Monday, September 3, 2012

සුභ උපන් දිනයක් වේවා මගෙ පුතේ ඔයාට . . . !




මා පෙලන මේ පාලුව තනිකම විඳ ගැනීම බොහෝම අසීරුය.

බොහෝ හිතවතුන් අසල ගැවසුනත් ඒ මහා විසාල හිස්තැන පුරවන්න සමත් කිසිවක් නැත.

පාලුව ඉවසිය නොහැකි තැන එලියට බැස අහස දෙස බැලීමි. මා මෙන්ම පාලුවෙන් පෙලෙන තරුවක් වත්???

දූවිලි පිරුනු මැදපෙරදිග අහසේ තරු දැකීම අහම්බයක් පමනි.

ඊටත් මේ ගිම්හානයේ සෙල්සියස් අංශක 40ට වැඩි ගිනි රස්නය ගතේ දාබිඳු නංවමින් පාලු මකන තරුවක් සෙවීම ඉවත ලන්න බල කරයි.

ස්කයිප් කතාබහකට මගේ සොඳුරු ත්‍රස්තවාදියා - විරුල් ගෙන්වා ගැනීම බොහෝ අපහසුය.

ඔහු මා සමඟ තරහින්ද? මගේ හිත හඬා වැටෙයි.

පසුගිය ජුනි මාසයේ ඔවුන් තනිකර මා මෙහි ආවේ "පුතේ ලංකාවේ ලස්සන හොට් වීල්ස් කාර් නෑනේ. අප්පච්චි ඩුබායි ගිහින් ඔයාට ඒවා අරන් එන්නම් කියායි"

ඒ අලුත නිතර ස්කයිප් එකෙන් මා හා දොඩමලු වූ විරුල්ට නිවාඩු යන මිතුරෙක් අතේ ඔහු ඉල්ලා සිටි හොට් වීල්ස් කාර් ගේම් එකක් යැවීමි.

ස්කයිප් එකෙන් එය පෙන්වද්දී "අප්පච්චී ඕක ඔයාගේ ලොකු බෑග් එකේ දාගෙන ඔයා එන්න" කිව්වේ ඇත්තෙන්ම මා එතැයි විස්වාස කරගෙන විය හැකියි.

පොරොන්දු වූ සෙල්ලම්බඩුව ලැබුනු පසුත් මා නො එන්නේ ඇයිදැයි ඔහුට හිතෙනවා ඇති.

"මම තව ලස්සන සෙල්ලම් බඩු මගෙ පුතාර අරන් එන්නම්"

"අනේ අප්පච්චී සෙල්ලම් බඩු නැතැත් කමක් නෑ ඔයා එන්න" විරුල්ට එසේ සිතෙනවා ඇති.

කොල්ලට සිතෙන හැම දේ කියා ගන්න බැරි වීම කොයි තරම් ලොකු දෙයක්ද?

"හම්බකරන ඔක්කෝම මෙහේ වියදම් වුනත් කමක් නෑ ඔයයි පුතයි ආපහු එන්න. අපි පුතාව මෙහේ ඉස්කෝලෙකට දාමු"

"අපි එක එක වෙලාවට ප්‍රශ්න එන එන විදිහට තීරණ වෙනස් කරන එකෙන් පුතාගේ ඉගෙනීමට බාදාවෙයි අනේ. අනික පටන් ගත්තු බිස්නස් එක ටිකක් පිලිවෙලක් වෙනකම් හරි අපි මෙහේ ඉන්නම්" 

නදීෂා තීරන ගන්නේ මම වගේ නොව බොහෝ දුර සිතා බලායි.

ඒත් මගේ හිත දෙගිඩියාවෙන්.

මට තාත්තගේ ආදරේ ඕන කරපු පුංචි කාලේ හිත පුරා ඒක නොලැබුනායින් වුනේ හිතේ සුව නොවෙන තුවායලක් වගේ තාත්ත ගැන තරහක් ඇතිවුනු එක.

සුනේත්‍රාගේ පූර්ව ජන්ම අපූර්වය පොතට පින් සිද්ද වෙන්න ඒ තුවාල නම් සනීප උනා තමා.

මම හිතුවේ මට වුනු දේ නම් මගේ පුතාට වෙන්න ඉඩ දෙන්නේම නෑ කියලමයි.

ඒත් මේ අනාගතේ වෙනුවෙන් වර්තමානය කැප කරන එකෙන් මගේ පුතාගේ හිතේත් මම එක්ක තරහක් ඉතුරු වෙයිදෝ කියලා සැකයි.

පුතා ලොකු වෙලා කරුනු තේරෙන දවසක ඒක සමාව දේවි . . එත් . . ඒත් එදාට ගොඩක් පරක්කු වැඩි උනොත් . . .

අදට පුතාට අවුරුදු පහයි . . .

සුභ උපන් දිනයක් මගේ රත්තරන් පුතේ ඔයාට . .

හ්හ්ම්ම්ම්ම්ම්ම්ම්


කසුන් කල්හාර මේ අප්පච්චිලා ගැන කියන අපූරු ගීතයත් අහලා බලන්න.



57 comments:

  1. පොඩ්ඩට සුභම සුභ උපන් දිනයක් වගේම සුභම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා!!!

    ReplyDelete
  2. විරූල්ට සුභ උපන් දිනයක් වේවා..!

    මීට කලිනුත් වතාවක විරූල්ට මං දිග කමෙන්ට් එකක් ලිව්වා වගේ මතක ඇති නිසා ආයේ දිග හෑලි අනවශ්‍යයැයි සිතමි...

    ඕනවට වඩා හිතීම ඕනෑම නැත දුකා...

    ReplyDelete
  3. විරුල් ලොකු වෙනකොට මේ හැමදෙයක්ම තේරුම් ගනීවි අය්යේ දුක් නොවී ඉන්න . දවසක එයා තේරුම් ගනීවි ඔයා මේ හැම දුකක්ම වින්දේ ඒ දෙන්නා වෙනුවෙන් බව .

    …පුංචි විරුල්ට සුභ උපන්දිනයක් වේවා !

    ReplyDelete
  4. පොඩ්ඩට සුභ උපන් දිනයක් වේවා.....!!!

    තාත්තා ළඟ නැතුව කොල්ලටත් පාළු ඇති....
    පවු පොඩි එකා..

    ReplyDelete
  5. සුභම සුභ උපන්දිනයක් වේවා විරුල් පුතාට......!

    ඉස්කෝල නිවාඩු කාලේ පොඩි එවුන් නැතිව මට මාසයක් ඉන්න බෑ. උඹ කොහොම ඉන්නවද කියලා හිතා ගන්නවත් බෑ.......

    ReplyDelete
  6. පොඩ්ඩට සුභම සුභ උපන් දිනයක් වේවා...

    ReplyDelete
  7. පුංචි විරුල්  පුතාට සුභ උපන් උපන්දිනයක් වේවා..!!!!

    ( ඔහොම තමයි දුකා ජීවිතේ.. තාත්තලා එයාලගෙ ජීවිතේ හොඳම කාලෙ කාන්තාරෙකට දියකලේ එයාලා වෙනුවෙන් කියලා පුංචි අය ලොකු වුනාම තේරුම් ගනියි...)

    ReplyDelete
  8. විරුල් පුතාට සුබ උපන්දිනයක් වේවා !!!

    ReplyDelete
  9. විරූල්ට සුභ උපන් දිනයක් වේවා..! ජය

    ReplyDelete
  10. විරුල්ට සුභ උපන්දිනයක් වේවා !

    ReplyDelete
  11. ඔය දුක මමත් හොඳට විඳලා තියෙනවා. අන්තීමට පුතා ෆෝන් එකටවත් ආවෙ නෑ. ඒ පාර ඔක්කෝම දමලා මම ආවා. මේ සැරේ නෙමෙයි කලින් වතාවක. මේ සැරෙත් මාසෙන් මට එන්න උනා. පුතාට හරිම සතුටුයි. මොනවා කරන්නද උපන් රටේ ඉන්න පින් නැතිවා.

    ReplyDelete
  12. විරුල් පැටියට සුභ උපන්දිනයක්.....

    ReplyDelete
  13. පොඩ්ඩට සුබම සුබ උපන් දිනයක් වේවා ....
    ඉක්මනින්ම තියන ගැටළු විසඳගෙන කරදරයක් නැතුව ලංකාවේ සතුටින් ජීවත් වෙන්න ලැබේවා කියලා පතනවා සුබාෂ් අයියට .......

    ReplyDelete
  14. සොඳුරු ත්‍රස්ථවාදියට මගෙනුත් සුභපැතුම්!!!!

    ReplyDelete
  15. විරුල් පුතාට සුබ උපන්දිනයක් වේවා! දුකා ඔය දුක අපි හැමෝම විඳල තියෙනවා. තව ටික කාලයක් ඉවසන්න මල්ලී පුංචි පුතාගෙ අනාගතය වෙනුවෙන්.

    ReplyDelete
  16. සුභ උපන්දිනයක් වේවා පුතේ!!! මේ කියලා තියෙන කාරණා ගැන නං කියන්න කාරණා බොහොමයි....... ඒක තියෙන කොට මේක නැහැ. මේක තියෙන කොට ඒක නැහැ................ හ්ම්

    ReplyDelete
  17. පුතු පැටියව සුභ උපන්දිනයක් වේවා!

    මේකට කියන්න දෙයක් හිතාගන්න හරි අමාරුයි බං දුකා. ඔය ප්‍රශ්නෙ අපිට සීයට පනහක් තියෙනවා. කොල්ලා නම් අපි ලඟ, කෙල්ල නම් දුර රට. ස්කයිප් යාහූ මෙසෙන්ජර් හදපු උන් දෙව් මිනිස් සැප කෙලවර බුදුන් දැක නිවන් දකිත්වා! සිරාවටමයි බං!


    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  18. සුභ උපන්දිනයක් වේවා විරුල්....

    ReplyDelete
  19. විරුල්ට සුබ උපන් දිනයක්!!!

    ReplyDelete
  20. දරුවන් එක්ක ගත කල යුතුම කාලය ඔවුන්ගේ ළමා අවදිය කියල මට හිතෙන්නේ. දැන් හොඳයි ස්කයිප් තියෙන නිසා. ඉස්සර අපේ අයියා කෙනෙක් රට ගිහින් එනකොට එයාගේ පුංචි දුව එයාව අඳුරන්නැතුව සෑහෙන කාලෙකට පස්සේ තමයි තාත්තා කියල කථා කලේ. මටත් බොහෝ සති අන්ත වල වගේම පාසල් නිවාඩු කාලයේදී මගේ දුවගෙන් දුරස් වෙන්න වෙනවා. මොනවා කරන්නද ඕක තමයි ජීවිතේ. දරුවා හිත හදා ගන්නවා නම්, ඔය මොන දුකක් විඳලා හරි හිත හදා ගන්න.

    විරුල්ට සුභ උපන්දිනයක් !!!

    ReplyDelete
  21. විරුල් පුතුට සුබම සුබ උපන්දිනයක් වේවා... එයා ‍ලොකු උණ දවසක තාත්තගෙ බ්ලොග් එක බලාවි... අනිවාර්යයෙන්ම එයා තාත්තව තේරුම් ගනීවි....
    මැද පෙරදිග රැකියාව කළ අප්පච්ච්යෙක්ගෙ තනිකම ගැන කාලෙකට කලින් ලියවුණ කවි පද කිහිපයක් මේ.... මට හිතුණ අයියේ මේ කවිපද ඔයාගෙ තනිකමටත් ගැළපෙනවා කියල...


    මැද පෙරදිග රැකියාවක ‍යෙදුණු එක් සොහොයුරෙක් මගේ චැට් යහළුවන් අතර හිටියා.. චැට්වලදි මුණ ගැහුණු යහපත් පුද්ගලයෙක් විදියටයි ඔහු මගේ මතකයේ රැදෙන්නෙ.... ඔහු පුංචි දියණියකගේ පියෙක්... ඒ වන විට දියණියට වයස අවුරුදු එකහමාරක් විතර. ඔහු නිතරම දූ පැටිය ගැන කතා කළා... මට ‍‍කදුවගේ පොටෝ එකකුත් බලන්න එව්වා... මතකයි... සංගීතයට වඩාත් ප්රිිය කළ ඒ සොයුරා ලංකාවෙදි සංගීත කණ්ඩායමකත් වැඩ කළාලු... ඉතින් මේ මතකයත් එක්ක වැඩ ඇරිල යන වෙලාවක බස් එකේදි ආව අදහසක් අනුව මම බස් ටිකට් එකේ මෙහෙම පද ටිකක් ලිව්වා...

    කැණිමඩල සුවඳ කර පිපුණු මල් කැකුළ
    ඉන්දු සයුර මුතු කොදෙව්වේ....
    වැලි කතර තනිව රන් කාසි හොයන
    අප්පච්චිගෙ හිත නුඹ ළඟයි දුවේ....

    පස්සෙ බෝඩිමට ගිහින් හෙමිහිට හිතල බලල... ඉතුරු පද ටික ඇමිණුවා....

    සිතුවිලි සයුරේ කිමිඳී
    කිරි සුවඳ සිනා මුතු කැටයක්
    අරන් ඇවිත් ඔ‍බගේ...
    හිත ළඟින් තියා ගමි...
    උණුසුම විඳ ගමි
    පාළු නිසල රෑ තුන් යාමේ.......

    දිගු ජීවිත වන්දනා‍වේ....
    ගිමන් නිවන මුදු පවන් රොදක්
    ඈත එපිට මව්බිමේ ඉඳන්
    හමා එන තුරා බලා හිඳිමි
    ඒ නුඹයි.. නුඹේ රන් සිනා මලයි...
    මගේ රත්තරන් දෝණියේ....

    ReplyDelete
  22. පුතාට සුබ උපන් දිනයක් වේවා. !!! තත්තා ළඟ නැති අඩුව පෙනෙන වයසෙයි එයා ඉන්නේ. ඒ වයසට හැම දෙයක්ම පෙනෙන්නේ හරි ලේසියට..
    අපි කවුරුත් තාත්තලව තේරුම් ගත්තේ නැහැනේ පොඩි කාලේ. අපි තාත්තාව තේරුම් ගන්නකොට අපිත් තාත්තලා. එක සනාතන දහමක්..

    ReplyDelete
  23. සුභම සුභ උපන් දිනයක් වේවා විරුල්....

    ReplyDelete
  24. සුබම සුබ උපන්දිනයක් වේවා... චූටි පුතේ.. හෙට දවස ඔයා වෙනුනෙනුවෙන් මේ ලෝකය මීට වඩා යහපත් තැනක් වේවි.

    ReplyDelete
  25. විරුල් පුතාට සුබ උපන්දිනයක්!!!!

    ReplyDelete
  26. ළමයින්ට මොනවා තිබුනත් දෙමාපිය උනුසුමට ඒ හැමට වඩා වටිනවා . ඒවගේම ඒ දේ ඒගොල්ලො බලාපොරොත්තු වෙනවා. ඒ අයට වෙන ගැටලු නෑ . පුතාට සුබ උපන්දිනයක්.

    ReplyDelete
  27. ඔන්න මගෙනුත් සුභ පැතුමක්
    සුභ උපන් දිනයක් පොඩ්ඩට

    ReplyDelete
  28. සුබ උපන් දිනයක් කියලා පතනවා පොඩ් පුතාට !

    ReplyDelete
  29. පුත්‍රයට සුභ උපන් දිනයක් වේවා කියල ප්‍රාර්ථනා කරනව. මොනව කරන්නද, එයා කවදාහරි තේරුම්ගනීයවි.

    ReplyDelete
  30. සුබ උපන් දිනයක් චූටි පුෙත් ......

    ReplyDelete
  31. දුකා පුංචි වීරයාට සුභම සුභ උපන් දිනයක් පතනවා ...

    ReplyDelete
  32. සුභ උපන් දිනයක් විරුල්....

    ReplyDelete
  33. ඔන්න අපිත් පුතාට සුභ උපන් දිනයක් කියන්න එකතු වුණා අයියා.

    ReplyDelete
  34. ජීවිතේ ඔහොම තමයි අයියා, මොනව කරන්නද?

    මමත් පුතාට සුභ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
  35. සොදුරු ත්‍ර‍ස්තවාදියාට මගෙනුත් සුභම සුභ උපන්දිනයකට ආසිරි...

    දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක් වෙන්න කියා ප්‍රාර්ථනා කරනවට වඩා මනුස්සකම පිරුනු, තමන්ගෙ දෙමාපියන්ට,නෑදෑයන්ට, සතා සීපාවාට ආදරය කරන සොදුරු මිනිසෙක් වෙලා.. රටට හොද පුරවැසියෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න කැමතියි... දුකා අයියා අද විදින මේ මහන්සිය එයා වෙනුවෙන් බව එයාට තේරුම් ගිය දවසක ඒ පුංචි සිත ඔයාට ගොඩාක් ආදරය කරාවි, ගෞරවය කරාවි...හරියටම මම මගේ තාත්තට කරනවා වගේ... ඔහුත් කාලයක් විදේශගතව හිටපු කෙනෙක්....

    ReplyDelete
  36. විරුල්ට භම සුභ උපන්දිනයක් වේවා... !!
    සුභම සුභ උපන්දිනයක් වේවා..!! ලැබුණු සතුට පිරුණු වාසනාවන්ත ජිවිතය අළුත් වෙලා පාට වැටෙන සතුටින් පිරිච්ච ජිවිතේ යහපත් ආරංචි ගොඩක් අහන්න ලැබෙන සුභම සුභ උපන්දිනයක් වේවා...!! :) :) එයා තේරුම් ගනීවි මොකද්ද තාත්ත කරන්නේ කියලා.. අමතක කරන්න එපා දරුවට හොඳ අම්ම කෙනෙක් ලඟින් ඉන්නවා කියලා.... ඒ නිසා දරුවට ලොකු රැකවරණයක් තියෙනවා.. ඉක්මනටම දරුවා ගාවට එන්න.. මොකද..
    පිතු සෙනෙහෙ පිදු පියෙකු නොමැති ලොව දූ දරුවන් හින හි අත්දෝ....?
    නිසා,
    ඕවා බලපාන්නේ පස්සට.. පුළුවන් තරම් ඉක්මනට එන්න.. දරුවට තාත්තාගෙන් හම්බෙන්නේ නැති ආදරේ වෙන අය ගෙන් ලැබෙන්න සලස්වන්න බෑ.. ඒක ස්කයිප් වලින් හුවමාරු කරන්නත් බෑ..

    ReplyDelete
  37. විරූල්ට සුභ උපන් දිනයක් වේවා..!

    ReplyDelete
  38. දැකලා නැති වුනත් පොඩි පුතාට සුභ උපන් දිනයක්.....

    ReplyDelete
  39. විරූල් පුතාට සුභ උපන් දිනයක් වේවා

    හිත හදාගම්මු පුත්තරයට හම්බකරලා දෙන්ඩත් එපැය නේද

    ReplyDelete
  40. ලෝකෙ හරි පුංචියි කියලා කිව්වට ඒක කොච්චර ලොකුද කියලා තේරෙන්නේ මේ වගේ වෙලාවට තමයි.

    ReplyDelete
  41. විරුල් පුතාට වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා!!

    අප්පච්චිට ඊලඟ උපන්දිනේදි පුතා ලඟම ඉන්න ලැබේවා !! :) :)

    ReplyDelete
  42. පුතාට..!
    සුබ උපන්දිනයක් පුංචි පුතේ..

    දුකාට..!
    දුක තමයි මචෝ.. උඹ ඩුබායි ඉඳලත්.. මම ලංකාවෙ ඉඳලත්.. කරන්නේ එකම දේ.. අනාගතය වෙනුවෙන් වර්තමානය කැප කරන එක..

    වෙනස..

    උඹේ කොල්ලට තියෙන විල්ස් කාර් මගේ කොල්ලට නෑ.. හැබැයි අඩුම ගානේ දවසකට පැයක් දෙකක් මගෙත් එක්ක රණ්ඩු අල්ලන්න කාලය තියෙනවා..

    උඹට මං කියපු එක තේරුනා ද මංදා..

    මං කිවුවේ.. මට වර්තමානයේ වැඩි වැඩියෙන් මුදල් හොයන්න තියෙන අවස්ථාව මගේ වටේ ඉන්න අයගේ අනාගතයේ මානසික සුවය වෙනුවෙන් කැප කරලා..

    උඹ.. වර්තමානයේ.. පවුලේ අයත් එක්ක සතුටින් ඉන්න තියෙන අවස්ථාව.. එයාලගෙ අනාගතය පළබර කරන්න කැප කරලා..

    මොන විදිහට උත්සාහ කළත්.. අපි විඳවනවාම තමයි..!

    ReplyDelete
  43. සුබම සුබ උපන්දිනක් වේවා !!!

    ReplyDelete
  44. සුබ උපන් දිනයක් විරුල්ට!

    ReplyDelete
  45. සුභ උපන්දිනයක් විරුල් පුතාට...!

    ReplyDelete
  46. මට මේ වගේ පෝස්ට් තදින්ම හිතට දැනෙන නිසා ඇස්වලට කඳුලක් පිරුනා....

    ඔහුට මමත් සුභ පතනවා!

    ජයෙන් ජය!

    ReplyDelete
  47. පුතාට සුබ උපන් දිනයක් වේවා...! ඒ වගේම දුකා අයියටත්, අක්කගේ ව්‍යාපාරයටත් සුබ පතනවා. මොනවා කරන්නද අයියේ, ජීවිතේ අපිට හොද කාල වගේම අමාරු කාලත් එනවා. ජය...!

    ReplyDelete
  48. පුතාට සුබ උපන් දිනයක් වේවා...!
    බ්ලොග් අවකාශයේ දුටු ඉතාම සංවේදී සටහනක්.මට පුතෙක් නැතත් තාත්තෙක් ඉන්නවා.අපේ තාත්තා අපි වෙනුවෙන් දුක් කරදර විදපු හැටි මතක් වුනා.තාත්තා ගැන ලිපියක් දාන්න හිතුනත් බ්ලොග් ඒක් මාතෘකාවට නොගැලපීම හා ලියාගෙන යනකොට ඇඩෙන නිසා තාම ලියන්න හිතුවේ නෑ....තාත්තා සමඟ ගත කළ පරණ දේවල් චිත්‍රපටියක් වගේ මැවිලා පේනවා.අපේ තාත්තා නම් පැය 24 ම වගේ ගෙදර නිසා ඒ ආදරය නම් කුඩා කාලෙදි අපි තුන් දෙනාටම නොඅඩුව ලැබුනා...දැන්නම් තාත්තා වයසයි.අසනීපයි.දුබලයි.ඇදේම ඉන්නේ ඒත් තාත්තා මේ විදියට හරි ඉන්න එක හිතට හයියක්.එක සැරයක් තාත්තා අසනීප වෙලා රෝහල් නතර කරලා අයියයි මායි මාරුවෙන් මාරුවට තාත්තා ලඟ හිටියේ.එදා අයියා තාත්තා ලඟ හිටිය දවසක මම ගෙදර හිටියේ එදා රැ මුළු ගේම පාළුයි.හරියට සොහොන් පිට්ටනියක් වගේ.

    ReplyDelete
  49. විරුල්ට සුභ පැතුම් එක කල හැම දෙනාට ම බොහෝම ස්තූතියි.

    ReplyDelete
  50. සුබ උපන් දිනයක් වේවා පුංචි පුතාට ...!!!!

    සමාවෙන්න පරක්කු උනාට

    ReplyDelete
  51. සුභම සුභ උපන් දිනයක් වේවා විරුල්....

    ReplyDelete
  52. එකක් කියන්නං.....

    කාටත්, අපි කාටවත්, තාත්තගෙ අදරේ තේරුනේ නෑ අවුරුදු 25ක් පනිනකම්. මං දන්න සහ අහපු විදිහට.

    ඒක තමා ලෝකෙ හැටි. කොයි දේ කරන්නෙත් පුතාගෙ අනාගතේ ලස්සන කරන්නෙ.

    Everything has a price. You must pay it even indirectly කියල කවුදෝ කිව්වලුනෙ.

    ReplyDelete
  53. පුතාට සුභ උපන්දිනක් වේවා....!
    ජීවිතය කියන්නෙ ඕක තමයි මචං...විවිධ අයට විවිධ ප්‍රශ්ණ..!

    ReplyDelete
  54. පොඩ්ඩට සුභ උපන් දිනයක් වේවා.....!!!
    :)

    ReplyDelete
  55. මේ ලිපිය නම් මට තදින් සම්බන්ද ලිපියක්.මේ දවස් වල මම කල්පනා කරන්නේත් ඔය තීරණය ගන්නවද නැද්ද කියල. මගේ පුතාට අවරුදු 2ක් යනකල් මට ලග ඉන්න බැරි උනා.දැන් තමා ම ලග නිදා ගන්න තරමට ෆිට් කර ගත්තේ.මේ වෙනකොට ආපහු යවන්න වැඩ සිද්ද වෙනවා.මේ කරුම ජීවිතේ ගැන නම් කියල වැඩක් නෑ.එක නිසා මට හොදට තේරෙනවා මේ ලිපිය ලියන හැගීම....පුතාට සුබම සුබ උපන්දිනයක් වේවා ...

    ReplyDelete
  56. සුභ උපන් දිනක් පුතුට

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails