Sunday, June 2, 2013

Happy B'day Darling . . . !


ගිය අවුරුද්දේ නදීෂාගේ උපන්දිනේට "පලංචියේ ලී ඉරුවේ අපි එකට" සිංදුවට වෙන වෙන වචන දාලා පෝස්ට් එකක් ලිව්ව වෙලවේ අපේ කකා මට කිව්ව "දුකා, කොපියක් නෙමේ අළුත්ම සින්දුවක් ලියපං!" කියලා.


කවදා හරි සිංදුවක් ලියන්න ඕන කියලා හිතලා තිබුනට නදීෂාගේ උපන් දිනේට සිංදුවක් ලියන්න ඕන කියලා හාංකවිසියක් හිතලා තිබ්බේ නම් නෑ.


අපේ ගෙදර උන්දෑ නදීෂාට වටින කියන භෞතික තෑගි අරන් දෙන එක හරිම අමාරු කාරියක්. මොකෝ වෙන අයගේ උන්දැලා වගේ නෙමෙයි අපිට ගෙයක් නෑ, කාර් එකක් නෑ වගේ පොදු ඉල්ලීම් තිබුනට  එයා ආසා කරන වටින දේවල් අරන් දෙන්න ගියාම ගන්නේම නෑ.


කොටින්ම ගිය නිවාඩුවෙදි අපේ පරන බ්ලොග් කාරයෙක් වෙච්චි තාරක සමරණායක මුනැගැහෙන්න නුවර එයා වැඩ කරන මැනික් සාප්පුවට ගිය වෙලාවේ අපේ උන්දෑ ආසාකරන කලු පාට ගලක් මැදට හිටින්න වටේට White Sapphire ගල් අල්ලපු ඩිසයින් එකකින් පෙන්ඩන්ට් එකක්, කරාබු දෙකක් බ්‍රේස්ලට් එකක් හදවන්න ගනම් මිනුම් කතා කරගෙන ඇවිත් ඇඩ්වාන්ස් එක පස්සේ එවන්නම් කියලා ආවට "ඕන නෑ අනේ එච්චර ගානක් වියදම් කරන්න" කියල ඒක කපා හැරලා.


එහෙව් එකේ මම හිතුවා අද නදීෂාගේ උපන් දිනේට විශේෂ තෑග්ගක් දෙන්න.


මෙදා සැරේ උපන්දිනේට විශේෂ තෑග්ගක් දෙන්න ඕන කියලා මාස ගානක් කල්පනා කර කර ඉන්නකොට තමයි මට මේ අදහස හිතට ආවේ.


පස්සේ දැනට මාස එකහමාරකට විතර කලින් දවසක් ඩුබායි ගිහින් මහ රෑ තනියෙම ආපහු අබුඩාබි එන ගමනකදී තෑග්ගේ සම්පූර්න අදහසම එක සැරේම හිතට ආවා.


අහ් කියන්න බැරි උනානේ, විශේෂ තෑග්ග තමයි නදීෂා වෙනුවන් සිංදුවක් ලියන්න ඕන කියන එක.


අර මාස ගානක වචන ගැටගැහිල්ලේ අග්‍ර ප්‍රතිඵලය විදිහට එක පාරටම ඒ සින්දුවේ වචනයි ඒ වචන මේ වගේ තාලයක් උනා නම් හොඳයි කියන එකයි හිතට ආව ගමන් මම කලේ ඒ ටික අමතක වෙන්න කලින් ෆෝන් එක රෙකෝර්ඩ් කරගත්තු එක.


එදා ඉඳන් දන්න කියන සංගීත කාරයෝ සෑහෙන දෙනෙක් එක්ක කතා කලා ඒ සින්දුවට තාලයක් දාලා සම්පූර්ණ ගීතයක් විදිහට වැඩේ අවසන් කරන්න.


හරි හරි කරලා දෙන්නම් කිව්වා උනාට එහෙම කියපු ඔක්කෝම අය පොල්ල තිබ්බ මිසක් කිසි කෙනෙක් වචනෙන් එහාට ගිය උනන්දුවක් පෙන්නුවේ නෑ. මම මුල ඉඳන්ම වැඩේ කතා උනේ නිකම් කර ගන්න නෙමේ සල්ලි දීලා කර ගන්න. ඒත් ම්ම්ම්හූ . . .


පස්සේ ඒ සින්දුවක් කරන අදහස අමතක කරලා වගේ ඉන්න මොහොතක අහම්බෙන් පැදුරු පාර්ටියක් ඕගනයිස් කරන වැඩක් ගැන කතා උනු වෙලාවක යාලුවෙක් කිව්ව මෙන්න මෙහෙම.


"මචං හර්ෂන බලපිටිය කියලා සිරා මියුසික් වැඩ කාරයෙක් ඉන්නවා. මම උඹට උගේ නම්බර් එක දෙන්නම්"


එදාම හවස් වෙද්දී නම්බර් එක ඉල්ලගෙන හර්ෂණට කෝල් කලා.


"හරි අයියේ මම ලබන සඳුදා නිවාඩු. අයිය මගේ ගෙදර එන්න. අපි වැඩේ කරමු"


හැමදාම හවසට නදීෂායි විරුලුයි ස්කයිප් එකෙන් චැට් කරන්න බලන් ඉන්න බව දන්න නිසා අද එන්න එපා වෙන ගමනක් යනවා කියලා සඳුදා හවස වැඩ ඇරිලා එන ගමන් ගියා හර්ෂණ මල්ලිගේ ගෙදර.


කලින් වචන ටික ඊමේල් කරල යැව්වත් මම යද්දී ප්‍රින්ට් අවුට් එකක් අරන් ගියා.


හර්ෂන මගේ ෆෝන් එකෙන් එක සැරයක් ඇහුවා අර මම කලින් රෙකෝර්ඩ් කරපු එක.


ගත්තා ගිටාර් එක. ඇස් දෙක වහගෙන ගිටාර් එකේ තත් දෙක තුනක් හැඬෙව්වා. අර කොලේ අරගෙන වචන පේලියක් ලඟින් අකුරක් ලිව්වා.


ආපහු ඒ වැඩේම කලා, ඊලඟ පේලියට අකුරක් ලිව්වා.


ඔහොම ඔහොම පේලි ටික ඔක්කෝටම අකුරු දැම්මා. ඒ දාලා තියෙන්නේ ගිටාර් කෝඩ්ස්. සංගීතය ගැන මම දන්න තරම තමා ඈ


පැයක් විතර ගිහින් හරි අයියේ අපි නිකම් පොඩි රෙකෝඩින් එකක් කරලා අහල බලමුද කිව්වා.


හර්ෂණ ගිටාර් එක ගගහා සින්දුව කිව්වා . .


මට පිස්සු හැදුනේ නැති ටික විතරයි.


අර මම හිතපු විදිහට වඩා සිය දහස් ගුනයක් උපරිමයෙන් ඌ ඒ රෙකෝඩින් එක කලා.


සමහර වචන කීපයක් රෝ වැඩියි වගේ කියලා වෙනස් කරන්න කතා උනා.


"අයියේ මෙන්න මේ වගේ අදහසක් එන වචන ටිකක් ආවනම් මේක සිරා"


පස්සේ තව සැරයක් රෙකෝඩ් කරල ඉවර වෙලා


"හරි මල්ලී එහෙනම් ඉතුරු ටික ඔයා කල්පනා කරලා හදන්න. මම ගෙදර යන්නම්" කියලා ගෙදර යද්දී මඟදීම ආපහු ඔලුවට ආවා හර්ෂන කියපු අදහසට ගැලපෙන වචන් ටික.


ඒ වෙලාවෙම කෝල් කරලා ඒකත් ලියා ගන්න කිව්වා.


අයියේ අපි දැනට මේ වගේ කරලා අක්කගේ උපන්දිනේ දවසට මේක එලියට දාමු. පස්සේ මම නිවාඩු ගියාම හරියට රෙකෝඩින් කරගෙන එන්නම්. හර්ෂණ එහෙම කිව්ව.


මම අපේ දුමියයි දර්ශනයි එක්ක කතා කලාම දෙන්නම කැමති උනා වැඩේට උපරිමයෙන් සහයෝගය දෙන්න.


ඒ කියන්නේ මේ තියෙන්නේ ප්‍රඩක්ෂන් එකේ Early release වර්ෂන් එක.


Final release එකේ මතුවට.


මෙන්න මෙතනින් සින්දුවේ early release වර්ෂන් එක අහන්න පුලුවන්.

මේක මේ පලවෙනි රෙකෝර්ඩින් එක නිසා ගොඩක් අඩු පාඩු තියෙනවා. හර්ෂණ පොරොන්දු උනා නිවාඩුවට ලංකාවට ගියාම මේක ට ගිටාර් පාර්ට් එකත් එක්ක යන වයලීන් පාර්ට් එකක්, බොන්ගෝ හරි තබ්ලා හරි පාර්ට් එකක් එහෙම එකතු කරලා ප්‍රොෆෙෂනල් මියුසික් කොම්පෝසර් කෙනෙක් ලව්වා වැඩේ උපරිමයෙන් නිමා කරන්න. 


හරි ඒ තියෙන්නේ ප්‍රඩක්ෂන් එකේ නිධාන කතාව.


මේ තියෙන්නේ සිංදුවේ නිධාන කතාව.


2011 මාර්තු මාසේ මම වැඩ කරපු ආයතනයේ අලුත් ව්‍යාපෘති නැති නිසා මගේ රස්සාව නැති උනු බව බ්ලොග් පාඨකයෝත් ලඟම හිතවතුනුත් දන්නවා.


ඒ වෙනකොට අප්‍රේල් ඉඳන් පුතාට යන්න අබුඩාබි වල ස්කෝලෙකට ගෙවීම් එහෙමත් කරල තිබ්බා උනත්, ගේ හදන්න ගත්තු ලෝන් වල වාරිකයි, ගෙවල් කුලීයි මාසික වියදම් එහෙමයි බැලුවහම හොඳම දේ පුතාව අරන් ලංකාවට ගිහින් එහේ ඉකෝලෙකට දාන එක කියලා අපි කතා වෙලා අම්මයි පුතයි මාව දාලා ගියා.


ගිහින් නදීෂා කලින් ඉඳන් කර කර ඉඳලා ඉවර කරන්න බැරි උනු Dress making කෝස් එක ඉවර කලාම එයාලගේ අම්මා හොයල දුන්නු සපත්තු හදන කෝස් එකත් කලානේ.


ඒකෙන් පස්සේ අපි කලින් ඉඳන් කතා වෙලා තිබ්බ විදිහට "Virooz" කියලා අපේම ෆැශන් බෑන්ඩ් එකක් රෙජිස්ටර් කරලා 2012 පෙබරවාරි 27 අපේ Virooz සපත්තු බිස්නස් එක පටන් ගත්තා.


සිවිල් ඉන්ජිනේරු ක්ෂේත්‍රයේ හිටපු නදීෂා, "විරුල් හෙවත් මගේ සොඳුරු ත්‍රස්තවාදියා "ට අම්මගෙයි අප්පච්චිගෙයි දෙන්නගේම උනුහුම වෙනුවට අම්මගේ උනුහුම වත් උපරිමයෙන් දෙන්න ඕන නිසා සපත්තු හදන කෙනෙක් උනේ ඔන්න ඔහොමයි.

මේ විස්තර බොහෝ දෙනෙක් දන්නවා.


රැකියාවක්, ව්‍යාපාරයක් කලත් නොකලත් හැම බිරිඳක්ම පවුලේ බරන් විශාලම කොටසක් උහුලනවා. ගේදොර පිලිවෙලට තියා ගන්න එක, ළමයින්ගේ ඉගෙනීම, උයන පිහන වැඩ. ගෘහනියකගේ වැඩ රාජකාරී ගැන හිතුවාම එයාලා ඒ ඔක්කෝම කොහොම කර ගන්නවද කියල පුදුමත් හිතෙනවා.


සපත්තු වැඩේ පටන් ගත්තු දවසේ ඉඳන් නදීෂා, එයාගේ අප්ප්ච්චි එක්ක හරි නංගි එක්ක හරි යාලුවෙක් එක්ක හරි පිටකොටුවේ ගිහින් සපත්තු හදන බඩු අරගෙන බස් එකේ දාගෙන නුවර අරන් ඇවිත්, එහෙම නැති නම් නුවර පුරාම එක එක තැන් වල තියෙන සපත්තු බඩු කඩවලින් බඩු අරගන්න විඳින දුක කොයි තරම්ද කියලා දැන ගත්තේ මම නිවාඩු අවහම අපි දෙන්නම පිටකොටුවෙයි නුවරයි කඩවල් ගානේ රස්තියාදු උනු නිසා තමයි.


බඩු ගේන එක විතරක් නෙමේ බිස්නස් එකේ අනිත් සියලුම වැඩ තනියෙම කරගෙන යන්න එයා විඳින දුක දැක්කම මට හැම තිස්සෙම නදීෂා ගැන පුදුම දුකක් දැනෙනවා.


නදීෂා වෙනුවෙන් ලියවුනු ගීතයේ


දිවි බරට උරදී
ඔබ උහුලනා දුක් රළ රැලී
සිහිව සිත සසැලේ
හද දුක් සුසුම් රැල් සැලි සැලී . . //”


කියන කොටස මගේ හිතට ආවේ ඒ විදිහට


නදීෂා වෙලවකට අපේ "අක්කා" ගෙදර ඉන්න කාලේ වගේ හරිම ඇණයක්. ඕන එකයි එපා එකයි හැම දේටම ඇඟිලි ගහනවා. වෙලාවකට "නංගී" වගේ ජොලි පොරක්. ඕන මහරෑක උදේක දවාලක ඕන ගමනක් යන්න . . . ඕන වලක් බහින්න එක පයින්. ඉතින් වෙලාවකට සහෝදරියක් වගේ.


බීලා ආවහම එලියට දාලා දොර වහනවා වගේ, ඔලුව කැක්කුම හැදුනාම ඔඩොක්කුවේ තියාගෙන සනීපෙට ඔලුව මසාජ් කරනවා වගේ අම්ම කරන ජාතියේ වැඩ අම්ම කරන විදිහටමත් කරනවා. ඉතිං වෙලාවකට අම්ම කෙනෙක් වගේ
.
රහස් කියන්න, උපදෙස් ගන්න, ට්‍රිප් යන්න, එක එක පිස්සු වැඩ අත්හදා බලන්න, ඕප දූප කතා කරන්න, හවුලේ වලි දාගන්න වගේ යාලුවෙක් / යෙහෙලියක් එක්ක කරන ජාතියේ ඕන දේටත් ඉන්න නිසා වෙලාවකට යෙහෙලියක් වගේ.


කලින් දවසේ වලියක් දාගෙන තරහ වෙලා මූන බුම්මගෙන හිටියත් උදේ වැඩට යන්න කලින් නැගිටලා කෑම උයලා කෑම එක බෑග් එකට දානවා. එයා අසනීපයක් හැදිලා ඉන්න වෙලාවක හෙට උයන්න එපා මම කඩෙන් කන්නම් ඔයාලට කෑම ඕඩර් කරල ගෙන්වලා දෙන්නම් කිව්වත් බැරි බැරි ගාතේ හරි උදේ නැගිටලා උයලා තේ හදලා දෙනවා.

ගේ කැලේ වගේ තියෙනවට මම කෑමතිම නැතිබව දන්න නිසා විරුල් ගේ උඩ යට පෙරලුවත් මම එන්න කලින් අස් කරලා තියෙනවා. හැම විදිහකින්ම පතිනියකගෙන් වෙන්න ඕන යුතුකමුත් ඉටු කරනවා.


ඒ ඔක්කෝම චරිත එකට ගත්තාම වැඩිපුරම වෙන්නේ අපේ දුක් කරදර වලට හවුල් වෙන ඒක නේද කියලා හිතුනාම ආපහු එයා ගැන දුක හිතෙනවා.


ඕවා ගැන හිතුවාම මට හිතුනේ සින්දුවේ දෙවෙනි කෑල්ල මේ වගේ ලියන්න.


“ගැහැනු සතරක්
එකම සිරුරක
සැඟව ඇත සිරවී . .
යෙහෙළියක ලෙස
සොයුරියක ලෙස
පතිනියක ලෙස
මවක් ලෙස ඔබ
උහුලනා දුක් රළ රැලී . .
සිහිව හිත සසැලේ . .
හද දුක් සුසුම් රැල් සැලි සැලී . .”


පුතාත් අරන් ගිහින් ලංකාවේ පදින්චි වෙලා නදීෂා බිස්නස් එක කරගෙන යනවා. මම මාස තුනෙන් තුනට වගේ ලංකාවට යනවා.


ජොබ් එක නැතිවෙලා දවස් 10ක් විතර ගෙදර ඉඳලා සෙට් උනේ යාලුවෙක්ගේ කොම්පැනියක ජොබ් එකක්. ඒත් පැකේජ් එක කලින් එකේ තරම් නෑ. ඒ මදිවට වෙලාවට පඩි දෙන්නෙත් නෑ.


අවුරුද්දකට විතර පස්සේ පරන කොම්පැනියෙන්ම ආපහු එන්න කියලා ආරධනා කලා. අපහු ඒකටම සෙට් උනා.


හැම තැනකම බොස් ලා ෆිට් පොරවල් නිසා නිතර නිතර නිවාඩු යන එක ලොකුම අවුලක් උනේ නෑ.


ගිය අප්‍රේල් නිවාඩුවට එද්දී නිවාඩු ඉතුරු වෙලාත් නෑ. ලොක්කා කිව්වේ අපි පස්සේ අඩු කරගමු. උඹ පුතාගේ ඉස්කෝලේ නිවාඩුවට ගිහින් උගේ ලඟ හිටපන් කියලා.


මම මෙහේ රස්සාව කරගෙන මාසේ ගානේ සල්ලි යැව්වට අනිත් බිරින්දෑලට වගේ සැමියගේ උනුහුමේ හෑමදාම දැවටිලා ඉන්න වාසනාවක් නදීෂාට නෑ.


ඒ මදිවට පුතාගේ ඉස්කෝලේ වැඩයි බිස්නස් එකේ වැඩයි, ගෙදර අයගේ දේවල් තිබ්බොත් ඒවයේ වැඩයි, එක එක විදිහට අපේ උදව් ඕන වෙන යාලුවන්ගේ නෑදෑයන්ගේ වැඩ අරව මෙව්වා මේ ඔක්කෝම වැඩ කරගෙන බැලන්ස් කරගෙන යන එක හරියට කුනාටු ගහන සාගරයෙක නැවක් පදවගෙන යනවා වගේ වැඩක් කියලා මට හිතුනේ.


අන්න ඒ නිසයි ගීතයේ ඉතුරු ටික මේ විදිහට ලිව්වේ


“දුරු රටක හිඳ
කාසි එව්වට
උනුහුමද නොලැබී . ..
රළ මතින් සැඩ
සුළං මැඩගෙන
නැවක් පදවන
නියමුවෙකු ලෙස ඔබ
සියළු දුක් ගිනි විඳිමිනී
සිහිව හිත සසැලේ . .
හද දුක් සුසුම් රැල් සැලි සැලී . .”


දැන් මුලු ගීතයම එකට එකතු කලොත් මේ වගේ


දිවි බරට උරදී
ඔබ උහුලනා දුක් රළ රැලී
සිහිව සිත සසැලේ
හද දුක් සුසුම් රැල් සැලි සැලී . . //


ගැහැනු සතරක්
එකම සිරුරක
සැඟව ඇත සිරවී . .
යෙහෙළියක ලෙස
සොයුරියක ලෙස
පතිනියක ලෙස
මවක් ලෙස ඔබ
උහුලනා දුක් රළ රැලී . .
සිහිව හිත සසැලේ . .
හද දුක් සුසුම් රැල් සැලි සැලී . .


දුරු රටක හිඳ
කාසි එව්වට
උනුහුමද නොලැබී . ..
රළ මතින් සැඩ
සුළං මැඩගෙන
නැවක් පදවන
නියමුවෙකු ලෙස ඔබ
සියළු දුක් ගිනි විඳිමිනී
සිහිව හිත සසැලේ . .
හද දුක් සුසුම් රැල් සැලි සැලී . .


දිවි බරට උරදී
ඔබ උහුලනා දුක් රළ රැලී
සිහිව සිත සසැලී
හද දුක් සුසුම් රැල් සැලි සැලී . . //


අහලා බලලා කියන්නකෝ කොහොමද කියලා.

එහෙනම් ඔයාලත් එකතු වෙන්න නදීෂාට උපන්දිනේට සුභ පතන්න . . !!


මේ ගීතය සියළුම බිරින්දෑවන්ට උපහාරයක් වේවා . . .!!!!

82 comments:

  1. මේ වගේ වටිනා උපන් දින තෑග්ගක් දෙන්ට පුලුවන් කීයෙන් කීදෙනාටද?
    නදීෂාට සුබ උපන් දිනයක් වේවා!!!


    ඒ වගේම නදීෂට මේ වගේ තෑග්ගක් දුන්නු දුකාටත් ස්තූතියි.:)

    ReplyDelete
  2. ඔබ නම් අදහන්න වටින ආදර බර සැමියෙක් දුකා.. ඔබේ ආදරණිය නදීෂාය සුබ උපන්දිනයක් වේවායි හෘදයංගවම ප්‍රාර්ථනය කරමි. මේ තිළිණය අසම සම තිළිණයක්. ඇය දිවියේ ලබන හොදම තිලිණය මෙයයි.

    ReplyDelete
  3. මුදල්වලට ගන්න බැරි වටිනාම තෑග්ගක්නෙ නදීෂාට ලැබිල තියෙන්නෙ...
    සුබ උපන් දිනයක් වේවා කියල මමත් ප්‍රාර්ථනා කරනව...

    ReplyDelete
  4. ඇඩෙනව මච්න්.. පට්ටම පට්ට...

    ReplyDelete
  5. මචන් නියම නිර්මාණයක්.උපරිමයි හැම පේලියකටම තේරුමක් සහ බැඳිච්ච කතාවක් තියනව කියන්නේ, බොහොම වටිනා තෑග්ගක් වෙයි නදීශාගේ උපන්දිනේට.මගෙනුත් සුබ පැතුම් එකතු කරන්නම්..සුබම සුබ උපන්දිනයක් වේවා ...

    ReplyDelete
  6. හරිම ලස්සනයි දුකා අයියේ...!!!
    ලිපියයි.. පද රචනයයි.. ගීයයි ඔක්කොම
    අපේ නදීෂා අක්කාට සුබ උපන් දිනයක් වේවා!!!

    ReplyDelete
  7. සුබ උපන්දිනයක් වේවා අක්කේ

    ReplyDelete

  8. සිරාවටම ලස්සනයි මචන් උඹලගේ විවාහ ජීවිතය..තව තවත් වාසනාවන්තව ජීවිතේ ගෙනියන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා මචන්...

    ( මගේ බ්ලොග් එක උඹේ රෝල්ට දාගනින් මචන්...
    ශ්‍රී ලාංකික මාධ්‍ය භාවිතය , එහි විකාශය හා වත්මන් තත්වය . වෙනසක් අවශ්‍යද ? ඒ කුමක්ද ?Who should have a TV Channel ?
    )





    ReplyDelete
  9. නෙත් වල කඳුළු ඇතිව කියවන ගමන් ...නදිශාට සුබ උපන් දිනයක් වේවා

    ReplyDelete
  10. මගේ ඇස් වල කඳුළු දුකා අයියේ. අක්කට සුබම සුබ උපන්දිනයක් වේවා. ඔබේ පුංචි පවුලට යහපත් අනාගතයක්. ජය...!

    ReplyDelete
  11. සින්දුව මැක්සා... ඕක අවුට් කලාම අපිටත් දෙන්ඩෝ.. අපි බස්රේඩියෝවෙන් නොමිලේ ප්‍රචාරය කරමු... :D

    නදීෂා අක්කට සුභ උපන්දිනයක් වේවා....!!

    ReplyDelete
  12. සිංදුවත් ලස්සනයි. ඇයට සුබ උපන්දිනයක් පතන අතර ඔබ සියලු දෙනාටම වාසනාවන්ත නීරොගීමත් හෙට දිනක් පතනවා !!!

    ReplyDelete
  13. ගීතය රසවින්දා .පදපේලි කියෙව්වා එක හුස්මට .හරිම අගෙයි .මිල කල නොහැකි වටිනානම තෑග්ග තමයි කෙනෙකුගේ ගුණයහපත් කම අගය කීරීම ඔහු හෝ ඇය ජීවත්ව සිටයදී.ඔබ එය නදීෂා වෙනුවෙන් උපරිමයෙන් ඉටු කරලා තියෙනවා නදීශාගේ ජීවිතයේ වැදගත්ම දිනයකදී ...නදීෂා ඔබට සුබ උපන්දිනයක් වේවා ! ඔබ සැමගේ ජීවිත වාසනාවන්ත වේවා ! තිසරණ සරණ ලැබේවා !

    ReplyDelete
  14. සුභ උපන් දිනයක් නදීෂා අක්කේ.... ලිපිය කියවද්දී ඇස්වල ඇත්තටම කඳුළු... අක්කා අයියා සහ විරුල් හැමෝටම සුභ අනාගතයක්!!

    ReplyDelete
  15. අඩේ සිරාවටම සිරාම තමයි.. මාර ජෝඩුවක්නෙ අෆ්ෆා..

    නදීෂා අක්කට සුභ උපන්දිනයක් වේවා..කියන්න....

    (ප්‍රශ්ණයක් තියේ.. ඔයාල බැන්දෙ ලව් කරලද යෝජිත එකකින්ද ? )

    ReplyDelete
  16. සුබ උපන් දිනයක් නදීශ අක්කා.. සිංදුව ෆෝන් එකකින් රෙකෝඩ් කල නිසා වචන රසය වින්දා. නාද රසය ලඟදීම විඳගන්න ලැබේවා. අර සෝරෝ කිවුව වගේ බස් රේඩියෝවෙන් තමයි මුලින්ම රිලීස් කරන්නෙ හරිය.. :D :D

    ReplyDelete
  17. නදීෂා සහෝදරියට,සුභ උපන් දිනයක් වේවා.![ඔ තන්ජෝබි ඔමදිතෝ ගොසයි මසු].
    බිරිදකට තිබෙන ආදරය වචන,හඩ සමග සංගීතය කැටි කොට ගීතයකින් උපන් දින සමරුම මිලියන ගනනක දියමන්ති මුදුවකට වඩා ඇයගේ හදවතේ රැව් දෙයි දුකා මල්ලි.විශේෂයෙන් විදෙස් රටක තම පවුල වෙනුවෙන් සටන් කරන සැමියෙක් තම බිරිද ගැන කියන වචන ,ඇසට කදුළු පමණක් නොව සිතටද දැනෙයි.

    ReplyDelete
  18. ඉස්සෙල්ලම නදීෂා අක්කිට සුභ උපන් දිනයක් වේවා කියල පතනවා..දැන් කාලේ මෙහෙම බිරින්දෑ වරු වගේම ස්වාමිපුරුෂයින් අඩු නිසා මේ පෝස්ට් එක ගොඩාක් දැනුනා.. අයියලෑගේ ජීවිතේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  19. ඔයාල දෙතැනක හිටියත් එක වහලක් යට ගතකරන හුඟක් දෙන්න දෙමාල්ලොන්ට වඩා ආදරයක්, සෙනෙහසක් ඔය දෙන්න ළඟ තියෙනව දුකා අයියෙ. ඔය දෙන්නටම ජීවිතේ තව තවත් සාර්ථක වේවා කියල සුබ පතන ගමන්ම මම නදීෂා අක්කටත් සුභ උපන්දිනයක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  20. ඔන්න අපිත් මේ ලිපියේ මාතෘකාව කියලම නදීෂා අක්කට සුභ පැතුවා කියන්න :-D

    ReplyDelete
  21. මචං මේකට මම මුකුත් කියන්නේ නෑ.. පරිපූර්ණ දේක අඩුපාඩු කොයින්ද..

    ReplyDelete
  22. නියමයි දුකා.ඇහැට කඳුලක් අවා..නදිශාට සුභ උපන්දිනයක් වගේම උඹ දිගටම තව සින්දු ලියපන් කියලත් කියනවා....

    ReplyDelete
  23. හරිම අපූරු උපන් දින තෑග්ගක්....! කොයි තරම් අගේ ඇති දෙයක් ද සුභාෂ්...!!!!! නදීෂාට සුබ ම සුබ උපන් දිනයක්....!!!!!!

    ReplyDelete
  24. මාර තෑග්ගක්නේ දුකා අයියා අක්කගේ උපන්දිනේට දීල තියෙන්නේ..
    නදීෂා අක්කට සුභ උපන්දිනයක් වේවා!!
    සිංදුව නං මාරයි අයියා..

    විරුල්වත් මතක් කලා කියන්න.

    ReplyDelete
  25. හැඟිම් බර නිසා මුලින්ම බලලා යන්න ගියා..

    ලව් කරන කාලේ නම් මිල්ටන්ගේ සින්දු ලියලා යැව්වා..

    ඩ්‍රින්ක් එකක් දාලා ආපු දවසට නම් ඇහැ ඇරලා උන්නොත් "නොනෙ මගේ සුදු නෝනේ...." සින්දුව කියනවා මැනිකේ අත්තනායකගේ කෑල්ලත් එක්කම. නැන්දම්මා තරහ වෙන නිසා. එයාට කියනවා "අද කතා නැත්තේ මොකද උඹ ලතා.....". මොකෝ එයාගේ නම "ලතා" නිසා.. මාත් ලියන්න ඕන සින්දුවක් උපන් දිනේට කියන්න. හැබයි දෙකක් දාගත්තයින් පස්සෙ කියන්න පුළුවන් බයිලා වගේ එකක්ම ලියලා දානවා...

    තව ටිකෙන් අමතක වෙනවා...

    හැපි බෝර්ත් ඩේ ඩාලින්...

    Sorry... Sorry....... දුකාගේ Darling...

    ReplyDelete
  26. හැපි බර්ත්ඩේ නදීෂා අක්කා... !

    සින්දුව කියෙව්වා විතරයි.. අහන්න වෙන්නේ 5 වෙනිදට....

    ReplyDelete
  27. නදීෂා නංගී සුබ උපන් දිනයක්.
    දුකා; ඉතාම සන්තෝසයි, මේ සින්දුව හිට් වෙනවා

    ReplyDelete
  28. සිංදුව අහන්න පටන් අරන් ඉවරවෙන්නත් කලින් උබට කෝල් කලේ එච්චර ලස්සන නිසයි... ඉයර්ෆෝන් එක දිගේ සිංදුව ඇහෙද්දී මට මැවිලා පෙනුනේ කවදාහරි වික්ටර් රත්නායක මේ සිංදුව කියන හැටි :)

    උපරිමයි...! නදීෂාට සුභ උපන්දිනයක්...!

    ReplyDelete
  29. ස්පෑම් කමෙන්ට්ස් වලට සමාව... මගේ නෙට් අවුල්...

    ReplyDelete
  30. කියල වැඩක් නැ අයිය.... වචන නැහැ මට දැනෙන හැගීම විස්තර කරන්න.... තුන් දෙනටම ඉක්මනට එකම වහලක් යට ඉදන් සතුටින් බොහො කල් ජීවත් වෙන්න ලබෙන්න කියන ප්‍රාර්තනයත් එක්ක "දුකා" නමැති අපුර්ව සෞන්දර්ය වේදියාට තව තවත් නිර්මාන බිහි කිරිමට සක්තිය ධහිර්ය ලබෙන්න කියල ප්‍රාර්තන කරනව...අක්කටත් සියලු පැතුම් ඉටුවන සුභම සුභ උපන් දිනයක් වේවා!!!

    ReplyDelete
  31. නදිෂාට සුභම සුභ උපන් දිනයක්! දීර්ඝායු වේවා!සින්දුව ලස්සනයි පළවෙනි වතාවට මේ පැත්තේ ආවේ... දුකාට ජයෙන් ජය!

    ReplyDelete
  32. වචනයේ සැබෑ අරුතින්ම ඇය නියම බිරිදක්...ඒ ගැන අටුවාටිකා අවශ්‍ය නෑ...කෙනෙකුගේ දුක වේදනාව හමුවේ උණුවෙන දුකා අයියගෙ හදවතත්...අධිශ්ඨානශීලීව අනාගතය හඹායන ඇගේ හදවතත් එක් වීම නම් කදිම හමුවීමක්...මට හිතෙන විදියට ඔබට ගැලපෙනම කෙනා සමගයි ඔබ විවාහ වී සිටින්නේ...බොහෝ අයට ඒ වාසනාව ලැබෙන්නෙ නෑ...

    ඔබ කිව්ව ආකාරයෙන් සහෝදරියක්,යෙහෙලියක්,මවක් වන්නට බිරිදකට හැකි නම් ඒ කුටුම්භය තුල ආර්ථික වපසරිය මහත් සේ පුලුල් නොවුනත් සතුට / ආදරය කියන මහා නිධානය රැකෙන බව මගේ පුද්ගලික අදහස...

    ගීතය ඉතාමත්ම ලස්සනට රචනා වෙලා තියෙනවා...මීට පස්සෙ ගීතයක් සංගීතවත් කරන්න ඔය තරම් වෙහෙසෙන්න එපා...සිරාට කියන්න..මට කලා ලොවත් එක්ක සෑහෙන සබදකම් තියෙනවා...

    එහෙනං නදීෂා අක්කට සුභ උපන්දිනයක් පතන ගමන්...අපේ සොදුරු ත්‍රස්තවාදියා නිසා සුන්දර වෙලා තියෙන මේ කැදැල්ල තව තවත් සුන්දර වෙන්න...සතුට පිරී ඉතිරී යන්න ප්‍රාර්ථනා කරනවා...ජයම වේවා !

    ReplyDelete
  33. නියමම නියමයි දුකා අයියේ.... හිතටම වදින්න තියෙනවා සිංදුව..... මේක නම් මිල කල නොහැකි තෑග්ගක්.....
    නදීෂා අක්කට සුභම සුභ උපන්දිනයක් වේවා කියලා පතනවා!

    ReplyDelete
  34. පළමුවෙන්ම නදීෂට සුබ උපන්දිනයක් වේවා!!!!

    මචං තමන්ගේ බිරිඳව ඔය විදිහට දකීන පුළුවන් පිරිමි ඉන්නේ බොහොම ටිකයි. උඹ ඒ අතින් උතුම් මිනිසෙක්. උඹ දැක්කද මචං මම මගේ බිරිඳ වෙනුවෙන් ලියපු කවිය.

    මම මගේ බිරිඳ වෙනුවෙන් ලියපු කවිය

    ReplyDelete
  35. Keep it up masa. Greate work. Happy birthday Usa akka

    ReplyDelete
  36. උඹ දීලා තියෙන්නේ ලෝකේ තියෙන පට්ටම රොමාන්තික තෑගි වලින් එකක්..,
    හරිම ලස්සනයි..,
    උණුසුම් උපන්දින සුභ පැතුම් ලැබේවා නදීශා අක්කට..!

    ReplyDelete
  37. සිරා සින්දුව.නදීශා අක්කට සුභ උපන්දිනයක් ඈ....

    ReplyDelete
  38. සුබම සුබ උපන් දිනයක් නදීෂා අක්කේ
    දුකා ෆට්ට සෝන්ග් එක මචන්

    ReplyDelete
  39. අපූරු තෑග්ගක්!
    නදීෂා අක්කාට සුභ උපන්දිනක්!

    ReplyDelete
  40. නදීෂා අක්කාට සුභ උපන්දිනයක් වේවා !
    සිංදුව ලස්සනයි..තනි ඇහැට ඇඩෙන්න දීලා තියෙන්නේ... නදීෂා අක්කා සිංදුව අහලා මක්කයි කියුවෙ?

    ReplyDelete
  41. සුභ උපන් දිනයක් නදීශා....
    මචන් වයසට යනකොට රොමෑන්ටික් වෙනවා කියන්නේ මේකට වෙන්නැති නේද? බයි ද වේ වටිනාම ගිෆ්ට් එකක් කෙල්ලෙකුට බිරිඳකුට ලැබෙන්න පුළුවන්...

    ReplyDelete
  42. අන්න තෑගි.. දැන් ඉතිං අපේ අනිත් සැට් එකත් ලියයිද දන්නේ නැහැ සිංදු දිගට හරහට.. :D

    (ලොකුම දේ තමා උඹ මේක ලිව්වට නොකියපු එක.. නැත්තං ඉතිං අක්කටයි අපිටයි කනේ ඇගිලි ගහං තමා අහන්න වෙන්නේ.. :P :P :P )
    දුකීට සුභ උපන් දිනයක් වේවා...!

    ReplyDelete
  43. සුබම සුබ උපන් දිනයක් පතනවා නදීශා. දැක නැතත් අපි ඔබව දන්නේ දුකා මල්ලි නිසා. සෙනෙහෙවන්ත බිරිඳක් ඇති නිවහන කවදාක හෝ සුර පුරයක් මවාවි. ගීයේ පද පෙල තදින්ම හිතට වැදුනා මල්ලී. නෙතට කඳුලක් ඉනුවා මල්ලියේ මේ සටහන කියවලා. ඔබ දෙදෙනාටම වාසනාවන්ත අනාගතයක් පතනවා හද පිරි සෙනෙහසින්.

    ReplyDelete
  44. නදීෂා අක්කට සුභ උපන්දිනයක් වේවා..!!!
    සිංදුව ලස්සනයි.

    ReplyDelete
  45. සුභ පැතුම්!

    දුකාට එදා එහෙම කිව්වට අවුරුදු පහක් ගිහිනුත් මගේ සින්දුව නම් පටන් ගත් තැනමයි!

    මගේ අත්දැකීම අනුව නම් සින්දුව කියන්නම ඕනෑ, ලියාලා, කියන්න පොඩ්ඩක් උත්සාහ කළත් රිටර්න්ස් ලැබෙනවා.

    ReplyDelete
  46. උපරිමයි මල්ලි.. බිරිඳකට මීට වඩා දිය හැකි තෑග්ග කුමක්ද..?
    නුඹේ සොඳුරියට සුබ උපන් දිනයක් පතනවා

    ReplyDelete
  47. නදීශා නංගිට සුභ උපන්දිනයක් වේවායි පතමි. එමෙන්ම සුභාශ් මල්ලී ඇයට ලබා දුන් උපන්දින තෑග්ග, ඇය මින් පෙර ප්‍රතික්ෂේප කල දියමන්ති මාලයට වඩා වටිනා තෑග්ගක් ලෙස මම සිතමි. නදීශා නංගිත් ඇයට ලැබුන තෑග්ග සදා මතකයේ රදවා තබාගනීවියැයි මම සිතමි. විශේෂයෙන්ම සුභාශ් මල්ලීව රෑ බෝ වී ගෙදර ආවිට මෙම වටිනා තෑග්ග සිහිවීවත් එලියට දමා දොර නොවසනු ඇතැයි මම ඉත සිතින් ප්‍රාර්ථනා කරමි. " අපේ කට්ටියේ " අනෙකුත් මල්ලිලාටත් දැන් ඉතින් තම බිරියන්ගේ උපන්දිනයන්ටත් සිංදු තෑග්ගක් දීමට සිදුවන බව අනිවාර්යෙන්ම මා දන්නා බැවින් මෙය ලියන ගමන් මගේ මුවගට සිනා පොදක්ද එක්විය. සුභාශ් මල්ලීටත් මගේ සුභ පැතුම්.

    ReplyDelete
  48. ෂෙහ්...නියමයි අයියේ :)

    අක්කට සුබ උපන් දිනයක් පතනවා...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  49. Wow ,, it sounds amazing as it has a lot of value, ur wife wont be much happier , i think u got her th best b day present

    ReplyDelete
  50. නියමයි අයියේ...


    සුබ උපන්දිනයක් නදීෂා අක්කාට.....

    ReplyDelete
  51. හදවතින්ම ලියැවුණ වටින තෑග්ගක්.. :) ඇත්තටම ලස්සනයි..!

    අක්කට සුබම සුබ උපන්දිනක් වේවා..!!!

    ReplyDelete
  52. මේකේ වටිනාකම වැඩියෙන්ම දැනෙන කෙනා මමද මන්දා ? උඹට මතක ඇති. මේක ත්‍යාගයක්ද නැතිනම් හෘද සාක්ෂිය එලියට දැමීමක්ද මන්දා ? ඇයට කොහොමත් මෙය ත්‍යාගයක් වෙයි. උඹට සැනසුම් සුසුමක් වෙයි. උඹේ පුතාට ආඩම්බරයෙන් මගේ තාත්තා කියන්න පුළුවන් අනාගතයක් තියෙයි.

    සුබ උපන් දිනයක් වේවා !!! නදීෂා නංගිට.

    මේක කියන්න ඕනේ සනත් නන්දසිරිගේ වගේ බර කටහඬකින්. දැන් ඒ හඬ ගෙනියන්න ඉන්නේ කමල් චිත්‍රසේන තමයි.

    ReplyDelete
  53. @පොඩ්ඩී . .
    තැන්කූ තැන්කූ සුභ පැතුම් වලට.

    @නලින් අයියා..
    අපි ඉතිං ඉස්සර නම් මරා ගත්තා .. දැන් වලි ෆුල් ශේප් වෙලා ලව් එකේ ඉන්නේ. .

    @හැලපයියේ
    තැන්කූ ඈ සුභ පැතුම් වලට.

    @කරුමා!
    එල එල මචන්

    @ගමන් මඟේ මඟියා!
    තැන්කූ මචෝ සුභ පැතුම් වලටත් අගය කිරීමටත්.

    @නීනු!
    තැන්කූ වේවා ඈ . .

    @රොෂාන්
    ඔයාටත් ස්තූතියි

    @සහන්!
    හරි මචන් මම ඒක දාන්නම්.
    ස්තූතියි සුභ පැතුම් වලට මචං

    ReplyDelete
  54. @බින්දි!
    සංවේදී නිර්මානය්ක් ඒ කියන්නේ ආ . . තැන්කූ වේවා ඔයාටත්

    @ප්‍රදීප්!
    ස්තූතියි මල්ලී. හරිම සතුටුයි කලෙකට පස්සේ සංවේදී යමක් කල බව අනෙක් අයගෙන් අහන්න ලැබීම.

    @සොරෝ!
    අනිවා අනිවා . . බස් රේඩියෝ එකේ සප් එක අනිවා ඕන.
    අහ් තැන්කූ වේවා ඈ . .

    @ලොකු ජෝන්!
    ස්තූතියි මචන්. .

    @ඇනෝ . .
    ඔයාටත් ස්තූතියි හොඳේ

    @ඩීප්ස්!
    අම්මේ කාලෙකින්ද කොහේද . . ස්තූතියි නංගී . .

    @යසිත්!
    මාර කියන්නේ මාරම මාර . . මේ වලි මේ අනිත් පැත්තට ලව් හික්ස්
    අපි බැඳලා රන්ඩු කරලා පස්සේ තමා ලව් කරන්න ගත්තේ . . :D

    @සීන මාමා!
    තැන්කූ තැන්කූ . . හරි හරි අපි සෙට් වෙලා සින්දුවේ වැඩේ කොරමුකෝ මල්ලී .

    ReplyDelete
  55. උඹ හරිම වාසනාවන්තයි මචන් ලිපිය කියවද්දී ඇස් දෙකේ කඳුළු වැඩි උනා දුකටයි සතුටටයි ඒ වගේම ඊයේ ඉඳන් මට ඇස් අමාරුව හැදිලා නිවාඩු පිට ඉන්නේ... උඹේ ආදරණිය බිරිඳට සුබ උපන් දිනක් පතනවා .... උඹලට දෙයියින්ගේ පිහිටෙන් වරදින් නෑ.... සුබ අනාගතයක්....!!! තව දෙයක් සොඳුරු ත්‍රස්තවාදියාව තව වැඩි කාලයක් තනියම තියන්න එපා.... ඔය හැමදේම කරන ගමන් නදීෂා ට බැරි නෑ විරුල්ට සෙල්ලම් කරන්න ලොකු උනාම බලා ගන්න නංගි කෙනෙක් ගෙනත් දෙන්න මාස තුනෙන් තුනට යන එකේ ඒ ගැනත් හිතල බලපන් අපේ දෙවෙනියා හින්දා ක්ලිනික් ගිය වෙලාවක ඩොකා කිවුවා මොකෝ මෙච්චර කල ප්‍රමාද කලේ කියලා.... මම දැන් නෑ උඹලට කැමති විදිහක් .... තුණුරුවන් සරණින් කරන කියන සියළු දේ සාර්ථක වී සිතුම් පැතුම් ඉටුවේවා කියල පැතුවා ඔන්න.... මේක අන්තිම කාරණය... උඹ දුකාම තමා....

    ReplyDelete
  56. ඇස්වලට කදුලු ආවා... සටහන හරිම සංවේදී.. ගීතය හරිම අගෙයි... ඔයාල දෙන්නම හරිම හොදයි... ආදරණීයයි... පවුලක් නම්.. පවුල් ජීවිතයක් නම් මේ වගේ වෙන්නම ඕන අයියේ...
    නදීෂා අක්කට සුබම සුබ උපන්දිනයක් වේවා... නිදුක් නිරෝගී සුව ලැබේවා...

    ReplyDelete
  57. මුලු ලෝකම තියෙන තරම් භෞතික තෑගි එක පොදියක් හැදුවත් මෙච්චර දැනෙන දෙයක් වෙන්නේ නෑ.. ආඩම්බරයි ඔබ ගැන වගේම මෙහෙම දේකට ඇත්තටම වටින ඔබේ බිරිඳ ගැනත් .. ආදරය තව ගෝනි ගනන් වැඩි වෙලා ඇස්වහක් කටවහක් හෝවහක් නැතුව ජීවත් වෙන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා .. :)

    ReplyDelete
  58. මට හිතුනේ නදීෂා වගේ බිරිඳක් ලබපු උඹත්, උඹ වගේ සැමියෙක් ලබපු නදීෂාත් හරිම වාසනාවන්තයි කියලා. මේ වගේ තෑග්ගක වටිනාකම ජීවිත කාලය පුරාවටම තියනවා. ඒ වගේම උඹලා දෙන්නට ඉක්මනටම එක වහලක් යටට එන්න ලැබෙන්න කියල පතනවා.

    ReplyDelete
  59. නදීෂා අක්කාට සුබ උපන්දිනයක්!!!

    ReplyDelete
  60. සැඟවිලා තියෙන මේ වගේ කුසලතාවයන් එලියට එන බ්ලොග් කෙරුවාවට ස්තුති වේවා.

    නදීෂා, ඔබටත් සුභ උපන් දිනයක් වේවා.

    නිබ්බුත පද කීම දැන් ආරම්භ කල හැක.

    ReplyDelete
  61. වචනයෙන් කියලා නිම කරන්න තරම් බැරි වටින උපන්දින තෑග්ගක්. සිරාම සිරා. අක්කට සුභ උපන්දිනයක් වේවා..!! ඒ වගේම දෙන්න ඇතුළු පොඩ්ඩට හැමදාම සන්තෝසෙන් සැපෙන් ජීවත් වෙන්න වාසනාව ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
  62. පරක්කු වෙලා අවෙ. තාම සින්දුව අහන්න බැරි උනා. ඒත් වචන ටිකයි, උඹෙ කවදත් සුපිරි ලියවිල්ලයි නිසා ඇස් තෙත් උනා කියල නොකියන්නෙ ඇයි. නදීශට සුභ උපන්දිනයක්!

    උඹල දෙන්නට ජය!

    ReplyDelete
  63. කියල වැඩක් නෑ. නියම උපන්දින තෑග්ගක් තමයි දීල තියෙන්නෙ.

    සුබ උපන්දිනයක්, ජය.

    ReplyDelete
  64. සුබ උපන්දිනයක් වේවා නදීෂා !

    ReplyDelete
  65. මෙතන මේ ගැහැණු සතරක් කියනවට වඩා චරිත සතරක් කියල දැම්මත් නරකද ?

    ReplyDelete
  66. ඉඳල හිටල මේ පැත්තෙ ගොඩ වැදිල හොරාට ගියාට අද නම් එහෙම යන්න බෑ.. අය්ය සැමියෙක් බිරිඳකට දෙන්න පුලුවන් උපරිම තැග්ග දීලා තියෙනවා..ලොකු ගෙවල්, කාර් ගොඩකට වඩා මේ වගෙ එක අගය කීරිමක් මුලු ජීවිතේටම ඇති. අක්කට සුභම සුභ උපන්දිනයක් !!

    ReplyDelete
  67. දුකා...
    සැබැවින්ම බිරිඳකගේ උපන් දිනය වෙනුවෙන් සාරියක්, ඇදුමක්, පාවහන් යුගලක්, එහෙමත් නැත්නම් ස්වර්ණාභරණයක් අරන් දෙනවාට වඩා මෙ වැනි තිළිනයක් සමහර වෙලාවට ඇයගේ ජිවිත කාලය පුරාවටම අමරණිය සිහිවටනයක් වේවි.

    මේ නිර්මාණයේ ට්‍රැක් එක හරිම අපූරුයි. ගිතයක් බවට පත්කල හැකිනම් එය අගනාම සිහිවටනයක් වේවි.

    ඇයගේ උපන් දිනයට මමත් පහුවෙලා හෝ සුබ පතනවා.

    ReplyDelete
  68. කියලා වැඩක් නැහැ අයියේ..උපරිමයි. ගොඩක් බිරින්දෑවරු මෙහෙම වෙන්න ඇති. ඒ අයගේ සැමියනුත් ඔබ වගේ වෙනවනම් ඔවුන් ගොඩක් වාසනාවන්තයි.

    ReplyDelete

  69. Duka,
    Gewal-car nathi unata.. mechchra watina thaggak upandineta hamba una wifela nam harima adui.
    writting thi with tears...
    hamadama mea adere thiyend kiyala pathanwa.

    ReplyDelete
  70. පද රචනය නම් පට්ටම පට්ට... සිංදුවනම් ටිකක් රෝ වැඩියි අයියේ,,,,

    ReplyDelete
  71. @පැට්ටා !
    තැන්කූ තැන්කූ පැට්ටා

    @කෙන්ජි!
    ස්තූතියි අයියා.

    @නදිනි!
    මෙහෙම අය අඩුයි කිව්වේ අපි වගේ රන්ඩු වෙවී යාලුවෙන අයද? නෑ නෑ එහෙම අය තමා ඕන තරම් ඉන්නේ . . හික්ස් . .තැන්කූ සුභ පැතුම් වලට නංගී

    @DDT
    රන්ඩු වෙන වෙලාවලුත් නැත්තේම නෑ ඉතිං . . හෙ හෙ හේ තැන්කූ ඈ ඔයාටත්

    @මරේ!
    හා එහෙනම්. හම්බ උනු වෙලාවක මතක් කරපන්කෝ :පී

    @වැම්පා!
    තැන්කූ මචෝ . . උඹ චැට් එකට ආදරෙන් කියලා එවපු කොමෙන්ට් එක තමා කොමෙන්ට් එක හික්ස්

    @රොෂාන්!
    තැන්කූ තැන්කූ මචෝ . . ඉන්-ෂා-අල්ලාහ් . . බලමු බලමු නේ . .

    ReplyDelete
  72. @සචී!
    ඒකනේ බලාගෙන ගියාම මටත් එන්නේ මාර අයිඩියාස් තමා . . හික්ස්

    @තාරක!
    ඔව් ඔව් අපි එහෙමයි. දෙනවනම් මාර ඒවා තමා . . හෙ හෙ හේ හරි හරි විරුල්ටත් කිව්වා
    තැන්කූ ඈ

    @මාතලන්
    අහ් ලතාට සිදුවක් හදපන් නෝනෙට නැති උනත්. මොකෝ නැතිනම් බීල ආපු දාඅක් බොට කොසුපාරවල් දෙකයි . . හික්ස්
    අහ් හොඳ වෙලාට දුකාගේ ඩාලිං කියලා කරෙක්ට් කලේ . . හෙ හෙ හේ

    @හිරු!
    ඒ මොකෝ බන් හෙඩ් සෙට් එකක් ගන්නේ 5 වෙනිදටද? හික්ස්

    @හෂිත!
    තැන්කූ මචං . . ට්‍රයි එකක් දෙන්න ඕන මේක හරියට කම්පීල්ට් කොර ගන්න. . .

    @බීටා!
    තැන්කූ මචෝ . . උඹේ ඉන්ටර්නැශනල් කෝල් එක එනකොට මට දැනුනා උඹට මේක අල්ලලා ගිහින් වෙන්න ඇති කියලා හෙ හෙ හේ . .

    ReplyDelete
  73. @අරවින්ද!
    සුභ පැතුම් වලට ස්තූතියි මල්ලී. . බලමු බලමු හෙමීට මොනව හරි කරන්න . .

    @ශානු!
    ස්තූතියි ශානු ඔයාටත්. අහ් එහෙනම් වෙලා ව තියෙන විදිහට ඇවිත් පරන ඒවත් කියවන්න ඈ . .

    @සිරා!
    අපි වලි බලි නැහ්තෙත් නෑ හැබැයි . . උනේ මුල් කාලේ වලි දාගෙන දැන් වලි වලින් කිසි ගතියක් නැති වෙලා ගිහින් වගේ . . හෙ හෙ හේ තැන්කූ ඈ සුභ පතුම් වලට.
    අපි වෙලාවක කතා කරමු සින්දුවේ වැඩේ ගැන මල්ලී.

    @සමනළී!
    තැන්කූ . . තැන්කූ සමනළී නගේ

    @අයිලාෂ්!
    අහ් බලාගෙන ගියාම අපි දෙන්නටම හිතිලා තියෙන්නේ එකම දේ . . හෙ හෙ හේ . . එල කිරි මචං

    @ඇනෝ-හෂිත!
    තැන්කූ මස්සිනා

    @ලිෂා!
    ඔව් ඔව් පට්ට රොමෑන්ටික් තමා . . . දැන් වලියක් යද්දිත් ලේසි වෙයි රොමෑන්ටික් වලි දාගන්න . . හික්ස්

    ReplyDelete
  74. @දිනුක!
    තැන්කූ ඈ

    @ජනිත්!
    උඹටත් තැන්කූ කිව්වා

    @පූසා!
    හැමදාම එකම දේ දුන්නම ගතියක් නෑනේ බන් . . උඹටත් ස්තූතියි මලේ ඈ

    @ගජිනි!
    අහ් ඇයි තනි ඇහැට ඇඬෙන්නේ අනිත් එකක්ට මක්ක වෙලයි?
    හික්ස්
    "ඒක අහලා ඇඬුනා හලෝ" කිව්වා බන් . .

    @රංගි!
    අඩෝ මේ තාම මැන්ටල් වෙලා නෑ හරිය . . හික්ස්
    තැන්කූ තැන්කූ උඹටත් මේ වගේ තෑගි දෙන එකෙක් ලැබේවා.

    @මාරයා!
    අපි ඒමයි. දෙන්න සුපිරි ඒවා තමා හරිය. ඉතිං මොකෙ බන් වෙන්නේ අනිත් උනුත් ලියපුවාවෙකෝ.
    අහ් හිටුකෝ වෙලාවක තොගේ ගෙදර ඇවිත් බීලා සින්දු කියනවා තොට ගෙවල් අතෑරලා යන්න සිද්ද වෙන විදිහටම . .

    ReplyDelete
  75. @චාන්දි!
    බොහෝම ස්තූතියි අක්කේ. බලමු ලබන සරේ නිවාඩුවේදි බොරලැස්ගමුව පැත්තේ එන්න ලබුනොත් නදීෂාත් එක්කම එන්නම්.

    @කුෂ්!
    ස්තූතියි කුෂාන් මල්ලී ඔයාටත් . .

    @කකා!
    අප්පා අවුරුදු පහක් ඕක පුස් කාලා ඇති බන් . . හික්ස්. ආ එහෙමත් සීන් එකක් තියෙන පෙන්න පෙන්න අගේ කර කර වාසි ලබා ගැනීම. හෙ හෙ හේ

    @දුමින්ද!
    බොහෝම ස්තූතියි අයියේ සුභ පැතුම් වලට.

    @ජෝර්ජ් අයියා!
    "විශේෂයෙන්ම සුභාශ් මල්ලීව රෑ බෝ වී ගෙදර ආවිට මෙම වටිනා තෑග්ග සිහිවීවත් එලියට දමා දොර නොවසනු ඇතැයි "
    සින්දුව සීඩී එකකට ගහලා මාව එලියට දාලා දොර වහලා සීඩී එක ජනේලෙන් එලියට විසි කරයිද කියල මට සැකයි . .
    හෙ හෙ හේ . .
    අයියටත් ස්තූතියි හොඳේ .

    @රජා!
    තැන්කූ තැන්කූ රජෝ
    එහෙනම් උඹටත් සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    @අනෝ!
    "Wow ,, it sounds amazing as it has a lot of value, ur wife wont be much happier , i think u got her th best b day present"
    yes yes she is quite happy about this special gift.
    thank you for your comment . . !!

    ReplyDelete
  76. @හසී!
    තැන්කූ හසී නගා

    @නන්ඳු !
    බොහෝම ස්තූතියි ඔයාටත්

    @සුදීක!
    තැන්කූ තැන්කූ අම්චං සුභ පැතුම් වලට. . කමල් චිත්‍රසේන මම නම් ආසයි අහනන් නයනා සින්දුව කියවා අහුවේඅ ලන්නග්දී සිරා නේහ් . .

    @ලක්ශි!
    උබේ සුභ පැතුම් වලට ස්තූතියි ලකියා. අහ් විරුල්ට නංගි බබෙක් ගන දැන් හිතනන් ඕන තමා. වයස ප්‍රශ්නේ උනේ ඉස්සර කාලේ බන් . . ඒ කාලේ දාසයෙන් විස්සෙන් බැඳලා තිහ වෙනකොට ආච්චිලා වෙලත් ඉවරයිනේ. දැන් කාලේ වෙනස්නේ බන් ඒත් අර නාකි මිඩ්වයිෆ් නෝනලා තාම හිතන්නේ පරන විදිහටම තමා. හික්ස්

    @තරුරසී !
    අපි එහෙමට හොඳ නෑ අයියෝ. . තාමත් හිටි ගමන් මරා ගන්නවා. සිද්ද උනේ බැඳපු මුල් කාලේ මරාගෙන දැන් වලි එපා වෙලා ඉන්න එක මම හිතන්නේ හෙ හෙ හේ . . ස්තූතියි සුභ පැතුම් වලට හොඳේ

    @ලකීරෝස්!
    අප්පා . . ගෝනි ගනන් වැඩි උනොත් අවුල් වෙයිද මන්දා මොකෝ දැන් ගෝනිත් හරිම ගනන් . . හික්ස්
    ස්තූතියි ඈ සුභ පැතුම් වලට

    @තිසර!
    ස්තූතියි තිසර සුභ පැතුම් වලට. ලබන අවුරුද්දේ අන්තිමාට් වත් කඩේ වහලා යන්නයි අදහස බන්.
    බලමු නේහ් . .

    @ජනූ!
    තැන්කූ ජනූ

    @හෙන්රි
    සිරාවටම මේ බ්ලොග් කෙරුවාව නිසා තම දන්නේ මෙහෙම දේවලුත් කරන්න ඇහැකි කියලා . .
    තැන්කූ මචෝ සුභ පැතුම් වලට

    @පැතුම්
    තැන්කූ රයිටර් මලේ උඹටත් . .

    @ඉන්දික උපශාන්ත !
    පරක්කු උනාට මොකෝ බන්. සිංදුව ඇහුවද? ස්තූතියි මචෝ සුභ පැතුම් වලට

    ReplyDelete
  77. @Praසන්ன !
    අපි එහෙමයි හරිද.
    ස්තූතියි ඈ . .

    @ඉවාන් පවුලූශා!
    ස්තූතියි . . !

    @ඇනෝ!
    තැන්කූ තැන්කූ

    @සුදීක!
    බලමු නේද සිංදුව කරපු මාස්ටර් මොකෝ කියන්නේ කියලා.

    @mekuwi!
    අහ් "ලොකු ගෙවල්, කාර් " ඔව්ව නොදී කොහේ බේරෙන්නද හික්ස්
    නෑ නෑ අපි දෙනන්ට පොඩි දේවල් තිබබ් නම් ඇති කියලා අපි දෙනන්ම හිතන්නේ.
    ස්තූතියි සුභ පැතුම් වලට හොඳේ

    @දයානන්ද රත්නායක !
    බොහෝම ස්තූතියි අයියේ. අයියා වගේ සංගීත ක්ශේත්‍රයේ කෙනෙක් කිව්වහම "මේ නිර්මාණයේ ට්‍රැක් එක හරිම අපූරුයි. ගිතයක් බවට පත්කල හැකිනම් එය අගනාම සිහිවටනයක් වේවි." ඒක අනිවාර්යෙන්ම සලකලා බලන්න ඕන කියලා මම හිතන්නේ.

    @සයුරි!
    ගොඩක් අය එක වගේ තමා සයුරි. ඒත් අහ්‍රියට එක එක්කෙනාව අඳුර ගන්න බැරි වෙන එකයි අවුල මම හිතන්නේ.

    @බෝ පැලේ!
    ස්තූතියි ඔයාටත් ගොඩක්.

    @අබීත!
    මේක ෆෝර්න් එකෙන් කරපු රෙකෝඩින් එකක් විතරයි.

    ReplyDelete
  78. ඔන්න අපිත් පරක්කු වෙලා හරි අක්කාට සුභ පතන්න එකතු වෙනවා :D

    ReplyDelete
  79. අඩේ නියමයි අයියේ සින්දුව කාලෙකින් ඔන්ලයින් ඇවිත් බ්ලොගක් බලන්න සෙට් උනේ.ඉක්මනට සින්දුවේ වැඩ ටික ඉවරකරගන්න ලැබේවා කියල මම පතනවා

    ReplyDelete
  80. මචං දුකා,

    නමට දුකා උනාට උඹ නියම වාසනාවන්ත සැමියෙක්. ඒ වාගේම උඹ වගේ එකෙක් ලබන්න නදීෂත් වාසනාවන්තයි. උඹේ මුළු පවුලටම තිසරණ සරණයි!

    ReplyDelete
  81. වාසනාවංත බිරිඳක්. මගෙ ඇස්දෙකට දැකල තියෙනව අනන්තවත් හොඳට සල්ලි තියෙන, ගෙදර වාහන දෙක තුන තියෙන අය පවා ගෙදරදි වගේම පිටදිත් සැමියට හෝ බිරිඳට සලකන්නෙ පිට කෙනෙක් ගානට. ඒ අතිං නදීෂා වාසනාවන්තයි.
    හැබැයි මහත්තෙයෝ සිංදුවක් ලියනවට වඩා වටිනව පුලුවන්නං තුං දෙනාම එකට ඉන්න හදා ගන්න. සල්ලි වලිං දුක වහන්න බෑ. ජීවිතේ තව ටිකක් සරල, වියදං අඩු එකක් කරගත්තොත් තුන්දෙනාට එකට ඉන්න පුලුවං වෙයි නේද?

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails