Wednesday, June 8, 2011

සුභ උපන් දිනයක් නංගෝ . . . !



ආදරය දැනෙන්නේ හිතටය

හිතට දැනෙන්න ආදරේ කරන්න

හැමෝටම බැරිය

සැතපුම් දාස් ගානක් දුරක හිටියත්

උඹේ හිතේ මං ගැන තියෙන ආදරේ

මට දැනෙනවා නංගෝ – මට ඒ ඇති


ආදරේ පෙන්නනැයි කියා

මූනිච්චාවට ඉඳහිට කෝල් කර

ආ කොහොමද සනීපෙන් ඉන්නවාදැයි

විමසීම මහා බොරුවක් නේද බන් ?


ප්‍රශ්න ගොඩක ඉන්න මල්ලීට කෝල් කර

මගේ ප්‍රශ්නවල බරත්

එයාට දෙන්නේ ඇයිදැයි කියා සිතා

අක්කා නම් නිතර කතා නොකලත්

වැඩ රාජකාරී දාහක් මැද්දෙත්

සතියකට දෙකකට දවසක් කෝල් කර

“අයියේ තමුසෙට කොහොමද ඕයි” කියා

අපේ සුපුරුදු ආදරණීය තමුසේ ඕයි බාසාවෙන්

පටන් අරගෙන විනාඩි ගනන් කියවන්නේ

මූනිච්චා ආදරේට නොව

හැබෑම ආදරේට බව

මං හොඳින්ම දන්නවා නංගෝ


ආදරේදී, ආදරේටැයි කියා

ආදරේ කරන අය කොන්දේසි දැම්මත්

කොන්දේසි විරහිත උඹේ ආදරේ

මට මහාමේරුවක් තරම් නංගෝ


ජීවිතේ ප්‍රශ්න වලදි වැටුනාම

නැගිටින්න අත දෙන

අඬන්න ඕන වුනු ඕන වෙලාවක

අඬන්න උරහිස දෙන

මගේ දුකට එක්ව අඬන

සතුටට එක්ව හිනාවෙන

උඹ සංසාරේ හැම දාකම

මගේම නංගා වෙයන් නංගෝ . . . !

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

අද මගේ ආදරණීය නංගීගේ උපන්දිනේ.

කප්-රුක එකෙන් එයාගේ ගෙදරට කේක් එකක් යැව්වත් ඒ වෙනුවෙන් වචන දහයක් හරි ලියන්න බැරි වුනොත් ලොකු අඩුවක් වෙයි කියලා හිතුනා.

ඒක නිසා හදිස්සියෙම මේ කෙටි නිසඳැස ලිව්වා.

ඉස්සරම කාලේ නංගී ගැන ලියපු "කරදරකාර නංගී හෙවත් දෙවියන් ලබා දුන් අගනා තෑග්ග" පෝස්ට් එක හින්දා තමයි මම හිතන්නේ මගේ බ්ලොග් එකට ගොඩක් දෙනෙක් කැමති වුනේ.

නොකියවපු කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් ඒ ලිපිය කියවන්න පුලුවන්.

47 comments:

  1. ඇත්ත නොවැ. මාත් උඹේ පෝස්ට් වලින් මුලින්ම බැලුවේ ඔය පෝස්ට් එක වගේ තමයි මට මතක...

    උඹේ කරදර කාර නංගිට සුබ උපන්දිනක් වේවා..!

    ReplyDelete
  2. සුභ උපන්දිනක් සොයුරිය !!!!,
    අනේ මට නෑනෙ මෙහෙම අයියා කෙනෙක් :)

    ReplyDelete
  3. ඔයා වගේ අයියෙක් ලබන්න ඒ නංගිත් ගොඩක් වාසනාවන්ත ඇති....ආ .....ඔයත් වාසනාවන්තයි ඒ වගේ නංගි කෙනෙක් ලබන්න....සුබ පැතුවා කියන්න අයියා

    ReplyDelete
  4. මමත් මේ බ්ලොග් එකකට කියලා දෙවනියට කමෙන්ට් කලේ ඔය ලිපියටනේ. ආ මුල්ම එක අපේ සොඳුරු ත්‍රස්ථවාදියා ගැන ලිපියට.

    දුකා අයියගේ නංගි අක්කාට සුභ උපන්දිනයක්!!!! ඇයි තව මේ වගේ අනාගතේ හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා අපි මුලු හදින්ම ප්‍රාර්ථනා කරනවා......!!!!

    ReplyDelete
  5. ආදරණීය තමුසෙ ඕයි භාෂාව. සහෝදරකම තමන්ගෙ කම හිතට කාවද්දන භාෂාවක්. ඈට සුභ උපන්දිනයක් මාත් පතනවා.

    ReplyDelete
  6. දුකා අයියාගේ නංගීට සුභම සුභ උපන්දිනයක් වේවා..!

    ReplyDelete
  7. උඹ වගේ අයියේක් ලබන නංගි හැබෑම වාසනාවන්තයි දුකා අයියේ... දුකා නංගිට සුභ උපන්දිනයක් වේවා...

    ReplyDelete
  8. වෙන මොනවා කියන්නද . අය්යගේ හදවතම ලියවිලා තියෙද්දී. සුබ උපන් දිනක් පතනවා හැර

    ReplyDelete
  9. සහෝදර සෙනෙහස මහ පුදුම දෙයක්නෙ මල්ලී, ඒ හැගීම සෙනෙහස ඇට මස් ලේ නහර විනිවිද යන බවයි මට හිතෙන්නෙ. මෙවන් අයියා කෙනෙක් ගේ නැගණියක් වීමම වාසනාවක්. නංගියේ වාසනාවන්ත උපන්දිනයක්! සෙනෙහසින්ම පතනවා.

    ReplyDelete
  10. ඒ පොස්ට් එක දැක්කේ අද..මේ අර කොල්ලොන්ට පාට් දාන හින්දි නිලියක් වගෙයි කියල මම කියපු කොක්ක නේද..? මාතලන් ගොයියත් විස් කොලැයි කියහන්....

    කී වෙනි එකද දන්නෙ නෑ....???

    ReplyDelete
  11. අයියට මතක ඈති මම එතන ලිව්ව කොමෙන්ටුව... අයියත් එයට දිග කොමෙන්ටුවකින් උත්තර දුන්නා...
    ඈත්තමයි.. බ්ලොග්කරනයට එන්න මට ලොකු ආසාවක් ඈති උනේ අයියගේ ඒ පෝස්ට් එක කියවලා...මම බ්ලොග් එකක ලිව්ව පලවෙනි කොමෙන්ටුවත් ඔය අයිය ලිව්ව නංගි ගෑන පෝස්ට් එකෙ කොමෙන්ටුව වගෙයි මතක.... ස්තූතියි...

    නගාට සුබ උපන්දිනක් වේවා !!!!!!

    ReplyDelete
  12. අයියගේ නංඟිට සුභ උපන් දිනයක් වේවා.....

    ReplyDelete
  13. නංගිට සුබ උපන්දිනයක් වේවා !!!

    ReplyDelete
  14. දුකා අයියාගේ නංගීට සුභම සුභ උපන්දිනයක් වේවා.

    සුපර් = බුල්ටෝ.

    ReplyDelete
  15. වෑඩේ කියන්නේ මම මගේ නංගිගෑන මෙ විදිහියේ නිසදෑසක් ලිවොත් මගේ බිරින්දෑ මාව දික්කසාද කරනව...අයේ දෙකක් නෑ...දුකා අයියාගේ එක්කෙනා..බ්ලොග් එක බලන්නෑතුව ඈති කියල හිතනව.....

    Amila

    ReplyDelete
  16. දුකා අයියගෙ නංගිට සුබ උපන්දිනයක් වේවා.....!!

    මාත් ඉස්සර ගොඩක් හීන මැව්වා මටත් අයියෙක් හිටියනම් කියල..මම මගේ යාලුවන්ගෙ සහෝදරයින්ගෙන් දැකල තියෙනව අයියල නංගිලට කොච්චර ආදරෙයිද කියල. අපේ අම්මට මට කලින් බබෙක් නැතිවුනාලු හම්බවෙනකොටම. ඒ අයිය කෙනෙක් වෙන්නැති කියලයි මගෙ හිත කියන්නෙ ඒ අඩුව පුරවන්න කාටවත් බැරි වේවි.

    ReplyDelete
  17. මේක කියවද්‍දි මගේ ඇස් දෙකට කදුළු ඉනුවා දන්නෙ නෑ ඒ ඇයි කියන්න ඔයා වගේ අයියෙක් ලබන්න එයා ගොඩක් පිං කරන්න ඇතිමගේ අයියත් ඔයා වගේ හිටියාඑයාගෙ හැම පඩියකටම මට ඇදුමක් ගෙත් දුන්නා කොළඹ හොටෙල් එකක වැඩ කරද්දි මට බත් එකක් අරන් එනවමයිමමත් ඒක ගේනකන් මගබලන් ඉන්නේ එත් අයියා බැන්දට පස්සෙ ගොඩක් වෙනස් වුනාමොනවා කරන්නද එයාට දැන් එයාගෙම ලෝකයක් තියෙනවනේඅයියා ගමේ දැන් මම කොළඹමට වැරදිලාවත් කෝල් කරන්න එයාට වෙලාවක් නෑඑයා දැන් තාත්ත කෙනෙක්
    දුකා අයියාගෙ නංගිට සුභ උපන් දිනයක් වේවා!

    ReplyDelete
  18. දුකා අයියගෙ නංගිට සුබ උපන්දිනයක් වේවා.....!!

    මාත් ඉස්සර ගොඩක් හීන මැව්වා මටත් අයියෙක් හිටියනම් කියල..මම මගේ යාලුවන්ගෙ සහෝදරයින්ගෙන් දැකල තියෙනව අයියල නංගිලට කොච්චර ආදරෙයිද කියල. අපේ අම්මට මට කලින් බබෙක් නැතිවුනාලු හම්බවෙනකොටම. ඒ අයිය කෙනෙක් වෙන්නැති කියලයි මගෙ හිත කියන්නෙ ඒ අඩුව පුරවන්න කාටවත් බැරි වේවි.

    ReplyDelete
  19. දුකා අයියාගේ නඟාට සුබම සුබ උපන්දිනයක් වේවා...

    ReplyDelete
  20. හරිම ආදරණීය සහෝදර සෙනෙහසක්.
    මේ වගේ සහොදර සහෝදරියන්...රටටම..වාසනාවක්.

    ආදරණීය නැගනියට....මගෙනුත් උණුසුම් සුභ පැතුම්...වාසනාවන්ත උපන් දිනයකට...!!!

    ReplyDelete
  21. දුකා ලඟින් ඉඳන්ම දුකා නගාට සුභම සුභ උපන්දිනයක් වේවා කියලා පතන්නම්....!

    කොහොමත් නගාලා හරිම කරදර කාරියෝ තමයි. අයියා කෙනෙක් උනාම නගාලව ගාඩ් කරගෙන පන්ති එක්කං ගිහිල්ල ආපහු එක්කං එන්න, යාළුවන්ගේ බර්ත්ඩේ පාර්ට් වලට තනි රකින්න ගිහින් කටු කන්න.... ඔය වගේ මෙකී නොකී ලක්ෂයක් දේවල් තියෙනවා කරන්න.

    ගිය අවුරුද්දෙත් මේ විදිහටම සුභ පැතුවා මතකයි....

    ReplyDelete
  22. ලස්සන නංගි කෙනෙක්. එයාට සුබ උපන් දිනයක්ම වේවා. ඔයා වගේ අය්යා කෙනෙක් ඉන්න එයා ඇත්තටම වාසනාවන්ත වෙන්ට ඕනි.

    ReplyDelete
  23. නංගිලා නම් පුදුම වදයක් තමා දෙන්නේ .ඒගැන ඉතින් ආයේ මොකට කියනවද ?

    දුකා අයියගේ නඟාට සුබ උපන්දිනයක් වේවා !!!

    ReplyDelete
  24. දුකා අයියගේ නංගිගේ උපන්දිනයට මාත් සුබ පතනවා. ඒ වගේම නංගිට නිදුක් නිරෝගි සුව පතනවා.

    නංගිලාගේ වදේ ගැන නම් දන්නේ නෑ. මට නංගිලා නෑනේ. :)

    ReplyDelete
  25. lassana keli poddi

    Suba Upan Dinayak Wewa
    Gimhani

    ReplyDelete
  26. දුකා අයියාගේ නංගිට (අක්කානේ අපිට)සුමබ සුබ උපන්දිනයක් වේවා....!

    ReplyDelete
  27. අයියගේ නංගිට සුබම සුබ උපන්දිනයක් වේවා....!

    ReplyDelete
  28. මටත් මතක විදිහට මෙතන බලපු පළවෙනි පෝස්ට් එක කරදරකාර නංගි ගැන තමා. ආදරණීය නංගිට සුභ උපන් දිනයක් පතනවා.

    ReplyDelete
  29. මම මුලින්ම දුකා අයියාගේ කියෙව්වේ ඒ පෝස්ට් එක තමා...
    සුභ උපන්දිනයක් අක්කේ...

    ReplyDelete
  30. නංගිට සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා. (කලින් ලිපියටත් ගිහින් බැලුවා. දුකාගේ හදවතින්ම ලියන්න තියන හැකියාව නම් උපරිමයි.)

    ReplyDelete
  31. සුපුරුදු විදියටම මමත් සුභ පැතූ බව කියන්න අයියේ..!! ජය..!!!

    ReplyDelete
  32. දුකා අයියගේ සොයුරියට සුභ උපන්දිනයකට සුභ පැතුම්..!!!

    ReplyDelete
  33. පරක්කු උනාට කමක් නැහැ. මමත් නංගිට සුභ පැතුව කියන්න :)

    ReplyDelete
  34. ප්‍රමාද වී ආ සහෘද සුබ පැතුම්.... සුබ උපන් දිනයක් නංඟෝ...
    මචං දුකා, මට උඹගෙන් ඉගෙන ගන්න ගොඩා....ක් දේවල් තියෙනවා.
    අපි වෙලාවක මුන ගැහෙමු. ජයම වේවා....

    ReplyDelete
  35. ඔන්න ප්‍රමාද වෙලා හරි මගෙනුත් සුබ උපන් දිනයකට ආසිරි .....

    මම ඔයාගේ කරදරකාරී නංගි ගැන කියෙව්වා ......

    අනේ මටත් නංගියෙක් හිටියනං කියලා හිතුනා .......

    ReplyDelete
  36. බලපංකො ඒකෙත් හැටි . . . . දුකා අයියට නගෙකුත් ඉඳලනෙව . . . . ඔවුව කලිංම ප්‍රසිද්ද කොලා නං නරක් වෙලා හිටී . . . .. .

    නගාට සුභ උපන්දිනයක් පැතුවාය කියාපං අයියෙ . . .

    ReplyDelete
  37. කොමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි කිව්වා ඕන් ඈ . . .

    ReplyDelete
  38. @Chandi!
    ඔව් අක්කා, සහෝදර සෙනෙහසේ බර කොයි විදිහකින් කියන්නද කියලා හිතාගනවත් බෑ

    @මාතලන්!
    ඔන්න ඉතිං උඹ වැරදි පුරස්නේ ආයේ පාරක් ඇහුවා හික්ස් (රහසින් 35 බන්)

    @ජීවිතේ මල් !
    ආ ඔව් ඔව් මතක නැතුව කොහොමයි
    " බ්ලොග්කරනයට එන්න මට ලොකු ආසාවක් ඈති උනේ අයියගේ ඒ පෝස්ට් එක කියවලා.."
    ඒකත් එහෙමද ෂාහ් මටත් ආඩම්බරයි එහෙනම් උඹ වගේ වටිනා මැනිකකට බ්ලොග් අවකාසේට එන්න උදවු කරපු එකට

    ReplyDelete
  39. @ඇනෝ - අමිල!
    මගේ එක්කෙනා බ්ලොග් බලනවා. එයා දන්නවා මම සහෝදරියන්ට කොයි තරම් ආදරේද එයාලා මට කොයි තරම් ආදරේද කියලා.
    ඇයි උඹේ නෝනට සහෝදර සහෝදරියෝ නැද්ද මචං සහෝදර ප්‍රේමයේ වටිනාකම නොදැනෙන්නේ??

    @හිම කුමාරි!
    එකකුසේ උපන් අය නැතුවට සහෝදර කමින් ඉන්න සොයුරෝ හොයා ගන්න අමාරු නෑ නගේ.

    @දුමී!
    මගේ නංගි නම් ඇවිදින බෝම්බයක් නිසා මට ඒ ප්‍රශ්න තිබ්බේ නෑ බං. මට කවුරුහරි ගහන්න ආවත් උන්ට ගහන්නේ මෙයා තමයි හික්ස්

    ReplyDelete
  40. @පොඩ්ඩී!
    ඔව් ඔව් ඒ වගේම මේ වගේ නංගි කෙනෙක් ඉන්න නිසා මාත් වාසනාවන්තයි.

    @සුජීව!
    ස්තූතියි සුජීව අගය කිරීම ගැන

    @මිලින්ද!
    අනිවා ඩෙෆා හැබැයි උඹට ඩුබායි එන්න වෙනව නැත්නම් මම ලංකාවට එනකම් ඉන්න වෙනවා.

    @කල්හාර!
    නංගි කෙනෙක් අරන් හදාගනින් මචං . . හික්ස්

    @ඕනයා!
    අපේ නංගීව කෙසේ වෙතත් මාමගේ දුවෙක්ව වත් දීලා උඹව මස්සිනා කර ගන්න තරම් කරුමයක් මගේ ඉරණමේ නෑ මචෝ හොඳ වෙලාවට .. හික්ස්

    ReplyDelete
  41. ඔන්න නංගීට සුබ උපන්දිනයක් අපිත් පැතුවා :)

    ReplyDelete
  42. එක දිගට උපන් දිනනේ. සුභ උපන් දිනයක් කියලා මාත් කිව්වා ඕන්

    ReplyDelete
  43. මාත් ගොඩාක් දුර ඉඳන් ඇවිත් අයියාගේ නංගීට සුබම සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා..!!

    ReplyDelete
  44. මටත් ඉන්නවා අයියෙ නංගි කෙනෙක්....එකි එක්ක කතා කලාම මට දැනෙන්නෙත් ඔය හැගීමමයි

    ReplyDelete
  45. පොඩ්ඩක් ප්‍රමාද වුනත් මගෙනුත් ඔයාගේ නංගිට සුභ පැතුම්. ‍මේ පැත්තේ ආවේ අද. අහල නම් තිබුනා. ආවමයි තේරුනේ හොඳයි කියලා. ඉතින්... ඔයාටයි නංගිටයි දෙන්නටම සුභ පතනවා සහෝ... ජයවේවා !!!

    ReplyDelete
  46. අනේ මටත් අයියෙක් හිටියනං..මකුළු පැංචිටත් අයියෙක් ඉඳලලු..ඒත් එයා ඉපදෙද්දිම නැති වෙලාලු... :(((((( මේ කවිය කියවලා ඇස් දෙකට කඳුළු ආවා දුකා අයියේ... :((

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails