Monday, February 4, 2013

සතුට, දුක, කඳුල, සිනහව . . .!

සතුට
දෑත අද්දරටම පැමින
ඇඟිලි තුඩඟ, නියඟ තුඩඟ 
ගෑවී නොගෑවී මෙන් ඉඳ
ඔච්චම් පා ඈතටම ඇදී යන . . . !

දුක
ආත්මයම තුරුළු කර
ඉරා කීතු කොට හද 
දවා හළු කර බිඳෙන් බිඳ
කැඳවන ඒ වෙතටම තවත් . . . !

කඳුළ
රූරා වැටෙන්නට ඉඩ නොදී
කොපුල් තල තෙමාගෙන
බොඳ කරනට දෑස් තුලම
මහත් වෙහෙසක් දරන . . . !

සිනහව
දුක් කඳුළු බිම දමා
දූලි ගා පාගා දමා
හද කවුළු විවර කර
පිබිදෙන්න ඉඩ සොයන . . . !



අමරදේව මාස්ටර්ගේ මේ සින්දුවත් අහලා බලන්නකෝ


ආරාධනා . .. !

ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
අතිතයේ ගිලිහි ගිය
සතුට රැගෙන යළි වඩින්න
ආරාධනා

නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ කාලයේ වෙරළේ
ජිවිතයේ දිගු ගමනින් අනාථ වූදා
සෙනේහයේ සත් පියුමන් යළිදු පිපේවා
ආරාධනා

එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ
ඔබේ උණුහුමේ යළිඳු උපන්නෙමි
බිඳුනු එවන් රජදහනින් සමුගෙන යනදා
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා
ආරාධනා



Pic From: http://www.sweetclipart.com/

32 comments:

  1. නිවැරදි අර්ථකථනයක් දිය නොහැක...

    ReplyDelete
  2. අගෙයි දුකා....බොහොම යථාර්තවාදි නිර්මාණයක්

    ReplyDelete
  3. මුලින්ම mobile version එක වැඩ කරන එක ගැන සතුටු බව කියන්න ඕන. ස්තුතියි හැදුවට.

    නලී අයිය කිව්ව වගේ ඇත්තටම අගෙයි පද බැදුම නම්.
    කදුල ගැන කියන දේ නම් හරියටම හරි අයියෙ. ඉකිගගහ කදුලු පෙරාගෙන අඩනවට වඩා අමාරුයි කදුලු නැතුව හිතින් අඩන එක.

    මේ හතරම දැනටත් මං අත්විදිනව මේ විදිහටම. ඒ නිසා හිතට වැදුන තදටම මේක නම්.

    ReplyDelete
  4. උඹ එහෙම කිව්වාම හ්ම්ම් ඇත්ත නේන්නං කියලා නං හිතෙනවා. නමුත් ඒක එහෙමමද?

    ReplyDelete
  5. දුකට කඳුලට පෙරේත මිනිස්සුන්ට ඒවම ඇරෙන්න වෙන මොනව ලැබෙන්නෙද?...

    දුකා අයියා කියන්න ගියෙ මොකක්ද කියල හරියටම අදහසක් නැතිවුනත් දුක සම්බන්දව මගේ අදහස තමයි ඔය... :)

    ReplyDelete
  6. දුක හා කඳුල දන්න නිසයි දැනෙන සතුට හා සිනහවේ අගය වැඩි!!!!

    ReplyDelete
  7. මේ මන් මේක ෆේස්බුක් එකේ දානව හොදේ

    ReplyDelete
  8. දුක දැක පලායන සතුට
    දැකගන්න .....
    සතුට තුල කිමිදෙන්න කඳුල
    බිදු පිසලන්න......
    සිනහවෙන් ඔබේ මුව මඩල
    සරසන්න.....

    ගින්දර කවි ටික

    රස්තේ ගහන්න එන්න

    ReplyDelete
  9. හිනහවේ උපතත් කඳුල තමයි කියල මන් අහල තියනවා

    ReplyDelete
  10. දුකාගේ දුක හිතෙන හයිකු

    ReplyDelete
  11. හ්ම් ... විඳින විඳවන ජීවිතය !

    ReplyDelete
  12. දුක කදුල මතුවෙන සතුටක් තියෙනවා බං...

    ReplyDelete
  13. කීප පාරක් දැම්මහමයි හරි ගියේ.. පහුගිය ටිකේ අපේ උන්ට තිබ්බ කරදරේද කියල බය උනා.. ඒක නෙමෙයි බං උඹේ ප්‍රොෆයිල් එකේ තියෙන මේල වැඩ කොරන්නෙ නෑ...

    ReplyDelete
  14. සතුට
    දුක
    කඳුල
    සිනහව
    ඔක්කොම
    ඕන
    ජීවිතේට ...
    හරියට
    ෆෘට් සැලඩ් එකට
    අඹ, අන්නාසි, මිදි, ඇපල්
    ඔක්කොම ඕන වගේම .. :)

    ReplyDelete
  15. hmmmmmm hithata danenawa..
    sathuta assenuth uba dukama deela...!

    ReplyDelete
  16. රන්දු
    ඕන් ලියපු මම ම මේ නිසැඳැසට අර්ථය දුන්නා.

    නලීන්
    බොහෝම ස්තූතියි අයියා අගය කිරීම ගැන

    දේශ්
    ඔව් දේශ් මේ හතරාම් එකම නිමේශයක වුනත් විඳින විඳින්න පුලුවන් දෙයක්. හතරෙන් කොයි එක තෝර ගන්නවද කියන එක තමයි ඉතිං . ..

    ඩූඩ්
    ම් ම් ම් මේ හතරත් බන් එක එකා ට සාපේක්ෂයිනේ . . ඉතිං එක එකාට හිතෙන හැටිත් වෙනස්

    සාතන්
    ඔව් එහෙම උන්ට කමක් නෑ කියමු. ඒත් සතුට සිනහවට පෙරේත අයට ත් ඒ වෙනුවට දුකම ලැබෙනවා වුනොත් හෙන අවුල් නේද?

    අරුණි
    ඒක නම් ඉතිං එහෙම්ම ම තමා අක්කේ.

    දුල්හාන්
    කිසි අවුලක් නෑ මේ අඩවියේ කොපි රයිට්ස් නෑ හික්ස්

    රස්තා
    අන්න ඒක තම බන් කරන්න ඕනම දේ.

    රෙහානි
    ඔව් ඒ දෙකේ අන්තර් සම්බන්ධතාවය බැලුවාම එහෙමයි කියලා හිතෙනවා.

    ReplyDelete
  17. මාතලන්
    හෙ හෙ හේ . . . එල අර්ථකතනය හික්ස්

    ඩී.ඩී.ටී.
    හ්හ්ම්ම් හ්ම්ම්ම්ම්

    දේශකයා
    ම් ම් බන් ඒ දෙක තුලින් සතුටක් නම් එනවද මන්දා ඒ දෙක පාගලා දාල තමා සතුට හොයනන් ඕන.
    "පහුගිය ටිකේ අපේ උන්ට තිබ්බ කරදරේද කියල බය උනා" මොකද්ද බන් ඒ ? බ්ලොගර් අවුලක්ද? අහ් ඔන්න අලුත් මේල් ලිපිනයක් දැම්මා. sathula@yahoo.com මේකට එවපන්

    බාඳුරා
    හබැයි ඉතින් එකක් හරි වැඩි උනොත් ඉතිං පෘට් සැලඩ් එක අල වෙනවා . . හික් හික් හික්

    සහන්
    සතුටයි දුකයි එකම කාසියේ දෙපැත්ත වගේ කියලා වෙලාවකට හිතෙනවා බන්

    ReplyDelete
  18. දුකයි කඳුළයි නැතිව ලබන සතුටක අගයක් තියෙනවද?

    ReplyDelete
  19. සතුට ..දුක..කඳුල...ඔය කොයි එකත් ඉතින් අන්තිමට දුක ම තමා...මොකද අපි අදහන විදියට හැමදේම අනිත්‍යයි...ඒ නිසා දුකයි....ඉතිං දුකක් වෙන දෙයක් මගේය කියල ගන්න බෑ (අනාත්මයි)..!

    ReplyDelete
  20. සතුට සිනහවට පෙරේතවුනාට වැඩක් නෑනෙ අයියා කොයි වෙලාවෙත් අනිවාර්යෙන් දුක් වෙන්න දෙයක් ලැබෙයි කියන විස්වාසෙ පිට බයෙන් ඉන්නව නම්... මේ පෝස්ට් එකේ විතරක් නෙමෙයි අයියගෙ ගොඩක් පෝස්ට් වල මම ඒ ගතිය දැකල තියෙන හින්දයි කිව්වෙ :)

    ReplyDelete
  21. කෙටියෙන්ම කිව්වොත් ජීවිතය කියන්නෙ ඕකට තමයි මචං..!
    ලස්සන නිර්මාණයක්..!

    ReplyDelete
  22. සතුට , දුක කදුළ, සිනහව මත ජීවිතයේ පැවැත්ම රඳා පවතිනවාමේවා එකක් හරි අඩුවුනොත් ජීවිතය සමබර වෙන්නෙ නෑ. මේ සියල්ලම තමයි ජිවිතය කියන්නේ.

    ReplyDelete
  23. එකකට එකක් පරයා යා නොහැක .. සියල්ල සමානව දැනෙනු ඇත.. නමුත් කඳුලට දුකට සංවේදී වන තරමටම සතුටේදී සිනහවෙදී සංවේදී නොවීම නිසා මිනිසාට දුක කඳුල වැඩිපුර දැනෙනු ඇත ,,, වරද ඇත්තේ මිනිස් සිත තුලය ...

    මට හිතෙන හැටි ... මටත් ඔය සංතාසියම තමා

    ReplyDelete
  24. ලස්සන කවි ටික, අර අමරදේව මාස්ටර්ගේ සින්දුවටත් මම ගොඩක් ආසයි ...

    ReplyDelete
  25. දුකා සතුට දුක කදුල සිනහව එකිනෙකට අත්වැල් බැඳන් ඉන්නෙ. සතුට එක්කම දුක තියෙනව, කඳුල එක්කම සිනහව උරුමයි. මේ ධර්මතාවය තමයි අනිත්‍ය බව. සදාකාලිකව සතුටක් නෑ දුකකුත් නෑ, ඒ වගේම සිනහවකුත් නෑ කඳුල කුත් නෑ. කවි ටික හරිම අගෙයි.

    ReplyDelete
  26. ඔය සින්දුව ඇහෙද්දි මට මතක් වෙන්නෙ රෑ ඉර පාන

    ReplyDelete
  27. අමරදේවයන්ගෙ හැගීම්බර ගායනයන්ට මම නම හරිම මනාපයි...මේ ගීතය සහ පෝස්ටුව හොදට ගැලපෙනවා...

    ReplyDelete
  28. දුක සැප නිති පෙරලේ රියසක ලෙස ලෝකේ

    ReplyDelete
  29. දුක වැඩියෙනුත් තියෙනවා. දුක එපා. සතුට විතරක් ඇති... :D

    ReplyDelete
  30. මම කොහෙත්ම අමරදේවට ප්‍රිය කල කෙනෙක් නෙවෙයි නමුත් මම දැන් පිස්සුවෙන් වගේ එතුමාගේ ගීත අහනවා මාව එයට පෙළඹවපු ගීත කිහිපය අතරින් එකක් තමයි මේ

    ReplyDelete
  31. ආයේ රෝලේ උඩට ඇවිල්ල තිබුනා මේක...

    ReplyDelete
  32. මේක කියවනකොට මට මේ සින්දුව මතක් වුනා...
    "සිනහව අතරින් - කඳුලක් උපන්නා
    ඒ බැව් නොදැනම - සිනහවක්ම පෑවා..."
    මේ කියපු හැම එකම එකෙක්කෙනාට බලපාන්නෙ එක එක විදියට... හිතට දුකක් ආව ගමන් මං බොහෝ වෙලාවට හිතන්නෙ අයියෝ, මං මේ දුක්වෙලා නැති කරගන්නෙ සතුටෙන් ඉන්න තිබ්බ කාලය නේද කියල... හැබැයි එහෙම හැම දුකක්ම යටපත් කරගන්නත් බෑ... සයුරිත් සතුට කියන්නෙ මොකක්ද කියන එක ගැන පෝස්ට් එකක් දාල තිබ්බා... ඒකෙත් තිබුණා හොඳ විග්‍රහයන් ටිකක්...

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails