Wednesday, June 2, 2010

අද මේ උඹගේ උපන් දිනය දා . . පැතුමක් පතමුද මොකද කියන්නේ . . . !!



පෙර සංසාරේ කවදාකදි හෝ
අහම්බයෙන් හෝ ඉරණම විලසින්
මේ ලෙස අප හමුවී ඉන්න ඇතී . .
සාද පවත්වමින් සවාරි ගසමින්
අයිස් ක්‍රීම් කා හිංදි ෆිල්ම් බලා
ජොලියෙන් ලව් එකේ ඉන්න ඇතී . . .
. . . .
ජීවන වගුවේ කෙලින් ඉරක් නම්
මෙලෝ රහක් නෑ කිසි ගතියක් නෑ
කියමින් ඉඳහිට මාසෙට දවසක්,
සතියට දවසක් නැතිනම් දෙකකුත්
කොක්කක් දාගෙන වලියක් ඇදගෙන
මූන චොර කරන් ඉන්න ඇතී
ඇමිනූ කොක්කේ මම නොගැටුනු දා
වැලහින්නී වගේ හඬන්නැතී . . .
. . .
වවුලෙකු වාගේ දෙතනේ එල්ලී
කිරි බොන පැටියා තුන් යම ඇහැරී
රෑ දොලොස් පැයේ කෙලි සෙල්ලම් වැඩ
පටන් ගත් සැනින් පනාව දාගෙන
මට නිදන්න දී උඹ ඇහැරී හිඳ
හකු පනිනා ඈනුම් අරින්නැතී
එසේ වී නමුත් අළුයම ඇහැරී
එපා කියද්දී බැනුම් අහද්දී
බත් ගෙඩි පිස බෑගයට ඔබන්නැති
. . .
මතු සංසාරේ උපදින නුවරක
පසල් දනව්වක වත් නූපදින්නට
පැතුමන් පුරනා අඹු සැමි කොතෙකුත්
අප අතරේ මා නිතරම දැක ඇති
එහෙම නොවී අපි මතු සසරේදිත්
ජොලියෙන් සොමියෙන් ලව් එකේ ඉන්නට
අනූවට දහයේ සියයට ගනනට
ඉඳහිට වලියක් ඇද නා ගන්නට
අද මේ උඹගේ උපන් දිනය දා
පැතුමක් පතමුද මොකද කියන්නේ . . . !!



44 comments:

  1. හ්ම්....එහෙනම් අද දුකීගේ උපන්දිනය වගේ....

    පතන්නම් ඉතින් සුභ උපන්දිනයක්...!

    සුලා..

    ReplyDelete
  2. හහ් හහ් හා....
    මම මේ කියවගෙන කියවගෙන ආවා මොකාටමේ එන්න හදන්නේ කියලා...

    හිහ්...

    ඔන්න අක්කට දෙන්න මගේ සුබ පැතුමත්...
    සුබම සුබ උපන් දිනයක් අක්කේ...

    ReplyDelete
  3. සුභ උපන්දිනයක් ඔබතුමියට

    ReplyDelete
  4. අක්කාට සුබ උපන්දිනයක් වේවා!

    ReplyDelete
  5. ඔන්න අක්කාට මමත් සුභ පැතුවා කියන්න ඕනේ.

    ReplyDelete
  6. ප්‍රීතිමත් උපන් දිනයක් වේවා !
    මේ මලත් දෙන්න ..
    @>><--+--

    ReplyDelete
  7. සුභ උපන්දිනයක්

    ReplyDelete
  8. හැපි හැපි බර්ත් ඩේ කියලා ඕන් මාත් කිව්වා

    ReplyDelete
  9. සුභම සුභ උපන් දිනයක් වේවා!!! (නි)දුක් දේවිය හට

    ReplyDelete
  10. ඔන්න අපිත් එක්වෙනවා

    සුබ උපන්දිනක්!

    ("...පැතුමක් පතමුද... " ඒකත් හොඳ අදහසක්)

    ReplyDelete
  11. හික්ස්

    සුලා අයියා කිව්වා වගේ " දුකී " ගෙ උපන්දිනයට මගෙනුත් සුබ පැතුම් දුකා අයියේ

    ReplyDelete
  12. දුකා විසින් දුකීට ළියා පල නොකළ කවිය..

    බනිනා විටදි මී පැනි වැටෙනවා වැනී..
    රවනා විටදි නෙතු සැර විදිනවා වැනී..
    සිටිනා මා සමඟ කොක්කක් ලෙසට ඇනී..
    මතු අත්බවෙත් වේවා උඹ මගේ හනී...

    සුභම සුභ උපන් දිනක් දුකී...!!!

    කී වෙනි එකද...? හෙහ් හෙහ්

    ReplyDelete
  13. දුකා අය්යෙ,
    අක්කට සුබම සුබ උපන්දිනයක් වේවා...!!

    ReplyDelete
  14. මේ මාත් කිව්වා කියලා කියන්න ........... "සුබ උපන්දිනයක් කියලා"

    අමතක කරනවා එහෙම නෙමෙයි ... හරිද? ..:D

    ReplyDelete
  15. අක්කට සුබ උපන්දිනයක් වේවා..!! :)

    ReplyDelete
  16. ගලා හැලෙන බිඳු නෙතේ සිඳෙන්නට
    තබා නගන පය දිරිය ගෙනෙන්නට
    සරා සඳෙහි නැති එළිය ලබන්නට
    පතා ලියු කවි සිතේ රැඳෙන්නට

    සුභ උපන් දිනයක් වේවා!!! :)

    ReplyDelete
  17. >>ජීවන වගුවේ කෙලින් ඉරක් නම්
    >>මෙලෝ රහක් නෑ කිසි ගතියක් නෑ

    පට්ට කතාව. 100ට හාරපන්සීයක් එකගයි. එහෙනං ඕං අපිත් ඉතිං සුබපැතුවා..!!

    ReplyDelete
  18. සුබ උපන්දිනයක් වේවා...!

    ReplyDelete
  19. මම මේ අහන්න හැදුවේ අපි සුභ පතන්න ඕනෙ කොහොමද කියලයිසුලා කිව්වා වගේ ඒක තමා ගැලපෙනම නම....:-))
    සුභම සුභ උපන්දිනයක් වේවා..........!!!!

    ReplyDelete
  20. අක්කට සියළු බලාපොරොත්තු පැතුම් ඉටුවන සුභම සුභ උපන්දිනයක්!!!!

    ReplyDelete
  21. සුභ උපන්දිනයක් වේවා.
    මේ සුභ උපන්දිනේ තුටින් සිනා පාලා...........

    ReplyDelete
  22. ජොලියෙන් සොමියෙන් ලව් එකේ ඉන්න සුභම සුභ උපන්දිනයක් වේවා...!

    ReplyDelete
  23. ප්‍රීතී..ප්‍රීතී..ප්‍රීතී..... ළමයාගෙනුත් සුබ උපන්දිනයකට සුබ පැතුම්!

    ReplyDelete
  24. සුභ උපන් දිනයක් වේවා (නි)දුකී අක්කා ......

    ReplyDelete
  25. අහා... සෝයි කවි පොඩ්ඩ.... අයියන්ඩී
    ඔන්න දුකා අයියගේ අක්කන්ඩියට
    සුබම සුබම සුබ උපන්දිනයක් පතනවා මේ ජීවිතේ මලුත්.... ජීවිතේ මල් මල් ගොඩක් පිපේවා.....

    ReplyDelete
  26. අමතකවුනා කියන්න... සුභ උපන්දිනයක් වෙවා දුකා ගෙ දුකීට... ( ඔබ දෙපොළටම..)

    කො මුකුත් නැද්ද අපිට... තිස්ස අයියයි, ඩින් අයියයි.. දෙන්නට නම් අද,හෙට පාටි එක සෙට් වෙයි.. එත් ඉතින් ලංකාවෙ අපිට... කමක් නැහැ මෙහෙම දන්වපු එකත් මදැයි.. ඔන්න අපි ගියා..

    ReplyDelete
  27. "ජීවන වගුවේ කෙලින් ඉරක් නම්
    මෙලෝ රහක් නෑ කිසි ගතියක් නෑ
    කියමින් ඉඳහිට මාසෙට දවසක්,
    සතියට දවසක් නැතිනම් දෙකකුත්
    කොක්කක් දාගෙන වලියක් ඇදගෙන
    මූන චොර කරන් ඉන්න ඇතී
    ඇමිනූ කොක්කේ මම නොගැටුනු දා
    වැලහින්නී වගේ හඬන්නැතී . . ."
    බලද්දි හැමොම එකම module තමයි.....
    හී හී හී.........
    සුබම සුබ අනගතයක් වේවා........

    ReplyDelete
  28. මෙන්න මගෙනුත් සුභ පැතුමක් දුකා මහත්මියට..... :)

    ReplyDelete
  29. නදී‍ශා අක්කාට සුබ උපන්දිනයක් වේවා... ජයවේවා..

    ReplyDelete
  30. අක්කට සුහ උපන්දිනයක්..!!!!!!!!!!!!!

    ReplyDelete
  31. දුකා අයියාගෙ බිරින්දෑට සුබම සුබ උපන් දිනයක්....

    ReplyDelete
  32. අයියගෙ අක්කට සුබ උපන්දිනයක්....

    අයියගෙයි අක්කගෙයි ආදරය තව තව වැසි වෙන්න ඕනෙ :):)

    ReplyDelete
  33. සුභ පැතුව හැම දෙනාටම බොහෝම ස්තූතියි කිව්වා එහෙනම් හොඳේ . .

    ReplyDelete
  34. සුබම සුබ උපන්දිනයක් වේවා!!!

    ReplyDelete
  35. සුභම සුභ උපන් දිනයක් අක්කේ...

    ReplyDelete
  36. ඔන්න මගෙනුත් දුකා ගෙ නෝනා මහත්තයට උපන්දින සුබ පැතුමක්..!!

    ReplyDelete
  37. හපොයි මං හොඳටම පරක්කු උනා නෙව.
    කාරි නෑ උපන් දිනයට විතරක් නෙවෙයි හෑමදාම සුභ වෙන්න පතන්නං කෝ තුන්දෙනාටම (හතර දෙනා හෝ පස්දෙනා ලෙස ඉදිරියේදී වෙනස් කරගත හැක)

    ඒක නෙවෙයි දුකෝ අපූරු නිසඳැස් පොඩ්ඩ.

    "මතු සංසාරේ උපදින නුවරක
    පසල් දනව්වක වත් නූපදින්නට
    පැතුමන් පුරනා අඹු සැමි කොතෙකුත්
    අප අතරේ මා නිතරම දැක ඇති
    එහෙම නොවී අපි මතු සසරේදිත්
    ජොලියෙන් සොමියෙන් ලව් එකේ ඉන්නට
    අනූවට දහයේ සියයට ගනනට
    ඉඳහිට වලියක් ඇද නා ගන්නට
    අද මේ උඹගේ උපන් දිනය දා
    පැතුමක් පතමුද මොකද කියන්නේ . . . !!"

    මේ කෑල්ල නං සිරා

    ReplyDelete
  38. සුබම සුබ උපන්දිනයක් වේවා දුකා ගෙ නෝනා මහත්තයට !!!!!

    ReplyDelete
  39. ජීවිතේ සුන්දරද මෙතරම්...

    මම හෙමීට ඇගේ හිස් මුදුන ඉඹලා මගේ කම්මුලක් ඇගේ හිස් මුදුනට තියාගෙන ඇස් දෙක වහ ගත්තා. හැම මොහොතෙම ඈ ලඟ හිටියත් නොහිටියත් මට දැනෙන සුවඳ . . ඇගේ හිසකෙස් වලින්, බෙල්ලෙන් එන සුවඳ මාව සුපුරුදු පරිදි පැරනි මතකයක් ලඟට මටත් නොදැනිම ගෙන ගියා.

    දුකා මස්සිනේ... උඹ වාගේ මනුස්සයෙක්ගෙ ආදරේ ලැබෙනවාට
    වඩා ඒ අක්කණ්ඩිට දෙන්න තැග්ගක් නැ. කොහොම උනත් සුභ උපන්දිනයකට මගෙනුත් සුභ පැතුම්.....


    apisinhala.wordpress.com

    ReplyDelete
  40. පරක්කු උනා මේ පැත්තෙ එන්නට නම්. . . නදීෂාට සුභ උපන්දිනයක් වේවා කියල ප්‍රාර්ථනා කරන්නම් . . . . !

    ReplyDelete
  41. ඔන්න ඉතින් එහෙනම් අක්කට සුභ උපන්දිනයක් වේවා!!!

    ReplyDelete
  42. මචන් දුකෝ කාරි නැති වෙයිද පරක්කු වුණත් සුභ උපන්දිනයකුත් වාසනාවත්ත අනාගතයකුත් පැතුවොත් එහෙම?

    ස්තුති වේවා!

    ReplyDelete
  43. පරක්කු වෙලා හරි කමක් නෑ සුභ පතපු හැම දෙනාටම ස්තූති වේවා කිව්වා එහෙනම් හොඳේ . .. !!

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails