
බත් එපා පොත් වර්ගීකරනයට අද මම හිතුවා මගේ ප්‍රියතම පොතක් ගැන ලියන්න ඕන කියලා . . .
මේ පොත මම දැනට 12 සැරයක් හෝ ඊට වැඩි වැඩි පාරක් කියවලා තියෙනවා . . . නමුත් ආයෙත් හෙට මේ පොත ගත්තොත් බලන්න කියලා අලුතෙන්ම මේ පොත බලනවා වගේ ආයෙ පාරක් රසවිඳින්න පුලුවන් . . . . මම නමය වසරෙ . . දහය වසරෙ වගේ පංති වල ඉන්නකොට හිතා හිටියේ පරිවර්තන පොත් විතරයි මෙහෙම ආයෙ ආයෙ කියවන්න තරම් හිතට දැනෙන විදිහට ලියල තියෙන්නෙ කියලා . ..
නමුත් . . . පසුකාලෙක කරුණාසේන ජයලත් මහතාගේ . . . සෝමා ජයකොඩි මහත්මියගේ . . ජයසේන ජයකොඩි මහතාගේ . . සුනේත්‍රා රාජකරුණායක මහත්මියගේ එහෙම පොත් බලනන් ගත්තට පසුව තමයි මට තේරුනේ පරිවර්තන විතරක් නෙමෙයි ස්වතන්ත්‍ර පොතුත් ඒ වගේ ම ආයෙ ආයෙ බලල රසවිඳින්න පුලුවන් තරමට ලියලා තියෙනවා කියලා . . (පසුකාලෙක කිව්වට මට මතක හැටියට මම මුලින්ම බැලුවේ ගොලු හදවත පොත )
මම විස්තර කරන්න යන පොතේ නම "කර්නල්ගේ බිරින්ඳෑවරු" . . . මේ පොත ලියල තියෙන්නෙ සෝමා ජයකොඩි මහත්මිය . . .
යුධ හමුදාව ඇතුලේ තිබෙන ඉහලට යාමට . . . තනතුරු ලබාගැනීමට . . කරනු ලබන කැපිලි කෙටිලි ගැනත් . . . ස්වාමියා බිරිඳ අතර අදහස් හුවමාරුවක් නැති කමිනුත් . . . එකිනෙකා කෙරෙහි විශ්වාසයක් නැති කමිනුත් . . පවුල් කැඩී විසිරෙන හැටිත් . . . ඉන් දරුවන් දුකට පත්වෙන හැටිත් . . . සහෝදර සහෝදරින් . . නෑදෑයින් . . පවුලේ දේපල වල උරුමයට එකිනෙකා කා කොටා ගන්න අයුරුත් . . . දෙමාපියන්ගේ ප්‍රශ්න දිහා දරුවනුත් සානුකම්පිත ලෙස සිතා බලන්න ඕන කියන දෙයත් . . . මාතෘත්වයට මිනිසුන් කොතරම් ගරු කරනාවාද යන්නත් . . . අරක්කු බෝතලේක සංතෝශමකට තමාගේ බිරිඳ වෙන කෙනෙකුට පාවා දිය හැකි තරම් දීන මිනිසුන් වුවද මේ මිහිපිට සිටින බවත් . . . ජීවිතයේ වටිනා කියන හැමදෙම නැතිවූවාට පසුව වුවත් . . . ජීවිතේ ආයිත් අලුතින් පටන් අරගෙන . . තමාට වැඩක් නැතිනම් . . . කාට හෝ වැඩක් ඇති ලෙස . . . ලස්සන . . . වැඩදයි ජීවිතයක් ලෙස ගතකල හැකියි . . යනාදී ලෙස . . .ජීවිතයට . . . සමාජයට . . .විශාල මෙහෙවරක් කලහැකි . . . පනිවිඩ රාශියකින් සපිරි නවකතාවක් කියන්න පුලුවන් මේ නවකතාව . . ..
මම කතාවේ සාරංශය හෝ කිව්වොත් ඔයාලට බලන්න හියෙන උනන්දුව අඩුවෙයි කියලා හිතලා කතාවේ සාරංශය නැතුව මගේ හිත සසල කල සමහරක් තැන් දෙක තුනක් විතරක් මම ඔයාලට කියන්නම් . . .
තරුණවියේදීම අවාසනාවන්ත ලෙස බිරිද මියගිය . . . යුධහමුදාවේ කැපිලි කෙටිලි වලින් කලකිරී හමුදා ජීවිතයටත් ආයිබෝං කියා කලින්ම විශ්‍රාම ගත් . . . කර්නල් චූලාභය තෙන්නකෝන්ට . . . ජීවිතයේ මහා පාලුවක් . . . තනිකමක් . . .දැනී . . . ඒ පාලුව තනිකම මකා ගන්න දෙවෙනි විවාහයක් ගැන හිතුවොත් කියා නිකමට හිතූ මොහොතේ විදුලියක් කෙටුවා වැනිව හිතට ආවේ . . . නිවාඩු කාලයට දමයන්ති අක්කගේ අනාථ නිවාසයට එන . . . කොටි ත්රස්තවාදීන් තම භාගයක් දෙමළ භාගයක් සිංහල සැමියාව පැහැර ගත් නිසාත් . . . කුඩා කලම කුඹුරේදීම තම දෙමාපියන් කොටි ත්රස්තවාදීන් විසින් මරා දැමූ නිසාත් අනාථ භාවයට පත්වුනු . . . තරුණ ගුරුවරිය ධරනී ගැනයි . . . . !
ඔවුන් දෙදෙනාගේම හද පතුලටම ඔඩු දිවූ අතීතය නැමැති මුල් ගලවා දමා ඔවුන්ගේ ජීවිත සුන්දර කිරීමේ අරමුනින් . . . පවුලේ බූදලේටත් . . . පවුලේ පාරම්පරික රන් ආභරනවලටත් . . . කෑදර . . . එක් යක්ශාවේස වූ නීලමනී කෙනෙකු නොව . . . නීලමනීලා දාහක් ආවත් . . . තම ඤාති සොහොයුරා පමනක් නොව . . . පලමු විවාහය බිඳවැටී . . . දුක් විඳින . . . දෙවෙනි විවාහයක් ගැන හිතන හැම දෙනාම වෙනුවෙන් . . . ඕනෑම පරාස්සයෙක් සමඟ වුව ගැටිය හැකියි යන ආත්ම විශ්වාසය ඇති . . . අනුන්ගේ දුක් කරදර වලට පිහිට වෙන්න දෝත දිගුකරගෙන මෙලොවට ආවායි සිතන . . . මහඹබාගේ නියෝජිත වරිය හෙවත් . . . සොඳුරු කුමන්ත්රන කාරිය . . දමයන්ති අක්කට . . . ඔවුන් දෙදෙනා එක කිරීමට හැකි වේද . . . ?
තමන්ට පෞරුශයක් ඇති සැමියෙක් නොලත් කමින් . . . නොසන්සිඳෙන ඉරිසියාවෙන් . . චූලාභය ගැන බොරු කේලාම් කියා සරෝජිනීගේ සිත ඔහුකෙරෙන් බිඳුවා . . . තම එකම නිවුන් සොයුරියට අකල් මරනයක් හිමිකර දුන් . . . කුරිරු නීලමණී . . . හමුදාවේ උසස් නිධාරියෙකු වූ තම මස්සිනා ලවා . . . උතුරේ ක්‍රියාන්විතයේ රාජකාරී කල . . . චූලාභයගේ එකමු පුතු . . . කැප්ටන් මනුජය තෙන්නකෝන් . . . කොළඹට ගෙන්වාගෙන . . . පියාගේ දෙවෙනි විවාහය පිලිබඳ අදහසට එරෙහිව සටන් කරවන්න කරන කුමන්ත්රනයට මනුජය අසුවේද . . . ? පියාගේ දෙවෙනි විවාහය පිලිබඳ අදහසට ඔහු කෙසේ ප්‍රතිචාර දක්වයිද . . .?
උප ඇමතිනියගේ නොසන්ඩාල පුත්‍රයා විසින් දූෂනය කල . . . එම හේතුව නිසාම දමයන්ති මැඩම්ගේ අනාථ නිවාසයට පැමිනි . . . රූමත් . . . විජයකාන්තිගේත් . . . ෆුට්බෝල් ක්‍රීඩාවට ගොස් කකුල කඩාගෙන නොව . . නොව රට වෙනුවෙන් සටනට ගොස් බට්ටෙක් පෑගීමෙන් කකුලක් අහිමි වූ . . . එනිසාම තමාව අතහැර වෙන මිනිසෙක් සමඟ පැනගිය පෙම්වතියට සාප කරමින් නොසිට . . . විජයකාන්තිගේ කන්‍යාභාවයත් . . අනාථකමත් . . . පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් නොසලකා . . . ඈව විවාහ කරගැනීමට සැරසෙන කෝප්රල් සාලින්දගේත් . . . විවාහ උත්සවය . . . චූලාභයටත් . . ධරනීටත් . . . ඔවුන්ගේ සිත් එකිනෙකා කෙරෙහි විමසිලිමත් වන්නට ඉඩ සලසාදෙන තෝතැන්නක් වීද . . . හිතේ උපන් සෙනෙහස ලත් තැනම ලොප් කල . . . සාදයක් වීද . . .?
මේ හැම දේටම ඔබට පිළිතුරු අවශ්‍යනම් . . . කර්නල්ගේ බිරින්ඳෑවරු ඔබට බලන්නම වෙනවා . . .