Tuesday, July 7, 2009

මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම හිදිතී . . .බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිතී . . .

බොහෝ දුරක ඇති මගේ වැඩ බිමට ඊයේ යන අතර තුර ගීත අහන එක ටිකකට නතර කරලා ලියන්න යමක් ගැන කල්පනා කරන්න ඕන කියල හිත හිත යනකොට . . . විදුලියක් කෙටුවා වැනිව . . . මගේ හිතට එකපාරටම අවේ කළන මිතුරන් ගැන යමක් ලියන්න ඕනා කියන එකයි . . .


දෛවයේ හාස්කමකින් වගේ අද උදේම මට මගේ මිතුරියකගෙන් විද්‍යුත් තැපෑලකුත් ලැබුනා . . . ඒ මම ඊයේ ලියන්න හිතාගෙනම හිටපු මාතෘකාව ගැනම . . . ඉතිං ඒක නිසා මට මේ ලිපිය ලියන්න කියලා මගේ හිත මට බල කිරීමක් කලා . . .


කොහොම උනත් මුලින්ම විද්‍යුත් තැපෑලේ තිබුනු දේ ලිපියේ මුලටම එකතු කරන්නම් . . .


They love you,but they are not your lover
They care for you,
but they are not from your family
They are ready to share your pain,
but they are not in your blood relation.
They are..........FRIENDS! !!!!
True friend...... ..
Scolds like a DAD..
Cares like a MOM..
Teases like a SISTER..
Irritates like a BROTHER..
And finally loves U more than a LOVER

ඔබට කළන මිතුරෝ සිටීද . . ??
කළන මිතුරෙක් හදුනා ගන්නේ කෙසේද . . ??
කළන මිතුරෙකුගෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ මොනවාද . . ??

මට කළන මිතුරෙක් නැතිනම් මිතුරන් පිරිසක් සිටිනවා යැයි මට හැගෙන නිසා කළන මිතුරන් ගැන ලිවීමට මට සදාචාරාත්මක අයිතියක් ඇතැයි කියල මම සිතනවා . . .

කළන මිතුරන් ගැන මට මෙන්න මෙහෙම හිතෙනවා . . . !
  • මගේ ජීවිතයේ ඕනෑම පෞද්ගලික දෙයක් කීමට තරම් විශ්වාසනීය . . .
  • අන් අය ඉදිරියේ මාව හෙලා දැක කතා නොකරන . . .
  • මා ඉදිරියේ මගේ බොරු වර්ණනා නොකරන . . .
  • මගේ වැරද්දක් දුටු විට එය පෙන්වා දෙන . .
  • මගේ හොද දේවල් අගය කරන . . .
  • පිරිසක් ඉදිරියේ මගෙන් වරදි දෙයක් කියවුන හොත් මා කියූදේ (වැරදි බව දැන දැනත්) හරි යයි අන් අය සමග තර්ක කර පසුව (ගොං කතා කියන්න එපා ගොනෝ කියා) මට බැන වදින
  • වැරදි දෙයක් කරන්න මට තදින්ම අවශ්‍ය වූ විටක නොකර බැරි කමට මට අවස්ථානුකූලව වැරදි කරන්න උදව් කර පසුව එහි හොද නරක පෙන්වා දෙන
  • මට දුකක් ඇති වූ විටෙක ඒ දුක බෙදා හදා ගන්නා
  • මම සතුටු වෙන මොහොතක ඒ සතුටේ හවුල්කරුවෙකු වී සතුට බෙදා ගන්නා
  • මා මූල්‍යමය ප්‍රශ්නයකට මුහුනදීඇති විටෙක ඉන් එතෙර වීමට හැකි අයුරින් උදව් කරන . . .
  • මගේ පවුලේ අයත් ඔහුගේ පවුලේ අය මෙන් සිතා කටයුතු කල හැකි . .
  • මට ප්‍රශ්නයක් ගැන කතා බහ කරන්න අවශ්‍යවූ විට ප්‍රශ්නය විසදගන්න උපදෙස් දිය නොහැකි වුවත් අඩුම තරමින් අසා සිටිය වත් හැකි . .
  • අපගේ ඇසුරේ පල පුරුද්දෙන් යම්කිසිවකට මා අනාගතයේදී මේ ලෙස ප්‍රතික්‍රියා කරයි අනුමානය කොට වඩා හොද දෙය ගැන මට අනුශාසනා කරන . . . .
මෙන්න මෙවැනි අයයි කළන මිතුරෝ කියල මට හිතෙනවා. . . .

කළන මිතුරන් ගැන තවදුරටත් මෙහෙම ලියන්න මට හිතුනා . . .

දහම් පාසැලේදි අප අසා ඇති ලෙසට . . .
මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම හිදිතී . . .
බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිතී . . .
ජීවිත ගමනේ නේකවිධ දුක්ඛ දෝමනස්සයන්ගේන් පීඩා විද
ගිමන් නිවන්නට අවැසි කල
ඔවුන්ගේ පියස විශාල නුග රුකක්මැයි සිතට ගතට සිල සදන. . .
ලෝකයේ විවිධාකාර විශමාචාර පුද්ගලයින් ඇසුරු කරනට අපට සිදුවේ . .
යම් යම් සාමාජීය කටයුතු වලදී රාජකාරීමය කටයුතු වලදී . . .
ඔවුන් හා ඇසුරින්,
රිදුනු සිතට . . . පෑරුනු සිතට . .
පිපාසයට දිය දෝතක් සේ . . .
ඉඩෝරයට පොද වැස්සක් සේ . . .
විඩා නිවන්නට ක්ෂෙම භූමියක්මැයි ඔබ. . .
විටෙක අපට ජීවිතයට දැනෙන දුක දරා ගත නොහුනු විටෙක . . .
කෑ ගසා හඩන්නට අවැසිවේ . .
ඉකිගසා හඩන්නට අවැසිවේ . . .
එවැනි විටෙක . .
හිතේ දුක නිවෙන තුරු හඩන්නට ඉඩදෙන
උරහිසක්මැයි නුඹ . . .
සතුටින් ඔකදවූ විටෙක . .
ඔබ සතුටු සයුරකි
මගේ සතුටු ගග හා එක්වී ගලා යන . . .
දුකින් වෙව්ලා පාශානීභූත වී . . .
විපක්ශිත වී ඇති විටෙක . .
මහා පොලොවකි ඔබ . .
මව වෙන් සියලු දුක් උසුලන . . .
ගයන්නට අවැසි කල . . .
වීනාවයි ඔබ මියුරු මියැසිය සපයන . . .
රගන්නට අවැසි නම් . . .
වේදිකාවයි ඔබ . . .
ප්‍රේක්ශකයා ඔබ විචාරකයා ඔබ. . .
උඩ බිම කොහේ බැලුවත් . . .
අංශක 360ක් කැරකුනත් . . .
එහෙත් . . මෙහෙත් . . කොහෙත් . . කොතැනත් . . .
ලගින්ම හිද දිවියට සවිය දෙන
කළන මිතුරාණෙනී. . . මිතුරනී . . . . මිතුරියනී . . .
සසර වසන තුරාවටම
ඔබේ සෙනෙහස සදා වාසනාවන් . . . . !

14 comments:

  1. මට දෙන්නෙක් ඉන්නවා.. එක්කෙනෙක් නම් මේ වෙනකොට මට ‍මුණගැහෙන්නෙම නැති තරම්.. ඒත් මගේ ජිවිතේ සිද්ධ වෙච්ච එක ලොකූ විශ්වාසය කියන හැප්පීමකදි මගේ යාළුවා මාව මරන් කන්නේ නැතුව මාව දාලා යන්නේ නැතුව මාත් එක්ක හිටියා.. ඒ දේ මගේ යාළුවා අතින් වුනා නම් මම කොයි විදිය දෙයක් කරාවීද කියලා මට තාමත් හිතා ගන්න බෑ.. ඒ නිසා එයා අදටත් මගේ හොදම යාළුවා‍.
    තව කෙනෙක් ඉන්නවා.. එයත් වෘත්තියමය අවශ්‍යතා නිසා ඉන්නේ මගෙන් ඈත.. ඒත් දිනපතා මං ගැන හොයලා මට අවවාද නොවන උපදෙස් දෙන්නේ එයා.
    එහෙම බැළුවම මගේ යාළුවෝ දෙන්නම මගේ ළග නෑ.. ඒ අඩුව පුරවන්නේඅම්මා.

    ReplyDelete
  2. මට පස් දෙනෙක් ඉන්නවා හොදම යාළුවො. අපේ හය දෙනාගෙන් ඕනම කෙනෙක්ගෙ ප්රටශ්නයකදි අපි හය දෙනාම එකා වගේ එකතු වෙනව. ඒ වගේම හැම මාසෙකටම අඩුම ගානෙ දෙපාරක්වත් අපි හය දෙනා එකතු වෙනවා අපි ගැන කතා කරන්න. අපේ පවුල් වල අයත් මේ හය දෙනාවම පිලි ගන්නෙ පවුලෙම අය වගේ. හය දෙනාගෙ කල්ලියට දැන් අවුරුදු 20ක විතර ඉතිහාසයක් තියෙනව. හරිම සතුටුයි එච්චර කල් මේ වගේ යාළුවො ටිකක් ආශුය කරන්න ලැබුනු එක ගැන.

    ReplyDelete
  3. මේක මම යකා නටන කාලෙ අපේ අම්ම කියාදීපු කතාවක්.
    "ඔයා ඔය ඉන්න තත්වෙන් අඩියක් පහලට වෑටිලා බලන්න ඔයා වටේ ඔය බුරුතු පිටින් ඉන්න යාලුවො කී දෙනෙක් ඔයත් එක්ක ඉතුරු වෙනවද කියලා.."
    ප.ලි.
    අඩියක් නෙමේ, පඩිපෙලක් පහලට වෑටුනා. එතකොට ඉතුරුවෙච්ච කීපදෙනා අදටත් එහෙමමයි. අනිත් අය එක්ක තරහක් නෑ.නමුත් දෑන් (ලාවට වගේ) අවබෝදයක් තියනවා කා ගෑනද විස්වාසෙ තියන්න පුලුවන් කව්ද ඈම්ඩන්ලා කියලා.

    ReplyDelete
  4. änthräX ගෙ කතාව හරියටම හරි. මාත් හිටපු තැන ඉඳල පඩිපෙලවල් දෙක තුනක්ම පහලට වැටුනු වෙලාවක ලගින්ම හිටියෙ මම මුලින් කියපු ටික දෙනා තමයි. ඊට කලින් මාත් එක්ක හිටි සමහරු මාව දැක්කාම මගහැරල ගිය අවස්ථා එමටයි. ඒ වගේම මම ආයෙත් ගොඩ ගියාට පස්සෙ ඒ අයම මාව හොයාගෙනත් එනවා. ඔන්න ඔහොමයි යාළුවො.

    ReplyDelete
  5. @malee_msg

    කළන මිතුරෝ කියන අය ප්‍රායෝගික ලෝකයේ කොපමන දුරක හිටියත් (ගුවන් සැතපුම් වලින්) . . . සැබෑවටම අපේ හිත ලගම ඉන්නවා වගේ දැනෙනවා නේද ? ? ?

    අද ලෝකය විශ්ව ගම්මානයක් වෙලානේ මලී . . . කිසි කෙනෙක් බොහෝ දුරක නෙමෙයි . . . ! ! !

    ReplyDelete
  6. @ තාරක සමරණායක !

    හරිම සංතෝෂයි තාරක . . . ඔබලාගේ මිතුරුදමටත් . . . මේ ලෝකයේ සියලුම සැබෑ කළන මිතුරන්ටත් මගේ සටහන උපහාරයක් වේවා . . . ! !

    ReplyDelete
  7. @ änthräX

    "සෑම අදුරු වලාවකම රිදී ඉරක් ඇත" කියලා කතාවක් තියෙනවනේ . . . "අඩියක් නෙමේ, පඩිපෙලක් පහලට වැටුනා" කියන අදුරු වලාවෙන් මතු උනු රිදී රේඛාව නියම කළන මිතුරන් පිරිසක් හදුනා ගැනීම කියල හිතුවොත් . . . ! ! !

    ඔබට සතුටක් දැනේවි . . හොද වෙලාවට වැටුනේ කියලා හිතේවි . . .

    අදටත් වඩා අනාගතයේ දවසක අතීතය දිහා ආපසු හැරී බලන කොට . . . . !

    ReplyDelete
  8. තාරක,
    කර්ම කියලා දේකුත් ලෝකෙ තියනවනෙ මචන්. තරහ ගන්න එපා උන් එක්ක. පුලුවන් හෑම වෙලාවකම උදව් කරපන්. උන් කාට බොරු කලත් තමන්ගෙ ආත්මෙට බොරු කරගන්න බෑ නෙ.

    දුකා,
    සහතික ඈත්ත. හෑරිලා බලද්දි ඈවිත් තියන පාර හොදට තාර දාපු තනි කෙලින් එකක් උනොත් කිසි ගතියකුත් නෑ නෙ. ;)

    ReplyDelete
  9. කොයි තරම් ඇත්තක් ද!!!! කඳුලු එන මාතෘකාවක්.....!!! මටත් මගේ ජීවිතේට වැඩියෙන් ම ළඟ යාලුවො හත් දෙනෙක් ඉන්නවා ....පස් දෙනෙක් පාසැල් මිතුරියෝ......(එයින් පරණම යාලුකමට දැන් අවුරුදු 26 ක් වෙන්න එනවා.....අනිත් හතර දෙනා එක්ක මිත්‍රත්වයට අවුරුදු 25 යි.......)...අනිත් දෙන්නා මගේ විශ්ව විද්‍යාල මිතුරියන් දෙන්නා.......ඒ යාලුකමටත් අවුරුදු 14 ක් විතර දැන්..! 1998 දි මාව සර්පයෙක් කාලා මැරෙන්න ගිය වෙලාවෙ රෑ එළිවෙන තුරු රෝහල් ඇඳ ළඟ හිටගෙන මට තනි රැක්ක, මාව බලා ගත්ත නිරෝෂි (මගෙ පරණම මිතුරිය).....දැන් ඉන්නෙ හැතැම්ම දාස් ගණනක් ඈත....ඊළඟ දවසෙ ඒ විදියටම මා ළඟ හිටපු කලණි (මගේ විශ්ව විද්‍යාල මිතුරියන් දෙන්නා ගෙන් එක්කෙනෙක්..).....එයා ඉන්නෙත් ඒ රටේමයි.....පභාෂි......තවත් ඈත රටක.....එයාලා ඉන්නෙ කොයි තරම් ඈත උනත් හැමදාම ඉන්නෙ මගෙ හිත ළඟමයි.... ලංකාවෙ ඉන්න අනිත් හතර දෙනත් නිතර මුණ ගැහෙන්නෙ නැති උණත් අපි සතියකට සැරයක් වත් කතා කරලා දුක සැප බෙදා ගන්නවා.....ඉතින් හොඳ යාලුවෝ කියන්නෙ ජීවිතේට පුදුම වාසනාවක්!!!!

    ReplyDelete
  10. මට මේ කියන යාලුවො set එකක් ම ඉන්නවා... කොහොමත් ඉතින් දකින දකින තැන මට යාලුවො ඉන්න හින්දා ඒ අයගෙන් අතේ ඇඟිලි ගානට මං මෙහෙම යාලුවො හොයාගත්තා.
    හැබැයි හරිම කරදරයක් මේ යාළුවන්ගෙන්..... මගේ අදහස් වල හැටියට වැඩ කරන්න මට දෙන්නේම නෑ. උන්ට නිකම් මම හැරෙද්දිත් දැනෙනවා වගේ.. ගොඩාක් වෙලාවට මම හිතනවා අපි එකම පවුලක ඉපදුනේ නැතත් මං විස්වාස නොකරන පුනර්භවයේදි මෙයාල මගේ ගෙදර අය කියලා. මොකද මේ අය හමු වෙන්නේ හරිම අහම්බෙන් වගේම ආත්මගානක ඉඳන් දන්න මිනිසුන් වගේ දැනෙන නිසා. ඕනෙම දෙයකදි අපි එක්ක මැරෙන්න උනත් මේ වගේ යාලුවො ලෑස්තියි. ඒ වගේම අනෙකාට බිම වැටෙන්න ගහන්න මේ අය දෙපාරක් නම් හිතන්නේ නෑ අනෙකගෙ දුකේදි.

    ReplyDelete
  11. i do not have friends. the one i had also lost.
    i am perfectly willing to stay alone.

    ReplyDelete
  12. හෙන පරණ පෝස්ට් එකක් උනත් මේ දවස්වල මගේ ලොක=ම විනෝදාංශය වෙලා තියෙන දුකා ගේ මේ බ්ලොත් එක කියවගෙන යනකොට අහුවෙච්ච මේ පෝස්ට් එකට යමක් කියන්නම ‍ඕනේ කියලා මට තදින්ම හිතට දැනුනා...

    ලංකාව කියන්නේ මහ කරැමක්කාර රටක් කියලා මගේ හිතේ තද බල හැගීමක් තියෙනවා... ඒක මේ රට ගැන ඇති වෙච්ච තළතිරීඹක් නෙවෙයි... මේ රටේ ජීවත් වෙන මිනිස්සු හින්දා ඇති වෙච්ච හැගීමක්... ඒකට හේතව මේකයි...

    මම පොඩි කාලේ ඉදලම වැඩිය යාලුවෝ ආශ%ය ‍කලේ නෑ... ඒකට හේත කීපයක් තිබුණා.... එකක් අපේ දුප්පත්කම... තව එකක් පදිංචිය කොළඹින් ටිකක් ඈත වීම... ඊටත් වැඩිය ලොක=ම දේ මම හරි කමමැලියෙක් වීම කියලා මට අද හිතෙනවා.. මොකද මට මතක කාලේ ඉදලම මම කලේ පොතක් අස්සේ ඔලුව ඔබාගෙන ඉන්න එක....

    ඒ අතරේ මට යාලුවො හිටියා... කැන්ටින් එකට යන්න... ටොයිලට් එකට යන්න...(මම ගියේ බාලිකා වීද්‍යාලෙකට.. ඒකේ තිබුණ නීතියක් කමා කොහෙ හරි යනකොට ගෑණු ළමයි දෙන්නෙක් යන්න ඕනෙ කියන එක.. ) ඉස්නෝලෙ ඉවර වෙලා කෝච්චියට වෑන් එකට යන්න ඕන තරම් යාලුවො හිටියා....

    ඒත් මගෙ හිතට යාලුවෙක් කියලා දැනුන එකම කෙනා හම්බුනේ ඒ ‍ලෙවල් සන්නස්ගල සර්ගේ ක්ලාස් එකේ අන්තිම සති ‍2 3 දි...

    ඒත් මගේ කරැමෙකට එයා කොල්ලෙක්.....

    මම ඒකයි කිව්වේ මේක මහ කරැමක්කාර රටක් කියලා... මේ රටේ මිනිස්සු තාම හිතාගෙන ඉන්නේ කොල්ලෙක=යි කෙල්ලෙකයි කතා කලොත් උන් දෙන්නා නවතින්න ඔනේ බුදියගෙන කියලා.... කොල්ලෙකයි කෙල්ලෙකයි කතා කරනනොට යාලුවො දෙන්නෙක් කියන එක හිතන්න අපේ මිනිස්සු තාමත් ඔලුව හදාගෙන නෑ....

    මේ පෝස්ට් එකේ ‍ඩොට් කියලා තියෙන හැම දෙයක්ම එයා ගාව තිබුණා.... එයයි මමයි කවදාවක් අපි දෙන්නා අතරට ලිංගිකත්වය ගාව ගත්තේ නෑ.. ඒ කියන්නේ අපි ගාව අපි කොල්ලො දෙන්නෙක් වගේ නැත්තම් කෙල්ලෝ දෙන්නෙක් වගේ කතා කළා... පශන වලදි අි දෙන්න කතා කරලා තියෙන කරම් ගැන Dialog සාක්කි කියයි...

    කොහොම හරි අන්තිමට සිද්ද වෙච්ච දේ අපි දෙන්නට අපි දෙන්නා නැති වෙච්ච එක.... ඒකට හේතව මේ සමාජයට අපේ යාලුකම තේරැම් ගන්න බැරි වෙච්ච එක.....

    ඒකට හේතව වෙන මොකක් වත් නෙවෙයි... එයා කොල්ලෙක් වෙලා මම කෙල්කේ වෙච්ච එක... මහ තරැමක්කාර ජීවිතයක් නේද මේක....

    ReplyDelete
  13. @Hiru !
    අනේ මේ කතාව හරිම දුක හිතෙන කතාවක් . . .

    අපේ රටේ මිනිස්සු මිතුරු කම් වලට ගෑනු පිරිමි බේදයක් ඕන නෑ කියලා හිතන දවස ඉක්මනින් උදාවේවා . . .

    මොකද මමත් ඔය ප්‍රශ්නේ නිසා වර්තමානයෙත් බැට කන කෙනෙක් . . .

    ඒත් මම වැරදි වැඩක් නොකරන තාක් කල් (මගේ හර්ද සාක්ශියට අනුව ) මුලු ලෝකේම ඔලුව බිම තියාගෙන වැරදියි කිව්වත් මම පිලිනොගන්න නිසා නොසැලී ඉන මට ශක්තිය ලැබිලා තියෙනවා

    ඒත් බ්ලේඩ් වගේ ශාප් හා කුනු මාලු වගේ ජරා කතා අහන්න කවුරුද කැමති . . .

    ReplyDelete
  14. ඔය කතාවටත් මට කියන්න තියෙන්නේ ගැණු පිරිමි කතාවක් ම තමා දුකා අයියා....

    ඔයා කොල්ලෙක් වුණු නිසා අදටත් ඔයා ඔය ප්‍රශ්නෙදි ඔලුව කෙලින් තියාගෙන ඉන්න ඔයාට ශක්තිය කියෙනවා...

    ඒත් කෙල්ලෙක් වෙච්ච කරුමෙට මට සමාජයෙන් තියෙන පීඩනය වැඩියි... අවුරැදු 21 වෙච්ච දවසෙ ඉදන් කසාද හොයන මේ මල ඉලවු සමාජය මකබෑ වෙලා ගිය දවසට මටත් ඔලුව කෙලින් තියාගෙන කියන්න පුළුවන් වෙයි එයා තමයි මගේ best friend කියලා... මට හස්බන්ඩ්ලා 10 දෙනෙක් ට වඩා එයාව වටිනවා කියලා...

    ඒත් ... ඒක ළගක දි සිද්ධවෙන දෙයක් නෙවෙයි කියලා ඉතින් අපි දන්නවනේ... හණමිටි කාරයෝ මැරිලා ගියාම ඒ හණ මිටි කරට ගන්න අලුත් පරම්පරාවක් ඉන්නවා.....

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails