Tuesday, August 3, 2010

තුසිතයට මා කැඳවා ගෙන ගිය මට ලැබුනු නිධානය



විශ්වාස කරනවද, මට දවසක් නිධානයක් ලැබුනා.

ලැබුනා කිව්වට මේ ඉබේ පහල වුනා නෙමයි මගේ දයාබර මිතුරු ලළන්ත මළයා මට තෑගි කලා.

"අයියේ මේක මම ලඟදී ගත්තේ. . . අයියා මේ වගේ ඒවට ගොඩක් කැමතියිනේ . . . ඔයා මේක තියා ගන්න. . "

කියා කොපියක් ලඟතබා ගන්නේ වත් නොමැතිව ඔරි"ම"ජිනල් එකෙන් ඔහු මිලදී ගත් අපූරුම අපූරු සී ඩී තැටියක් අබුඩාබි සිට ඩුබායි ගොස් නයිට් පාකින් වලට දවසක් ඔහුගේ කාමරයට ගිය වෙලාවක පැකින් කඩපු ගමන් ම මට තෑගි කලා. (මගේ දයාබර මිතුරු කැල ජාතිත් වාසනාවන්)

ඒ නිධානය මගේ මනුස්ස කමට ත්‍යාගයක් ලෙස ලැබුවා කියා කියන්න මම හදිස්සි වෙන්නේ නැත්තේ එය ඇත්තම නොවන නිසා. ඇත්තෙන්ම එය මට ලැබුනේ සොයුරු ලළන්තගේ පරම පිවිතුරු පරිත්‍යාගශීලී හදවතට පින්සිදු වන්න කියා කීවොත් එයයි නිවරදි . .. .



ඉස්සර මම ඩුබායි ඉන්න කාලේ නිතර අහන හිංදි රේඩියෝ චැනල් එකක මගේ ප්‍රියතම නිවේදිකාව "ක්‍රිතිකා" උදේ පාන්දර ඈ මෙහෙයවන වැඩසටහනට සවන් දෙන මට තිබුනු ලොකුම ප්‍රශ්නේ නිදිමත බේරෙන උදේපාන්දර ඈ ඒ තරම් ප්‍රහර්ශයකින් උද්දාමයකින් කිලිපොලායන සතුටකින් වැඩසටහන මෙහෙයවන්නේ කෙසේද යන්න.

මිතුරන් සමඟ ඒ ගැන කතාබහ කරද්දී මගේ උපකල්පනය කිසිවෙක් නොසිතන දෙයක්

"මම නම් කියන්නේ මචංලා ඔය ක්‍රිතිකා උදේ නැගිට්ට ගමන් හරි රෙකෝඩින් ස්ටුඩියෝ එකට එන ගමනේදි හරි පස්ස පැත්තේ හෙනම සැර මිරිස් කරලක් ගහගෙන ඉන්නවා වෙන්න ඕන"

දැං ඔයාලා අහන්න එපා මම කවදහරි එහම ගහගෙන ඉඳලා තියෙනවාද කියලා හරිය . . !@#$%

මට තිබුනු ප්‍රශ්නේම තිබුනු ප්‍රේක්ෂකයෙක් දවසක් ක්‍රිතිකාගෙන් දුරකථන මාර්ගයෙන් අහද්දී ඈ දුන්නු පිලිතුර තමයි . .

"මගේ ලඟ විශේෂ සී ඩී එකක් තියෙනවා. මම හැමදාම උදේට ඔෆිස් එනගමන් ඒ සී ඩී එක අසමින් තමයි එන්නේ. ඒ සී ඩී එක තමයි මාව මේ තරම් ප්‍රබෝධයෙන් තියන්නේ කියලා.

ඒක අහපු දවසේ ඉඳන් ඈ කිව්වේ බොරුවක් වෙන්න ඇති කියලා හිතමින් උන්නු මට මේ මා සඳහන් කල සී ඩී තැටිය ලැබුනු පසු තමයි පසක් වුනේ ඇගේ වචන කෙතරම් සත්‍යද යන්න.

. . . . . . .. . . .. . .. .. ..

මෙහි අඩංගු බෙර වාදන තාල ඇසෙන විට මට සිතෙන්නේ මා කොහේදෝ මා නොදන්නා තුසිතයකට රැගෙන යන බවකුයි එසේත් නොමතිනම් පා වී යන ලෙසකුයි. මා අසා ඇති මනෝ විද්‍යාවේදී මෝහනයට පත්කිරීම සඳහා බෙර වාදන යොදා ගන්නා මතයත් මේ තැටියට සවන් දීමේදී සිත පාවෙලා ගොස් නතර වී ගිමන් හරින තුසිතයත් එකට සමපාත වන බවක් මොහොතකට සිතුනා කීවොත් එය බොරු නොවෙයි . . . .

රසවිඳ බලන්න, මේ තැටියේ බෙරවාදන නාද මාලා සියුම් ඉඳිකටු තුඩක් වී ඒ ඉඳිකටු තුඩ ඔබේ සියළුම රෝමකූපයන් එකක් නෑර එහි මුලට වැද ඒවා විද ඒ සියල්ල උද්දීපනය කොට නැගිටුවා තබන අපූරුව.

රසවිඳ බලන්න, සාම්ප්‍රදාය්ක ලාංකික නැටුම් කලාව විචිත්‍රවත් කිරනු වස් නාද මාලා සපයන සාම්ප්‍රදායික බෙරවාදන කලාවේ ආශ්චර්‍‍යෙන් ඔබ කෙතරම් මවිතයට පතකල හැකිද කියා . . .

ඉන් ඔබ මෝහනයට පත්නොවුනේදැයි කියා මට පසුව කියන්න . . . .

කෙටියෙන් පැවසුවොත් ඇඟේ මවිල් කෙලින්වන, හිරිගඩු පිපෙන, ලේ රත්වෙන සංගීතයක් මේ නාද අසන්න ප්‍රථම මා අසා ඇත්දැයි කියාත් සැකයි.

. . . . . .. . ..

මේ නාදමාලා වල නිර්මාතෘ පාරම්පරික නාට්‍ය කලාව බොහෝ උත්සාහයෙන් රැකගන්නා මහා කලාකරුවෙක් වූ රවිබන්දු විද්‍යාපති මහතායි. ඩී. ඩී ගුණසේන, නෙලූ අධිකාරී ඇතුලු විශාල කලාකාමීන් පිරිසක් මේ උත්කෘෂ්ඨ නිර්මාණය සඳහා දායකත්වය ලබාදී තිබෙන බැව් මේ සමඟ අමුණා ඇති පින්තූර බැලීමේදී ඔබට වැටහෙනවා ඇති.



උසස් රසවින්දනයක් ලැබීම පමනක් නොව අපගේ ලාංකීය අනන්‍යතාව ලෝකයට ඉදිරිපත් කිරීමේදී මහඟු මෙහෙවරක් ඉටුකරනු ලබන සාම්ප්‍රධායික නර්ථන කලාව රැකගෙන ඉදිරි පරම්පරාවට දායාද කිරීම නම් වූ කර්ථව්‍යයේදීත් දී මේ සංයුක්ත තැටිය බෙරවාදන කලාවේ සළකුණක් ලෙස භාවිතා කල හකි බව මගේ හැඟීමයි.

ඉදින් මේ සංයුක්ත තැටිය මිලදීගෙන උසස් රසවින්දනයක් ලබන්න ඔබ තවත් පමා වෙනෙනේ මන්ද . . . මේ මහඟු කලාකෘතිය ඔබේ දූ දරුවන් ට තිලිණ කර දෙන්න ඔබ තව ත් දෙවෙනි වතාවටත් සිතා බලිය යුතුද . ..

නමුත් එකම එක ඉල්ලීමක් . . මේ සාම්ප්‍රදායික කලාකරුවන් තම ජීවිත කාලයම කැපකොට ලබාගත් විශේෂ ප්‍රාගුණ්‍යයේ බලමහිමයෙන් නිර්මිත මේ නිර්මාණය මිලදීගෙන ඔවුන්ගේ ඒ කලාවට හා කලාවට ඇති කැපවීමට දිරි දෙනු විනා එක් අයෙක් මිලදීගෙන මිලදී ගැනීමට පහසුකමක් නැති පිටරටවල ජීවත් වන අය හර සියළු දෙනාට නොමිලේ බාගත කරගතැ හැකි ලෙස නොයවන ලෙස සාම්ප්‍රදායික කලාවට හිතැති කලාකාමියෙක්, රසිකයෙක් ලෙස මා ඔබ සැමගෙන් කාරුණාවෙන් ඉල්ලා සිටිමි.

අවසන, මට ලබා දුන් මේ නිධානය වෙනුවෙන් දයාබර ලළන්ත මළයාට බොහෝමත්ම ස්තූතියි හා පිං.




අනතුරු ඇඟවීමයි!

අමතක වුනු තව දෙයක් නදීෂාගෙයි සචී ගෙයි මතක් කිරීම් නිසා දාන්න හිතුනා. . .

මේ සී ඩී තැටිය අසමින් රිය ධාවනයේ යෙදෙන්නේ බලාගෙන . . .

ඒ අනතුරු ඇඟවීම වැඩි විස්තර අවශ්‍ය නම් මෙන්න මේ ලින්ක් එකෙන් "තව පොඩ්ඩෙන් දුකාට අනිච්චාවත සංඛාරා" කියන ලිපිය බලන්න.

ඇත්තෙන්ම ඒ දේ සිදුවුනේ මේ සී ඩී එක අහගෙන යන ගමන් සිදුවුනු මෝහනය වෙනවා වගේ දේ නිසා තමයි.

25 comments:

  1. හ්හ්ම්ම්.. මෙය නම් අපූරුයි..
    ඇත්තෙන්ම..!!
    මෙම සී.ඩී පටය මා ගාවත් තිබුණා, මටත් කෙනෙක් තෑගි දීපු එකක්. අවාසනාවට ඒක මගේ අතින් නැති උනා.
    ශ්‍රී ලාංකීය අනන්‍යතාවය එහෙම පිටින්ම අත්දකින්න පුලුවන්.

    ReplyDelete
  2. බොහොම ස්තුතියි ඔත්තුවට....හොයාගන්නට ඕනෑ මේක කොහොම හරි...මම නම් ඉතින් පාන්දරම පිරිත් වලින් පටන්ගත්තාම.....ගමනාන්තයට යනකන් ගීතවත් වෙලාතමයි ඕං......:)

    ReplyDelete
  3. උදේට රේඩියෝවෙ සිංදු අහන ගමන් දවස පටන් ගන්න මට පුරුදු කරේ අපේ පුංචි අම්මා, ඒ දවස් වල උදේට වෙනමම සිංදු සෙට් එකක් ගියාද කොහෙද, කාලයත් එක්කම මේ පුරුද්ද ටිකක් අඩු උනා,මම ආසම කරපු සිංදුව තමයි අර ජෝතිපාල මහත්තයා කියන සමනොළ සිරසේ කියන සිංදුව, පස්සෙ කාලෙක මම උගන්නන කාලෙ හැමදාම සිකුරාදාට නාවික හමුදා සෙබළු ආචාර පෙළපාලියේ ඔය ගීතයක් වාදනය කරනවා මට අහන්න ලැබුනා, ( ඒ හැඟීම විස්තර කරන්න අමාරුයි,,, )
    මේ බෙර පද මම අහලා නැහැ, ඔබට දැනෙන හැඟීම මට හිතා ගන්න පුළුවන්

    ReplyDelete
  4. කොහෙන්ද මේක ගන්න පුළුවන් ?

    ReplyDelete
  5. කව්ද බං ඔය අපි නොදන්න ලලන්ත මල්ලී....?????

    ReplyDelete
  6. 1. දැන් දුකා සහෝදරයා, අර වගේ මිරිස් කරලක් තියාගෙන ඉඳලා තියනවද ? :D

    2. බොහොම ස්තූතියි මේ ගැන දැනුම් දුන්නට සහෝදරයා. හොයාගන්න උත්සාහයක් දාන්න ඕනෙ.

    අන්තිමට දාලා තියන කතාව ඇත්ත. අපිත් ඔය මංකොල්ලෙට හවුල් වෙනවා. දැන් මේක කියවගෙන යනකොටත් මට මුලින් ( අවංකවම ) හිතට ආවා කියන්න " කෝ, අපිටත් බාගන්න අවස්ථාවක් දෙන්න " කියලා. ඒත් ඒක කොච්චර කුහක හැඟීමක්ද කියලා තේරෙන්නේ පස්සේ. දැනෙන නිර්මාණයක් කරන්න හැමෝටම බැහැ. එහෙම කලත් ඒ සඳහා විශාල නිර්මාණ ශක්තියක් වැය කරන්න ඕනෙ. ඇල්බම් එකක් කරන්න පැය ගානට ස්ටුඩියෝ වලට විශාල වශයෙන් ගෙවන්න ඕනෙ. ට්‍රැක් එක විනාඩි 3 යි වෙන්න පුළුවන්, 5යි වෙන්න පුළුවන්, 10 යි වෙන්න පුළුවන්. ඒත් ඒ තුල සැඟවෙලා තියන කැපකිරීම ( ලංකාව වගේ රටක ) අති විශාලයි. අද නිකන් කොත්තු දානවා වගේ නිර්මාණ එන නිසාද මන්දා මිනිස්සු හිතාගෙන ඉන්නේ නිකන් ගෙදර යන ගමන් උනත් සිව්දුවක් හදලා ප්‍රසිද්ධ වෙන්න පුළුවන් කියලා. ඒත් මේ වගේ සැබෑ නිර්මාණ වල කතාව සම්පූර්ණයෙන් වෙනස්. විශාල කාලයක්, ශ්‍රමයක් වැය කරලා අපේ රටේ දේ සැබැවින්ම ඉදිරියට ගේන්න හදන මේ වගේ කලාකරැවන්ට අපි හොර කරන්න හොඳ නෑ. පස්සේ තමයි ඒකත් තේරෙන්නේ.....

    ඔබට ජය !

    ReplyDelete
  7. හ්ම්ම්. සීඩී එක අහලා පාවෙන තත්ත්වයකට ගියාට නම් කමක් නෑ..ඒත් ඕක අහ අහ ගිහින් නේද අර එක පාරක් ඇක්සිඩන්ට් නොවී නූලෙන් බේරුණා කිව්වේ? කරන දෙයක් සම්මා සතියෙන්..!

    ReplyDelete
  8. It's here too Rs500/= :/

    https://www.me.lk/store.php?genre=18

    ReplyDelete
  9. නියමයි ! ඊලඟ පැදුරෙදි බෙර වාදනයක් අපේ දුකාගෙන් !

    ReplyDelete
  10. ඇහුවා වගේ තමයි විස්තර කියවලා, විවේකයේ අහන්නම් කො!

    දුකෝ, කවුරු වුනත් අර මලයා ලොකු පරිත්‍යාගයක් කරලා තියෙන්නේ. පින්.

    CD එක කොපිකරන්න එපා කියපු ඉල්ලීම නම් ගොඩාක් වටිනා දෙයක්. ඒ කතාව මේ නිර්මාණ ගොන්නට විතරක් නෙවේ, අපි උපරිමයෙන් පිලිපදින්න ඕනෙ පුලුවන් හැම අවස්ථාවකම. නැත්නම් කලාකරුවන් දහදුක් විඳලා කරන නිර්මාණයක් හැන්ඩ්බිල් ගානට වැටෙනවා, ඒ මිනිසුනට කිසිම ප්‍රතිලාභයක් නොලැබී. එහෙම වුනාම ඔවුන් තව නිර්මාණ කරන්න පෙලඹෙන්නේ නැහැ. ඉන් වෙන්නේ වෙදමහත්වරුන් සමඟ මියැදෙන දේශීය වෙද ශාස්ත්‍රය හා සම්බන්ධ පොත පතට වුන දේම නේද?

    ReplyDelete
  11. රවි බන්දු ශූරීන් කියන්නේ මමත් බොහෝම කැමති ෂිල්පියෙක්. බෙර වාදන නම් අහලා නෑ මම. නමුත් එක වරක් සිතාර් වාදනයක් ඇහුවා වගේ මතකයි... ඒත් හරියට මතක නෑ... මම ගොඩක් කැමතියි එතුමගේ ඇපියරන්ස් එකටත්.

    ReplyDelete
  12. ඔය CD එක අහන්න ගිහින් තමයි තව පොඩ්ඩේන් දුකාටත් අනිච්චාවත සංඛාරා කියන පෝස්ට් එක ලියන්න උනේ. උදේම මට කථා කරලා මෝඩ හිනාවක් හෙම දාලා විස්තරේ රස කර කර කිව්වාම(ඒ උනාට එයත් හොදටම බය වෙලා) මටනම් දාඩියකුත් දැම්මා
    Nadeesha

    ReplyDelete
  13. බලමු ඇරන් අහන්න. හොඳ ඔත්තුවක්. එවගේම කොපි කරන්න දෙන්න එපා කිව්ව එකත් හොඳ උපදෙසක්. මොකද මේ වගේ කැපවීමකින් නිර්මාණ කරන කලා කරුවන්ට ඔවුන්ගේ නිර්මාණ තමා තමන්ගේ දරුවන්, තමන්ගේ ආත්මය. ඒක විනාශ වෙනවා කියන්නේ ඔවුන්ගේ නිර්මාණශිලිත්වයම විනාශ කරනවා කියන එක.

    ReplyDelete
  14. ඇත්ත දුකා සහෝදරයා...
    මං හිච්චි එකා සංදියේ ගමේ ඉස්කෝලෙ උදවිය තම්මැට්ටං හේවිසි ගහනකොට ඒ හඬ කඳුවළල්ලෙ හැපිල දෝංකාර දෙනකොට වින්ඳ අපූරු සතුටක්..
    පසුකාලීනව මාධ්‍යය තුලින් ඔය ඔය පඥ්ච තූර්ය වාදන ඇහෙනකොට ඇඟේ ලේ අළුත් ජවයකින් ගලායනව දැනෙනව...මංහිතන්නෙ ඒ අපේ ජානවලින් ආපු අපේ දේවල් අපට සමීප හින්ද වෙන්න ඕන...
    ඒවගේම කෝවිල්වල වාදනයකරන බෙර හඬ අහන්නත් මං ආසයි..ඔය වැල්ලවත්තෙ මයුර ලේන් එකේ තියෙන කෝවිල ගාවා වැඩ බිමක මං කාළයක් රාජකාරි කොලා නෙව...ඉතිං ඔය කෝවිල ගාවට ගිහින් ඒ බෙර හඬ (මද්දලයද නම..මමහරියට දන්නෙනැහැ..මාව නිවැරදි කරන්න..)අහගෙන ඉන්න එකත් මගේ දෛණික ජීවිතයේ අංගයක් වෙලා තිබුණා...

    සුලා..

    ReplyDelete
  15. හ්ම්ම්ම්ම්....මාත් අහල බලන්න ඕන අයියෙ

    ReplyDelete
  16. දුකා අයියා... හැමෝම වගෙ මාත් කොපියක් ගන්න පුලුවන්ද කියලා අහන්න හිටියේ... ඒත් අර අන්තිමට කිව්ව කතාව කියෙව්වම තමයි තේරුනේ ඒක කොච්චර අසාධාරණ වැඩක්ද කියලා... CD එකක් ගෙන්න ගන්න ඕන... බලමු අපිටත් තුසිතයට යන්න පුලුවන් වෙයිද කියලා...
    ආහ්.. ක්‍රිතිකා අයින් වෙන්ට යන්නේ ඕං city fm එකෙන්...

    ReplyDelete
  17. සොරි සොරි ක්‍රිතිකා අයින් වෙලා දැන් ගොඩක් දවසක්ලු.... :D

    ReplyDelete
  18. මාර අදහස් නේ............

    ReplyDelete
  19. @අසන්කා නගේ!
    අපරාදේ නගේ . . කියන්නද වැඩක් ආයේ පාරක් සල්ලි දීලා ගන්න එතකොට නැති කර ගන්නේ නැතුව තියා ගනී . .

    @හේමලයා
    ෂා නියමෙට ඇති එහෙනම් .. උදේ හවස සංගීත චාරිකා Wooooow

    @හරී!
    දවසක මම මේ සී ඩී එක ලක්මාල්ගේ අතේ ඔයාට එවනන්ම් අහලා පස්සේ ආපහු දෙන්න හැබැයි නිවාඩු ගියාම මතක ඇතුව එකක් සල්ලි දීලා ගන්න හොඳේ

    @චානක මලේ!
    සොයන්නාට සම්බ වේ කියන්නේ ඕකයි කොල්ලෝ . .. එල එල

    @තිසා
    උඹට මේ කොල්ලව මුන ගැහිලා නෑ මචං . .. පුදුම චරිතයක්. මට පෙර අනික් උන් කියලා හිතන මාරම මාර කොල්ලෙක්. ඩුබායි ඉන්නේ, වෙලාවාක මුනගස්සන්නම්

    ReplyDelete
  20. @හෙළයා
    1. ඔන්න ඔන්න ඉතිං . . හික්ස්
    2. මට හරිම සතුටුයි මගේ ඉල්ලීම ගන බොහෝම ගැබුරින් හිතලා බලපු එක ගැන සහෝ . ..

    @සචී
    අනේ ඔව් සචී, උදේ පාන්දර මේ සී ඩී එක බෑග් එකට දාගන්න්කොටම නදීශා කිව්වේ මේඅක් ඇහුවාට් කමක් නෑ හැබැයි පරිස්සමින් කියලා. අහ් ඔයාලා මේ ශෝ එක එල්පින්ස්ටන් එකේ බලන්න ගිය දවසේ ඇති වුනු ඉරීස්යාව ගැන ලියන්න බරි උනා . . හි හි
    හරි ඔන්න මම සම්මා සතියෙන්

    ReplyDelete
  21. @ ඡානක සහ බුද්දික
    බොහෝම ස්තූතියි කිව්ව දෙන්නාටම

    @දුමී
    අනේ මචෝ උඹ දන්නවනේ මම සංගීතය රසවිඳින්නෙක් මිසක් ගායකයෙක් හෝ වාදකයෙක් නොවන වග . . . අපි දර්ෂනටම කියමු මචං ඒ වැඩේ

    @ඩීන්
    ඔව් මචං . .. මේ පාරම්පරික කලාකාරයෝ, කලවට ඉහල වටිනාකමක් තියෙන අද දවසේ වුනත් ඔවුන්ගේ කලා හැකියාවන්ට සරිලන ආකාරයේ නියමිත මිලක් ලබන්නේ නැති බව මම පුද්ගලිකවම දන්නවා. බොහෝවිට ඉතාම සුලු කීප දෙනෙක් පමනයි ඉහල වටිනාකමක් ලබන්නේ අනෙක් බොහෝ අය උඹ කියන දේශීය වෛද්‍ය වරු වගේම බුලත් අතක් විතරක් අරගෙන වෙදකම් කරන ඒ නිසාම රැඳෙන්න බැරිව දෙවෙනි පරම්පරාවකට සාෂ්ත්‍රය දෙන්න බැරිව ළතවෙන අය මම හිතන්නේ

    ReplyDelete
  22. @කුෂාන්!
    එතුමාගේ බෙර වාදන අහලා නැත්නම් අදම මේ සී ඩී එක අරගේන් අහලා බලපන් මචෝ . . .

    @නදීෂා
    හික් හික් හික් . . හරි හරි ඉන්න මම මේ ලිපියේම ඒකේ ලින්ක් එකත් පැත්තකින් දාන්නම් . . .

    @ප්‍රියන්ත
    හරිම සතුටුයි මචං මම දුන්නු අදහස අගය කිරීමත් පිලිගැනීමත්. මේ සී ඩී එක අනිවාර්‍යෙන් අරගෙන අහපන් මචන් . . දරුවෙක්ට තෑග්ගක් විදිහට දෙන්න හොඳ දෙයක් මචන් මේක . ..

    ReplyDelete
  23. @සුලා
    ඔව් සුලා ඒ බෙරය ට කියන නම මද්දලය, මෘදංග බෙරය කියලත් කියනවා. වෙලාවක තුන්පත් රටා බ්ලොග් එකේ බෙර ගැන ලිපියක් දාන්න ඕන.

    මචං මටත් හිතෙන්නේ ඒකමයි. අපේ ජානවලින් අපිට ලැබිලා ඇති මේ දේවල් වල නියම අගය විඳින්න අවශ්‍ය රසවින්දන ශක්තිය . . .

    @හෂිත
    අහන්න අහන්න මලේ සල්ලි දීලා ම අරගෙන අහන්න ඇහැකි නම් අගෙයි.

    @පුතා!
    පුතා ඔයාටත් කියන්න තියෙන්නේ හරීට කියපු දේමයි. වෙලාවාක් මේ සී ඩී එක දෙන්නම් අහලා මට ආපහු දෙන්න හැබයි නිවාඩු ගියාම අනිවාර්‍යෙන් මේක අරගන්න . ..
    අයියෝ කොල්ලෝ ක්‍රිතිකා සිටී වන් සීරො වන් එකෙන් අයින් වෙලා දැන් ගොඩක් කල් හූ

    @තක්ෂිල !
    ම් ම් ම් කොයි අදහස්ද මලේ මාරයි කිව්වේ . . .

    ReplyDelete
  24. හ්ම්.. ඇත්තටම ලස්සන නිර්මාණ ගොඩාක් තියන ඇල්බම් එකක්.
    ඕක ආපුම දවස් වල මං ගත්තා....

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails