Sunday, February 14, 2010

ජීවිතයට වෙනස්ම අත්දැකීමක් එකතු කල නිවාඩුවක් . . !



කලින් පෝස්ට් එකක ලිව්ව වගේ මෙදා පාරත් ලියන්න තියෙන්නේ "ඔන්න ඉතිං නිවාඩුව ඉවරයි. හැබැයි සති දෙකක නිවාඩුවක් කියන්නේ මෝය කටින් පොල් ලෙල්ලක් ගියා වගේ තමයි" කියලම තමයි.

හැබැයි මෙදා පාර නිවාඩුව මට, මගේ ජීවිතයට වෙනස්ම අත්දැකීමක් එකතු කලා කීවොත් නිවරදියි.

මගේ නරක ගතියක් ලෙස සලකා ඒ හේතුවෙන්ම මාව ඇසුරු කරන්න අකමැති සමහර අය හඳුන්වන නමුත්, අම්මාගේ ජාන වලින් මට ලැබුනු හොඳ ගතියක් ලෙස මම අගය කරන, "කියන්න තියෙන දේ පොල්ලෙන් ගැහුවා වගේ මූනටම කියන" ගතිය නිසා මාව ලඟින් ඇසුරු කරන්න කැමති අයට වැඩිය අකමැති අය වැඩි වුනා වුනත් නියම මාව අඳුනගෙන මට ආදර කරන ළබැඳියන් ගෙන් මට කිසිම අඩුවක් නෑ.

ඒ ගොඩක් ළබඳියන් කාලයක් ලඟින් ඇසුරු කරලා එක නවාතැනේ නවාතැන් අරගෙන එකට කාලා බීලා රන්ඩු කරලා හිනාවෙලා එක එකාගේ හොඳ නරක දැන අඳුනාගෙන ඇති කර ගත්තු සබඳකම් . . .

ඒ ළබැඳියන් සමඟ සතුටු සාද, විනෝද චාරිකා මට අලුත් දෙයක් නෙමෙයි වුනත් මේ බ්ලොග් අවකාශේට එකතු වුනාට පසු සයිබර් ලෝකයේදී අඳුනගෙන ළබැඳියන් වුනු අය රාශියක් මට මුන ගැහුනේ මේ නිවාඩුවේදී. ඒවා නිකම්ම හමුවීමක් නොවී සතුටු සාද දක්වා ඒවා ඇදී ගියා. ඒකයි මම කිව්වේ මේ නිවාඩුව මට "මගේ ජීවිතයට වෙනස්ම අත්දැකීමක් එකතු කලා " කියලා.

මගේ බ්ලොග් එකේ පෝස්ට් වල කමෙන්ට් හරහා, මූනු පොතේ හරහා, ස්කයිප් එක හරහා යනාදී ලෙස සයිබර් අවකාශය තුලින් ඇති වුනු මේ සබඳකම් අර කාලයක් එකට ඉඳන් ඇති වුනු සබඳ කම් තරම්ම සවිශක්තිමත්, සංවේදී. ආදරණීය, ප්‍රේමණීය සබඳකම් කියලා දැනුනාම මගේ හිත හිරි වැටිලා ගියේ "දෙවියනේ කෙනෙකුට මිනිස් සබඳකම් නැතුව මේ ලෝකේ තනිවෙන්න වුනොත් මොනවායින් මොනවා වෙයිද" කියලා හිතිලා.

ඒ සබඳකමේ සුවඳ . . . රැඳිලා තිබුනු ළතෙත් බව . . . එතරම්ම ආදරණීයයි . . . නිවාඩුව නිමාවෙලා ආපහු ඇවිත් ඒ සිදුවීම් දෙස දෙනෙත් පියාගෙන මනසින් හැරිලා බැලුවාම දැනෙන්න හරියට "සිහිනෙන් දිව ගෑ සුවඳක්" වගේ . . .

මානුෂික සබඳකම් හරියට වීදුරු බඩු වගෙයි බිඳෙන්නේ නැති වෙන්න පරිස්සමින් රැක ගන්න ඕන කියලා "කර්නල්ගේ බිරින්දෑවරු" පොතේ සෝමා ජයකොඩි මහත්මිය කිව්ව වගේ මේ මිතුරු සබඳකම් රැක ගන්න ඕන කියලා ඇත්තෙන්ම මට හිතෙනවා

29වෙනිදා උදේම මව්බිමට ගොඩ බැස්ස ගමන් මාස තුන හතරක් වෙන් වෙලා හිටි බිරිඳවයි පුතාවයි දකින්න ලොකු නොයිවසිල්ලකින් සිටියා වුනත් කොලඹින් කරගන්න වැඩ වගයක් තිබුනායින් මුලින්ම ඒ වැඩ ටික කරගෙන යන්න හිතුවා. . . වෙනදට නම් සුපුරුදු පරිදි අහම්බෙන් මෙන් යන්න සිදු වෙන්නේ නංගීගේ නිවසට වුනත් මෙදා පාර යන්න වුනේ අක්කලගේ නිවසට. එහේදි අක්කගේ ළමයි පස් දෙනාගේ ආදරණීය කංකරච්චරල අහගෙන උදේ කෑම කාලා ගියා නංගීව බලන්න. ඔන්න මෙදා පාරත් දැක්ක ගමන් ඇස් දෙකේ කඳුලු පුරෝ ගත්ත වෙනදා වගේ ම(සතුටු කඳුළු)

පස්සේ මගේ ගෙදරට ගිහින් අම්මයි තාත්තයි බලල අම්ම උයල තිබුනු මගේ ආසම මෙනු එක (තලපත් මාළු කිරට උයල, කැරට් හිඳෙන්න උයල සහ උම්මලකඩ දාපු කට්ට සම්බල්) දාඩිය ද දා හායි හූයි ගගා කාල ගියා ගෙදර උන්දැගේ මහගෙදර.

මම හිතුවේ කොල්ලාට මාස කීපයක් නොදැක්ක නිසා මාව අමතක වෙලා අති කියලා මොන . . දක්ක ගමන් හූ කියල සංතෝසෙන් කෑ ගහුවේ නැද්ද . . මම එයාව වඩා ගන්න කම් ඌට සිහිය නෑ . . .ගෙදර උන්දැගේ මල්ලීගේ වෙඩිම ට දවස් කීපයක් නිසා එයා නම් බරටම වැඩ . .

පහුවදා උදේම දළදා මාලිගාවට ගියා කිරි දානේකට. පස්සේ ෂොපින් ගියා නුවර ඇයි මල්ලීගේ වෙඩිමට අඳින්න මට ඇඳුම් ගන්න එප‍යි නෝනගේ සාරි වලට මැච් වෙන පාට වලින්.

3 වෙනිදා වෙඩින් එක තිබුනා 5 වෙනිදා හෝම් කමින් එක. නුවර කොලඹ ගියා 29 ඉඳන් 4 වෙනිදා වෙනකම් රවුම් දෙකාහමාරක්ම.

පස් වෙනිදා හෝම් කමින් එක ඉවර වෙලා දුවගෙන ආවා කළගෙඩිහේනේ සචීලගේ ගෙදර කලින් ඉඳන් ප්ලෑන් කරන් හිටපු පොඩි ගෙට් ටු ගැදර් එකකට. රෑ පාටියක්, නිදා ගන්න පහසුකම් සලසීම වගේ හේතු නිසා කිහිප දෙනෙකුට තමයි මේකට සෙට් වෙන්න පුලුවන් වුනේ. අපේ ගෙදර උන්දැ නදීෂා, සචීගේ හබී හශිත, අක්කන්ඩි, ලිෂාන්(ලිෂ්විශ්), චමිල (පිටස්තරයා), ලසිත (ආගන්තුකයා), රචින්ත (මුචා), කූඹියා (බූන්දි ), සඳුන් (නොදරුවා) මේ සතුටු සාදයට එකතු වුනා නමුත් ඉසිර (පොතේ ගුරා) ඩෝසා (ඩෝසන්) පොල්ල තිබ්බා. . .

අනුරාධපුරේට ට්‍රිප් එකකුත් ගියා. එනව කිව්ව විතරයි අපේ රජරට පුත්‍රයා ,උදාර මලයා අපිට රෑ කෑම ලෑස්ති කලා . . අපි වැඩිය කයි කියලා මිරිස් ගොඩක් දාලා තිබුනා වුනත් හායි හූයි ගගා අපි ඇරල දැම්මා ගෙදර අයට කඩෙන් හරි ගෙනත් කන්න බැරියැයි කියලා හිතලා.

එන්න දවස් කීපෙකට කලින් දුකාගේ නිර්මාතෘ වෙච්චි පොතේ ගුරා හෙවත් ඉසිර ගුණතිලක මළයව දැක ගන්න ත් පුලුවන් වුනා . . . සුපුන් සුදාරක මළයට කෝල් කලා. අපේ ගෙවල් ලඟම හිටියා වුනත් ඒකව බලන්න යන්න බැරි උනා. තරිඳු මළයා, චමිදේවා, මලී නගා, රන්දිර මළයා, උෂාන් මළයා එක්ක දුරකථනෙන් පොඩි හලෝ පාරවල් නම් දැම්මා. ධනික මළයට කෝල් කලාට නෝ ආන්සර්.

දවසක් ලිශාන්ලගේ ගෙදර ගිහින් බත් නොකා කට්ලට් කාලා තේ බීලා ආපු නිසා ඌ තරහා වෙයි කියලා හිතලා නුවර ඉඳන් එන ගමන් ඌට කෑම හදලා තියන්න කියලා කෝල් කරලා කියලා අපි එයාලගේ ගෙදර ගිහින් කෑවා කෑවා . . . අම්මෝ මාර කෑමක් ඒක නම් . . (එදා වුනු දේවල්, අහපු කතා ගැන කියනවනම් බ්ලොග් දහයක විතර සීරිස් එකක්ම ලියන්න පුලුවන් - ඒ කතා පසුවට හික් හික්)

මූනු පොත හරහා අඳුන ගත්තු තවත් දයාබර සහෝදරයක් වුනු හසිත් ප්‍රසංග මලයා ව ලිශ් ලගේ ගෙදර එන අතර මගදී මුන ගැහිලා කතාබහ කරලා ආවා.

යාළුවෙකුගේ දුවගේ අවුරුද්දේ උපන්දින පාර්ටියකට ගියා, MC එකේ "3 idiots" ෆිල්ම් එක බැලුවා (ඒක නම් පට්ට) "උත්තරා" ෆිල්ම් එක බලන්න ගිහින් ටික වෙලාවකට පස්සේ නැගිටලා ආවා ඒක මෙලෝ රහක් නෑ කියලා හිතුනු නිසා.කටුගස්තොට දී "බල්ලොත් එක්ක බෑ" නාට්‍ය බැලුවා ඒකත් මට නම් හිතුනේ මෙලෝ රහක් නැති එකක් කියලා තමයි (ප්‍රහසන නාට්‍ය ගොඩක් අපි බලල තියෙන නිසා එහෙම හිතුනා වෙන්න පුලුවන්)

13 වෙනිදා හවස 6.30ට අපි කටුනායකින් ආවා. මෙහාට එද්දී මෙහේ වෙලාවෙන් රෑ 9.30යි. අද උදේම ඔන්න ඉතින් වැඩටත් ආවා . .. ජනකයි රුවනුයි එයාර්පෝර්ට් එකට අවිත් හිටියා අපිව එකක්ගෙන යන්න . . . එන්න කලින් රුවන් බත් එකක් උයල ඇවිත්. ගෙදර ඇවිත් නදීශා, තාත්තා වත්තෙන් කඩලා දුන්නු නයි මිරිස් වලින් කරලක් දාලා පරිප්පු හොද්දක් හැදුවා හදලා ලංකාවෙන් ගෙනාපු අපේ අම්ම හදලා දුන්නු මාළු ඇඹුල්තියල් එක්ක බත් කනකොට මෙහේ වෙලාවෙන් රෑ 12.30යි . .

ඔන්න ඕවා තමයි විශේෂ කරුනු නිවාඩුව ගැන කියනවනම් නිවාඩු කාලෙදී සිදුවුනු. හැම දේටම වඩා අපේ අර පොඩි සුහද හමුව තමයි මට නම් අමතක කරන්න බැරි තරම් හිතට වැඩුනු දේ මේ නිවාඩුවටම .

28 comments:

  1. කියලා වැඩක් නෑ සහෝ. උඹ අපේ ගෙදර ආපු දවස නං මට කවදාවත් අමතක වෙන්නේ නෑ. විශේෂයෙන් ම හශිත අයියලගේ ගෙදර තිබුනු පාටිය නං කියාගන්න බැරි තරං මතකයන් ඉතිරිකරපු එකක්. හැබැයි පුතෝ උඹ මට මඩ ප්‍රහාර බ්ලොග් පෝස්ට් නං දාන්න එපා දෙයියෝ. මගේ සායම දැනට මත් යන්න පරාං අරන්. බොරුනං මූනු පොත සාක්කි.....! XD :P :D :)

    ReplyDelete
  2. සන්තෝසයි ඒ අත්දැකීමේ කොටසක් වෙන්න ලැබුණු එක ගැන. දුකාට විතරක් නෙමෙයි අපිටත් ඒක ඉතාම සොඳුරු ආදරණීය අත්දැකීමක්. ඉතිං දවස තාමත් තරුණයි..හමුවෙමු ආයෙමත් දවසක ඒ වගේම. මේ වතාවෙ මග ඇරුණු අයත් එකතු කරගෙන!

    ReplyDelete
  3. නියම නිවාඩුවනේ....

    ReplyDelete
  4. දුකා මල්ලි මොනවත් ලියල නැහැ කියල අන්න අරහෙ රවා ඔයාව සොයනව....
    ඔයා ලියනව හොදයි කියල මටත් ගොඩක් පරිණත හිත හොද මනුස්සයෙක් කීවා. ඇවිත් ඉන්නව බලන්න යන්න බැරි වුනා කියලත් කීව. මම නම් ඔයාව වැඩිය අදුරන්නෙ නැහැ. ඒත් blog එක නම් අනිවා බලනව....
    සුභ ගමන්

    ReplyDelete
  5. හපෝයි කොයි තරම් කාලෙකට පස්සෙද, උඹේ පෝස්ට් නොදැක මමත් අවුල් වුනා මුල් දවස්වල ඒත් පස්සෙ මතක් වුණා ලංකාවට යනව කියල කියපුබව.

    ReplyDelete
  6. හිහ්හී. . .ආතල් රැයක් නේද අයියේ!
    වික්ටර් වැඩෙත් ලඟදිම කරමු නේ.
    ආගන්තුකයනං කරලා.මමත් හෙට දාන්න ඉන්නේ!
    ලංකාවට ආවත්,කෑම කෑවත්,ට්‍රිප් ගියත් කමක් නෑ රෑට දත් මදින්න එපා!

    /මුචලින්ද

    ReplyDelete
  7. දුකා සෙට් කරලා දුන්න ඒ සැඳෑව නම් මල් හතයි. කවදාවත් අමතක වෙන්නෙ නැති වෙයි ඒ පැය ටික නම්. ඊළඟ සෙට් වීම වෙනකම් ඇඟිලි ගනින්න බෑ. මොකද ඇඟිලි එච්චර නෑ. ඒත් මග බලාගෙන ඉන්නවා හෂිත-සචී යුවලගේ ගෙදර ටෙරාසෝ තලයේ සෙට් වෙන්න.

    දැන් ඉතින් ලියන්න පටන් ගමු. කට්ටිය උඹව හොයන්න පටන් අරන්.

    /පිටස්තරයා...!

    ReplyDelete
  8. මටත් ඇත්තටම කියන්න වචන නෑ. සුන්දර දවසක්. ආයෙ මුණගැහෙමු අනිවාර්යයෙන්ම.

    පාන්දර පහට
    දත් මැද්දෙ නැති මම

    /නොදරුවා......!

    ReplyDelete
  9. Api photos dekka FB eke. Sathutuyi.

    ReplyDelete
  10. අනේ පාටි ටික මග ඈරිච්ච එකනම් දුකයි....අයියා කිවුවනම් මමත් එනවනේ ඉතින් .මට කොල් එකක් අරගන කතාකලාට බොහෝම ස්තූතියි අයියට අනෙක් සැරේ එන්න කලින් දන්වන්න ඊට වඩා කස්ටියට එන්න කියලා ගෙට්ටුගෙදර් එකක් තියමුකෝ.....

    ReplyDelete
  11. හොද fun එකක් අරන් අවිත් වගේ .. එහෙනන් ඔන්න වෙල්කම් බcක් කිව්වා :)

    ReplyDelete
  12. පහුගිය ටිකෙ ඉඩ ලැබුනු වෙලාවට ඔයගෙ බ්ලොග් එක ටික ටික කියවන්න ගත්තා කිපයක් කියවද්දි තමයි දැනුනෙ . ඔයා සති තුනකින් විතර කිසි දෙයක් කරලා නැහැ කියලා. මම හිතුවෙ අසනිපයක් වත්. කරදරයක් වත් වෙලාද කියලා. කොහොම උනත් අපෙන් එක්කෙකි මෙ මිනිසා නෙ. එකයි ටිකක් හොයලා බැලුවෙ. මුනු පොතෙ මම ක්‍රියාකාරි නැහැ. ආපහු ලියන්න පටන්ගන්න අපිට හිතෙන් රස විඳින්න දෙයක්...

    ReplyDelete
  13. පට්ට දවසක් තමා පිස්සු හැදෙනවා.. ස්තූතිය දුකා ඉක්මනට ‍‍වරෙන් අපි උඹ එනකන් බලන් ඉන්නවා..

    ReplyDelete
  14. හැබැයි උදේ පහට රෑට දත් මදින්න නම් එපා..
    /ආගන්තුකයා...!

    ReplyDelete
  15. මමත් මේ කියන්නමයි හිටියේ මොකද මොනවත් ලියන්නේ නැත්තේ කියලා...
    මට කෝල් කරපු වෙලාවේ මට අදහගන්න බැරිවුනා....
    ඉතිං මුනගැහුනනම් කොහොම තියෙයිද...කමක් නෑ දවසක අපි මුන ගැහෙමු....

    ReplyDelete
  16. @ලිෂ්!
    ම් ම් ම් ලිෂ් උඹට කෙලින්ම මඩ ප්‍රහාර එල්ල නොකරන්නම් කියල විතරක් පොරොන්දු වෙන්නම්. ඔය අහපු දැකපු සුන්දර සිදුවීම් ඇයි අපි මේ අපේ සහෘදයන් එක්ක බෙදා හදා නොගන්නේ . . . ! එහෙම හොඳ නෑ නේ බං . . හික් හික්

    @සචී !
    අනිවාර්‍‍යෙන්ම . . දවස තාම තරුණයි . . . ඒ එදා සුහද හමුවෙන් පසු වෙන්වීම, වෙන්වීමක් නොවේ තවත් මුන ගැසීමක ආරම්භයක් කියන එකයි මගේ හැඟීම නම් . . .

    ReplyDelete
  17. @හෙලයා !
    ඔව් අප්පා . . නියම නිවාඩුව ඒත් කාල වෙලාව මදි එක තමයි එකම ප්‍රශ්නේ . . . සති දෙකයිනේ . . සුස් ගාන කොට ගෙවිල ඉවරයි.

    @wath !
    අප්පා අහන්නත් සංතෝශයි. කවුද අප්පේ ඒ මාව අගය කල පුද්ගලයා ??පොඩි ඊ මේල් එකකින් වත් මට දැනුම් දෙන්න බැරි වෙයිද . . ?? අහ් රවාට මම කමෙන්ට් එකක් දැම්මා මම ආවෝ කියලා . තැන්කූ වෙන්න ඕන මගේ බ්ලොග් එක අනිවා කියවනවට . . මම ඔයාගේ එකත් කියවනවා, කමෙන්ට් කරනවත් . . . . !!

    ReplyDelete
  18. @Prabath!
    ඒකනේ බං. ඇයි මම ස්කයිප් එකේ චැටක් දාපු වෙලාවක කිව්වේ යන බව උඹට අමතක වුනාද . . ??

    @මුචා !
    ඔව් ඔව් මලේ හෂිත යෝජනා කරපු වික්ටර් ගේ වැඩේ ඉක්මනට ම කරමු. මට පොඩි කාලයක් දෙන්න. අනේ බං රෑට දත් නොමැද ඉන්න බෑ හැබැයි රෑ තිස්සේ ඇහැරලා ඉඳලා පාන්දර පහට නම් දත් මදින්න බෑ ඕං. . .

    ReplyDelete
  19. @චමිල!
    මම විතරක් නෙමෙයි බං ඒ සන්ධ්‍යාව සෙට් කලේ මූලිකවම සචී - හෂිත, පසුව ලිශ්, මම සහ අක්කන්ඩි. අනිවා ලබන පාරත් සෙට් වෙමු . . මීට වැඩිය ලොකු සහෘද රැලක් එකතු කර ගන්න බලමු. (සචී කිව්වේ දුකාගේ සහෘදයෝ ඔක්කෝටම එන්න කියනවනම් අපි ගෝල්ෆේස් එකේ සෙට් වෙමු කියලයි හික්ස්)

    @නොදරුවා !
    ඔව් මචං . . උඹේයි හෂිතගෙයි අර වක්කඩ ලඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නටපු හැටි නම් මැක්සා . . . මතක් වෙනකොටත් ඇඟ හිරිවැටෙනවා . ..

    ReplyDelete
  20. @KK!
    තැන්කූ තැකූ කතන්දර . . අපි ඉතිං ලංකාවට එනකොට ඔයා නිවාඩුව ඉවරවෙලා ආපහු ගිහින් නේ . . ගහට ගහක් මොරටුවේදී මුන ගැහෙනවාලුනේ බං . .අපිත් ඔය කොහේදී හරි හැබෑවටම හමුවෙයි නැද්ද . . ?

    @රන්දීර වීරකෝන් !
    අනිවාර්යෙන් මලේ අපි එහෙම කරමු කියලා දැනට හිතාගෙන ඉමු . . . පස්සේ එනවිදිහකට බලමු . . නේ

    ReplyDelete
  21. @njana!
    ගියපාර නිවාඩු ගිහින් එද්දී ගුවනේදී උඹව සෙට් වුනා ඒත් මේ පාර එද්දී වයිෆ්යි බබයි එක්ක ආපු නිසා වැඩිය කාත් එක්කවත් කතා කරන්න වෙලාවක් තිබුනේ නෑ . . . එල එල

    @රවා !
    එල එල මචං . . ඔන්න ඔහොම සංවේදී මිතුරෝ නිසා තමයි මචං මේ ලෝකේ එපා වෙන දේවල් සිදු වුනා වුනත් ඒ එක්කම මේ ලෝකේ බදාගෙන ඉන්න තරම් ආදරයක් ආසාවක් ඇති වෙන්නේ . . . මම උඹේ අර මාව හොයලා දාපු පෝස්ට් එකට කමෙන්ට් එකක් දැම්මා . . .

    ReplyDelete
  22. @ආගන්තුකයා!
    කියලා වැඩක් නෑ බං . . . පට්ට දවසක්. . ඊලඟ පාර අපි මෙහෙම කරමු රෑ වෙනකොට දත් බුරුසු හංගමු පාන්දර පහට දත් මදින්න බැරි වෙන්න . .. හික්ස්

    @චමිදේවා. !
    අනිවාර්යෙන් අපි ආයේ දවසක සෙට් වෙමු මචං . . . මේ පාර අර වෙඩින් එකේ වැඩ වලටත් දුවන්න වුනු නිසා වැඩිපුර කාලයක් ලැබුනේ නෑ කස්ටිය සෙට් වෙන්න . . .

    ReplyDelete
  23. එළ එළ දුකා. අපිත් ඉතින් ලංකාවෙ හිටියනම් සෙට් වෙන්න තිබ්බ. බලමුකො බලමුකො පස්සෙ දවසක...

    ReplyDelete
  24. බලපන් මට ඔය ෆොටෝ එකට මූණ දාගන්න බැරි උනා නෙ.. :( කොහොම උනත් උබව හම්බුන එකට නම් මට ගොඩආආආඅක් සතුටුයි සහෝ..

    ReplyDelete
  25. එලෙළ මචන්! පට්ට!!!

    කියන්න වචන නෑ මචෝ සිරාවටම!!!

    ReplyDelete
  26. @indik !
    ඔව් ඔව් පස්සේ දවසක සෙට් වෙමු . . කොහොමත් අපි හැමෝම දැං මේ බ්ලොග් අවකාෂේ පැනි හැලියට වැටුනු ඇඹලයෝ වගේ ඒකටම ඇලිලා ඉන්න නිසා කවදා හරි දවසක සෙට් වෙන්න පුලුවන් වෙයි . .

    @පොතේ ගුරා!
    ඒකනේ උඹ එන්නම් කියලා, කියලා තිබිලා කලින් දවසේ අනේ අයියා එන්න වෙන්නේ නෑ කියලා පොල්ල නොතියා හිටියා නම් උඹත් ඉන්නවා මේ පික් එකේ . . . කූඹියා කලින් දවසේ රෑම ගිය නිසා ඌත් මිසින්ග් මේ පික් එකෙන් . .

    @ ~බිன்ku~ !
    ඔව් ඔව් අන්න කස්ටිය උඹ ලංකාවට එනකලුත් ඇඟිලි ගැන ගැන ඉන්නවා ඔය වගේ පාර්ටියක් දාන්න

    ReplyDelete
  27. අඩේ දුකා යන්නත් ගිහිල්ලානේ.. හොදා හොදා... ! සොරි හොදද කෝල් කරන වෙලාවට ෆොන් එකට ආන්සර් නොකෙරුවට.. මං ඉතිං බිසී මනුස්සයානේ..

    ReplyDelete
  28. අම්මේ.. ඔන්න මම නං කොහොම කොහොම හරි ගෙන්න ගත්තා අපේ ගෙදරටම.. මම කොහොමහරි ඉන්න තැනකට එනවා ගගා හිටියාට වැඩ රාජකාරී ඕනැවටත් වැඩි හින්දා මුකුත් කරගන්න බැරිවුනා.. ඒත් අපි එක පාරක් හරි මේ පාර සෙට් වෙච්ච එක නං ලොකු දෙයක් අයියා.. පාන්දර 3.30 වෙනකං සෙට්විච්ච සෙට්විල්ලයි මාව උඹලා ඔක්කොම එකතුවෙලා දේශපාලන අනාථයෙක් කරවපු එකයි ජීවිතේට අමතක වෙන්‍නෑ.. :P :D :D ලබන පාර අපි ඔක්කොම සෙට් වෙමු.. ඔය පොටෝ එකට මගේ මූණත් දාගන්න බලමු ඊළඟ පාරවත්... :)

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails