Wednesday, August 14, 2013

මහජනයා සහ අරක්කු . . !



මහජනයා කියන්නේ චන්දේ දාන එකාටනේ . . .

ඒ කියන්නේ චන්දේ දාට චන්දපොලට ගිහින් කතිරේ කෙලලා එන එකානේ.

එකා එකී මේ ඔක්කෝම තමයි මහජනයා කියන්නේ හා නැද්ද?


මෑත කාලයේ මේ මහජනයයි අරක්කුයි එක ලඟම එකට ගෑවිලා තියෙන දෙයක් . . ඒ දෙක අතරේ තියෙන්නේ පුදුම බැඳීමක්.


හරියට ජාඩියයි මූඩියයි වගේ . . . ඉඳිකට්ටයි නූලයි වගේ .. අමුඩෙයි පුකයි වගේ . . . එක ලඟින්ම තමා යන්නේ . . . :D


මොකක් කිව්වා එහෙම නෑ . . . !!


අනේ පලයන් බන් යන්න . . . ඔය කතිරේ කෙලින එක උඹ හිතන්නේ අපි (මහජනයා) හදවතින් කෙලින කෙලිල්ලක් කියලද . . 

නෑ බොල නෑ . . ඕක තනිකරම අරක්කු නිසා කෙලින කෙලිල්ලක් . . .


ඒ කොහොමෙයි කිව්වා?

මෙහෙමයි යකෝ වෙන්නේ . .


අපි (මහජනයා) ගැන තීරණ තීන්දු ගන්න . . . කොටින්ම අපිට බොන්න තියෙන වතුර ඇසිඩ් වතුර මිශ්‍ර ඒවාද? ඒ ඇසිඩ් වතුර එපා නම් එපා කියන උන්ට වෙඩි තියලා මරලා දාන්න ඕනද? වගේ උනත් අපි ගැන තීන්දු තීරණ ගන්නනේ බන් අපි මහජන නියෝජිතයෝ කියලා මොක්කුන්ට හරි කතිරේ කෙලලා පාර්ලිමේන්තු පලාත් සභා ප්‍රාදේශීය සභා යවන්නේ . .


ඉතිං කියන්නේ .. . . .උඹ කියන්නේ අපි කතිරේ කෙලින්නේ අපි වෙනුවෙන් නියම තීන්දු තීරණ ගනීවි, අපේ සැබෑ ප්‍රශ්න වෙනුවෙන් කතා කරලා අපිට සහනයක් සලසාවී කියලා අපිට ෆුල්ම සුවර් එකෙක්ට කියලද . . ?


අනේ මගේ කට . . .


යකෝ අපි කතිරේ කෙලින්නේ වැඩියෙන්ම අරක්කු බොන්න දෙන එකාට . . . 

චන්දෙට මාස ගානක් කලින් ඉඳන් අරක්කු කසිප්පු දන්සැලෙන් දෙනවා වගේ බොන්න දෙන එකාට . . .


ගෑනු . . ඇයි උන් බොන්නේ නැති නිසා අර වගේ බොක්කෙන් හිතලා කතිරේ කෙලිනවා කියලද කියන්නේ . . 

අනේ නිකම් බබා පාර්ට් නැතුව හිටහන් රජෝ . . අපි නොදන්න අපේ ගෑනු . .


යකෝ චන්දේ ඉල්ලන එකාගෙන් පිනට බීලා ඩෝප් වෙලා ගෙදර එන මිනිහා ගෑනුන්ගේ බඩ උඩ නැගලා දහ අට සන්නිය නටලා ආදරෙන් "අනේ ඩාලිං ඔයා අරයට කතිරේ කෙලින්න ඈ" . . . හරි ඊටත් වඩා ආදරෙන් "බොල ගෑනියෙ . . තෝ අරූට කතිරේ කෙලපන් මම නරක මිනිහා කියන්නේ නැතුව හරිය . . " කියලා ඉල්ලන නිසා ගෑනුත් වක්‍රාකාරව අරක්කු නිසා තමයි කතිරේ කෙලලා තියෙන්නේ . .


ඉතින් කියහන් මහජනයා සහ අරක්කු කියන්නේ අමුඩෙයි පුකයි වගේ එක ලඟින්ම යන ජාති දෙකක් නෙමේද කියල . . ?


හරි චන්දේ ඉල්ලන එකාගේ වාඩියට ගිහින් උගේ චන්දෙට කලින් දෙන අරක්කු දන්සැලෙන් නොබොන උන් අරක්කු නිසා නෙමෙයි කතිරේ කෙලියේ කියලා ද ඔය කියන්නේ ඉතිං . .


යකෝ "අපේ කක්කුස්සියේ වහලෙට ටකරං දුන්නු නිසා අපේ පවුලම එදා ඉඳන් මේ පක්සේ . . " . . . . "අපේ අප්පුච්චා ස්ට්‍රැයික් කොලා කියලා රස්සාවෙන් දොට්ට දැම්මේ ඒ ආන්ඩුවෙන් හන්දා එදා ඉඳන් අපි අනිත් පක්සේ . ." . . . . "අපේ ලොකු නැන්දගේ මිනිහගේ බාප්පගේ පුතාව දුස්කර සේවෙන් අයින් කොල්ලා කොලඹට මාරුවක් දුන්නේ මේ ආන්ඩුවෙන් ඒක නිසා අපි එදා ඉඳන් මේ පක්සේ . . " . . . . කිය කියා පක්සයක් බදාගෙන . .. . 

ඒ පක්සෙන් මිනී මරුවෙක්, ස්තිරී දූෂකයෙක්, කසිප්පු පෙරන්නෙක්, හොරෙක්, කෝච්චියේ මාල කඩන්නෙක්, කුඩු විකුනන්නෙක්, ගොන් බඩුවක් මොකෙක් ආවත් උන්ට කතිරේ කෙලින උන් අරක්කු බීලා ඩෝප් වෙච්චි උන් නෙමේ කියලද බොලා කියන්නේ . . .


යකෝ උන් අර චන්දේ ඉල්ලන එකාගේ දන්සැලේ අරක්කු නොබිව්වට දිවයින පත්තරෙන්, ලංකාදීප පත්තරෙන්, රූපවාහිනියෙන්, අයි අටී එන් එකෙන් සුවර්නවාහිනියෙන් පොවපු අරක්කු බීල මත් වෙච්චි උන් ඕයි ගෑනු පිරිමි බේදයක් නැතුව අම්බානක ඩෝප් වෙච්චි උන් . . . .  හක හක හක . . . !

Pics From: 

39 comments:

  1. සිරාවට. ලංකාවේ දේශපාලන ඇතුලේ මිනිස්සු මත් වෙලා ඉන්නේ.

    ReplyDelete
  2. දුකා.....දියර අරක්කු වලට වඩා දරුනුයි මාධ්‍ය අරක්කු.ගහලා දවස් ගානක් යනකම් මතේ බහින්නේ නැහැ.මිනිස්සු ඒ මතට ඇබ්බැහි වෙලා.දියර අරක්කු බොන එකා ඒකෙන් ගලවගන්න හැකියයි හිතපන්.අරකෙන් ගලවන්න ලේසි නැහැ.

    ReplyDelete
  3. දුකා දැන්නං උඹ නිකං පීචං ටෝක් දෙන්නේ ලොක්කා. කට්ටිය හුරේ දාන පලියට ගොං කතා කියන්න එපා. උඹයි උඹේ තාත්තායි අරක්කු හින්දා දෙනවා ඇති. ඒක එහෙමයි කියලා රටේ හැම එකාම ඒ ගානට දාන්න එපා. උඹ දැන් පහුගිය චන්ද කීයකදී චන්දේ දැම්මද කියල කියපං බලන්න. උඹ චන්දේ දැම්මනං ඒ චන්දේ දාපු එකා පැරදුන එකට හේතුව අරක්කු නෙවෙයි උඹලා තෝරගත්තු එකාගේ ඇති දුර්වලකම. උඹ චන්දේ දැම්මේ නැත්තං නිකං බයිලා ගහන්න එපා. උඹ් නොදී අනිත් උන්ට බණ කියලා වැඩක් නැහැනේ. එහෙම නැතිව හැම එකටම රටේ චන්ද දායකයා ගොන්නු කියන මට්ටමට යන්න එපා. ඒක උඹ ගොනෙක් උන පලියට රටේ හැම එකාම ගොන්නු විය යුතුයි කියනවා වගේ දෙයක්. එහෙම නැත්තං උඹ විතරයි මේ රටේ මහා උගතා,බුද්ධිමතා අනිත් උන් ගොන්නු. අනේ පලයං මහත්තයෝ යන්න. මහ ලොකු උගත් බුද්ධිමත් චන්දදායකයා. උඹ කාටද දුන්නේ ගිය පාර චන්දේ? කියපං බලන්න.

    ReplyDelete
  4. දුකා කියන කථාවෙත් ඇත්තක් තියෙනවා...පත්තර කාරයොඑ අරක්කු බෝතලයට ලියනවා...ඒවා කියවලා අරක්කු නොබොන එව්වොත් අරක්කු බීලා මත් උනා වගේ කතිරය ගහනවා....

    ReplyDelete
  5. දැනට තුන්වෙනි තැනනේ... ඉස්සරහට පළවෙනි තැනට ට්‍රයි කරන්න ඕනේ කොහොමහරි...

    ReplyDelete
  6. එතකොට සෑර් ලෙලදෙන වැජබෙන ආන්ඩු ගෙදර යවන්නෙ බාබෙද්දොද, බේබද්දොද....?

    ReplyDelete
  7. දැනට ඇනෝගේ පුරස්නේට පිලිතුරු දෙනන්ම් . .

    ඇනෝ මාත් අරක්කු නිසා චන්දේ දුන්නු එකෙක් තමයි බන් . . .

    මම බිව්වා හෝ නොබිව්වා . . උන්ගේ අරක්කු බීපු තාත්තගේ බලකිරීමට හෝ උඩ කියූ පත්තර වල ටීවී වල දේවල් දැකලා මත්වෙලා චන්දේ දුන්නු එකෙක් තමා යකෝ මාත් . . .

    ඒකයි ලැජ්ජ නැතුව අපි කියලා කිව්වේ . . .

    මේ ඇනෝ සිංහලෙන් අපි කිව්වම මම නැතුව අනෙක් උන් කියලාද බන් කියන්නේ . . හිකිස්

    ReplyDelete
  8. අරක්කු ගණන් ගියා නේද ? චන්දෙත් ලඟයි.

    ReplyDelete
  9. ජොනි බෙදලලු කාඩ් වගයක්.එයාගේ බාර් 30ක්ද කොහෙද තියෙනවනේ.කාඩ් එක පෙන්නල ඒ ඕන තැනකින් සප්පායම් වෙන්න හැකිලු.





    ReplyDelete
  10. හරියටම තේරෙයි මෙසරේ වයඹ මනාපවලින් එකට ජෙහාන් ආවොත් නම්.

    ReplyDelete
  11. අන්න අහරේ ජොනියා බෙනවලු කාඩ්..
    ඒවා පෙන්නලා බීපු උං ෆ්ලැට්...

    ඔය එක එකාට පොවලා දා ගන්නවට වඩා හොදම දේ තමා පත්තර කාරයෙක්ට බෝතලයක් අරං දීලා අවශ්‍ය දේ ලියා ගන්න එක..
    එක බෝතලෙං බර ගානක් ගොඩ දා ගන්න පුළුවංනේ...

    ReplyDelete
  12. චැක් අපරාදෙනෙ මන් අර අහිංසක දේශකයට බේබද්දා කිව්වෙ.. දැන් මෙහෙම බලන් යනකොට මමත් පට්ට බේබද්දෙක්නෙ.. අනේ දේශකයො සමාවෙයන් ඈ.. රෙද්දක් ඇඳගෙන උඹට කොහොමෙයි ආයෙ බේබද්දෙක් කියන්නෙ.. හැක් හැක්

    ReplyDelete
  13. දුකා අයියේ සිරාම කතාව ඈ.. දැන් මෙහෙ ( වයඹ චන්දෙ නොවෑ.. ) චන්දෙ ඉල්ලන හැම එකාම හැන්දෑවට අරක්කු දන්සැලක් දෙනවා. ඉන්නකෝ කස්ටියගේ චීත්ත ගැලවෙන්න ලස්සන ෆොටෝස් එක්ක මම ලියන්නම් කෝ ලිපියක්.. :)

    Bora Diyaka Induwara

    ReplyDelete
  14. චික් මේ පැත්තේ දෙන්නේ නැනේ බං ඔහොම දංසැල්

    ReplyDelete
  15. මටත් වෙරි බොලව්... ලංකාවෙ ඔක්කොටම දැං වෙරි.....

    ReplyDelete
  16. හැක..හැක..බොන්නබෑ ඕයි..!ඒ තරමට ඩෝප්..!

    ReplyDelete
  17. අපිනම් ඉතිං අරක්කු බොන්නෙත් නෑ. මෙච්චර කාලයකට දැම්මත් ආයේ ඉස්සරහට එක බල්ලෙකුට චන්දෙ දෙන්නෙත් නෑ.

    ReplyDelete
  18. සික් විතරක් අපි ලංකාවට නිවාඩු එන කාලෙට නෑනේ බොල මේ පැත්ත පලාතකවත් චන්දයක්. හැමදාම නිවාඩු කාලෙදි බර ගානක් වියදම් වෙනවනේ බොල අරක්කු වලට. බැරිද කීයක් හරි දීලවත් මේ පැත්තේ චන්දයක් සෙට් කොරා ගන්න....?

    ReplyDelete
  19. චැහ් ජොනී වගේ එකෙක් මේ පැත්තෙත් ඉන්නව නම්...

    මම දුලාගේ අඩවියේ™ දුලා

    ReplyDelete
  20. අරක්කු නැත්තනම් ඇත්තටම චන්ද කරන්න බැරි වෙනවා තමා...බීපු මිනිස්සු කියන අනෙක් මොන දේ ගණන් නොගත්තත් ඔය දේශපාලන කතා බීපු නිසා කියාපු දේවල් කියල අහක දාන්නේ නැහැනේ...එකනේ බීපු වෙලාවට දේශපාලන කතා වැඩිපුර කතා වෙන්නේ :)

    ReplyDelete
  21. මීට පස්සෙ නං ලංකාවට එන්නෙ ඡන්ද කාලෙකමයි ඕං

    ReplyDelete
  22. වැඩක් නෑ දුකා ඔය මතෘකාව කතා කරලා අපේ ලේ ටික පිච්චෙනවා විතරයි..

    ReplyDelete
  23. මචං... අර බල්ලෙකුට දවසක් කන්න දුන්නහම හොඳට මතක හිටිනවා වගේ තමයි, මිනිහෙකුට දවසක් බොන්න දුන්නහම කෙලෙහිගුණ තියනවා. අවුරුදු ගාණක් එකට හිටපු යාලුවෝ කැලේ... මිනිහෙක දවසක් නිකං බොන්න දුන්නහම.....

    අර පරණ ටෙලි නට්ටියකත් තිබ්බා... ගමේ වයසක ගෑණු කෙනෙකුට බොන්න දීලා ඉඩම ලියව ගන්න වලව්වේ හාමු කෙනෙක් ගැන...

    ReplyDelete
  24. හරියටම හරි.. අරක්කු කාලටයි, බත් පැකට් එකටයි චන්දෙ දාන අය ඉන්නවා ඒ අයගේ එදාවේල පිරිමහගන්නේ ඕනැම අවකෙළියකට ඉදිරියෙන් ඉන්නේ මේ අය තමයි.

    ReplyDelete
  25. මම නම් ඔය කතාව පිළිගන්නෙ නෑ දුකා අයියා...
    ආණ්ඩු පක්ෂ විපක්ෂ මොකෙන් හරි දිනන එකා දිනන්නෙ ඩෝප් වෙලා ඉන්න උන් වැඩි හරියක් තමන්ට කැමති හින්දද?...



    ReplyDelete
  26. ලංකාවේ සම්පුරුන ජනගහනයම අරක්කු බීලා, පුක අස්සෙන් අමුඩෙත් ගහන් තමා බං ඉන්නේ.. ඒක එහෙමයි..

    ReplyDelete
  27. දුකා අරක්කු කියන්නෙ ඡන්දයට කෙලින්ම බලපාන සාධකයක් නෙවේ. වෙන විදියකට කියනව නං අරක්කු ටිකට බත් පැකට් එකට මිනිස්සු අපේක්ෂකය ලඟට යනඑක ඇත්ත. විශේෂයෙන්ම පෝස්ටර් ගහන කාර්යාල කුඩුකිරීම් වගේ දෙවල් වලට සම්බන්ධ වන ටිකක් විතර සුළු පිරිසක් තමයි ඒ කණ්ඩායම.

    මම අධ්‍යයනය කරල තියන අපේ ප්‍රදේශයේ නම් අති බහුතරය ඡන්දය දාන්නෙ රැකියා අපේක්ෂාවෙන්. ගෙදරක කොල්ලෙක් රස්සාවක් නැතුව ඉන්නකොට ඌ බලනව කාට හරි හේත්තු වෙලා ගොඩයන්න. ගෙදර උදවිය ඡන්දෙ දෙන්නෙත් කොල්ලගෙ අනාගතය වෙනුවෙන්. ඔන්න ඕකයි වෙන්නෙ.

    මේක අරක්කු වලට ඡන්දෙ දෙනවටත් වැඩිය බරපතළ කේස් එකක් මචං. අරක්කු වලට ඡන්දෙ දුන්නනං ඒක සූර් බැස්සම ඉවර වෙනව. මම කියන කේස් එක විස‍ඳෙන්නෙත් නෑ වගේම ඒකෙ අතුරු ඵල ඊට වඩා භයානකයි.

    ReplyDelete
  28. දුකා අනිත් කාරණාව,
    අරක්කු ටිකක් ඡන්දෙට කලින් දුන්නොත් ඡන්දෙ දාට ඌ‍ට ඡන්දය දෙන්න තරම් කෙලෙහිගුණයක් අපේ එවුන්ගෙ තියනව කියල උඹ හිතනවද? නෑ! අපේ එවුන් ඊට වැඩිය ටිකක් කපටියි. ඉල්ලන එවුන් ඊට වැඩිය කපටියි.

    ReplyDelete
  29. සාක්ෂරතාවයෙන් ඉහලයි කීවත් අපේ රටේ ජනතාවගේ විචාර බුද්ධිය ඉතාම අඩුයි.තමන්ට @## ඇරලා කියලා තේරුම් ගන්නවත් බැරි තරම්.අපේක්ෂකයා හමර් එකකින් ගමට ආවම ඌට චන්දය දෙන්න තීරණය කරන තරම් ගොබ්බයො රෑනක් ඉන්නේ.

    ReplyDelete
  30. පිස්සු කියවන්ඩ එපා.අපේ රටේ ඡන්ද දායකයො සෑහෙන උගත් බුද්ධිමත් සහ මනා දේශපාලන විචාර බුද්ධියකින් යුක්ත පරිණත සක්‍රීය දේශපාලන සත්ත්ව ගොන්නක්.එහෙව් මිනිස්සු දෙයි අරක්කුවලට ඡන්දේ පුඃ...

    ReplyDelete
  31. මම එක පාරක් ජී ඇල්ට චන්දෙ දුන්න බියර් මිල බස්සපු මුදල් ඇමති හින්ද.

    ReplyDelete
  32. මට චන්දෙ හම්බෙන්නේ මේ පාර... පළමු :3

    ReplyDelete
  33. අපේ මුලු රටම ඩෝප් සීන් එකේ බං ඉන්නෙ මේ දවස් වල... කවද වෙරි හිඳෙයිද කියන එක තමා ප්‍රස්නේ... කේස් එක මේකයි... ඩෝප් බහිනකොට ඔරලෝසුව චේන් එක විතරක් නෙමෙයි ආයි ගෙදර යා ගන්න සාක්කුවෙ රුපියල් විස්සක් වත් ඉතුරු වෙලා තියෙයිද කියන එක...

    ReplyDelete
  34. උඩදාගෙන ගිහින් කතිරෙ ගහනවා. ඊට පස්සෙ ගහපු එකෙක් නැහැ.

    ඒකයි සිරලංකන් මොඩලය.

    ReplyDelete
  35. මාත් සම්පුර්ණයෙන්ම එකගයි.

    Gossip

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails