Thursday, June 2, 2016

දිවි බරට උරදී - ඔබ උහුලනා දුක් රළ රැලී . . !


මීට අවුරුදු 3කට කලින් - 2013 දී අද වගේ දවසක, නදීෂාගේ උපන්දිනේ වෙනුවෙන් සින්දුවක් ලිව්වා.

ඒ විස්තරේ මගේ බ්ලොග් එකේ තියෙනවා “හැපි බර්ත්ඩේ ඩාලින්” කියලා පෝස්ට් එකක.

පෝස්ට් එක නොබලා විස්තරේ කියනවා නම් . .

ඒ ලියපු සින්දුව අබුඩාබි ඉන්න දක්ෂ සංගීතඥයක් වන හර්ෂන කුමර බලපිටිය මල්ලිට දුන්නාම එයා ඒකට ලස්සන තනුවක් දැම්මා.

හර්ෂණගේ සංගීත කන්ඩායමේ වාදනයත් සමඟින් හර්ෂණම ගායනා කරමින් මූලික රෙකෝඩින් එකක් අපි කලා.

ඒ රෙකෝඩින් එක එකතු කරලා තමා බ්ලොග් පෝස්ට් එක ලිව්වේ.

අද ජූනි දෙවෙනිදා උපන්දිනේට කීප දවසකට කලින් මතක් උනේ එදා හර්ෂණ මල්ලියි මායි එයාගේ සංගීත කන්ඩායමේ මල්ලිලායි කතා වුනු දේ . .

“අපි මේ සින්දුව මීට වඩා හොඳ රෙකෝඩින් එකක් කරමු”

එහෙම කිව්වට කරන්න කාල වෙලාව හොයා ගන්න නම් බැරි උනා.

පහුගිය ටිකේ අපි කස්ටිය අබුඩාබි වෙසක් මංගල්ලේ භක්ති ගී කියන්න සෙට් උනායින් තියාෂා නංගිව එයාගේ මහත්තයා මොහාන් දිලීප් මල්ලිව අන්ඳුන ගන්න ලැබුනා.

මොහාන් මල්ල්ලිගේ ෆේස්බුක් එකේ දැක්කා එයා සින්දුවකට කරපු ලස්සන විෂුවල් එකක්. මට එකසැරේ මතක් උනේ අර අවුරුදු 3කට කලින් කම්ප්ලීට් කර ගන්න බැරි උනු සින්දුව !

මොහාන් මල්ලිගෙන් විස්තර අහද්දී “MP3 එක දෙනවනම් මේ වගේ එකක් කරන්න පුලුවන් අයියා” කිව්වට පස්සේ කතා කලේ හර්ෂණ මල්ලිට.

 “මල්ලී මේ සැරේ අක්කගේ උපන්දිනේට අර සින්දුවේ රෙකෝඩින් එකක් කරල දෙන්න බැරිද?” අහපු ගමන් සුපුරුදු පරිදි හර්ෂණ කිව්වේ “ ඕකේ අයියා අපි කරමු” කියලා.

මේ තියෙන්නේ ඒ දවස් කීපයක් ඇතුලත දඩිබිඩියේ හර්ෂණ, ජීවන්, මහේෂ් ඇතුලු සෙට් එක රෙකෝර්ඩ් කරලා තියාෂාගෙත් උදව්වෙන් මොහාන් දවසකින් විෂුවල් එක හදපු  - දුකා, දුකාගේ ගෙදර උන්දෑගේ උපන්දිනේට ලියපු සින්දුව . . !



ආයේ අහලා බලලා කියන්නකෝ දැන් කෝමද කියලා .. !

https://youtu.be/nE-WlVHYGoU

මගේ ආදරණීය ගෙදර උන්දෑ නදීෂාට සුභ උපන්දිනයක් වේවා එහෙනම් ඈ . . !
අහ් මේ තියෙන්නේ සින්දුවේ වචන:


දිවි බරට උරදී - ඔබ උහුලනා දුක් රළ රැලී

දිවි බරට උරදී
ඔබ උහුලනා දුක් රළ රැලී
සිහිව සිත සසැලී
හද දුක් සුසුම් රැල් සැලි සැලී . . //
ගැහැනු සතරක්
එකම සිරුරක
සැඟව ඇත සිරවී . . //
යෙහෙළියක ලෙස
සොයුරියක ලෙස
පතිනියක ලෙස
මවක් ලෙස ඔබ
උහුලනා දුක් රළ රැලී . .
සිහිව හිත සසැලේ . .
හද දුක් සුසුම් රැල් සැලි සැලී . .
දුරු රටක හිඳ
කාසි එව්වට
උනුහුමද නොලැබී . .. //
රළු රළ මතින් සැඩ
සුළං මැඩගෙන
නැවක් පදවන
නියමුවෙකු ලෙස ඔබ
සියළු දුක් ගිනි විඳිමිනී
සිහිව හිත සසැලේ . .
හද දුක් සුසුම් රැල් සැලි සැලී
සිහිව හිත සසැලේ . .
හද දුක් සුසුම් රැල් සැලි සැලී . . . !
ගායනය : හර්ෂණ කුමර බලපිටිය
තනු නිර්මාණය: හර්ෂණ කුමර බලපිටිය
පද රචනය: සුභාෂ් ගුණවර්ධන
සංගීතය සහ වාදනය: හර්ෂණ කුමර බලපිටිය, ජීවන් විජේමුනි සහ කන්ඩායම
රූප රචනය: මොහාන් දිලීප්


මේ වයලීන් එක අතේ තියාගෙන ඉන්නේ හර්ෂණ කුමර බලපිටිය


මේ ඉන්නේ මොහාන් දිලීප් සහ ඔහුගේ බිරිඳ තියාෂා


37 comments:

  1. නියමයි..
    ඔන්න මාත් සුබ උපන්දිනයක් පැතුව.

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා ප්‍රසන්න . .

      Delete
  2. සුබ උපන්දිනයක් නදීෂා... ගීතය ලස්සනයි අයියේ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නන්ගී . . . ආයේ බුක් ලෝන්ච් එකකදී හමුවෙමු ඈ

      Delete
  3. //යෙහෙළියක ලෙස
    සොයුරියක ලෙස
    පතිනියක ලෙස
    මවක් ලෙස ඔබ//

    සුබ උපන්දිනයක් නදීෂා

    ReplyDelete
  4. සුබ උපන් දිනයක්!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කිව්වා ඈ

      Delete
  5. අක්කට සුභ උපන්දිනයක්....
    කොයි හත්ඉලව්වේ සිංදුව. අහන්න බලන්න තැනක් මට විතරද නොපෙනෙන්නේ??????????? O.o

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=v6rRZ7WHStQ&feature=share

      Delete
    2. ආ හොර හාවී...මේ ඉන්නේ... අපි තලායි :)

      Delete
    3. තැන්කූ වේවා හාවී . . ඒ කාලේ ඉඳන් තාම කොමෙන්ට් කරන හාවී . .

      Delete
  6. සිංදුව ලස්සනයි. හඩත් ලස්සනයි.
    අක්කට සුබ උපන් දිනයක්.

    ReplyDelete
    Replies
    1. තැන්කූ කිව්වා උඹටත් නගේ

      Delete
  7. සුභ උපන්දිනයක් වේවා නදීශා අක්කා... :)

    හරිම අගේ ඇති උපන්දින තෑග්ගක් <3

    ReplyDelete
    Replies
    1. තැන්කූ කිව්වා ඕන් . . :D

      Delete
  8. නදීෂට පමාවෙලා දෙන උපන්දින සුභ පැතුම මගෙනුත්!

    උඹෙ පද අපුරුයි, ගීයෙ කට හඬයි, විෂුවල් එකයිත් සුන්දරයි. ඒත් මට හිතෙනව තනුව උඹෙ පද වලට සාධාරණයක් කරන්නෙ නෑ කියල. මේක මෙහෙම අතෑරෙන්න දෙන්න ඕන පද වැලක් නෙමෙයි, මොකද උඹ මේ කතා කරන මාතෘකාවට ලියපු වෙන සිංහල ගී නෑ මම දන්න තරමට. ඒ නිසා තව පාරක් ට්‍රයි කරහන්.

    ReplyDelete
    Replies
    1. තැන්කූ මචෝ උපදෙස් වලට . . .ම් ම් ම් ම් හර්ෂන මල්ලී එක්ක කතා කරල බලන්න ඕන බන් වෙනස්කම් කරනවානම් . ..

      Delete
  9. ෙමෙහම උපන්දින තෑග්ගක් ලබන්න ඇය ෙගාඩක් වාසනාවන්තයි.

    ReplyDelete
    Replies
    1. ඇයි බන් අයියේ මේ වගේ අහින්සක කොලුවෙක් ලබන්න . . හුහ් ඒකාට් කොයි තරම් වාසනාවන්ත වෙන්ටෝනද? :P

      Delete
  10. සුබ උපන්දිනයක් වේවා!

    නියම පදපෙල, ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. තැන්කූ ඩීන් අයියා . . .

      Delete
  11. ගෙදර ඇත්තන්ගෙ "හැබෑ" වටිනාකම තේරෙන්න කාලයක් යනව...
    ඒක නොදැක්ක වගේ තේරිච්ච වෙලාවක මම නුඹට තවත් කාරණාත් එක්කම බ්ලොග් එකේම අනාදරයෙන් නොවුණත් මෙහෙම කීවා...
    "දවසක ඉතිරි වෙන්නෙ ඔච්චරයි.."
    හිත නරක් වෙන්නත් ඇති මම ඒ කියාපු දෙයට.. විදිහට...!
    ඒත් දැන් උඹ කුටුම්බය ජයගෙන ඇති බව පේනවා..
    අනෙක් හැම දේටම වඩා ඒ දේ වටින බව උඹ දැන් ඔප්පුම කරල තියනවා..
    ආයේ මොනවද.. එයාල බලාපොරොත්තු වෙන්නේ මෙච්චරයි.. "සිහිව හිත සසැලේ . ." - ජයවේවා දුකා හතරදෙනාටම!

    ReplyDelete
    Replies
    1. //හිත නරක් වෙන්නත් ඇති මම ඒ කියාපු දෙයට.. විදිහට...!//
      pissu kiyannepaa ban !
      :D

      Delete
    2. කොමියුනිකේශන් කියන ඒවා එක එක විදිහට කරන්න පුලුවන් මචෝ . . සමහර පවුල් වල කට ගහගෙන එද්දී අල්ලගෙන තඩිබාන එකත් එක්තරා කොමියුනිකේශන් මෙතඩ් එකක්. ඒ විදිහට බැලුවාම එකට එක කියාගෙන රන්ඩු වෙලා කොමියුනිකේට් කරගන්නවාට වඩා අනිත් කෙනාට දැනෙන්න කියන්න ඕන දේ කියන එක හානිය අඩුම සරල කොමියුනිකේශන් මෙතඩ් එකක්. ඒ කාලේ ඔය කොයි කොයි විදිහෙන් හරි කොමියුනිකේට් කරපුවායේ ප්‍රතිපල තමා පසුව විඳින්නේ මචෝ

      Delete
  12. අපිත් සුභ පැතුවා කියන්න. ජය වේවා !

    ReplyDelete
    Replies
    1. හරි මල්ලී .. නදීෂා පෝස්ට් එකයි කොමෙන්ට්ස් ටිකයි ඔක්කෝම කියෝලා . .හැමෝටම ස්තූතියි කිව්වා

      Delete
  13. බිරිඳගේ උපන් දිනයකට මේ විධිහට සුභ පතන්නේ කීයෙන් කි දෙනාද? අරුත්බර ගීයක්.

    ReplyDelete
    Replies
    1. ඇයි මේක එල්ලන්නේ නැද්ද ලෝටස් යායේ

      Delete
    2. අඩෝ පොන්න අජිත්...තෝ හිතාන ඉන්නෙ සිංහල බ්ලොග් කියන්නෙ තොගෙ කෙහෙල් මල් නෙළුම් යාය කියලද ? මට මුණ ගැහුනොත් කැරියට අරින්නෙ ඇවිදගන්න බැරි වෙන්න.

      Delete
    3. මම ඔය ලංකාවට ආවේ තනියම. කෝ ඇනෝ දාන එක පොන්සි වීරයෙක් ආවද? පොන්න කමටනේ ඇනෝ කොමෙන්ට් දාන්නේ කෙලින් ලියන්න බැරි නිසා. ඔච්චර දෙයක් කරන්න පුලුවන්නම් හම්බවෙන තැනක් කියනවා බලන්න. මම එන්නම්. පුලුවන්නම් කරයි. ව්‍යග්‍රා ටිකක රගේනවත් බලන්න. කොන්ද පන නැති එවුන්.

      Delete
    4. මම දැන් දැක්කේ මේ කොමෙන්ට්ස්. සාමාන්‍යයෙන් මම මේ වගේ ඒවා අයින් කරනවා. ඒත් චෝදනා කරපු ඇනෝට චෝදනාවලට ලක් උනු කෙනාම පිලිතුරු දීලා තියෙන නිසා අයින් නොකර තියෙනවා.

      Delete
    5. //බිරිඳගේ උපන් දිනයකට මේ විධිහට සුභ පතන්නේ කීයෙන් කි දෙනාද? අරුත්බර ගීයක්//

      ස්තූතියි අජිත් . . .

      Delete
    6. මන් අද තව පාරක් ඇහුවා. ටිකක් වික්ටර් ගේ හඬ තියනවා සින්දුව කියන මල්ලිට.

      Delete
  14. ඇයට සුභ උපන් දිනයක් පතමි. සති දෙකකට පස්සේ.. බිරිඳ ගැන යමක් ලියන එක ඕනෑම බ්ලොගේකුගේ බ්ලොග් සෞඛ්‍යය පවත්වා ගැනීමට බෙහෙවින්ම උපකාරී වේ ...

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails