Monday, March 11, 2013

හවුලේ කැඳත් එපා . . . !


"මචං මට නම් දැන් මේ මගුල් ජොබ් එක එපා වෙලා බන් තියෙන්නේ. උදේ ඉඳන් රෑ වෙනකම් නහිනවා ඒත් මාසේ අන්තිමට අතට හම්බ වෙන සොච්චම දැක්කම මොකටද කියලා හිතෙනවා. මේකෙන් අස් වෙලා පොඩි බිස්නස් එකක් පටන් ගන්නයි මගේ අදහස. හැබැයි මට තනියෙම ඒක කරන්න බෑ. කැමතිද උඹත් ජොයින් වෙන්න. මොකෝ කියන්නේ කැමතිද?" නිශාන්ත දවසක් හවසක අපි සෙට් වෙන්න අනිත් උන් එනකම් අපේ මිතුරු සහන්ලගේ ගෙදර ඉන්න වෙලාවක මගෙන් ඇහුවා.

"කැමතිද අකමැතිද කියන්න කලින් බිස්නස් එක මොකද්ද කියලා කියහන්කෝ. උඹ බ්‍රොතල් හවුස් එකක් දාන්න හදනවද කවුද දන්නේ" මම ගානක් ගන්නේ නැතුව කිව්වා.

නිශාන්ත මගේ යාලුවෙක් උනේ මගේ හොඳම යාලුවෙක් උනු සහන්ගේ හොඳම යාලුවෙක් නිසා. මගේ පිස්සු වැඩ නිසා ඌට මාව අල්ලලා ගියා වගේම උගේ කෙලින් කතාවයි, කියන දේ කරන කරන දේ කියන ගතියයි නිසා මට ඌව අල්ලලා ගිය නිසා අපි දෙන්නත් හෙන ෆිට් උනා.

"මෙහෙමයි මට අයිඩියා එකක් තියෙනවා කොමියුනිකේෂන් එකක් දාන්න. වීඩියෝ සෙන්ටර් එකකුත් එක්ක. නිමේෂ් ලගේ කඩපේලියේ ලොකු අක්කගේ කඩේ බංකොලොත් උනු නිසා වහලා දාලා තියෙන එකේ අපිට පුලුවන් ඒක සාධාරන ගානකට අපිට කුලියට දෙන්න කියලා ඉල්ල ගන්න. ලොකු අක්ක උඹත් එක්ක ෆිට් නිසා Key money නැතුව දෙන්න කියලා උඹට කියන්න පුලුවන්නේ"

"ම් ම් ම් ම් වැඩේ නම් හොඳයි වගේ. එතකොට උඹේ ජොබ් එක?"

"ඒකෙන් අස් වෙනව බන්. අපි දෙන්න හවුල් වෙලා කලොත් උඹ ඔෆිස් ගිහින් ආවට පස්සේ ශොප් එක බල ගන්න පුලුවන්නේ. ඒ වෙලාවට මට පුලුවන් මගේ ගෲප් ක්ලාස් ටික කරගෙන යන්න. දැන් කරන රස්සාව නිසා මගේ ටියුෂන් ගෝලයෝ ටික සහෙන්න හැලුනා බන්. වෙලාවක් නැති කම නිසාම."

නිශාන්ත විද්‍යා උපාදිධාරියෙක්. දක්ෂ ගණිත ගුරුවරයෙක්. ගෙවල් වලට ගිහින් ප්‍රයිවෙට් ටියුෂන් කරලා හොඳ නමක් හදාගෙන තිබුනා උගේ ගෙවල් පැත්තේ. උගේ ගෙවල් තිබුනේ අපේ ගෙවල් හරියේ ඉඳන් කිලෝමීටර් 2ක් විතර එහාට වෙන්න. උපාධිදාරීන්ට තරුණ අරුණ වැඩසටහන යටතේ ලබා දුන්නු  රැකියාවක් ඌ මේ කාලේ කර කර හිටියේ. ලොකු ආයතනයක විධායක රැකියාවක් ඒත් පඩිය හෙන අඩුයි. ට්‍රේනීස්ලා කියලා රෑ දවල් නැතුව මරෝ මරෝ වැඩ ගන්නවා කියලා නාහෙන් අඬ අඬා හිටියේ.

"ජොබ් එකෙන් අයින් වෙලා බිස්නස් එකකට බහින එක රිස්කි නැද්ද" මම කවදාවත් බිස්නස් කරලා නැති නිසාටත් වඩා අපේ තාත්තා බිස්නස් කරලා නා ගන්න හැටිත් අපිත් ඒ හින්දම දන්න කාලේ ඉඳන්ම කන පරිප්පුවේ රස දන්න නිසාත් මම ඇහුවා.

"නෑ බන් ශාමිලා ත් සිංගපූර් ඉඳන් සල්ලි එවන්නම් කිව්වා හදිසියක් උනොත්"

උගේ කෙල්ල ඒ කාලේ සිංගපූර් වල හොස්පිට්ල් එකක නර්ස් කෙනෙක් විදිහට වැඩ කලේ. මට තාම සෙට් වෙලා තිබුනේ නැති උනාට සහන් කිව්ව විදිහට හෙන understanding වගෙම ජොලි පොරක්ලු.

"හරි මම සෙට් වෙන්නම්, හැබැයි මගේ ඩිසයින් ඔෆිස් එක දාගන්න පොඩි ඉඩක් මටත් ඕන." නිශාන්තයා ගැන දන්න නිසා ත් මොකක් හරි අලුත් දෙයක් කරන්න ඕන කියලා මමත් හිත හිතා හිටි නිසාත් මම වචනේ දුන්නා.

ඒ කාලේ මම ජොබ්ස් තුනක් කලා (මේ 1998 - 1999 කාලේ)

කටුනායක එයාර්පොර්ට් එකේ ප්‍රොජෙක්ට් එකක කන්ට්‍රැක්ටර් කෙනෙක්ගේ කම්පනි එකට ජොයින් උනේ QS පාර්ට් එක විතරයි මට කරන්න තියෙන්නේ කියලා. ඒ උනාට මුලු ප්‍රොජෙක්ට් එකම manage කරන්න උනේ මට තනියෙම. මාදිවෙල ඉඳන් උදේ හවා කටුනායක යන එකත් මට එපා වෙලා හිටියේ.

මගේ කලින් boss එයාගේ projects ඔක්කොම වගේ ක්ලෝස් කරලා බොස්වානා ගියා ජොබ් එකකට. එතකොට එයා කර කර හිටපු ලංකාවේ හෙන ලොකු පොරක්ගේ ගේ renovate කරන project එක මට බාර දීලා ගියා cost management පාර්ට් එක කරන්න කියලා.

ඊට අමතරම මම free lance designer කෙනෙක් විදිහට ගෙදර ඉඳන් AutoCAD යූස් කරලා හවුස් ඩිසයින්ස් කර කර හිටියා.

ඕවා මේවා නිසා වැඩකට ඉන්වෙස්ට් කරනවනම් කරන්න මට සල්ලි හොයා ගන්න අමාරු උනේ නෑ.

මගේ යෝජනාවට නිශාන්තයා කැමති උනා. අපි වැඩේ පටන් ගත්තා.

නිමේෂ්ලගේ ලොකු අක්කා හෙන අඩු කුලියට අපිට කඩේ දුන්නා.

Interior Design කලේ මම මයි.
 
තාත්තගේ Project එකකින් ඉතුරුවෙලා MDF Board,  2x2 රීප්ප හෙන ගොඩක් අපේ ගෙදර මිදුලේ ගොඩ ගහලා තිබ්බා (MDF බෝර්ඩ්ස් නම් ගෙදර ඇඳන් යට). අපේ වැඩේට ඕන කරන තරම් මැනලා අරගෙන ගියා.
 
වඩු වැඩ වලට වඩ්ඩෙක් අල්ල ගත්තට ගෝලයගේ ලී කපලා කොටලා එහෙම දෙන වැඩේ කලේ අපි අපිමයි.
 
කඩේටයි Furniture වලටයි ගාන පාට ඩියුලක්ස් color palate  එකෙන් සිලෙක්ට් කලෙත් මම. තාම මතකයි ඒ කලර් එකේ නම "රිවීරා" පීකොක් බ්ලූ වලට කිට්ටු පාටක්.
 
මම Barefoot ගිහින් මැච් වෙන රෙදි අරන් ආවා කුෂන් වලට.
 
ඔක්කෝම ප්‍රොෆෙෂනල් ජාතියේ වැඩ වලට ප්‍රොෆෙෂනල්ස් ලගේ සේවය ලබා ගන්න ඕන කියලා යෝජනා කලේ මම. නිෂාන්තයා කැමති උනා.
 
කුෂන් ටික ටේලර් කෙනෙක් ලව්වා මස්ස ගත්තා.
 
ඇලුමිනියම් වැඩ ඇලුමිනියම් වැඩ්ඩෙක් කලා.

යකඩ පුටු, ස්ටූල්ස් වෙල්ඩින් ශොප් එකකින් හදෝ ගත්තා.
 
නේම් බෝර්ඩ්, වීදුරුවල කරන ග්‍රැෆික් වැඩ ඒ වැඩ කරන පොරවල් සෙට් එකක් කලා.

ස්ප්‍රේ painter කෙනෙක් පේන්ටින් වැඩ කලා
 
ගොඩක් උන් Free කරලා දෙන්න ලෑස්ති උනා "අඩෝ උඹේ වැඩකට සල්ලි ගන්නේ කොහොමද" කියලා.

"යාලුකම් වෙනයි බිස්නස් වෙනයි. යාලුවෙක්ට උනත් නිකම් වැඩ කරලා හම්බකරන් කන රස්සාව බාල්දු කරන්න එපා මචන්" කියලා මම හැම එකාටම සාධාරන ගනන් ගෙව්වා.

බොහොම ලස්සනට අපි වැඩේ පටන් ගත්තා.
 
ශොප් එකට ආපු හැම කෙනාම කිව්වේ "අඩෝ මේක ගමේ බස් හෝල්ට් එක තියෙන හංදිකට මීටර් 50ක් විතර දුරින් තියෙන ශොප් එකක් නෙමේ shopping complex එකක තියෙන ශොප් එකක් වගේනේ" කියලා.

"ඔක්කෝම මුගේ වැඩ තමයි" කියලා නිශාන්තයා මාව පෙන්නුවහම හීනි ආඩම්බරයක් දැනුනට,

"නෑ මම කලේ පොඩි පාර්ට් එකක් විතරයි මචං . . . ලොකුම වැඩ කොටස කලේ, කරන්නේ මූ තමයි" කියලා නිශාන්තයාව පෙන්නලා වැඩේ නියම අයිති කාරයට ක්‍රෙඩිට් එක අරන් දෙන්න මම පොඩ්ඩක් වත් පස්ස ගැහුවේ නෑ.

අපි හෙන ස්ටෑන්ඩර්ඩ් එකට වැඩේ කරගෙන ගියා - වැල ෆිල්ම් කිසි දෙයක් නෑ. තිබුනත් ඒවා ෆිට්ම යාලුවන්ට ෆ්‍රී දුන්නා මිසක් බිස්නස් එකට අදාල කර ගත්තේ නෑ. 

ටෙලිෆොර්න් බූත් දෙක ඇතුලේ ෆෑන් හයි කරලා දොරවල් ෆුල් සීල් කලා අනිත් අයට conversation ඇහෙන්නේ නැති වෙන්න.

උදේ වැඩට යන මම ගෙදර ආපු ගමන් අම්ම උයල තියෙන දෙයක් කාලා දුවන්නේ ශොප් එකට.

ශොප් එකේ ඉස්සර කෑල්ලේ මගේ කොම්පුටර් එක තියාගෙන මම මගේ ෆ්‍රී ලාන්ස් House Planing සහ Estimation වැඩ කරගෙන ගියා.

මාව හොයාගෙන ආපු මගේ clientsල ට ගෙදරට එනවට වඩා මෙතන ලේසි උනා.

බස් හෝල්ට් එක තියෙන හංදිය හවස 6න් පස්සේ මැස්සෙක් වත් නැති තැනක් වෙද්දී නිමේෂ්ලගේලොකු අක්කගේ කඩේ ලඟ කොල්ලෝ සෙට් වෙන තැනක් උනා.

නිමේෂ්ගේ පොඩි අක්කයි ලොකු අක්කයි ත් එතනම හිටි නිසා කෙල්ලෝ උනත් එතන සෙට් වුනා.

මම ගමේ ඒ තරම්ම ජනප්‍රිය චරිතයක් නොවුනත් ප්‍රියමනාප චරිතයක් වෙලා හිටියා කියලා දැනුනේ "මල්ලී උඹ ඉන්න වෙලාවට තමා වැඩිපුර කට්ටිය මෙතන සෙට් වෙන්න කැමති" කියලා පොඩීයි, ලොකූයි කිව්ව නිසා තමයි.

සමහරවිට ඒ අපේ තාත්තගේ වගේ උස් පහත් බේදයක් නැතුව හැමෝම එක්ක හිනා වෙලා වචනයක් හරි කතා කරන පුරුද්ද නිසා වෙන්න ඇති.

නිමේෂ්ගේ හොඳම යාලුවෝ සෙට් එකත් අපිත් එක්ක හෙන ෆිට් උනා.

වැඩේ නැගලා ගියා. හැමදාම රෑ වෙනකම් කඩේ ඇරගෙන ඉඳලා නිමේෂ්ගේ සෙට් එක්ක එක්ක කොහේ හරි ගිහින් අඩියක් ගහලා ගෙදර එන්නේ දෙගොඩ හරි ජාමේ.

මගේ යාලුවෝ සෙට් එකට දිරෙව්වේ ම නෑ මේ වැඩේ. ඒත් මම හෙන සතුටක් ලැබුව නිසා ගමේ යාලුවෝ සෙට් දෙකම බැලන්ස් කරගෙන වැඩේ කරගෙන ගියා.

අක්කා කසාද බැන්දට පස්සේ හොරු ගෙනිච්චා වගේ උනා මස්සිනා එයාට අපේ ගෙදර එන්න දුන්නේ නැති එකෙන්. නංගිත් බැඳලා ජැපෑන් ගියා. තාත්තා මහ රෑ දෙකක් දාගෙන ගෙදර ඇවිත් තියෙන දෙයක් කාලා අම්මටයි මටයි බැනලා නිදා ගන්නවා. වැඩේ පටන් ගන්න මුලදී අම්මා මගේ උනන්දුව දැකලා ෆුල් සපොර්ට් එක දුන්නට ඉස්සර ඉඳන් කරගෙන ආපු අපි දෙන්නගේ හරබර සංවාද මන්ඩපය (කියවපු කෙටිකතාවක, නවකතාවක, අහපු සින්දුවක, බලපු ටෙලියක, ෆිල්ම් එකක ගුනා ගුන සංවාද; දේශපාලන සාකච්ඡා; අහල පහල ඕපා දූප) නතර කරන්න උනායින් අම්මත් මේ වැඩේට පස්සේ ඒ තරම් කැමැත්තක් පෙන්නුවේ නෑ. ඒත් ලොකු බල කිරීමක් කලේ නෑ.

සෑහෙන කාලයක් ඔහොම කරගෙන ගියා. 

මම සාමාන්‍යයෙන් වැඩක් කරද්දී හරිම උද්යෝගිමත්. මම හිතන්නේ ටිකක් ඕනවට වඩා උද්යෝගිමත්.

මට ඕන වුනේ නෑ අපේ බිස්නස් එක එක තැන පල් වෙනවට. මට ඕන වුනා ටික ටික දියුනු කරන්න. මම යෝජනා ගෙනාවා නිශාන්තට.

"මචං අපි ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් අරගෙන හයි කොලිටි ප්‍රින්ටර් එකකුත් අරගෙන ටයිප් සෙටින්ග් වැඩ එහෙමත් පටන් ගමු. ඇඹුල්දෙනිය හන්දියේ වත් එහෙම වැඩක් කර ගන්න තැනක් නෑ"

"එහා පැත්තේ කඩ කෑල්ලත් නිකම් වහලා තියෙන එකේ ඒකත් ඉල්ලගෙන ස්ටේෂනරි ශොප් එකක් දාමු. වැඩ කරන්න අපි දන්න කියන කෙල්ලෙක් ගමු"

ඒත් නිශාන්තට ඒ ගැන ලොකු උවමනාවක් තිබ්බේ නෑ. ඌගේ කෙල්ලත් සල්ලි එව්වා, ටියුෂන් වලින් පොඩි ගානක් හම්බ උනා. ශොප් එකෙන් සාමාන්‍ය ලාබයක් හම්බ උනා. ඌට එතනින් එහාට බිස්නස් එක දියුනු කරන්න ඕන උනේ නෑ.

මට Rat Race එකක් දුවන්න ඕන උනේ නෑ. ඒත් ඉතිං මිනිසා කියන්නේ උද්යෝගිමත් සත්වයෙක්නේ. අනික මට ඒ සත්වයට තියෙන්න ඕන කරන උද්යෝගිමත් කියන ගුනාංගේ වැඩියෙනුත් එක්ක තිබ්බනේ . . 

මට ඕන උනේ අලුත් දෙයක් කරන්න. 

සමහර විට ලොකු බුක් ශොප් වලට ගිහින් පොත්වල නියම ගාන වගේ දෙගුනයක් ගෙවන අපේ අසල්වාසී දන්න කියන පාරිභෝගිකයින්ට සහනයක් සමඟ අපිටත් යමක් ලැබෙන දෙයක් කරන්න. 

ලියුමක් ගහගන්න හතර අතේ දුවන අයට ලාබෙට ලස්සනට අපේ designing දැනීමයි, නීට් එකට යමක් කරන හැකියවයි භාවිතා කරලා අනිත් අයට quality product එකක් දෙන්න.

"තාම අවුරුද්දක් විතරනේ මචං පටන් අරගෙන . . හදිසි වෙන්නේ නැතුව අපි හෙමීට අලුත් බිස්නස් ඇඩ් කරමු. අනික රිස්ක් එකක් ගන්න ඕන නෑනේ මචං . . මේ හම්බ වෙන ගාන ශේප් කරගෙන යන්න ඇතිනේ." නිශාන්තයාගෙන් බිස්නස් ඩිවෙලොප්මන්ට් ගැන අහන අහන සැරේට කිව්වේ ඕකමයි.

"ඒත් අපි ඉන්වෙස්ට් කරපු ගානයි මහන්සියයි බලද්දී මේ ඩිවෙලොප්මන්ට් එක මට නම් මදි මචන්. අනික දැන් කස්ටමර්ස්ල ත් ගොඩක් අය මොබයිල් එහෙම ගන්න නිසා කෝල්ස් ගන්න එනවා අඩුයි. අපි අපේ බිස්නස් ලයින් එක වෙන වෙන පැති වලට අරන් යන්න ඕන දියුනු වෙන්න නම්. අනික එක තැන පල් වෙද්දී මට ත් මේ වැඩේ ගැන තියෙන උනන්දුව අඩු වෙනවා මචං" මම කොහොමත් කියන්න තියෙන දේ කෙලින් කියනා එකා නිසා කම් අ ගෝ චිකාගෝ කියලා කියලා මට කියන්න ඕන ටික දැම්මා.

"උඹ රස්සාවෙන් අයින් වෙලා බිස්නස් එකට ජොයින් වෙයන්කෝ" නිශාන්ත නිතරම කිව්වා.

"පිස්සුද ඒක මොන බොරු වැඩක්ද? මට දැන් මේ රස්සාවල් තුනෙන් හම්බ වෙන සල්ලි වලින් බිස්නස් එක දියුනු කරන්න පුලුවන්. ඒවයින් අයින් උනොත් බිස්නස් එකට ඉන්වෙස්ට් කරන්න සල්ලි කෝ. මම මේ කරගෙන යන රස්සාව කරන ගමන් බිස්නස් එක දියුනු කරන්න සල්ලි දාන්නම්. නය අරගෙන හිර වෙලා බිස්නස් කරන්න ඕන නෑනේ එතකොට" දුවන මුවන් දැකලා මහන්සියෙන් නෙලා ගත්තු පලා ටික බිමට හලන ජාතියේ වැඩ, විදුලිය එලිය දැකලා ගිනි හුල ලිපේ දාන ජාතියේ වැඩ කරන්න මට ඕන උනේ නෑ.

ලොකු රන්ඩු සරුවල් නොවුනට නිතර ම අපි අතරේ වාද විවාද ඇති උනා.

බිස්නස් එක ඉදිරියට ගෙනියන මගේ ඉදිරියට දැක්මයි, ඒක එක තැන පල් වෙන්න අරින නිශාන්තගේ දැක්මයි එක්ක මේ හවුල් බිස්නස් වැඩේ තව දුරටත් කරගෙන යන්න බෑ වගේ මට දැනුනා.

කියන්න ඕන ටික මම ඌට පැහැදිලි කරලා කිව්වා.

"මචං උඹයි මායි කඹ අදිනවා වගේ උඹ එක පැත්තකටයි මම එක පැත්තකටයි ඇද ඇද මේ බිස්නස් එක කරන්න බෑ"

"කරනවනම් හරියන්න හරි වරදින්න හරි කියලා අපි දෙන්නම එක තැනක ඉන්න ඕන."

"මේ බිස්නස් නිසා උඹෙයි මගෙයි යාලුකම නැති කර ගන්න ඕන නෑ. "

"උඹ වැඩේ තනියෙම කරගෙන පලයන් මචන්. මම මගේ ෆුල් සපෝර්ට් එක දෙන්නම්. "

"බිස්නස් එකේ මගේ ශෙයාර් එක ගනන් හදලා පුලුවන් නම් ටික ටික දීපන්"

"නැතත් අවුලක් නෑ. බිස්නස් එකක් පටන් ගන්න හැටි, කරගෙන යන හැටි, එන ප්‍රශ්න වගේ ප්‍රායෝගික දේවල් ගැන මම මේ ඉගෙන ගත්තු පාඩම ඒ ගානට වඩා මට වටිනවා"

ශොප් එකේ තිබ්බ මගේ කොම්පුටර් එකත් අරගෙන මම ගෙදර ආවා.

මගේ කාමරේ ඉඳගෙන මම කොම්පියුටරේ වැඩක් කර කර ඉන්නැත්දී අම්මා ඇවිත් දොර රෙද්ද දොරට උඩින් දාලා මාව පේන තැනකට වෙලා පත්තරයක් කියවන්න ගත්තා.

ටික වෙලාවකින් මම අම්ම දිහා බැලුවා.

"හවුලේ කැඳත් එපා කියන්නේ ඕකයි පුතේ . . . " අම්මා මූනේ ලාවට සතුටු හිනාවක් රඳවගෙන කිව්වා.

මම අම්ම හිටිය පුටුව පිටිපස්සෙන් ගිහින් බෙල්ල වටේට අත්දෙක දාලා අම්මගේ මූන ඉම්බා.

Pic From : http://ltmdraw.blogspot.ae/2010/09/illustration-friday-proverb-too-many.html

46 comments:

  1. සහතික ඇත්ත. අපේ මස්සිනාටත් ඔය සන්තෑසිය අවුරුදු 12 ක් ගත උනාට පස්සේ මේ අද ඊයේ උනා. හවුලේ කැද එපාම තමා.. කවදාහරි කැද වෙනවාමයි...

    ReplyDelete
  2. {....ගොඩක් උන් Free කරලා දෙන්න ලෑස්ති උනා "අඩෝ උඹේ වැඩකට සල්ලි ගන්නේ කොහොමද" කියලා.

    "යාලුකම් වෙනයි බිස්නස් වෙනයි. යාලුවෙක්ට උනත් නිකම් වැඩ කරලා හම්බකරන් කන රස්සාව බාල්දු කරන්න එපා මචන්" කියලා මම හැම එකාටම සාධාරන ගනන් ගෙව්වා....}

    මේ කතාවනම් සම්පූර්ණ ඇත්ත. දුකා මට ඒක ක්‍රියාවෙන්ම ඔප්පු කරල පෙන්නුවා.

    ඒක නෙමෙයි ලොකු අයියේ. මොකෝ එක පාරටම මේ වගේ පොස්ට් එකක් දාන්න හිතුනේ. කවුරුහරි Virooz එකට සෙට් වෙන්න ඇහැව්වද?

    ReplyDelete
  3. හප්පේ කතා කරන්න එපා.. මාත් පොරි හැලෙන්න බැට කාපු එකෙක්. ඒත් බොකුත් ඉන්නවා මචෝ. ඇතිදා වගේම නැතිදාත් ලඟින් ඉන්න. අන්න උනුයි නියම යාළුවෝ..

    ReplyDelete
  4. මම තාම ඒ පාඩම ඉගෙන ගෙන නෑ.. ඒත් හරියන කෙනෙක් නොවුණහම නම් ප්‍රශ්න එනවා තමයි.. හවුල් කාරයා තෝරා ගනිද්දී පරෙස්සම් වෙන්ට ඕන..

    ReplyDelete
  5. හෆොයි හසිත මල්ලී. .

    විරූස් එක තනිකරම ලොකු හවුලක්.

    මේක මේ මගේ පරන අත්දැකීමක් මතක් උනු නිසා ලිව්වා.

    විරූස් එකේ හවුල් කාරයෝ ඔක්කෝම තම තමන්ගේ කොටස උපරිමයෙන්ම කරන එකම පවුලේ අය වගේ ඉන්න අය.

    එකම පවුලක අය එක්ක කරන බිස්නස් හවුල් බිස්නස් කියන්න බෑ නේ බන්.

    ReplyDelete
  6. යාලුවො එක්ක ණය ගනු දෙනු / හවුල් ව්‍යාපාර = ‍යාලු කමේ අවසානය

    ReplyDelete
  7. දුකා අයියේ,
    මම හිතුවේ විරූස් එක අයිය තනියම කරනවා කියල.බිස්නස් එකක් කරන්න මගෙත් අදහසක් තියෙනවා.හවුලේ කරන්න පොඩි බයක් තියෙනවා.ඒත් එහෙම නොකර තනියම කරන එකත් අමාරුයි.විරූස් එකේ අත්දැකීමෙන් අපටත් උපදෙස් ටිකක් දෙන්න පුලුවන්නම් හොඳයි.

    ස්තුතියි.

    ReplyDelete
  8. ම්ම්ම් හවුලේ කැදත් එපා තමයි, සමහරවිට අයියා සේවකයෙක් අරගෙන ඔය වගේ බිස්නස් එකක් ඒ කාලේ කලා නම් දැන් ගොඩාක් දියුණු වෙලා තියේවි..කමක් නෑ දැන් ඔය හොද සිරියාවන්ත බිස්නස් එකක් තියෙන්නෙ,,,

    ReplyDelete
  9. කොච්චර එකට හිටියත් තමං එක්ක බොක්කෙන්ම ෆිට් වෙලා ඉන්න යාලුවො හොයාගන්න හරි අඩුයි. පොඩි දෙයක් හින්ද අතඇරල යන, වෙනස්වෙන කට්ටිය තමයි ගොඩක් ඉන්නෙ.

    මේ වැඩේ හින්ද තමං කරන රැකියාව අත ඇරියෙ නැති එකනං ලොකු නුවනක්කාරකමක්.

    ReplyDelete
  10. බොහොම හරි කතාව... හවුල් ව්‍යපාරවලට යනවනං මුලින්ම ඒ ගැන යාලුකම් අමතක කොට ගිවිසුම්වලට එළැබිය යුතුමයි.

    ReplyDelete
  11. ඒක නම් ඇත්ත තමයි. අපේ අයියා කෙනෙක්ටත් ඔය වගේ වැඩක් වුනා.... අන්තිමට අතින් පාඩු විදගෙන පැත්තකට වුනා.

    ReplyDelete
  12. බිස්නස් ප්ලෑන් එකක් හදලා මුලින්ම එකඟ වුණා නම් හරි.

    ReplyDelete
  13. පරන දුකා ආයෙත් මතු වෙලා.....!

    මොකක් හරි හේතුවක් නැතිව උඹෙන් මේ වගේ පෝස්ට් එකක් වැටෙන්නෙ නෑ....!

    අර නිධාන කතාවක් නැතිව ධම්ම පදය ගාථාවක් තියෙන්න බැරිවා වගේ.....!

    ReplyDelete
  14. කර කර හිටපු ජොබ් එකෙන් අයින් වෙලා අලුත් වැඩක් ප්ලෑන් කර කර ඉන්න වෙලාවෙ මේක වටින පෝස්ට් එකක් :)

    ReplyDelete
  15. හවුලට හරියන්නේ මිනිස්සු සිය දෙනෙක්ගෙන් එකෙක්.. නෑයෝ, ‍යාළුවෝ, සහෝදර සහෝදරියො එක්ක නම් ඕනම නෑ... මැයි මාසේ පහුවෙලා ලියමු මේ ගැන...

    ReplyDelete
  16. සමහර වෙලාවට ඔහොම හවුලේ කරන බිස්නස් පටන් ගන්න යනකොට අපි ළඟින්ම ඉන්න අය ඒකෙ අන්තිම ප්‍රතිඵලය ගැන ඉව වැටෙන නිසා හරි, එහෙම අත්දැකීම් තියෙන නිසා හරි ඒකට අකැමැති උනත් ඒ බව කියන්න යන්නෙ නෑ ... කරලාම තමයි බලන්න ඕන... එහෙම නොකළා නම් පස්සෙ කවද හරි හිතෙන්නත් ඉඩ තිබ්බ අපරාදෙ අර වෙලාවෙ ඒ බිස්නස් එකට හවුල් නොවුනෙ කියල... කොහොම උනත් ඒ අත්දැකීම් දුකාට විරූස් පටන් ගනිද්දි නොසෑහෙන්න උපකාරී වෙන්න ඇතියි කියල හිතනවා....

    ReplyDelete
  17. සමහරවිට අර යාළුවා දුකා අයියා බිස්නස් එක දියුණු කරගෙන උටම කොකා පෙන්නයි කියලා පොර බය වෙන්න ඇති...සල්ලි එක්ක ගනුදෙනු කරනකොට පරිස්සම් වෙන්න ඕනි..රැවුලයි කැඳයි දෙකම බේර ගන්න ඕනෙ..සල්ලිත් ඕනි යාලුකමත් ඕනි.

    ReplyDelete
  18. හවුලෙ වැඩ ඕනැම නෑ....තනියම කරල පාඩුවුණත් මොකද

    ReplyDelete
  19. හවුල් වැඩ බොහෝ විට අවුල්..! :)

    ReplyDelete
  20. දුකා උඹ දැන් ප්ලෑන් අඳින වැඩේ කරන්නැද්ද..?

    ReplyDelete
  21. @දේශකයා!
    මේක මචං 1998-1999 වුනු සීන් එකක්. හැම ජොයින්ට් බිස්නස් එකක්ම කෙලවෙලා යන්නේ නෑ මචන්. අනිවාර්යෙන් පාර්ටීස් අතරේ එකඟතාවයක් තියෙන්න ඕන මොනවද කරන්නේ කියලා.
    මම වගේ හදිසි කාරයෝ හිටියොත් ඉතිං සොරි තමා හික්ස්

    @මාතලන්!
    අනිවාර්යෙන් මචං . .
    එහෙම සිරාවට කරගෙන යන්න නම් බොක්කක් වගේම කරන උන් අතරේ මුලින්ම ඇති කර ගත්තු එකඟතාවයන් සහ ඒ එකඟතාවයන් නොකඩා කරගෙන යන්න විස්වාසේ තියෙන්න ඕන මචං.

    @චතුර!
    හවුල් කාරයා තෝර ගනිද්දි ට වඩා හවුල ඔපරේට් වෙන විදිහ ගැන සැලකිලි මත් වෙන්න ඕන නැති උනොත් හබක් තමා . .

    @කල්හාර!
    එහෙමත් නෑ බන් . . හවුලේ සෙට් වෙලා දෙතුන් ගොල්ලෝම ගොඩ ගිහින් චිරාත් කාලයක් හිතවත් කමත් හවුල් බිස්නසුත් තියාගෙන ඉන්න අය ඕන තරම් ඉන්නවා.

    @ඇනෝ!
    නෑ මම තනියෙම නෙමේ කරන්නේ.
    මම කරන්නේ මාකටින් වැඩේ විතරයි. ප්‍රඩක්ෂන් මගේ ගෙදර උන්දෑ. ග්‍රැෆික්ස් සහ ෆොටෝග්‍රැෆි මුලින් කුෂාන් කලා දැන් ලිෂාන්, පෝස්ට් ලිවීම එඩිට් කිරීම සචී සහ රොජර් කියලා යාලුවෝ දෙන්නෙක්, ෆැක්ටරි එකට ප්ලේස් එක වයිෆ්ගේ මල්ලිගේ, ප්‍රඩක්ෂන් වලට කාල වෙලාව අරන් දෙන්නේ වයිෆ්ගේ අම්මයි අප්පච්චියි, සල්ලි හදිසි වෙලාවට ලෝන්ස් දෙන්නේ මගේ නංගී . . . ඒකයි මම කිව්වේ අපේ එක ෆැමිලි බිස්නස් එකක් කියලා.

    ReplyDelete
  22. දුකා උබලට තමා හවුලෙ කන්න බැරි. බලපං අර සහෝදරයෝ සැට් එක අගේට කන්නේ රටම එක දෝතට අරන්..

    :)

    මම විහිළු කලාට ඇත්ත කතාව බං. !

    ReplyDelete
  23. මේක පැරණි වැරදි මිත්‍යා මතයක් හවුල් ව්‍යාපාර කරන්න කවුරුවත් බය වෙන්න ඕනෑ නැහැ හැබැයි හරියට සැලසුම් කල යුතුයි අනිවාර්යයෙන්ම Sri Lanka Companies Act No 7 of 2007 යන කොම්පැනි පනතට අනුව හවුල් ව්‍යාපාරයක් වශයෙන් ලියාපදිංචි කරලා පටන් ගන්න. අපි බ්ලොග් ලියන ගුගල් එක පවා මිතුරන් දෙදෙනෙක්ගේ හවුලේ පටන් ගත්තු දෙයක් නේ...

    ReplyDelete
  24. @නදිනි!
    අපෝ නෑ එහෙම කරන්න කිසිම උවමනාවක් තිබ්බේ නෑ නංගී.
    සීසර්ගේ දේ සීසර්ම තියා ගන්න කියලා මම හිත හොඳින් අයින් උනා. ඒකෙන් තාමත් අපි හිතවත්.

    @නලින්!
    මෙහෙමයි නලින්, යාලුකම් හිතවත්කම්, නෑදෑකම් වෙනයි ව්‍යාපාර වෙනයි.
    පටලව ගන්න ගියාම තමයි අවුල් වෙන්නේ.
    අරය මගේ අහවලා වෙලත් මෙහෙම කිව්වනේ අරෙහෙම කිව්වනේ කියල.

    @සමනළී!
    මගේ සීන් එකේදි නම් ලොකු පාඩුවක් උනේ නෑ. ඊට වඩා මට ඒ අත්දැකීමේ වටිනාකමක් තිබ්බා. සමහර විට දැන් කරන එකේදි පිලිවෙලට කරන්න ඒ අත්දැකීම පිටුවහලක් උනා වෙන්නත් ඇති.

    @කකා!
    ඇත්ත කකා . . ඒ කාලේ ඒක දැනගෙන හිටියේ නෑ ඇත්තෙන්ම. ඔහේ මොනව හරි කරන්න උවමනාවට කලා මිසක්.

    @දුමී!
    මේ දවස් වල අපේ බිස්නස් එකේදි හිටි ගමන් එක එක ඒවට වාද විවාද වෙද්දි අහම්බෙන් මතක් උනා බන් දැනට අවුරුදු 13කට 14කට කලින් වෙච්චි සීන් එකක්. හික්ස්

    @සාතන්!
    අඩේ මල්ලී . . ඩිසපොඉන්ට් වෙලා වැඩේ අතෑරලා දානවා එහෙම නෙමේ හරිය.
    පිලිවෙලකට බිස්නස් ප්ලෙන එකක් හදන්න.
    පස්සේ ඒක වීක්ලි මොනිටර් කර කර වැඩේ කරගෙන යන්න
    එතකොට අවුලක් වෙන තැනකදී කලින්ම අවුල හොයාගෙන ව්සඳුම් දීලා වැඩේ සුපිරියට කරගෙන යන්න ඇහැකි.

    @අභීත !
    "මැයි මාසේ පහුවෙලා ලියමු මේ ගැන.."
    ඕකේ.

    @මියුරු!
    අනිවාර්යෙන් උදව් උනා. මගේ බිස්නස් එකේදි නම් කිසි කෙනෙක් එහෙම කලේ නෑ හොඳයි නරකයි ඔක්කෝම කිව්වා.
    ඒක අපිට ලොකු දෙයක් උනා.

    @පැතුම්!
    අපෝ නෑ පොරට මම ගැන පොඩ්ඩක් වත් එහෙම හැඟීමක් තිබ්බේ නෑ. මගේත් තුන් හිතක වත් එහෙම එකක් තිබ්බෙත් නෑ.
    එකම දේ මම වැඩක් කරද්දී ටූ ෆාස්ට් . . ඒක අපි දෙන්නට මැච් උනෙ නෑ.

    ReplyDelete
  25. @හැලප කඩේ!
    ප්‍රශ්න ඇවිත් තියෙන හිත හොඳ නැති වෙනකොට එහෙමත් හිතුනා තමා.

    @චන්දන!
    හැම එකම එහෙම නෑ :ඩී

    @වීයා!
    කරනවා බන් ඒක මගේ passion එක මචන් . .

    @සෑම්!
    කෑමකට නම් කස්ටිය ඉඳී බන් ඕන තරම් . . හික්ස්

    @උදිත!
    බොහොම ස්තූතියි උදිත. ඇත්තෙන්ම මගේ අදහස නම් හවුල් ව්‍යාපාර කියන්නේ නරක දෙයක් කියලා නෙමේ. වැඩේ කියන්නේ අපි හරියට ප්ලෑන් කරලා ගිවිසුම් ගහලා නොකෙරුවොත් තමා අවුල් වෙන්නේ.

    ReplyDelete
  26. හවුල කියන්නේ තනිකර අවුලක්/හරියට නොකෙරෙන දිගේ හෙවනැල්ලත් ඇදය කියන්නේ ඒ වගේ තමයි.ටිකක් ලාබ හම්බවෙනකොට තණ්හාව අපු ගමන් අනිත් අය කැලේ .තනි අයිතියට තමයි ඊ ලගට.

    ReplyDelete
  27. මාරයි. උදාසීනව කියවන්න පටන්ගත්තු පොස්ටුව අන්තිම හරියටම එනකොට මාව රත් කෙරුවා. නියමයි. අර හවුලෙ කැඳත් එපා කියන කතාවට අදාල වෙන පාඩමට වඩා බිස්නස් එකකට තියෙන්න ඕනෙ ආකල්ප මොනවද කියලා මට හොදට තේරුණා. පට්ටම ලියැවිල්ලක්.

    ReplyDelete
  28. මාරයි ඒ වගේම වැඩක් උන දවසක මේ වගේ ලිපියක්ම කියවන්න උන එක

    ReplyDelete
  29. හරිම ආසාවෙන් කියවපු post එකක්. මටත් ඔබේ චරිත ලක්ෂණ තියෙනවා. අධි උනන්දුව. ඊට අමතරව වෙලාවට වැඩ නොකරන අය එක්ක ඇර ගන්න ගතියකුත් තිබුණා. ඒ නිසා මමත් ගොඩක් ගැටළු වලට මුහුණ දුන්නා.

    ReplyDelete
  30. අපරාදේ අයියේ හැබැයි අවංකව කියනන්ද තමන් මහන්සි වෙලා හදාගත්ත දෙයක් එහෙම දාලා එද්දී මටනම් සෑහෙන්න දුකයි.

    ReplyDelete
  31. කතාවනම් සහතික ඇත්ත, කරනවනම් තනියම තමයි බිස්නස් කරන්න ඔනේ,

    ReplyDelete
  32. හරියට නොදැන ගියාම ඕන ගමනක් අතරමග තමයි බන්. මාත් ඔය කාලෙ හවුලෙ බිස්නස් එකක් කරන්න ගිහින් අන්තිමට අල්ලල දාල ආයි ජොබකට ගියා. වෙල්වාට සල්ලි පාඩු උනේ නෑ, ඒත් අන්තිමට හිතවත් කම ටිකක් එහෙ මෙහෙ උනා.

    ReplyDelete
  33. මේවා අපිට ඉස්සරහට තමා වැදගත් වෙන්නේ

    ReplyDelete
  34. @rnagi kella!
    අපේ කේස් එකේදි නම් එහෙම අවුලක් උනේ නෑ.
    මගේ හදිසියට දුවන්න යාලුවා කැමති නැති එක විතරයි උනේ.

    @රතු රජරට!
    මේක මේ 1998-1999 කාලේ මගේ ඇත්ත අත්දැකීමක් මචං . ..

    @කියාගන්න බෑ!
    අප්පා ඔයාට මොකෝ උනේ?

    @wmk!
    අහා එහෙමද? ඕනවඩා වඩා උනන්දු වීමෙන් උනන්දුව තියෙද්දී බිස්නස් සීරෝ වෙන්න චාන්ස් තිබේ හොඳේ . . හික්z

    @කෝරලේ!
    අපෝ බන් මට නම් පොඩ්ඩ්ක් වත් දුක හිතුනේ නෑ හැමදාම එතනින් වැඩට ආවා ගියා . . සුපුරුදු විදිහට ටිකක් රෑ වෙනකම් හිටියා. මම ත් මහන්සි වෙලා පටන් ගත්තු බිස්නස් එකක් හොඳඉන් කරගෙන යද්දී මට නම් හරිම සතුටක් දැනුනේ.

    @කෞශි!
    එහෙමත් බෑ අප්පා . . . හවුලේ කරන්න ඕන නමුත් පිලිවෙලකට

    @ඉංදික!
    අපේ නම් හිතවත් කම පොඩ්ඩක් වත් අවුල් උනේ නෑ.
    තාමත් ලංකාවට ගියාම ඒ පැත්තේ යනවා. පස්සේ කාලෙක උගේ ශොප් එක වෙන තැනකට ගෙනිහින් තිබ්බා. දැනටත් සහන් කියල හඳුන්වපු එකාගේ ගෙදර නම් එක සැරයක් හරි යනවා නිශන්ත කියලා හන්දුන්වපු එකා ගේ ගෙදර සෙට් වෙලා පුරුද්දක් නැති නිසා අහම්බෙන් මීට් උනොත් හරි කෝල් කලොත් හරි තමා.

    @හසිත!
    ඇයි මොකෝ හවුල් බිස්නස් එකක් කරන්නද යන්නේ?

    ReplyDelete
  35. සම්පුර්ණ ඇත්ත මචං, මටත් ඔය දේම වෙලා තියෙනවා studio එකක් දාලා. අන්තිමේදී මම අනිත් එකාට ඔක්කොම තියාගනින් කියල ගියා. මම අයින් වෙලා මාසයක් යනකොට ඌ ඒක වැහුවා. දැන් ඊයේ පෙරේදා ඉඳන් අපහු මගේ පස්සේ කැරකෙනවා, මචං අපි ආයෙම පටන් ගමු කියා කියා.

    රැ වැටුන වලේ දවල් වැටෙන්න බැහැ නේ මචෝ.

    ReplyDelete
  36. ඔයින් බේරුනා මදැයි...

    ReplyDelete
  37. ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.

    ජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.

    ස්තූතියි,

    මම ඔබේ හිතවත් අභීත

    ReplyDelete
  38. තාම එහෙම එකක් නැහැ අයියා. ඒත් ඉස්සරහට කියන්න බැහැනේ :)

    ReplyDelete
  39. @අයිලාෂ්!
    මම නම් මචං සාමාන්‍යයෙන් රෑ වැටුනු වලේ මහ දවල් උනත් ආයි ආයි වැටෙන එකෙක්. හික්ස්. මම වගේ නොවී පොඩ්ඩක් හිතල බලලා තීරණ ගනින් මචං. හවුල් බිස්නස් අවුල්ම වෙන්න බෑ පොඩ්ඩක් කලින් හරියට ප්ලෑන් කරලා ඇග්‍රිමන්ට් ගහලා කලා නම් හරි.

    @බින්දි!
    හි හි හි . . ඔව් නේ අතක් පයක් නැකැඩී හික්ස්

    @අබීත!
    මොකෝ මේ?

    @හසිත!
    හා හා මොනව කලත් පරිස්සමින් පිලිවෙලකට මල්ලී.

    ReplyDelete
  40. ඉතින් බන් ඔච්චරටම දියුණු කරන්න කතා කරපු එකා කම්පියුටරෙත් අරන් ගෙදර ආවෙ ඇයි ? කරන්න තිබුනෙ හිමීට තනියම හරි තමන්ගෙ අදහස ක්‍රියාත්මක කිරීමනෙ..

    හැබැයි ඒ තීරනෙන් අම්මා සතුටු වුන එකනම් සතුට දනවන කාරණයක්.. සල්ලි කියන්නෙ ජීවිතේ නෙමේ බන්.. මටනම් අනුන්ට අතනොපා ජීවත් වෙන්න තිබුනොත් ඇති.

    ReplyDelete
  41. @සෙන්නා!
    පිස්සුද මචං .. රස්සාවෙන් අස් වෙලා බිස්නස් කරන්න ගත්තු ඌට එහෙම කරන්න පුලුවන් උනාට රස්සාවල් තුනක් කරපු මට එහෙම එකක් පටන් ගන්න ඌ ඇර විස්වාසවන්තයෙක් හිටියේ නෑ.

    අනික එහෙම කලා නම් වටේ හිටිය අනිත් උන් හිතනවා අපි අපි අතරේ හිත නොහොඳ කමක් ඇති වෙලා කියලා.

    කොහොම උනත් ඒ යාලුවෝ සෙට් දෙක තමයි අද මගේ යම් කිසි ආර්ථික දියුනුවක් තියෙනවා නම් එකේ හවුල් කාරයෝ.

    එහෙම කියන්නේ මොකෝ දනන්වද?

    එක සෙට් එකක් එක්ක ගියාම අනෙක් සෙට් එකට මල.

    දෙගොල්ලෝම මට මාර වදයක් දුන්නා.

    ලව් කර කර හිටපු කෙල්ලගේ තාත්තා ලෝකු ශෝ එකක් දාලා ඒකත් කැඩුනා.

    උඹලා ඔක්කෝම බම්බු ගහ ගනිල්ලා කියලා මම රට ගියා. හික්ස්

    ReplyDelete
  42. මම දැන් කරන බිස්නස් එකත් හවුල්. දෙන්නෙක් නෙමේ තුන් දෙනක්. එක් කෙනෙක් නම් නාමිකව විතරයි. අනිත් කෙනයි මායි මේක කරගෙන යන්න පුදුම මහන්සියක් ගන්නේ. ඒත් ඒකටත් ඔය සෙතේමයි වෙලා තියෙන්නේ. යාළුවගේ ප්‍රතිපත්තිය 'එන එන හැටියට ගහු උළුවස්සා' ටයිප් එකේ එකක්. මුලදී ඒක මට එපා වුනත් දැන් මාත් ඒකට හුරු වෙලා. තව කොච්චර කාලයක් මේක කරගෙන යයිද දන්නේ නෑ. ඒත් මට එකක් ෂුවර්, මම බනින හැටියට මෙච්චර කල් දුකේදි සැපේදී මාත් එක්ක හිටපු යාළුවා කවදාවත් මාත් එක්ක තරහ වෙන එකක් නෑ.

    මීට කලින් පුදුම කැප කිරීමකින් කරපු හවුල් වැඩකින් මට ලොකු අසාධාරණයක් වුනා. ඒ කියල ඉන්වෙස්ට් කරන්න සල්ලි නැතිකම නිසා මට වුනේ මේකත් හවුලේ පටං ගන්න. මොනව වුනත් මේ සැරේ නම් අසාධාරණ වුනේ නෑ.

    ඒ නිසා මට තියෙන්නේ ඔය ගැන මිශ්‍ර හැගීමක්.

    ReplyDelete
  43. අනේ අම්මේ අත්දෙකම ඔසොවා මනාපය ප්‍රකාශ කරමි.. දිවෙන් දිව ගාගෙන උන්නත් එක මොණර පිලකට බොහෝ දේ වෙනස් කරන්න පුළුවන් බව මම අත්දැකීමෙන්ම දන්නවා..

    ReplyDelete
  44. සෑහෙන්න දේවල් ගොඩක් එකතු උන පෝස්ටුවක්
    දුකා ..කතාව තනිකර ඇත්ත ..මම නම් අඩුම තරමේ
    මගේ දෙමව්පියන්වත් වැඩ වලට ගාව නොගන්න
    තැන් තියෙනවා අනන්ත..එහෙම නැතුව දෙයක් කරන්න
    බැහැ ...


    මිනිස්සු සනසන්න බැහැනේ දුකා වැඩක් කරද්දී..


    ( අනේ රත්තරනේ මේකේ කමෙන්ට් ත්‍රෙඩඩ් දාපන්කෝ .
    අපිට වඩා ලේසි උබටයි රිප්ලයි කරද්දී .)

    ReplyDelete
  45. දුකා, හවුලෙ කැඳ නෙවී මුකුත් එපා. හැබැයි ජීවිතය ඉගෙනගන්න හවුලෙ කැඳ බීලා හොඳ කට්ටක් කෑවම ලේසියි.

    ReplyDelete
  46. හවුලේ බිස්නස් පටන් ගන්නකොට කවද හරි කෙනෙක් අයින් වෙනවා නම් කරන්න ඕන දේත් ගිවිසුමක් ගහ ගන්න ඕනේ.

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails