දෑත අද්දරටම පැමින
ඇඟිලි තුඩඟ, නියඟ තුඩඟ
ගෑවී නොගෑවී මෙන් ඉඳ
ඔච්චම් පා ඈතටම ඇදී යන . . . !
දුක
ආත්මයම තුරුළු කර
ඉරා කීතු කොට හද
දවා හළු කර බිඳෙන් බිඳ
කැඳවන ඒ වෙතටම තවත් . . . !
කඳුළ
රූරා වැටෙන්නට ඉඩ නොදී
කොපුල් තල තෙමාගෙන
බොඳ කරනට දෑස් තුලම
මහත් වෙහෙසක් දරන . . . !
සිනහව
දුක් කඳුළු බිම දමා
දූලි ගා පාගා දමා
හද කවුළු විවර කර
පිබිදෙන්න ඉඩ සොයන . . . !
ආරාධනා . .. !
ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
අතිතයේ ගිලිහි ගිය
සතුට රැගෙන යළි වඩින්න
ආරාධනා
නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ කාලයේ වෙරළේ
ජිවිතයේ දිගු ගමනින් අනාථ වූදා
සෙනේහයේ සත් පියුමන් යළිදු පිපේවා
ආරාධනා
එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ
ඔබේ උණුහුමේ යළිඳු උපන්නෙමි
බිඳුනු එවන් රජදහනින් සමුගෙන යනදා
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා
ආරාධනා
Pic From: http://www.sweetclipart.com/
නිවැරදි අර්ථකථනයක් දිය නොහැක...
ReplyDeleteඅගෙයි දුකා....බොහොම යථාර්තවාදි නිර්මාණයක්
ReplyDeleteමුලින්ම mobile version එක වැඩ කරන එක ගැන සතුටු බව කියන්න ඕන. ස්තුතියි හැදුවට.
ReplyDeleteනලී අයිය කිව්ව වගේ ඇත්තටම අගෙයි පද බැදුම නම්.
කදුල ගැන කියන දේ නම් හරියටම හරි අයියෙ. ඉකිගගහ කදුලු පෙරාගෙන අඩනවට වඩා අමාරුයි කදුලු නැතුව හිතින් අඩන එක.
මේ හතරම දැනටත් මං අත්විදිනව මේ විදිහටම. ඒ නිසා හිතට වැදුන තදටම මේක නම්.
උඹ එහෙම කිව්වාම හ්ම්ම් ඇත්ත නේන්නං කියලා නං හිතෙනවා. නමුත් ඒක එහෙමමද?
ReplyDeleteදුකට කඳුලට පෙරේත මිනිස්සුන්ට ඒවම ඇරෙන්න වෙන මොනව ලැබෙන්නෙද?...
ReplyDeleteදුකා අයියා කියන්න ගියෙ මොකක්ද කියල හරියටම අදහසක් නැතිවුනත් දුක සම්බන්දව මගේ අදහස තමයි ඔය... :)
දුක හා කඳුල දන්න නිසයි දැනෙන සතුට හා සිනහවේ අගය වැඩි!!!!
ReplyDeleteමේ මන් මේක ෆේස්බුක් එකේ දානව හොදේ
ReplyDeleteදුක දැක පලායන සතුට
ReplyDeleteදැකගන්න .....
සතුට තුල කිමිදෙන්න කඳුල
බිදු පිසලන්න......
සිනහවෙන් ඔබේ මුව මඩල
සරසන්න.....
ගින්දර කවි ටික
රස්තේ ගහන්න එන්න
හිනහවේ උපතත් කඳුල තමයි කියල මන් අහල තියනවා
ReplyDeleteදුකාගේ දුක හිතෙන හයිකු
ReplyDeleteහ්ම් ... විඳින විඳවන ජීවිතය !
ReplyDeleteදුක කදුල මතුවෙන සතුටක් තියෙනවා බං...
ReplyDeleteකීප පාරක් දැම්මහමයි හරි ගියේ.. පහුගිය ටිකේ අපේ උන්ට තිබ්බ කරදරේද කියල බය උනා.. ඒක නෙමෙයි බං උඹේ ප්‍රොෆයිල් එකේ තියෙන මේල වැඩ කොරන්නෙ නෑ...
ReplyDeleteසතුට
ReplyDeleteදුක
කඳුල
සිනහව
ඔක්කොම
ඕන
ජීවිතේට ...
හරියට
ෆෘට් සැලඩ් එකට
අඹ, අන්නාසි, මිදි, ඇපල්
ඔක්කොම ඕන වගේම .. :)
hmmmmmm hithata danenawa..
ReplyDeletesathuta assenuth uba dukama deela...!
රන්දු
ReplyDeleteඕන් ලියපු මම ම මේ නිසැඳැසට අර්ථය දුන්නා.
නලීන්
බොහෝම ස්තූතියි අයියා අගය කිරීම ගැන
දේශ්
ඔව් දේශ් මේ හතරාම් එකම නිමේශයක වුනත් විඳින විඳින්න පුලුවන් දෙයක්. හතරෙන් කොයි එක තෝර ගන්නවද කියන එක තමයි ඉතිං . ..
ඩූඩ්
ම් ම් ම් මේ හතරත් බන් එක එකා ට සාපේක්ෂයිනේ . . ඉතිං එක එකාට හිතෙන හැටිත් වෙනස්
සාතන්
ඔව් එහෙම උන්ට කමක් නෑ කියමු. ඒත් සතුට සිනහවට පෙරේත අයට ත් ඒ වෙනුවට දුකම ලැබෙනවා වුනොත් හෙන අවුල් නේද?
අරුණි
ඒක නම් ඉතිං එහෙම්ම ම තමා අක්කේ.
දුල්හාන්
කිසි අවුලක් නෑ මේ අඩවියේ කොපි රයිට්ස් නෑ හික්ස්
රස්තා
අන්න ඒක තම බන් කරන්න ඕනම දේ.
රෙහානි
ඔව් ඒ දෙකේ අන්තර් සම්බන්ධතාවය බැලුවාම එහෙමයි කියලා හිතෙනවා.
මාතලන්
ReplyDeleteහෙ හෙ හේ . . . එල අර්ථකතනය හික්ස්
ඩී.ඩී.ටී.
හ්හ්ම්ම් හ්ම්ම්ම්ම්
දේශකයා
ම් ම් බන් ඒ දෙක තුලින් සතුටක් නම් එනවද මන්දා ඒ දෙක පාගලා දාල තමා සතුට හොයනන් ඕන.
"පහුගිය ටිකේ අපේ උන්ට තිබ්බ කරදරේද කියල බය උනා" මොකද්ද බන් ඒ ? බ්ලොගර් අවුලක්ද? අහ් ඔන්න අලුත් මේල් ලිපිනයක් දැම්මා. sathula@yahoo.com මේකට එවපන්
බාඳුරා
හබැයි ඉතින් එකක් හරි වැඩි උනොත් ඉතිං පෘට් සැලඩ් එක අල වෙනවා . . හික් හික් හික්
සහන්
සතුටයි දුකයි එකම කාසියේ දෙපැත්ත වගේ කියලා වෙලාවකට හිතෙනවා බන්
දුකයි කඳුළයි නැතිව ලබන සතුටක අගයක් තියෙනවද?
ReplyDeleteසතුට ..දුක..කඳුල...ඔය කොයි එකත් ඉතින් අන්තිමට දුක ම තමා...මොකද අපි අදහන විදියට හැමදේම අනිත්‍යයි...ඒ නිසා දුකයි....ඉතිං දුකක් වෙන දෙයක් මගේය කියල ගන්න බෑ (අනාත්මයි)..!
ReplyDeleteසතුට සිනහවට පෙරේතවුනාට වැඩක් නෑනෙ අයියා කොයි වෙලාවෙත් අනිවාර්යෙන් දුක් වෙන්න දෙයක් ලැබෙයි කියන විස්වාසෙ පිට බයෙන් ඉන්නව නම්... මේ පෝස්ට් එකේ විතරක් නෙමෙයි අයියගෙ ගොඩක් පෝස්ට් වල මම ඒ ගතිය දැකල තියෙන හින්දයි කිව්වෙ :)
ReplyDeleteකෙටියෙන්ම කිව්වොත් ජීවිතය කියන්නෙ ඕකට තමයි මචං..!
ReplyDeleteලස්සන නිර්මාණයක්..!
සතුට , දුක කදුළ, සිනහව මත ජීවිතයේ පැවැත්ම රඳා පවතිනවාමේවා එකක් හරි අඩුවුනොත් ජීවිතය සමබර වෙන්නෙ නෑ. මේ සියල්ලම තමයි ජිවිතය කියන්නේ.
ReplyDeleteඑකකට එකක් පරයා යා නොහැක .. සියල්ල සමානව දැනෙනු ඇත.. නමුත් කඳුලට දුකට සංවේදී වන තරමටම සතුටේදී සිනහවෙදී සංවේදී නොවීම නිසා මිනිසාට දුක කඳුල වැඩිපුර දැනෙනු ඇත ,,, වරද ඇත්තේ මිනිස් සිත තුලය ...
ReplyDeleteමට හිතෙන හැටි ... මටත් ඔය සංතාසියම තමා
ලස්සන කවි ටික, අර අමරදේව මාස්ටර්ගේ සින්දුවටත් මම ගොඩක් ආසයි ...
ReplyDeleteදුකා සතුට දුක කදුල සිනහව එකිනෙකට අත්වැල් බැඳන් ඉන්නෙ. සතුට එක්කම දුක තියෙනව, කඳුල එක්කම සිනහව උරුමයි. මේ ධර්මතාවය තමයි අනිත්‍ය බව. සදාකාලිකව සතුටක් නෑ දුකකුත් නෑ, ඒ වගේම සිනහවකුත් නෑ කඳුල කුත් නෑ. කවි ටික හරිම අගෙයි.
ReplyDeleteඔය සින්දුව ඇහෙද්දි මට මතක් වෙන්නෙ රෑ ඉර පාන
ReplyDeleteඅමරදේවයන්ගෙ හැගීම්බර ගායනයන්ට මම නම හරිම මනාපයි...මේ ගීතය සහ පෝස්ටුව හොදට ගැලපෙනවා...
ReplyDeleteදුක සැප නිති පෙරලේ රියසක ලෙස ලෝකේ
ReplyDeleteදුක වැඩියෙනුත් තියෙනවා. දුක එපා. සතුට විතරක් ඇති... :D
ReplyDeleteමම කොහෙත්ම අමරදේවට ප්‍රිය කල කෙනෙක් නෙවෙයි නමුත් මම දැන් පිස්සුවෙන් වගේ එතුමාගේ ගීත අහනවා මාව එයට පෙළඹවපු ගීත කිහිපය අතරින් එකක් තමයි මේ
ReplyDeleteආයේ රෝලේ උඩට ඇවිල්ල තිබුනා මේක...
ReplyDeleteමේක කියවනකොට මට මේ සින්දුව මතක් වුනා...
ReplyDelete"සිනහව අතරින් - කඳුලක් උපන්නා
ඒ බැව් නොදැනම - සිනහවක්ම පෑවා..."
මේ කියපු හැම එකම එකෙක්කෙනාට බලපාන්නෙ එක එක විදියට... හිතට දුකක් ආව ගමන් මං බොහෝ වෙලාවට හිතන්නෙ අයියෝ, මං මේ දුක්වෙලා නැති කරගන්නෙ සතුටෙන් ඉන්න තිබ්බ කාලය නේද කියල... හැබැයි එහෙම හැම දුකක්ම යටපත් කරගන්නත් බෑ... සයුරිත් සතුට කියන්නෙ මොකක්ද කියන එක ගැන පෝස්ට් එකක් දාල තිබ්බා... ඒකෙත් තිබුණා හොඳ විග්‍රහයන් ටිකක්...