Tuesday, May 8, 2018

අපි රඟමූ-නටමූ-ගයමූ-වයමූ තුටින තුටින සැවොම එක්වෙලා !

මේ අවුරුද්දේත් SLQS  එකේ  Mid Summer Get Together එක කරන්න අපේ SLQS එකේ  කස්ටිය ලක ලෑස්ති වෙනවා.

වැඩේ බොහෝම වර්ණවත්ව අපූර්වත්වයකින් ඉදිරි පත් කරන්න ල සහ පවුල් වල අය වැඩි දෙනෙක්ගේ සහභාගීත්වය ඇතුව කරන්න ඕන කියන එක මගේ අදහස.

​මොකද ​SLQS Mid Summer Get Together ​එක පටන් ගැන්මෙදි ​​පවුල් වල අය ගිම්හාන නිවාඩුවට ලංකාවට ගියාට පස්සේ මෙහේ තනිවෙන ​QS​අන්කල්ලා සහ ​QS ​කොල්ලෝ එකතු වෙලා සමරණ තනිකඩ වසන්තය ජාතියේ ගෙට්ටුවක් උනාට පස්සේ ඒක, සාමාජිකයන්ගේ සහ පවුල් වල අයගේ ටැලන්ට් ශෝ එකක් බවට කාලීනව පරිවර්ථනය උනා.

එහෙව් එකේ වැඩි දෙනෙක්ගේ කලා හැකියාවන් පෙන්වන්න මේ පහල ජාතියේ අයිටම් මම යෝජනා කරන්න හිතුවා
​Dance Items: ​
1.     70’s Sinhala film stars - 70දශකයේ සිංහල චිත්‍රපටි වල ගීත වලට නර්ථනය

2.     70’s bollywood film stars - 70දශකයේ හින්දි චිත්‍රපටි වල ගීත වලට නර්ථනය

3.     Baila / Kapirigngna Dance - බයිලා ගීත ගීත වලට කපිරිඤ්ඤා නර්ථනය (මහාමෙරක් ලෙසට, ඉස්සර රජ කාලේ නොවෙයි දැන් මේ කාලේ, කීර්ති පැස්කුවල් ගේ ස්පැනිෂ් ගීතය)

4.     Love from Africa - ඇෆ්‍රිකන් ගෲප් ඩාන්ස් එකක්

5.     Latin American dance - සල්සා, සම්බා, ටැන්ගෝ චචා ආදී ලති ඇමෙරිකානු නර්ථනය (Despacito, Lambada, Hips don’t lie)

6.     Tap dance

7.     Udarata Dance - උඩරට නැටුම්

8.     Pahatharata Dance - පහතරට නැටුම්

9.     Wadi Dance-  වැදි නැටුම් (ග්‍රැන්විල්ගේ "ඔටා දමඥ්ඥා මර මර ඔටා දමඥ්ඥා, නිල් බමුනා  ගිරා මොටයා ඔටා දමඥ්ඥා" සහ "නංගීට බැඳපු මල් වියනයි" වැනි ගීත)

10.  Devil Dance - යක් නැටුම් (සන්ෆ්‍රවර්ස්ලගේ "යමලොව ඉපදුන - හොඳ හොඳ වැඩ දෙන සොමියට බර අපි සොමි කාරයෝ" "ඩෙන්න ඩෙනා නාඩෙන ඩෙන ඩෙනා ඩෙනෝ" වගේ ගීත)

11.  Break dance

12.  Hip Hop

13.  Falk Dance - ගැමි නැටුම් - සඳසාවී මා සඳ මඩලේ පාලුවේ මෙදා ගීතයට හෝ ක්ලැරන්සෙගේ ඇල දොළ පිරුනා කුඹුර සරු වුනා ගීයට හෝ ක්‍රිස්ටෝපර් පෝල් ගේ ඇළ දොළ ගංගා යාවෙ ගලා ගීයට රෙදි හැට්ට ඇඳි ගෑනු ළමයි සහ සරොම් බැනියම් ඇඳි පිරිමි ළමුන්ගේ නැටුමක්

14.  Russian Dance රුසියන් ගෲප් ඩාන්ස් එකක් - ඉවාන් පවුලූෂා ගීයට ඩාන්ස් එකක්

15.  Singapore / Malaysian Dance  සින්ගපූර් මැලේෂියන් ගෲප් ඩාන්ස් එකක් (පට්ට ලස්සන ඇඳුම් ඩිසයින් කරන්න පුලුවන් මේ ඩාන්ස් වලට)

16.  Japanese Dance - ජපන් ගෲප් ඩාන්ස් එකක් (කිමෝනා ඇඳපු ගෑනු ලමයිගේ කන්ඩායම් නැටුමක්)

17.  Brazilian Dance - බ්‍රසීල් ගෲප් ඩාන්ස් එකක් (පාට පාටින් ඩෙකරේට් කරපු පිහාටු වගේ ඒවායින් හදපු ඇඳුම් ඇඳි පිරිසකගේ ඩාන්ස් එකක්)




​Music Items:
1.     Trumpet Paly by Prabhath Hettiarachchi

2.     Group Band play by Srinath Mahendra’s band

3.     Sadadara Jothi Mashup - ජෝතිගේ ලස්සනම ගීත කොටස් එකතු කර විනාඩි 8-10ක පමන මෑෂ්අප් සෙෂන් එකක්

4.     Aruna Kirana

​ ​ - පිනිබර යාමේ සැවුලන් හඬලනවා, අද ඉපැදුනු නැවුම් ලොවට, පිණි බිඳුමුතු මල් සැනකෙලියේ​
5.     CT - Rukmani Mashup - පුන්සඳ හිනැහෙන්නේ, මල්බර හිමිදිරියේ, කිමද සුමිහිරියේ මේ අරුමේ, සින්හින ලොවේ මිහිර මැවූ මාලී, මී වදයකී ජීවිතේ, රෑ පැල් රැකලා පැල් කවි කියලා, අනේ ඩින්ගක් ඉන්නකෝ ඔය දෑත පොඩ්ඩක් දෙන්නකෝ

6.     Jothi – Anji Mashup - ජෝතිගේ සහ ඇන්ජලීන්ගේ ලස්සනම චිත්‍රපටි ගීත කොටස් එකතු කර විනාඩි 8-10ක පමන මෑෂ්අප් සෙෂන් එකක්

7.     Sinhala film songs Mashup - සිංහල චිත්‍රපටි ගීත කොටස් එකතු කර විනාඩි 8-10ක පමන මෑෂ්අප් සෙෂන් එකක්

8.     Bollywood film songs Mashup - හින්දි චිත්‍රපටි ගීත කොටස් එකතු කර විනාඩි 8-10ක පමන මෑෂ්අප් සෙෂන් එකක්

9.     Baila Mashup - බයිලා ගීත ගීත කොටස් එකතු කර විනාඩි 8-10ක පමන මෑෂ් අප් සෙෂන් එකක් - මුලු ගතම වෙහෙසුනා, ගොලු හදවත් විවර කරන්න, නෝනේ මගේ සුදු නෝනේ, ගෙලේ රන්මාල දා හැඩවී, පොල් කටු හැන්ඩේ මිට වගේ රූබර ඇගේ ආදරේ, සීටින් අයියේ කියමුද බයිලා ලස්සන තාල දමාලා, ආදරේට ඇස් නැති හන්ඩා ඉසෙබෙල් මම ඔයාව බැන්දා, සුරන්ගනීට මාලු ගෙනවා

10.  Wada Baila session -

11.  Calipso Mashup - මල්බර හිමිදිරියේ, සුවඳයි මුවේ මල් පැනී, මාලී රුවන් මාලී, මුහුදු රැල්ල ඔස්සේ, මී ඇබ වනයේ ගී හද පතුරා, මන්ගෝ කලු නැන්දේ

12.  We miss you Wijaya - විජය කුමාරතුන්ග ගේ ගීත කොටස් එකතු කර විනාඩි 8-10ක පමන මෑෂ්අප් සෙෂන් එකක් - රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ, ගඟ අදහර මා සිහිල් සෙවනේ සැනහී, පායා සීත රැයේ, දඟ ගෙයි දඬුවම් සියුමැලි වැඩිනම්, එක වරක්, වළාකුලක් ගෙන මුවා කරමු හිරු, ඔබ නෙතු මාහා රන්දා, සැරයටියෙන් අපි යනෙන තුරා, ඔරුකඳ පාවී දියඹට යාවී

13.   Maestro Kemadhasa memorial session -  සෙවනේ කුඹුක් සෙවනේ, දේදුන්නෙන් එන සමනලුනේ, සුමුදු සයනේ සිඳු ඇතිරිල්ලෙන්, උදුම්බරා හිනැහෙනවා, සුළඟ වගේ ඇවිදින්, අම්මාවරුනේ, ළඳුනේ, පවනට සැලෙනා, අඳුරු කුටිය තුල, සීත රෑ යාමේ අඳුරේ,

14.  Sadadara Milton - සදාදර මිල්ටන් - මිල්ටන් මල්ලවාරච්චිගේ ගීත කොටස් එකතු කර විනාඩි 8-10ක පමන මෑෂ්අප් සෙෂන් එකක්

15.  Tamil Song Mashup

16. English Songs Mashup

තව අයිඩියාස් දෙන්න පීස් !

4 comments:

  1. පොඩි නාට්ටි කෑල්ලක් දැම්මොත් මොකෝ?

    ReplyDelete
    Replies
    1. නාට්ටි 2ක්ම තියෙනවා මචෝ

      Delete
  2. විහිලු වැඩසටහනක් වගෙ හොඳ නැද්ද ? විහිලුව තුලින්ම පණිවිඩයක් දෙන්න පුලුවන් නේද ?
    වැඩසටහන සාර්තකවෙන්න මගෙන් සුභ පැතුම් දුකා.

    ජයවේවා!!!

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails