

තමා විසින්ම තමා සොයා ගැනීමට දැරූ තැත පිලිබඳ අපට අසා පුරුදු කතා පුවත් ලෙස සිදුහත් කුමරා විසින් සත්‍ය සොයා අබිනික්මන් කල කතා පුවත, නසරතයේ ජීසස් හෙවත් යේසුස් තුමා සත්‍ය සොයා යෑම පිබඳ කතා පුවත ආදිය බව මා පෑසුවොත් ඔබ සැම මා සමඟ එකඟ වේ යැයි මා සිතමි . . . ! !
එවන් වූ පුරණෝක්ති කතා වල ශෛලියට වඩා වෙනස් නමුත් ඒවායේ ආභාෂය ත් බෞද්ධ දර්ශයේ හා ඉන්දීය උපනිෂද් ධර්ම වල කරුනු තර්කානුකූලව විග්‍රහ කරමින් ඒවා ඇසුරු කර ගනිමින් . . ලියූ පොතක් ගැනයි මා මේ සටහනින් ඔබ සැමට දන්වා සිටීමට සිතුවේ . .
තවදුරටත් ඒ පොතෙහි . . අප කිහිප දෙනෙක් හෝ නිතර මුහුන දෙන කිසියම් හුරු පුරුදු මනෝභාවයක් වූ . . . යම් කිසි වෙකු මුන ගැසුනු විට, මීට පෙර ඔහු හෝ ඇය මුන ගැසී තිබෙනවා වැනිව දැනෙන හැඟීමත් . . . කිසියම් පෙදෙසකට ගිය විටෙක දැනෙන (නමුත් මතක ඇති සැටියට ජීවිතයේ කෙදිනක වත් නොගිය බව දන්නා පෙදෙසකට ගිය විට දැනෙන)මේ පෙදෙසට මීට කලින් පැමින තිබෙනවා නොවේදැයි දැනෙන හැඟීමත් . . . කිසියම් වූ සිදුවීමක් සිදුවීමේදී . . මේ සිදුවීම මේ අකාරයාම මීට කලින් සිදුවී තිබෙනවා නොවේදැයි දැනෙන හැඟීමත් . . . සියුම් ලෙස එහෙත් සිතට දැනෙන ලෙස විස්තර කරමින් ලියූ අපූරු පොතක් . . .
මා කලින් ලියූ "සත්‍යක්‍රියාවෙන් හෙලිවූ කටුක අමිහිරි සත්‍ය" බ්ලොග් සටහනට පාදක කර ගත්තේත් මේ පොතේ තිබුනු කොටසක් . . නමුත් එය මගේ මතකයේ රැඳී තිබුනු අයුරින් ලිවූ බව එම ලිපියේ කොටසත් . . . මෙහි එකතු කර ඇති පොතින් ස්කෑන් කල ඒ අදාල පිටුවත් කියවූ පසු ඔබට වැටහෙනවා ඇති . .
මගේ අදහස නම් . . . ඔබ, මේ මා එකතු කල පිටුත් . . . එහි අන්තර්ගතය ගැන මා කල කෙටි සටහනත් කියවූ පසු මේ පොත බැලීමට ඔබට ඇතිවන ආශාව සංසිඳුවා ගැනීමට නම් ඉක්මන් නොවන එකක් නැති බවයි . . . තව දෙයක් . . . මෙම ග්‍රන්තය 2005 වසරේ හොඳම නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය පවා දිනාගෙන තිබෙනවා . . . ! ! !
එය ලියූ කතුවරයාගේ නම "සමරවීර විජයසිංහ" ඔහුගේ දුරකතන අංකය 034-2276746. යම් හෙයකින් පොත කියවා ඒ ගැන ඔබේ අදහස් ඔහුට දැන ගන්නට සැලැස්සුවොත් ඔහුගෙන් අනාගතයේදී තවත් සාර්ථක නිර්මාණයක් එලිදැක්වීම ඉක්මන් කිරීමට හේතු සාධකයක් වේවී කියා මට සිතෙනවා . .. .




3 යි අදහස්:
"මේ ආගමික කියුම් වචනාර්ථ වශයෙන් ගන්න නරකයි මහත්තයා. අපි මේ වා ගැන ටිකක් ගැඹුරට හිතලා පැරණි මුණිවරුන් අදහස් කලේ මොකද්ද කියලා බලන්න ඕනෑ. අමතක කරන්න එපා බුදුන් හිය දාර්ශනික මගේ උපනිශද් ධර්මයත් තිබුණු වග..!"
මේ කොටස ඇති දුකා මාව මේ පොත වෙත ඇඳබැඳ තබා ගන්න. මේ පොත මගේ පොත් ලැයිස්තුවට එකතු කර ගත යුතු පොතක් කලා ඔබ.. ස්තූතියි ඔබට...!
අපේ දහම අපිව රැකබලා ගන්නව අපි කලමනාකරණය කල යුත්තේ අපේ සිතුවිලියිචිත්ත හක්තිය ඉන්ටනෙට් වලට වඩා ප්‍රබලයි මෙයින ඒ බව හොදට කියා දෙනවා
පුස්තකාලේ තිබ්බා..!! ඉලග සැරේ අනිවාර්යෙන්ම අරන් එනවා!
Post a Comment
ඔබගේ අදහස් තමයි මගේ ශක්තිය..සිංහලෙන් ලියන්න http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html මෙතනට යන්න..