Saturday, July 4, 2009

මගෙ කූඩුවට ඇවිත් සල්ළාල පෙම් වතෙක් . .!


විවාහක කාන්තාවන් පුරුෂයන් අනියම් පහසක රසය සොයන්න පෙලඹෙන්නේ ඇයි . . . . !

ස්ථානය: එක්තරා වර්ගයේ තවුතිසාවක් හෙවත් . . කාර්ය්‍යාලය. . .
දිනය : කාර්ය්‍යාලයේ වැඩ අධික දවසක් . . .!
පාත්‍රවර්ගයා : මම සහ කාර්ය්‍යාල සගයින් දෙදෙනෙක් . .

පශ්චත්භාගය රත්කරගෙන . . . පරිඝනකයට මූන ඔබාගෙන . . බොක්ස් ෆයිල් දෙක තුනක් මේසෙ පුරා දිගාකරගෙන . . . කෝපි එකක් වතුර එකක් බොන්න වත් වගක් නැතුව . . වැඩක් කරමින් සිටි මොහොතක එක සගයෙක් ඔහුගේ පුටුව අපේ පැත්තට හරවාගෙන . . .

"මචං, උඹලා නිකමට හරි හිතලා තියෙනවද ඇයි මේ ගෑනු / මිනිස්සු තමන්ට පෙරාපු රත්තරන් වගේ බිරිදක් / ස්වාමි පුරුෂයෙක් ඉන්නැත්දී කොහේවත් යන රස්තියාදුකාර මිනිහෙක් එක්ක හරි කිසිම වැදගැම්මකට, අංගපුලාවකට නැති ගෑනු එක්ක හරි පැටලෙන්නේ කියලා . . . " කියා බොහෝ හදිස්සියෙන් වගේ ඇසුවා . . .

"මොකෝ මේ හදිස්සියේ . . . උඹේ ගෑනි වෙන එකෙක් එක්ක පැටලිලාද . . නැතිනම් . . . උඹේ හිත වෙන කොහේ හරි පැටලිලාද . . .? " අපේ තව සගයෙක් ගානකට නොගෙන කියා දැම්ම. . . නමුත් ඔහුත් හීන් සීරුවේ ඔහුගේ පුටවත් හරවා ගෙන සංවාදයකට ලෑස්ති වෙන ආකාරයක් පෙන්නුම් කලා . . .

"අනේ මචං මට නම් එහෙම ප්‍රශ්න නෑ . . . ඉතිං ඔය ගැන හිතන්නවත් ඕන වෙලා නෑ . . " මමත් එහෙම කිව්වත් වැඩ නම් කොයි වෙලාවේ කර ගන්න පුලුවන්ද කියල හිතලා බුද්ධිමය සංවාදයට එකතු වෙන්න කියලා මගේ පුටුවත් හරවා ගත්තා . . .

ඔන්න එතකොටම ලොක්කත් වතුර එකක් ගන්න අපේ සංවාද මන්ඩපය මැද්දෙන් ගමන් කරන්න ආ නිසා අපි ලිපි ටිකක් අත්වලට අරගෙන ව්‍යාපෘතියක ප්‍රශ්නයක් සාකච්ඡා කරනවා වගේ අපේ බුද්ධිමය සංවාදය දිගටම කරගෙන ගියා . .

"මට මෙන්න මෙහෙම දෙයක් හිතෙනවා මචං, මේ තමන්ගේ බිරිද / ස්වාමියා සමගින් ලිංගික ජීවිතයේ උපරිම තෘප්තියක් නොලබන නිසා තමයි මේ දේ වෙන්නේ කියලයි මට හිතෙන්නේ" කියල සංවාදය අරඹපු සගයා පැවසුවා . . .

"ගෑනු / පිරිමි හරි බයයි තමන් දන්න ක්‍රම වලින් වෙනස් වෙනස් විදිහට උපරිම වින්දනය ලබන්න තමන්ගේ බිරිද / ස්වාමියා තමන්ව සැක කරයි කියලා මෙයාට මීට කලින් පලපුරුද්ද තියෙනවා කියලා හිතයි කියලා . . . මම නම් මගේ බිරිදට කියලා තියෙන්නේ මම නම් එහෙම පටු විදිහට හිතන්නේ නෑ එක නිසා ඕනම දෙයක් ඕනම විදිහකට කියලා . . " ඔහු යලිත් කොටසක් එකතු කලා . . .

"ලංකාවේ අපි බොහෝදෙනා විවාහ වෙන්න කලින් බොහෝ විට මොනයම් හෝ ලිංගික අත්දැකීමක් ලබලා තියෙනවා. . ගොඩාක් වෙලාවට ඒක ලිංගික අපයෝජනයක් මොකද ලිංගිකත්වය ගැන මෙලෝ හසරක් නොදන්න කාලෙකදි තමයි එය බලෙන්ම වගේ ලැබෙන්නේ . . . (ලිංගික අපයෝජනය ගැන වෙනමම ලිපියක් ලියන්න හිතං ඉන්නවා පසුව ) ඉතිං තමන් අහලා තියෙන නැතිනම් නිල් චිත්‍රපටයක දැකලා තියෙන එහෙමත් නැතිනම් වැඩිහිටියන්ට පමනක් වෙන්වූ පුවත්පතක තිබී කියවා ඇති අකාරයට වෙනස් වෙනස් ආකාරයේ යම් ආකාරයට යමක් අත්හදා බලන්න කිසි කෙනෙක් පැකිලිය යුතු නැහැ කියලයි මම නම් හිතන්නේ . . " මමත් ඔන්න ඉතිං සංවාදයට එකතු උනා . . .

"අනික තමයි ගැහැනු පිරිමි හැමෝම දැන ගන්න ඕනා තමන් සාන්තුවරයින් කියලා අනිත් කෙනා හිතන්නෙ නැති බව . . . (එහෙම සාන්තුවරයෙක් නම් ඉතිං විවාහ වෙන්නෙ නැහැනේ) ගැහැනුත් පිරිමින් වගේ අවස්තාවක් ලැබුනු විට නිල් චිත්‍රපට බලන බව, වැඩිහිටියන්ට පමනක් වෙන්වූ පුවත්පත් බලන බව පිරිමින් දන්නා බව ගැහැනුන් දන්නවානම් ඒ ලෙසටම පිරිමින් ගැන ගැහැනු දන්න බව පිරිමිත් දන්නවානම් ඔය තමන්ගේ ස්වාමියා / බිරිද අනියම් සම්බන්ධකම් වල පැටලෙන එක බොහෝ දුරට අඩු කරගන්න පුලුවන් කියලයි මට හිතෙන්නේ . . " මම තව නැටි කෑල්ලක් එල්ලුවා . . .

"අඩුම තරමින් පිරිමි පිරිමි ළමයි එකතු වුනු වෙලාවට විවෘතව ලිංගිකත්වය ගැන අදහස් ප්‍රකාශ කර ගන්නවා වගේ නැතිනම් තමන්ගේ අත්දැකීම් බෙදා හදා ගන්නවා වගේ ගැහැනු ළමයි ගැහැනු ළමයි එකතු වුනු වෙලාවට ඔවුනුත් එවැනිම දේවල් ගැන කතා බහ කරලා ගත්තු දැනීමක් හැමෝටම ඇතැයි කියල ගැහනු පිරිමි සැමෝම සිතනවානම් ස්වාමියාට බිරිදට කිසි බයක් සැකක් නැතුව උපරිම නිදහසින් යුතුව සිදුවීම් වලට මුහුන දිය හැකියි කියලාත් හිතෙනවා . . . " මගේ මිතුරා යලි ඔහුගේ අදහස් එලිදැක්වූවා. . .

"ඔව් ඔව් එතකොට කිසිම ප්‍රශ්නයක් නැතුව අනියම් ඇසුරක පහස පතන්නේ නැතුව . . තමන්ගේම නියම සහායකයා / සහායිකාව එක්ක ප්‍රීතිමත් යුග ජීවිතයක් ගත කරන්න පුලුවන් . . . වෙන වෙන පැටලිලි හදාගෙන පවුල් අවුල් කරගන්න ඕන වෙන එකක් නැති කමින් දරුවන්ගේ ජීවිතත් සුන්දර වෙයි . . " මෙතෙක් වෙලා නියම අසන්නෙකුගේ විලාශයක් වෙන්නපු අපේ අනික් සගයාත් පැවසුවා. . .

ඔබ මොකද මේ ගැන හිතන්නේ . . . ඔබේ අවංක අදහස් සමහර විට විවාහ වූ හෝ අනාගතයේ විවාහ වෙන්න ඉන්න අයට ගොඩක් ප්‍රයෝජනවත් විය හැකියි . . . ඒ නිසා අදහස් දක්වන්න ගතවූ කාලය, කාලය අපතේ දැමීමක්, කාලය කා දැමීමක් ලෙස නොසිතා යමක් සටහන් කරන මෙන් කාරුනිකව ඉල්ලා සිටිනවා . . . !

39 comments:

  1. උඹ නම් හිතුවට වැඩිය open minded වගේ. සතුටුයි උඹ වගේ එවුන් බ්ලොග් වලට ආපු එක ගැන. මෙතන මෙච්චර කල් හිටපු හොඳ පුතාලයි අනාගාමී එවුන්ටයි වැඩිය ලොකු දෙයක් සමාජෙට කරන්න පුලුවන් වෙයි කියලා අපි හිතමු. ජය!!!

    ReplyDelete
  2. meke paste karanna behene. I am using firefox

    ReplyDelete
  3. duka ayye mata sinhalen liyanna nam therenne nanaha.. eth oya liyapu okkoma lipi mama asawen kiyawanawa... ewata thax... mama oyage hoda rasikayek.. kusa pabawathi puwathak sinduwe idala..
    eth ada oya liayalathiyana eka gana nam mata podi prshnayak thiyanawa..
    oyawidiyata blue film balanna giyoth matanam hithenne ea prashne thawath wadi wei kiyala..
    mokada ewage thiyenne godak aswabawika dewal..
    ea mata hithena hati..

    thawa pdi prashnayak...
    .
    .
    .
    .
    .
    .

    oya duka kiyala proof karaganne khomada mama?

    ReplyDelete
  4. @Anonymous
    සංස්කෘතිය සදාචාරය කියන බර්ලින් තාප්පෙ ලිංගික පොල්ලෙන් ගහල බිදලා දාන්න නම් මට ඕන නෑ . . (මේක මගේ පොර ටෝක් එකක් නම් නෙමෙයි . . . මේ වගේ දෙයක් මගේ ප්‍රියතම නවකතාවක් වූ සුනේත්‍රා රාජකරුණායක මහත්මියගේ "රිදී තිරංගනාවී" පොතේ තිබුනා . . . )

    ඒත් මගේ, මගේ මිතුරන්ගේ සහ ඔබ සැමෝගෙම අදහස් වලින් යම්කිසි සමාජ මෙහෙවරක් කරන්න පුලුවන් නම් මැරෙන මොහොතක හරි තමාගෙන් ලෝකෙක යමක් සිදු උනා කියලා හිතලා සතුටින් මැරෙන්න පුලුවන් වෙයි කියලයි මට හිතෙන්නේ . . . මොනා උනත් ඔබේ දිරි ගැන්වීමට බොහෝම ස්තූතියි . . .

    ReplyDelete
  5. @sameeras

    ඔබ කියන දේ ඇත්ත . . ඒත් මම අදහස් කලේ අස්වාභාවික දේවල් ගැන නෙමෙයි . . . එකෙනෙකා කෙරෙහි විශ්වාසයෙන් . . හොදද කියල උත්සාහ කරල බැලිය හැකි දේවල් ගැන . . .

    අනික . . මම හිත්නන්නේ ඔබ මාව වැරදියට වටහාගෙන . . . මේ බ්ලොග් එක මම ගැන කොටස කියවපුවාම ඔබට තේරේවි මම කව්ද කියන එක. . . !

    ReplyDelete
  6. අනියම් සම්බන්ධතාවයන්ට එකම හෝ ප්‍රධානම හේතුව ලිංගික ප්‍රශ්න නෙමේ. ඊට වඩා වෙනස් හේතු ගොඩක් නිසා අනියම් සම්බන්ධතා ගොඩ නැගෙනවා. සමහර එවැනි සම්බන්ධතා තියෙනවා කිසිම අවස්ථාවක ලිංගික සම්බන්දතා පවත්වා නැති. බිරිඳගෙන් හෝ සැමියාගෙන් ලබන ලිංගික සතුට කොපමණ උපරිමව තිබුනත් වෙනස් සතුටක් පතාගෙන තවත් සම්බන්ධයක් ඇති කරගන්නා අවස්ථාත් එමටයි. ඔය සෑම අනියම් සම්බන්ධතාවයකටම ප්‍රධානම හේතුව 'අවස්ථාවයි'. අනියම් සම්බන්ධතාවයක් ඇතිවීමට මූලිකවම බලපාන්නේ එවැනි සම්බන්ධතාවයක් ඇති වීමට සුදුසු පරිසරයක් බිහිවීම හා අවශ්‍ය පහසුකම් තිබීමයි. සම්බන්ධතාවය ඇති වුණාට පසුව එය සාධාරණීකරනය කිරීම සඳහා නොයෙක් හේතූන් මවා ගන්නවා.
    කොහොමත් එකක් කිව යුතුයි. අනියම් සම්බන්ධතාවයක් කියන්නේ නරක දෙයක් නොවේ. ඒ වින්දනයත් ජීවිතයේ ලැබිය යුතුයි. විය යුත්තේ නියම සම්බන්ධතාවය හා අනියම් සම්බන්ධතාවයන් නිවැරදිව කළමණාකරනය කිරීමයි. නැතිනම් ඇතිවන අවුල් ජීවිතයම විනාශ කරාවි. ඒ නිසා පරිස්සමෙන් ඒ ගෙඩියේත් රස විඳ බලන්න. මමත් නියම සම්බන්ධතාවයක් නැතිනම් විවාහයක් කරගත් පසු අනියම් සම්බන්ධතාවයක් සඳහා සුදුසු වටපිටාවක් ඇති වූ විගසම ඒ අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගන්නවා. එතකම් ඉතින් ලිංගික අපයෝජන තමා.

    ReplyDelete
  7. දුකා දිගටම ලියනන්න.මමත් සුභ පතනවා

    ReplyDelete
  8. shit mata waraduna mama maha mattek.. mama ea tika kiyewwe nahane.. mata nikan lajjai wage..

    ReplyDelete
  9. හොද අදහස් දැක්වීමක්‍.
    අනියම් සබදතා ගැන හොදම නිර්මාණයක් තමයි ධර්මසිරි බන්ඩාරනායකගේ හංසවිලක් කියන චිත්රපටය‍. මේක ගැන හොද විචාරයක් ලන්ඩන් මැගසින් එකේ ගියා.www.3mana.org එකේ ඒක තියෙනවා මම දැක්කා.

    ReplyDelete
  10. @NUWAN"s lane

    ස්තූත්යි මචං. . .
    බලමු බලමු . . .
    පුලුවන් කාලයක් හොද දේවල් ලියන්න උත්සාහ කරනවා. . .

    ReplyDelete
  11. @sameeras

    ගනන් ගන්න එපා ඕක සුලු දෙයක් . . .
    බ්ලොග් එක බැලුවටත් අදහස් ප්‍රකාශ කලාටත් ස්තූත්යි . . .

    ReplyDelete
  12. @රයිගමයා

    "ඊට වඩා වෙනස් හේතු ගොඩක් නිසා අනියම් සම්බන්ධතා ගොඩ නැගෙනවා"
    මචං අපට දැන ගන්න ඔයා අදහස් කරපු හේතු ටිකක් කියන්නකෝ . . හැමෝටම ප්‍රයෝජනවත් වේවි . . .

    "අනියම් සම්බන්ධතාවයක් කියන්නේ නරක දෙයක් නොවේ. ඒ වින්දනයත් ජීවිතයේ ලැබිය යුතුයි. විය යුත්තේ නියම සම්බන්ධතාවය හා අනියම් සම්බන්ධතාවයන් නිවැරදිව කළමණාකරනය කිරීමයි"
    මගේ අදහස නම් අනියම් ලිංගික සම්බන්ධතාවයකින් වෙන්නේ බොහේ විට පවුල් දෙකක්ම අවුල්වී දරුවන් අනාථවීමේ සම්භාවිතාවයක් ඇති බවයි . . තමන්ගේ බිරිද වෙන අයෙක් සමග අනියම් සම්බන්ධතාවයක් තිබේ නම් තමන්ට මොන වගේ හැගීමක් දැනේද කියල නිකමට හිතලා බලන්න . . .

    "ඒ නිසා පරිස්සමෙන් ඒ ගෙඩියේත් රස විඳ බලන්න"
    ලිංගිකත්වයට බර නොවී අධ්‍යාත්මික සුව විදින අනියම් සම්බන්ධතාවයක රස බැලුවට කම් නැහැ කිව්වනම් වඩා හොදයි කියලයි මට හිතෙන්නේ . .

    "එතකම් ඉතින් ලිංගික අපයෝජන තමා."
    මේක නම් ඉතින් අනුමත කරන්න බෑ . . නමුත් තමන් කරන්නේ වැරද්දක් කියල දැනගෙන සිටීමෙන්ම වැරදි අඩුවෙන් කරන්න පෙලඹවීමක් ඇති වෙන්න පුලුවන් . . .

    ReplyDelete
  13. @ Palitha

    ස්තූත්යි දැනුවත් කිරීම ගැන . . . පසුව නිවාඩු වෙලාවක බලන්නම් මචං . . .

    ReplyDelete
  14. දැනට මේ ගැන අදහස් දක්වන්න පුළුවන් මට්ටමක/වයසක නෙවෙයි මම ඉන්නේ.. කොහොම උනත් දුකා‍ ගේ බොහෝ කරුණුත් එක්ක මම එකග වෙනවා..! හැබැයි මෙහෙම දෙයක් තියනවා.. ලිංගික අවශ්‍යතා මතම විතරක් අනියම් සම්බන්ධතා ඇති වෙනවා කියලා මම හිතන්නේ නැහැ..ආදරය හා අවදානය කියන කරුණුත් එතනදි බලපානවා ඇති.. විශේෂයෙන්ම සෑම ගැහැණික්ම නිතරම පිරිමියෙකුගේ ආදරය හා අවදානය බලාපොරොත්තු වෙනවා ලිංගික අවශ්‍යතා වලටත් වඩා.. ඒ දේ තමන්ගේ සැමියාගෙන් නොලැබෙන වෙලාවට පිටින් ඒ දේ හොයන්න ඉඩ තියනවා...!

    පිරිමි ගැන කථා කලොත්.. ම්ම්ම්.. අපි දන්නවා පිරිමියෙක්ගේ හිතේ ගැහැණු රූපය ගැන ඇදුනු හැඩයක් තියනවා.. දරුවන් වැදීම..හැදීම.. හා ගෙදර දොර වැඩ ආදී අනේක විද දේවල් නිසා මැදිවියට ඒමත් සමග ගැහැණු තම රූපය ගැන තියන සැලකිල්ල නැති වෙනවා.. එතනදි පිරිමියා තමන් කැමැති හැඩය වෙනුවෙන් කුටුම්බියෙන් ඈත් වෙන්න බලයි..! ඒ හැර මම අසා තිබෙන තව දෙයක් තියනවා.. මැදි වියේ අවසනට කිට්ටු වීමත් සමග ‍‍බොහෝ වනිතාවන් පංසල මුල් කරගන්නවා.. පිරිමියා දෙවනි තැනට එනවා.. එතනදි තමන්ට නොලැබෙන දේ වෙනුවෙන් පිරිමි වෙනතක් බලනවා ඇති..!

    **මම වැරදි වෙන්න පුළුවන්.. ඒත් මම අසා කියවා ඇති දේවල් අනූවයි මම අදහස් කිව්වේ

    ReplyDelete
  15. @ malee_msg !
    ඔබේ අදසහට මම 100% ක්ම එකගයි . . .

    මලී අපේ උත්සාහය විවාහක අයට අනියම් පෙම්දම් වට නොපැටලී තමුන්ගෙත්, දරුවන්ගෙත් ජීවිත සතුටින් තබන්න තුන්වෙනි පාර්ශවයක් වූ අපගේ අදහස් උදහස් ඔවුනට දන්වා සිටීම නේද . . ??

    ඔයා පෙන්වා දුන්නු හේතු වලටත් අපට හිතෙන විසදුමක් දෙමුද . . ???

    ඔබ කිව්වා වාගේ ගැහනිය පිරිමියාගේ ආදරය රැකවරනය බලාපොරොත්තු වෙනවා කියන දෙයට මගේ හැගීම නම් . . .

    විවාහක කාන්තාවෝ විවාහයෙන් පසුව ස්වාමියාට බිරිදට ආදරය කරන්න තියෙන අවස්ථා වසා දමනවා කියන එකයි . . .

    කෙටියෙන් කීවොත් ස්වාමියා සතුටක් ලබන්න කරන හැම දේටම බිරිද අවහිර කරනවා . . මිතුරන් සමග එකතු වෙනවට බිරිද අකමැතියි . .මධුවිත ටිකක් රසවිදිනවාට බිරිද අකමැතියි. . . වෙනත් ගැහැනු අය හෝ මිතුරින් සමග හිනාවෙනවාට, කතා කරනවාට, විහිලු තහලු කරනවාට බිරිද අකමැතියි, ලස්සන ඇදුමක් අදිනවාට බිරිද අකමැතියි, කොටින්ම සැමියාට සතුටක් ලැබියහැකි හැම දෙයටම බිරිද අකමැතියි . . .

    ඔහුගෙන් ආදරය ලබන විදිහට නොවෙයි තිබෙන ආදරයත් නැතිවෙලා පිලිකුලක් ඇති වෙන විදිහටයි බිරිද වැඩ කරන්නේ . . . “if you love some thing, set it free” කියල ඉංග්‍රීසි කියමනක් තියෙනවානේ . . . ! ඒ වගේ තමන් ආදරේ කරන කෙනා සතුටු විය හැකි දෙයක් කරන්න දී ඔහුගේ සතුටට හවුල් වෙන්න උදව් වෙන්න පුලුවන් නම් බිරිදට ස්වාමියාගේ ආදරය රැකවරනය අනිවාර්යයෙන් ලැබෙනවා කියන එකයි මගේ හැගීම නම් . . .

    ගැහැනුන්ගේ ආදරය ගැන නිමල් ගුණසේකර කියන ගායකයා ගායනා කරන ලස්සන ගීතයක් තියෙනවා . .
    "හිත වටේ වැටක් බැදලා . . .
    මා ඔබේම යයි කියලා. . .
    කොටු කර ලන්නෙපා . .
    සිර කරලන්නෙපා
    මුලු ජීවිතය මාගේ . . .
    ආදරේ නිසා කියල. . . ."

    ඕකෙම අනිත් පැත්තත් වෙන්න පුලුවන් . . ස්වාමියා බිරිදට වහලියකට වගේ සලකන අවස්ථා, කිසි කෙනෙකුට කතාකරන්න නොදෙන අවස්ථා, ඇයට ඇගේ දෙමාපියන් බලන්න යන්න නොදෙන අවස්ථා වගේ දේවලුත් ඕන තරම් තියනවා . . .

    දෙගොල්ලන්ගෙන්ම වෙන්න ඕන තමන් ආදරය කරන කෙනා සතුටු වියහැකි ආකාරයෙන් සතුටු වෙන්න ඉඩදී . . . ඔහුගේ / ඇයගේ සතුට දිහා බලා සතුටු වෙන්න හැකි ආකාරයේ මානසිකත්වයක් ගොඩනගා ගැනීමයි . . .

    ඔබේ අනෙක් කරුන වූ ස්වාමියාගේ හිත වෙන අය කෙරෙහි ඇදී යන දේවල් වලට විසදුමක් ලෙස බිරිද දරුවන් ලැබීමෙන් පසුවත් "මගේ බිරිද හරි ලස්සනයි" කියා ස්වාමියාට අනෙක් අයත් එක්ක ආඩම්බරයෙන් කිව හැකි ආකාරයට ඇගේ රූපය ගැන, ශරීරයේ හැඩතල ගැන (හැමදාම ගැබිනියක් මෙන් වූ ලොකු බඩක් එන්න නොදී) උනන්දුවී පිලිවෙලකට ඉන්නවා නම් ස්වාමියා වෙන අය ගැන උනන්දුවෙන එකක් නැහැ නේද . . ??

    අනෙක් කරුන බිරිද ටිකක් මැදි වයසට එනකොට පංසල බදා ගන්න එකෙන් ස්වාමියාට වෙන අතක් බලා ගනන් වෙන එකට විසදුමක් ලෙස . . . කාන්තාවන්ට අප අසා ඇති පරිදි මැදි වයසෙදි ලිංගික කාර්යන් කෙරෙහි ඇති අවශ්‍යතාවය නැති වෙනවා ඉන්පසු ඔවුන් දරුවන්ගේ කටයුතු, පංසලේ කටයුතු ගැන සැලකිලිමත් වෙනවා සැමියාව නොසලකා හරිනවා . . එසේ නොවී ඔහු ගැනත් සුපුරුදු පරිදි සැලකිලිමත්වීමෙන් ආදරේ හැමදාම නැවුම්ව තබා ගතහැකි වේවී කියලා මට හිතෙනවා. . .

    ReplyDelete
  16. දුකා එළකිරි මේ වාගේ වැදගත් සංවාද වලට මුලපුරන එක.

    ReplyDelete
  17. @ සාගර !
    ඔව් සාගර . . මට හිතෙන්නේ අපේ සමාජයේ විවාහක පවුල් බොහොමයක ප්‍රශ්න තියෙන්නේ විවෘත්තව කතාබහ නොකරන එකෙන් කියලයි මම හිහන්නේ . . මෙහෙම වත් කතාකරනවානම් . . කියාගන්න බැරි උනත් . . මේ වගේ ලිපියක් බලන්න ඉඩ සලසලා හරි පනිවිඩේ අදාල තැනට දෙන්න පුලුවන් උනොත් පොඩි හරි හොදක් වෙයිනේ . . .!

    ReplyDelete
  18. දුකා, මාලි කියන අදහස් වලට මම එකඟයි. බොහොමයක් ගැහැණු විවාහ වුණාට පස්සෙ, ලමයි ටිකක් ලොකුවෙන කොට ඒ ගොල්ලන්ගෙ ජීවිත වලට නැවතීමෙ ලකුණ තමාම දමා ගන්නව. කොටින්ම නිදා ගන්න යන කොට දත් මැදල, ඇඟ පත සෝදගෙන, ඇඳුම් මාරු කර ගෙන නින්දට යන පුරුද්දකුත් සමහරුන්ට නැහැ.
    ඉන් එහාට අධ්‍යාපනයක් ගැන හිතන්නෙ නැහැ. තමන්ගෙ පෙනුම ගැන හිතන්නෙ නැහැ. සිගාලොවාද සූත්‍රයෙවත් නැති ඒව කරන්න ගියහම තමයි ඔය, දන්නෙම නැතුව මහත්තයා කොහෙ හරි ගිහින් පැට ලෙන්නෙ. දුකා, හැම බිරින්දෑවරුන්ම මද පමණින් මදුවිත් තොල ගෑවට ආරොවට යන්නෙ නැහැ. බයිට්ස් හදල දෙන අයත් ඉන්නවා.
    අන්‍යෝන්‍ය අවබෝධය හරිම වැදගත්. ප්‍රශ්න සාකච්චා කිරීමත් වැදගත්. අද සිද්ධ වෙන්නෙ තමන්ගෙ පවුලෙ තියෙන ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරනවට වඩා..අර මෙගා නාට්‍යය වල, මාලා නාටක වල තියෙන ප්‍රශ්න නෙ අපෙ කට්ටියට වැද්ගත්. නාට්‍ය අත පහු කරන්න බැහැ.නමුත් තමන්ගෙ ප්‍රශ්න අමතක කරනවා. ප්‍රශ්න හිත් වල හිර කර ගෙන බුම්ම ගෙන ඉන්නවා. එහෙම හිටියට විසඳුම් හොයන්න බැරි බව සමහරුන්ට අමතක වෙනව.
    හුඟක් පුළුල් ප්‍රශ්නයක්. ආයෝජන වලට යන්න ගිහින් අපයෝජනයන් සිදුවෙන්නත් පුළුවන්..ඒ නිස..මල්ලිලා, පුතාල ඕව අත් හදා බලන්න යන්න එපා. ජීවිතය අමාරුවෙන් එහාට මෙහාට කරකවල අඹන්න හදන්න එපා. හැම දෙයක්ම විචාර බුද්ධියෙන් බලල දෙවරක් හිතල තීන්දු ගත්තොත් යහපත්. මේ අඩවියෙ ඉන්නෙ මැට්ටො නෙවෙයි නෙ. මොළේ කලඳකට වඩා ගොඩක් තියෙන අය නෙ. සිහි බුද්ධියෙන් වැඩ කරන්න.

    ReplyDelete
  19. දුකා අයිය දන්න දෙවල්
    ඔයා හිතුවට වැඩිය ගොඩක් විවිධ අදහස් තියන කෙනෙක්
    තවත් මේවගේ දෙවල් බලාපොරෙත්තු වෙමි ඔබට ජය!!!

    ReplyDelete
  20. මේ ඓතිහාසික අවුලක් තියෙන ප්‍රශ්නයක්.. මේකට කාටවත් උත්තර නැහැ.(සිද්ධාර්ථ ගෞතම ට හැර ). හැබැයි.. මෙහෙම බැලුවොත්.. මගේ පිරිමියා..ගෑණි ලඟ නැති යමක් සොයා යාමේ ආසාව... එහෙම 'වැඩිපුර යමක් ඇති' කියන උපකල්පනය..හා සීමා නැති මනුස්ස පරිකල්පනය...X කණ්ඩායම දෛව ස්ත්‍රිය කියලා නම දුන්නෙ මේ 'හිස් ඉඩට' .. මේ 'ඉඩ' පුරවන්න සක්කරයාට තියා වයිමා ටත් බැහැ.. ප්‍රශ්නය තේරුම් ගන්න ඉඩක් විවර වෙනවා විතරයි..

    ReplyDelete
  21. ම්.........මම මේ බ්ලොග් කෙළියට අළුත් නොවැ ඒ නිසා ලියනවා ඇරෙන්න කියවන්න තියෙන වේලාව මදි. මොකද JOB එකත් ශේප් එකේ කරන ගමන්නෙ මේ BLOG කියන අලුත් සංස්කෘතියත් එක්ක මුහුවෙන්නේ. කොහොම උනත් දුකාගේ Page කියවලා තමයි අනිත්වට අතගහන්න ඕන. මොකද මට දුකාව අල්ලලා ගියේ මගේ Page කියවන කෙනෙක් නිසාවත් ඔවදන් දෙන කෙනෙක් නිසාවත් එකම වෘත්තීය ක්ෂේත්රේයක නියැලෙන නිසාවත් නෙවෙයි. ඒ වයස් පරතරය වෙනස් වුනත් අත්දැකීම් වෙනස් වුනත් අපි දෙන්නම අදහස් වලින් යම් සමාන්තර තලයක ගමන් කරන නිසාවෙන්. ඔබ මව පියා ගැන දරණ මතය ඔබගේ ගීත හා කලා වන් පිලිබද දරන මතය පමනක් නොව මේ ආකාර ලිංගිකත්වය හා අඹුසැමි සබධතා ගැන කථා කරන විවෘත්ත ආකාරයන් පිළිබදවත් මම සිටින්නේ ඔබේ මතයට සමගාමී විවෘත මතයක. මම විවාහකයකු නොවුනත් මේ පිළිබදව පුද්ගලික ව අත්දැකීම් මද වුවත් මේ මාතෘකාව පිළිබදව කථාකරන්න අදහස් හුවමාරු කරගන්න හා බුද්ධිමය සංවාද සදහා ඉතාමත් කැමැත්තෙන් හා මාතෘකාවට අදාලව කරුණු රැසක් මා මනසේ රැස් වී තියෙනවා. වෙලාව තියෙන තියෙන හැටියට කථා කරමු.

    ReplyDelete
  22. @ ගීත් !
    ස්තූතියි . . ගීත් . . .

    ඔව් අපි කතාකරමු . . . අපි හැමෝගෙම අදහස් හුවමාරු කරගෙන හැම දෙනාට ම නැතත් තේරුම් ගන්න පුලුවන් ටික දෙනෙකුටවත් ජීවිතය සතුටින් ගතකරන්න හැකිවෙන්න කියා පතාගෙන අපේ අත්දැකීම . . අදහස් උදහස් බෙද හදා ගනිමු . . .!

    ReplyDelete
  23. very good ! new ideas! new talants!

    ReplyDelete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. Dukaa,

    Machang, I really appreciate this kind of work that can actually help a lot of people who suffer a lot. Congratulations and my best wishes!

    My problem is that I can't write in Sinhala because it takes a lot of time and I don't have a lot of time. But, I have a lot to share with you guys. Hope you don't mind if I write in simple English.

    Best Regards,

    Vaathsyayana

    ReplyDelete
  26. ela hode really truth...

    ReplyDelete
  27. @ Ano (Vaathsyana)
    Yaaah . .. .
    we do appreciate share your ideas with all of us and u are welcome . . !!

    and yes i guess we all can understand simple English . . go on machan . .. we would love to see your ideas . ..

    ReplyDelete
  28. @Ano!
    "ela hode really truth..." tnx Ano . . .!

    ReplyDelete
  29. උඹ නම් හිතුවට වැඩිය open minded වගේ.
    ඔයා හිතුවට වැඩිය ගොඩක් විවිධ අදහස් තියන කෙනෙක්.
    ඔයා පෙන්වා දුන්නු හේතු වලටත් අපට හිතෙන විසදුමක් දෙමු.
    බොහොමයක් ගැහැණු විවාහ වුණාට පස්සෙ තමන් ආදරය කරන කෙනා එක්ක සතුටින් ගතකරන්න හැකිවෙන්න,බුද්ධියෙන් වැඩ කරන්න පුලුවන් wanna
    තවත් මේවගේ විවිධ අදහස් බලාපොරෙත්තු වෙමි ඔබට ජය!!!

    ReplyDelete
  30. මිනිසා වූ කලී ස්වභාවයෙන්ම බහුලිංගික සත්ත්වයෙකි. එවන් මානසිකත්වයක් පැවත එන්නේ කොතරම් අතීතයක සිටදැයි නිශ්චිතව කිව නොහැකි වූවත් මෙය කවදා කොතන කෙලවර වේදැයි නොදනිමි. ප්‍රශ්නය වී ඇත්තේ ඒ හා බැදී ඇති සමාජ සංස්කෘතික තත්වයන් හා අනොන්‍ය වූ පුද්ගල ආකල්පයන් වේ.
    තම ආශාවන්ගේ සීමාවක් තබාගෙන සිහියෙන් යුතුව මෙම අනියම් සබදතාවල පැටලීම කෙරෙහි මම නම් වරදක් නොදකිමි.

    ReplyDelete
  31. මිනිසා වූ කලී ස්වභාවයෙන්ම බහුලිංගික සත්ත්වයෙකි. එවන් මානසිකත්වයක් පැවත එන්නේ කොතරම් අතීතයක සිටදැයි නිශ්චිතව කිව නොහැකි වූවත් මෙය කවදා කොතන කෙලවර වේදැයි නොදනිමි. ප්‍රශ්නය වී ඇත්තේ ඒ හා බැදී ඇති සමාජ සංස්කෘතික තත්වයන් හා අනොන්‍ය වූ පුද්ගල ආකල්පයන් වේ.

    තම ආශාවන්ගේ සීමාවක් තබාගෙන සිහියෙන් යුතුව මෙම අනියම් සබදතාවල පැටලීම කෙරෙහි මම නම් වරදක් නොදකිමි.

    ReplyDelete
  32. මම ලකී[නම]...........ඇත්තටම දුකා අයියෙ ඔයා ලියන හැමදේම වැදගත්..මේ පෝස්ට් එක ගොඩක් හොදයි..අපෙ ගෙවල් වල කතා කරන්න ලැජ්ජ හා කතා නොකරන දෙයක් තමා ඔයා ලියල තියෙන්නෙ..මට හිතෙනවා මේවා ගැන කතා නොකරන නිසාම තමා ඒ දෙවල් වලට හරි වටිනාකමක් ලැබිලා නැත්තේ..

    ඔයාගෙ කතාව හරි..

    ඒත් දුකා අයියේ තමන්ට රත්තරන් වගේ බිරිදක්/සැමියෙක් ඉන්නකොට ඒ කෙනාගෙන් ආදරෙත්,විස්වාසයත්,ලිංගිකත්වයත් උපරිමව ලැබෙනකොට තවත් ගෑනියක්/පිරිමියෙක් ලගට යන ගෑනු/පිරිමි මං දැකලා තියෙනවා.....


    ඇයි එහෙම වෙන්නෙ කියලා මටනම් හිතාගන්න බෑ...

    ReplyDelete
  33. ඉඳලා හිටලා කො‍ටුවක් පැන්නට කමක් නෑ කියල මට හිතෙන්නෙ...
    හැම දේම control කරල කරගන්න තමන් දැනගන්න ඕනේ....

    ReplyDelete
  34. ඒක තමා සාමාන්‍ය මිනිස් ස්වරූපය. යම් දෙයකින් තෘප්තියක් ලබන්නේ නැත්නම්, තෘප්තියක් ඇති දේ වෙත ඇදෙනවා. ඔය සංස්කෘතිය තමා මේ මිනිස් හැඟීම් වලට හොඳ නරක තේරුම් කරලා දෙන්නේ. අනියම් සම්බන්ධ ඇතිකර ගන්න එක වැරදියි කියලා මම දකින්නේ එයින් අනිත් පාර්ශවයට අසාධාරනයක් සිද්ධ වෙන හින්දා. ඒක මොන කෝණයෙන් බැලුවත් වැරදියි කියන එක තම මගෙ මතය.

    ReplyDelete
  35. දුකායියේ. මේක කියෙව්වට පස්සේ, මට එක එක දේවල් කියන්න හිතුනා ප්‍රථිචාර විදිහට. ඒ හැම දේම එක එක කෝණ වලින් බලනකොට වෙනස්. ඒ නිසා මං ඒක පැත්තකින් තියලා කමන්ට්ස් ටික කියෙව්වා. හැම කෙනාගෙම වගේ කියන දේ ඇතුලේ මට අලුතෙන් හිතන්න දෙයක් තියෙනවා. ඒ කියන්නේ මං ඉගෙන ගන්නවා.

    මේ සංවාදය ඇතිකරීම ගැන උඹට පිං දෙන ගොඩක් අය ඇති උඹ දන්න සහ නොදන්න.

    පෝස්ට් එකේ ඉඳන් කමන්ට්ස් ඉවර වෙනකං කියෙව්වම, චුට්ටක් හරි පුංචි හරි දෙයක් ඕනම කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන් වෙයි. එක්කෝ තමන් හදාගන්න ඕන දෙයක්. එක්කෝ තමන්ගේ සහකරු හෝ සහකාරිය හදා ගන්න ඕන දෙයක්.

    තව එක දෙයක්, එක ප්‍රශ්ණයක් මං අහනවා!
    හදා ගන්න බැරි දේවලුත් තියෙනවාද? (තියෙනවා නේද?)

    මං හිතන්නේ තව කමන්ට්ස් වැටෙයිනේ. එතෙන්දී සමහර විට මං අහපු ප්‍රශ්ණේ ගැනත් කතා වෙයි!

    කාලීන සංවාදයක් ඇති කරාට උඹට පිං!

    ReplyDelete
  36. දුකා අයියා මුලපුරපු සංවාදය ඉතාම කාලෝචිත මාතෘකාවක්...
    මේ ගැන මංචිගෙ අදහසත් එකතු කරනවනම්,,මංචි හිතන්නෙ ගැහැණු පිරිමි දෙපාර්ශවයේම වැරදි නිසා මෙහෙම දේවල් වෙනවා කියලයි.(සමහරුනම් තමන්ගෙ තියෙන නොහික්මුණු බව නිසා තමන්ගෙ බිරිඳ/සැමියා ඇරෙන්න වෙන කෙනෙක් එක්ක යනව නම් ඒක මේ කතාවෙන් බැහැරයි.මොකද ඒක තම තමන්ගෙ තියෙන කොඳු ඇට පෙළක් නොමැති වීමේ ගැටළුව නිසා)

    එහෙම ඇරෙන්න ගොඩක් වෙලාවට අනික් පාර්ශවය අතින් සිදුවෙන අතපසුවීම්,නොසැලකිලිමත් බව ආදිය නිසා සහ දෙදෙනා අතර නිසි අවබෝධයක් නොමැති කම ආදිය නිසා තමයි වෙනකෙනෙක් එක්ක අනිසි ඇසුරකට යොමු වෙන්නෙ.

    බිරිඳ අති වෙන විශාලම වරද විදිහට මම දැකලා තියෙන්නෙත් විවාහය කල් යද්දි දරුවො පවුලට එකතු වෙද්දි සැමියා ගැන සොයාබලන්න අතපහු කරන එක.කලින් වෙලාවට කෑම එක ලඟට ගෙනත් දෙන කෙනා.පස්සෙ කෑවද නැද්ද කියල හොයලවත් නොබලන එක ගැටළුවක්.කොහොම වුණත් මෙතනදි ගොඩක් පිරිමි හරිම පටු විදිහට සිතුවිලි හසුරවනව කියලයි මට හිතෙන්නෙ.මොකද සැමියා වුණත් බිරිඳගෙ දිහා සානුකම්පිතව බලන්න වුවමනායි.විවාහයේ කල් ගත්වෙද්දි වුණත් ගොඩක් සැමියන්ගෙ දවස ගෙවෙන හැටි වෙනස් වෙන්නෙ හරි අඩුවෙන්,ඒත් කාන්තාවකගෙ දින චරියාව එන්න එන්නම කාර්‍යබහුල වෙනවා.ඒ මදිවට ගොඩක් බිරින්දෑ වරුන්ට පවුලේ ආර්ථිකය ගොඩගන්න හවුල් වෙන්නත් සිද්දවෙලානෙ දැන්.

    අනික් ප්‍රධානම හේතුවක් තමයි,ලිංගික ජීවිතය අඩපණ වීම.මෙතනදිත් ගොඩක් වෙලාවට ගැහැණිය තමයි පීඩාවට පත්වෙන්නෙ.මොකද ස්වභාවිකවම කාන්තාවන්ගෙ ලිංගික ජීවිතයට ඇති නැඹුරුව මැදිවියට එද්දි සිදුවෙන හෝර්මෝනමය වෙනස් කම් නිසා අඩු වෙනවා.එහෙම වෙලාවක සැමියා ඇයව තව තවත් පීඩාවට පත්කළොත් එයිනුත් ඇතිවෙන්නෙ අයහපත් ප්‍රතිපලයක්... මෙතනදිනම් කරන්න තියෙන හොඳම පියවර දෙන්නා දෙමහල්ලො තම තමන්ගෙ කතාබහෙන් විසඳගන්න එක කියලයි මගේ අදහස..ස්වභාවික හේතුවක් නිසා තමන් එක්ක එච්චර කාලයක් එකට හිටිය කාලයක් තිස්සෙ තමන්ව සතුටු කරපු බිරිඳව අතැරලා වෙන ගැහැනියක් ලඟට යන කෙනෙක්..ඊට කලින් හිතන්න වුවමනායි තමන් මොන තරම් ප්‍රාථමිකද කියලා.(ඒක හරියට මිනිස් බවින් ආපහු වානර ලක්ෂණ තියෙන කාලෙට පත් වෙනවා වගේ වැඩක්)

    කොහොම වුණත් බිරිඳ අතෙත් වැරදි තියෙන්න පුලුවනි.කාර්යබහුල වුනත් යන්තමින් හරි තමන්ගෙ සැමියා වෙනුවෙන් වෙලාව වෙන් කරන්න බිරිඳට බැරිකමක් නෑ.ස්වභාවිකව ලිංගික ආශාවන් අඩු වෙනවා කියලා සැමියගෙ වුවමනාවල් නොසලකා අරින එකත් අසංවේදී වැඩක්.මොකද අඩු වුණාට ඒ දේවල් නැත්තටම නැති වෙන්නෙ නෑ නේ.පවුල් ජීවිතේ නිතරම වෙනස් වීම් සහිතව ප්‍රාණවත්ව තියාගන්න හොඳටම පුළුවන් බිරිඳටයි..

    දෙන්නා දෙමහල්ලො එකිනෙකාගෙ හැගීමමදහස් ගැන සංවේදී නැත්නමමේ වගේම එකිනෙකා වෙනුවෙන් නම්‍යශීලි බවක් නැත්නම්,එකිනෙකාගෙ ප්‍රශ්ණ වලදි නෑසූකන්ව ඉන්නවනම් ඒ පවුල වැඩිකලක් තියෙන එකක් නෙවෙයි.මොකද විවාහයෙන් පස්සෙ සහකරුවා/සහකාරිය තමයි තමන්ගෙ ජීවිතේට කිට්ටුම කෙනා.ඉතින් එයා ගහක් ගලක් වගේ ඉන්නවනං අනික් කෙනාට එපාවෙන එක අහන්න දෙයක් නෑ නෙ...

    සමහර වෙලාවට සැමියා බිරිඳට හෝ බිරිඳ සැමියාට වූවමනාවට වඩා සැරපරුෂ වීම..නීති පැනවීම නිසාත් පවුල් ජීවිතේ ගැන විඩාපත් බවක් ඇතිවෙන්න පුළුවනි.

    කොහොම මොන හේතු තිබුණත් වැදගත්ම දෙයක් කියලා මංචිට හිතෙන දෙයක් කියන්න ඕනේ..ඒ තමයි ඔය පවුල් කඩාගන්න හිතන උදවිය දරුවො ඉන්නවනම්..ඔහොම දෙයක් කරන්න කලින් සිය දහස් වාරයක් හිතන්න.මොකද ඉස්සරහට සමාජය තලන්නෙ පෙලන්නෙ ඒ දරුවව නිසා...සැමියා/බිරිඳට මේ ගැටලුව දරුණුවට දැනෙන්නෙ රන්ඩු සරුවල් වෙලා වෙන් වුණු මුල් කාලෙ විතරක් වෙන්න පුලුවනි.ඒත් දරුවන්ට අහේතුකවම මුළු ජීවිතකාලෙටම දෙමාපියන්ගෙ ප්‍රශ්න බලපානවා.

    ඉස්කෝලෙදි (දරුවා ගෙදර ඇවිත් නොකිව්වට) හිත රිදෙන දේවල් ඕන තරම් සිද්ද වේවි.දුවෙක්ටනම්..විවාහයක් කරගන්න දවසක අම්මගෙයි තාත්තගෙයි වෙන් වීම නිසා බොහොම දරුණු විදිහට අපහාසයට පත්වෙන්න සිද්දවේවි..එහෙම ලැජ්ජාවක් දරාගන්න බැරි තරම්...පුතෙක් නම් තමන් දන්නෙවත් නැතුව දරුණු හදවතක් තියෙන කෙනෙක් බවට පත් වේවි... ඉතින් මොන තරම් හේතු තිබුණත් පවුල් වුණු දෙන්නෙක් අනියම් සබඳතාවක් මංචිනම් අනුමත කළ හැකි දෙයක් කියලා පිළිගන්නෙ නෑ.ගෑනු මිනිස්සු සීයක් විතර එක්ක ඉන්න ඕන සමහර අය විවහා වෙන්නෙ නැතුව ඉන්න එකනෙ වැඩිය හොඳ..

    ඒ නිසා රයිගමයා විසින් කියා ඇති පරිදි ''අනියම් සම්බන්ධතාවයක් කියන්නේ නරක දෙයක් නොවේ. ඒ වින්දනයත් ජීවිතයේ ලැබිය යුතුයි. විය යුත්තේ නියම සම්බන්ධතාවය හා අනියම් සම්බන්ධතාවයන් නිවැරදිව කළමණාකරනය කිරීමයි'' කියන කීමටනම් මංචිට කොහෙත්ම එකඟ වෙන්න බෑ... දැන දැනම වැරදි කරන එහෙම කෙනෙක්ව නම් අනිවාර්යයෙන් නිවැරදි සහකාරයා/සහකාරිය විසින් අත ඇරලා දාන්න ඕනෙ කියලයි මං කියන්නෙ..

    ෴ස්තූතියි දුකා අයියේ මේ වගේ වැදගත් සංවාදයක් ඇති කලාට෴

    ReplyDelete
  37. @වන්නි!
    "තව එක දෙයක්, එක ප්‍රශ්ණයක් මං අහනවා!
    හදා ගන්න බැරි දේවලුත් තියෙනවාද? (තියෙනවා නේද?)"
    උඹේ ප්‍රශ්නේ හරියටම පැහැදිලි නෑ . .
    හදාගන්න බැරිම දෙයක් තිබුනොත් ඉතිං පොඩ්ඩක් ප්ලෙක්සිබල් වෙලා නෝබෝඩි ඊස් පර්ෆෙක්ට් කියලා හිත හදාගන්න වුනත් පුලුවන්නේද?

    @මන්චි!
    බොහෝම ස්තූතියි ඔයාගේ දිගු කොමෙන්ටුවට.
    බොහෝ දෙනෙක්ට හිතන්න බොහෝ දේවල් ඒ කොමෙන්ටුව ඇතුලේ තියෙනවා.
    මේ සංවාදෙට ඔයාගේ වටිනා අදහස් එකතු කිරීම ගැන ආයේ පාරක් ස්තූතියි

    ReplyDelete
  38. දෙන්නට දෙන්න අවංකවම ආදරේ කරනවා නම් ආදරය සෙනෙහස දෙන්නගෙම හදවතේ පිරිලා තියෙනවානම් ලිංගික බෙලහීනතාවයක් නැතිනම් අනිවාර්යෙන්ම ලිංගික සතුට කියන දේ අඹු සැමි යුවලකට ලබනවා කියන එක සුලු දෙයකි ‍‍........

    වැදගත්ම කාරණය නම් යම් කිසි විදියකින් බිරිඳ හෝ සැමියා ලිංගික සතුටක් නොලබන්නේ නම්, "ඇයි එහෙම උනේ" යන්න පිලිබඳව දෙදෙනා සාකච්ඡා නොකිරීමයි. එවැනි ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නේ නම් බොහෝ විට අනියම් සම්බන්දයන් සොයා යෑමට කිසිම ගැහැනියකට හෝ පිරිමියෙකුට සිදු නොවනු ඇත ......

    ReplyDelete
  39. ප්‍රථම දරැවා ලැබීමෙන් පසුව බිරිදගේ සම්පූර්ණ අවධානය දරැවාට යොමු වීම ස්භාවිකය. නමුත් ස්වාමියාගේ තේරැම් ගැනීම හා ලද අවස්ථාවන්හි ස්වාමියා ලගම සිටීම මගින් බොහෝ අසාර්ථක වීම් අවම කල හැකි බවයි සෑමාගේ අදහස..

    හොද පෝස්ටුවක් දුකා..

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails