Tuesday, August 9, 2016

ඇසට - ඇසක් . . . දතට - දතක් . . !


වෙලාවකට අපරාදෙත් වගේ

මයිල් කෙලින්වෙන ත්‍රාසජනක කොමෙන්ට් 

ඇඟකිලි පොලා යන වාග් ජවනිකා

මගහැරෙනවා නේද හිතුවාම

අත්හැරීම හුරුවෙලාද

මෛත්‍රී කරන්න පුරුදු වෙලාද

මොකද්දෝ මගුලකට

ඉස්සර වගේ 

ඇසට - ඇසක්, දතට - දතක් 

න්‍යායෙන් ඇරගන්න නොගිහින්

අනේ ඉතින් අපිට පාන්ද කියා

දැක්කා නොදැක්කා වගේ ඉන්න ඇහැක් වීම

වෙලාවකට අපරාදෙත් වගේ

ඒත් මේ සතුට සැනසුම

දාහෙන් සම්පතයි ඊට වඩා හා නැද්ද ?

15 comments:

  1. බොල මටත් එහෙම හිතෙනවා. නමුත් ඒ සිතුවිල්ලම පාරෙ වාහන එලවද්දි ඇතිවීම කොයිතරම් දියුණුවක්ද කියලත් මට හිතෙනවා.

    මම දැනට හෙඩ්ලයිට් ෆ්ලෑෂ් කරන එක නවත්තන්න හිතාගෙන ඉන්නෙ.

    නමුත් ස්ටෑන්ඩ් එක ගහගෙන බයික් පදින උන්ට තවමත් අනතුරු හඟවන්න හිතෙනවා.

    බ්ලොග් වලට... ම්ම්ම්... ඒත් වරදක් නෑ බං.

    ReplyDelete
    Replies
    1. දකුනෙන් එන උන්ගේ ඇඟට කපන එක නම් ඉතින් මාත් කරනවා බන්.
      බ්ලොග් ම නෙමේ හැබෑ ජීවිතයේත් අපිට නෑහෙන්න අනිත් අය එක්ක කියලා බනින උන්ට ඉතරක් නෙමේ මූන්ට බනින එකෙක්ට උනත් "මට පාන්ද ඕයි" කියලා අහක බලාගන්න හිහෙනවා කියහන්කො

      Delete
    2. දකුණෙන් එන උන් මටනම් අවුලක් නැහැ, වමේ ඉඩ තියෙනවා නම් අයින් කරලා ඉඩ දෙනවා...
      හයියෙන් යන උන්ට මම රෙෂ්පට්...
      හැබැයි පේමන්ට් එක අයිනෙන් ඇවිත් වමෙන් රිංගන හාල්පාරුවන්ටනම් මම ඉඩ දෙන්නේ නැහැ...
      ඒ වගේම පාර මැද්දේ තියාගෙන කොටන මළ පෙරේතයින්ව පේන්නත් බැහැ...

      Delete
    3. අයියෝ කියලා වැඩක් නෑ . . ඉවසීම උපරිමයෙන් තියෙන්න ඕන ලන්කාවේ ඩ්‍රයිව් කරද්දී

      Delete
  2. අපිටත් පාංද කියල හිතල මාත් කොමෙන්ට් දාන එක නවත්තන්න හිතං ඉන්නෙ හිටං.

    ReplyDelete
    Replies
    1. අඩෝ ලබන සරේ සම්මානේ දෙන්නේ නෑ ඕන් හෙ හෙ හේ

      Delete
  3. මමත් අබු ඩාබි හිටං... මුනගැහිල කතා කරන්න කැමතී මචං. මගේ නොම්මරේ 0526597824. SMS එකක් දාහං

    ReplyDelete
    Replies
    1. වෙලාවක සෙට් වෙමු මචෝ

      Delete
  4. +++++++++++++++++++++++++++++++++++++++++++++
    ශාන්ත Vs නිශ්ශබ්ද මතක් වුනා

    ReplyDelete
    Replies
    1. ශාන්ත කිව්වට ශාන්තම නෑ . . ඒත් මොකද්දෝ හේතුවකට වලියට යෑම එප්පා වෙලා

      Delete
  5. හ්ම්.. දාහෙන් සම්පතයි තමයි. ඒත් හැම වෙලාවටම නෙවෙයි..

    ReplyDelete
  6. අපිනං කවදත් ශේප් න්‍යාය.. යේස් සර් යේස් සර් ත්‍රී බෑග් ෆුල්...

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails