Saturday, August 25, 2012
දික්කසාදය | Divorce . . . !
අප එක්ව තෙමංසලකට පැමින සිටින්නෙමු.
මින් ඔබ්බට ඔබ එක මඟකත් මා අනෙක් මඟත් යායුතුය.
ඒ මඟේ යන ගමනේදී මගේ සුරතින් අල්ලාගන්නට කෙනෙක් වේද, ඔබේ සුරතින් අල්ලා ගන්න කෙනෙක්වේද යන ප්‍රශ්නයට පිලිතුරු දීම අනාගතයට භාර කරමු.
අපගේ ප්‍රේමයේ නාමයෙන් ! ප්‍රේමයේ නාමයෙන් ?? ප්‍රේමයේ නාමයෙන් @#$%^&
හ්හ්ම්ම්ම් . . අපගේ ප්‍රේමයේ නාමයෙන් උපන් දරුවා අප පිටුපසින් විපක්ෂිත දෑසින් අප දෙදෙනා දෙස බලා සිටිනු පෙනේ.
මම දරුවාගේ දෑස් දෙස නොබලන්නට ප්‍රවේසම් වෙමි.
ඒ දෑසේ පොපියන කඳුළු කැට වෙත්නම් එය අපගේ තීරණය වෙනස් කල හැකි සාධකයක් වෙදෝයි කියා සැකයක් මට ඇත. මම ඒ දෑස් දෙස නොබලා ඉන්නට හැකි වීරිය යොදමි.
ප්‍රේමය, ප්‍රේමය ප්‍රේමය . . .!!!
එය සැබෑවක්ද? නැතිනම් නිකම්ම නිකම් හිස්වචනක් පමනක්ද?
කවියන් දාර්ෂනිකයන් පතුරු ගසන ප්‍රේමය නම් මහා සුපිරිසිදු ගංගාවේ අප ගිලුනාද?
නැතිනම් ප්‍රේමය කියා නමක් ඇති යම් කිසි මනෝ භාවයකට අප රැවටුනාද?
ඔබ මට ඇත්තෙන්ම ප්‍රේම කාලද? මා ඔබට ඇත්තෙන්ම ප්‍රේම කලාද? නැතිනම් අප එකිනෙකාව රැවැට්ටුවාද?
රැවටුනේ ඔබද නැතිනම් මාද?
"මෙයාලගේ ප්‍රේමය නිසා උනේ මම මේ ලොකේ අසරන වුනු එක" කවදා හෝ වැඩුනු දිනෙක අපේ දරුවා එසේ නොකියාවිද?
මේ ප්‍රශ්න වලට උත්තර සොයන්න අතීතය නම් මිනීවල යලි හාරා බලා මිනීකුනු ගඳ ගසන අතුන්බහන් වලින් යලිත් අප එකිනෙකාට දමා ගසනවාට වඩා දෙමඟක යෑමේ තීරණය වඩා වටින්නේ නොවේද?
මම දරුවාගේ දෑස් දෙස නොබලන්නට ප්‍රවේසම් වෙමි.
වසර ගානනාවකට කලින් අපගේ ප්‍රේමයේ සාක්ෂිකරුවන්වූ අප මිතුරන්ගෙන් අපගේ වෙන්වීමේ ත් සාක්ෂිකරුවන් වන ලෙස මා ඉල්ලා සිටිමි.
මතකය වසර ගනනාවකට කලින් වූ කාලයක් වෙත ඉගිල යයි.
"මචං . . මට අර දෙවෙනි පේලියේ තුන්වෙනියට ඉන්න කෙල්ලව යාළු කර ගන්න ඕන. අද ම ලන්ච් බ්‍රේක් එකෙදි උඹ එයාගෙන් අහනවද?"
"අනේ මචං අදට - අදට විතරක් විසිවෙනි පාර උනාට කමක් නෑ අදට විතරක් අහපන් එයා මට කැමතිද කියලා"
"මචං, එයාට කියපන් එයා කොයි තරම් බෑ කිව්වත් මම කවදා හරි බඳින්නේ එයාවමයි කියලා"
"අනේ එයාට කියන්න මම කලින් බෑ කිව්වා තමයි . . ඒත් පස්සේ මම තේරුම් ගත්තා මට හරියන කෙනා එයා කියලා. එයාට කියන්න ගෙදරින් කතා කරපු එකට අකමැති වෙන්න කියලා. මම කැමතියි කිව්වා කියන්න . . ප්ලීස් . . "
එදා එසේ අපගේ ප්‍රේමයේ සාක්ෂි කරුවන්වූ ඔවුන්ට ම
"මචං අපි වෙන්වෙන්න තීරණය කලා. බැන්ද දවසේ ඉඳන් අපි අතරේ ප්‍රශ්න තිබුනා කියලා උසාවියට ඔප්පු කරන්න සාක්කි කාරයෝ ඕනලු. උඹට පුලුවන්ද අපේ වෙන්වීමේ සාක්කි කාරයෙක් වෙන්න" යි කියා ඇසීම දෛවය ඔවුන්ට කල සරදමක් ලෙස නොසිතේවිද?
ඇත්තෙන්ම එය දෛවයේ සරදමක් නොවේද?
"පවුලක් විනාශ කිරීමේ පාපයට හවුල් වන්න මට නම් බෑ" ඔවුන් නොකියාවිද?
"අර දරුවට මොකෝ වෙන්නේ? ඒ දරුවගේ නාමයෙන් වත් උඹලට එකට ඉන්න බැරි ඇයි" ඔවුන් නොඅසාවිද?
පවුලක් සහ දරුවෝ . . . !!
පවුලක් යනු ඉඳහිට අඩදබර වෙන, සමඟියෙන් එකමුතුව ප්‍රශ්නවලට මුහුන දෙන කන්ඩායමක් හඳුන්වන නාමකැයි මගේ නිර්වචන ඔවුන් පිලිගනීවිද?
යහපත් දරුවන් සමාජයට දායාද වන්නේ එසේ සමඟිගෙන් සතුටෙන් සිටිනා පවුල් වලින් පමනකැයි යන මගේ අත්දැකීම් පරිපූර්ණ පැහැදිලි කිරීම ඔවුන් විස්වාස කරාවිද?
එකිනෙකා කෙරෙහි ඇති නොරිස්සුම, වෛරය නිසා අපට අපගෙන් පලිගන්න අවස්තාව නැතිවූ විටෙක පලිගැනීමට ලක්වෙන දරුවා, අපගේ වෙන්වීමෙන් වැඩියෙන්ම යහපතක් වෙන කෙනා බව මගේ පෙන්වා දීම ඔවුන් තේරුම් ගනීවිද?
මම දරුවාගේ දෑස් දෙස නොබලන්නට ප්‍රවේසම් වෙමි!
- කෙටි කතාවකි -
Pic From: http://vsmeets.wordpress.com/2011/11/09/happily-divorced/
Subscribe to:
Post Comments (Atom)
මගේ කිට්ටු යාළුවෙක් මෑතකදි ඩිවෝස් වුනා.. මුං දෙන්නා යාළුවුනේ ඒ ලෙවල් කරන කාලෙ.. අර කිවුවත් වගේ සාක්කියට හිටියෙත් අපි යාළුවො සෙට් එක තමා.. දැන් උංගෙ අවුරුදු 4 චූටි දූ පැටියා අම්මා ගාව, සති දෙකකට වරක් සති අන්තෙ තාත්තා ගාවට එනවා.. අනේ ඒ පුංචි එකාට මොනා මොනා හිතෙනවා ඇද්ද.?? උඹෙ පෝස්ට් එක කියෙවුවම මට ඒ පැටික්කි මතක් වුනා..
ReplyDeleteකාලීන මාතෘකාවක් දුකා අයියේ.
ReplyDeleteඅපි දන්නා කෙනෙකුටත් ඔය දේම සිද්ද උනා ලඟදි මොනා කරන්නද එත් අන්තිමේදී ඉන්න දරු පැටවුන්ට තමා දුක.
විවාහය පවත්වාගෙන යනවා කියලා බොහෝ දෙනෙක් කරන්නෙ, දරුවන්ගේ නාමයෙන් එකට ඉන්න එක තමා...
ReplyDeleteකියන්න දෙයක් හිතට එන්නෑනේ...
ReplyDeleteමට මේ ලඟදි මගේ යාළුවෙක් හම්බ වුනා. කොල්ලෝ විතරක් සෙට් වුන ගෙට්ටුගෙදර් එකකදි. ඌ බැඳලා. අවුරුද්දක විතර හරිම හුරතල් පැන්චෙක් ඉන්නවා. මම ෆේස් බුක් එකේ ෆොටෝස් දැකල තියෙනවා. හරිම ශෝක් පවුලක්.
ReplyDeleteමගේ යාළුවා ඉස්සර පුදුම සන්ත්සෙකින් හැමෝත් එක්කම විහිළුවෙන් සැහැල්ලුවෙන් හිටපු කොල්ලෙක්. ඒත් දැන් ඌ නිතරම කල්පනාවෙන්. මාර සිරියස්. හරිම අඩුවෙන් කට්ටිය එක්ක කතා කලෙත්.
මාත් එක්ක හුදකලාවේ කතා කර කර ඉන්න ගමන් පොරගේ කටින් පිටවුනා
"මචන් දරුවෙක් ඉන්නවා කියන්නේ, දරුවා මුළු කන්ට්‍රෝල් එකම ගන්නවා කියන එක"
මට හිතුනා පොඩි එවුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැනේ, උන් කොහොමද කන්ට්‍රෝල් කරන්නේ කියලා. විනාඩියක් ගියේ නෑ මගේ යාලුවගේ ෆෝන් එක රින්ග් වෙනවා
"තාරක පොඩි එකා අඩනවා ඔයා නැතුව නිදා ගන්න බෑ කියලා, ඉක්මනට එන්න"
ඌ ගලාස් එකම එක සැරේ කටට හළා ගත්තා.
"මම යන්නම් මචන්"
කාර් එකේ රෝද කරාස් ගාල එකතැන කැරකිලා වේගයෙන් ඉදිරියට ගියා.
මම ඌ යන දිහා බලන් හිටියා.
අපේ රටේ හුඟක් තැන්වල තියන ගැටලුවක්. ඒත් ඒ ගැටලුවට විසඳුම දික්කසාදය නොවෙන්නේ දරුවන් නිසා. තාම අපේ රටේ හැම ප්‍රශ්නයටම වැඩිය දරුවන්ට දෙමව්පියො ආදරෙයි. දරුවන් නිසා විඳ දරාගෙන ඉන්න පවුල් මම අනන්තවත් දැකලා තියනවා. සමහරවිට පසු කාලීනව පවුල උනත් සාර්තකවෙන්න ඉඩ තියනවා.මටනම් දික්කසාදය පිළියමක් නෙමයි.
ReplyDeleteමම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්
ඩිවෝස් වෙන එක ප්‍රශ්නයක් නෙවෙයි අඩු ගානේ ළමයි නැත්නම්.දුර දිග නොහිතා ගන්න තීරණ නිසා ගොඩක් ජිවිත නිකන් නාස්ති වෙනවා.ළමයි තමා අන්තිමට දුක් විඳින්නේ.සමාජයෙන් පුළුවන් තරම් බැට කන්නේ.ඒවා වෙන්න බලපෑ දෙමාපියෝ සමහර වෙලාවට ළමයින්ට එන ප්‍රශ්න දන්නෙත් නැහැ.ඔහේ හැමෝගෙම ජිවිත ගෙවිල යනවා.හැදෙන ළමයා කොහොමහරි හැදෙනවා.ඒත් හිතේ ප්‍රශ්න ගොඩක් දරාගෙන.නොහැදෙන කෙනාට සමාජය බනි..නමුත් ඒ කතාව නොදැන.ආදරය ඕන කාලෙට ඕන.ඒක දෙන්න බැහැ නම් මොකටද අපිට අම්මල තාත්තල..
ReplyDelete'යහපත් දරුවන් සමාජයට දායාද වන්නේ එසේ සමඟිගෙන් සතුටෙන් සිටිනා පවුල් වලින් පමනකැයි යන මගේ අත්දැකීම් පරිපූර්ණ පැහැදිලි කිරීම ඔවුන් විස්වාස කරාවිද?' ----
සමගියෙන් සතුටින් පිරිපුන් පවුලක් නොලැබුනද ඉතාම යහපත් උන් අතලොස්සක් හෝ සමාජයේ තවත් ඇත.
මේ පෝස්ටුවට මම කැමතියි.
අපූරු ලියවිල්ල.
ඔබට ජය!
අවිවාහකයෙක් විදියටත් , දික්කසාදයක් ගැන සමීප අත්දැකීමක් නැති කෙනෙක් විදියටත් මට මේ ප්‍රශ්නේ ගැන ලොකු අර්ථ කතනයක් දෙන්න බෑ.
ReplyDeleteළමයි හරියට මල් වගේ කියනවනේ.
අපි නුවර එළියේ හග්ගල චාරිකා ගියාම දකින ලස්සනම ලස්සන මල් වල පැල අරන් ඇවිත් කොළඹ හිටවන්න හැදුවත් ඒවායින් බොහොම සුළු ප්‍රතිශතයක් විතරයි නැවත ජීවය හට ගෙන ගහක් වෙන්නේ.ඒත් ඒ ගස් උනත් අපි මුලින් දැකපු ගස් වගේ සරුසාර නෑ.එහෙම වෙන්නේ ඒ ගස් වලට ඇත්තටම අවශ්‍ය භාහිර සාදක නොලැබෙන හින්ද.අයෙත් මාතෘකාවට අවොත් ළමයි හරියට මල් වගේ ඒගොල්ලෝ හරි තැන්වල නොහදුනොත් ඒගොල්ලොන්ට වෙන්නේ අර බාගෙට පලබර උන ගස් වගේ වෙන්න.දරුවෙක් සතුටින් ඉන්න අම්ම තාත්තා ඕනෑමයි.තමන්ගේම අම්මතාත්ත ආදේශක නෙවෙයි.
මොනවා උනත් මේ කතාව ඇතුලේ ලස්සන සංවේදී ආත්ම කතනයක් තියනවා
'දික්කසාදය' කියන්නේ අමිහිරි මාතෘකාවක්. ඒත් කෙටි කතාව ලස්සනයි. දුර දිග නොබලා, ප්‍රශ්න විසදා ගන්නේ නැතිවීමෙන් අමාරුවේ වැටෙන්නේ ලමයි විතරක් නෙමේ, ඒ ලමයාගේ දෙමව්පියනුත් සදාකාලික අමාරුවක වැටෙනවා නේද? ලමයෙක් අමතක කරලා ආපහු ජීවිතයක් ගොඩ නගා ගන්න එක ලේසියි කියලා කවුරු හරි හිතනවා නම්, ඒක වැරදී කියලා තමා මට නම් හිතෙන්නේ.
ReplyDeletehttp://emailkavikaari.blogspot.com/search/label/%E0%B7%84%E0%B6%AF%E0%B7%80%E0%B6%AD%20%E0%B6%9A%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%20%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A............
ReplyDeleteනොගැලපෙනා/ගැලපෙනා බව සමහරවිට දැනගන්ට කල් ගත වෙනවා. මේ දැක්ක ගමං විවාහවී ජීවිතයෙන් වන්දිගෙවූ පුතෙකුගෙත්ත් ඔහුගේ පුතාගේත් දුක්බර කතාව.
මේ ගැන නම් ගොඩාක් දේවල් ලියන්න හිතෙනවා... ඒත් බෑ... එකක් විතරක් ලියන්නම්...
ReplyDeleteතමන්ගේ ජීවිත ගැන තමන්ට තීරණ ගන්න පුළුවන්... ඒත් තවත් ජීවිතයක් ගැන තීරණ ගන්න බෑ කියන එක තමයි මට හිතෙන්නේ...
සමහරු පවුල් ප්‍රශ්න ඇති උනාම ළමයෙක් හම්බුනාම ඔය ප්‍රශ්න විසදෙයි කියලා හිතනවා... ( වටේ පිටේ ඉන්න අයත් කියනවා) ඒත් ඒකෙන් වෙන්නේ ළමයි නිසා ප්‍රශ්න යටපත් කරගෙන ඉන්න උත්සාහ කරන එක... ඒත් ප්‍රශ්නේ ඩබල් ට්‍රිබල් වෙලා එනකොට ඩිවෝස් වෙන්න තීරණය කරනකොට ඒකට වන්දි ගෙවන්න වෙන්නේ අර අසරණ දරැවන්ට... ඒක නිසා මම නම් ඕනම කෙනෙකුට කියන්නේ තමන්ගේ පවුල ඇතුලේ විසදගන්න අමාරු ප්‍රශ්නයක් තියෙනවා නම්, ඒක විසද ගන්නකම් දෙයියන්ගේ නාමෙට ළමයි හදන්න නම් එපා කියලා....
මම දරුවාගේ දෑස් දෙස නොබලන්නට ප්‍රවේසම් වෙමි.
ReplyDeleteමට හිතෙන්නේ මෙතන තමයි මුළු කථාවම තියෙන්නේ.....
සුපිරි...
අසරණ දෑසින් පුතු දෙස බැලු සඳ, දුටුවේ වැගිරෙන කඳුලු පමණි ලඳ..
ReplyDeleteදෙන්නෙකුට එකට ඉන්න බෑ නම් වෙන් වෙන එක හොඳයි දුක් විඳිනවට වඩා.., ඒත් දරුවට ඒක බලපෑමක් වෙන්න ඉඩ තියන්න බෑ.., මොකද දරුවා මේ ලෝකේට ආවේ ඌගේ උවමනාවට නොවන නිසා..,
ReplyDeleteදුකා, අපි මේ ලඟදිත් අදහස් දැක්වුවා ඔය මාතෘකාවම ගැන සරත් ලංකාප්‍රියගෙ බැඳගත්ත බෙරේ කියන පොස්ට් එකේ.
ReplyDeletelankapriyagesithivili.blogspot.com/2012/08/blog-A_8.html
උඹේ මේ කතාවෙයි ඒකෙයි සෑහෙන ගැලපීමක් තියෙනවා. මම මගෙ ප්‍රේම සම්බන්ධය ගෙදරට කිව්ව වෙලාවෙ තාත්තා එව්ව ලියුමක තිබ්බා 'ලාංකික අපි කසාද බඳින්නෙ හරියන්නෙ නැත්නම් වෙන්වෙන්න නොවන නිසා, මේක හොඳට හිතලා බලලා විතරක් කරන්න පස්සෙ පසුතැවිලි නොවෙන්න' කියලා.
අර කඩිමුඩියේ විවාහවන්න - නිවිහැනහිල්ලේ පසු තැවෙන්න කියලා කියනවනෙ.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
You Know Sacrificing everything in life for our children is not selfless . Well It's RIDICULOUS.
ReplyDelete- The Lucky One (Nicholas Sparks )-
විවාහයත් හරියට විශ්ව විද්‍යාලය වගේ, කෙනෙක් ඇතුලට යන්න බලාගෙන ඉන්න අතරෙ ඇතුලට ගියපු අය බලා ඉන්නෙ ඒකෙන් මිදිල එළියට එන්න විදිහක් නැතිව ලු .
හැඟුම් බරයි, දික්කසාදයකින් විඳවන්නේ දරුවෝ, නමුත් දරුවන් නිසා යැයි කියා තමන්ගේ ඉදිරි ජීවිතය කාළකන්නි කර ගත යුතුද නැත, සාපේක්ෂයි..
ReplyDeleteමාලන් අර චූටි කෙටි කතාව මරු ඈ! එතන මේක දාන්න බැරි මට දුකාගෙ කමෙන්ට් රිප්ලයි බට්න් එක හොයා ගන්න බැරිවුන නිසා.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
මමනම් කියන්නේ ප්‍රශ්න නිසා වද වෙවී එකට ජීවත් වෙනවට වඩා වෙන්වීම හොඳයි කියලා. ඒක එයාලගේ ළමයින්ටත් හොඳයි. නැත්තං නිතරම රණ්ඩු සරුවල් ඇති කරගන්න අම්මෙකුයි තාත්තෙකුයි එක්ක ඉන්න එක ඒ ළමයින්ටත් මානසිකව වදයක්.
ReplyDeleteඑකඟ නැති පොඩි කෑල්ලක් තියෙනවා තියෙනවා
"යහපත් දරුවන් සමාජයට දායාද වන්නේ එසේ සමඟිගෙන් සතුටෙන් සිටිනා පවුල් වලින් පමනකැයි යන....."
ඔහොම කියන්න පුළුවන්ද? සතුටෙන් සමඟියෙන් ඉන්න පවුලක නොමඟ ගිය ළමයෙක් ඉන්න බැරිද? අම්මයි තාත්තයි වෙන උනාට බොහොම හොඳට හැදුන ළමයි නැද්ද?
මේ මුළු කතාවම ඊට වඩා අඩු අකුරු ගාණකින් සහ ඊට වඩා හිතට දැනෙන විදිහට ඊට වඩා සංකීර්ණව මාලන් ගෙ අකුරු අතරේ තියෙනවා.
ReplyDelete(රිප්ලයි බටන් එකක් නැති අඩුව දැනුනා)
දුකා අයියේ.. උඹ පපුවටම පාරක් ගහලා..
ReplyDeleteඉවුරුදෑලේ ඉඳ බැලූ විට
ReplyDeleteගඟ හැඩයි කදිමයි ..
දියට වන් විට එවන් ගඟුලම
බිහිසුනුයි චන්ඩයි ... :/
එක් වෙච්ච දෙන්නෙක් දරන අදහස් විවිධාකාර බව ඇත්ත. එකිනෙකාගේ අදහස්, රුචි අරුචි කම්, වගේ දේවල් වලට ගරු කරගෙන ඉදිරියට යන්න බැරි කමක් නෑ. ගොඩක් විවාහ දෙදරන්නේ මේ දෙදෙනාගේ මත නොගැලපීම නිසා නොවෙයි. තුන්වෙනියෙක් (දරුවන් නොවේ) මෙතනට කඩා පාත් වුනාම. මම සාමාන්‍යයෙන් විශ්වාස කරන දෙයක් තමයි, කිසියම් පිරිමියෙක් හෝ කාන්තාවක් දවසේ වැඩි වෙලාවක් ගත කරන, අල්ලාප-සල්ලාපයේ යෙදෙන, දුක සැප පිලිබඳ පිළිසඳරේ යෙදෙන කෙනා තමයි ඒ කියන කෙනාගේ නියම සැමියා හෝ බිරිඳ වෙන්නේ. ඔවුන් කිසිසේත්ම ලිංගික සබඳතා පවත්වා නැති වෙන්න පුළුවන්. එහෙත් ඕනෑම ගැහැණියෙක් තුල පිරිමියෙක් සඳහාත්, ඕනෑම පිරිමෙය්ක් තුල ගැහැනියක් සඳහාත් හිඩැසක් තියෙනව. මෙන්න මේ හිඩැස පුරවන කෙනා ගැන තමයි මම කිව්වේ. සමහර අය මේ හිඩැස පමණක් පුරවාගෙන යහතින් පවුල් කනවා. එතැනදී උඩුහිත නොදැනුවත්ව වෙන අවස්ථා තියෙන්නත් පුළුවන්. එහෙත් සමහරු මේක රාජාකාරී හෝ වෙනත් පිටස්තර තැනක ඉඳන් ගෙදර අරගෙන එනවා. එතනදී තමයි අර දෙදරීම ඇති වන්නේ. ඉන්පසුව තමයි නොරිස්සුම්, නොසලකා හැරීම් වගේ දේවල් සිද්ධ වෙන්නේ.ඉන්පසුව හල හැප්පීම්, රණ්ඩු සරුවල්, අවසානයේදී දික්කසාදය.
ReplyDeleteඑවැනි සම්බදතාවක් දරුවන් නිසාවත් ඉදිරියට ගෙන යායුතුද කියන තැන තමයි මේ කියන තුන්මංසල.
විවාහක හැම කෙනෙක්ගෙන්ම මම ඉල්ලනවා තමන්ගේ සැමියා/බිරිඳ කියන කෙනා තියන්න අවශ්‍ය තැනින් වෙන කාවවත් තියා ගන්න එපා. ලෝකය සතුටු කරලා තමන්ගේ දරුවන්ගේ අනාගතය අඳුරු කරන්න මග පාද ගන්න එපා. මේ තුන්වෙනියා ඒ තැනට රිංගන්නේ පුංචි පුංචි දේවල් වලින්.
මේ අත්දැකීම් ඉතාම කටුකයි. ශ්‍රී ලාංකික සමාජයේ ඩිවෝස් කියන ලේබල් එක ඇලවුනාම, මිනිසුන් මහ අමුතු සතෙක් දිහා බලන විදියටයි බලන්න පුරුදු වෙලා තියෙන්නේ. අර වෙන්වීම නිසා ඇති වුන දුකට වඩා දුකක් එතනදී ඇති වෙනවා.
ගොඩක් බරපතල ලිපියක්... :) මම කියවලා තියෙනවා වෙනත් ප්‍රේම සම්බන්ඬයක් හින්දා ඩිවෝස් වෙන අයගෙන් 80%ක් පසුකාලෙක ඩිවෝස් වීම ගැන පසුතැවෙනවා කියලා...
ReplyDeleteමේක කියෙව්වට පස්සේ මට මතක් වුනේ මම කියවපු ඊමෙල් එකක්... ඩිවෝස් වෙන්න හදන කපල් එකක බිරිඳ අන්තිම ඉල්ලීම විදියට සැමියාට එයාව මාසයක් නිදන කාමරේ ඉඳන් ඉස්සරහා දොර ගාවට උස්සාගෙන යන්න කියන කතාව...
මෙන්න හම්බුනා...
කතාවක් උනාට ඇත්ත සත්‍යය ඕක නේද..? කතාව උනාට මානුෂිය හැඟීමකට කතා කරන්න පුළුවන් වෙලා තියෙනවා. කොච්චර දඟලලා යාලු උනත් එක අත්සනකින් වෙන් උනත් ජිවිත කාලයක්ම විඳ වන්නේ සැමියයි බිරිඳයි නෙමේ.. උන්ගේ ආදරේ වැඩි උන වෙලාවේ උණ අත් වැරදීමකින් හැදුනු උන්ගේම දරුවෝ.. දේපල ඔක්කොම උන්ට මතක් උනත් අපේ දේ උන දරුවෝ තැලෙනවා කියන ඒක උන්ට මතක නෑ.
ReplyDeleteමං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්
මේකෙ පැති දෙකක් තියෙනවා. අමාරුවෙන් එකට ඉඳගෙන රණ්ඩු වෙනාකොට දරුවන්ගෙ මානසිකත්වයට වෙන හානිය එකක්. වෙන් වෙලා දරුවන්ට අත් විඳින්න වෙන සමාජමය ගැටළු තව එකක්.
ReplyDeleteඋණු හින්ද බොන්න බැරි කිරි හින්ද අහක දාන බැරි ප්‍රශ්ණෙන් කොහෙන් ගියත් බැට කන්නෙ අහිංසක දරුවො. මේ ප්‍රශ්ණෙ අර රවුමක් දිගේ හැමදාමත් යනව වගේ, කවදාවත් ඉවර වෙන එකක් නෙමෙයි.
ආ කියන්න අමතක උනා. මම ආපහු බ්ලොගේ මකුළු දැල් කැඩුවා. පුළුවන් වෙලාවක ඇවිත් යන්ඩ එන්ඩ.
ReplyDeleteමම දරුවාගේ දෑස් දෙස නොබලන්නට ප්‍රවේසම් වෙමි! එහෙම නොවුනොත් ආයෙම පවුල් වෙන්න හිතේවි....
ReplyDelete@බුරා!
ReplyDeleteකියලා වැඩක් නෑ බන්. ඒත් මරාගනිමින් එකට ඉන්න එකෙනුත් වෙන්නේ පොඩි උන්ගේ ලොකයේ උන් තනිවෙන එක. කාලකන්නිම දේ සමහර වෙලාවට ගනුගෙයි මිනිහගෙයි වලි වලට පලි ගන්නේ පොඩි උන්ගෙන් වීම.
@ශාන්ත!
අනේ මන්දා මල්ලී . . . දික්කසාද ප්‍රශ්නේ හරියට මොකද්ද වගේ - ගෙදර ගියොත් තෝ නසී මඟ හිටියොත් අඹු නසී වගේ :ඪ්
@සුමිත්!
එහෙමම කියන්නත් බෑ. දරුවෝ හින්දා කියලා ඉවසගෙන ඉන්නේ නැතුව තමන්ගේ සතුට, පවුලේ සතුට වෙනුවෙන් සටන් කරලා සතුටින් ඉන්න අයත් ඕන තරම් ඉන්නවා. බොරු නෙමේ.
@තරියා!
හා එහෙනම් මොකුත් එපා . . හෙ හෙ හේ
@මාලන්!
උඹේ මේ කොමෙන්ට් එක ම පෝස්ට් එකක් වගේ . . ඇත්තෙන්ම සොසී කිව්වා වගේ මම ලියපු පෝස්ට් එකට වඩා උඹේ මේ පොඩි කොමෙන්ටුව මහා විශාල සංවේදී කතන්දරයක් කියනවා.
@ලොකු ජෝන්!
ඔව් ඒක සමාජය පිලිගත් විසඳුම නෙමේ තමා. ඒත් සමහර වෙලාවට ඒක හොඳම විසඳුම වෙන්නත් ඉඩ තියෙනවා. කේස් එකෙන් කේස් එකට ඒක ඩිපෙන්ඩ් වෙනවා කියලයි මට හිතෙන්නේ.
@හිරු හිමාවී!
දෙමාපියෝ නිතර රන්ඩු දබර වෙන පවුල්වල දරුවෝ කටුව ඇතුලට වැදුනු ගොලුබෙල්ලෝ වගේ තමන්ගේ ප්‍රශ්න හිර කරගෙන දුක් විඳින කොටසක් වෙනවා මම ගොඩක් තැන් වල දැකලා තියෙනවා. ඒත් ඒ ලමයින්ට හැබෑවටම ආදරේ කරන වැඩිහිටියෝ ආච්චි, සීය, මාමා, නැන්දා, පුංචි, බාප්පා ඔය වගේ කවුරු හරි ලැබුනොත් ඒ ඔවුන්ගේ වාසනාව.
@මානවක!
ReplyDeleteඇත්තෙන්ම ඔව් දරුවෝ මල් වගේ . . . එත් නිතර තැලෙන පොඩිවෙන පොහොර වතුර නොවැටෙන වත්තක ලස්සන නිරෝගී මල් පිපෙන එක දුර්ලභයි වගේ තමා හොඳ මනසක් තියෙන නිරෝගී යහපත් දරුවෝ සමාජයට එන්න නම් හොඳ පවුලක් තියෙන්න ඕන කියන එක. එහෙම නැති පවුල්වලිනුත් හොඳ දරුවෝ සමාජට බිහිවෙන්න පුලුවන් ඒත් අඩුවෙන් මට හිතෙන හැටියට.
@පොඩ්ඩී!
ඇත්ත අර ඩූඩ් කිව්වා වගේ හදිසියේ විවාහ වන්නා නිවීසැනසිල්ලේ පසුතැවේ කියනවා වගේ විවාහය කියන තීරණයේදී බොහොම ප්‍රවේසම් වෙන්න ඕන ඒ වගේම ලොකු ඉවසීමක් තියෙන්න ඕන.
@ඊමේල් කවිකාරි!
අක්කේ පහුගිය ටිකේ බ්ලොග් වලින් ඈත් වෙලා උන්නු නිසා ඔයාගේ ඒ කතාම මට මඟ හැරිලා. ලින්ක් එක දිගේ ගිහින් බැලුවාම තේරුනා ඇත්තෙන්ම හද සසල කරන කතාවක් කියලා. අනිවාර්යෙන් බලන්න ඕන.
@හිරු!
"ඒක නිසා මම නම් ඕනම කෙනෙකුට කියන්නේ තමන්ගේ පවුල ඇතුලේ විසදගන්න අමාරු ප්‍රශ්නයක් තියෙනවා නම්, ඒක විසද ගන්නකම් දෙයියන්ගේ නාමෙට ළමයි හදන්න නම් එපා කියලා...." සීයට දෙසීයක් එකඟයි ඔයා එක්ක.
@තිසා!
අඩේ ඒ සුපිරි පෝස්ට් එක මට මිස් වෙලා බන් . . ඇත්ත කොයි තාත්තෙක්ටවත් එහෙම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරමු . .කොයි අම්මෙකුටත් !!!
@ලිශ්!
ඒත් කරන්නම දෙයක් නැති අවස්තාවල ඒක හොඳම පිලිතුර වෙන්න පුලුවන් බන් . . සමහර විට දෙන්නා දෙපැත්තට උනාම තව දුරටත් පලිගන්න එකෙක් නැතිවීමෙන් සහ තනිකම නිසාම දරුවාට අර ඉස්සර මරාගන්න කාලෙට වඩා ආදරේ වෙන්න ඉඩ තියෙනවා.
@ඩූඩ්!
ලංකාප්‍රියගේ පෝස්ට් එක බලන්න ඕන. පහුගිය ටිකේ බ්ලොග්ස් එපාම වෙලා තිබ්බ නිසා අමබෙන් මිසක් කිසි දෙයක් කියෙව්වේ නෑ.
උඹේ තාත්තා කියපු කතාව හරියටම හරි නේද මචෝ . .. !!
@සොසී!
කවුද බන් එහෙම කියන්නේ? මෙන්න මෙයා නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ට්යි තව ටිකක් හොයන්න හදනවා. එහෙම එකක් අනෙ බන් එකක් දෙකක් එහෙම අවුල් උනාට හැම එකම එහෙම නෑ.
@මාතලන්!
ReplyDeleteඒක නම් ඇත්ත බන්.
@ඩූඩ්!
මචෝ එක (රිප්ලයි බටන් එක ) මම කාගෙන් හරි අහලා දාගන්නම්. ඒ කෝම්න්ට් එක නම් පට්ටයි බන්.
@පූසා!
ඔව් බන් මාත් කියන්නේ ගහ මරාගෙන එකට ඉන්නවට වඩා දෙපැත්තට වෙන එක හොඳා කියලයි.
"සතුටෙන් සමඟියෙන් ඉන්න පවුලක නොමඟ ගිය ළමයෙක් ඉන්න බැරිද? "
අහ් අනිවාර්යෙන්ම එහෙම වෙන්න පුලුවන් බන් . . ඒක උගේ / ඒකිගේ ඉරණම.
@සොසී!
අනිවාර්යෙන්ම (අර බටන් එක ඉක්මනට දා ගන්න ඕන )
@ඇලෙක්සැන්ඩර්!
අහ් මේක කෙටි කරපු කතාවක් කියලා හිත ගනින් මලේ.
@වාසනා!
හ්හ්ම්ම්ම්ම් හ්හ්ම්ම්ම්ම්
සඳ ලතා නගේ ගඟ ගැඹුරුයි
ආදර දියකඳ වියරුයි
පීනන්නට බහින්නෙපා
ස්වර්ණහංසියේ . .. ! :D
@සුදීක!
උඹ ඔය කියන හිඩැස ට දෙමාපියෝ සහෝදර සහෝදරියෝ හරි කුනු කන්දල් ගෙන නෑදෑයෝ හරි එකතු උනොත් තත්වය අති භයංකාරයි . ..
@බීට්ල්!
මම ඒක කියෝලා තියෙනවා බන් . . . මේ සිදුවීමේ දෙන්නම වැරදියි කියලයි මම නම් දන්නේ.
@සුදා මල්ලී!
සමහර වෙලාවට දරුවන්ට යහපතක් වෙන්නත් ඉඩ තියෙනවා මලේ දෙමාපියෝ ගහ මරාගෙන එකට ඉන්නවට වඩා වෙන්වෙන එකෙන්
@අලුතා!
වෙන්වුනු දෙමාපියන්ගේ දරුවෝ දිහා සමජය වපර ඇහෙන් බලන එක නතර වෙන දවස ඉක්මන් වෙනවානම් . . . !!!
අහ් හරි හරි වෙලාවක ඒ පැත්තේ එන්නම්කෝ . ..
@මාළුවා!
එහෙම වෙන්නත් පුලුවන් නේද බන් . ..
හ්ම්ම්..පවුලේ අය හරි හිටියොත් වාසනාව....ඒත් එහෙමත් නැත්තම්....................................................................
ReplyDelete_hiruhimawi_
ReplyDeleteමම මේක කියෙවුවෙ දැම්ම දාමයි.. එත් ලියන්නේ මොනවාද කියලා හිතාගන්න බැහැනේ. දරුවන් නිසා අපා දුක් විඳිමින් පවුල ගෙනියන අය මම අනන්තවත් දැකල තියෙනවා. ඒ පවුල්වල දරුවෝ විඳින දුකත් එක්ක. එක පැත්තකින් ආර්ථික වශයෙන් රැකුමක් ඇතත් මානසික වශයෙන් ඒ දරුවන් විඳින දුක් අපමණයි.. අඬ දබර නොවී සාමයෙන් ජීවත් වෙනවා නම් ටිකක් දුරට දරුවන්ට යහපත්.. එත් දෙන්නගෙම එකමුතුවෙන් වෙන තරම් යහපතක් වෙන්නේ නැහැ. කඹ ඇදිල්ල හින්දා ගන්න තීරණ බොහෝවිට වැරදියි.. දරුවන් දෙපැත්තක් අතරේ තනිවෙනවා .. කොයි පැත්ත ගත්තත් දුක විතරයි.. ඔය අතරේ දෙන්නම හරි දෙන්නගෙන් එක අයක් හරි විය හැකි පරිදිම අයතා සමබන්දයක් පටන් ගත්තොත් ඒක නිසා ඇතිවෙන තත්වේ ඊටත් වඩා භයානකයි.. තාත්තා හැර ගිය පසු වෙනත් විවාහයක් කරගත් ගැහැණියට හමුවන මිනිසා නොමිනිස් නම් ගැහැණු දරුවන්ට අයත්වෙන්නේ මොන ඉරණමක්ද කියලා අපේ රටේ පත්තර කියවන අය දන්නවා. මේ විදිහට දෙපැත්තම බැලුවාම වෙන්වෙන එක ගැන වගේම එක්ව ඉඳීම ගැනත් දෙන්න හේතු බොහොමයි.. අන්න ඒකයි මම කිවුවේ බඳින්න යන්න ඉස්සර ඒ ගැන හිතන්න ඕන කියලා.
ReplyDeleteඅපි කොයිතරම ආලවට්ටම් දාල කිවුවත් දෙන්නෙක් එකතුවෙන්නේ අවස්තානුකුලව හමුවීමක් තුලින් .. බොහොමයක් වෙලාවට මේක සිද්ද වෙන්නේ තමන් ජීවත්වෙන හා ගැටෙන පරිසරයේ තමුන්ට හම්බවෙන පළමු අවස්තාව නිසා. ඇසුරුකිරීම් කිහිපයකින් වඩා හොඳ එක තෝරාගැනීමක් නැහැනේ.. එක්කෝ කැම්පස් එකේදී.. නැත්නම් සේවාස්තානයේදී ..ඔය විදිහට සීමිත අවස්ථා අතරින් ලැබෙන සම්බන්ධතා බොහොම නොගැලපෙන තත්ත්ව ඇතිවයි ඉස්සරහට යන්නේ. කර්මයේ හැටියට පලදීම ලැබුනත් කර්මය වෙනස් කරන්න පුළුවන් හැම දේම කරන්න ඕන කියලයි බුදු දසුන උගන්වන්නේ. ආදරය විවාහය මේ හැමදේම තන්හාවේ නොහොත් අයිතිකරගනීමට බදාගැනීමට ඇති ආසාවේ කොටස් නිසා මේවාගේ හරි වැරදි සෙවීමත් අපහසුයි.. මෙහෙම ලියන්නගියොත් දුකා මල්ලිගේ කතාවටත් වැඩිය මේ සටහන දික්වෙයි !! පරිනත මනුස්සයෙක් හැටියට මට මේ පොඩි කොල්ලන්ට කෙල්ලන්ට දෙන්න තියෙන්නේ එක අවවාදයයි.. පනින්න පෙර සිතා බලනු..
මමත් ලොකෙට පේන්න කසාද බෑන්දල සති 2න් දික්කසාද උනා. ගෑනු කියන ජාතිය අනේ මන්ද.. හරියට යක්කු වගේ.. ඒක මගේ වෑරෑද්ද..අම්ම තාත්ත සන්තොඉස කලා..අන්තිමට මම දුක් උනා..
ReplyDeleteඅපේ මිනිස්සු හැම වෙලාවෙම භාවිතයට ගන්නේ තියන ලොකුම අවිය. එය හරිනොගියාම පසු තැවිලි වෙනවා.
ReplyDeleteමාත් හිතන්නේ වෙන්වීමට වඩා එකට ඉන්න එකයි හොඳ.
දෙන්නෙක් අතර ඇතිවෙන ප්‍රශ්න කියන්නෙ විසඳගන්ඩ අමාරු දේවල් කියලා මමනං හිතන්නේ නෑ.
ReplyDeleteහ්ම්.... දික් කසාදෙ. කසාදෙ දික් වෙනවා නෙවෙයි කොට වෙනවානෙ.
ReplyDeleteසාපේක්ෂයි නේ . පිස්සු හැදෙනවා මෙව්වා හිතන කොට. කසාදෙ කියන්නේ ලොකු කැපකිරීමක් කරන්න ඕන වැඩක් . එහෙම බැරිනම් නොබැඳ ඉන්න ඕනේ . දෙපැත්තටම වගකීම් තියෙනවා . රණ්ඩු වෙන්නේ නැති කුරු ජෝඩු වගේ අය ඉන්නවා ඇති . ඒ වුනාට බහුතරය රණ්ඩු වෙනවා . මොකද අපි රහත් වෙලා නැහැනේ . හැබැයි ඉතින් පොඩි පොඩි දේවල් අමතක කරලා ආයේ යාලුවෙන්න බැරි නම් වැඩේ අමාරුයි. අනික සමහර කසාද තියෙනවා මොනවා කලත් සෙවනැල්ලත් ඇද. ඒ වගේ දරුණු තත්වෙකදී වෙන් වීම ඇර විසඳුමක් නැහැ . හැබැයි අපේ වගේ තුන් වෙනි ලෝකේ කසාදෙ වගේම දික්කසාදෙත් ලේසි නැහැ . පිරිමියාට සිද්ධ වෙනවා නඩත්තු ගෙවන්න . ගැහැණියට ඊට පස්සේ ජිවිතේ සංකීර්ණයි . ළමයින්ගේ තත්වේ ශෝචනීයයි . මේක ඩෙන්මාර්කය වගේ රටවල නම් හරිම සරලයි . මන් දන්නා ගැහැණු කෙනෙක් ඉන්නවා .වයසයි . දැන් තුන්වෙනි සැමියා එක්ක ඉන්නේ . තුන්වෙනි එක බැන්දේ නැහැලු . මොකද දෙවරක් අසාර්ථක වෙච්ච නිසා මේ විදිහ හොඳයි කියල හිතුවලු . තව්මා එයා වැඩිය කැමති ළමයින් දෙන්නගේ තාත්ත වෙච්ච පලවෙනි එක්කෙනාටලු . ඒ සැමියාට අලුත් නෝනාගෙන් ළමයි දෙන්නෙකුත් ඉන්නවා . අවුරුද්දකට වතාවක් මෙයයි ඒ සැමියයි පවුල් දෙකේම ළමයි ටිකයි ට්‍රිප් එකක් යනවලු . හරිම ලිබරල් . අපිට ඕවා කරන්න බැහැනේ . අනික ළමයින්ට සියල්ල ආණ්ඩුවෙන් නොමිලේ ඒ රටේ .
ReplyDeleteකුරුළු ජෝඩු කියල නිවැරදි වෙන්න ඕන
ReplyDeleteප්රේඅමය කියන්නෙ හරිම උතුම් දෙයක් තමයි ඒත් එහෙම ප්රේරමයක් ඇත්ත ලෝකෙ හොයා ගන්න එක නම් අමාරුයි.. අනිත් එක අපි එක එක්කෙනා තනි තනිව පුංචි කාලෙ හිටම ප්රේමයයි කියල ගොඩ නගා ගන්නා හීනය සම්පූර්ණ කරන්න මේ හාන්කවිසියක් නොදන්නා, ජීවිත ගමනෙ අතරමග හමු වෙන කෙනෙක් සමත් වෙන්නෙ කෝමද? ඉතින් හැලහැප්පීම් ඇති වෙන එක වළක්වන්න අමාරුයි..
ReplyDeleteතේරුම් ගැනීම, ඉවසීම, කැපවීම තියෙන්නම ඕනෙ පවුල් ජීවිතේදී..... දෙන්නගෙම නැතත් එක්කෙනෙක්ගෙවත්...
ඒත් අනේ මන්ද ? අත්දැකීම් නැති මම මේ දේවල් ගැන කතා කරන එක සාධාරණද මන්ද?
අවිවාහකයෙක් විදියට මේ ගැන අදහස් පලකරන්න මට අයිතියක් නැහැ මම හිතන්නේ ....
ReplyDeleteමේවා කියව්වාම නොබන්දම ඉන්න එක හොඳයි කියල හිතෙනවා...
ReplyDeleteවිවාහ ළුුනාට පස්සේ නොගැලපීම් තියෙනවා කියලා හිතෙනවනම් ඒක වඩාත් සාධාරනයි නම් හිතෙන් විඳවනවාට වඩා දික්කසාදයකින් වෙන්වීම හොඳයි.
ReplyDeleteහුඟ කාලෙකින් මේ පැත්තට ආවේ මේ පොස්ට් එක දැකලා.
ReplyDeleteකලීන මාතෘකාවක්... ලියවෙච්ච දේට වඩා නොලිය වෙච්ච දේවල් වලින් ගන්න ජීවිතේට ගන්න දෙයක් තියනවා...
ReplyDeleteනොබැඳ ඉන්න එක කෝකටත් හොඳයි නේද?
ReplyDeleteමටත් පහක් එකතු කරන්න පුළුවන්ද?
ReplyDeleteමම නම් ඩිවෝස් වෙච්ච කෙනෙක්.
ඒක ජීවිත කාලයම ආදරේ කරපු කරන මනුස්සයා එක්ක වෙච්ච විවාහයක්...
ප්‍රශ්න තිබ්බේ නැත්තේ නෑ. අපි දෙන්නා බොහෝ කාලයක් එකට ජීවත් වුනා. ඒත් විවාහ වුනාම අපි හිර වුනා වගේ වුනා. ඉතින් එක දවසක් අපි දෙන්නම කතා වුන අපි වෙන් වෙමු කියලා. ඕක හරි සිම්පල් දෙයක් කියලා අපි දෙන්නම හිතුවේ. ඇයි අනේ බඳින්න හරි ලේසිනේ.
එහෙම හිතුවට ඉතින් හිතන තරම් ලේසියෙන් ඔය දේවල් කරන්න බැරි වුනා. අපි දෙන්නා ලෝයර්ස් ලා ගාවට ගියාම ඒ අය අපිට හිනා වුනා. අපි දෙන්නට කැමැත්තෙන්වත් වෙන් වෙන්න පුළුවන් නීතියක් නෑ.
ඒත් හොඳම දෙයක් වුනා. අපි වෙන් වුනා කියලා අපිට නම් ඔය කියන එකම ප්‍රශ්නයක්වත් ආවේ නෑ. අදටත් මගේ හොඳම යාළුවා එයා. ඕනෙම වෙලාවක ඕනෙම ප්‍රශ්නෙකදි කතා කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔහුගෙයි මගේයි දිකකසාදය එක්ක අපි බොහොම නිදහස් විදියට බැඳී ඉන්නවා.
ඉස්සර අපි දෙන්න මැරි කලාම අපි කතා වුනේ මොනවටද අපි බැන්දේ ඉස්සර වගේම ලිවින් ටොගෙතර් හිටියා නම් හොඳයි කියලා. දැන් අපි මේ ඊයේ පෙරේදත් කතා වුනේ මොන මඟුලකට අපි ඩිවෝස් වුනාද කියලා. මොකද දෙන්නම කැමැත්තෙන් දික්කසාද වෙන්නත් අපිට තුනක් ගිහිනුත් ඕක ගන්න බැරි හින්දා. ඊටත් වඩා ඩිවෝස් එකක් වෙනුවෙන් වැඩිම මුදලක් වියදම් කරන්නෙත් අපි දෙන්න හින්දා. යකෝ කැමැත්තෙන් ඔය දේවල් කරන්න අපි දෙන්නා තරම් වෙන කිසිම එකෙක් වියදම් කරලා නෑ කියලා මට ඔක්කොමලාත් හිනා වෙනවා...
අනික මගේ වටේ ඉන්න යාළුවෝ එ අයට ළමයි ඉන්න අයත් ඉන්නවා. ඒ ළමයි ඉන්න පවුල් වල වුනත් ළමයින්ට කිසිම වෙනසක් නෑ. උන් හෙන ප්‍රිවිලේජ් ළමයි. ඒක අවබෝධය මත වෙන දෙයක් කියලයි මට නම් හිතෙන්නේ.
එක අතකින් අදහස් නොගැලපී එකට ඉන්නවාට වැඩිය දික්කසාදය හොඳයි කිව්වාට . විවාහය කියන්නෙ දෙන්නාම බොහොම කැප කිරීම් කල යුතු දෙයක්. එක් පැත්තකින් විතරක් බැහැ. දෙන්නාම එක වගේ කැප කිරීමක් කරන්න ඕනෙ. අපි මේ වයසෙදි දන්නවා කොපමණ කැප කිරීමක් කරන්න ඕනෙද? මේ විවාහ සංස්ථාව පවත්වාගෙන යන්න කියල. නමුත් තරුණ උදවිය මේ ගැන හිතන්නෙ නෑ. එයාල එක පැත්තක් විතරක් බලා හදිසි තීරණ වලට එලබෙනවා. එතනදී අසරණ වෙන්නෙ දරුවන්. මම දන්නා සොයුරියක් මේ ලඟකදී වෙන්වුනා. දරුවා ගැන ඇය හිතුවේම නෑ. කෙතරම් අභාග්‍යක්ද? ඇගේ දරුවා දියණියක්. ඇය නිතරම තම පියා ඉල්ල ඉල්ලා හඬනවා. හරිම දුකයි. මෙහම වෙන්නෙ කිසිම දෙයකට ඇය නැමෙන්නෙ නැති නිසයි. විවාහයකදී එහෙම බැහැනෙ.
ReplyDelete@හිරු හිමාවී!
ReplyDeleteඅනේ ඒක ඒ දරුවන්ගේ ඉරණම.
@සරත්!
ඇත්ත අයියේ . . අය්යගේ පෝස්ට් එකේ මම කිව්ව වගේ මේ තත්වයට සමහර දෙමාපියනුත් වගකියන්න ඕන. අහල පහල් උන් නෑදෑයෝ අහන "තාම කෙල්ලට \ කොල්ලට පෙලවහක් ගැන මොකුත් නැද්ද?" වගේ ගොන් ටෝක්ස් වලට බයේ හොයා ගත්තු මොකාගේ හරි කරේ එල්ලන්න හදනවා නැතිනම් පත්තරේට දාලා හරි මොකෙක්ගේ හරි කරේ එල්ලන්න හදනවා. විවාහය කියන ජීවිතේ තීරණාත්මක සංධිස්ථානය ට ලැබිය යුතු වටිනාකම දෙන්නේ නෑ.
@ටික්කා!
බොහෝම කනගාටුයි මචං. ගෑනුන්ට විතරක් වරද කියන්න බෑ. පිරිමි ත් දැන ගන්න ඕන පවුලේ සමඟින වෙනුවෙන් කැපවෙන්න කැපවෙන එකෙන් වැඩේ අල වෙනවනම් සමඟිය වෙනුවෙන් සටන් කරන්න. හැබැයි සටනේ අවසානය දික්කසාදය නොවෙන විදිහට!
@ප්‍රියන්ත!
එහෙම කියන්නත් බෑ. තමන්ගේ ජීවිතේ තමන්ගේ. සමහර වෙලාවට මිනිස්සු වෙන් වෙලා හරි සතුටින් ඉන්න පුලුවන් නම් ඒකේ වාසිය තමන්ටත් දරුවෝ ඉනන්වනම් දරුවන්ටත් ලැබෙන්න ඉඩ තියෙනවා.
@දිනුක!
ඔව් මල්ලී. එව් රිතින්ග් ඊස් පොසිබල්
@නිසුපා!
ඒ නම දාපු එකා මොකක් හිතාගෙන දැම්මද මන්දා . . හික්z
@බින්දි!
ඇත්ත රන්ඩු නැති පවුල් නෑ තමයි. ඒත් පවුලක් සතුටින් ඉන්න නම් ගෑනියි මිනිහයි ගහයි වැලයි වගේ ඉන්න ඕනා. මතකද ඉනෝකා සත්‍යාංගනීයි සුදත් මහදිවුල්වැවයි ඩිවොස් උනාට පස්සේ ඉනෝකා පත්තර වලට කියපු දේ
"ගහක එතෙන්න ඕන වැලක්. අපි දෙන්නා ගස් දෙකක්. ඉතිං අපි වෙන්වුනා"
@තරුරාසී!
අන්න හරි ඉවසීම. අපි ගොඩක් අයට නැත්තේ ඕන්න ඕකනේ අප්පා.
@රොබින්!
ReplyDeleteඑහෙම එකක් නෑ බන්. බඳින්න ඕනම නෑ පවුල් ජීවිතේ ගැන කතා කරන්න. අපේ ගෙදර නෑදෑයෝ අසල්වැසියෝ යාලුවෝ මේ දකින ඒවයින් උනත් පුලුවන් අපිට යමක් ඉගෙන ගන්න.
@මාල්!
එහෙම කොහොමද? ඒ තරම් දුර්වල වෙන්න එපා.
@දයානන්ද!
ඇත්තෙන්ම හදාගන්න බැරි තරම් නොගැලපීම් තියෙනවනම් ඒක තමා හොඳම විසඳුම කියල මටත් හිතෙන්නේ විඳෝනවට වඩා.
@රොකියා!
බය උනාද? හික්z
@මල්සරා!
මොනාදද අප්පා ඒ නොලිය උනු දේවල්? මොනා හරි කමක් නෑ ගන්න දෙයක් තිබ්බ නම් මදෑ . .
@අලුත් මල්ලී!
කවුද කියන්නේ. හරි කෙනා හොයලා බැඳ ගන්න එච්චරයි.
@රංගි!
අඩේ මෙහෙම එකක් මේ ඇහුවමයි. යකෝ එහෙනම් දික්කසාද උනා - අපි දැන් ලිවින් ටුගැදර් කියලා හිතාගෙන ජොලියේ හිටපන් (අර කොල කෑල්ල ගන්න වියදම් කරන ඒවයින් පාර්ටි දාපන්) හික්z
@චන්දි!
සමහර අය හරිම මුරංඩුයි අක්කා. තමන් විතරක් හරි කියලා පුදුම ඔලුවකින් ඉන්නේ. පොඩ්ඩක් වත් ලෑස්ති නෑ වැරැද්දක් පිලිගන්න. සමහරු අඩුතරමින් චෝදිතයාට තම්න්ට කරන චෝදනාව අහන්න තරම් වත් ඉවසීමක් නෑ. චෝදනා වලට අනෙක් එකාගේ හේතු අහන එක ගැන ඉතිං කවර කතාද?
සමහර දේවල් වලදි අපිට තියෙන ඉවසීම මේ කාරණේ සම්බන්ධෙන් නැතිව යනවා. අපි සම්බන්ධෙකට හා කියන්න ඉක්මන් වෙන වේගේ වැඩියි. ඒ වේගයයි අපිව නොගැළපීමට සහ දුකට තල්ලු කරන්නෙ.
ReplyDelete