Thursday, September 29, 2016

ඇවිලෙන ගින්නට පිදුරු දමන්නෝ !


ගිනි අඟුරක් නිවි නිවි දිලි දිලි ඔහේ තියෙද්දී කිසිම ලස්සනක් නෑ.

අනතුරක්, භයානක කමක් තියෙන බව දන්නවා.

වතුර ටිකක් දාලා නිමලා දාන්නත් පුලුවන්.

ඒත් ආතල් එකක් ගන්න පුලුවන් වෙන්නේ පොඩ්ඩක් පිඹලා පුලුවන් නම් වියලි කොල කෑල්ලක් හරි පිදුරු ගහක් හරි ලන් කරලා පත්තු කරලා ගත්තාම.

වතුර ගහලා නිකම්ම නිවිලා ගියා වගේද කහ පාටට,රතු පාටට  දිලිසි දිලිසි පත්තු වෙනකොට.

නොවටිනා දේවල් විතරක් නෙමේ ඕන නම් වටින කියන දේවල් උනත් පුච්චලා අලු කරලා දාන්න පුලුවන්.

හොඳට පත්තු වෙනකොට පොඩ්ඩක් ලං වෙලා ඇඟපත පොඩ්ඩක් රත් කර ගන්නත් පුලුවන්.

හොඳට ඇවිලෙද්දී රස්නේ වදින විදිහට ඇල්ලුවොත් පරන වේලුනු නැති ගඳගහන ඇඳුමක් දෙකක් උනත් වේල ගන්න බැරි වෙන එකක් නෑ.

ඉක්මනට පත්තු වෙලා ඉවර වෙන්නේ නෑ වගේ හිතෙනවා නම් බියර් එකක් අරගෙන, නැතිනම් වීදුරුවකට අරක්කු වඩියක් දාගෙන, පොප්කෝන් කෝප්පෙකුත් අරගෙන, පුටුවක් ලං කරගෙන, බලන් ඉන්න පුලුවන් කොයි විදිහට ඇවිලෙයිද කියලා.

ඒ අතරේ ආපහු නිවීගෙන යනවා වගේ දැක්කොත් තව පිදුරු ටිකක් පරන කොල කෑලි ටිකක් දාලා අවුලළා ගන්නත් පුලුවන්.

නිකම්ම නිවිලා ගියා නම් අපරාදේනෙ නේහ් ?

ඒ වගේද පොඩි සපෝර්ට් එකක් දීලා අවුලළා ගන්න එක.

සීයට එකෙක් දෙන්නෙක් ඉන්නවා වෙන්න පුලුවන් වතුර ඩිංගක් ඉහලා නිවලා දාලා අනතුර වලක්වන අය.

නිමන්න කියලා වතුර දාන්න ගිහින් වතුරටත් ඇවිලෙන ගින්නක්ද කියලා හිතලා ඔහේ පාඩුවේ නිමිලා යන්නේ නැතෙයි කියලා හිතන උනුත් ඉන්නෝ

ඒත් ඉතින් ඔහේ නිමිලා යනවට වඩා කොයි තරම් ආතල්ද අර ඇවිලෙන දිහා බලාගෙන ආතල් ගන්න එක නේහ්? :D :D

Pic from: wikipedia

43 comments:

  1. Replies
    1. ඇවිලෙන ගින්නට පිදුරු දමන්නෝ !! කව්ද හැබෑට මේ?? අපි බන් අපි

      Delete
  2. නිකම්ම පිදුරු නෙවේ තෙත එව්වා දැම්මාමයි ගතියක් තියෙන්නේ, ගින්නේ සැර බාල වෙලා හොඳට සුදු දුම් දම දමා පැය ගනත් ඇවිලෙනවා.

    ReplyDelete
    Replies
    1. හේනම් ලබන සැරේ ට්‍රයි කරලා බලන්න ඕන :D

      Delete
  3. දුකාට එකපාරටම ගිනි සහ පිදුරු මතක් වුණේ මොකෝ ?

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හිටි ගමන් ඉතින් ජීවිතේදි ගිනි සහ පිදුරු ප්‍රශ්න වලට මූන දෙන්න වෙනවා බන්z

      Delete
  4. Replies
    1. හ්හ්ම්ම් හ්හ්ම්ම්ම්

      Delete
  5. අවුලන්නෝ...දිනන්නෝය!

    ReplyDelete
  6. දැන් කොහෙද ගිනි අරන් තියෙන්නේ... :D

    ReplyDelete
    Replies
    1. තාම කොහේවත් නෑ බන් . . ගිනි ගන්න එකක් නෑ වගේ පේන විදිහට

      Delete
  7. ගින්නට පිදුරු දාලා පෙට්‍රල් වක්කරලා ආතල් ගන්න කට්ටිය එමටයි.

    ඒ උඹ කතාකරන ගින්නට අමතරව. උඹ ගුරුකොට ගත්ත උදාහරණය නොහොත් සැබෑ ගින්න ගත්තොත් ඒක රසවත් දෙයක්. කොළ අතුගාලා ගොඩ ගහලා ඕකට ගිණි තියන එක කොල්ලගෙයි මගෙයි පරම විනෝදාංශයක්. ඕකට අපි දෙන්න ගෙදර උන්ගෙන්ම බැණුං අහන තරම්!

    දැන් ඉස්සර කාලෙ වගෙ ඔය විනෝදාංශයෙ යෙදෙන්න බෑ. හුඟක් පැතිවල වගෙම හුඟක් රටවලත් ඕක නීති විරෝධියි. It's a dying art.

    දැන් හුඟක් රටවල සහ ලංකාවෙත් හුඟක් පැතිවල ඕකෙ යෙදෙන්න බෑ. නීති විරෝදියි.

    ReplyDelete
    Replies
    1. [කොළ අතුගාලා ගොඩ ගහලා ඕකට ගිණි තියන එක කොල්ලගෙයි මගෙයි පරම විනෝදාංශයක්]

      මේක මගෙත් හෙන ප්‍රියතම වැඩක් නේ.. ඉස්සර අම්මා මිදුල අතු ගාල ඉවර වෙලා කොල රොඩු ටික එකතු කරලා මට කතා කරනවා ගිනි තියන්න.. මුළු කොල ගොඩම ඇවිලිලා ඉවර වෙනකම් පට්ට ආතල් එකක් තියෙන්නේ ගින්දර දිහා බලන් ඉන්න එක..

      අහුවෙන අහුවෙන ජාති ගින්නට දාල ඒවා පිච්චෙන විදිය බලන් ඉන්න එකත් හෙන ජොලි වැඩේ..

      හෙන කාලෙකින් ඒවගේ ගිනි ආතල් එකක් ගන්න බැරි වුණා නේ.. :(

      Delete
    2. ඉස්සර මගෙත් ආසම වැඩක්. එක එක වර්ගයේ ගස්වල කොළ පිච්චෙන්නේ එක එක විදිහට, නොයෙකුත් විදිහට ඇකිලෙන්නේ. සමහර කොළ, නිල්පාට ගිනිදැල්, සමහර ඒවා තැඹිලි, රතු, කහ. ඕවා දිහා තමයි බලන් ඉන්නේ. දුම් එන්නෙත් එක එක ආකාරයෙන්. පිච්චෙන සුවඳත් හරි ශෝක්.

      Delete
    3. අනිවා ගිනි තැබීම තහනම් කරන්නමයි ඕන :P

      Delete
  8. මං නැගෙනහිර පලාතේ පහුගිය දොහේ ගියාම දැක්කා ඒ පලාතම වේලිලා ගහින් තනකොල එහෙම පිදුරු වාගේම දුඹුර පාටට ඇවිත්..ගස් කොලන් වල කොල නෑ.. හරිම ගිරිස්මේ..
    ඒ වගේ පැත්තක පොඩි සිගරට් කොටේකට පුලුවන් පලාතක් අවුලවල දාන්න. මිනිස්සු ගිනිතියල හෝ ගිනි අරං විනාසවුනු තැනුත් එමට තිබුනා..

    ReplyDelete
    Replies
    1. ඔක්කෝම ගිනි අරන් පුලුන් ටිකක් වත් ඉතුරු වෙලා තිබ්බේ නැද්ද බන්? :D

      Delete
  9. "ගින්න" විවිධාර්ථ දෙනවා.... මමත් ආසයි ඔය කියන විධිහට ඇවිලෙන ගින්නට පිදුරු දාලා බුර බුරා නැගෙනවා බලන් ඉන්න...

    මමත් දවසක් ලියුවා කතාවක් ගින්නක් උපමා කරලා, දුකා කියෙව්වද මංද ?

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක දීපන් සෙන්නා . .
      එක කාලයක් බ්ලොග්ස් කියෙව්වේම නෑ

      Delete
  10. ඇවිලෙන ගිනි දැල් නිවි නිවි යාද්දී ඈ මට හමු වූවා....

    ReplyDelete
    Replies
    1. ඒකත් හැටි නිවි නිවි යාද්දී හම්බ වෙලා තියෙන්නේ හෙ හෙ හේ

      Delete
  11. හිතේ ඇවිලෙන ගින්නක් නෙවෙයි නේද?

    ReplyDelete
    Replies
    1. ලේසියෙන් ගිනි ගන්න හිතක් නෙමේ විචා ඒක නිසා බය නෑ

      Delete
  12. සුනිල් එදිරිසිංහ මහත්තයා ගායනා කරන හිසේ ගිනි ඇවිලෙතේ .. පසේ බුදු වරු නැතේ ගීතය මතක් වුනා...

    ReplyDelete
    Replies
    1. ඒකේ ලස්සන්ම කෑල්ල ඇසේ තෙත ඇත හිතේ පිසින්නේ කවුරුදෝ
      කිසි කෙනෙක් ඒ ඇසේ තෙත නොදකින එක ඛේදයක් නේහ්?

      Delete
  13. හනුමන්තා කුමක් කළ යුතු ද?

    ReplyDelete
    Replies
    1. සාස්තර කියන්න හෙල්ප් කරන්න කියමු නේහ්

      Delete
  14. ඉස්සර මල්ලියි මායි කරන ආසම වැඩක් මිදුල අතුගාලා ඉවර වෙලා කොල රොඩු ගිනි තියන එක..අපි උත්තල කාච වලිනුත් ට්‍රයි කලා ගිනි තියන්න තාත්තට හොරෙන්..

    ඒ වගේ කොල රොඩු එකතු කරල ගිනි තියන්න කලින් ටිකක් වෙලා ඉන්න කියලා අපිට තාත්තා කියනවා , අතුගාද්දි ඒත් එක්ක ආපු කූඩැල්ලෝ මැනගෙන එතනින් යනකන්...

    ReplyDelete
    Replies
    1. ක්ෂුද්‍ර ජීවීන් ගැන ඒ වගේ මානුසිකව බලන්න ඕන ඇත්තෙන්ම

      Delete
  15. ගිනි තියන එක ආතල් වැඩක් වුනත් ගින්න සැරට පැතිරෙන කොට නම් ආතල් කුඩු වෙන්නත් පුළුවන්.

    ReplyDelete
  16. අපිත් ඔහේ බලාන උන්නා. මොකද ඒ ගින්දරෙන් අපි ඇඳුම් වෙලන්න ගියානම් අසාධාරණයි. ඒ දර කොට ඒගොල්ලන්ගෙනේ.

    ReplyDelete
    Replies
    1. උඹ මේ කොයි ගින්නක් ගැනද බන් දොඩන්නේ?

      Delete
  17. බයිට් එකට වගේ සීරියස් නැති දේවල්වලට පිදුරු දැම්මට කමක් නෑ - හැබැයි සැබෑ ගැටළුවක් නම් පුලුවන් තරම් වතුර ඉහින්න උත්සාහ කරනවා - අඩුම ගානේ හබන් කුකුළන්ට මඟුල් සිනාරියෝ එක ක්‍රියාත්මක නොකර ඉන්නවත් ෆුල් ට්‍රයි කරනවා

    ReplyDelete
    Replies
    1. හැමෝටම එහෙම ඉන්න බෑ ලක්ශාන්

      Delete
  18. ඇවිලෙන ගින්දරට පිදුරු දැම්මොත් නම් තව තව ඇවිලෙනව තමා..... නමුත් (අනුන්ගෙ ලණු කාල) තමන් විසින්ම අවුල ගත්තු ගින්දරවලට ඔය පිදුරු කතාව අදාල ද?

    ReplyDelete
    Replies
    1. ජිලා උඩ යට මාරු කරගෙනද මන්දා . . ගින්න වෙනයි ඒක නොවැලැක්විය හේකු මත වෙන්න ඇහැකි. ඒත් ඒක නිවන්න ට්‍රයි නොකර පිදුරු දාන එක ගැනයි බම් මම කිව්වේ

      //නිමන්න කියලා වතුර දාන්න ගිහින් වතුරටත් ඇවිලෙන ගින්නක්ද කියලා හිතලා ඔහේ පාඩුවේ නිමිලා යන්නේ නැතෙයි කියලා හිතන උනුත් ඉන්නෝ// කෑල්ල දැක්කේ නැතෙයි?

      Delete
  19. මොකක් හරි දේශපාලන කටහ්වක් තමා. විගාගේ ප්‍රශ්නෙද?

    ReplyDelete
    Replies
    1. විභාගත් ප්‍රශ්න ද අප්පා . . .
      නෑ අජිත් මේක මේ රෑට නොකා හිටියොත් කෙට්ටුවෙයිද වගේ ජාතියේ ජාත්‍යාන්තර ගින්නක් හෙ හෙ හේ

      Delete
  20. හැමෝම අහලා තියෙන නිසා මන් ගින්නෙ තේරුමනම් අහන් නෑ
    "96 ලෝක කුසලානෙයි චන්ද්‍රිකාගෙ බුරියයි" ගැන රචනාවක් කියෙව්වා වගේ ත්‍රිල් එකක් වෙන්න ඇති මයෙ හිතේ

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails