Monday, July 6, 2009

ආදරේ නම් මහා මායාවකි . . !


වසන්තයේ එක හිමිදිරි උදයක . .
උදා ළා හිරු හිනැහෙන මොහොතක . . .
මාගේ කුටියේ කවුලු පියන්පත් . .
දෑතින් දෙපසට විවර කල සැනින් . . .
අලුදැයි . . නිල්දැයි සිතුමට වත් බැරි . .
අදුරු වූ බොද මීදුම අතරින් . . .
හීගඩු නංවන සීතල අරගෙන . . .
පෙගුනු පියාපත් තාලෙට සලමින් . .
පාන්කිරිත්තෙක් කිචි බිචි ගාමින් . . .
කීවේ කිම්දැයි . . දන්නවාද ඔබ. . . ?
ආදරෙ ආදරෙ මේ බොරු ආදරෙ
අද ඈ මා ලග හෙට කොයි දැයි වත් කවුරු දනීවිද . . ! ! !
ආදරෙ නම් මහ මායාවකි දනු
කිව යුතු හැමටම යා යුතු මා දැන්. . . !

7 comments:

  1. ලස්සන නිසදෑස.
    මතක නෑ මේ කතාව දෑක්කෙ කොහෙද කියලා. ඒත් මෙතෙන්ට ගෑලපෙයි කියලා හිතුවා.
    "there is one truth about girls, as long as a guy want to f*%$ her, she love him madly, as soon as he want to love her, she f*%$ him so badly"

    ReplyDelete
  2. ස්තූත්යි මචං . . . ඒත් මගේ හැගීම මට දැන් හොදට නිසදැස් ලියන්න බෑ කියලයි . . ඉස්සර පාසැල් යන කාලයේ ලොකු බූට් එකක් කාලා නම් ලිව්ව ලිවිල්ලක් දිනපොත් පිරෙන්න . . . ඒවා හරිම ලස්සනයි (මට හිතුනු හැටියට ). . . පස්සෙ හිතුවා ඇයි නොලැබුනු දේවල් ගැන දුක් වෙන්නෙ කියලා ඉතිං ඔක්කොම දින පොත් පුච්චල දම්මා . . . උඹ ලියපු ඉංග්‍රීසි කියමන නම් එළ . . සිරාවටම ඇත්ත ඒක නම් . . . !

    ReplyDelete
  3. "ඒවා හරිම ලස්සනයි (මට හිතුනු හැටියට )"
    මෙකනෙ මචෝ, එක උඹේම අත්දෑකීමනෙ. උඹම කියවද්දි spot on. මන් දන්නෙ නෑ ඈයි කියන්න මේ නිසදෑස ගෑන මට ඈති උනේ එවගේ හෑගීමක්.
    තවත් දෙයක්. ඉස්කෝලෙ යන කාලෙ මෑරෙන්න ආදරේ කරපු කෙල්ල අනිවාර්යයෙන්ම බූට් එක දෙන්න ඔනා. මොකද වයසට ගියපුවාම මතක් කරන්න සුන්දර අතීතෙකුත් තියෙන්න එපෑ.

    ReplyDelete
  4. ඒක නම් ඇත්ත විශේෂයෙන්ම ඒ ළමයා මට බූට් එක නොතිබ්බනම් . . . මම අද වෙනකොට දරුවෝ 4 - 5 දෙනෙකුගේ පියෙක් . . . පොඩි පඩියකට ජීවිතේ කඹුරන සේවකයෙක් . . . බූට් එක තමයි මට ශක්තිය දුන්නේ ජීවිතේ ඊට වඩා දුරකට යන්න . . . !

    ReplyDelete
  5. ඔය තේරිලා තියෙන්නෙ කොල්ලට. එක දොරක් වෑහෙද්දී තව අම්බානක් ඈරෙනව බන්. එකම දේ පොඩ්ඩක් හොයලා බලන එක. ;)

    ReplyDelete
  6. සුලගින් බිත්ති තැනූ . . . සුවදින් පිරියම් වූ . . .
    මාළිගයකි මගෙ හද දොරගුලු නැති . .
    පිරී තිබේ . . . තදබද වී . . .
    ආදරේ . . .

    අහසකි මගෙ හිස . . සියොතුන් හැසිරෙන . .
    සැමරුම් මේකුලු . . අතර නිරන්තර . . .
    නිදහස ඇත . . . කාටත් පිවිසෙන්නට . . .
    ඉන්න එපා එලිපත්තේ . . .
    ආදරේ . . .

    මුවවිට තෙක් හද . . . ඔබෙන් පිරී ඇත . .
    එනමුදු හැම විට . . පුංචි ඉඩක් ඇත . .
    තව එක් අයෙකුට . . . පිවිසිය හැකි ලෙස . .
    දොරක් වැසී . . දොරක් ඇරේ . .
    ආදරේ . . .

    මේකෙත් කියනවා එක දොරක් වැසෙන කොට තව දොරක් ඇරෙනවා කියලා. . . එළම තමයි මචං . . .

    ReplyDelete
  7. "තවත් දෙයක්. ඉස්කෝලෙ යන කාලෙ මෑරෙන්න ආදරේ කරපු කෙල්ල අනිවාර්යයෙන්ම බූට් එක දෙන්න ඔනා. මොකද වයසට ගියපුවාම මතක් කරන්න සුන්දර අතීතෙකුත් තියෙන්න එපෑ."

    "බූට් එක තමයි මට ශක්තිය දුන්නේ ජීවිතේ ඊට වඩා දුරකට යන්න . . . !"

    කතා 2ම හරියටම හරි මාත් එක පිලිගන්නවා... :D

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails