Friday, June 18, 2010

මොරගහහේන බස් එක සහ පොල් . . .. !



කලින් දවසේ මගේ ටෙක් ජීවිතේ සිදුවුනු රසබර සිදුවීමක් ලිව්වනේ . . මතකයිනේ අර චූටි කුරුල්ලගේ කතාව . .. මට හිතුනා කට්ටිය ඒ පෝස්ට් එකෙන් හොඳ සතුටක් ලැබුවා කියලා . ..

ඒක නිසා තවත් ඒ කාලේ සිදුවුනු පොඩි රසබර සිදුවීමකුත් මේ ගමන්ම කියලා දාන්න කියලා හිතුවා . ..

අපේ කල්ලියේ එක කෙල්ලෙක් හිටියා හොරණ ඉඳන් ආපු . . .

මේ කෙල්ල ව අපි "කමනි" කියලා හඳුන්වමු . . . මොකෝ ඔයාලා දකින්න ඇතිනේ මගේ කල්ලියේ කෙල්ලෙක් කියලා තිබුනා අපේ කල්ලියේ අය දැක්කනම් උඹට වෙන්නෙත් චූටි කුරුල්ලට වෙච්චි දේම තමයි කියලා . . . . ඒක නිසා මම දැන් බයයි කස්ටියගේ නියම නම් වලින් හඳුවන්න (චාටර් කතා වලදී ව්තරක් හොඳේ . . )

ඉතිං මේ කමනි හොරණට යන්නේ පනාගොඩ කෑම්ප් එක ලඟ තියෙන පන්සල ලඟ හංදිය හෙවත් පිටිපන හංදියෙන් බැහැලා මොරගහහේන බස් එක අරගෙන මොරගහහේනෙන් තාම්යි හොරණ බස් එක ගන්නේ . . .

මේ මොරගහහේන බස් එකේ ගිය කෙනෙක් නම් දන්නවා ඇති එකේ කොහොමද පටවන්නේ කියලා . .. ඒත් මම ලඟදී නම් දැක්කේ ඉස්සර තරම් ම ගොඩක් ලොකු තදබදයක් දැන් නෑ කියලයි . . ඒත් මම මේ කියන්නේ දැනට අවුරුදු දහයකටත් කලින් . . ඒ කාලේ නම් ඉතිං ඒ බස් රූට් එක ගැන කියලා වැඩක් නෑ . .

අර කාටූන් වල අඳින්නේ වීදුරු වලින් මිනිස්සුන්ගේ බෙලි, කකුල් එලියට විසිවුනු තරම් සෙනඟ පටවපු බස් . . අන්න ඒකම තමයි හරිම විදිහ . . .

ඔය වගේ "පොල් පටවලා" යන බස් වල ඉතිං ජැක් ගහන්න වෙනමම මහන්සියක් වෙන්න ඕනම නෑ නේ . . . . සෙනඟ නිසා ඒවට විරුධ වෙන්නත් බෑ . . . අපහසුවකට ලක්වුනු ගෑනු කෙනෙක් ඒ ගැන චෝදනා කලොත් වෙන්නේ ඉල්ලන් කන්න තමයි . .

"හිරවෙලා යන්න අමාරුනම් ටැක්සියක් අරන් යන එකනේ . . "

"අර ගෑනුන්ට විතරක් යනන් වෙන් කරපු බස් එකේ ගියා නම් ඉවරයිනේ "

වගේ කතා කියලා චෝදනා කරපු ගෑනු කෙනාව අල කරලා දාන පොරවල් ඕන තරම් හිටියා ඉස්සර බස් වල . ..

මේ සීන් කෝන් එක ගැන දන්න නිසාමද කොහේද අපේ "කමනී" ගේ පෙම්වතා කෙල්ලව ජැක් කාරයින්ගෙන් පරිස්සම් කරගන්න කියලා හිතලා හැමදාම හවසට බස් හෝල්ට් එකට වෙලා ඉන්නවා කෙල්ල එනකම් . . .

අපිත් ඉතිං කෙල්ලට "අන්න අන්න උඹේ කලු කුමාරයා අවිත් ජැකාලගෙන් උඹව බේර ගන්න . . "

"ඔන්න ඕකට ගෙදරට වෙලා ඉන්න කියපන් බන් ජොලියේ ජැක් එකක් වද්දගෙන ගෙදර යන්න තියෙන චාන්ස් එක නැති කර ගන්නේ නැතුව . . " වගේ දේවක් කියලා වදේ ගහලා ගහලා තමයි බස් හෝල්ට් එකේ බස්සන්නේ . . .

දවසක් ඉරිදා උදේක කමනී ආවේ කට පුරා හිනාවේගන . . ..

"ඇයි මචං මොකෝ . . අරූ අද එන්නේ නෑ කිව්වද හවසට . . " කියලා අපිත් සාදරයෙන් පිලිගත්තා . . .

"නෑ නෑ බං මාර සිරා සීන් එකක් වුනා ඊයේ හවස . . "

"අහා මොකද්ද මොකද්ද බං . ." අපිට ඉවසිල්ලක් නෑ . ..

"පොඩ්ඩක් හිටහල්ලා බං . . බ්‍රේක් එකේදී කියන්නම් අන්න මිස් තිලකා ක්ලාස් එකට එනවා" කියලා අපිවත් ඇදගෙන ක්ලාස් එකට ගියා . ..

අපිත් ඉතිං අමාරුවෙන් ඉවසගෙන ඉඳලා දහයට සුපුරුදු වඩේ සහ ප්ලේන්ටී බීලා එහෙම ගියා අපේ වල ස්පොට් එකට . . කානුවට . .

"මචංලා ඊයේ බස් එකේ මාර සීන් එකක් වුනා නේ බන් . . "

"මොකද්ද"

"උඹලා දන්නවනේ මොරගහහේනේ බස් එකේ තත්වේ . . පොල් පැටෙව්වට වැඩිය පොඩ්ඩයි වෙනස . . "

"ඉතිං . . "

"එක ගෑනු කෙනෙක් වීදුරුව පැත්තේ නෙමෙයි අනෙත් පැත්තේ ඉඳගෙන හිටියා . . .අපි දැක්කා පොරක් ඒ ගෑනු කෙනාට ජැක් ගහගෙන ඉන්නව . . . "

"ඉඳගෙන ඉන්නකොට ජැක් . . ?

"නෑ බන් ඒ ගෑනු කෙනාගේ උරිස්ස උඩින් අහවල් එක තියලා . . පව් අනේ ඒ ගෑනු කෙනා හරි අපහසුවෙන් ඇඹරෙනවා . . ඒත් ඉතිං ඇඹරෙන්න වත් ඉඩක් නෑ බස් එක ඇතුලේ . . "

"ඉතිං බන් ඒ ගෑනු කෙනාට ඌට බනින්නනේ තිබුනේ . . "

"උඹලා මගුලක් කතා කරනවා . . . බැන්නනම් ඒ ගෑනු කෙනාට අම්බානක ජාති අහගන්න වෙනවා අරූගෙන් දනන්වනේ පොරවල් ලගේ තරම . . අන්තිමට පැමිනිලි කාරයා තමයි වැරදි කාරයා වෙන්නේ "

"ඉතිං මොකෝ වුනේ . . "

"කොන්දා ආවා ටිකට් කඩන්න . . "

ඔච්චර සෙනඟ අස්සේ "

"අපෝ උන්ට ඒවා සුලු දේවල් බං . . . උඹල දන්නේ නෑ වගේනේ අහන්නේ . . "

"හරි හරි ඉතිං . . "

"කොන්දා මේ ගෑනු කෙනා ලඟට ආවහම මේ ගෑනු කෙනා ඉල්ලුවා මොරගහහේනට ටිකට් දෙකක් . . කොන්දා ඇහුවා කාටද නෝනා අනිත් ටිකට් එක කියලා . . "

"ඉතිං"

"මේ ගෑනු කෙනා කිව්ව . . . එකක් මට . . අනික මගේ මේ කරේ තියෙන පොල් වල්ලට කියලා . . "

"හෆොයි . . . හූ . . . . . "

"ඔව් බන් බස් එකේ ඔක්කෝටම මැරෙන්න හිනා . . . කට්ටියක් හූ කිව්ව . . අච්චර සෙනගගොඩේ අරූ බැස්සනේ එතනින්ම . . "

ඒක අහලා අපිත් බඩවල් අල්ලගෙන හිනා වුනා . .

Monday, June 14, 2010

තූති කුලුල්ලා, කපුතා හා ඉන්ත්පැක්තර් ත . .ර් . .



ඔක්කෝටම කලින් කියන්න ඕ න මේකත් වල් කතාවක් . .

එක පාරක් වල් කතාවක් කියලා ඒ වගේ කතාවලට අකමැති වගේ පෙන්නන වර්ගයේ කමෙන්ටුවක් ලැබුනු වෙලාවේ මම පිලිතුරු දුන්නා මින් මතු වල් කතා කියනවනම් ඒ බව කලින්ම සඳහන් කරන්නම් එතකොට ඒවාට අකමැති අයට නොබලා ඉන්න අවස්තාව උදාවෙනවානේ කියා.

ඒ නිසා ඔන්න කතාවේ වර්ගය කලින්ම කිව්වා හරිය . . .

මේ සිදුවීම වුනේ අපි ටෙක් යන කාලේ. අපි කරපු පාඨමාලාව සති අන්ත තුන් අවුරුදු පාඨමාලාවක්. අපේ බැචාලා බැචීලා ගොඩක් අය රැකියා කරපු අය.

අනික ඒ පාඨමාලාවට ඇතුල්වීමේ අමතර සුදුසුකමක් තමයි ක්ෂේත්‍රයේ රැකියාවක නියුතු අයෙක් වීම. ඒ බව සහතික කරන්න සහ ඉල්ලුම්කරුට සති අන්තවලදී දේශන වලට සහභාගී වෙන්න අවසර ලබා දෙනවා කියලා රැකියාව කරන ආයතනයේ විධායක නිලධාරියෙක්ගේ ලිපියක් පවා ඉදිරිපත් කල යුතු වෙනවා.

ටෙක් ජීවිතයේ පලමු දවසේ ඉඳන් වුනු රසබර සිදුවීම් නම් තියෙනවා කියනන් පටන් ගත්තොත් කොහෙන් කෙලවර කරන්න වෙයිද කියලා හිතන්න වත් බෑ . .

ඒත් මම අද කියන්න හිතුවේ ඒ අතරින් අද දවසේ පවා මතක් වෙන මතක් වෙන පාරට කඳුලු එන තරම් හිනා යන සිදුවීමක්.

(මේ කතාවට ඔයාලට ඒ තරම් හිනා යයිද කියලා නම් සහතික වෙන්න බෑ හොඳේ) මොකද මේ කතාව ඔයාල ගොඩක් දෙනෙක් අහලා තියෙන කතාවක් වෙන්න ඕන ඒත් මට නම් මේ කතාවේ කතාවට වැඩිය ඒ හා බැඳුනු රසබර මතකය නිසාවෙන්ම බොහෝම සුන්දර මතක සටහනක් . . .

අපේ බැච් එකේ කල්ලි දෙක තුනක්ම තිබුනා. කොහොම නමුත් අපේ කල්ලියේ (අපේ කල්ලිය හැදුනු හැටි වෙන දවසක කියන්නම්) තමයි පිස්සෝ පිස්සියෝ ඔක්කෝම හිටියේ . . . එහෙම වෙන්න එපැයි නේද . . පිස්සු නැති උන් සෙට් වෙයිද මේ මං වගේ පිස්සෙක් එක්ක . . .

නම් වශයෙන් කිව්වොත් (මුලින් හිතා හිටියේ නම් නොකියන්නයි ඒත් පස්සේ හිතුවා ඕන එකක් කියලා නම් ටිකත් කියලා දාන්න කියලා) මම හෙවත් පොඩි එකා (ඒක තමයි මගේ කාඩ් එක . . . හි හි . . .තව නැටි කෑල්ලක් තියෙනවා ඒක නම් කියන්න බැරියෝ), රුචිර, ශිරෝමි, පතිරණ, කුමාරි, ගීතානි, නුවන්, අමල්කා හා නදී.

ඔතන ශිරෝයි පතිරණයි දෙන්නෙක් විදිහට ගනන් ගන්න බෑත් වගේ මොකෝ මුන් දෙන්නා එක්කෙනෙක් වගේ තමයි හිටියේ . . අපේ ටීචර්ස්ලාත් එක්කෙනෙක් ආවේ නැති නම් එහෙම අහන්නේ කෝ අනිත් බෑය කියලා . . හික්ස්

අපේ කාල සටහනට අනුව සෙනසුරාදා උදේ දහයේ ඉඳන් එක වෙන කම් ලෙක්චර් එකක් නැති කාලපරිච්ඡේදයක් වැටිලා තිබුනා. අනෙක් කල්ලි වල අය නම් මේ නිකං ඉන්න කාලපරිච්ඡේදය ගන මැසිවිලි නගමින් හිටියට අපේ කල්ලිය නම් ඒ ගැන පුදුම සතුටකින් හිටියේ. සමහර විට ලෙක්චර්ස් කට් නොවී හැම සෙනසුරාදාම ටෙක් ආපු හේතුවක් ඒකම වෙන්න ඇති කියලා දැන් හිතෙනවා. විශේෂත්වය තමයි ඒ වෙලාවේදී අපි කතන්දර කියන එක . .

අපේ ටෙක් එකේ වැසිවෙලාවට වතුර බහින්න කියලා ලොකූ කානු බැඳලා තිබුනා. කානුවක ගැබුර අඩි 3ක් විතර ඇති, කානු ගැට්ටක / බිත්තියක පළල අඩියක් විතර ඇති . . කානුවේ බිත්ති දෙක අතර පළල අඩි දෙකකාට් වඩා වැඩී. මෙතන තමයි අපේ වල ස්පොට් එක. කස්ටියම කානුවේ බිත්තු දෙක උඩ ඉඳගෙන කනුව ඇතුලට කකුල් දාලා ඉඳ ගත්තාම එකාට එකා මූනට මූන බලාගෙන කයිය ගහන්න පුලුවන් හිටු කියලා.

අපේ අර කිව්ව අර නිදහස් කාලපරිච්ඡේදය අනිවාර්යෙන්ම ගතවුනේ මෙතන තමයි. අපි අතරේ සම්මුතියක් තිබුනා. එක දවසකට එක්කෙනෙක් අලුත් කතාවක් කොහෙන් හරි හොයාගෙන එන්න ඕන කියලා. බොරු කියන්න ඕන නෑ නේ මේ කතා ඔක්කෝම වගේ ඉතිං කුනුහරුප කතා තමයි. කොල්ලෝ කෙල්ලෝ කුනුහරුපයක් කියන්නේ අනෙක් එකාගෙන් වැරදි යමක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් නෙමෙයි කියන විස්වාසේ අපි හැමෝම අතර තිබුනු නිසා කුනුහරුපයක් ඇහුවාම මූන රතු කර ගන්න ගෑනු ළමයි අපේ කල්ලියේ හිටියේ නෑ.

. . . . .. . . .. . . . .. .. . .. . . .

හැමදාම උදේට පරක්කු වෙලා එන අමල්කා එක සෙනසුරාදකත් පරක්කු වෙලා ආවේ අන්තිම හරිය දුවගෙන ඒ අතරේ එයගේ මූනේ තිබුනා මහ කපටි හිනාවකුත් . .

"මචංලා . . මට අද කියන්න නියම කතාවක් හම්බුනා"

ලෙක්චරර් පොඩ්ඩක් එහාට මෙහාට වෙනකම් ඉඳලා අමා අපේ සෙට් එකේ කස්ටියට පනිවිදේ දුන්නා. . . අපිටත් ඉතිං දැන් 10 වෙනකම් සිහියක් නෑ.

10 උනයි කියමුකෝ කස්ටිය වඩේ කකා දිව වල් පිච්චී පිච්චී ප්ලේන්ටි බීලා හනිකට දිව්වේ අපේ කානුවේ වල ස්පොට් එකට.

"කියපන් කියපන් ඉතිං . ."

"පොඩ්ඩක් හිටහල්ල බන්" මෙයා ඉතිං හරි බහි ගැහෙනවා.

මොන මගුලක්ද බන් . . තටමන්නේ නැතුව කියපන් . .

"හරී. . . එහෙනම් අහගනිල්ලා මේක ඇම්ඩන් කොල්ලගේ කතාවක් . . . . "

"අයියෝ . . අපි උගේ ඒවා ඔක්කෝම අහලා තියෙනවා"

"උඹල අහල නැති එකක්. . අහල තිබුනු එකක් නම් මීට කලින් උඹල මේක කියලා"

"හරි හරි ඉතිං කියපන් බලන්න "

"ඔන්න ඇම්ඩා දෙක වසරේ ඉන්න කාලේ දවසක් ටීචර් කිව්වලු මූට . . පුතා ඔයා හෙට ඉස්කෝලේ එන්න ඕන නෑ හොඳේ . . ගෙදරට වෙලා සෙල්ලම් කරන්න . . කියලා . . "

"ඉතිං . ." අපි හූමිටි තියන්න ගත්තා . .

"අනේ බන් ලා උඹලා අහක බලපල්ලකෝ උඹලා කට දිහා බලාගෙන ඉන්න කොට මට කතාව කියන්න නිකම් බෑ බෑ වගේ . . මට හිනා යන්න එනවා බන් "

"අනේ මේ කෝලං නැතුව කියපන් "

"හරි එහෙනම් මම උඹල දිහා නොබලා අර ඈත පේන අඹ ගහ දිහා බලාගෙන කියන්නම්" කියමු අමා අපේ ඔලුවලට උඩින් ඈත දිහා බලාගෙන ඔලුව හොල්ල හොල්ල කතාව කියන්න ගත්තා

"ඇයි තීත එහෙම තිව්වේ . . කියලා මූ ඇහුවලු"

"පුතේ හෙට ඉස්කෝලෙට ඉන්ස්පෙක්ටර් මහත්තුරු එනවා. ඔයා මොකක් හරි නෝටි වැඩක් කලොත් ඉස්කෝලෙට හොඳ නෑ නේ . . ඒක නිසයි මම එහෙම කිව්වේ කියලා . . ටීචර් මූව ශේප් කරගන්න කියලා හිතලා කිව්වලු"

"මූ සාමාන්‍යයෙන් වෙනදට ස්කූල් කට් කරනවලු . . ඒත් ටීච ම එන්න එපා කිව්ව හින්දා කරන්නම් හොඳ වැඩක් කියල හිතලා පහුවදා වෙනදටත් වඩා උදෙන්ම ඉස්කෝලේ ගියාලු"

"ටීචර්ට හීන් දාඩිය දැම්මලු මූව දැක්ක ගමන් . . ඒත් දැන් මොකෝ කරන්නේ කියලා හිතලා ඊහ්නම් හොඳ පුත වගේ දඟ වැඩ නොකර ඉන්න කියලා මුගේ ඔලුව එහෙම අතගෑවලු"

"ඔන්න ඉතිං ඉන්ස්පෙක්ටර්ලා ඇවිත් පංතියෙන් පන්තිය ට යනවලු . . මූ ඉන්න පංතියටත් ඇවිත් ආයිබෝවන් ළමයි . . . කියලා සුභ පැතුවලු. . ළමයිනුත් ආයිබෝවන් ත. . ර් . ." කියලා සර්ටත් සුභ පැතුවලු.

"හරි මේ චූටි දූලා පුතාලා අතරින් සිංදුවක් කියන්න පුලුවන් කවුරු හරි ඉනවානම් අත උස්සන්න . . " කියලා සර් කිව්වලු.

"ළමයි නෝ හෙල්ලුම්ලු . . "

"සර්ට ටිකක් අප්සට් වගේලු . . "

"හරි එහෙනම් කවියක් කියන්න පුලුවන් ළමයෙක් . . ?"

"ඒත් ම් . හු ලු . . "

"හරි කමක් නෑ කතාවක් කියන්න දන්න ළමයෙක් ඉන්නවද එහෙනම් . . "

"ටික වෙලාවක් ගිහින් ඇම්ඩා හෙමීට ටීචර් දිහා බල බල අත උස්සන්න හදනවලු . . ටීච අතින් කියනවලු අත පහත දාන්න කියලා. .

"මේක දැකපු සර්ට හරි තරහයිලු . . . ඇයි මිස් ඔයා එහෙම කරන්නේ . . බලන්න ඒ ළමයගේ ඉදිරිපත් වීම කොයි තරම් ලොකු දෙයක් ද . . ඔයා කරන වැඩෙන් ඒ ළමයට ලොකු අසාධාරණයක් වෙනවනේ . . කියලා බැනලා හරි පුතා එන්න . . ඉස්සරහට ඇවිහ් ඔයාගේ කතාව කියන්නකෝ . . කිව්වලු . . "

"තබාවෙන් අවසරයි . මා මෙතනට පැමිනියේ තතාවක් කිලීමතයි . . කිව්වලු . . "

"අනේ ශෝක් පුතෙක් . . සර් කිව්වලු . . . "

"ඔන්න එතෝමත් එත රතක තූති කුලුල්ලෙකුයි කපුතෙකුයි හොඳ යාලුවෝ වෙලා ඉතියාලු . . "

"ලස්සන කතාව වගේ නේද පුතා . . ටීචර්ට රවලා බලලා සර් කිව්වලු. . "

"පායන කාලේ පුලාම තූති කුලුල්ලා කෑම බීම දාති දොදාක් එකතු කලගෙන එයාගේ කූදුවේ තියා ගත්තාලු . . "

"ශා මොලේ තියෙන කුරුල්ලෙක් නේද පුතා . . සර් ඇහුවලු . . "

"කපුතා කලේ පායන කාලේ පුලාම තින්දු කිය කිය නත නත හිතපු එක තමයිලු . . ."

"මෝඩ කපුටෙක් නේද පුතේ . . ඉතිං ඉතිං . . "

ඔන්න ඉතිං වැත්ත කාලේ ආවලු . .. තූති කුලුල්ලා එයාගේ කූදුවත වෙලා කෑම බීම කකා සතුතෙන් හිතියලු . . "
එතකොට පුතේ කපුටා . .

"කපුතත හොඳතෝම බදගිනි වුනාලු . . එයාට කන්න මොතුත් නෑ . . එයා තූති කුලුල්ලගේ කූදුව ලඟත ගිහින් කිව්වලු . .. යාලුවේ යාලුවේ , , අනේ බත බදගිනී . . ඔයාගේ කෑම මොනා හලි මත දෙන්න . . තියලා . . "

"ඉතිං . . චූටි කුරුල්ලා මොනාද කිව්වේ . . "

"ආ ඔයා යන්න . . . ඔයා වැත්ත කාලේ පුලාම තිංදු කිය කිය හිතියේ . . දැන් නිකන් ඉන්න . . . මත බෑ ඔයාත මොකුත් දෙන්න කියලා . . .තූති කුලුල්ලා තිව්වලු . . "

"හොඳ වැඩේ නේද පුතේ . . "

"කපුතත හොඳතෝම තලහා ගියාලු . . එයා කිව්වලු . . ආ වැස්ස පායපුවාකෝ . . මම තොගේ කූඩුවත් කඩලා . . . තොගේ අම්මට . . . .. . ලා තොටත් . . .. . තමයි පස්ස බලන්නේ කියලා . .. "

සර්ට කලන්තේ දාලා වැටුනාලු . .

ටීචර් ඇම්ඩාව අල්ලන්න ඉස්කෝලේ වත්ත වටේ දිව්වලු . . .

Wednesday, June 2, 2010

අද මේ උඹගේ උපන් දිනය දා . . පැතුමක් පතමුද මොකද කියන්නේ . . . !!



පෙර සංසාරේ කවදාකදි හෝ
අහම්බයෙන් හෝ ඉරණම විලසින්
මේ ලෙස අප හමුවී ඉන්න ඇතී . .
සාද පවත්වමින් සවාරි ගසමින්
අයිස් ක්‍රීම් කා හිංදි ෆිල්ම් බලා
ජොලියෙන් ලව් එකේ ඉන්න ඇතී . . .
. . . .
ජීවන වගුවේ කෙලින් ඉරක් නම්
මෙලෝ රහක් නෑ කිසි ගතියක් නෑ
කියමින් ඉඳහිට මාසෙට දවසක්,
සතියට දවසක් නැතිනම් දෙකකුත්
කොක්කක් දාගෙන වලියක් ඇදගෙන
මූන චොර කරන් ඉන්න ඇතී
ඇමිනූ කොක්කේ මම නොගැටුනු දා
වැලහින්නී වගේ හඬන්නැතී . . .
. . .
වවුලෙකු වාගේ දෙතනේ එල්ලී
කිරි බොන පැටියා තුන් යම ඇහැරී
රෑ දොලොස් පැයේ කෙලි සෙල්ලම් වැඩ
පටන් ගත් සැනින් පනාව දාගෙන
මට නිදන්න දී උඹ ඇහැරී හිඳ
හකු පනිනා ඈනුම් අරින්නැතී
එසේ වී නමුත් අළුයම ඇහැරී
එපා කියද්දී බැනුම් අහද්දී
බත් ගෙඩි පිස බෑගයට ඔබන්නැති
. . .
මතු සංසාරේ උපදින නුවරක
පසල් දනව්වක වත් නූපදින්නට
පැතුමන් පුරනා අඹු සැමි කොතෙකුත්
අප අතරේ මා නිතරම දැක ඇති
එහෙම නොවී අපි මතු සසරේදිත්
ජොලියෙන් සොමියෙන් ලව් එකේ ඉන්නට
අනූවට දහයේ සියයට ගනනට
ඉඳහිට වලියක් ඇද නා ගන්නට
අද මේ උඹගේ උපන් දිනය දා
පැතුමක් පතමුද මොකද කියන්නේ . . . !!



Wednesday, May 26, 2010

තී මට තී මට කියමින් බිඟු පෙල ඇය අවටම රඟතී . . . . !



මම පුංචි කාලේ ඉඳන්ම අපේ ගෙදර අය අතරින් අම්මයි මමයි කැමති බොහෝ වෙලාවට එක වගේ සිංදුවලට. වෙලඳ සේවයේ විකාශනය වුනු අසන්නන්ගේ ඉල්ලීම්, නිවේදක තෝරයි, අම්බිගා ගීතයෙන් ගීතය, ආරාධනා සවර දැහැන, හිංදී ගී පැය, පිබිදෙන ගායක පරපුර, අයි.ටී. එන් එකේ නිශාන්තය, යාත්‍රා . . රූපවාහිනියේ හද රැඳි ගී . . . ආදී ඒවා අපි දෙන්නගේම කැමතිම වැඩසටහන්.

අක්කා ඇහුවේ . . ඇහුවේ කිව්වට බැලුවේ අයි.ටී. එන් එකේ එහෙම නිතර ගිය ඉංග්‍රීසි සින්දු තමයි. නන්දා මාලනී, වික්ටර්, අමරදේව, සුනිල් එදිරිසිංහ මගේ ලෝකයේ වීරයෝ වෙන කලේ අක්කගේ ලෝකේ හිටියේ බෝයි ජෝර්ජ්, ජෝර්ජ් මයිකල්, පෝල් යන්ග්, මැඩෝනා, සින්ඩි ලෝෆර් වගේ කට්ටිය.

ඉංග්‍රීසි සින්දු අහන අයට සෙකන්ඩ් නොවී ඉන්න කියලා මමත් ඉඳලා හිටලා එකක් දෙකක් අහනවා . . කටපාඩම් කර ගන්න හදනවා. පෝල් යන්ග් ගේ "Love of the common peple" සිංදුව එහෙම ඒ කාලයේ පොඩ්ඩක් කටපාඩම්.



ඒ අතර දවසක් බෝයි ජෝර්ජ් ගේ කැමීලියන් සින්දුවේ වචන වැරදියට කියලා අක්කා මට හෙනම හෙන නෝන්ඩියක් දාපු හැටි තාම මතකේ තියෙනවා.

නංගී නම් මැරෙන්න හැඩුවේ මයිකල් ජැක්සන්ට . . ඒකත් මයිකල්ගේ සිංදුවලට තියෙන ආසාවටද නැත්නම් තාත්තා ඒවා අහන වෙලාවට බනින නිසා එකට එක කරන්න ඕන කමට අහන්න ආස වුනාද කියලා තාම මට ෂුවර් නෑ. හැබැයි එයා බෝයි සෝන්ලගේ, බැක්ස්ට්‍රී බෝයිස්ලගේ, ස්පයිස් ගර්ල්ස් ලගේ ජේලෝ (Jlo) ගේ සිංදු එහෙම බොහෝම ආසාවෙන් එකතු කරගෙන අහපු බව නම් මම දන්නවා.

අපි ට්‍රිප් යනකොට මම "ජීවන මේ ගමන සංසාරේ" සින්දුව එහෙම කියනකොට අක්කගේ ළමයින් එක්ක එකතු වෙලා "අපෝ 18වෙනි සියවසේ සිංදුනේ ඕවා" කියලා නංගීත් භාතියගේ ඉරාජ්ගේ සිංදු එහෙම කිව්ව වුනත් . . .මාමගේ ඔල්ඩ් හිට්ස් කියලා මගේ සිංදුවලට නෝන්ඩි දාපු අක්කගේ ලොකු කොල්ලා උගේ කැම්පස් එකේ යාලුවෝ ඒවා කියනවා අහලා තේරුම් අරගෙන මාමා අහන සින්දු "මාරයි" කියලා.

කොහොමින් හරි අපි හැමෝම එක එක වර්ගයේ සිංදු ඇහුවා . . වැඩක් කරන අතරේ සින්දුවක කෑල්ලක් මුමුන මුමුන හිටියා. ඒත් අපි දැකලා නෑ අපේ තාත්තා ආසාවෙන් සිංදු අහනවා කවදාවත්ම. අපි නිතරම තාත්තට බනිනවා "අපෝ අර මල ජරා දේශපාලනේ තමයි මෙයාගේ හොඳම විනෝදාංශේ . . ඔයා මෙලෝ රහක් නෑ නේ "කියලා .

දවසක් අහම්බෙන් මට ඇහුනා තාත්තා ගීතයක කොටසක් මුමුනනවා.

"ජීවන විල මැද වැජඹෙන කැකුලකි රූබර වූ යුවතී . . ."

අපි ඒක නෝට් කලා කියලා එයාට තේරුනාම අම්මගෙන් අහනවා "කවුද ඒයි ඒ සිංදුව කියන්නේ . . ඒක හරිම ලස්සනයි" කියලා.

"ඒක කියන්නේ සුජාතා අත්තනායක" කියලා පැනලා දුන්නු මම . . . සිංදු නාහන, ඒවට වැඩිය කැමති නැති, අපේ තාත්තාත් අහන්න නම් එයාගේ සිංදු ගොඩක්ම හොඳ ඇති කියලා හිතාගෙන . . . එදා ඉඳන් සුජාතාගේ සිංදුත් බොහෝම ආසාවෙන් අහන්න පටන් ගත්තා.

. . . .



සුජාතා වැඩිපුර සිංදු කියලා තියෙන්නේ චිත්‍රපටි පසුබිම් ගීත කියලයි මම හිතන්නේ. බලන්න මේ ගීත නිකන් අහලා පුරුදුයිද කියලා .. .

. . . ..

මේ මහ රෑ හමු වූ ස්ත්‍රිය චිත්‍රපටියේ ගීතයක්

ජීවන විල මැද වැජඹෙන කැකුලකි

ජීවන විල මැද වැජඹෙන කැකුලකි රූබව වූ යුවතී
තී මට තී මට කියමින් බිඟු පෙල ඇය අවටම රඟතී . .
ජීවන විල මැද වැජඹෙන කැකුලකි රූබව වූ යුවතී

ළහිරු රැසින් පිබිදෙන පියුමින් රොන් බී මත් වුන බඹරා
මියුරු හඳින් ඒ ගී නවතා යයි පියුබේ හද අඹරා
නෑ එන පාටක් නෑ එන පාටක් ළතැවෙයි පියුම අනේ
ආ මට කෑමක් ආ මට කෑමක් තවෙකෙක් බඳිති සෙනේ

අවරට යන හිරු සවසාට් බැස යයි ගුම් නද දැන් නොඇසේ
රසයට රැවටුනු නෙළුමද හැකිලෙයි පුන්සඳ දැක අහසේ
ඒකයි දෛවය නෙළුමේ ඒකද යුවතියගෙත් දෛවේ
දාකයි දෙකකයි පමනයි විසිතුර එය ජීවන මහිමේ

. . . ..

මේ ගීතය ඔක්කෝම හරි චිත්‍රපටියේ

ආදරේ මන්දිරේ

ආදරේ මන්දිරේ සඳළුතල එලිවෙලා
මීවිතේ මී පිරී පිටාරය එයි ගලා . . .

සුවඳ අරගෙන ඔබේ සුළඟ මාවෙත ඇදේ
සුහද කිම ඔබ පමා සුසුම් වැල් යයි හමා . .

ගඟක බිහිවන සුලී වැනිය හද සිතුවිලී
නයන සනහන පුරා කොහෙද මගේ පෙම්බරා . .

. . .

ජෝතිපාල සමඟ මේ ගීතය ගයා තිබෙන්නේ ස්වීප් ටිකට් චිත්‍රපටියට

ආවා පෙම්වතා යන්නේ

ආවා පෙම්වතා යන්නේ
ඇයි ඔයා දෙනුකෝ
පෙම් සිනා ආදරෙයි කියා . .

සුලඟක් හමාවී සිසිලක් දැනේවී . .
සුදුහඳ හාමී මට හිනැහේවී . .
ඔබගේ තොල්වලා අතරේ
හැංගිලා ඉන්නයි
මා සොයා ඉන්නේ බලා. . .

දෑසින්ම නොබලා දෑතින් නො අල්ලා
ඈතින්ම රැඳිලා සැපැතා නොවේවී .. .
පායා චන්ද්‍රයා දීලා
පෙම් සිනා යාවී
හැංගිලා ආදරෙයි කියා

. . .

දුහුළු මලක් චිත්‍රපටියේ අපූරු ගීතයක් අබේවර්ධන බාලසූයිය සමඟ

බොඳ මීදුම් කඳු රැල්ලේ

බොඳ මීදුම් කඳු රැල්ලේ සුරංගනා රජ දහනේ
ඔබේ සිනා කඳුලු බිඳක්
හෙටත් වාසනා හෙටත් වාසනාවන්
සින නදී රල රැල්ලේ පැතුම් රුවල් රන් ඔරුවේ
ඔබේ නිම මෙත් රාගී මටත් වාසනා මටත් වාසනාවන්

හිතක තැවුල් සංසිඳිලා මිටියාවත මල් ඉසිලා
මල් වරුසා සුවඳ සමය මටත් වාසනා මටත් වාසනාවන්
රෑසියන්ගේ නොනිමි නාද සැවුල් කොවුල් විහඟ ගීත
අපට ඇරුනු හුදකලාව හෙටත් වාසනා හෙටත් වාසනාවන්

මාල හතක් පලඳනන්ට හීන හතක් එලි වනන්ට
දොලොස් මහේ පහන් එලිය මටත් වාසනා මටත් වාසනාවන්
අනාගතය කිරුළු දරා දෙපා මුලට වඩින තුරා
ළවන් පොඟන මියුරු තෙපුල් හෙටත් වාසනා හෙටත් වාසනාවන්

. . . .

මේ මගේ ප්‍රියතම ගීතයක් . . .හැංගි හොරා චිත්‍රපටිය වෙනුවෙන් හරූන් ලන්ත්‍රා සමඟ

හංස රාණී ආදරේ

හංස රාණී ආදරේ . . මදාරා පරසතු විලේ
මීවිතේ මදිරා බොනූ . . මගේ හිත උදුරා ගනූ . .

හංසයානෙනි ආදරේ . . මදාරා පරසතු විලේ
මීවිතේ මදිරා බොනූ . . මගේ හිත උදුරා ගනූ . .

ඉගිල්ලෙන්නට තටු සලා පියාපත් සවිබල වෙලා
අඳුර ආලෝකය වෙලා සොඳුරු හීනය එලිවෙලා

ආදරේ මල් පල දරයි දුගී පැල රස මුසු කරයි
රිදී මිණි මුතු මිල නොවෙයි මාලිගය සිත ගිය තැනයි

. . .

මේ සකුන්තලා චිත්‍රපටියේ ගීතයක්

හර්දේ රස මාලිගේ

හර්දේ රස මාලිගේ ප්‍රීති වේ මා හදේ
ඔබේ දායාදේ .
පැතුවේ මේ ජීවිතේ මහදේ ආලෝකයේ
හර්දේ රස මාලිගේ

සිය හදේහී ම රස ගන්වා පැතුවේ මෙමා
දරු සෙනෙහේ නි හදවත් හි පැතුමන් තබා
ඔබ ආවාදෝ මා වාගේ බිඳක් සොයා
මේ ජීවිතයේ

ලොව රන්වන් වූ ආලෝකේ දල්වා තබා
ඔබ එනකන් මා සිටියේ මේ ගීතේ ගයා
ප්‍රිය රස දේහිනී මා ආවේ සොයා මේ
ජීවිතයේ

. . . .

ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කල පරසතු මල් චිත්‍රපටියේ ගීතයක්

පරවුනු මල් වල සුවඳ අතීතේ

පරවුනු මල් වල සුවඳ අතීතේ
පර සතු මල් ලඟ විසිව ගියාවේ
දුවගේ මුවින් එන කැකුළු හිනාවේ
එලිය මැදින් හෙට දවස උදාවේ

අතට වළලු මම කොහින් සොයම්දෝ
පයට ගිගිරි මම කොහින් සොයම්දෝ
ඉනට හවඩි මම කොහින් සොයම්දෝ
දුවට මවක මිස පියෙකු කොයින්දෝ . .

දාවල ගෙවිලා අඳුර ගලනවා
ඈත ලොවක නිදි දෑස පියෙනවා
හීතල පාළුව ඉවුරු පිපෙනවා
ඒ අතරින් දුව දොරට වඩනවා

. . . .


rare moment where two extra-ordinary voices of the continent merged; Sujatha Attanayake with Mohmad Rafi. Her Eldest son, Heli Attanayake also present.


Sujatha with her grand children Ayodh Attanayake and Sandesha Attanayake


With "Parasathumalwal Suwanda Athithe .. " Sujatha Attanayake immortalized the film " Parasathumal". Music for the film was composed by maestro Lionel Algama

Wednesday, May 19, 2010

ආච්චී වැහිලා නටන නාඩගම් . . .!



මේ පහත සඳහන් සිදුවීම් දෙකෙන් එකකට ඔබ කවදා හෝ මුහුන දී තිබෙනවාද . . . ?

1. තමන්ට තමන්වම පාලනය කර ගත නොහැකි කෝපයෙන් කෙනෙකු වෙත කඩා පැන තුන් හිතකින් වත් කිරීමට බලාපොරොත්තු නොවූ චෝදනා වැලකින් ඔහු හෝ ඇගේ මූනට දමා ගැසීම

2. කිසිම සාධාරන හේතුවක් නොමැතිව කෙනෙකු තමාගේ මුහුනට කඩා පැන තමා කිසි දිනෙක කල හෝ කිරීමට සිතාවත් නැති චෝදනා රාශියක් කරමින් බැන වැදීම.

සාමාන්‍ය කට වහරේ මේ ක්‍රියාවට "යකෙක් වැහිලා වගේ" කියා හඳුන්වන නමුත් මගේ වචන මාලාවේ එය පහත ආකාරයෙන් හඳුන්වනවා . . .

1. මට ඒ වෙලාවේ "ආච්චී වැහිලා වගේ" කෑ ගැහුවනේ . . .

2. මොකෝ උඹ "පිස්සු වේX වගේ" කෑ ගැහුවේ . ..

(චමල්, දමිත්, නදීශා, රුචිර බ්ලා බ්ලා බ්ලා . . දන්නෝ දනී . . )

"අනේ සමාවෙන්න . . මම දන්නේ නෑ මට ඒ වෙලාවේ මොනා වුනාද කියලා" වගේ වචන මඟින් ඉස්තාලේ වහන්න හැදුවත් ඒ වෙනකොට අස්සයා ගිහින් ඉවරයි.

ඒ ක්‍රියවලිය අවසානයේ ඉතුරු වෙන්නේ රිදුනු හෝ බිඳුනු හදවතක් හෝ හදවත් කීපයක් හා මහාම මහා එපා කරපු මූසල කාලකන්නි පසුතැවීමක් පමනයි.

හාස්‍යජනක හා සංවේගජනක ම දේ තමයි මේ අපිට ආච්චී වැහිලා බනින්න තෝරා ගන්නා කෙනා අපි ගොඩක් ආදරය කරන කෙනෙක් වීම. (අම්මා, තාත්තා, සැමියා, බිරිඳ, පෙම්වතා, පෙම්වතිය, සහෝදරයා, සහෝදරිය, හොඳම මිතුරා, හොඳම මිතුරිය, දුව, පුතා)
තව දෙයක්, අපි එසේ නිතර කඩා පනින පුද්ගලයා එක අයෙක් හෝ එකම පුද්ගල කන්ඩායමක් වීමත් අරුමයක්.

අපේ බැනිල්ල නිසා තරහින් අපේ මූන කට සමතල නොකරන. අපේ හොම්බට හැටක් නො අනින, අපේ අධිපතිභාවය ඉවසන ආදරණීය කෙනෙන් බැනීමට තෝරා ගැනීම හාස්‍යජනක දේ වුවත් එසේ අපි ආදරය කරන අපිට ආදරය කරන කෙනෙකුගේ හදවත රිදවීම, අප කෙරෙහි ඇති ඔහු හෝ ඇගේ ආදරේ බිඳී යාම සංවේගජනක දේ ලෙස දැක්විය හැකියි.
මෙය මනෝ විද්‍යානූකුලව "හිස්ටීරියා" කියන රෝග ලක්ශනයේ මූලික අවදියක් ලෙස මා උපකල්පනය කරනවා.

මා දන්නා, ලඟින් ඇසුරු කරන "මා ඇතුලුව" බොහෝ දෙනෙකුට මේ රෝගය තිබෙනවා.

බොහෝ මනෝ ව්‍යාධි වලට බුදු දහමේ පිලියම් තිබෙනවා කියා මා සිතනවා. (ඕනෑම ආගමක කෙනෙකුට මේ ලිපියේ කරුනු වැදගත් වේ යැයි මා සිතනවා)

උප්පැන්න්යේ ආගම ලෙසට බෞද්ධ කියා සටහන් වීමත්, 7 ශ්‍රේනිය වෙන තුරු දහම් පාසල් ගියා වුනත්, සා.පෙ. විභාගයෙන් බුද්ධාගම විෂය සම්මානයක් සහිතව සමත් වුවත්, පාලි ගාථා කීපයක් කට පාඩමින් මතක තිබීමත්, කුඩා අවබෝදයත් හැර බෞද්ධ දර්ශනය ගැන වැඩි දැනීමක් මා සතුව නැති බව අවංකව කිව යුතුයි.

බුදු දහමේ මූලික සංකල්පයක් වූ හේතුඵල වාදය අනුව මේ ක්‍රියාවලිය විග්‍රහ කිරීම පහසු වේවී කියා මා සිතුවා.

සරලව කීවොත් ඉපදීම නම් ඵලය දුකක්. ඒ ඵලයට තේතුව තෘෂ්නාව. තෘෂ්නාව නම් හේතුව නැති කිරීමේ ක්‍රමය ආර්‍‍ය අෂ්ඨාංගික මාර්ගය. (තරිඳු හා මාරයා මා වැරදි නම් නිවරදි කරනසේක්වා . . . !)

ඒ අකාරයෙන් හිතුවොත් මේ "හිටපු ගමන් ආච්චී වැහෙන" මනෝ ව්‍යාධිය නම් ඵලයට හේතුව . . .

කෙනෙකු කෙරෙහි අපේ යටි සිතේ අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව තැන්පත් වී තිබෙන තරහවක්.

ඔහු හෝ ඇය තමා ගැන සැලකිල්ලක් නැතැයි යන සිතුවිල්ලක්.

ඔහු හෝ ඇගේ ආදරය තමාට වඩා වෙන අය කෙරෙහි වෙන දේවල් කෙරෙහි ඇත යන උපකල්පනයක්.

හා නැද්ද?

මම හිතන්නේ සිදුවිය යුත්තේ අපි ඒ ආකාරයට ඇඟට කඩන් පනින පුද්ගලයා ගැන අපේ හිතේ යම් කිසි තරහක් ඇති කියා උපකල්පනය කොට ඒ පුද්ගලයා ගැන තරහක් ඇති වෙන්න බලපෑහැකි කරනු මේ මේ යැයි ගොනු කොට ඒ ඒ කරුනට ඒ පුද්ගලයාට සමාව දිය හැකි ලෙස තරාදියේ "තරහා" තියෙන පැත්තට සමාන බරක් "අනෙක් පැත්තට" දමා ඒ තරහව අපේ හිතින් ඉවත් කර ලීමට සැලැස්වීමයි.

Sunday, May 16, 2010

ජීවිතයට නැතුවම බැරි ආදරය !



බොහෝම කාලෙකට කලින් මම ආසාවෙන් දෙමළ චිත්‍රපටි බැලුවා. ඒ කාලයේ ආසාවෙන් බලපු ද්‍රවිඩ චිත්‍රපටි අතර "තලපති", "පුදිය රාගම්", "මින්සාර කානවු (සප්නේ නම් හිංදි චිත්‍රපටිය)" "ඉංඩියන්", "අපූර්ව සහෝදරන්ගල්", "මෙල්ල තිරඳද කදෝ" "සත්‍යා" "අන්ජලී" වගේ චිත්‍රපටි කීපයක සමහර සිදුවීම් හා කතාමලාවල මතකය තාමත් හිතේ කොනක තියෙනවා වගේ දැනෙනවා. . !

අක්කගේ මහත්තයා තදබල දෙමළ චිත්‍රපටි රසිකයෙක්. මම කාලයක් අක්කලගේ ගෙදර හිටියා අක්කා අඩු වයසෙන් විවාහ වෙලා ගිය අලුතම වගේ. එහේදී මස්සිනා නිතර දෙමළ චිත්‍රපටි ගෙනත් බලන නිසා මමත් බලන්න හුරුවෙලා පස්සේ කාලේක හොඳම ෆිල්ම් එකක් හැර අනෙක් ඒවා බලන එක මඟහැරුනා.

මඟහැරුනු තරම කොයි තරම්ද කියනවනම් ලස්සනම ෆිල්ම් එකක් වූ මනිරත්නම් ගේ බොම්බේ ෆිල්ම් එක බැලුවෙත් මේ ලඟදී ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරගෙන තමයි.

ඒ කාලේ බලපු ෆිල්ම් එකක ලස්සන ගීතයක් නම් මේ අද වනතුරුත් ලාවට ලාවට මතකේ තිබුනා. වැඩිපුරම ඒක මතකේ රැඳිලා තිබුනේ මගේ ප්‍රියතම ගායකයෙක් වූ එස්.පී.බාලසුබ්‍රමනියම් ඒ ගීතය මහා අරුම පුදුම විදිහට හුස්ම නොගෙන ගායනා කරන අපූරුව නිසායි.

ලඟකදී අහම්බෙන් යූ ටියුබ් එක පීරන වෙලාවක ඒ සින්දුව අහන්න ලැබුනා. ඒ මම ඉතිං කලේ අපේ බින්කු මලයට ද්‍රවිඩ භාශාව ගැන වැටහීමක් තියෙන නිසා එයාට ලියලා යැව්වා මට ඒ සින්දුවේ තේරුම ලියලා එවන්න කියලා . . දෙතුන් පාරක් මතක් කලාට පස්සේ (බැනලා මැසේජ් යැව්වට පස්සේ) ඔන්න ඒකා තේරුම ලියලා එව්වා.

අහලා බලන්න ඔයාලටත් අල්ලලා යයිද කියලා ඒ සින්දුව.

මේක දැනට දශක 2කට කලින් ඒ කියන්නේ 1990 දී තිරගත වුනු "කේලඩී කන්මනී" කියන චිත්‍රපටියේ ගීතයක්. ඒ චිත්‍රපටියේ රඟපෑවේත් එස්. පී. බාලසුබ්‍රමනියම් සමඟ රධිකා කියන නිළිය.




මේ තියෙන්නේ අපේ බින්කු මළයා ලියා එවූ පරිදි ඒ ගීතයේ තේරුම.

மண்ணில் இந்தக் காதலன்றி யாரும் வாழ்தல் கூடுமோ
කෙනෙකුට ආදරය නැතිව මෙපිට විසිය හැකිද?
எண்ணம் கன்னிப் பாவையின்றி ஏழு ஸ்வரந்தான் பாடுமோ
(ද්රවිඩ දෙවියෙක් හෝ විශ්වාසයක්)ට ස්ත්රීයක් නැතිව සංගීතය නිපදවිය හැක්කේ කෙසේද?
பெண்மை இன்றி மண்ணில் இன்பம் ஏதடா
கண்ணை மூடிக் கனவில் வாழும் மானிடா
ඒයි පුරුෂය, ඔබ ඔබේ ඇස් වසා හීනයට පිවිසෙන්න (මවා ගන්න), කාන්තාවක් නැතිව සතුටක් තියේද?

வெண்ணிலவும் பொன்னிநதியும் கன்னியின் துணையின்றி
කාන්තාවකගේ පිහිට නැතිව..
என்ன சுகம் இங்கு படைக்கும் பெண்மையின் சுகமன்றி
සුදු සඳට හා පූනි ගඟට කුමක් කරන්නට හැකි වේද?
தந்தனமும் சங்கத்தமிழும் பொங்கிடும் வசந்தமும்
sandal , old music Tamil, season of flowers (spring)
සෙරප්පු, (සංගත්තමිලම්; පැරනි දෙමළ සංගිත වර්ගයක් (වන්නම් වගේ), මල් වසන්තය (සරත් සෘතුව)
சிந்திவரும் பொங்கும் அமுதம் தந்திடும் குமுதமும்
Flourishing ‘Amudhu’, Flowers
අමුධු නම් මල් විකසිත කරමින්...
கன்னிமகள் அருகே இருந்தால் சுவைக்கும்
It all beautiful when you have women beside you
මේ සියල්ලම කාන්තාවක් ඔබ ළඟ සිටින විටදී සුන්දරය
கன்னித்துணை இழந்தால் முழுதும் கசக்கும்
If she’s gone then everything mentioned will be bitter
ඇය ගියහොත් සියල්ලම වේදනාකාර වනු ඇත
விழியினில் மொழியினில் நடையினில் உடையினில்
In eyes, language, way of walking, dressing,
ඇසෙන් භාෂාවෙන් (කථාවෙන්) ඇවිදිමෙන් ඇදුමේන්....
அதிசய சுகம்தரும் அனங்கிவல் பிறப்பிதுதான்
In everything women can give pleasure.
මේ කියල්ලෙන්ම කාන්තාව (අපට) සොම්නස දෙයි

මෙන්න මෙතනින් ගන්න පුලුවන් ලිරික්ස්

මේ තියෙන්නේ වචන් ටික එතනින් ගත්තු විදිහටම :

mannil indhak kaadhalanri yaarum vaazhdhal koodumoa
ennam kannip paavaiyinri aezhu svarandhaan paadumoa
penmai inri mannil inbam aedhadaa
kannai moodik kanavil vaazhum maanidaa

(mannil indha)

vennilavum ponninadhiyum kanniyin thunaiyinri
enna sugam ingu padaikkum penmayil sugamanri
thandhanamum sangaththamizhum pongidum vasandhamum
sindhivarum pongum amudham thandhidum kumudhamum
kannimagal arugae irundhaal suvaikkum
kanniththunai izhandhaal muzhudhum kasakkum
vizhiyinil mozhiyinil nadaiyinil udaiyinil
adhisaya sugamtharum anangival pirappidhudhaan

(mannil indha)

muththumani raththinangalum kattiya pavazhamum
koththumalar arpudhangalum kuvindha adharamum
sitridaiyum sinna viralum villenum puruvamum
sutrivarach cheyyum vizhiyum sundara mozhigalum
ennivida marandhaal edharkoa piravi
iththanaiyum izhandhaal avandhaan thuravi
mudimudhal adivarai muzhuvadhum sugamtharum
virundhugal padaiththidum amudhamum avalallavaa

(mannil indha)

. . . . .. . . . .. . .

හැමදෙනාම පදමලාවේ අරුතත් වටහා ගෙන ගීතය රසවිඳලා බලන්නකෝ දශක ගනන් කල් ගියත් උසස් නිර්මාණයක කලා රසය අඩු වෙනවාද කියා . . .

Thursday, May 6, 2010

සතුටයි කිරුළ අපේ . . . . !



"මල්ලී දන්නවාද ශාන්ත අයියා තමයි මේ ලොකේ හොඳම පිරිමියා . . . හොඳම සැමියා . . . "

වාහනය පැයට කි.මී. 120සේ අධිවේගයී මාර්ගයට අවතීර්ණ වී පලමු වේග සීමා කැමරාව පහු වුනු ගමන්ම වේගය පැ.කි.මී. 135ට වටා වැඩි කල සැනින් ඉදිරි අසුනේ හරි-බරි ගැසී වාඩිවූ මිනෝලී අක්කා පැවසුවේ ඉදිරිපස වීදුරුවෙන් එහා හිස් අවකාශය දෙස නෙත් යොමා ගෙන . ..

මගේ දෙකනින් පටන් ගත් හිරි වැටීමක් බඳු හැඟීමක් . . . බෙල්ල . . පිට . . හරහා දෙකකුලේ මාපටඟිලි දක්වා දිව වනු මැට දැනුනා.

ඒ හිරියත් සමඟම වේගය යලිත් වරක් 120 පමණ දක්වා අඩුවූ බව වේග සීමා මාපකයෙන් දුට මා වෙනසක් නොපෙන්වා යලි 135ට වටා වැඩි වේගයක රඳවාගෙන ඉදිරිපස මැද කන්නාඩියෙන් පසුපස බැලුවේ පසුපස ආසනයේ කුඩා දරුවා සමඟ ඉඳගෙන උන් මිනෝලි අක්කාගේ සේවිකාව මේ සංවාදය කෙරෙහි සවන් යොමා සිටිනවාදැයි පරීක්ෂා කර බැලීමට.

"මැනිකාගෙයි මගෙයි රහසක් නෑ මල්ලී. දුකට සැපට මගේ ලඟ ඉන්න මැනිකා මට මගේ සහෝදරියෙක් වගේ" මා පසුපස බැලූ කාරණය වැටහුනු මිනාලි අක්කා පැවසුවේ තවදුරටත් කලින් මෙන් හිස් අවකාශයෙන් මුහුන ඉවතට හරවා නෙගෙනම.

අප ගමන් කරමින් සිටියේ ඇගේ නිවසේ සිට කි.මී. 150කට පමන එහා තිබූ ගුවන්තොටුපල වෙත.

පිටරටෙක දී මිතුරෙකුගේ මිතුරියක් ලෙසින් හඳුනා ගත් අපි . . . දැනහඳුනාගෙන කෙටි කලෙකින් ඇගේ මානව දයාවේ බල මහිමයෙන් . . . කුඩා කල සිට එකට හැදී වැඩුනු සොයුරු සොයුරියන් මෙන් වීමු.

මගේ ම අක්කා හැරුනු කොට මතක ඇති කාලෙක අක්කා කෙනෙකුගේ නියම සෙනෙහසින් මට සැලකූ අක්කා කෙනෙක් ලෙස ඈ මගේ සොයුරු සෙනෙහස නිතැතින්ම හිමිකර ගත්තාය.

සමහර විට ඈ සංසාරයේ කෙදිනක හෝ මගේම අක්කා වී සිටින්න ඇති.

වසර ගනනක් එකට එක කුටුම්බයේ ජීවත්වන මුත්, කොතරම් හොඳ සැමියෙක් ලැබුවත් මිය යන තෙක්, මිනී පෙට්ටිය වසද්දී පෙට්ටිය බදාගෙන

"අනේ රත්තරනේ ඔයා කොයි තරම් හොඳ මිනිහෙක්ද . . ඔයා වගේ ආදරයෙන් සලකන මිනිහෙක් මේ ලොකේ නෑ දෙයියනේ"

කියා ප්‍රාණය සුන්වුනු කලේබරයට පවසන තෙක් සැමියගේ හොඳ අගය කරන බිරියන් නොදුටු . . . මුන නොගැසුනු . . . ලෝකෙක ජීවත් වූ මා . . . ජීවිතයේ පළමු වතාවට බිරිඳකගේ කටින් සැමියා පනපිටින් සිටියදී ඔහුගේ ගුණවැනුම් අසා සිටියදී සියොලඟ හිරියකින් වෙව්ලා යෑම අහම්බයක් ලෙස ඔබට සිතෙයිද . . ?

. . . . . .

මගේ මිතුරු තුෂාර ඔහුගේ බිරිඳ අනුරාධා මා නදීශා අපගේ පවුල් දෙකත් තව මිතුරු පවුල් කීපයකුත් සමඟ විනෝද චාරිකාවක යෙදෙද්දී අප අතර ඇතිවූ කතාබහක් මෙවැනි අවස්තාවක නිතැතින් සිහිවෙනවා.

“තුෂාර : මේ ගෑනුන්ට කොයි තරම් හොඳ මිනිහෙක් ලැබුනත් කිසිම වැඩක් නෑ . . කිසිම වටිනාකමක් නෑ. අගය කිරීමක් නෑ”

“මම : ඒකනේ සීයට සීයක් සම්පූර්ණ මිනිස්සු මේ ලොකේ නෑ නේ . . සීයට 95 ක් හොඳ එකෙක් හම්බුනත් මුන්ට මදි . .. “

“බිරින්දෑවරු දෙදෙනාම: (එකවර) අපිට ඕන කරන්නේ ඒ සීයට 5”

. . . . . .

“ශාන්ත අයියා මගේ අයියගේ හොඳම යාලුවා . . . . “

මගේ කල්පනා ලෝකය මිනෝලි අක්කා බිඳ දැම්මා.

“අපේ අම්මයි තාත්තයි රජයේ උසස් රැකියා කරපු අය. දෙන්නම හොඳ උගත්තු. එයාලා කවදාවත් අපිට බල කලේ නෑ කිසිම දෙයක් කරන්න කියලවත් කරන්න එපා කියලවත්. අපි ඉගෙන කාලෙ වත් අපිට බලපෑම් කලේ නෑ. හොයලා බැලුවා, අපි ට අසීරු වෙලාවල් වලදී ගයිඩ් කලා විතරයි. ඒ නිසාම අපි හතර දෙනාම හොඳට ඉගෙන ගත්තා. දෙන්නෙක් චාර්ටඩ් ඉන්ජිනියර්ස්ලා වුනා එක්කෙනෙක් ඩොක්ට කෙනෙක් වුනා එක්කෙනෙක් චාර්ටඩ් එකවුන්ටන්ට් කෙනෙක් වුනා.”

“ශාන්ත අයියගෙයි මගෙයි ලව් එකට ත් කිසිම ප්‍රශ්නයක් ආවේ නෑ . . . එකක් ශාන්ත අයියා ගැනයි අයියගේ පවුලේ අය ගැනයි අපේ ගෙදර අය හොඳින් දැනගෙන උන්නු එක. අනික ශාන්ත අයියගේ හොඳ ගතිගුන ගැන අපි හැමෝටම තිබුනු විස්වාසේ. “

“අපි කසාද බැන්ඳට පස්සේ තමයි ශාන්ත අයියා පී.එච්.ඩී. එක කලෙත්.”

“අපි බොහෝම සංතෝසෙන් හිටියා මල්ලී. තුන්වෙනි දරුවා හම්බු වෙච්චි මුල් කාලේ තමයි ශාන්ත අයියා නොහිතපු විදිහට බීමට පුරුදු වූනේ . . . “

මම තවදුරටත් නිහඬතාවය රකිමින් රිය ධාවනයේ . . .

“ඒක හරියට අර මල්ලී ලඟ තියෙන සුනේත්‍රා රාජකරුණානායකගේ "පූර්ව ජන්ම අපූර්වය" පොතේ වගේ පෙර කරපු අකුසලයක් පල දුන්නා වගේ.”

“ශාන්ත අයියත් රජයේ ලොකු ජොබ් එකක් කරපු නිසාත් මම ප්‍රයිවෙට් කම්පනි එකක ඉහල පොස්ට් එකක වැඩ කරපු නිසාත් අපිට ආර්ථික ප්‍රශ්න කිසිදෙයක් මුලින් නොතිබුනාට අයියා බොන්න ගත්තාට පස්සේ ඒ හැම දේම වෙනස් වෙනන් ගත්තා. “

“ඒ තරමටම බිව්වාද??”

මම අහුවේ දිගටම නිහඬතාවය රකින එක නොසුදුසුයි කියා සිතුනු බැවින්.

"ඔව් මල්ලී. ශාන්ත අයියා හම්බුකරපුවයින් බීලා අසනීප වෙලා ප්‍රයිවෙට් හොස්පිටල් වලින් නිතර නිතර බෙහෙත් ගනන් වුනායින් නතර වෙන්න වුනායින් මගේ සල්ලී විතරක් නෙමෙයි මගේ සහෝදර සහෝදරයින්ගෙනුහ් මට සල්ලී ඉල්ලන්න වුනා ලමයින්ගේ වියදම් වලට එහෙම."

"කොයි තරම් කිව්වත් අයියා හැදෙන පාටක් පෙන්නුවේ නෑ"

"පස්සේ අපේ පවුලේ අය ඔක්කෝම මට එයාලට කරන්න සිදුවුනු අකමැතිම යෝජනාවක් කලා"

"ඒ මොකද්ද? මම ඇහුවේ කුතුහලයෙන්.

"ශාන්ත අයියාව අතහරින්න කියපු එක. ඒ වෙනකොට නංගීයි අයියයි ස්ටේස්ට්ස් වලයි යූකේ වලයි හිටපු නිසා එයාල කිව්වේ ඩිවෝස් වෙලා ලමයි ටිකත් අරගෙන මට එයාලා කාගේ හරි ලඟට එන්න කියලා.

"ඉතිං"

"ඒ වෙනකොට ශාන්ත අයියගේ බීම නිසා මම හෙම්බත් වෙලා අයියව එපා වෙන තරමට වෙලා තිබුනත් අයියව එහෙම ලේසියෙන් මට අතහරින්න බෑ කියලා මගේ හිත කිව්වා මල්ලී. අනෙක ශාන්ත අයියා ඒ දවස් වල බිව්වා වුනත් ඊට කලින් අයියා පුදුම හොඳ ගතිගුන තිබුනු කෙනෙක්."

"මම ඉතිං කලේ කිසිම ගෑනියෙක් නොකරන දෙයක් කරන්න තීරණය කරපු එක"

"ඒ මොකද්ද . . ?

"කිරි බිබී හිටපු මාස හයේ ළමයියි, ඉස්කෝලේ යන අනිත් ළමයින් දෙන්නයි අම්මල ලඟ දාලා ශාන්ත අයියවත් අරගෙන ඩුබායි වලින් මට ජොබ් එකක් හොයාගෙන ආපු එක"

"ඩුබායි . . ?" මම අහුවේ ප්‍රශ්නාර්ථයකින් . ..

"ඔව් මල්ලී, මම කලින් හිතුවේ ඩුබායි කියන්නේ අරාබි රටක් නිසා මෙහේ ක්ලබ් නෑ . . . බොන්න නෑ කියලනේ"

“හ් හ් ම් ම් ම්”

"කිරි බොන ළමයවත් අම්මලා ලඟ දාලා . . .?"

"ඔව් මල්ලී . . මට ශාන්ත අයියගේ ජීවිතේ විනාස වෙන්න දාලා අයියව අතහරින්න පුලුවන්කමක් නෑ අපි අවුරුදු 13ක් ලව් කරලා බැන්දේ . . එහෙම කලා නම් ලමයින්ට තාත්තෙක් නැති කලාට වඩා හොඳ මනුස්සයෙක් හදන්න මම කිසි දෙයක් කලේ නෑ කියලා මගේ හිත මට දොස් කියයි මම මැරෙනකම්ම"

"මම ළමයි තුන්දෙනාවත් ගෙන්න ගෙන මෙහේ ස්කෝල වලට දාලා මැනිකාවත් ගෙන්න ගෙන, ශාන්තඅයියට ත් ජොබ් එකක් හෙව්වා මෙහෙන්. ඒත් අයියගේ උගත්කමේ තරමට හොඳ එකක් සෙට් වුනේ නෑ."

"ආවට පස්සේ ටික කාලයක් ශාන්ත අයියා හොඳට හිටියා"

"මෙහේ ඇවිත් ටික කාලයයි . . ශාන්ත අයියා ආපහු බීමට වැටුනා. කෙටි කාලෙකට අයියා ජොබ් එකක් කලා එකෙන් ලැබුනු සල්ලි වලින් ආපහු බොන්න ගත්තා. පස්සේ මගෙන් සල්ලි ඉල්ලගෙන ඒවායිනුත් බොන්න ගත්තා"

"අයියෝ"

"ඔව් මල්ලී. . මට තව ඉවසන්න පුලුවන් කමක් තිබ්බේ නෑ . . .මම අයියට කිව්වා ආපහු යන්න කියලා"

"ඒ කියන්නේ වෙන් වෙන්න??

"මම දන්නේ නෑ මගේ හිතේ ඒ වෙලාවේ මොනා තිබුනාද කියලා"

"ශාන්ත අයියව එයාපෝර්ට් එකේ ඩ්‍රොප් කරලා මම ආවේ එක පාරක් වත් හැරිලා බලන්නේ නැතුව. ගෙදර ඇවිත් තමයි මම හොඳටම ඇඬුවේ. ඇයි අපිට මෙහෙම වුනේ කියලා හිතලා . . . "

"ශාන්ත අයියට ත් තේරුනා ඒ පාර වෙනදට වඩා ගොඩක් වෙනස් කියලා . . එයා ලංකාවට ඇවිත් තනියෙම හිතලා බොහොම මහන්සි වෙලා බීම නතර කරගෙන"

"පොඩ්ඩක් වත් බොන්නේ නැද්ද"

"නෑ මගේ යාලුවෙක්ට කියලා එයාට තිබුනේ ලෙඩක් කියලා ඒ කියන්නේ ඇඩික්ට් වුනු එක. දැන් ආපහු පරන අයියා මයි . . ."

"ළොකු ළමයි දෙන්නව කලින් යවලා මම මේ පාර යන්නේ ලොකූ සතුටකින්. අපි දෙන්නා දැන් මාස හයක් දැක්කේ නෑ මල්ලී. . . මට සිහිය නෑ දැන් ගිහින් ශාන්ත අයියව දකින කම් . . . "

මෙතුවක් කල් ඇගේ මුහුනේ නිතර රැඳුනු සිනාවට අමතරව අද උද්දාමයක්ද රැඳී ඇතැයි ඈ දෙස බැලූ මට සිතුනා . . . .

"මම මෙහේ ආවේ ජීවත් වෙන්න බැරුව සල්ලී නැතුව නෙමෙයි මල්ලී . . එක අරමුණක් වෙනුවෙන්. . .. ඒ අරමුණ දැන් ඉෂ්ඨ වෙලා තියෙනවා"

"මට ආපහු පරන විදිහට සංතෝසෙන් ජීවත් වෙන්න පුලුවන් වෙයි මල්ලී . . . මට විස්වාසයි ඒක . . . "

නිරංජලා සරෝජනී ගායනා කරන ගීයක කොටසක් මගේ සවනට පාවී ආවා . ..

"රජෙකුට හිමිවූ . . මා දැන් රැජිනකි . .. . සතුටයි . . කිරුල අපේ . .. "


මට සොයුරිකගේ සෙනෙහස නොලැබී යනවා වුවත් ඇගේ ත් ඇගේ කුටුම්බයේත් සෙහෙහස යලිත් දෝර ගලා යනු මනසින් විඳි මා ඈට ගුවන් තොටුපලේදී සමුදුන්නේ මගේ කලින් සටහනක් වූ "දුර්ග තරණය" පොතේ ඇග්නස් මෙන් මානව දයාවේ ගුණ සුවඳ විහිදුවා ජීවිතය ජය ගත් තවත් මානවිකාවක් ගැන මගේ මතක පොතේ පිටු අතර නොමැකෙන ලෙස සටහන් තබා ගනිමින්.

ඉදින් "සුරංගනා කතාවක් නොවූ ප්‍රේමයක කතාවක්" හි විහඟි වෙනුවෙන් ඇගේ කුටුම්බයේ ආරක්ශාවටත් ඇගේ සතුට වෙනුවෙනුත් සුභ පැතූ ඔබ සැම මිනෝලි අක්කාගේ ආදරයේ නාමයෙන් කල පරිත්‍යාගය අගය කරන්නත් . . .ඇගේ සතුට වෙනුවෙන් ඈට සුභ පතන්නත් මා සමඟ එකතු වෙනවා නොවේද . . .. ?

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails