Monday, February 27, 2012

අද අපගේ සිහින සැබෑ වීලා . . .. !!




අද මට හරිම සතුටු දවසක්.

ඇත්තෙන්ම අද "අපිට" හරිම සතුටු දවසක්.

බොහෝ වෙලාවට මගේ බ්ලොග් ලිපි තනියෙම ලියපුවා.
ඉඳලා හිටලා ඊමේල් වලින් ආව ඒවා හරි වෙන කෙනෙක් එව්ව ඒවා හරි, වෙන කෙනෙක් ටයිප් කරලා එව්ව්ට පස්සේ දැම්ම ඒවා හරි මම හිතලා පල කරපු ලිපි.

ඒත් මේක අපි දෙන්නම වෙනුවෙන් ලියන ලිපියක්.

අපි දෙන්නා කිව්වේ මායි මගේ ගෙදර උන්දෑ නදීෂායි.

අපි මවාගෙන හිටපු හීනයක් අද හැබෑ උනා.

අද අපිට බොහෝම සතුටු දවසක් කිව්වේ ඒකයි.

මේ සතුටට මුලින්ම ස්තූති වන්ත වෙන ඕන අය ගැන හිතුවාම මට නම් කියන්න තියෙන්නේ මේ බ්ලොග් එකට තමයි ලොකුම ස්තූතිය.

මොකද මේ සතුට ලබන්න හේතු වුනු හැමදේම ඉබේ අත ලඟට ආවා වගේ වුනේ මේ බ්ලොග් එක නිසා.

ඒ කියන්නේ මූලික ස්තූතිය කියවන්න එන ඔබ සැම, බැනලා හෝ මොනවා හරි දෙයක් කියලා කොමෙන්ට් කරන, කෝල් කරලා - ඊමේල් කරලා අදහස් දක්වන ඔබ සැම.

ඉතින් මේ අපේ සතුට වෙනුවෙන් මූලිකම ස්තූතිය ඔබ සැමට.



. . . . . . . .. . . . .. . .. . . . . . . . .. . . ..

ඇඳුම් සපත්තු ගන්න ෂොපින් ගියාම අපි දෙන්නා මුහුන දෙන ලොකුම ප්‍රශ්නේ අපේ හිතට හරියන, අපේ පොකට් එකට ගැලපෙන ගානට හොඳම තත්වයේ වෙනස්ම ඩිසයින් වල ඒවා හොයා ගන්න නැති කම.

මොකද අපි නිතරම සෙව්වේ අන් කොම්න් ඩිසයින්ස්.

ඇඳුමක් නම් එක නූල් කෑල්ලක් වත් එල්ලෙන්නේ නැති - සපත්තුවක් නම් ගම් පොදක් වත් පෙන්න නැති වගේ උසස්ම තත්වයේ ඒවා

සමහර වෙලාවට ටිකක් හරි හිතට ෆිට් ඒවා අපිට ලං කරන්නත් බැරි තරම් මිල අධිකයි.

ඇඳුම් අපිම මහගෙන, සපත්තු අපිම හදාගෙන ඇන්දොත් . . ?? කියන අදහස අපි දෙන්නට ආවේ ඔන්න ඔහොමයි.

කාලයක් තිස්සේ ඒ අදහස අපේ හිත් වල තිබ්බා. බ්ලොග් එක ලියන්න ගත්තායින් පස්සේ පලමු නිවාඩු වාරෙදිත් ලිෂාන් ලගේ ගෙදර කෑමකට ගිය වෙලාවක ලිෂායි අපියි කතා වුනා ඒ ගැන.
නදීෂට තෑග්ගක් විදිහට මහන මැශිමක් අරන් දීලා, එයා ම මගේ උපන් දිනේකට තෑගි දුන්නු ෂර්ට් එකක් නූලක් වත් ගලවන්නේ නැතුව ඒ ෂර්ට් එක උඩින් කාබන් කොල තියලා බ්ලොක් එකක් හදලා එයාම කපලා මට ෂර්ට් එකක් මහලා දුන්නු දවසේ තමා (මේ පහල තියෙන්නේ ඒ ෂර්ට් එක) මට හිතුනේ සහ අපි කතා වුනේ
කවදා හරි දවසක අපේම බ්‍රෑන්ඩ් එකක් කරමු කියන එක.


එදා ඉඳන් අපි ඒ ගැන හීන මැව්වා - මහා ලොකුවට නෙමේ බොහෝම සුලුවට.

අපි සුලුවෙන් හීන මවාගෙන හිටපු දේ - අපේම බ්‍රෑන්ඩ් එකක් පටන් ගන්න එක ඒක අද හැබෑ වුනා.

අපි දෙන්නගේ ව්‍යාපාරයේ එක නිෂ්පාදනයක මූලික පටන් ගැනීම
අද සිදු කලා.

අර Soft Launching කියලා සිංහලෙන් කියන්නේ . . ආන්න ඒක.

අපේ බ්‍රෑන්ඩ් එකේ නම් විරූස්z.


අපේ ව්‍යාපාරයේ නම විරූස්z ඩිසයින් පුද්ගලික සමාගම.

මේ තියෙන්නේ ලිෂා ඩිසයින් කරපු මගේ විසිටින් කාර්ඩ් එක.


ගිය දෙසැම්බර් නිවාඩු ගිය වෙලාවේ තමා ව්‍යාපාරය රෙජිස්ටර් කරන්න අවශ්‍ය කරන කටයුතු සිදු කලේ.

ව්‍යාපාරයේ නිෂ්පාදන අංග ගැන කතා කලොත් කාන්තා, පිරිමි සහ ළමා ඇඳුම් නිර්මානය කිරීම (Design) සහ අපිම මහලා
(Produce) විකිනීම එක් අංගයක්.

කාන්තා සහ පිරිමි පාවහන් නිර්මානය කිරීම (Design) සහ ඒවා හදලා (Produce) විකිනීම තවත් අංගයක්.

නිවාස සැලසුම් (House Plan), නිවාස ඇතුලත අලංකාර කිරීම් සැලසුම් (Interior Design) සහ උද්‍යාන සැලසුම් කිරීම (Landscape Design) තවත් අංගයක්. 1995 සිට 2000 වෙනකම් මම මේ දේවල් රැකියාවක් ලෙසට කලත් 2000න් පසු කරපු සියලුම වගේ නිර්මාන කලේ හිතවත් කමට නොමිලේ (ඒ වෙනුවට තෑගි බෝග එහෙම ලැබිලා තියෙනවා) - ඒත් මින් මතු අපේ ඒ නිර්මාණ හැකියාවනුත් ආයතනයේ නමින් මුදලට ලබාදෙන සේවයක් ලෙස කරන්න අපි තීරන කලා.

පරිසර හිතකාමී අයුරින් නිමැවුනු අපූරුම අත්දැම්කීම් ලැබිය හැකි හෝටල් සංකල්පයක් රැගත් හෝටලයක් (Eco Tourism Hotel) කරන්නත් හිතේ තියෙනවා. මගේ මූලික සැලසුම් වාර්ථාව දැකලා ආයෝජනය කරන්න කීප දෙනෙක් කැමති වෙලා ඉන්නවා වුනත්, දැනට ඒවා පසුවට කල්තබන්න අපි තීරණය කලා.

මේවා අතුරින් දැනට කාන්තා පාවහන් වර්ග කීපයක් (කාන්තා ස්ලිපර්ස්, සැන්ඩ්ල්ස් - Ladies Slippers and Sandals
වලින්) පටන් අරගෙන අනෙක්වා පසුවට එකින් එක කරගෙන යන්නයි අපේ බලාපොරොත්තුව.

ව්‍යාපාරයේ එක් නිෂ්පාදනයක මූලික එලිදැක්වීම කරන දවසේම අපේ බ්‍රෑන්ඩ් එකේ ෆේස් බුක් ෆෑන් පේජ් එකත් එලිදක්වන්න අපි තීරණය කලා.

මේ තියෙන්නේ ඒ Facebook Fan Page එකේ ලින්ක් එක :
https://www.facebook.com/viroozv

ඔයාලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලා සිටිනවා එතනට ගිහින් ලයික් එකක් දාලා එතන තියෙන පින්තූර බලලා, අපි එලිදක්වන නිෂ්පාදනය ගැන ඔයාලගේ අවංක අදහස් සටහන් කරන ලෙස.

වෙබ් සයිට් එක නම් තාම හදමින් පවතිනවා. ඒක බොහෝ විට අපි මුලින් සිතා ගෙන හිටි ආකාරයට අපේ පුතාගේ ඊලඟ උපන් දිනය වුනු සැප්තැම්බර් 3 වෙනිදාටම එලි දක්වන්නයි අදහස. මෙන්න වෙබ් සයිට් එක : http://viroozv.com/

මේ තියෙන්නේ ඒ වෙනුවෙන් අපි හදපු ට්විටර් පේජ් එක. https://twitter.com/Virooz

අපේ බ්ලොග් අඩවියත් තාම හදමින් පවතිනවා. මේ අපේ බ්ලොග් අඩවිය. http://viroozv.blogspot.com/

අපේ ඊමේල් එක - info@viroozv.com

හැමෝටම මේවා වලත් ෆොලොවර් කෙනෙක් වෙන්න කියලා අපි ආදරයෙන් ඉල්ලා සිටින්න කැමතියි.

. . . . . . . .. . . . .. . .. . . . . . . . .. . . ..

කාලයක් අපේ හිත් වල රැඳිලා තිබුනු හීනේ මේ තරම් ඉක්මනට හැබෑවක් වෙන්න උත්තේජනය සැපයුවේ මගේ උපන් දිනය දා මා ලියූ බ්ලොග් සටහනේ සඳහන් පරිදි මගේ මිතුරු බුද්ධි බලෙන්ම මා සහභාගී කරවාගත් ආකර්ෂණයේ නියමය වැඩමුලුව බව නම් කියන්නම ඕන.

තවදුරටත් අපේ හීනේ හැබෑ කර ගන්න විශේෂ උපකාර කරපු අය ගැන සඳහන් කරනවා නම් . . .

මුලින්ම මාව බ්ලොග් ලෝකයට ගෙනාපු බයිස්කෝප් සයිට් එකේ පොතේගුරා - ඉසිර මල්ලී තමා ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ.

අර වැඩමුලුවට මාව බලෙන් ඇදගෙන ගිය බුද්ධිත්, බුද්ධිව අඳුන්නලා දුන්නු මංසලකුනු බ්ලොග් එක ලියන රුචාත් . .

අර ආකර්ෂනයේ නියමයේ සහ පාවුලෝ කොයියෝගේ ඇල්කෙමිස්ට් පොතේ කියනවා වගේ "හදවතින්ම ඉල්ලපු දේ ලබා දෙන්න විශ්වයම කුමන්ත්‍රණය කරලා" සිද්ද වුනා වගේ අපේ සමාගම රෙජිස්ටර් කරන වැඩේ අත ලඟටම ලැබුනා වගේ උදව් කරපු පොඩි මස්සිනා සුගත් අයියාවත්, සුගත් අයියගේ මිතුරු සුගත්ටත් බන්ඩාරවත් හදිසි මුදල් අවශ්‍යතා ඇතිවෙන හැම වෙලාවකට පිහිට වෙන මගේ නංගීත් මේ වෙලාවේ මතක් කරන්න ඕන.

සපත්තු හදන අවශ්‍ය කරන දේවල් ගැන අහලා ගූගල් සමූහයක දාපු ඉල්ලීම අනුව ඒ වෙනුවෙන් උදව් කල අභීත, වාසල, මරේ ඇතුලු සියළු දෙනාටත් ස්තූතියි.

අපේ ආයතනයේ නමින් වෙබ් සයිට් එක අරන් දෙන්න මරේ, ලිශා, පහන් උදව් කලා ඒත් අපේ විරූස් කියන නම වෙන කෙනෙක් අරගෙන නිසා වෙබ් සයිට් එක ගන්න ලැබුනේ විරූස්වී ඩොට් කොම් කියන නමින්.

අපේ ව්‍යාපාරයේ ලාංඤ්චනය හදන්න උදව් කරපු ලිෂාන්, පුතා-වරුණ, සහ ජේඩී සහෝදර වරුන්ටත් ස්තූතියි.

මුල ඉඳන් සියලුම ග්‍රැපික්ස් වැඩ සහ ඇතුලු සියළු සම්බන්ධීකාරක සහ තාක්ෂණ කටයුතු කල ලිෂාන් නැතිනම් මේ වැඩේ මේ තරම් ඉක්මනින් කොහොමටත් වත් එලි දක්වන්න බෑ . . . (ලිෂා උඹට කොයි විදිහට ස්තූති කරන්නද . . මට හිතා ගන්නවත් බෑ)

Facebook Fan Page සහ අනෙක් සයිබර් කටයුතු සඳහා නදීෂා හදපු සපත්තු වල පින්තූර ගන්න පාන්දර පහට බන්ඩාරවෙලින් ඇවිත් නදීෂා කියපු හැටියට හවස් වෙනකම් පුදුම මහන්සියක් දරපු කුෂාන් සහ ෆාට ත් අපේ හර්ද්‍යාංගම ස්තූතිය.

විසිටින්ග් කාර්ඩ්ස්, බිල් පොත් ආදී ප්‍රින්ටින් වැඩ අඩුම ගනනට හොඳම විදිහට කරලා දෙන්න තමන්ගේ වැඩ පාඩු කරගෙන හතර අතේ දුවපු ඩුබායි වට්ටක්කා පුතා - වරුණ ත් ආදරයෙන් සිහි කරන්න ඕන.


සුදර්ශන හෙවත් මීගොඩයා, ඔහුගේ මිතුරන් වන බුද්ධික පීරිස්, සුරංග කහටගහවත්ත ආදී මිතුරනුත් ලබා දෙන සහය උපරිමයි
මුලින් නිෂ්පාදනය කරන්නේ සපත්තු කියල දැන ගත්තාම හැකි සෑම උපදෙසක්ම දෙමින් සහ උපකාරයක්ම කරමින් දිරිමත් කල සපතේරු උන්නැහේ - එඩ්ගාර් ටත් ඔහු තරමින්ම දිරිමත් කිරීමක් කල දුමී, තිසා, දමිත්, චමල්, ජනක, චාමිකා, මනෝජ් ,රුචා, රොශාන්, රොජර්, මරියෙල්, ශාන්ත, ඩීන්, ජෝර්ජ් අයියා, මස්සිනා-හසිත සහ අසේල, නෑනා කෞෂි, ආදී මෙකී සහ සුලුවෙන් හෝ උපකාර කල, උපදෙස් දුන්නු නමුත් නම් වශයෙන් සඳහන් නොකල සියල්ලන්ටත් ආදර ස්තූතිය පුද කරන්න කැමතියි.

දරුවගේ සියළු වැඩ කටයුතු කරමින් ගෙදර දොර සියළු වැඩකටයුතු කරමින් නදීෂාට මේ හැමදේ කරන්න නිදහසත්, ආධාර උපකාරත් කරන මගේ නැන්දම්මායි මාමන්ඩියි හෙවත් නදීෂගේ අම්මයි අප්පච්චියි තමා අපිට මේ වැඩේට ලොකුම ශක්තිය උනේ.

අපේ නිපැයුම් කීපයක් :


. . . . . . . .. . . . .. . .. . . . . . . . .. . . ..

ලංකාවේ ඉන්න අයට අපේ ෆේස් බුක් පෑන් පේජ් එකේ තියෙන පින්තූර බලලා ඕඩර් කරන හිතුනොත් ඒ සපත්තු ගෙදරටම ගෙන්න ගන්න ක්‍රමයක් අපි සකස් කරමින් ඉන්නවා. සමහර විට පිට රට ඉන්න අයට තමන්ගේ පවුලේ අයට උපන් දින තෑග්ගක් හෝ වෙන විශේෂ හෝ සාමාන්‍ය තෑග්ගක් ලෙස මේ සපත්තු යවන්න හිතුනොත් . . .

ඒක මේ විදිහටයි.

මුලින්ම ෆේස් බුකේ තමන් කැමති සපත්තුව හෝ සෙරෙප්පුවට අදාලව තමන්ගේ කැමැත්තත් එය මිලදී ගන්න ඇති කැමැත්තත් සඳහන් කරන්න.

ඒ සපත්තුවට හෝ සෙරෙප්පුවට අදාල කෝඩ් නම්බර් එක සටහන් කර ගන්න.

මේ පහත ඇති පරිදි තමන්ගේ කකුලේ ප්‍රමානය මැනගෙන සටහන් කර තබා ගන්න.

 

පවුලේ කාට හරි යවන්න නම් මේ පින්තූරය යවා මේ ආකාරයට මිනුම් ගෙන ප්‍රමාන වෙන වෙනම ලබා ගන්න.

අප ලඟ ඇති පාට වලින් ඔබ කැමති පාටට අදාල කෝඩ් නම්බර් එක සටහන් කර ගන්න.

Facebook Fan Page එකේඇති ඊමේල් අංකයට ඔබේ ඕඩරය දන්වා එවන්න.

ඔබ කැමති සපත්තුවේ කෝඩ් එකත්, පාටට අදාල කෝඩ් එකත්, කකුලේ මිනුම් ටිකත්
ඒ සමඟ අනිවාර්‍යෙන් එවිය යුතු බව මතක තබා ගන්න.

ඊ ලිපිය ලද පසු මුදල් ගෙවිය යුතු ආකාරය සහ භාණ්ඩ ඔබ වෙත ලැබෙන ආකාරය පිලිබඳව අප විසින් ඔබව දැනුවත් කරනු ලැබේ.

. . . . . . . .. . . . .. . .. . . . . . . . .. . . ..

කෙනෙක් ප්‍රායෝගිකව - ත්‍රී වීල් එකක හෝ බස් එකකට මඟ වියදම දරමින් - නගරයට ගොස් - කට්ට අව්වේ - සුපර් මාර්කට් එකේ හෝ නගරය පුරා ඇති සපත්තු කඩවල් එකින් එක පීරමින් - තමන්ගේ හිතට සරිලන - පොකැට්ටුවට බය නොහිතෙන ආකාරයේ සපත්තු සෙරෙප්පු සොයමින් යනවාට වඩා . . .. .

ගෙදරදී අන්තර්ජායල හා සම්බන්ධ වී නිදහසේ තමන්ට අවැසි දේ තෝරා ඉන්ටර්නෙට් බෑන්කින් පහසුකම මඟින් මුදල් යවා තමට අවැසි භාණ්ඩය ගෙදරටම ගෙන්වා ගැනීමේ පහසුකම ගැන එහෙම පාවිච්චියට ගනීවී කියා අපි උපකල්පනය කරන නිසා . . .

. . . . . . . .. . . . .. . .. . . . . . . . .. . . ..

ව්‍යාපාරික ලෝකයේ සාර්ථකත්වය කියන ඉනිමගේ උඩ පඩිවලට පහල පඩි වල අඩිය නොතියා ගිය ව්‍යාපාරිකයෝ නැති බව අපි හැමෝම දන්නවනේ.

බොහෝම සුලුවන් පටන් අරන් ව්‍යාපාරික ජයග්‍රහන ලබමින් සාර්ථකත්වයේ හිනිපෙත්තට ලංවූ අය ගැන අපි කතා ඕනෑ තරම් අහලා තියෙනවානේ.

ඉතිං මේ අපේ වෑයමත් සුලුවෙන් ආරම්භ කිරීම. මේ අද ඇරඹෙන්නේ අපේ පලමු පියවර . . .

අලුත් නිර්මාන සමඟින් තව බොහෝ දේ ඉදිරියට ලබා දෙන්න අප බලාපොරොත්තු වෙනවා.

ලෝකය විශ්ව ගම්මානයක් තරම් කුඩා වී ඇති කාලයේ අපේ ව්යාපාරය ව්‍යාපාරික ලෝකයේ සාර්ථක ගමනක් යාවී යන්න අපේ ප්‍රාර්ථනය වන අතර . . . අපේ ප්‍රාර්ථනය සර්වප්‍රකාරයෙන් මල්ඵල ගැන්වේවා කියා ඔබ සැමගේ උපකාරය සහ ආශීර්වාදය ලබා දෙන මෙන් ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමින් මේ ලිපිය නිමා කරමි.

1st Pic from:
http://lift-up-your-hearts.blogspot.com/

144 comments:

  1. මුලින්ම කියන්න ඕන හදවතේ ගැඹුරුම තැනින් මගේ උණුසුම් සුබ පැතුම් කියලා ......

    කිසි කෙනෙකුට එක පාරටම දියුණුවේ හිනි පෙත්තට යන්න බෑ, ටිකෙන් ටික තමා යන්න පුලුවන්, අයියට වරදින්නෙ නෑ, බුදු සරණින් දෙවි පිහිටෙන් ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙනවා ඒකාන්තයි ....

    මේ බ්ලොග් අවකාශෙ මට හම්බ වෙච්ච හිත හොඳ පොරක් තමා දුකා අයියා කියන්නෙ .....

    දැන් ඉතිං අපිටත් ඇඳුම්, සපත්තු වොරන්ටියක් ඇතුවම බය නැතුව ගෙදරටම ගෙන්න ගන්න බැරියෑ ....:)

    ReplyDelete
  2. නව ව්‍යාපාර හැම අයුරෙන්ම සාර්ථක වෙන්න කියල ඉත සිතින්ම සුභ පතනවා....!!!!

    ReplyDelete
  3. හැම අතින්ම සාර්ථක වෙනවා.. ආයේ ඒකේ කතා දෙකක් නෑ.. සුපර් කොලිටි බඩුනේ... ජයවේවා....!!!

    ReplyDelete
  4. ජය වේවා!හොඳයි.හොඳයි.

    ReplyDelete
  5. අපිටත් බොහොම සතුටුයි දුකා . සියලුම දේ සිතන පතන අයුරින්ම ඉටුවෙන්න පතනවා හදවතින්ම .ඒ වගේම ඉදිරියට ඔබේ නිෂ්පාදන මිලදී ගන්නත් සිතා ගත්තා

    ReplyDelete
  6. සුභම සුභ පැතුමක්!!!!!

    මේක හරිම අසාධාරණයක ඇයි අපි සපත්තු දාන්නේ නැහැ කියලා හිතුවද? කෙල්ලන්ට විතරක් හදන්නේ :-D

    ReplyDelete
  7. සියළුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා සුබ පතනවා දුකා අයියේ....

    ReplyDelete
  8. අපෙන් සුබ පැතුම් යාළුවේ!

    ReplyDelete
  9. බොහෝම සතු‍ටුයි ලොකු අයියේ. දිගු ගමනක් යන්න හදවතින්ම සුභ පතනවා. ජයවේවා....!!!

    ReplyDelete
  10. එළකිරි අයියේ,,, ජය වේවා... සුභ පැතුම්,,,,..... මේ ගැන මම කථා කරන්නම් චැට් එකෙන්....

    ReplyDelete
  11. එලස් මචං.. කියන්න වදන් නෑ.. මේ අඩේ සපත්තු නෙවෙයි බං, නදීෂට කියහං ඉක්මනට ෂර්ට් ටිකක් ඩිසයින් කරලා එළියට දාන්න කියලා.. මං මේ ඕඩර් එක දෙන්න බල බල ඉන්නෙ.. :)

    ReplyDelete
  12. "රන් දහබිඳු මේ පොලවෙන් ඉසුරු ගෙනෙන දා...
    දුක් වේදනාවන් සිඳී යාවී...
    හසරැල් පවන් රැල් සැලේ..."

    සම්පූර්ණයෙන්ම දා ගිය ගතක් [හිතක්?] අද මෙතැන ඉන්නවනම්, ඉස්සරහට එන්න පුලුවන් අභියෝග, උඹට තරම් වෙන එකක් නෑ සහෘදයා

    සුභ පතන්නේ නිකම් නෙමෙයි, ගමන ජයග්‍රහණය කරන කල් උඹ එක්ක ඉන්නව කියන පොරොන්දුව එක්ක...

    ReplyDelete
  13. හරිම සතුටුයි ව්‍යාපාර ලෝකයේ ඉහලටම යන්න වාසනාව ලෑබේවා !

    ReplyDelete
  14. ඔන්න එහෙනං හැමදේට ම මගෙනුත් සුභ ම සුභ සුභ පැතුම්!

    ReplyDelete
  15. සුබම සුබ පැතුම්..ජය

    ReplyDelete
  16. දුකා අයියා...පට්ට..නිතර ආවට කතා බලල ගියාට අද වගේ දවසක කමෙන්ට් එකක් නොදා බැ..අපේ කිරි අත්තම්මා කියනවා වගේ තුනුරුවනේ සරණින් බොලා දෙන්නට වැඩි වැඩියෙන් කිරි උතුරන්න හේ හරියන්න ඕනි දරුවනේ... කියල තමයි මම කියන්නෙ..
    අපුරු කන්සෙප්ට් එකක්..අපුරු සැලසුමක්..අනිවා සාර්ථක වෙනව..

    ReplyDelete
  17. බොහෝමත්ම සතුටුයි..ඒ වගේම පටන් ගත්තා වූ දේ සෑම අතින්ම සාර්ථකත්වයට පත් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  18. එළ කිරි මචං සං‍තෝසයි වැඩේට...ඉත සිතින්ම හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  19. හදවතින්ම සුබපතනවා !

    ReplyDelete
  20. දැක්ක ගමන් හිත ඇදිල යන ලස්සන ඩිසයින් ටිකක් මචං.....වැඩි දෙනෙක් බලාපොරොත්තු වෙන්නෙ මොනවද , හොයන්නෙ මොනවද කියලා උඹ නියම විදියට වටහගන තියනබව හොඳින් පෙනෙනවා..

    දිනෙන් දින දියුණුවට පත්වෙන්න කියලා හදවතින්ම ආශිර්වාද කරනවා..

    ReplyDelete
  21. උණුසුම් සුභපැතුම් අයියේ!

    බ්ලොග් ගඩොල්

    ReplyDelete
  22. උනුසුම් සුභ පැතුම් මචං. නුවර ආපු වෙලාවක එන්නම් ඇවිත් යන්න..

    ReplyDelete
  23. සුභ පැතුම් අයියා ඔයාට තියෙන්නෙ මරු අයිඩියා නෙ

    ReplyDelete
  24. හැමදා එක තැන නොඉඳ, පවුලේ, රටේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන මිනිසුන් වාසනාවන්.............


    ඔබ දෙපළගේ පැතුම් සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා අයියේ !!!!!!!!!!

    ReplyDelete
  25. මම මේ ඔයාගේ blog එකේ දාන මුල්ම comment එක.මුලින්ම ඔයාගේ ව්‍යාපාරට මුලු හදවතිනම සුබ පතනවා.මොන බාදක ආවත් දිගටම කරන් යන්න.මම නම් FB නෑ.එත් මම twitter වලින් follow කරන්නම්.ව්‍යාපාරට දාලා තියෙන නමත් නියමයි.
    @DulithDeemantha

    ReplyDelete
  26. ජය වේවා අයියන්ඩි... අනිවා සෙරෙප්පු ගන්නනම් එන්න ඕනෙ.කොහේට ආවොත්ද ගන්න පුලුවන්...

    ReplyDelete
  27. අලුතින් පටන් ගත්ත ව්‍යාපාරය හොඳින් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හරිම සතු‍ටුයි මේ ගැන. :)

    ReplyDelete
  28. කොළඹ අවටින් ගන්නත් පුළුවන් වෙයි නේද? දැනටමත් තියෙනව ද? රැල්ලට ගිහින් කීයක් හරි හම්බ කර ගන්න මොනව හරි විකුනන්නේ නැතුව මේ වගේ වෙනස් විදියට අලුත් දේවල් නිෂ්පාදනයෙන් ගොඩක් දුර ගමනක් යන්න පුළුවන් වෙයි.. සුභ පැතුම්

    ReplyDelete
  29. සුභ පැතුම් දුකා අයියේ! ඉක්මනින්ම ලංකාවේ ලොකුම ව්‍යාපාරිකයෙක් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා! :)

    මරේ : කොල්ලන්ට සපත්තු හන්දගත්තොත් උඹලා වගේ උන් ණයට සපත්තු අරං ගියාම දුකායියාට අතිං පාඩුකරං තමයි බිස්නස් කරන්න වෙන්නේ! :D

    ReplyDelete
  30. හදවතින්ම සුභ පැතුම් දුකා අයියේ. ව්‍යාපාරය හැම අතින්ම සාර්ථක වේවා. අපිත් ඕඩර් කරන්නම්කෝ..

    ReplyDelete
  31. පාවුලෝ කොයියෝ විසින් රචිත ඇල්කෙමිස්ට් (සිංහල පරිවර්ථනය - සන්තියාගෝ නම් සැරි සරන්නා) Ganna puluwan thanak kiyanawada (Sinhala)

    ReplyDelete
  32. සුබ පැතුම් දුකා භයියා! ලිෂාගෙත් ෆාගෙත් අනිත් උන්ගෙත් වැඩ මරු!

    අපේ ඉශ්කෝලෙ පොඩි උන්ට ටී සර්ට් දෙන වැඩේ මේ අවුරුද්දෙ වීරුස් කොම්පැනියට බාර දෙන්ඩ පුලුවන් වෙයි ඒ කියන්නෙ.....

    නමත් මරු... කාලෙට කැපෙනවා...!

    ReplyDelete
  33. සුබ පැතුම් දුකා , ව්‍යාපාරය දියුණු වෙන්න කියල සුභ පතනව

    ReplyDelete
  34. අයියණ්ඩියේ.. ඔන්න මගෙනුත් සුබ පැතුම්!!

    බොහෝම ලස්සනට වැඩේ පටන් අරන්.. හැමදේම පිළිවෙලට... ව්‍යාපාරයේ දුර ගමනක් යන්න ඇරඹුම ලොකුම ලොකු පිටිවහලක්,

    අනික අයියණ්ඩි කොයිතරම් හිත හොඳ කෙනක්ද කියලා මම දන්නවා.. හිත හොඳ කෙනක් වැඩක් පටන් ගත්තොත් හරියන්නේ වැහි කාලෙට බිම්මල් පිපෙනවා වගේ... අයියාගේ වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ඔන්න මමත් ප්‍රාර්ථනා කලා..

    ගෙදරටම ගෙන්නා ගෑනිමේ පහසුකම නම් බොහෝම අගෙයි... මොකද මම එක සෙරෙප්පු කුට්ටමක් ගන්න නුවර යනවා දැන් ඉතින් කෙලින්ම virooz තමා

    දන්න දන්න හැමෝටම කියන්නම්කෝ :D :D

    ඔන්න එහෙනම් ජයවේවා කිව්වා!!

    ReplyDelete
  35. උණුසුම් සුබ පැතුම් දුකා...
    සියල්ල සාර්ථක වේවා කියා පතනවා

    ReplyDelete
  36. උණුසුම් සුබ පැතුම් හදවතින්ම.

    ReplyDelete
  37. නියමයි දුකා අයියාz........ :)
    අලුත් ව්‍යාපරෙයේ වැඩ සර්වප්‍රකාරයෙන්ම සාරතකවි දියුණුවෙන් දියුණුවටම පත්වේවාz... :D

    ReplyDelete
  38. සියළුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා සුබ පතනවා දුකා අයියේ..

    ReplyDelete
  39. සුභ පැතුම් දුකා අයියා
    Buratheno කිව්ව වගේ ටීශර්ට් වැඩෙත් පටන් ගන්න ඉක්මනට
    ඒ වගේම අර ඩිස්කවුන්ට් දෙන එකත් අපිට ;-)

    ජයවේවා අයිය !

    ReplyDelete
  40. තුණුරුවනේ සරණින් මේ ව්‍යාපාරය දියුණු වෙලා දුකාටත් ලංකාවේ පදිංචියට එන්නට වරම් ලැබේවායි පතනවා මම!!!

    ReplyDelete
  41. තමන්ගේම ගමනක් යන්න මේ තබපු මුලික පියවරට දිනෙන් දින තව තවත් ශක්තිය හා දිරිය ලැබී තව තවත් නැවුම් නිෂ්පාදන කරන්නට හැකියාව ලැබී දියුණුවේ හිණි පෙත්තටම යන්නට වාසනාව උදාවේවායි.. මුළු හදවතින්ම සුබ ප්‍රර්ථනා කරමි... ජයෙන් ජය වේවා....!!!

    ReplyDelete
  42. සුභ පැතුම්..!
    සියලු දේ සාර්ථක වේවා..!
    ජය..!

    ReplyDelete
  43. සුභ පැතුම අයියෙ ....!!!

    ReplyDelete
  44. හදවතින්ම සුබපතනවා !

    ජය වේවා..........!

    ReplyDelete
  45. නියමයි දුකා ! මගෙන් සුභ පැතුම්... සපත්තු සෙරෙප්පු ටික නම් පංකාදුයි. වාට්ටුවල දුවන ඇවිදින නිසා සෙරෙප්පු සපත්තු තමයි නිතරම ගෙවෙන්නේ... වැඩිපුරම ගැනෙන්නෙත් සෙරෙප්පු. කොළඹ කිට්ටුව මේවා ගන්න තියෙන තැනක් වෙත්නම් කියන්න.

    ReplyDelete
  46. හරිම සතුටුයි..අලුත් ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල හදවතින්ම සුභ පතනවා අයියටයි අක්කටයි දෙන්නටම. :DDDDDDDD

    ReplyDelete
  47. මගෙනුත් උණුසුම් සුබ පැතුම්. ජයවේවා.........!

    ReplyDelete
  48. උඹලගේ ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා! ඊර්ෂ්‍යාකාර කැනහිලුන්ගේ ඇස්වහ කටවහ, හදි හූනියම් වලින් උඹලාට ආරක්ෂාව ලැබේවා. ව්‍යාපාරය කරගෙන යාමට රජයේ සහ අනිත් ආයතනවලින් අවශ්‍ය සහය ලබා දීමට එම නිලධාරීන්ට සිත් දේවා.
    ජයෙන් ජය! ලංකාවට ආපු දවසක එන්නම්.

    henryblogwalker the Dude

    ReplyDelete
  49. සුබ පැතුම් දුකා අයියා.....

    ReplyDelete
  50. වැඩේ හොඳම විදියට සැලසුම් කරල තියෙනවා....
    ව්‍යාපාරික ලොවේ හිනිපෙත්තටම යන්න අපෙන් සුබ පැතුම්
    ජයවේවා...!!!

    ReplyDelete
  51. සැබෑවූ සිහිනත් එක්ක තවත් දුර යන්න...
    ජය වේවා!

    ReplyDelete
  52. මගේ සුභ පැතුම් දිගු ගමනක් යන්න වාසනාව ලැබේවා!

    ReplyDelete
  53. අළුත් ව්‍යාපාරයට සුභපැතුම්...
    මේ සපත්තු ගන්න පුළුවන් ශෝ රූම් එකේ විස්තරත් දාන්න..ලංකාවෙ බ්‍රෑන්ඩ් එකක් මුළු ලෝකෙම ජනප්‍රිය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  54. ජය වේවා දුකා අයියේ!

    ReplyDelete
  55. සජීව ධනුද්ධරFebruary 27, 2012 at 12:39 PM

    මගේම එක කුස උපන් සහෝදරයෙක් බිස්නස් එකක් පටන් ගත්තා කිව්වම දැනෙන විදියේ සන්තෝෂයක් දැනුනා බං. තව මොනවා කියන්නද? ජයෙන් ජයම වේවා

    ReplyDelete
  56. මමත් අළුත් ව්‍යාපාරයට සුභ පතනවා... ඔයාලාගේ සිහිනය පැතූ ලෙසින්ම සාර්ථක වේවා...!!

    ReplyDelete
  57. නියමයි දුකා අයියා, සුභ පැතුම්, හොඳ අඩිතාලමක් එක්ක දුර ගමනක ලකුණු පේනවා..

    ජය වේවා....!!!

    ReplyDelete
  58. මචං සහ මචී,

    හරිම සන්තෝසයි උඹලගේ හීනේ හැබෑවක් උන එක ගැන. පහුගිය දවස් වල උඹේ ඔළුව ඇතුලේ තිබුනේ මේක විතරයි කියලා මම දන්නවා සහ උඹ මේකට කොච්චර රැගක් කෑවද කියලත් දන්නවා. ඒ මහන්සියේ ප්‍රථිපල හරිම ලස්සනට මල් ඵල ගැන්විලා.

    නදීෂාගේ ක්‍රියේෂන්ස් නම් කියලා වැඩක් නෑ.... මාරම ලස්සනයයි. සාමාන්‍යයෙන් මම ඔය සපත්තු, ඇඳුම් ඩිසයින් ගැන එච්චර සැලකිල්ලක් නොදැක්කුවත් මේ ෆොටෝස් දැක්කම නම් පුදුම හිතුනා.මේ ඩිසයින් වල හොඳ ඉන්ටර්නැෂනල් කොලිටි පෙනුමක් තියෙනවා....

    උඹලගේ ව්‍යාපරය දින දින දියුණුවේ හිණි පෙත්තටම නැග යාමට අවශ්‍යය ශක්තිය හා වාසනාව ලැබේවා....

    ReplyDelete
  59. සුභ පැතුම්..!
    සියලු දේ සාර්ථක වේවා..!

    ReplyDelete
  60. නියමයි දුකා අයියේ..... අලුත් වැඩේට මගෙනුත් උණුසුම් සුභ පැතුම් !!! ව්‍යාපාර කටයුතු අතිසාර්ථක වේවා !!!! ජය!!!!

    ReplyDelete
  61. හරිම සතුටුයී අයියේ,...
    තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගැනීම ගැන...
    ඇත්තටම ඒ හැම නිර්මානයක්ම සිත් ඇදගන්නා සුළුයි
    ඔන්න ඉතින් දැන් අපිටත් පහසුයී :-D

    හදවතින්ම සුභ පතනවා අයියේ.........!!!
    තව තවත් නව අදහස් පහල වෙලා සියළු කටයුතු අති සාර්තක වෙන්න කියලා......
    ජය..............!!!

    ReplyDelete
  62. සුභපතනව උපරිමයෙන්ම! සියළු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕන.

    ReplyDelete
  63. උණුසුම් සුබ පැතුම් අයියේ...

    මම මේ කල්පනා කලේ, කමිසයක් මහගන්නවද, සපත්තු දෙකක් හදාගන්නවද කියලා... :D

    ReplyDelete
  64. මගෙත් උණුසුම් සුබ පැතුම්!!!

    අපොයි සින්ඩරැල්ලාගේ සපත්තු දෙක වගේ සපත්තු දෙකක් මටත් ඕනේ.:D

    ඔය ටී-ෂර්ට් ගෑනුන්ටත්ද?

    ReplyDelete
  65. දුකා අය්යට මාව මතකද දන්නෙ නෑ
    කොහොම උනත්
    මෙන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම් !!!

    ReplyDelete
  66. සුභ පැතුම් දුකා අය්යේ...

    ReplyDelete
  67. හැම දෙනාටම බොහෝම ස්තූතියි සුභ පැතුම් වලට . . .

    අද හොඳටම නිදිමතයි, මහන්සියි . .

    නිවාඩු වෙලාවක නිදහසේ පිලිතුරු දෙන්නම් . . .

    ReplyDelete
  68. අපෙනුත් උනුසුම් සුභ පැතුම් ! ජය වේවා ...!

    ReplyDelete
  69. මාර ලස්සනයි නියමෙටම තියෙනවා මගෙන් උණූසුම් සුභ පැතුම්... කෝ ෂර්ට් දෙක තුනක පින්තූරත් දාමුකෝ අර පාවහන් ටික නම් ටොපේ ටොප් ආයේ කියන්න වචන නෑ නියමයි....

    ReplyDelete
  70. සුභ පැතුම් අයියේ.. හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  71. හදවතින්ම සුබ පතනවා සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා අයියාගෙයි අක්කාගෙයි....
    ජයවේවා..! බුදු සරණයි!

    ReplyDelete
  72. හුගක් මිනිස්සු කරන්නේ තමන්ගේ ජීවිතේට එන අභියෝගවලට උත්තර හොයන එක.
    තමන් අභියෝගයක් හදාගෙන ඒ අභියෝගේ ජයගන්න වෙරදරන මිනිස්සු ලෝකේ ගොඩක් අඩුයි.
    උඹ අයිති වෙන්නේ ඒ දෙවෙනියට කියපු කාණ්ඩේට අයියේ...

    මොන අමාරුව ආවත් වැඩේ දිගටම කරගෙන පලයං.
    අපේ රටේ සිස්ටම් එක පොඩි ව්‍යාපාරිකයන්ව නැතිකරලා දාන එක...
    අන්න එතනදි ගහක් ගලක් වගේ නොසැලී හයියට හිටපං.
    උඹලා වගේ අභියෝග හොයාගෙන යන මිනිස්සු තමා අපේ රටට ඕනේ.

    ජය වේවා!!!

    ReplyDelete
  73. ජය වේවා අයියේ...මේ කාලේ බිස්නස් කරන්න අමාරු තමයි..ඒ උනාට හිත තියෙනවනම ඕන එකක් කරන්න පුළුවන්...දිනෙන් දින සාර්ථකත්වයට යන්න පුළුවන් වේවා !!!

    ReplyDelete
  74. සිරාවටම සිරා දුකා අයියේ... මගෙනුත් හදවතින්ම සුබ පැතුම්.... අපිටත් (මං කිව්වේ මගේ වයිෆ්ට) එහෙනං හොඳ සපත්තු කුට්ටමක් දෙකක් හදා ගන්ඩ පුළුවන් වෙයිනේ..

    ReplyDelete
  75. සුභ පැතුම්..!!
    දැනුයි මේ පැත්තට එන්න හම්බ වුනේ.
    සියලුම දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..!!
    :)

    ReplyDelete
  76. සුභ පැතුම් අයියේ...

    ReplyDelete
  77. සුභාෂ් අය්යා,

    මුලින්ම හදවතින්ම ප්‍රර්ථනා කරනවා ඔයාගේ VIROOZ Company එක දියුණුවෙන් දියුනුවටම පත් වෙන්න කියල.
    හිතේ කහටක් නැති, ඕනෑම කෙනෙකුට උදව්වක් කරන්න පැකිලෙන්නේ නැති ඔයාට කවදාවත් වරදින්නේ නෑ.
    කාගෙන් ඇහුවත් "සුභාෂ්" ගැන කව්රුත් කියන්නේ "එල කොල්ලෙක්" කියල. එතකොට මමත් "ඒ මගේ අය්යා" කියල ආඩම්බරෙන් කියන්නේ.
    එයාටම හරියන භාර්යවකුත් එයට ලැබිල තියෙද්දී, මොන දේද හරි යන්නේ නැත්තේ...
    කාගෙන්වත් ඇස්වහක් කට වහක් එන්නේ නැතිව VIROOZ ලංකාවේ අංක එකේ Company එකක් වෙනවා කියල අපි දන්නවා...එකේ දෙකක් නෑ..

    ප. ලි. මේ බ්ලොග් එක මට හදුන්වල දුන්නෙත් සුභාෂ් අය්යා කියලත් ආඩම්බරෙන් කියන්න ඕන....

    අරවින්ද.

    ReplyDelete
  78. ඔන්න දුකෝ මම ඇඩ් එක දැම්මා... නොවරදවා මාසේ පේමන්ට් එක එකවුන්ට් එකට දාපං

    ReplyDelete
  79. ව්‍යාපාරික ලෝකයේ ඉහලටම යන්න සුභපැතුම් දුකා අයියා.

    ReplyDelete
  80. මුළු හදවතින්ම සුභ පතනවා අයියේ ඔයාලා දෙන්නගේ අද හිටෙව්ව පුංචි පැලේ මහා වනස්පති වෘක්ෂයක් වේවා කියලා.... ජයෙන් ජයම වේවා... බුදුසරණයි....!!!

    ReplyDelete
  81. machan mama .........bolg kiyawanawa......aththatama sira....wish u all da best frnd

    ReplyDelete
  82. දයාබර මල්ලී, නංගී සහ විරුල් පුතාට අපගේ සුභ පැතුම්. ඔබලා මේ තැබු පියවර සර්වප්‍රකාරයෙන්ම සාර්ථකවේවායි පතන අතරම නුදුරු අනාගතයේදී එම නිපැයුම් මිලදී ගැනීමටද අප අදහස් කරමු. ඔබලා තැබු මෙම පියවර එවැනි උපන් හැකියාවන් ඇති අපගේ අනෙකුත් මිතුරු මිතුරියන්ටද ආදර්ශයකි. ඔබලාට සුභ ගමන් !

    ReplyDelete
  83. හදවතින්ම සුබ පැතුම් දුකා අයියා

    ඒ වගේම මම ප්‍රාර්ථනා කරනවා ඔය බ්‍රෑන්ඩ් එක සහිත ඈඳුමක් අපිටත් අඳින්න වාසනාව ලැබෙයි කියලත් මම හිතනවා . එතකොට බැරියැ දකින් එවුන්ට මේ මම දන්න කියන කෙනෙක්ගේ ඇඳුම් කියලා කට පුරා කියන්ඩ .

    ඉතින් බ්ලොග් එකෙන් මහ ලොකු දුරක් ආවා වාගේ ඔය පටන්ගත්ත්ත වැඩෙත් කල්ප කාලාන්තරයක් කරගෙන යන්ඩ වාසනාව ලැබෙන්ඩ ඕනෙ .

    ReplyDelete
  84. බොක්කේන්ම සුබපැතුම් සුබශ් අය්යේ.. රොශන් මල්ලි

    ReplyDelete
  85. මගෙනුත් සුබ පැතුම්.
    හැබැයි මොකෝ අර ලෝගෝ එකේ V අකුරු දෙකක්. රතු පාට එකක තියලා, අනිත් එක අයින් කලා නම් හොද නැද්ද?

    ReplyDelete
  86. ඉක්මනින්ම අපිටත් ඇදුමක් ගන්න ලැබේවා,,,දිගු ගමනකට මගෙන් සුභ පැතුම්!!!

    ReplyDelete
  87. සුභ පැතුම්!!! සියලුම දේ සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා, අපේ ගෙදර උන්දලාගේ order එක මග එනවා. ...

    ReplyDelete
  88. අයියේ උඹ දක්ශයෙක්. නදීශ අක්කත් දක්ෂයි. මම දැන් මොනවත් නොකියා ඉන්නම්. මම අවුරුද්දකින් උඹලාට කතා කරන්නම්. මම තුන් සිතින්ම විශ්වාස කරනවා එදාට උඹ කියයි මල්ලි බිස්නස් එක ගොඩක් උඩට ඇවිත් තියෙන්නේ කියා. එදාට අපි සතුටු වෙමු..:D
    අදට සුභ පැතුමක් එකතු කරලා යන්නම්.....!!!!
    සුභ පැතුම් අයියේ.....!!!!

    ReplyDelete
  89. ඉතාම සතුටුදායක ආරංචියක්...දියුණුවේ ඉහලම හිණිපෙත්තට යන්න ශක්තියත් ධෛර්යයත් ඔයාලා දෙන්නටම ප්‍රාර්ථනා කරන්නේ, අවශ්‍ය ඕනෑම දේකට අපේ උදව්වත් ලැබෙනවා කියන පණිවිඩෙත් එක්කමයි.
    අර අනිත් link එක ගැන මම ලිශාට කිව්වා...ඒ අදාළ අයටත් කතා කළා...ඒ පැත්තෙනුත් කරන්න පුළුවන් දෙයක් කරමු.

    ReplyDelete
  90. මම හොදම වෙලාවට ඇව්ත්.
    හරිම සතුටුයි...දුකා අයියා.
    ව්‍යාපාරික ලොවේ...හිණිපෙත්තටම යන - ව්‍යාපාරයක - සාඩම්බර හිමිකරුවෙක් වෙන්න වරම් ලැබේවා යයි .... හදවතින්ම පතනවා.

    ReplyDelete
  91. ජය වේවා දුකා අයියයේ... අපිත් ඇදුම්, සපත්තු එහෙම ගන්ඩ ආවම පොඩි ඩිස්කවුන්ට් 1ක් දාලා එහෙම දෙන්න ඕන හොදද..

    ‍‍ජේ හෝ...!!

    ReplyDelete
  92. වාසනාවේවා! ව්‍යාපාරයට කිරි ඉතිරේවා!
    අයියේ එතකොට ක්‍රෙඩ්ට් කාඩ් ඕනද බඩු මෙහේට ගෙන්න ගන්න.

    ReplyDelete
  93. උණුසුම් සුබ පැතුම් මගෙන්.....!!!!!!!

    ReplyDelete
  94. ආදරණීය විරුල් පුතාගෙ නම සිහි කරලා ආරම්භ කරන මේ කටයුත්ත සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවි.

    ReplyDelete
  95. උඹට ( උඹලට ) වරදින්නෙ නෑ මචං...කමෙන්ට් එකකට එහා ගිය යමක් කරන්න මම උඹට හෙට අනිද්දම කෝල් එකක් දෙන්නං. ජය!

    ReplyDelete
  96. ජයෙන් ජයම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
  97. සියලු කටයුතු සාර්ථක වේවා. ජයෙන් ජයම වේවා අයියා!! :)

    ReplyDelete
  98. සුභ පැතුම් අයියා . . .
    ඔන්න අපේ ගෙදරින් ඕඩරේ ඇවිල්ල ඇති.

    ජය වේවා !!

    ReplyDelete
  99. උණුසුම් සුභපැතුම් මචෝ... මේ නම කවදා හෝ ලංකාවේ ජනප්‍රියම බ්‍රෑන්ඩ් නේම් එකක් කරන්නට වාසනාව හා ශක්තිය ලැබේවායි පතන්නම්...

    ReplyDelete
  100. @පන්සල් හංදිය - කල්හාර!
    සුබ පැතුම් වලට බොහෝම ස්තූතියි මල්ලී.
    අනිවා අනිවා ගෙදරට ම එවන්න තම අපේ ප්ලෑන් එක.

    @ඔබා මාමා අයියා
    බොහෝම ස්තූතියි අයියේ.

    @මාතලන්!
    ස්තූතියි මචෝ . . උඹේ බ්ලොග් එකේ මේ ගැන දාපු ඇඩ් එකටත් ස්තූතියි.

    @ආයුබෝවන්ඩ!
    හොඳා හොඳා ස්තූතියි ඔයාටත්.

    @බින්දි!
    ස්තූතියි ඈ . . දැනට ඔන්න මූනු පොතෙන් බලලා ඕඩර් කරන්න පුලුවන්. අපි තැපෑලෙන් එවන්නයි හිතුවේ ඕන රටකට.

    @මරේ!
    පොඩ්ඩක් හිටපන් බන් හදිසි වෙන්නේ නැතුව . .එක පාරටම උඩ පඩිවලට යන්නේ කොහොමද බන් පහල ඒවා ට අඩිය නොතියා.

    @පිස්සා පලාමල්ල!
    බොහෝම ස්තූතියි මල්ලී. අරයට සපත්තු යවනන් අදහසක් නැතෙයි?

    @ගල්මල්-ඩීන්!
    බොහෝම ස්තූතියි සහෝ . . !

    @හසිත මදුශංක!
    ගොඩක් ස්තූතියි මල්ලී. අහ් නංගීට පෙන්නුවේ නෑ නේද තාම අපේ ෆේස් බුක් පේජ් එක? කැතයි හොඳේ

    @අභීත!
    තැන්කූ අබියා . .

    @බුරා!
    එල එල පොඩ්ඩක් හිටහන් . . හොඳ රෙඩි ගන්න අමාරු ප්රනශ්නයක් තියෙනවා. ඩුබායි වලින් අරන් ගිහින් කරපු කියලා අපි කතා වුනා. බලමු. එතකන් ගෑනු ළමයට සෙරෙප්පු ටිකක් ඕඩර් කරපන් අපි තැපෑලෙන් එවන්නම්. ඊයේ යාලුවෙක් කිව්වා නෝමල් පෝස්ට් යවන්න කිලෝ එකටම රුපියල් 1,500යි ඒ නිසා එහෙම එවන්න කියලා.

    ReplyDelete
  101. @තිසා!
    බොහෝම ස්තූතියි මචෝ . .
    අනිවා අනිවා ඒක අපිට ලොකු හයියක්.

    @ගිම්හානි!
    ස්තූතියි ගිම්. ෆේස් බුක් එකේ තියෙනවා ඔක්කෝම කලක්ෂන් එක. බලලා ඕඩරයක් දාන්නකෝ . .අපි තැපෑලෙන් ගෙදරටම එවන්නම්.

    @බට්ටා!
    ස්තූතියි බට්ටා

    @රාජ්!
    ස්තූතියි මල්ලී.

    @පැන්ඩා!
    කිරි අත්තම්මටත් ස්තූතියි කිව්වා කියන්න ඈ.
    උඹටත් ස්තූතියි. පැන්ඩිට සපත්තු අරන් දෙන්නේ නැද්ද අපෙන්?

    @මාරයා!
    තැන්කූ මාරයෝ .. .

    @ඔබ නොදු‍ටු ලොවක්!
    බොහෝම ස්තූතියි මචං . .

    @ලොකු ජෝන්!
    තැන්කූ ලොකු ජෝන්

    @ලකී සිරි !
    ස්තූතියි මචං . . ඔව් ඔව් නදීෂා මාකට් රික්වයාමන්ට් ගැන හොඳ අධ්යනයනක් කරනවා. වැඩියෙන්ම එයා අසා මොනවගේ ඒවටද - ඒවා හදනවා. එහෙමයි වෙන්නේ.

    @බ්ලොග් ගඩොල්!
    බොහෝම ස්තූතියි මල්ලිලා!

    @තාරක!
    අම්මෝ කාලෙකින්. අපිව අමතක නොවී තිබ්බ එකම මදෑ. ශෝ රූම් එකක් නෑ බන්. ඉල්ලුමට අනුව සැපයුම (හදලා දෙන්න ) යි බලාපොරොත්තුව.

    @ගුණේ අයියා
    මගේ විතරක් නෙමේ අප්පා අපි දෙන්නගේම අයිඩියා. වැඩ නම් අපේ උන්දෑගේ. මට තියෙන්නේ අයිඩියා කෙරෙන විදිහකට එලියට ගන්න තමා.

    @රන්දුනා!
    තාම අපේ ෆේස්බුක් පේජ් එක පැත්තේ ගියේ නැතෙයි? ඕඩර් කලොත් ගෙදරටම තැපෑලෙන් එවන්නම්.

    ReplyDelete
  102. @දුලිත්!
    බොහෝම ස්තූතියි.
    මේ නම හැදපු හැටි ගැන අපූරු කතාවක් තියෙනවා.
    ඒක ලඟදීම ලියන්නම්

    @නිසුපා!
    ඔයාට ඕන කරන ඩිසයින් තියෙන නම් ස්කෙච් කරලා එවනන් නංගී. අපි හදලා දෙන්නම්. දැනට ගන්න තියෙන හොඳම තැන නම් අපේ ෆේස් බුක් ෆෑන් පේජ් එක මොකද අපි ශෝ රූම් එකක් කරන්න අදහසක් නෑ. ඕඩර් කලාම ගෙදරටම තැපෑලෙන් එවන්න පුලුවන්.

    @කින්නරාවි!
    තන්කූ නංගී . . . පාසැල්ට කිව්වොත් අපේ සපත්තු කුට්ටම් හතරක් පහක්ම අරන් දෙයි . .කියල බැලුවේ නැද්ද? හික්ස්

    @තුසිත(දිමා)!
    තැන්කූ තැන්කූ

    @පැතුම් හේරත්!
    කොහේවත් ශොප් එකක් දානන් අදහසක් නෑ. පුතා ලඟ ඉන්න බැරි වෙනවනේ. ඒ නිසා ගෙදර ඉඳන් හදන්නේ. ඕඩර් කලාම හදලා ගෙවල් ව්ලට තැපෑලෙන් යවන්නයි අදහස. ෆෙස්බුක් එකේ තියෙනවා දැනට කරපු ඔක්කෝම ඩිසයින් ටික.

    @පූසා !
    නෑ නෑ මල්ලී . . ලොකුම ව්යා පාරිකයෙක් වෙන්න කිසිම අදහසක් නෑ. හොඳම දේ පාරිභෝගිකයින්ට දෙන ව්යාෑපාරිකයෙක් වෙන්න පුලුවන් නම් ඒ ඇති.
    හම්බවෙයි නිකම්. . . හික් හික් හික්

    @පිණිබිඳු!
    ස්තූතියි නංගී . . හරි එහෙනම් ඕඩරේ දාන්නකෝ . . අපි එවන්නම් ගෙදරටම.

    @ඇනෝ!
    නුගේගොඩ සරසවි එකේ බලන්න.

    @බුද්ධි!
    ෆා උදව් කාරයා කුෂා තමා පික්ස් ගත්තේ බන්.
    අනිවා අනිවා . . දෙන්න දෙන්න අපිට දෙන්න අපි සිරාවට කරලා දෙන්නම්.
    විරූස් නම ගැන වෙලාවක පෝස්ට් එකක්ම ලියන්නම්.
    ස්තූතියි ඈ . .

    @ලස්සන ලංකා!
    බොහෝම ස්තූතියි මචං . . කාලෙකින්.

    @සුදු හංසී!
    බොහෝම ස්තූතියි නංගී .. ඔව් ඔව් දන්න දන්න අයට කියන්න. හැමෝටම අපේ පේජ් එකේ ලින්ක් එක යවන්න.
    ඕඩර් කලාම බඩු ගෙදරටම . . සිම්පල් ප්ලෑන් එකක්. . .

    @ලොකු පුතා !
    බොහෝම ස්තූතියි ලොකු පුතා

    ReplyDelete
  103. @ප්‍රසන්න!
    බොහොම ස්තූතියි ප්‍රසන්න.

    @ජේ.ඩී!
    තැන්කූ මලයෝ

    @නලින්
    ස්තූතියි මල්ලී. ඔයාගේ යාලුවන්ට දෙන්න අපේ ලින්ක් එක හොඳේ.

    @සහෝදරයා!
    තැන්කූ මල්ලියෝ . . .ඔහේ ඉන්න යාලුවන්ට උනත් එවන්න ඇහැකි . . කතා කරලා බලන්නකෝ . .

    @තනෝජා!
    ඔව් අප්පා . .දැන් මෙහේ හිටියා ඇති.
    ස්තූතියි සුභ පැතුම් වලට.

    @ලක්ෂි!
    බොහෝම ස්තූතියි සුභ පැතුම් වලට.

    @ලිෂාන්!
    උඹත් හිටි හින්දා කිසි ගිනන්ක් නැතුව පිලිවෙලට වැඩ ටික උනා. තැන්කූ ඈ

    @රුචා!
    තැන්කූ තැන්කූ ඈ . . අර ඕඩර්ස් වලටත් තැන්කූ

    @නිෂ්!
    ස්තූතියි මචං

    @අනිත්කොණ!
    නෑ නගේ. එහෙම ශොප් එකක් නෑ. ෆේස්බුක් ෆෑන් පේජ් එකේ බලල ඕඩර් කලාම ගෙදරටම පෝස්ට් එකේ එවන්න තමා ප්ලෑන් එක.

    @පබලු!
    බොහෝම ස්තූතියි නංගී . . ඔයාගේ ව්යා්පාරයටත් අපේ සුභ පැතුම්.

    @කිරි පුතා!
    තැන්කූ කිරි . .

    @ඩූඩ්!
    අනෙ නෑ බන් මම හිතන්නේ නෑ එහෙම උන් ඉඳී කියලා අපිට.
    බොහොම ස්තූතියි සුභ පැතුම් වලට.

    @අවංක පැට්ටා!
    බොහෝම ස්තූතියි මල්ලී

    @සුමිත් නිරිඇල්ල!
    බොහෝම ස්තූතියි මචං

    @චේජනා !
    බොහෝම ස්තූතියි නංගී. අහ් අපිට ජපානෙට උනත් එවනන් පුලුවන් හොඳේ . .

    @හරී !
    බොහෝම ස්තූතියි නංගී. ඒක නෙමේ ඕඩරයක් දාන්නේ නැතෙයි?

    @රූ!
    ශෝ රූම් එකක් නම් නෑ. අපි ෆේස්බුක් පේජ් එකේ පින්තූර දාලා ඕඩර්ස් අරගෙන ගෙදරටම තැපල් කරලා එවන්න තමයි හිතුවේ.
    සුභ පැතුම් වලට ගොඩක් ස්තූතියි.

    ReplyDelete
  104. @පරිකල්පන!
    බොහෝම ස්තූතියි සුභ පැතුමට

    @සජීව ධනුද්ධර !
    දැකලා වත් නැති අයගෙන් ලැබෙන මෙහෙම සුභ පැතුම් ම ජයග්රඒහනයක් අප්පා.
    බොහෝම ස්තූතියි

    @මියුරු!
    බොහෝම ස්තූතියි මියුරු ඔයාටත්

    @නචියා !
    ස්තූතියි නචීයෝ

    @දුමී!
    තැන්කූ දුමියෝ . .
    ඔව් නදීෂා හරිම ක්රිරයේටිව්. ඕනෑම දෙයක් එක පාරක් දැක්කෝත් එයාට ඒක කරන්න පුලුවන් තරම් දක්ෂකමක් තියෙනවා.

    @රොයිලි!
    බොහෝම ස්තූතියි මල්ලී

    @ඊ මේල් කවිකාරි!
    බොහෝම ස්තූතියි අක්කේ.

    @ගොඩයා !
    තැන්කූ මල්ලියෝ . . .අහ් අම්මට අවුරුද්දට තෑගි යවනවනම් ඔන්න ඈ ..

    @අහිංසකි !
    බොහෝම ස්තූතියි නංගියෝ සුභ පැතුම් වලට.

    @රාජ්!
    බොහෝම ස්තූතියි රාජ්

    @වාසල!
    දැනට අම්මට අක්කල නංගිලට සපත්තු සෙරෙප්පු අර ගනින් . . කමිස පිරිමි සපත්තු හදන කාලෙට උඹට ගනින් . .

    @පොඩ්ඩී!
    සින්ඩරෙල්ලගේ සපත්තුවේ ඩිසයින් එක එව්වොත් හදලා දෙන්න පුලුවන්.
    ටී ෂර්ස්ට් පසුවට දැනට ලේඩීස් සැන්ඩ්ල්ස් සහ ස්ලිපර්ස් . . ෆේස් බුක් එකේ බලන්නකෝ

    @Dragan D
    මතක නැතුව මොකෝ බන්. මම මේ 2012 ඉවර වෙනකම් ඉන්නේ උඹව අල්ල ගන්න.

    @කැළණිතිස්ස!
    ස්තූතියි කැළණිතිස්ස

    @වෙනී!
    තැන්කූ වෙනී . .මේ උඹේ යාලු ගෑනු කස්ටියට අපේ ලින්ක් එක දීපන් හොඳේ . . .

    @ගැමියාගේ පත් ඉරුව !
    දැනම ෂර්ට් කරන්න බැරි තත්වයක් තියෙනවා මලේ. ඒවා පසුවට. දැනට මේ ටිකෙන් පටන් ගත්තා.
    අම්මට සහෝදරියන්ට එහෙම පෙන්නන්නකෝ . .

    @දිනේෂ්
    බොහෝම ස්තූතියි දිනේෂ්

    @හසී!
    තැන්කූ නගේ . .ඒක නෙමේ ඕඩරයක් දාන්නේ නැතෙයි?

    @රනා!
    තැන්කූ රනා, උඹේ වචනත් ලොකු හයියක්. උඹලා ඉන්නවනේ උදව්වට ?? බලමු ඉතින් නේද. .

    ReplyDelete
  105. හදවතින්ම සුබ පතනව දුකා අයියෙ.....
    දියුනුවෙන් දියුනුවටම පත්වෙන්න හැකියාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා අයියටයි නදීශා අක්කටයි දෙන්නටම....
    (poddi- Last row)

    ReplyDelete
  106. @චම්මා!
    බලමු නේද මල්ලී . . . බිස්නස් නම් ඉතිං කොයි කාලෙත් අමාරුයි තමා . .කිව්වත් වගේ බලමු උත්සාහ කරලා.
    ස්තූතියි මල්ලී.

    @ජීව්!
    ස්තූතියි මල්ලී. . ඔව් ඔව් අනිවා අනිවා . . ෆේස් බුක් එකේ බලලා ඕඩර් කරන්න. අපි ගෙදරටම එවනවා.

    @ඇන්ෂ්
    තැන්කූ ඈ . . කෝ ඕඩරයක් දාන්නේ නැද්ද උඹ?

    @ගෝල්ඩ්ෆිෂ්!
    තැන්කූ මල්ලී . .

    @අරවින්ද!
    මටත් සංතෝසයි මල්ලී උඹ අද හොඳ තැනක ඉන්න මට මුලදීම උදව්වක් කරන්න හැකිවීම ගැන. මගේ කසින් කෙනෙක් විදිහට උඹත් ටික කාලෙකින් ලබපු ජය ගැන මට සතුටුයි. ස්තූතියි සුභ පැතුම් වලට.

    @මාතලන්
    තැන්කූ වේවා මචෝ
    එකවුන්ට් නොම්මරේ හරි ඇඩ්රලස් එක හරි එවපාන් හික්ස්

    @සිතුවිලිමන්ඩිය
    බොහෝම ස්තූතියි මල්ලී .. .

    @ඉන්දික සඳරුවන්!
    බොහෝම ස්තූතියි ඔයාටත් මල්ලී .. .

    @කුෂ් !
    තැන්කූ මලයෝ . . .

    @වීරා!
    ස්තූතියි වීරා . .

    @ජෝර්ජ් අයියා!
    ගොඩක් ස්තූතියි අයියේ සුභ පැතුම් වලට.

    @සඳරු!
    ගොඩක් ස්තූතියි මලයෝ . . අනිවා අනිවා . . අපි ඔක්කෝම ජාති වල ඇඳුම් මහන්න තමා ප්ලෑන් එක. ඕන නම් දැනට අම්මට නංගිට සපත්තු ඕඩර් කරන්න පුලුවන්. . . හෙ හෙ හේ

    @රොෂාන් මල්ලී!
    තැන්කූ මල්ලියෝ . . . උඹලගේ උදව් මට හෙන ශක්තියක්

    @ඇනෝ!
    ස්තූතියි සුභ පැතුම් වලට. වී අකුරු දෙකක් යූස් කලේ ලෝගෝ එක පොඩියට දාන තැනක දී රතු පාට වී අකුර විතරක් දාන්න බලාගෙන.

    @ඉතාලි දිලාන්!
    අනිවා අනිවා . . උඹලට හරියන ඒවා මහන කම් ගෙදර අයට තෑගි යවන්න හිතන්නේ නැද්ද මල්ලී. . .

    @සුමුදු(සුදු මුවා) !
    බොහෝම ස්තූතියි සුමුදු . .. හරි කොහේටද ඕඩරේ යවන්නේ . . ඊමේල් එකටද?

    @ප්‍රියා!
    තැන්කූ මල්ලී . .. ඒ කියන්නේ තව අවුරුද්දක් යන කම් මුන ගැහෙන්න බලාපොරොත්තුවක් නැද්ද . . හික්ස්

    ReplyDelete
  107. @සචී!
    එල එල අනිවා අනිවා . . ඔයාලගේ සහයෝගය සුපුරුදු පරිදි දිගටම ඕන.
    අහ් ඒ ගැන කතා කරන්න ඕන. වෙලාවක ස්කයිප් එන්න.

    @නිල් අහස!
    බොහෝම ස්තූතියි මල්ලී සුභ පැතුම් වලට

    @මිස්ටර් සිති!
    අනිවා අනිවා .. . ඩිස්කවුන්ට් එකක් මොකෝ දෙකක්ම දාලා දෙන්නම් . . හික්ස්
    ස්තූතියි සුභ පැතුමට . .

    @බට්ටි !
    තාම ක්රෙිඩිට් කාර්ඩ් වලින් බඩු ගන්න පහසුකමනෑ බට්ටි. ෆේස්බුක් එකේ කෑම්ති ඩිසයින් එක සිලෙක් කලාම අපි එකවුන්ට් නොම්මරේ දෙන්නම් ඒකට සල්ලි දැම්මම අපි සපත්තු හදලා ගෙදරටාම් එවනන්ම් තැපෑලෙන්.

    @අලුත් කොල්ලා!
    තැන්කූ මල්ලී

    @නීනු!
    ස්තූතියි නීනු. නම හැදුනු හැටි ගැන වෙලාවක කියන්නම්කෝ . . කෝ එක නෙමේ ඕඩර් කරන්නේ නැද්ද? ම්ම තාරකට කියන්නද?

    @ඉන්දික උපශාන්ත !
    ස්තූතියි මචෝ . . දැනට මේ ටිකත් ලොකු හයියක් මචං . .

    @සෙනරත් බණ්ඩාර!
    බොහෝම ස්තූතියි සෙනරත් . .

    @චන්දික!
    බොහෝම ස්තූතියි මල්ලී . .

    @ඕනයා!
    තැන්කූ වේවා හොඳේ . . අපි ඒව ගෙදරටම එවනන්ම්කෝ . .

    @බීට්ල්!
    බොහොම ස්තූතියි මචෝ සුභ පැතුම් වලට . ..

    ReplyDelete
  108. පරක්කු වෙලා ආවත් හදවතින්ම සුබ පතනවා අයියේ.. ජයෙන් ජය...

    ReplyDelete
  109. මනුස්සකම පිරුණු මිනිසුන්ට වරදින්නේ නැහැ අයියේ... මේ සයිබර් අවකාශයේ සැරිසරන අයගෙන් එහෙම මනුස්සකම පිරුණු කෙනෙක් තමා අයියත්... ඒ හන්දා ඔයාලට කවදාවත් වරදින්නේ නැහැ... හැමදාමත් වගේ පරක්කුවෙලා හරි මගේ හෘදයාංගම සුපැතුම් එක් කරනවා...

    ඩිසයින් ටික නං බැලුවා... ඇත්තටම හරිම ලස්සනයි... කහ කිරිල්ලිවත් හිටියනං ඇත්තටම ඕඩර් කරනවා...

    ඒත් මේ ගැන නං පස්සේ වෙලාවක අයියගෙන් දැනගන්න ආසා හිතුණා...
    "නිවාස සැලසුම් (House Plan), නිවාස ඇතුලත අලංකාර කිරීම් සැලසුම් (Interior Design) සහ උද්‍යාන සැලසුම් කිරීම (Landscape Design) තවත් අංගයක්. 1995 සිට 2000 වෙනකම් මම මේ දේවල් රැකියාවක් ලෙසට කලත් 2000න් පසු කරපු සියලුම වගේ නිර්මාන කලේ හිතවත් කමට නොමිලේ (ඒ වෙනුවට තෑගි බෝග එහෙම ලැබිලා තියෙනවා) - ඒත් මින් මතු අපේ ඒ නිර්මාණ හැකියාවනුත් ආයතනයේ නමින් මුදලට ලබාදෙන සේවයක් ලෙස කරන්න අපි තීරන කලා."

    මොක ද දැනට මගේ ජීවිතේ ඉතිරිවෙලා තියෙන එකම එක හීනේ හැබෑ කරගන්න ඒක ලොකු පිටිවහලක් වෙයි කියල හිතෙන නිසා...

    ජයෙන් ජය !!!

    ReplyDelete
  110. සතුටුම සතුටුයි අයියා... සමාවෙන්න ඕනා... දැනුයි දැක්කේ මේක...
    සතුටු විතරක් නෙවි අයියා.. ආඩම්බරයි.... !!! සහ ඔන්න මම සහ අපේ ඔපිසියෙ ගෑනු පිරිමි ලමයින් එනවා ඈ ඔයාලගෙ සේවය ලබාගන්න. හෙ හෙ....

    ජයෙන් ජයම වේවා !!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  111. මගෙනුත් ඔයාටයි අක්කාටයි උණුසුම් සුභ පැතුම්... දිගු සාර්ථක ගමනක් යන්න ලැබේවා කියල හදවතින් ම ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  112. පහුෙවලා දැක්ෙක්.......ජයෙව්වා දුකා.......................

    ReplyDelete
  113. එන්න හුඟාක් පරක්කු වුනා... උඹ ඉතින් දන්නවනෙ හේතු කාරනා... වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා... !
    අලුත් එකෙන් කොටපු පලවෙනි කොමෙන්ටුව ඕං...

    ReplyDelete
  114. අළුත් ව්‍යාපරයට උණුසුම් සුභපැතුම් දුකා අයිය :)

    ReplyDelete
  115. දුකා අයියේ, අලුත් ව්‍යාපාරයේ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්ඩ කියල ප්‍රාර්ථනා කරනව!!
    පෙම්බරයයි මමයි දෙන්නත් හිතමින් ඉන්නව කවද හරි අපේ ම දෙයක් පටන්ගන්ඩ ඒනෙ කියල... ඒක කරන එක දවසකින් හරි ඉස්සර වෙයි මේ ආරංචිය නිසා!!

    ReplyDelete
  116. සුභපැතුම් දුකා අයියේ. හා හා පුරා කියල පටන් ගනිපු මේ ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ! හිත හොඳ මිනිසුන්ට වරදින්නෙ නෑ.

    ReplyDelete
  117. නියමයි..දියුණුවෙන් දියුණුවට පත්වේවා කියල පතන්නම්.. පෙන්නලා බලමුකෝ ඇඹේනියට එහෙම..

    ReplyDelete
  118. අයියට මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනව මේ කටයුත්ත ගොඩාක් සාර්ථක වෙන්න කියල..සමාවෙන්න ඕන පරක්කු උනාට.. අනිවාර්යෙන් නෝන පොඩ්ඩට දෙන්න පත්තු දෙකක් ඕඩර් කරන්න ඕන.. :)

    ReplyDelete
  119. ජයෙන් ජය වේවා!!!! ලෝක පූජිත වේවා!!!!

    ReplyDelete
  120. සුබ පැතුම්!! දුකා..

    ReplyDelete
  121. මගෙන් සුබපැතුම් අයියාගේ ව්‍යාපාරය සාර්ථකව දියුනුවෙන් දියුනුව කරා යන්නට.

    ReplyDelete
  122. අයියා මේකට කමෙන්ට් එකක් දාන්න පහු කලේ හිතාමතා නෙවෙයි මේක කියවපු ගමන් මගෙ හිතේ හැංගිල තිබ්බ පරණ අදහසකට ආපහු පණ ආවා. දවස් ගානක් කල්පනා කලා. දැන් මම පොඩි අඩිපාරකට වැටිල ඉන්නෙ. ඒක ගුරු පාරක් කර ගන්න මම වැඩ කරන්න පටන් ගත්තා. අයියටයි අක්කටයි පින් මේ වගේ ලස්සන දෙයක් පටන්ගෙන ඒකෙන් මාවත් දිරිමත් කලාට. ආයෙ ආපහු හැරෙන්නෙ නෑ අයියේ අයියල පස්සෙන්ම මේ නංගිත් එනවා. පුතු පැටියගෙ ඔයාලගෙ අනාගතේ වෙනුවෙන් මේ කරන දේවල් වලට දළදා හාමුදුරුවන් ගෙ සරණින් හැමදාම දියුණුවෙන් දියුණුවට පත් වේවා කියල පතනවා.

    ReplyDelete
  123. හදවතින්ම සුභ පතනවා..අයියේ.

    ReplyDelete
  124. සුභම සුභ පැතුම් අයියා :) කෝ අපිට සෙරෙප්පු, කමිස වගේ නැත්දෝ ? මමත් මේ දවස්වල සෙරෙප්පු හොය හොය ඉන්නේ :)

    ReplyDelete
  125. සුභ පැතුම් දුකා අයියේ.. අපිත් එන්නම්කෝ ඒ පැත්තේ එන වෙලාවක ඇඳුම් ගන්න.. :)

    ReplyDelete
  126. Apoyi Nuwara neda?
    ela ela...
    matath oya asawa thiyanawa....
    mage ewa manma hadaaganna,
    ehenam matath puluwan weyi monawa hari ona wunoth ganta,
    post eka digayi....
    okkoma kiyerwwe nae :)
    suba pathanawa buisness ekata....

    ReplyDelete
  127. සුභ පැතුම්...

    ඉම්මනට අපිටත් සපත්තු/ සෙරෙප්පු හදන්නෝ...

    ReplyDelete
  128. Hope you can get an idea when you develop your website. Wish you all the best.

    http://www.noleath.com/noleath/

    ReplyDelete
  129. මෙව්වා තමයි වැඩි වැඩියෙන් වෙන්න ඕනේ
    ලංකාවේ market එකම aim කරන් නැතුව පිටටත් යන්න බලහන්
    අලුත් ව්‍යාපාරයට හදවතින්ම සුබපැතුම් :)

    ReplyDelete
  130. wish you all the best......

    ReplyDelete
  131. දුකාගෙ බ්ලොග් එකට ආව ගියාට අද තමා දැනගත්තෙ දුකා අපෙ ගම් පලාතෙම කෙනෙක් කියල. සියල්ල සාර්ථක වේවා! ජයවේවා!

    ReplyDelete
  132. සිරාවටම අය්යා පට්ට කතාව.ලන්කාවේ ඔක්කෝටම මේ කථාව යවන්න.ඇස් වලට කදුලු වැටෙනවා.ආදරය ගැන විශ්වාසයක් හටගත්තා වෙනදාට වඩා.මෙහෙම බලද්දී අපි මහ මෝඩයො අය්ය.සිරාම කථාව.මට මේක මේල් කරන්න upakaralanka@gmail.com

    ReplyDelete
  133. මම නම් ඉතිං දුකා අයියා ගැන දන්නේ දුකා අයියා කියලා නෙවෙයි කියලා අයියා දන්නවනේ... මම බිස්නස් එක ගැනත් දැන ගෙන හිටියා.... හැබැයි අදයි මේ පෝස්ට් එක අහුවුනේ.... මාත් බිස්නස් එකක් දෙන්නයි හිතාගෙන ඉන්නේ.... හි හි.... බලමුකෝ ....

    මේ වගේ උත්සාහවත්ත දෙන්නෙක් සාර්ථක නොවී කොහොමද... මෙන්න මගෙනුත් සුබම සුබ පැතුම්....

    දුකා අයියත් අපේ ගෙවල් පැත්තේ කියලා දැන ගත්තා.... ලංකාවට ආපු වෙලාවක පාදුක්ක පැත්තෙ යනවනං අ‌ෙප් අම්මගේ ෂොප් එකට ගොඩ වෙලා කේක් කෑල්ලක් කාලා යන්න එන්න....

    ReplyDelete
  134. @හිරු!
    ම් ම් ම් අම්මගේ ෂොප් එක කොහේද තියෙන්නේ? මොනවද ශොප් එකේ තියෙන්නේ? මමයි නදීශයි වෙලාවක එන්නම් . . . . ඇඳුම් සපත්තු ෂොප් එකක් නම් එහෙම නදීෂගේ සපත්තු ටිකක් ඊහ්මත් දාන්න ඇහැක් වෙයි නේද? :D

    ReplyDelete
  135. අපේ අම්මගේ ෂොප් එකේ ඇදුම් සපත්තු නම් නෑ. ඒකේ තියෙන්නේ කේක්... හි හි
    Ranjani Kariyawasam Homemade Magical Cakes පාදුක්කේ තියෙන්නේ... ඉස්කෝලෙයි ඉස්පිරිතාලෙයි ඉස්සරහ.. යන වෙලාවක කෝල් එකක් දීලා යන්න. 0094115611760

    ඇදුම් සපත්තු වලට ඇඩ් එකක් නම් දාන්න පුළුවන් වෙයි එතන. හැබැයි ඉඩ කඩ පුරස්නයක් තියෙනවා. අපේ අම්මට හැරෙන්නත් ඉඩ නෑ දැන් අවන් දාලා.

    ReplyDelete
  136. හදවතින්ම සුබ පතනවා සුභාෂ් අයියේ !

    ReplyDelete
  137. What's up friends, how is everything, and what you wish for to say concerning this post, in my view its in fact remarkable in favor of me.

    my weblog ... click here

    ReplyDelete
  138. ජයෙන් ජයම වේවා

    ReplyDelete
  139. හදවතින්ම සතුටුයි. ජය වේවා.

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails