Sunday, December 19, 2010

සැබෑ ආදරය යනු පරිත්‍යාගයයි . . . !



ආදරය යනු පරිතයාගයකැයි කියනු ලැබේ…

සතුට හැර වෙන යමක් බලාපොරොත්තු නොවී ඔබට පුදදිය හැකි ආදරයේ නිම් වළලු කොයිබද??

මේ කියන්න යන්නෙත් එවැනි සුන්දර ආදරයක් ගැන කතාවක් අඩංගු ඉතාම විනෝදජනක චිත්‍රපටයක් ගැන.

ඩ්‍රිව් බැරිමෝර් කියන සුන්දර නිළියත් ඇඩම් සැන්ඩ්ලර් කියන විකට චිත්‍රපට වල වැඩිපුර රඟන නළුවත් තමයි මේකෙ ප්‍රධාන චරිත රගපාන්නෙ.

කතාව මෙන්න මෙහෙමයි…!

හවායි හි පදිංචි තරුණ පශුවෙදය වරයෙකුට අවන්හලකදී ඉතා සුන්දර තරුණ චිත්‍ර ගුරුවරියක්ව මුන ගැහෙනවා.

ඔවුන් ආදරයෙන් බැදෙනවා. ..

ඔවුන් කතාකර ගන්නවා එම අවන්හලේදිම පසුවදාට මුනගැසෙන්නට . . .

නමුත් පසුදා තරුණිය කියාසිටින්නේ ඇය මීට කලින් ඔහුව හදුනන්නේ නැති බවයි.

පසුව අවන්හලේ හිමිකාරිය ඔහුට ඇය ගැන සියලු විස්තර දැනුම් දෙනවා. . .

වසරකට කලින් සිදුවුනු දරුනු රිය අනතුරක් හේතුවෙන් ඇයට බරපතල අමතකවීමේ රෝගයක් ඇති බවත්, ඇගේ මතකයේ ඇත්තේ රිය අනතුර සිදුවූ දවස හෙවත් 2002 ඔක්තෝම්බර් 13 බවත් එදින ඇගේ පියාගේ උපන් දිනය යෙදී තිබුනු බවත් ඇය ඔහුට දැනුම් දෙනු ලබනවා.

අවන්හලේ හිමිකාරිය, යාවජීව පාරිභෝගිකයන්, ඇගේ පියා සහ සොහොයුරා ඇගේ සිත නොරිදවනු පිනිස විශාල කැපකිරීම් කරනු ලබනවා.

2002-10-13 දිනයේ පුවත්පතේ පිටපත් විශාල ප්‍රමානයක් මුද්‍රනය කර දිනපතා ඇයට එක බැගින් ලබා දීම, පියාට දිනපතා කේක් ගෙඩියක් කපා උපන්දින තෑග්ගක් පිරිනමා සුභ පැතීමට සැලැස්වීම ආදී ලෙස හා තවත් බොහේ දේ වශයෙන්. . .

ඇගේ සැබෑ තතු දැනගත් පසු ඇගෙන් වෙන්වීම වෙනුවට ඔහු තව තවත් ඇයට ආදරය කරනවා. . .

ඉන්පසු අපිට බලාගන්න පුලුවන් අර තරුණ පශුවෙදයවරයා මේ තරුනියට දිනපතා අලුතෙන් තමාව හදුන්වාදීමට විවිධ ආකාරයේ ක්‍රම භවිතා කිරීමත් ඒවා කොතරම් විනෝදජනකද යන බවත්.

ඇත්තෙන්ම කදුලු එනකම් හිනා වියහැකි කොටසක් මේ කොටස.

ඇගේ ජීවිතයට සතුටක් ලබාදීම තමාගේ එකම සතුට බවට පත්කරගත් තරුණ පශුවෙදයවරයාගේ සංවේදී ආදරයේ කතාව නම් බැලිය යුතුම විනෝදජනක (රොමෑන්ටික් කොමඩි වර්ගයේ) චිත්‍රපටයක් කියන එකයි මගේ අදහස නම්.
. . . . . .. ..

මගේ බ්ලොග් අඩවියටත් බයිස්කෝප් අඩවියටත් නිතර යන එන අය බොහෝ දෙනෙක් දන්නවා ඇති මම බ්ලොග්කරනයට පැමිනුනේ බයිස්කෝප් අඩවියේ ඉසිර සහෝදරයාගේ ඉල්ලීම පිට බව.


මම ලියන්න ගත්තු මුල්ම කාලේ ලියපුවත් මගේම බ්ලොග් එකේ තිබුනොත් හොඳයි කියල ආපු හිතුවිල්ල නිසා ඉසිර මළයගේ අවසරය පිට බයිස්කෝප් අඩවියට මම ලියපු ලිපි එක එක එතනින් කොපි කරලා මෙතන දාන්න පටන් ගත්තා.

මේ බයිස්කෝප් එක බා ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් මෙන්න මේ ලින්ක් එකෙන් බයිස්කෝප් අඩවියට ගිහින් එතනින් බාගෙන බලන්න ඕන් . . . .

බයිස්කෝප් එක කොහොමද කියල තැන් දෙකේම සටහනක් දාන්නත් අමතක කරන්න එපා හරිය. .

27 comments:

  1. මම මේක බලල තියනව. මරු චිත්‍රපටය.
    ආදරයෙදි පරිත්‍යාගය අවශ්‍යයි. පරිත්‍යාගයන් පසුවට තුරුම්පු හැටියට නොගන්නා තාක්කල් ඒව සුන්දරයි.

    ReplyDelete
  2. ඇත්තෙන්ම ආදරය කියන දේනම් එහෙම වෙන්නම ඕනි. ඒත් එහෙම වෙන්නෙ ඉතාම අඩුවෙන් වීම තමයි ගැටඵ වලට හේතුව.
    චිත්‍රපටය බලන්න ඕනි..

    ReplyDelete
  3. මමත් මේක කීප වතාවක්ම බලල තියෙනව.. හරිම ලස්සන ෆිල්ම් එක.. මමත් උඹෙ කතාවට එකගයි දුකෝ, ආදරය කියන්නෙ පරිත්‍යාගයක් තමා.. ඒත් පුහුදුන් මිනිසුන් හැටියට අපට ඒක කොච්චර දුරට ක්‍රියාත්මක කරන්න පුළුවන්ද..?? ආදරයෙන් පැරදුන කෙනෙකුටනං මේක හිත හදාගන්න දෙයක් හැටියට යොදාගන්න පුළුවන්..

    ReplyDelete
  4. මම මේක බලලා තියනවා :)
    ලස්සනයි තමා :D

    ReplyDelete
  5. මාත් ආසාවෙන් බලපු ෆිල්ම් එකක්.

    ආදරේ කියන්නේ පරිත්‍යාගයක් කියලා කියන්නේ, හිත හදා ගන්න දුකා. වෙන කරන්න දෙයක් නැති කමට. එහෙම පරිත්‍යාග කරලා විදවන විදවිල්ල දරා ගන්න බෑ;.. පැලිලා මැරෙයි කියලා බයයි වෙලාවකට.අනේ මන්දා..

    ඒත් ආදරේ නැත්තටම නැතිවෙනවට වඩා, මෙහෙම හරි තියෙන එක හොදයි කියලා හිත හදා ගන්න වෙනකොට තමයි, ඔය වගේ ලොකු පඩි වාක්‍ය ගැන හිතලා දුක සමනය කර ගන්න වෙන්නේ..

    ReplyDelete
  6. මාත් මේ movie එක බැලුවා.මේ බුවා ඉන්න ‍ෆිල්ම් කොහොමත් එල.
    අත්දැකීම් වල හැටියටනම් ආදරේ කියන්නෙ ගනුදෙනුවක්...දෙන තරමට ලැබෙනවා.නොදුන්නොත් ගන්න බෑ.බලෙන් තියාගෙන වෙන කෙනෙකුට ණයට දුන්නොත් පොලිත් එක්ක ගෙවන්න වෙනවා.

    ReplyDelete
  7. මගෙත් කැමතිම ෆිල්ම් වලින් එකක්... කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ...

    ReplyDelete
  8. මම මේක කාලෙකට ඉස්සෙල්ල බා ගත්තත් තාම බලන්න බැරි උනා. ඒ වගේ බා ගත්ත ෆිල්ම් සීයකට වඩා තියෙනවා තාම බලන්න වෙලාවක් හොයාගන්න බැරි වෙච්ච... කවද වෙලාවක් ලැබෙයිද දැන්නෙ නැහැ...!

    ReplyDelete
  9. මේක මාත් බලපු ෆිල්ම් එකක්... හැමදාමත් එකම විදිය.. පුදුම කැප කිරීමක් ඒ කොල්ල කරන්නේ...

    ReplyDelete
  10. ම්චං අද මේ බ්ලොහ් සීන් එකේ මට වැඩිම මිස් උනේ උඹ, දුමියා, අභීත සහ කතන්දර. ලොකු කමකට කියනව නම් නෙමෙ ඕං. මගේ මරනයත් හිටිය නම් අද පට්ට ආ.

    ReplyDelete
  11. @රංග!
    උඹ අද ගියාද?
    කට්ටිය තාම පින්තූර දාලා නෑ.
    නෙරංජි විතරයි දාලා තියෙන්නේ.
    කස්ටියව ටැග් කරන්න කිව්වා.
    බලමු අපේ නොදන්න කස්ටියත් අඳුන ගන්න පින්තූර වලින්.

    ReplyDelete
  12. @පිස්සා!
    මචන්, ඉඳලා හිටලා මෙහෙම කමෙන්ට් එකක් වත් දාපන් බන්.
    උඹ හුස්ම ගන්නවා කියලා අපිට දැනෙන්න.

    ReplyDelete
  13. මමත් මේ ‍ෆිල්ම් එක දැනට අවුරුදු කීපයකට කලිං බැලුව.
    නියමයි ! මතකය ඇවිස්සුවට බොහොම ස්තූත්යි දුකා.

    ReplyDelete
  14. ගොඩක් සිදුවීම් වලදි මතක් වෙන ෆිල්ම් එකක් .... ලොකු කතාවක් තියන වගේම කම්මැලි නැති ජොලි එකක් නිසා මාත් මාරට කැමතියි ... මේක දහපාරකට වැඩිය බැලුව මතක විදියට

    ReplyDelete
  15. අමුතුම, ඒ වගේම සරළ, හදවතටම කතාකරන තාලෙ චිත්‍රපටයක්, මතකය අවදිකලාට සහ නැවත බලන්නට අවස්ථාවක් ලබාදුන්නට දුකා, උඹට ස්තූතියි,

    ReplyDelete
  16. Rob Schneider තමා ඕකෙ පට්ටම බුවා

    ReplyDelete
  17. @දුකා : ගියා නම් තමා. ඒත් හැංගිලා වගේ හිටියෙ. මම ලියන ඒවට ගුටි කන්න වෙනවනෙ බං

    ReplyDelete
  18. අම්මපා ඔය ආදරේ මට පරිත්‍යාග කොරන්න එකෙක් නැති හැටි.... :D

    ReplyDelete
  19. හරිම ලස්සන කතාව .... මේ ගැන කිව්වට තැන්ක්ස්... වැඩේ කියන්නේ ඔහොම ඉවසීමයී ආදරයයි පරිත්යාගයයි තියන පිරිමි ඉන්නේ ෆිල්ම්ස් වල විතරනේ.... අපේ අයට අපි කියන එක ඉවර වෙනකම් අහන් ඉන්නවත් ඉවසීම නෑ...

    ReplyDelete
  20. @හිරු ප්‍රභා !
    අනේ ඇත්තට මගේ ගෙදර උන්දෑට, දුමීගේ ගම හාමිනේට ඔය තව අහම්බෙන් කීප දෙනෙකුට වගේ වාසනාවක් හැමෝටම නෑ තමයි ඉතිං.

    ReplyDelete
  21. @නලින් මලේ (රේවන්)

    ඔයා කියන කතාව බොහොම හරි බන්.

    වැඩේ තියෙන්නේ අද වැඩි දෙනෙක් දේශපාලකයෝ වගේ වෙලානේ.

    පොඩි පරිත්‍යාගයක් කරලා ඒ වගේ සිය ගුණයක පබ්ලිසිටි එකක් දෙන්න හදන්වා අරෙහෙම කලා මෙහෙමකලා කියලා.

    හැබැයි ඉතිං පරිත්‍යාග කරපු කෙනෙකුට මෙලෝ දෙයක් කලේ නෑ වගේ කියනවනම් මතක් කරලා දෙන්න වත් කිව්වත්කමක් නැද්ද මන්දා

    ReplyDelete
  22. @``` Outsider``` !
    එහෙම වෙන්නේ නැත්තෙමත් නෑ මචන්.

    සමහර උන් කරපු පරිත්‍යාග ගැන කියන්නේ නෑ නේ.

    ඒකටත් එක්ක අපිට වැඩියෙන් ඇහෙන්නේ ආදරේ වෙනුවෙන් කිසි දෙයක් කලේ නෑ කියන චෝදනානේ.

    එතකොට අරව කැලේ.

    ReplyDelete
  23. @Buratheno!
    ආදරයෙන් පැරදුනාම විතරක් නීම්යි ආදරේ නිසා හිත රිදෝ ගත්තු වෙලාවටත් ප්‍රයෝජනයට ගන්න නියම තේමාවක් මේ "ආදරය යනු පරිත්‍යාගයකි" කියන එක . .

    @ස්වප්නා !
    ආයේ පාරක් බැලුවත් වරදක් වෙන එකක් නෑ.
    බයිස්කොප් එකෙන් නිකන් දෙන එකනේ අප්පා

    @පිස්සෝ !
    උඹේ කැඩුනු හිත හදන්න නම් මොනා කියනන්ද කියලා මට තේරුමක් නෑ කොල්ලෝ.

    ReplyDelete
  24. @nawammawatha !
    ස්තූතියි නවම් මාවත

    @සහෝදරයා !
    සහෝදරයත් තව ටිකක් ලිව්ව නම් මොකෝ.
    තාම හරියට එක පෝස්ට් එකයි දාලා තියෙන්නේ.

    @රවී.
    සතුටුයි මෙහෙම හරි ලස්සන දෙයක් ගැන මතකය අලුත් කරන්න ලැබීම ගැන.

    @රංග
    අහ් ඔව් පොර තමයි සිරා බුවා මේ ෆිල්ම් එකේ.

    @සෝරෝ !
    අනේ බන් මළේ අර චන්ද කාලේට අරලිය ගහ මන්දිරේ දෙනවා වගේ දන්සැල් දෙන්නේ නෑ ආදරේ . පොඩ්ඩක් මහන්සි වෙන්න ඕන .. හික්ස්

    ReplyDelete
  25. මම බලපු ලස්සනම film එකක්..උපරිමයි!! සැබෑ ආදරේට සීමා මායිම් නෑ කියන්න හොඳම උදාහරණයක්..

    ReplyDelete
  26. ආදරේ කියන්නේ බෙදා ගැනීමක් මිසක් බදා ගැනීමක් නෙමෙයි නේ. බලමුකෝ කොහොමද ෆිල්ම් එක කියලා :)

    ReplyDelete
  27. සිරාවටම මරු film එක. මෙතන දැක්කට පස්සෙ තමා බාගෙන බැලුවෙ. නියමයි......

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails