
සම්බාධක වලට පොල්ල දානව කියලා කියනවා. 70දශකය ගැන දන්න කියන අය දන්නවා හාල් පොල්ල මිරිස් පොල්ල ගැන.
අපේ ගෙවල් වලත් එදා ඉඳන් අද වෙනකම් තියෙන පොල්ලක් තියෙනවා. ඒ තමයි "ලිංගික පොල්ල" සමහර ගෙවල් වල වැඩිහිටියෝ ලිංගික කියන වචනේ ඇහෙනකොටත් වෙව්ලනවා. මතකයිනේ අර මඩොල් දූව පොතේ ඉස්කෝල මහත්තයාගේ ළමයි තුන්වෙනි සිල්පදේ (කාමයේ වරදවා හැසිරීමෙන් වලකිමි)කියන එකේ තේරුම අහනකොට ඉස්කෝලේ මහත්තයා මගාරින හැටි .
අපේ අක්කගේ ළමයි තුන්දෙනෙක් දැං ලොකුයි. නංගිගේ ලමයි තාම පොඩී. මගේ එකාත් තාම හරියට කතා කරන්නෙත් නෑ . . අපි අක්කගේ පොඩි උන්ට නම් පුංචිම කාලේ ඉඳන් ලොකු වෙන ලොකු වෙන විදිහට ලිංගිකත්වය ගැන හොඳ වැටහීමක් ලබා දුන්නා. අපි විස්වාසම කරන දේ තමයි ලමයින්ව නරක දේවල් වලින් බේරා ගන්න තියෙන හොඳම දේ හොඳ ලිංගික අධ්‍යාපනයක් ලබා දීම කියන එක.
මේ කතාව ටික දවසකට කලින් මමයි අපේ ගෙදර උන්දැයි වෙන මොකද්දෝ කතාවක් මතක් කරන්න හදද්දී අහම්බෙන් මතකෙට ආපු පරන කතාවක් . . .
ඒත් ලිංගිකත්වය කියන දේ පොඩ්ඩක් ගෑවිලා තියෙන නිසා ලියම්දෝ නොලියම්දෝ කියලා හිත හිතා ඉඳලා අන්තිමේදී හිත හදා ගත්තා ලියනවයි කියලා මොකද කොහොම කිව්වත් මම ඔය ලිංගික පොල්ල සමාජයෙන් ඉවත් කලයුතුයි කියලා හිතන කෙනෙක්නේ.
අනික මේ බ්ලොග් කියවන්නේ මෙලෝ දෙයක් නොතේරෙන පොඩිම අය නෙමෙයි නේ . . ඔය ලිංගිකත්වයට අදාල දේවල් ඒ අය වුනත් දැන ගන්න එක නරකක් වෙන එකක් නෑ කියලයි මගේ හැඟීම.
තව දෙයක් මේ ලිංගිකත්වය කියන දේ තවදුරටත් ටැබූ සබ්ජෙක්ට් එකක් කර ගන්න එකෙන් වෙන්නේ ලොකූ අගතියක් කියලා මේ දිනවල වෙලාව ලැබෙන ලැබෙන විදිහට කියවන නන්දසේන රත්නපාල මහතා ලියපු පර්යේෂන ග්රන්ථයක් වුනු "ශ්‍රී ලංකාවේ ගණිකාවෝ" පොත කියවද්දීත් මට හිතුනා.
හරි වැල් වටාරම් ඕන නෑ . . මෙන්න කතාව
එක කපල් එකකට විවාහ වෙලා කාලයක් යනකනුත් දරු සුරතල් බලන්න ලැබිලා නෑ.
සමහර අය නම් උවමනාවෙන් කල් දානවනේ ෆැමිලි ප්ලෑනින්ග් නිසා. ඒත් මේ අය එහෙම නොකරම ප්‍රමාද වෙලා. දන්නවනේ බැදපු ජෝඩුවකට ළමයි හදන්න ප්‍රමාද උනාම අපේ සමාජයේ අයට තියෙන අමාරුව. . .
"ඔයාලා බැඳලා දැන් ගොඩක් කල් නේද . . හ්හ්ම්ම්ම් . .."
"ඩොක්ට කෙනෙක් හම්බෙන්න ගියේ නැද්ද . . ?"
"අර අහවල් දේවාලේ කපුවා නම් ඕවට උදව් කරනවාලු . . . අරයා ත් ඒ කපුවා ගාවට ගියට පස්සේ එයාට නිවුන්නු හම්බුනා අනේ . . ."
"මහත්තයාව පොඩ්ඩක් බැලෙව්වා නම් හරි අනේ . . "
"උඹේ නෝනව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපන් . ."
ඔය වගේ කතා අම්බානකට . . එක විකාරයයි . .
මේ ජෝඩුවටත් කවුරු හරි යෝජනා කරලා ඩොක්ටර් කෙනෙක් ව මීට් වෙන්න කියලා. දෙන්නම ඉතිං ගිහින් . . . . ඩොක්ටත් කතා බහ කර කර ඉඳලා විස්තර අහලා කිව්වලු . . "අපි මුලින්ම Sperm Test එකක් කරමු. ඒකේ රිසල්ට් බලලා ඊට පස්සේ අනිත් කරන්න ඕන ඒවා ගැන කතා කරමු" කියලා
ජෝඩුවත් ඕ කේ ඩොක්ටර්" කියලා කැමැත්ත පල කලාලු.
"මේ චිට් එක ලැබ් එකට දෙන්න කිව්වලු"
පස්සේ ලැබ් එක්ට චිට් එක දුන්නාම එතන ඉන්න කෙනා හිස් ජෑම් බෝතලයක් දීලා කිව්වලු මේකට දාලා ගෙනත් දෙන්න කියලා . . .
මේ මනුස්සා ඒක ඒ වෙලාවේ භාර නොදී ගෙදර අරන් ඇවිත් . .
පහුවදා උදේ මේ ජෝඩුවේ පිරිමි කෙනා විතරක් ඩොක්ට හම්බුවෙන්න ගිහින් . . මේ පහල තියෙන්නේ එතනදී වුනු දෙබස . .
"ඩොක්ටර් . . මම ගෙදර අපේ කාමරේට ගිහින් දොර වහගෙන ඉස්සෙල්ලාම වම් අතින් ට්‍රයි කලා . . බැරි වුනා . . පස්සේ දකුනු අතින් ට්‍රයි කලා බැරි උනා . .. "
ඩොක්ටර් මේ මනුස්සයා දිහා බලාගෙනම ඉන්නවලු . .
"පස්සේ වයිෆ් ට කතා කරා. . එයත් ඇවිත් වම් අතින් ට්‍රයි කලා . . . බැරි උනා දකුනු අතිනුත් ට්‍රයි කලා . . බැරි උනා . . පස්සේ එයා කකුල් දෙක මැද්දේ හිර කරගෙන ට්‍රයි කලා ඒත් බැරි උනා . .. "
ඩොක්ටර් ඇස් දෙක පුංචි කරලා බැලුවලු මේ පොර දිහා ..
"ඔය අතරේ අපිට ඇහුනා දෝරේ බෙල් එක ගහන සද්දේ . . බැලින්නම් එහා ගෙදර චම්පා . . . අපිට එයාගේ මහත්තයා තමයි කිව්වේ ඩොක්ටර්ව මීට් වෙන්න කියලා . . ඉතිං එයා විස්තරේ දන්න නිසා අපි ඉතුරු ටිකත් කිව්ව . . . අපි දෙන්නම ට්‍රයි කරලා බැරි උනා කිව්වම එයා උදව් කරන්නම් කිව්වා. . . "
"මොකක් . . ඔහේගේ මොලේ හොඳ නැද්ද . . " ඩොක්ටර්ගේ කටින් එක පාරටම කියවුනා .
"චම්පත් වම් අතින් ට්‍රයි කලා . . . බැරි උනා දකුනු අතිනුත් ට්‍රයි කලා . . ඒත් බැරි උනා . . පස්සේ එයාත් කකුල් දෙක මැද්දේ හිර කරගෙන ට්‍රයි කලා ඒත් බැරි උනා . . . අන්තිමේදී එයා කටින් ට්‍රයි කලා . . ඒත් බැරි උනා ඩොකටර් . . "
"ඔහේට මම කිව්වද ඔච්චර හරියක් කරන්න කියලා . . ඔහේ මාර මනුස්සයෙක් නේ . ." ඩොක්ටට හොඳටම මල පැනලා
"අනේ සමාවෙන්න ඩොක්ටර් . . මේ බැරිම තැන මම අවේ ඩොක්ට ට මේකට පොඩි උදව්වක් කරන්න පුලුවන්ද කියලා අහලා බලන්න කියලා . . .. "
"තමුසෙට ඔල්මාදෙද . . තමුසේ මම මොන ජාතියෙ කෙනෙක් කියලද හිතන්නේ . . . " ඩොක්ටර් පුටුවෙන් නැගිටලා කෑ ගහන්න ගත්තා . . .
"ඉතිං ඩොක්ටර් කොච්චර ට්‍රයි කලත් මේ බෝතලේ මූඩිය ඇර ගන්න බැරි නම් කොහොමද මේකට ඒවා දීලා ටෙස්ට් කරන්න ගෙනත් දෙන්නේ . .. !
. . . . . . . . . . . . . . . . . . . . . .
PS: මේ මම ටික දවසක් යනකම් හැංගිලා ඉන්නේ හොඳේ . . . හික් හික් හික් . .