල් යනවා. .

      Delete
  15. Replies
    1. අපෝ නෑ ඌ පැහැදිලි කිරීමක් කරලනේ අයින් කලේ

      Delete
  16. මොකක් සම්බන්දයෙන් ලිව්ව එකක්ද කියලා හිතාගන්න බෑ. ඒත් බැඳීම් අඩුවෙන් ජීවත් වෙන්න ඕනේ කියලා කිව්වට එහෙම ජීවත් වෙන්න අමාරුයි.

    ReplyDelete
  17. ෙත්රුම් ගන්නනම් ටිකක් අමාරුියි. හිටන්

    ReplyDelete
    Replies
    1. කමක් නෑ හිටං එහෙනම් :P

      Delete
  18. කව්රු හරි, කාගෙ හරි දතක් ගලවලවත්ද !!!! ???

    මේවා තේරෙන්නෙ ඉතින් ෆේස් බුක් එකේ වටවෙලා ඉන්න උන්ටම විතරයි.

    ReplyDelete
    Replies
    1. කොච්චර තදින් ගලවලද කිව්වොත් මූට AC / DC ත් පැටලිලා.

      Delete
    2. මාත් හිතුවේ එහෙමයි. ඒත් දුකාට පැටලිල නෑ

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. හ්ම්ම් ඒ වගේ නේහ් ! 33000 හේ dc අහලනැති නිසා මට පැටලිලා වගේ.,

      Delete
    5. සෙන්නා උඹ ෆේස් බුක් එකේ නැතෙයි . . . ? නෑ නෑ බන්ස් දත් ගලවන්න ආයේ ලේසි නෑ මගෙන් . . මේක වෙන සීන් එකක් හෙ හෙ හේ

      Delete
    6. අනේ නෑ බන්... මේ ලෝකේ ෆේස් බුක් එකට අන්තිමටම ජොයින් වෙන එකා වීමේ ගෞරවය ගන්න මම මේ බලන් ඉන්නෙ... :D

      Delete
    7. යකෝ බ්ලොග් වගේද ෆේස් බුක් . . ඒකනේ සෝෂල් නෙට්වර්ක් . . වරෙන් වරෙන් අද හෙටම වරෙන් ඒකට

      Delete
  19. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15479-2015-01-23-22-17-17

    ReplyDelete
  20. ඔබේ කථාව ඇත්ත...මටත් ඔය කියන ෂොක් එක එනවා...ඔය විදියට ගලවලා දැම්මම..ඒත් අනිත් පැත්තට හිතනවා ඌට එපා නම් මට මොකද කියලා...

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන්න පුලුවන් උන් ඉන්නවා බන් . .ඒත් හැමෝටම ඒ තියරිය බෑ

      Delete
  21. හැමෝටම බොහෝම ස්තූතියි . . බ්ලොග් ලියන එක සෑහෙන කාලෙකට පස්සේ කලේ . . ඒත් තාමත් මගේ බ්ලොග් එක කියෝන අය ඉන්නවා කියල හිතුනාම ඇත්තමයි ආයේ ලියන්න ඕන කියලා හිතුවා.
    අදහස් දක්වපු හැමෝටම ස්තූතියි

    ReplyDelete
  22. කවුද කිව්වේ ඔයාගේ බ්ලොග් එක කට්ටිය කියවන්නේ නෑ කියලා? මේ ලගදි මමත් කරක් ගැහුවා මේ පැත්තේ. අද පෝස්ට් එක ගැන නම් ලොකු දෙයක් හිතෙන්නේ නෑ. හෙට හවස ඩුබායි ගාටනවද?

    ReplyDelete
    Replies
    1. අනිවා නංගී . . හෙට හම්බ වෙමු ඈ . . කෝ කුක්කෝ නාට්ටියත් බලන්න යනවැයි?

      Delete
  23. මචං, මොකෑ අවුල......?

    ReplyDelete
    Replies
    1. කිසි අවුලක් නෑ මචෝ . . . ජනවාරි 9වෙනිදා ඉඳන් දවස් සීයක් යනකම් කියලා මාව යාලුවෙක් උගේ ලිස්ට් එකෙන් අයින් කරලා බන් . . පිස්සු බුවෙක් . . හිකිස්

      Delete
  24. දුකා,
    මා ඔබේ ලිපි බලන්නේ 2010 තරම් කාලයක ඉඳල. ඔබ විසින් කරන සමාජ සත්කාරය එනම් පිහිටවිය යුතු අයට පිහිටවීම මම අගය කරන දෙයක්. සතර දෙසින් හමා එන චණ්ඩ සුළඟ හමුවේ නොසැලී සිටන ඉන්ද්‍රඛීලයක් (මනා ලෙස පොලවේ සිටුවූ දණ්ඩක් ) මෙන් සිටීමට ඔබට හැකිවේවා යයි පතමි.එසේ කිරීමට නම් කුලයේ නොඇලීමේ ගතිය( තම හිතවතුන් අතර සිටිමින්ම ඔවුන්ගෙන් ඉවත්ව සිටීම ) වර්ධනය කරගන්න ඕනෑ. මේ පද දෙක තියෙන්නෙ කොහෙද කියා ඔබ දන්නවා.
    සමරසේකර

    ReplyDelete
    Replies
    1. "තම හිතවතුන් අතර සිටිමින්ම ඔවුන්ගෙන් ඉවත්ව සිටීම"
      සමරසේකර මහත්මයා . . බොහෝම ස්තූතියි . . ඔබ අද මට මාම් නොදැන සිටි ලොකු පාඩමක් ඉගන්නුවා . . බොහෝමත්ම ස්තූතියි

      Delete
  25. ඇයි මං කියෙව්වේ කියලා හිතුනා...... බුකියේ ඉන්න කාට හරිවත් තේරුනාද මංදා......
    අයියේ මේ ලියන දෙයක් තේරෙන බාසාවකින් කියනවද...... :D

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails