Monday, September 19, 2016

වැලි කැට පුපුරන කතරේ ගිම්හානයට දිය බිඳක් !

තනි කෝටුවක් දෙකට නැමූ විට පහසුවෙන් කඩා දැමිය හැකි නමුත් කෝටු මිටියක් එසේ කැඩීම පහසු නොවේ යැයි සරල ප්‍රයෝගික උදාහරණ මඟින් පෙන්වා දී කෝටු මිටියක් මෙන් එකට බැඳී යහලු යෙහෙලියන් සමඟ සමඟියෙන් සිටින්නැයි යන පාඩම දෙමාපියන්ගෙන් අප කුඩා කල උගත්තෙන්මු.

කුරුළු දඩයම්කරුගේ දැළ් උගුලේ අසුවුනු කුරුළු රෑන එහි සිටි ඥානවන්ත කුරුළු නාම්බාගේ ගුරුහරුකම් මත සියලු කුරුල්ලෝ එක වර එකට පියඹා ගොස් ජීවිත බේරා ගත් කතා පාසලේදී හෝ දහම් පාසලේදි උගත්තෙමු.

එයින් සාමූහිකත්වයේ හැඟීමෙන් ඔද වැඩී දහම් පාසැල් සංවත්සර උත්සව, කළා උළෙලවල්, සිංහල - ඉංග්‍රීසි භාශා දින, වාණිජ දින, විද්‍යාදින, නාට්‍ය තරඟ, නැටුම් තරඟ ආදිය සාමූහිකව සංවිධානය කර සාර්ථක අවසානයන් ලැබූවන් වෙමු.

එයින් නොනැවතී සාමුහිකත්ව (Team Work) හැඟීමෙන් ඔකඳවී ගමේ යෞවන සමිතියට බැඳී දහසක් ක්‍රියාකාරකම් වල යෙදුනෝ වෙමු.

ගමේ පිංළිඳ ඉසීම, මාවතේ දෙපැත්තේ පාරට නැමුනු පඳුරු ගලවා දමා කානු සුද්ද කිරීම, ළමා නිවාස වලට දාන දීම, පෝයදාට සිල් ගන්නා ඇත්තන්ට දාන - ගිලන්පස ලබාදීම, පැදුරු පාර්ටි දැමීම, විවිධ ප්‍රසංගයේ අංගයන් ඉදිරිපත් කිරීම, අවුරුදු උත්සව සංවිධානයට උදව් ලබාදීම, වෙසල් පොසොන් උත්සව වලදී සහයෝගය දැක්වීම, දන්සල් පැවැත්වීම, ඔලුබක්කෝ නැටවීම ආදී කී නොකී දහසක් ක්‍රියාකාරකම් මේ අතර ඇත.

අප බොහෝ දෙනෙක් වර්ථමානයේ රැකියා ස්ථානයේදි හෝ සමාජීය ජීවිතයේදි ද බොහෝ සාමුහික ක්‍රියාකාරකම් වල යෙදෙන්නේ ඒ අතීත සුවඳ සිතින් මකාලීම අපහසු නිසා යැයි කීවොත් එකඟ නොවේද?

රැකියාවක් කරමින් ස්වාධීන ලෙස ජීවත්වෙන්න පටන් ගත් පසු උපයා ගන්නා දෙයින් කාබී නිදහසේ ජීවත් වීම යනු "ජීවිතය" නොවේ කියා සිතා, තම කාලය - මුදල් - ශ්‍රමය තවත් අය වෙනුවෙන් යෙදවිය හැකි අය වෙත් නම් ඔවුන් ඇත්තෙන්ම විසල් හදවත් ඇත්තෝම වෙති.

මැදපෙරදිග ජීවත්වන ප්‍රමාණ සමීක්ෂකයින්ගේ (Sri Lankan Quantity Surveyor's Association) සංගමයේ ක්‍රියාකාරීන් එවැනි විසල් හදවත් ඇත්තන් ලෙස මම හඳුන්වමි.

තමන්ගේ සහෝදර ශ්‍රී ලාංකික වෘත්තිකයින්ගේ වෘත්තීය දැනුම වැඩි දියුනු කිරීම සඳහා සම්මන්ත්‍රණ, වැඩමුලු, පාඨමාලා සංවිධානය කිරීම; ස්වේච්ඡා කතිකාචාර්‍යවරුන් ලෙස ඒවායේ දේශන සඳහා නිවාඩු දවස කැප කරමින් කිලෝ මීටර් සිය ගනන් තමන්ගේම වාහනයෙන් ගොස් තම අත්දැකීම් පිරි දැනුම ලබාදීම එසේ විසල් හදවත් ඇත්තවුන් හැර වෙන කවුරු නම් කරයිද?

මැද පෙරදිග සේවය කරන සියළුම ශ්‍රී ලාංකික පමාණ සමීක්ෂකයින් (Sri Lankan Quantity Surveyors) සාමාජිකයින් ලෙස බඳවාගන්න එම සංවිධානයේ තව බොහෝ සාමූහික ක්‍රියාකාරකම් ඇත.

වාර්ෂික ක්‍රිකට් ක්‍රීඩා තරඟ සංවිදානය; ලේ දන්දීමේ පුන්‍යකර්ම, අවුරුදු උත්සව - වෙසක් උත්සව සංවිදානය; සහ අනෙක් අය සංවිධානය කරන එවැනි කටයුතු සඳහා සාමාජිකයින්ගේ පූර්ණ සහයෝගය ලබාදීම; වාර්ෂික සුහද හමු සංවිධානය ආදිය ඒ අතර කැපී පෙනෙයි.

එක්සත් අරාබි එමීරයේ SLQS - UAEසංවිධානය විසින් එහි සාමාජිකයින්ගේ කුසලතාවන් එලිදැක්වීමට වේදිකාවක් සාදා දීම සහ නව සාමාජිකයින් හඳුනා ගැනීම සියල්ලන් අතර සුහදතාව වැඩිදියුනු කිරීම ආදී කරුනු සැලකිල්ලට ගෙන 2016 ගිම්හාන  ඍතුවේ මැද භාගය වන මේ දිනවල Mid Summer Get-together නමින් සුහද හමුවක් සංවිධානය කර ඇත.

තව දින 4කින් එය ඩුබායිහි රැඩිසන් බ්ලූ හෝටලයේ සවස 6.30සිට පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සකස් කරමින් පවතිනවා.

වාර්ෂිකව සංවිධානය කරන මේ සුහද හමුව මෙවර වෙනදාට වඩා විශේෂිත ආකාරයන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන බව සංවිධායක මන්ඩලය දැනුම් දී තුබුනා.

තරු හෝටලක කෑම බීම සමඟින් වැඩිහිටියන්ට ඩිරාහ්ම්ස් 115ක මිලක ටිකට් පතක්ද අවුරුදු 12ට අඩු දරුවන් සඳහා ඩිරාහ්ම්ස් 50ක ටිකට් පතක් ලෙසද ටිකට් මිල සඳහන් වී ඇත.

මෙවර ෆේස්බුක් හරහා සාමාජිකයින්ගේ ෆොටෝග්‍රැෆි තරඟයක් මඟින් ආරම්භ කල මෙය එදිනට ගීත ගායනා, නාට්‍ය, නැටුම්, වැයුම් පිරි සුපිරි ප්‍රසංගයක් වන බව පසුගිය වසර වල මෙන්ම මෙවරද මෙම මධ්‍ය ගිම්හාන සුහද හමුවට සහභාගී වූ පිරිස සාක්ෂි දරනවා නොඅනුමානයි.

එදිනට ලබාදෙන සමරු කලාපයට සාමාජිකයින් විසින් එවන ලද කවි නිසඳැස් පෙලගැස්වීමේ කටයුතුද මේ දවස්වල සිදුවෙමින් පවතින බව දැනගන්නට ලැබුනා.

මෙම මධ්‍ය ගිම්හාන සුහද හමුවට සහභාගී වී නටන ගයන වයන මිතුරු මිතුරියන්ව දිරිමත් කරමින් ඔවුනුත් ගීගයා වයා නටා කාබී ප්‍රමුදිත වෙන්න එක්වන්නැයි එක්සත් අරාබි එමීරයේ සියළුම ප්‍රමාණ සමීක්ෂකයින්ට SLQS - UAE සංවිධානය ආදරයෙන් ආරාධනා කරයි . . !

ප්‍රසංගයට එකකල නවතම අංගයක් ලෙස මම, මගේ ප්‍රිය බිරිඳ ඇතුලු 10 දෙනෙකුගේ කන්ඩායමක්ද කපිරිඤ්ඥා නැටුමක් නටන්න බලාපොරොත්තු වන බව පවසන්නේ තුටින් !

12 comments:

  1. සුහද හමුව සාර්ථකව තියෙයි කියළා හිතනවා. අලුත් කපිරිඤ්ඤා කණ්ඩායමට සුභ පැතුම්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් සාර්ථක වෙයි .. ස්තූතියි සුභ පැතුම් වලට.
      ඕගනයිසින් ටීම් එකට දැනුම් දෙන්නම් සුභ පැතුම

      Delete
  2. අපූරු වැඩක්නේ දුකා..අර නැටුමේ විඩියෝ එකක් අපිට බලන්න පුලුවන් වෙයිනේ.. :) :)

    ReplyDelete
    Replies
    1. හොඳට තිබ්බොත් තමා ඉතින් හෙ හෙ හේ

      Delete
  3. මේ උත්සවේ ඉහළින්ම සාර්ථක වෙන්න කියලා ඔන්න මමත් පතනවා...අකනිටා බෑන්ඩ් එක දැන් ෆෝම් එකේ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. සුභ පැතුම් වලට ස්තූතියි මල්ලී..

      ඕගනයිසින් ටීම් එකට දැනුම් දෙන්නම් සුභ පැතුම !

      අහ් ඔව් ඔව් ෆුල්ල් ෆොර්ම් එකේ ඉන්නේ . . එයාලා තමා මෙහේ ගොඩක් කැලැසික් ශෝ වලට බැක් කරන්නේ

      Delete
  4. අපිත් එන්නද හිටන්?

    ReplyDelete
  5. එල කිරි වේවා..!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. වැඩේ සුපිරියට ගියා
      තැන්කූ වේවා

      Delete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails