Wednesday, July 22, 2009

හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමූ . . . !


"කොළඹ සරසවියේ ශාස්‌ත්‍රපීඨ සිසු ගැටුමක්‌ "

"පහරකෑමට ලක්‌වූ මහරගම නාගරික මන්ත්‍රී මරුදකියි "

අද දිවයින පුවත්පතේ මේ ලිපි දෙක දුටු මට අපේ සමාජයේ මිනිසුන්ගේ එක් අඩුපාඩුවක් සම්බන්ධව යමක් ලියන්න සිතුනා . . .

අපේ රටේ සිංහල බෞද්ධයින් බහුතරයක් සිටියා උනත් . . .අපි හැමෝම ශ්‍රී ලාංකික කියන වර්ගීකරනයෙන් අපව හඳුන්වා ගත්තොත් . . . සාමාන්‍යයෙන් අපේ මිනිසුන් හරිම සාමකාමීයි . . කවුරුන් කෙසේ කීවත් මොන මොන ආකාරයට විග්‍රහ කලත් . . . ශ්‍රී ලාංකික අප ජාතිවාදීනම් නැති බවයි මගේ හැඟීම නම් . . (ජාතිවාදී නැති වුවත් පංතිවාදීයි ) ආගම් කීපයක් සමාජයේ තිබුනා වුවත් බහුතරයකගේ ආගම වූ බෞද්ධ දර්ශනයේ අභාශය සුලුවෙන් හෝ අන් ආගම් වලටත් කර ලද බලපෑමක් නිසා හෝ . . සමානාත්මතාවය . . (එකම පංතියට අයත් අය අතර ) . . මානුශිකත්වය . . මිත්‍රශීලී බව . . සුහදබව . . අප අතර නොඅඩුව තිබෙනවා . .

ඒවාට උදාහරන කීපයක් පහත දැක්වෙන ආකාරයෙන් සටහන් කල හැකියි . .
1. ලංකාවේ සංචාරය කල පිටරැටියන් කරන ලද ගුණවැනුම් . .
2. සුනාමි ඛේදවාචකය අවස්ථාව . .
3. අවතැන්වූ ජනතාවට හැකි අයුරින් කල පරිත්‍යාග . .
4. වෙසක්, පොසොන් දින වලට දෙනු ලබන දානමානාදිය . .
5. පුවත්පත් වල කාට හෝ සිදුවූ අනතුරක් . . කාගේ හෝ අකාල මරනයක් දුටුවිට අනේ . . අපෝයි . . කියා දුක්වීම . .
මේ ටිකක් පමනයි . .

මේ ඉහත දේවල වලට වැරදි ලෙස දායක වූ කොටසක් නැතුවාමත් නොවෙයි . . නමුත් බහුතරයක් ජනතාව මේවාට හර්ද්‍යාංගමව . . .කිසිම පැකිලීමක් නැතුවම . . . දායක වූ කොටසක් . .

කෙටියෙන් කීවොත් ශ්‍රී ලාංකික අප මිත්‍රශීලීයි . . සාමකාමීයි . . හර්ද්‍යාංගමයි . . මානුශිකයි . .

අනිවාර්‍යයෙන්ම එහි ප්‍රශංසාව . . ගෞරවය . . ලැබීමට බොහේ දෙනෙක් උචිතයි . .

එවැනි උතුම් ජාතියක් වූ ශ්‍රී ලාංකික අපට . . මානය . . ක්‍රෝධය . . පාලනය කරගත නොහැකිවීම විශාල ඛේදවාචකයක් ලෙසයි මම දකින්නේ . . . !

රටේ උගතුන් බිහිකරන මධ්‍යස්තාන . . හෙවත් . . විශ්ව විද්‍යාලවල . . උසස් අධ්‍යාපන ආයතනවල . . එහි ඉගෙනුම ලබන්නේ අනාගතයේ රටේ ජීවනාලිය හෙවත් හෙට දිනයේ රට භාර ගැනීමට සිටින තරුණ උගතුන් නම් . . ඔවුන් එකිනෙකාට වෛර කරමින් කා කොටා ගැනීම කොතරම් අශෝභනද?

රට පාලනය කරන ආයතන වන . . . පාර්ලිමේන්තුව . . . පලාත් සභා . . ප්‍රාදේශීය සභා . . වල. . ඇමතිවරුන් . . මන්ත්‍රීවරුන් . . අපට ඕනෑම දෙයක් කිරීමට බලය තිබෙනවා . . . ඕනෑම කෙනෙකුට බලපෑම් කල හැකියි කියන මානයෙන් . . අහිංසක ජනතාව පෙලීම කෙතරම් ජුගුප්සාජනකද?

පොලීසිය හා ත්‍රිවිධ හමුදාව යනු රටේ ව්‍යවස්තාව විසින් සම්මත කරනු ලබන නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතනවේ . . එහි සේවය කරන සමහර මුග්දයින් . . "මම අහවල් පොලිසියේ අහවල් නිලය දරන්නා" . . . "මම හමුදාවේ අහවල් නිලය දරන්නා" ආදී වශයෙන් . . තමාගේ රැකියාවේ සහ නිල ඇඳුමේ . . තරාතිරම කරටගෙන . . සාමාන්‍ය මහජනතාවට ගෙම්බර් දැමීම . . කෙතරම් . . අශිෂ්ටද?

සංගීත ප්‍රසංගයක් යනු ගීත ඇසීමට කැමති අයට පැමින ගීත රසවිඳිය හැකි . . නටන්න අවැසි අයට පැමින නැටිය හැකි . . තමන් ප්‍රිය කරන ගායකයා හෝ ගායිකාව සියැසින් දැක ගැනීමට අවැසි අයට ඉඩප්‍රස්ථා සපයන . . සැමටම පොදුවේ විනෝද වියහැකි තැනක් . . තමන් පැමිනි වාහනයේ යකඩ පොලු හෝ බයිසිකල් චේන් රැගෙන විත් . . . එසේත් නැතිනම් ඉනේ පිහියක් හෝ කිනිස්සක් සඟවාගෙන විත් . . . එසේත් නැතිනම් මොලේ කලඳක්වත් නැති නමුත් ඇඟේ මස් පිරුනු කුළුමීමුන් වැනි මිතුරන් පිරිසක් සමඟින් එවැනි තැනකට පැමින . . එහි සිටින සියලුම ගැහැනු ළමයින්ගේ ඕනෑම ශරීරාංගයක් අතගෑමට . . මිරිකීමට තමන්ට අයිතිය ඇතැයි . . සිතා ඊට එරෙහි වන ඕනම කෙනෙකුට පිහියකින් අනින්න . . යකඩ පොල්ලකින් හෝ බයිසිකල් චේන් එකකින් ගහන්න . . සමහර තරුණ පිරිස් පෙලඹීම . . කෙතරම් අසික්කිතද?

සමාජශාලා යනු . . එවැනි තැනකට ගොස් විනෝද වියහැකි ආර්ථික ශක්තියක් ඇති අය ගොස් මධුවිතක් තොලගාන අය මධුපානය කරන . . . නටන්න අවැසි අය නටන. . තමන්ගේ යහලු යෙහෙලියන් සමඟ විනෝද වන තැනක් . . එවැනි තැන්වලට පිතෝලයක් හෝ ආයුධයක් රැගෙන යන යන සමහර අමන තරුනණයන් . . "මම අහවල් ඇමතිගෙ පුතා" "අහවල් උසස් පොලිස් නිලධාරියා මගේ මාමා" "හමුදාවේ අහවල් ලොක්ක මගේ බාප්පා" කියා . . . නටද්දි ඇඟේ හැපුනා කියා . . නැතිනම් තමන්ගේ ගෑනු ළමයා දිහා බැලුවා කියා . . . බොරු ගොංපාට් දමා . . කලබගෑනි ඇති කිරීම කොතරම් හිරිකිතද?

නිකමට සිතා බලන්න . . කැළනිය විශ්වවිද්‍යාලයේ ගැටුම . . . පුවත්පත් වලින් නිතරම දකින අනෙක් විශ්වවිද්‍යාලවල ගුටි ඇනගැනීම් . . . කැප් තොප්පියක් නිසා තරුණයින් ගනනාවක් මියගිය පානදුර පිංවත්තේ සංගීත සන්දර්ශනයේ ගැටුම . . . පෙම් හබයක් නිසා කුඩා සිසුන් ගනනාවක් නිරපරාදේ මරාදැමූ සූරියවැව ඛේදවාචකය . . ආදී මෙකී නොකී සියලුම සිදුවීම් අපේ දරාගත නොහැකිවූ මානයත් . . . උතුරා යන ක්‍රෝධයත් නිසා සිදුවූ සිදුවීම් නොවේ යැයි පැවසීමට කිසිවෙකුටත් හැකියාවක් ඇතිද???

ඊයේ දවසේ . . අද දවසේ . . මේක කියවන ඔබත් . . ලියන මමත් . . මේ වැරදිවල කොටස් කරුවන් වූවා විය හැකියි . . කුමක් කරන්නද? . . . වැරදි සිදුවීම මනුශ්‍ය ලක්ශනයක් නොවැ . . . නමුත් කිසිවෙකු හෝ ඔබේ වැරැද්ද පෙන්වා දුන් පසුවත් . . නැවත .. නැවතත් එම වැරැද්දම කරනවානම් . . එවිට ඔබ තවදුරටත් මනුශ්‍යයෙක් ලෙස හැඳින්වීමට සදාචාරාත්මක අයිතියක් ඇත්දයි ඔබේම හදවතට තට්ටු කර අසා බලන්න. . .

දිය බින්දුව බින්දුව එක් වෙලා ගඟක් හැදෙනවා යයි අප දන්නවා . . . මුලුමහත් සමාජයක් එක්වරම වෙනස් කිරීමට කිසිවෙකුට හැකියාවක් නැති බවත් ඔබ දන්නවා. . . මෙය ලියූ මමත් . . . කියවන ඔබත් . . ඉටාගත්තොත් . . . හෙට දිනයේදී මෙවන් වරදකට අපේ දායකත්වය නොදෙනෙමියි කියා . . . අපට බලපෑම් කලහැකි අපේ මිතුරු මිතුරියන්ට . . පවුලේ අයට . . හිතවතුනට . . .අපට හැකිනම් උපදෙස් දෙන්න එවැනි වරදවල් වලට දායක නොවෙන්න කියා . . .

හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරන්නට අපට මූලික වියහැකියි නොවේද . . . ?

13 comments:

  1. සහතික ඈත්ත කතාව. වෑඩේ කියන්නෙ දෙයියො අරවගේ බුවාලට තඩි ඈගවල් දීලා පොඩි අපිට තියන ඈග බේරගන්න තරම් මොලෙයි දීල තියන එකනෙ. ඈමති පුත්තු, නෑයො ගෑන මොකුත් නොකියා ඉමු නේද? මොකද හුගක් උන්ට ඈගත් නෑ මොලෙත් නෑ නෙ...

    ReplyDelete
  2. හැම සතාම ඌරු මීයගෙන් පැවත එනවා කීවාට.., පසුකාලේකදී මිනිහා පැවතගෙන එන්නේ වානරයාගෙන් ලු නේ.. මේ කොංක්‍රීට් වනාන්තරෙත්.., තාම වානරයෝ ඉන්නවා. කැලේ නීතිය ක්‍රියාත්මක කොරන්නේ.., තමන් ගේ මොළෙන් වැඩක් ගන්න තරම ඒක වැඩිලා නැතිනිසා නේ...ඒක නිසා අපේ änthräX සහෝදරය කියන්නා වාගේ " ලංකාවේ මොළේ නැති වානරයින් ගෙන් පැවත එන ඈමති පුත්තු, නෑයො ගෑන මොකුත් නොකියා ඉමු නේද? මොකද හුගක් උන්ට ඈගත් නෑ මොලෙත් නෑ නෙ...?

    ReplyDelete
  3. මේක Anonymous කියලා දාපු කමෙන්ට් එකක් . . රිපීට් වුනු පොස්ට් එකක් මකන්න ඕන නිසා ඒකෙ තිබුනු මේ කමෙන්ට් එක මේකට කොපි පේස්ට් කලා. . . !

    කොළඹ විශ්වවිද්‍යාලයේ ගැටුම නම් JVP එක මගින් ඇති කල එකක්. පළමු වසර සිසුන්ව බලෙන් ශීෂ්‍ය සංගමයට බඳව ගන්න ගිහිල්ල තමයි ප්‍රශ්නෙ පටන් අරන් තියෙන්නෙ. පස්සෙ ගැටුම යනකොට කොළඹ විශ්ව විද්‍යාලෙ JVP සාමාජිකයො අඩු නිසා ජපුරෙනුත් ඇවිත් තියනවා. දේශපාලන උවමනා නිසා අන්තිමට ගුටි කන්නෙ අහිංසක කොල්ලෝ.

    ReplyDelete
  4. Asterix කතාෙව් Gaulකාරයන්ට ෙරා්මන් කාරයො ඒක්ක ගහගත්ෙත නැත්නම් හරි අප්ෙසට්. ඒ වගේ සිංහල අයටත් ගැටුමක්, වලියක්, ෙපාරයක්, ගුටිෙකලියක් වගෙ මොකක් හරි නැත්නම් අප්ෙසට්. ඒකනෙ අපෙ පත්තර වල TV news වල ෙහාද දේවල් වලට වඩා ඒ වගෙ ෙද්වල් වල විස්තර තියෙන්නෙ. පාරෙ යනකොට බලන්න දෙන්ෙනක් රණ්ඩු වුනොත් ෙකතරම් නරඹන්නො ඉන්නවද කියල. අෙප් මහා වීර කාව්‍යය වන මහාවංශය අරන් බලන්න, රටෙ යුද්ධයක්, අඩුම තරමෙ රජපවුෙල අරගලයක් හරි නැතුව ඒක දිගට අවුරුදු 50ක් තිබිල තිෙයනවද කියල.

    අපි පුද්ගලයන් විදියට හරිම මිත්‍රශීලීයි . . සාමකාමීයි . . හර්ද්‍යාංගමයි . . මානුශිකයි . හැබැයි කණ්ඩායමක් වුන ගමන් අර වලියට බර ගතිය අැති වෙනව. ඒ වගෙම ඒක සමාන අදහස් තිෙයන අයගෙ කණ්ඩායමක වුනත් කල්ලි ගහන්ෙන නැතුව ඉන්නත් හරිම අපහසුයි. ෙබදිච්ච නැති මරණාධාර සමිතියක් හරි ලංකාෙවන් ෙහායාගන්න ඒක කලුනික ෙහායනවා වගෙ.

    බලය තිෙයන අය ෙපාඩ්ඩන්ට සලකන විදිය ඉතින් කැලෙ නීතිය තමයි. ප්‍රබලයා විසින් දුබලයා අාහාරයට ගැනීම. ඒක නැති කරන්න තමයි අාගම් කියල ෙදයක් තිෙයන්ෙන. හැබැයි මල්වට්ටි අරගෙන පන්සල් ගියාට හතර ෙපා්යට සිල් ගත්තට බණ අැහුවට ඒ ශික්ෂණය අැති ෙනාවන බව පැහැදිලියිෙන ෙම් ෙලාකු ෙලාක්ෙකා දිහා බැලුවම.

    ReplyDelete
  5. හොඳ අදහසක්..

    ඇත්ත මේක අපේ මිනිස්සුන්ගේ විතරක් වැරැද්දක් නෙවෙයි.
    මට හිතෙන විධියට නම් මේක සමස්ත ලෝක ප්‍රජාවම වෙලාගත්තු සංකීර්ණ ක්‍රියාවලියක එක් අතුරු ඵලයක් විතරයි. ලංකාවෙ විතරක් නෙවෙයි ගොඩක් දියුණු රටවලටත් මේක, ඒ කියන්නේ නව පරම්පරා ආවේගශීලී හා ප්‍රචණ්ඩ වීම(සුළු ප්‍රමාණ වලින් නෙවෙයි මහා පරිමාණෙන්) ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඇමරිකාවෙ ඉස්කොලවල ළමයි තුවක්කු ගෙනල්ලා කරන හරඹ/හපන්කම් ටී.වී. එකේ ඕනෑ තරම් දැකලා ඇතිනේ!

    පුවත්පත්, ටෙලිනාට්‍ය, චිත්‍රපට, පරිඝණක ක්‍රීඩා, වෙනත් විනෝදාස්වාදය සපයන වැඩසටහන්(උදා:WWE), අන්තර්ජාලය වැනි මෙකී නොකී බොහෝ දේවල් වලින් අද මිනිසා පොඩි අතදරුවා කාලයේ පටන් ප්‍රචණ්ඩත්වයෙන් පුරවනවා. කෙටියෙන්ම කිව්වොත් අද ප්‍රචණ්ඩත්වය සෑහෙන මුදලකට විකිණිය හැකි විකුණුම් භාණ්ඩයක් වෙලා. දියුණු රටවල් නම් මෙය පාලනයට යම් තරමක හෝ(වැඩිය ප්‍රතිඵලදායක නැති උනත්) විවිධ ප්‍රතිකර්ම යොදනවා. උදා: චිත්‍රපට හා පරිඝණක ක්‍රීඩා සඳහා රේටිං ලබාදීම(අපේ රටේ වගේ නොව මේ රටවල මේ සඳහා වන නීති දැඩියි)

    සියල්ල වානිජකරණය වෙමින් යන(ඉතා වේගයෙන්) ලෝකයක මෙයට ප්‍රතිකර්ම සෙවීම තරමක් අපහසු විය හැක. නමුත් එය නොහැකි දෙයක් නොවේ. ඉතින් හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරන්නට අපට මූලිකව කටයුතු කරමු.

    ReplyDelete
  6. අපේ සංස්කෘතිය හා සභ්‍යත්වය තුල ප්‍රචණ්ඩත්වයට හිමිවෙන්නේ කාණු පල්ලමකටත් අඩු තැනක්. ඒක අපිට බුදුදහමත් එක්ක ලැබිච්ච දෙයක්.

    නමුත් පළමුව අධිරාජ්‍යවාදයත් දෙවනුව ගෝලීයකරණය යන ලස්සන වචනයෙන් හඳුන්වන දෙයත් නිසා එය විනාශ වීමට(කිරීමට?) යෙදුනි. මිනිසුන් මෝඩයින් බවට පත් වන්නට(කරන්නට?) විය. කිමද මිනිසා බුද්ධිමත් නම් ඔහුට එක එක විකාර කියා විකිණිය හැකි භාණ්ඩ ප්‍රමාණය අඩුය; ඔහුව සූරා කෑ හැකි ඉඩ අඩුය. නමුත් ඔහු මෝඩ නම් ඕනෑම බොරුවක් කියා ඒවා විකිණිය හැක. මම අහල තියෙන කතාවක් මට මෙතෙන්දි මතක් වෙනවා "නියම ව්‍යපාරිකයෙකුට එස්කිමෝ කෙනෙකුටත් ශීතකරණයක් විකිණිය හැකිලු" ඉතින් මේකෙ උච්චතම අවස්ථාවක් වන ගෝලීයකරණය ගැන හිතාගන්න පුළුවන්නේ.

    මම තව කතාවක් මතක්වෙනවා. ඇමරිකා‍ව කියන්නේ ඉරානෙටයි, උතුරු කොරියාවටයි ලෝක සාමය ගැන කියමින් අනික් අතට ලෝකෙ පුරා යුධ කඳවුරු තියාගෙන, න්‍යෂ්ටික ආයුධ දහස් ගණනක් තමන්ගෙ අතේ තියාගෙන, ලෝකෙ වැඩිම යුධ වියදමක් තියෙන, හැමෝටම සද්දෙ දාන එක්කෙනානෙ. ඉතින් ඇමරිකාවට මේ හැම පාට් එකම දාන්න ඕනෙ වෙන ආයුධ ඔක්කොම හදන්නෙ පෞද්ගලික කොම්පැනි වලයි(එහෙ හැමදේම වගේ පෞද්ගලික කොම්පැනි තමයි) ඉතින් මේ කොම්පැනි වලට අළුත් ආයුධ සඳහා පර්යේෂණ ආදිය සදහා කොම්පැනියට සල්ලි තියෙන්න ඕනෙ. කොම්පැනියට සල්ලි තියෙන්න නම් කොම්පැනිය ලාභ ලබන්න ඕනෙ. කොම්පැනිය ලාභ ලබන්න නම් තමන් නිපදවන ආයුධ විකුණන්න ඕනෙ. ආයුධ විකුණන්න නම් ලෝකෙ යුද්ධ තියෙන්න ඕනෙ. ඉතින් ලෝකෙ යුද්ධ නැත්නම් මේ මොන පාට් එකක්වත් දාන්න ලැබෙන්නෙ නෑ. ඒ හින්දා ලෝකය කුලල් කා ගත යුතුමයි.

    මට තවත් කතාවක් මතක් වෙනවා. හයිටිය කියන රාජ්‍යය පෙර ස්වයංපෝෂිත කෘෂීකර්මාන්තය හොඳින් තිබුණු රාජ්‍යයක්. ඉතින් මේ රටට ඇමරිකාව නිකං කෑම බෙදුවා. මේක සෑහෙන කාලයක් කලහම රටේ කෘෂිකර්මාන්තය බිඳවැටෙනවා. ඊට පස්සේ නිකං දෙන එක නවත්වනවා. එතකොට මොකද වෙන්නේ? දැන් හයිටිය කියන්නේ වාර්ගික යුද්ධ තියෙන කන්න කෑම නැතුව මඩ වලින් රොටී හදාගෙන කන වාර්ගික යුද්ධ වලින් පිරිච්ච රටක්!(ලංකාවෙනුත් UN සාමසාධක හමුදා සඳහා හයිටියට බටපිරිස් යවලා තිබුනා මතක ඇතිනේ)

    බුද්ධාගම කියන්නේ මැජික් පෙන්නන ආගමක් නෙවෙයි; මිනිසාගේ හික්මීම එහි ප්‍රධාන අරමුණයි; අනෙක් ඒවා මෙන් නොව ලෝකයට අයිතිවාසිකම් කියමින් ලෝකය සූරා කන්නට නොව තමන් සතු දෙයත් අනෙකාට දී ලොව සනසන්නටයි බුදුදහම උත්සාහ කලේ. ඒත් දැන් බුද්ධාගමත් හොඳට කට්ටිය මාකට් කරනවා.

    මෙය වෙනස්කරන්නට දැන් කාලයයි. ඒ සඳහා අපි පෙළගැසෙමු.

    (කමෙන්ටය දිග වීමත් සමහර දේ ලිපියට සෘජුවම අදාල නොවීම ගැනත් සමාවෙන්න; අදහස් එන්න ගත්තහම නවත්ත ගන්න අමාරුයි.)

    ReplyDelete
  7. හරිම සංතෝෂයි . . . සෑහෙන යමක් ඉගෙන ගත්තා . . . ඔබ දෙපලගේ කමෙන්ට් බලලා . . . කමන්ට් එක දිගු වූවාට කම් නැහැ . . . එයින් ඉගෙන ගත යුතු දේ බොහෝයි . . . මා වටහා ගත් ලොකුම දේ . . හැම දෙනාම සාමකාමීව ජීවත් වීමට කැමතියි . . . නමුත් සාමාජයික සාධක එයට ඉඩක් ලබා දෙන්නේ නැහැ . . . නමුත් අප උත්සාහ කලොත් උඩුගං බලා පිහිනීමත් කජ්ජක් නොවේ . . . එසේ නොවේද සොයුර . . ?

    ReplyDelete
  8. @ The Chinthaka !
    ඔබ කිව් දෙය ඇත්ත . . . අපි මෙතැන් පටන් වත් යමක් කරමු කියා හිතුවොත් . .

    අඩුම තරමින් ඔබයි මමයි වත් හිතුවොත් . . සමාජයේ එකම වැරැද්ද යලියලිත් කරන දෙන්නෙක් අඩු වෙනවා . . එහෙම නේද??

    අපි මෙහෙම කරමු . .

    පාරෙ යනකොට කිසිවෙකු හෝ රන්ඩුවෙනු දුටුවොත් . . බලා ඉන්න එක්කෙනෙක් හරි ඉවත් කරන්න උත්සාහ කරමු . . (පිට කෙනෙක් නොවෙයි අපි දන්න කියන කෙනෙක්ව වත් . . . නැතිනම් අපිටත් ගුටි කන්න වෙන විදිහේ සමාජයකනේ අපි ඉන්නේ ) . .

    අරගල තියෙන රජ පවුල් වලට දැනුම් දෙන්න උත්සාහ කරමු (ලිපියක් වත් දාමු . . . ලේකම් වත් බලයිනේ අඩුම තරමින්) ඊලග සැරේ චන්දෙ දෙන්නේ රට සමගි කිරීම කෙසේ වෙතත් පවුලේ සමගියක් වත් ඇති කර ගත්තොත් විතරයි කියලා . . .

    අපේ කන්ඩායමේ ඉන්නවානම් වලියට බර අය සාමාකාමී තනි තනි අය කතාවෙලා වලියට බර අයව ගැන්සියෙන් එලවමු . . .

    බෙදුනු මරණාධාර සමිතියට කියමු . . බෙදීම් අනවශ්‍යයි . . බෙදිල මරා ගන්න හදනාවානම් මරණාධාර සමිතියෙන් අයින් වෙනවයි කියලා . .

    දැනට බලය තියෙන අයට ඒ බලය දුන්නේ අපේ කතිරයෙන්නේ . . අඩුම තරමින් අපේ මිතුරු මිතුරියන්වත් . . . ගෙදර අයවත් දැනුවත් කරමු එවැනි අයට කතිරය ගහන්න එපා කියලා . .

    අද හෝ හෙට ඉක්මන් ප්‍රතිපල නොලැබුනත් . . . එකා එකා එකතු වී අනාගතයේ කෙදිනක හෝ දිනක අපට අවශ්‍ය සාමකාමී පරිසරය ගොඩනැගෙන තුරු . . . උත්සාහය අත්නොහැරියොත් . . .

    සතුටු වියහැකි ප්‍රතිපල නොලැබේ කියා ඔබ හිතනවාද ??

    ReplyDelete
  9. @ The Chinthaka
    ඕක ඉතින් කියන්න තරම් දෙයක් නෙමේනේ. අපෙ අයට යුද්දෙ නැතුව ඉන්න පුලුවන් උනේ අවුරුදු දෙකක් විතරනේ.

    ReplyDelete
  10. අපට ෙම් ජරා සමාජ ක්‍රමයෙන් ගැලෙවන්න අවශ්‍යයි. නැත්නම් හැමදාම අපි සංවර්ධනය ෙවමින් පවතින රටක්.

    මානව වටිනාකම් ෙනාහදුනන මුදල්ම පමණක් ෙසායා යන පරිෙබාජනවාදී සමාපයක උඩුගම් බලා පීනන්න ෙල්සි නැහැ. ඒත් ඒ සදහා අවශ්‍ය පසුබිම බුද්ධ දර්ශනය ඔස්ෙස් අපිට ලැබිල තියෙනවා. (මම ෙම් කියන්නෙ "ෙම් බුදුන්ෙග් ෙද්ශෙය්" අැති "පිරිසිදු බුද්ධාගම" ගැන ෙනාවෙයි)ඒ පසුබිම අෙනකුත් අාගම් වලටත් අදාලයි.

    අෙප් රටෙ හැම ෙදයක්ම ෙද්ශපාලනිකයි. (ඒකට හරියන වචනය ෙද්ශපාලන ගැතිබව). කඩෙන් පාන් ෙගඩියක් ගත්තත්, කුණු ටික විසිකරත් ඒක ෙද්ශපාලනිකයි. හැම ෙදයක් දිහාම අපි බලන්ෙන ෙද්ශපාලන ගැතිබවක් අැතිව. ෙද්ශපාලන දෘෂ්ඨිෙකා්ණයක් නැතිව සමබරව ප්‍රශ්න දිහා බලන්න පුරුදු ෙවනව නම් ෙම් ෙවනස කරන්න හරි ෙල්සියි.

    අපට අවශ්‍ය වන්නෙ සමාජය තුල අාකල්ප ෙවනසක් අැති කිරීමයි. අපි හැෙමා්ම ඒ අාකල්ප ෙවනස අැති කිරීමට දායක ෙවනව නම් ඒක අමාරු නැහැ.

    ReplyDelete
  11. @ ජීවන්ත !
    බේ බ්ලොග්ස් බලන හැමෝම . . සමහරුන් දෙමාපියන් වියහැකියි . . සමහරුන් හෙට දිනයේ දෙමාපියන් වීමට බලාපොරොත්තුවෙන් ඉන්නා අය වියහැකියි . . කුඩා සහෝදර සහෝදරියන් සිටින අය වියහැකියි . . "නව පරම්පරාව ආවේගශීලී හා ප්‍රචණ්ඩ වීම" වැලැක්වීමට

    1. දරුවන්ට වෙඩිතබා ගැනීම් . . මිනීමරාගැනීම් වැනි ප්‍රචන්ඩ කියා වලට පොලඹවන සෙල්ලම් බඩු ලබා දීමෙන් වලක්වමු . .
    2. ඉහත සඳහන් කල ආකාරයේ පරිඝනක ක්‍රීඩා ලබා නොදී ඉමු . .
    3. රෙස්ලිං බලන්න ඉඩ නොදීසිටිමු . . .

    ඇමෙරිකාවේ යටින් ආයුද විකුනා උඩින් සාමය බෙදාහරින ඊනියා මානවහිතවාදීකම ගැන අප දැනුවත්ව . . හැකි ප්‍රමානයක් දැනුවත් කරන්න උත්සාහ කරමු . . (අපේ සිංහල, දෙමළ, මුස්ලිම් මිතුරු මිතුරින්ට කියමු උන්ගේ උගුලේ නොපැටලී ඉන්න කියලා)

    හයිටියේ ජනතාවට වූ දේ ගැන සමාජය දැනුවත් වී නිකම් ඉඳන් කන්න බලං ඉන්න මානසිකත්වය ඉවත හෙලන්නට අපට කල හැකි සෑම දෙයම කරන්න උත්සාහ කරමු . .

    බුද්ධාගම මැජික් එකක් කියා එය මාකට් කරන්න හදන අයට හැකි සෑම අයුරින්ම ගහන්න පුලුවන් උපරිමයෙන් (අතින් පයින් නොවේ) ගහමු . .
    1. බ්ලොග් අවකාශයේ "මෙන්න පන්සලක ඇඩ් එකක් . ." වගේ දෙවල හොද උදාහරන . .
    2. මේ ඊමෙල් එක 15 දෙනෙකුට ෆෝවඩ් කරන්න නැතිනම් ඔබට අයහපත්ක්වේ කියා ඊමේල් එවන අයට හැරෙන තැපෑලෙන් "රිප්ල්යි ඕල්" කර සියලුම දෙනාට දන්වා සිටිමු මෙවැනි මෝඩ වැඩ මින් මතු නොකරන්න කියා . . .

    ගෝලීයකරනයේ මායාවට හසුවීම ගැන නම් ඉතිං මොනා කියන්නද කියා හිතා ගන්න බෑ . . මොකද ඔබත් . . මමත් . අප හැමෝමත් දැනටමත් මේකේ ගොදුරක් වී අවසානයි . . හිතන්න අපට ජංගම දුරකතනයක් අවශ්‍යනම් අපි ගන්න බලන්නේ අතේ සල්ලි නැති උනා උනත් . . අපි දන්නා අය හැම දෙනාටම වඩා මිල වැඩි . . අනර්ඝම එකක් . . ගෙයක් හදන්න ගියොත් හැමෝටම පේන්න කාටවත් නැති තරම් ලස්සන එකක් හදන්න තමයි අප හැමෝම හිතන්නේ . . . අපේ හැම අවශ්‍යතාවක්ම ඉටුකර ගන්න හිතූ ගමන් අපි හිතන්නේ අන් අය හැමෝටම වඩා වැඩියෙන් හොදම දේ අරගන්න . . . බුදුදමේ උගන්වපු අල්පේච්ඡ ජීවිතය කියන සංකල්පය හිතට හොරා අප බැහැර කර තිබෙනවා . . . ! මින් කොහොම ගැලවෙන්නද කියන එක මටනම් තාම හිතා ගන්න වත් බෑ . . !

    ReplyDelete
  12. මෙතන තියෙන කමෙන්ට දැක්කමයි මේක ලියන්න හිතුනේ. ඇත්තටම සමාජයේ මේ ප්‍රචණ්ඩත්වය, කුහකකම, තණ්හාව කියන එකට එක එක්කෙනාට බැන බැන ඉඳලා වැඩක් නෑ. අර දේශපාලකයා හෝ මේ දේශපාලන පක්ෂය මේකට වගකියන්න ඕනෙ කිය කිය බැන බැන හැමෝම තමන්ගේ වගකීමෙන් නිදහස් වෙන්න උත්සාහ කරනවා. එහෙම නෙවෙයි; මේකට හැමෝම වගකියන්න ඕන; මේක හැමෝගෙම වගකීම.(කියමනක් තියෙනවනේ අනිත් එකාගෙ ඇහේ තියෙන පොල් කෙන්ද පෙනුනත් තමන්ගෙ ඇහේ තියෙන පොල් පරාලෙ පේනනෙ නෑ කියල) නැත්නම් වෙන්නෙ අර කකුළුවා ඇදට යන ගමන් පොඩි එකාට කෙලින් යන්න කිව්ව වගේ දෙයක් තමයි.

    අනිත් කාරණය දේශපාලනය කියන එක නරක දෙයක් නෙවෙයි. ඒක පාවිච්චි කරන විධියයි වැරදි. පිහියෙන් පාන් කපන්නත් පුළුවන්; බෙලි කපන්නත් පුළුවන්. ඒ වගේ තමයි දේශපාලනයත්. අනිත් එක දේශපාලනය කියන එක අපෙන් වෙන් කරන්න බැරි ආදරය, වෛරය වැනි අපේ චිත්ත ප්‍රවාහයේ ගැඹුරින්ම පවතින දෙයක්. මම ලිව්වා ඒක ගැන මෙතන http://trueorcrazy.blogspot.com/2009/03/blog-post_08.html

    අල්පේච්ඡ ජීවිතය ගැන මෙහෙම කියන්නම්. මම මුලින්ම තීරණය කරන්න ඕනෙ මගේ ජීවිතය නැත්නම් මගේ අවශ්‍යතා ගැන තීරණය කරන්න කව්ද කියල; මමද නැත්නම් ටී.වී. එකේ ඇඩ් දාන අයද නැත්නම් කඩේ මුදලාලිද කියල. මේක අපි තීරණය කලොත් අපිට බැරි වෙන එකක් නෑ මේ උගුලෙන් ගැලවෙන්න.

    ඉතින් දුකා කිව්වා වගේ හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරන්නට අපි හැඩගැසෙමු. ලෝකය හදන්න කලින් අපි හැදිල ඉමු. හැමෝටම සුභ ගමන්!

    ReplyDelete
  13. අපේ කොලඹ විස්සවිජ්ජාලෙ හෙවත් තුම්මුල්ල සෙන්ට්‍රල් එකේ සාස්ත්‍ර පීටෙ කලා බර වලි බර පොරවල් තමයි ඉන්නෙ. අවුරුදු පහකට විතර කලින් දවසක මමත් ඔය වලියක් නිරීක්ෂණය කරලා තියෙනවා. හරි මරු.අලුත් පුස්තකාල ගොඩනැගිල්ලෙ වීදුරු කීපයක් සලාං බලාං කියල කුඩු වුනා එවපු ගඩොල බාග වල සැරට , පොලු කෑලි බය්සිකල් චේන් අරගෙන සාස්ත්‍ර පීට මානවකයො සහ හාමුදුරුවරු දුවනවා ( නැහැ වඩිනවා )අනේ දෙව්දත් නොදිටි මොක්පුර තමයි :):)

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails