Monday, February 27, 2012

අද අපගේ සිහින සැබෑ වීලා . . .. !!




අද මට හරිම සතුටු දවසක්.

ඇත්තෙන්ම අද "අපිට" හරිම සතුටු දවසක්.

බොහෝ වෙලාවට මගේ බ්ලොග් ලිපි තනියෙම ලියපුවා.
ඉඳලා හිටලා ඊමේල් වලින් ආව ඒවා හරි වෙන කෙනෙක් එව්ව ඒවා හරි, වෙන කෙනෙක් ටයිප් කරලා එව්ව්ට පස්සේ දැම්ම ඒවා හරි මම හිතලා පල කරපු ලිපි.

ඒත් මේක අපි දෙන්නම වෙනුවෙන් ලියන ලිපියක්.

අපි දෙන්නා කිව්වේ මායි මගේ ගෙදර උන්දෑ නදීෂායි.

අපි මවාගෙන හිටපු හීනයක් අද හැබෑ උනා.

අද අපිට බොහෝම සතුටු දවසක් කිව්වේ ඒකයි.

මේ සතුටට මුලින්ම ස්තූති වන්ත වෙන ඕන අය ගැන හිතුවාම මට නම් කියන්න තියෙන්නේ මේ බ්ලොග් එකට තමයි ලොකුම ස්තූතිය.

මොකද මේ සතුට ලබන්න හේතු වුනු හැමදේම ඉබේ අත ලඟට ආවා වගේ වුනේ මේ බ්ලොග් එක නිසා.

ඒ කියන්නේ මූලික ස්තූතිය කියවන්න එන ඔබ සැම, බැනලා හෝ මොනවා හරි දෙයක් කියලා කොමෙන්ට් කරන, කෝල් කරලා - ඊමේල් කරලා අදහස් දක්වන ඔබ සැම.

ඉතින් මේ අපේ සතුට වෙනුවෙන් මූලිකම ස්තූතිය ඔබ සැමට.



. . . . . . . .. . . . .. . .. . . . . . . . .. . . ..

ඇඳුම් සපත්තු ගන්න ෂොපින් ගියාම අපි දෙන්නා මුහුන දෙන ලොකුම ප්‍රශ්නේ අපේ හිතට හරියන, අපේ පොකට් එකට ගැලපෙන ගානට හොඳම තත්වයේ වෙනස්ම ඩිසයින් වල ඒවා හොයා ගන්න නැති කම.

මොකද අපි නිතරම සෙව්වේ අන් කොම්න් ඩිසයින්ස්.

ඇඳුමක් නම් එක නූල් කෑල්ලක් වත් එල්ලෙන්නේ නැති - සපත්තුවක් නම් ගම් පොදක් වත් පෙන්න නැති වගේ උසස්ම තත්වයේ ඒවා

සමහර වෙලාවට ටිකක් හරි හිතට ෆිට් ඒවා අපිට ලං කරන්නත් බැරි තරම් මිල අධිකයි.

ඇඳුම් අපිම මහගෙන, සපත්තු අපිම හදාගෙන ඇන්දොත් . . ?? කියන අදහස අපි දෙන්නට ආවේ ඔන්න ඔහොමයි.

කාලයක් තිස්සේ ඒ අදහස අපේ හිත් වල තිබ්බා. බ්ලොග් එක ලියන්න ගත්තායින් පස්සේ පලමු නිවාඩු වාරෙදිත් ලිෂාන් ලගේ ගෙදර කෑමකට ගිය වෙලාවක ලිෂායි අපියි කතා වුනා ඒ ගැන.
නදීෂට තෑග්ගක් විදිහට මහන මැශිමක් අරන් දීලා, එයා ම මගේ උපන් දිනේකට තෑගි දුන්නු ෂර්ට් එකක් නූලක් වත් ගලවන්නේ නැතුව ඒ ෂර්ට් එක උඩින් කාබන් කොල තියලා බ්ලොක් එකක් හදලා එයාම කපලා මට ෂර්ට් එකක් මහලා දුන්නු දවසේ තමා (මේ පහල තියෙන්නේ ඒ ෂර්ට් එක) මට හිතුනේ සහ අපි කතා වුනේ
කවදා හරි දවසක අපේම බ්‍රෑන්ඩ් එකක් කරමු කියන එක.


එදා ඉඳන් අපි ඒ ගැන හීන මැව්වා - මහා ලොකුවට නෙමේ බොහෝම සුලුවට.

අපි සුලුවෙන් හීන මවාගෙන හිටපු දේ - අපේම බ්‍රෑන්ඩ් එකක් පටන් ගන්න එක ඒක අද හැබෑ වුනා.

අපි දෙන්නගේ ව්‍යාපාරයේ එක නිෂ්පාදනයක මූලික පටන් ගැනීම
අද සිදු කලා.

අර Soft Launching කියලා සිංහලෙන් කියන්නේ . . ආන්න ඒක.

අපේ බ්‍රෑන්ඩ් එකේ නම් විරූස්z.


අපේ ව්‍යාපාරයේ නම විරූස්z ඩිසයින් පුද්ගලික සමාගම.

මේ තියෙන්නේ ලිෂා ඩිසයින් කරපු මගේ විසිටින් කාර්ඩ් එක.


ගිය දෙසැම්බර් නිවාඩු ගිය වෙලාවේ තමා ව්‍යාපාරය රෙජිස්ටර් කරන්න අවශ්‍ය කරන කටයුතු සිදු කලේ.

ව්‍යාපාරයේ නිෂ්පාදන අංග ගැන කතා කලොත් කාන්තා, පිරිමි සහ ළමා ඇඳුම් නිර්මානය කිරීම (Design) සහ අපිම මහලා
(Produce) විකිනීම එක් අංගයක්.

කාන්තා සහ පිරිමි පාවහන් නිර්මානය කිරීම (Design) සහ ඒවා හදලා (Produce) විකිනීම තවත් අංගයක්.

නිවාස සැලසුම් (House Plan), නිවාස ඇතුලත අලංකාර කිරීම් සැලසුම් (Interior Design) සහ උද්‍යාන සැලසුම් කිරීම (Landscape Design) තවත් අංගයක්. 1995 සිට 2000 වෙනකම් මම මේ දේවල් රැකියාවක් ලෙසට කලත් 2000න් පසු කරපු සියලුම වගේ නිර්මාන කලේ හිතවත් කමට නොමිලේ (ඒ වෙනුවට තෑගි බෝග එහෙම ලැබිලා තියෙනවා) - ඒත් මින් මතු අපේ ඒ නිර්මාණ හැකියාවනුත් ආයතනයේ නමින් මුදලට ලබාදෙන සේවයක් ලෙස කරන්න අපි තීරන කලා.

පරිසර හිතකාමී අයුරින් නිමැවුනු අපූරුම අත්දැම්කීම් ලැබිය හැකි හෝටල් සංකල්පයක් රැගත් හෝටලයක් (Eco Tourism Hotel) කරන්නත් හිතේ තියෙනවා. මගේ මූලික සැලසුම් වාර්ථාව දැකලා ආයෝජනය කරන්න කීප දෙනෙක් කැමති වෙලා ඉන්නවා වුනත්, දැනට ඒවා පසුවට කල්තබන්න අපි තීරණය කලා.

මේවා අතුරින් දැනට කාන්තා පාවහන් වර්ග කීපයක් (කාන්තා ස්ලිපර්ස්, සැන්ඩ්ල්ස් - Ladies Slippers and Sandals
වලින්) පටන් අරගෙන අනෙක්වා පසුවට එකින් එක කරගෙන යන්නයි අපේ බලාපොරොත්තුව.

ව්‍යාපාරයේ එක් නිෂ්පාදනයක මූලික එලිදැක්වීම කරන දවසේම අපේ බ්‍රෑන්ඩ් එකේ ෆේස් බුක් ෆෑන් පේජ් එකත් එලිදක්වන්න අපි තීරණය කලා.

මේ තියෙන්නේ ඒ Facebook Fan Page එකේ ලින්ක් එක :
https://www.facebook.com/viroozv

ඔයාලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලා සිටිනවා එතනට ගිහින් ලයික් එකක් දාලා එතන තියෙන පින්තූර බලලා, අපි එලිදක්වන නිෂ්පාදනය ගැන ඔයාලගේ අවංක අදහස් සටහන් කරන ලෙස.

වෙබ් සයිට් එක නම් තාම හදමින් පවතිනවා. ඒක බොහෝ විට අපි මුලින් සිතා ගෙන හිටි ආකාරයට අපේ පුතාගේ ඊලඟ උපන් දිනය වුනු සැප්තැම්බර් 3 වෙනිදාටම එලි දක්වන්නයි අදහස. මෙන්න වෙබ් සයිට් එක : http://viroozv.com/

මේ තියෙන්නේ ඒ වෙනුවෙන් අපි හදපු ට්විටර් පේජ් එක. https://twitter.com/Virooz

අපේ බ්ලොග් අඩවියත් තාම හදමින් පවතිනවා. මේ අපේ බ්ලොග් අඩවිය. http://viroozv.blogspot.com/

අපේ ඊමේල් එක - info@viroozv.com

හැමෝටම මේවා වලත් ෆොලොවර් කෙනෙක් වෙන්න කියලා අපි ආදරයෙන් ඉල්ලා සිටින්න කැමතියි.

. . . . . . . .. . . . .. . .. . . . . . . . .. . . ..

කාලයක් අපේ හිත් වල රැඳිලා තිබුනු හීනේ මේ තරම් ඉක්මනට හැබෑවක් වෙන්න උත්තේජනය සැපයුවේ මගේ උපන් දිනය දා මා ලියූ බ්ලොග් සටහනේ සඳහන් පරිදි මගේ මිතුරු බුද්ධි බලෙන්ම මා සහභාගී කරවාගත් ආකර්ෂණයේ නියමය වැඩමුලුව බව නම් කියන්නම ඕන.

තවදුරටත් අපේ හීනේ හැබෑ කර ගන්න විශේෂ උපකාර කරපු අය ගැන සඳහන් කරනවා නම් . . .

මුලින්ම මාව බ්ලොග් ලෝකයට ගෙනාපු බයිස්කෝප් සයිට් එකේ පොතේගුරා - ඉසිර මල්ලී තමා ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ.

අර වැඩමුලුවට මාව බලෙන් ඇදගෙන ගිය බුද්ධිත්, බුද්ධිව අඳුන්නලා දුන්නු මංසලකුනු බ්ලොග් එක ලියන රුචාත් . .

අර ආකර්ෂනයේ නියමයේ සහ පාවුලෝ කොයියෝගේ ඇල්කෙමිස්ට් පොතේ කියනවා වගේ "හදවතින්ම ඉල්ලපු දේ ලබා දෙන්න විශ්වයම කුමන්ත්‍රණය කරලා" සිද්ද වුනා වගේ අපේ සමාගම රෙජිස්ටර් කරන වැඩේ අත ලඟටම ලැබුනා වගේ උදව් කරපු පොඩි මස්සිනා සුගත් අයියාවත්, සුගත් අයියගේ මිතුරු සුගත්ටත් බන්ඩාරවත් හදිසි මුදල් අවශ්‍යතා ඇතිවෙන හැම වෙලාවකට පිහිට වෙන මගේ නංගීත් මේ වෙලාවේ මතක් කරන්න ඕන.

සපත්තු හදන අවශ්‍ය කරන දේවල් ගැන අහලා ගූගල් සමූහයක දාපු ඉල්ලීම අනුව ඒ වෙනුවෙන් උදව් කල අභීත, වාසල, මරේ ඇතුලු සියළු දෙනාටත් ස්තූතියි.

අපේ ආයතනයේ නමින් වෙබ් සයිට් එක අරන් දෙන්න මරේ, ලිශා, පහන් උදව් කලා ඒත් අපේ විරූස් කියන නම වෙන කෙනෙක් අරගෙන නිසා වෙබ් සයිට් එක ගන්න ලැබුනේ විරූස්වී ඩොට් කොම් කියන නමින්.

අපේ ව්‍යාපාරයේ ලාංඤ්චනය හදන්න උදව් කරපු ලිෂාන්, පුතා-වරුණ, සහ ජේඩී සහෝදර වරුන්ටත් ස්තූතියි.

මුල ඉඳන් සියලුම ග්‍රැපික්ස් වැඩ සහ ඇතුලු සියළු සම්බන්ධීකාරක සහ තාක්ෂණ කටයුතු කල ලිෂාන් නැතිනම් මේ වැඩේ මේ තරම් ඉක්මනින් කොහොමටත් වත් එලි දක්වන්න බෑ . . . (ලිෂා උඹට කොයි විදිහට ස්තූති කරන්නද . . මට හිතා ගන්නවත් බෑ)

Facebook Fan Page සහ අනෙක් සයිබර් කටයුතු සඳහා නදීෂා හදපු සපත්තු වල පින්තූර ගන්න පාන්දර පහට බන්ඩාරවෙලින් ඇවිත් නදීෂා කියපු හැටියට හවස් වෙනකම් පුදුම මහන්සියක් දරපු කුෂාන් සහ ෆාට ත් අපේ හර්ද්‍යාංගම ස්තූතිය.

විසිටින්ග් කාර්ඩ්ස්, බිල් පොත් ආදී ප්‍රින්ටින් වැඩ අඩුම ගනනට හොඳම විදිහට කරලා දෙන්න තමන්ගේ වැඩ පාඩු කරගෙන හතර අතේ දුවපු ඩුබායි වට්ටක්කා පුතා - වරුණ ත් ආදරයෙන් සිහි කරන්න ඕන.


සුදර්ශන හෙවත් මීගොඩයා, ඔහුගේ මිතුරන් වන බුද්ධික පීරිස්, සුරංග කහටගහවත්ත ආදී මිතුරනුත් ලබා දෙන සහය උපරිමයි
මුලින් නිෂ්පාදනය කරන්නේ සපත්තු කියල දැන ගත්තාම හැකි සෑම උපදෙසක්ම දෙමින් සහ උපකාරයක්ම කරමින් දිරිමත් කල සපතේරු උන්නැහේ - එඩ්ගාර් ටත් ඔහු තරමින්ම දිරිමත් කිරීමක් කල දුමී, තිසා, දමිත්, චමල්, ජනක, චාමිකා, මනෝජ් ,රුචා, රොශාන්, රොජර්, මරියෙල්, ශාන්ත, ඩීන්, ජෝර්ජ් අයියා, මස්සිනා-හසිත සහ අසේල, නෑනා කෞෂි, ආදී මෙකී සහ සුලුවෙන් හෝ උපකාර කල, උපදෙස් දුන්නු නමුත් නම් වශයෙන් සඳහන් නොකල සියල්ලන්ටත් ආදර ස්තූතිය පුද කරන්න කැමතියි.

දරුවගේ සියළු වැඩ කටයුතු කරමින් ගෙදර දොර සියළු වැඩකටයුතු කරමින් නදීෂාට මේ හැමදේ කරන්න නිදහසත්, ආධාර උපකාරත් කරන මගේ නැන්දම්මායි මාමන්ඩියි හෙවත් නදීෂගේ අම්මයි අප්පච්චියි තමා අපිට මේ වැඩේට ලොකුම ශක්තිය උනේ.

අපේ නිපැයුම් කීපයක් :


. . . . . . . .. . . . .. . .. . . . . . . . .. . . ..

ලංකාවේ ඉන්න අයට අපේ ෆේස් බුක් පෑන් පේජ් එකේ තියෙන පින්තූර බලලා ඕඩර් කරන හිතුනොත් ඒ සපත්තු ගෙදරටම ගෙන්න ගන්න ක්‍රමයක් අපි සකස් කරමින් ඉන්නවා. සමහර විට පිට රට ඉන්න අයට තමන්ගේ පවුලේ අයට උපන් දින තෑග්ගක් හෝ වෙන විශේෂ හෝ සාමාන්‍ය තෑග්ගක් ලෙස මේ සපත්තු යවන්න හිතුනොත් . . .

ඒක මේ විදිහටයි.

මුලින්ම ෆේස් බුකේ තමන් කැමති සපත්තුව හෝ සෙරෙප්පුවට අදාලව තමන්ගේ කැමැත්තත් එය මිලදී ගන්න ඇති කැමැත්තත් සඳහන් කරන්න.

ඒ සපත්තුවට හෝ සෙරෙප්පුවට අදාල කෝඩ් නම්බර් එක සටහන් කර ගන්න.

මේ පහත ඇති පරිදි තමන්ගේ කකුලේ ප්‍රමානය මැනගෙන සටහන් කර තබා ගන්න.

 

පවුලේ කාට හරි යවන්න නම් මේ පින්තූරය යවා මේ ආකාරයට මිනුම් ගෙන ප්‍රමාන වෙන වෙනම ලබා ගන්න.

අප ලඟ ඇති පාට වලින් ඔබ කැමති පාටට අදාල කෝඩ් නම්බර් එක සටහන් කර ගන්න.

Facebook Fan Page එකේඇති ඊමේල් අංකයට ඔබේ ඕඩරය දන්වා එවන්න.

ඔබ කැමති සපත්තුවේ කෝඩ් එකත්, පාටට අදාල කෝඩ් එකත්, කකුලේ මිනුම් ටිකත්
ඒ සමඟ අනිවාර්‍යෙන් එවිය යුතු බව මතක තබා ගන්න.

ඊ ලිපිය ලද පසු මුදල් ගෙවිය යුතු ආකාරය සහ භාණ්ඩ ඔබ වෙත ලැබෙන ආකාරය පිලිබඳව අප විසින් ඔබව දැනුවත් කරනු ලැබේ.

. . . . . . . .. . . . .. . .. . . . . . . . .. . . ..

කෙනෙක් ප්‍රායෝගිකව - ත්‍රී වීල් එකක හෝ බස් එකකට මඟ වියදම දරමින් - නගරයට ගොස් - කට්ට අව්වේ - සුපර් මාර්කට් එකේ හෝ නගරය පුරා ඇති සපත්තු කඩවල් එකින් එක පීරමින් - තමන්ගේ හිතට සරිලන - පොකැට්ටුවට බය නොහිතෙන ආකාරයේ සපත්තු සෙරෙප්පු සොයමින් යනවාට වඩා . . .. .

ගෙදරදී අන්තර්ජායල හා සම්බන්ධ වී නිදහසේ තමන්ට අවැසි දේ තෝරා ඉන්ටර්නෙට් බෑන්කින් පහසුකම මඟින් මුදල් යවා තමට අවැසි භාණ්ඩය ගෙදරටම ගෙන්වා ගැනීමේ පහසුකම ගැන එහෙම පාවිච්චියට ගනීවී කියා අපි උපකල්පනය කරන නිසා . . .

. . . . . . . .. . . . .. . .. . . . . . . . .. . . ..

ව්‍යාපාරික ලෝකයේ සාර්ථකත්වය කියන ඉනිමගේ උඩ පඩිවලට පහල පඩි වල අඩිය නොතියා ගිය ව්‍යාපාරිකයෝ නැති බව අපි හැමෝම දන්නවනේ.

බොහෝම සුලුවන් පටන් අරන් ව්‍යාපාරික ජයග්‍රහන ලබමින් සාර්ථකත්වයේ හිනිපෙත්තට ලංවූ අය ගැන අපි කතා ඕනෑ තරම් අහලා තියෙනවානේ.

ඉතිං මේ අපේ වෑයමත් සුලුවෙන් ආරම්භ කිරීම. මේ අද ඇරඹෙන්නේ අපේ පලමු පියවර . . .

අලුත් නිර්මාන සමඟින් තව බොහෝ දේ ඉදිරියට ලබා දෙන්න අප බලාපොරොත්තු වෙනවා.

ලෝකය විශ්ව ගම්මානයක් තරම් කුඩා වී ඇති කාලයේ අපේ ව්යාපාරය ව්‍යාපාරික ලෝකයේ සාර්ථක ගමනක් යාවී යන්න අපේ ප්‍රාර්ථනය වන අතර . . . අපේ ප්‍රාර්ථනය සර්වප්‍රකාරයෙන් මල්ඵල ගැන්වේවා කියා ඔබ සැමගේ උපකාරය සහ ආශීර්වාදය ලබා දෙන මෙන් ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමින් මේ ලිපිය නිමා කරමි.

1st Pic from:
http://lift-up-your-hearts.blogspot.com/

Sunday, February 19, 2012

පිස්සන්ට හැතැප්ම නෑ සහ නාට්‍ය පිස්සුව . . . !

මම නාට්‍ය පිස්සෙක්.

පිස්සෙක් කියන්නෙ හොඳම පිස්සෙක්.

පිස්සන්ට හැතැප්ම නෑ කියලා අහලා තියෙනවාද?

ලුම්බිනි එකේ හරි ජෝන් ද සිල්වා එකේ ඉඳන් හරි කෝට්ටේ මාදිවෙල වෙනකම් පයින් හැතැප්ම කීයක්ද?

පිස්සෙක් නෙමෙයි නම් එහෙම පයින් යයිද?

මේ පිස්සන්ට හැතැප්ම සහ නාට්‍ය පිස්සුව මතක් වෙන්නේ විශේෂ හේතුවක් නිසා. ඒක අන්තිමට කියන්නම් .

කලාවේ නාමයෙන් කරන ගොන් පාර්ට් වලට හූ කියලා වගේම උසස් නිර්මාණයකට අත් පුපුරු ගහනකම් අත්පුඩි ගහලා ඒ මොහොතේම ප්‍රතිචාර දක්වන්න පුලුවන් හොඳම කලා මාධ්‍යක් උනු නාට්‍ය කලාවට මම එදා ඉඳන්ම තාමත් අඩුවක් නැතුව ආදරෙයි.

. . . . . . . . . . . . . . . . . . . .. . . .. . . .

අපි මාදිවෙල ඉන්න කාලේ අපේ ගෙවල් ලඟ තිබ්බා 88-89 කාලේ ජේ.වී.පී. කරපු හෝ කලා කියලා සැක කරපු අයව පුනරුත්ථාපනය කරන්න කියලා පිහිටුවා තිබ්බ කඳවුරක්.

ඒකේ ඒ කාලේ හිටපු කොමසාරිස් පාසැල් නාට්‍ය ලියපු අධ්‍යක්ෂණය කරපු කෙනෙක්.

උසස් පෙළ කරලා ඉවරවෙලා ඉංග්‍රීසි ඉගෙන ගන්න පන්ති ගිහින් එන දවසක් ඒ මහත්මයා බස් හෝල්ට් එකේදි මාත් එක්ක කතා කලා.

"පුතා කැමතිද පාසැල් නාට්‍යක රඟපාන්න"

දහම් පාසැලේ සංවත්සර උත්සවේට නාට්‍ය වල රඟපාලා තිබ්බ මට ඕක මහ කජ්ජක්ද කියලා හිතලා ගෙදරින් අහන්නෙත් නැතුව මම "කැමතියි" කිව්වා.

"හැබැයි රිහසල් වලින් පස්සේ නාට්‍ය පෙන්වන්න අනුරාධපුර පොලොන්නරුව වගේ පැතිවල සතියක් දෙකක් නතර වෙලා ඉන්න වෙයි පුතේ"

කියලා කිව්වාම තමා මට තරු පෙනුනේ.

ඉස්කෝලේ තිබ්බ පිටකෝට්ටේ හංදියටත්, ක්ලාස් තිබ්බ නුගේගොඩ හංදියටත් අම්මගේ ඔෆිස් එක තිබ්බ බොරැල්ල හංදියටත් ඇර වෙන කිසි දිහාක තනියෙන් ගිහින් නොතිබුනු මම, ආච්චිලගේ ගෙදරක ඇර වෙන කිසි දිහාක තනියෙම රැයක් ගත කරන්න ඉඩ නොදුන්නු මාව ඒ තරම් දුරක තනියෙම යවයිද?

අම්මට කියලා කොහොමටවත් අවසර ගන්නවා බොරු කියලා දන්න නිසාම තාත්තා ලඟ අඬල දොඩලා අවසර ගත්තා.

රිහසල් කරන්න ආවා ඒ කාලේ ඉඳන් අද වෙනකම් නාට්‍ය ක්ෂේත්‍රයේ ඉන්න නලුවෙක්. ඒ හේමන්ත ප්‍රසාද්.

රිහසල් අතර තුර දවසක් සුහද කතා බහක් ඇරැඹුනා.

"චූටි මල්ලී . . උඹ ඉස්කෝලේ කීයෙද? අටේද නමයෙද?"

"නෑ අයියේ මම ඒ ලෙවල් කරලා ඉවරයි"

"යකෝ මූ පොඩි එකෙක් වගේ හිටියට නාකියෙක්නේ"

ඒ කාලේ පොලොන්නරුවේ බකමූනේ, දියබෙදුමේ වගේ පැති වල ගිහින් . . . ඒ පැත්තේ ප්‍රවාහන සේවා අඩු නිසාම . . එක එක ඉස්කෝල වලට ට්‍රැක්ටර් වල නැගලා, ලෑන්ඩ් මාස්ටර් වල නැගලා එහෙම හිටන් ගිහින් අපේ නාට්ය පෙන්නමින් අපි ගත කරපු කාලේ හරියට සිහිනෙන් දිව ගෑ සුවඳක් වගේ මතකයේ රැඳිලා තියෙන්නේ.

. . . . . . . . . . . . . . . . . . . .. . . .. . . .

ඉන් පස්සේ නාට්‍ය පිස්සුව වැඩි වුනේ අපේ යව්වන සමිතිය උපාලි කුමාරවංශ අයියගේ මූලිකත්වයෙන් කරපු ශෂිකලා රසික හවුල නිසා.

මාදිවෙලට ගිය අලුතම නෙමේ ටික කාලෙකින් නංගියි මමයි ඕගනයිස් කරලා ගෙවල් ලඟ කෙල්ලෝ කොල්ලෝ කීප දෙනෙකුත් එකතු කරගෙන ගමේ අය ලව්ව කෑම බීම පිලියෙල කරගෙන පෝය දවසක ගමේ පන්සලට දානයක් දුන්නා.

එහා ගමේ තරුණ සමිතියකිනුත් එදා දානේ අරන් ඇවිත්. කෑම ගොඩක් ඉතුරුයි. අපි ඔක්කෝම කතාවෙලා ඒ ඔක්කෝම අරගෙන ආවා මාදිවෙල අංග විකල ළමා නිවාසෙට.

එදා ඇති උනු මිතුරුකම අපිට ශෂිකලා රසික හවුලේ නිත්‍ය සාමාජිකයෝ වෙන්න පාර කිව්වා.

උපාලි අයියා තිර රචනය, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය කරපු ලුම්බිනි රඟහලේ මංගල ( සහ ආර්ථික අපහසුකම් නිසාම අවාසනාවට අවසාන) දර්ෂණය පෙන්වපු නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංග පීඨය අසල ස්ථීර වාසස්ථානය කරගත් යදියන්, පික් පොකට් කරුවන්, ගණිකාවන්, අහිංසක පෙම්වතුන් යුවලක් ආදී අපේම සමාජේ මිනිසුන් පිරිසකගේ අනුවේදනීය කතාන්දරය රැගත් "කුරුටු රූප" නාට්‍යයේ පෙම්වතා මම.

. . . . . . . . . . . . . . . . . . . .. . . .. . . .

ජෝන් ද සිල්වා එකේ තිබුනු යව්වන නාට්‍ය උළෙලේ, රාජ්‍ය නාට්‍ය උළෙලේ වට තුනේම හැම නාට්‍යක්ම වගේ බලපු කාලයක් තිබ්බා . . . මොකද සමහර කාලවලදී ඒවා නොමිලේ නැතිනම් ටිකට් එකක් රුපියල් 20යි

එල්පින්ස්ටන් එකේ නාට්‍ය වල ටිකට් එක අනෙක් එවට සාපේක්ෂව ටිකක් ගනන් උනත් ඒකේ ඒවත් ලාබම ටිකට් තිබ්බ ලුම්බිනි එකේ නාට්‍යත් සල්ලි නැති නිසා හැම එකම නැතත් කීපයක් බලලා තියෙනවා.

නාට්‍ය ගැන මට ඔත්තු සපයන්නේ අම්මා තමයි.

"පුතා, ජෝන්ද සිල්වා එකේ අද නාට්‍යක් තියෙනවා"

"ටිකට් කීයද?"

"50-100-200 එහෙම තියෙනවා"

"බෑ අම්මේ සල්ලි නෑ"

"ආ මේ හෙට දවල්ට උයන්න මාලු ගේන්න තිබ්බ සල්ලි. ඔයා හවසට නාට්‍ය බලන්න යන්න. ගිහින් ඇවිත් මට කියන්න කොහොමද කියලා"

තමන්ට ලබා ගන්න බැරි දේ මට හරි ලබා දෙන්න කැපකිරීම් කරපු මගේ අම්මා මතු බුදු වේවා.

අතේ තියෙන අන්තිම රුපියලත් වියදම් කරලා ටිකට් අරගෙන නාට්ය බලලා මහ රෑ ජෝන්ද සිල්වා එකේ ඉඳන් හරි ලුම්බිනියේ හරි ඉඳන් එද්දී අතර මඟදී බයික් එකක්, කාර් එකක් නතර කරලා මඟට ගිහින් දාන්න අහපු අයගේ ආරාධනා ප්‍රතික්ෂේප කලේ අම්මා දීලා තිබ්බ අවවාද උපදෙස් නිසා කියලා මතක් වෙද්දී දැන් නම් හිනාත් යනවා.

. . . . . . . . . . . . . . . . . . . .. . . .. . . .

නාට්‍ය නිර්මාණ කරුවන් තමන්ගේ ප්‍රථම නිර්මාණය පේරාදෙනියේ විශ්ව විද්‍යාලයේ වලේ පෙන්වීමේ සම්ප්‍රදායක් තිබ්බා කියලා මම අහලා තිබ්බා.

නාට්‍ය දර්ෂනය අතරතුර කොල්ලෝ කෙල්ලන්ගෙන් හූ සංග්‍රහ ලැබෙන තැන් වෙනස් කරන්න ඔවුන් දෙපාරක් හිතුවේ නෑ කියලා තමයි කියන්නේ.

නාට්‍ය දර්ෂනය අවසානයේ ප්‍රේක්ෂකයෝ සියළු දෙනා නැගිටලා නොනවත්වා අත්පොලසන් දෙනවා නම් ඒ නාට්‍ය හොඳ නාට්‍යක් කියන සම්මානය ලැබුනු හැඟීමක් නිර්මාණ කරුවන්ට ලැබුනා කියලත් කියනවා.

එක පාරක් රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටයට කේ. බී හේරත් ගේ "දෙවෙනි මහින්ද" නාට්‍යත් විසාකේස චන්ද්‍රසේකරම්ගේ "තහනම් අඩවිය" නාට්‍යත් තිබ්බා.

හොඳම නිලියට දෙවෙනි මහින්ද එකේ රඟපාපු කුසුම් රේනුට වඩා තහනම් අඩවියේ මරාගෙන මැරෙන කොටි කෙල්ලගේ චරිතය රඟපාපු නිලිය සුදුසු බව අපි ප්‍රක්ෂකයෝ තීරණය කලේ සම්මානය ලබා ගත්තු කුසුම්ට වඩා විශාල අත්පොලසන් නාදයක් අර නවක නිලියට ලබා දීමෙන් කියලා මතකයි.

. . . . . . . . . . . . . . . . . . . .. . . .. . . .

අප්පා . . පෝස්ට් එක දැනටම දිග වැඩී . ..

නාට්‍ය පිස්සුව ගැන කියන්න හදපු කරුන මේකෙම ලිව්වොත් කිසි කෙනෙක් කියවන්නේ නැති වෙයි.

ඒ නිසා ඒක ඊලඟ පෝස්ට් එකෙන් කියන්නම් හොඳේ . . .

එතකම් මේ පින්තූරේ බලන්න . . මේ නාට්ය බලන්න යන්න ට්‍රයි එකක් දෙන්නකෝ

Pics from:

Thursday, February 16, 2012

හස්බන්ඩා සහ වයිපරේ . . . !!


කස්ටිය තරහා වෙන්ට එපා ඕන් ඈ . .

අදත් ඊමේල් එකකින් ආපු එකක් දැක්කාම මට මේකත් ඔයාලත් එක්ක බෙදා හදා ගන්නේ නැතුව බැරි උනා . . .

මේක කියවද්දීත් මැරෙන්න හිනා උනා හැබැයි . . .

සමහර ඒවා නම් කලින් අහලා තිබ්බ ඒවා . . .

කොහොම නමුත් කියවලා ම බලන්නකෝ . . .

මේකේ තියෙන ඒවා සකච්චා කරන්න ගිහින් 3 වෙනි 4 වෙනි ලෝක යුද්ද ඇති වුනොත් එහෙම අපි නෑ හරිය

. . . . . . .. . . .. . . .

Husband texts to wife on cell..

"Hi, what r u doing Darling?"

Wife: I'm dying..!

Husband jumps with joy but types "Sweet Heart, how can I live without U?"

Wife: "U idiot! I'm dying my hair.."

Husband: "Bloody English Language!

. . . . . . .. . . .. . . .

Angry wife to her husband

An Angry Wife To Her Husband 0n Phone:

"Where d Hell Are You ...?"

Husband: Darling You Remember That Jewellery Shop Where You Saw The Diamond Necklace n Totally Fell In Love With It n I Didn't Have Money That Time n I said "Baby It'll Be Yours 1 Day ... "O:)

Wife, With A Smile & Blushing: Yeah I Remember That My Love!

Husband: I ‘m in the Pub Just Next To That Shop

. . . . . . .. . . .. . . .

A Special Package for Business Men.

An Airline Introduced A Special Package For Business Men.

Buy Ur Ticket Get Ur Wife's Ticket Free.

After Great Success, The Company Sent Letters To All The Wives Asking How Was The Trip.

All Of Them Gave A Same Reply..."Which Trip?"

. . . . . . .. . . .. . . .

Husband was seriously ill

Husband was seriously ill. Doc to wife: Give him healthy breakfast, be pleasant & in gud mood, don’t discuss ur problems, no tv serial, don’t demand new clothes & gold jewels,

Do this for 1 yr & he will be ok.

On the way home.. Husband: what did the doc say ?

Wife:- .No chance for u to survive

. . . . . . .. . . .. . . .

An intelligent wife

''An Intelligent Wife Is One Who Makes Sure She Spends So Much

That Her Husband Can't Afford Another Women"

. . . . . . .. . . .. . . .

New SIM to surprise her husband

Woman Buys A New Sim Card Puts It In Her Phone And Decides To Surprise Her Husband Who Is Seated On The Couch In The Living Room.

She Goes To The Kitchen, Calls Her Husband With The New Number:

"Hello Darling"

The Husband Responds In A Low Tone:

"Let Me Call U Back Later Honey, The Dumb Lady Is In The Kitchen..

. . . . . . .. . . .. . . .

Wife treats husband

A Wife Treats Hubby By Taking Him To A Lap Dance Club For His Birthday ..

At The Club: Doorman Says: Hi Jim How R You?

Wife Asks: How Does He Know You?

Jim Says: Oh Dear, I Play Football with Him

Inside Barman Says: The Usual Jim ?

Jim Says To Wife: Before You Say Anything, He's On the Darts Team in My Local

Next A Lap Dancer Says: Hi Jim

Do You Crave Special Again?

The Wife Storms Out Dragging Jim With Her & Jumps Into A Taxi..

Driver Says "Hey Jimmy Boy, You Picked Up An Ugly One This Time.."

Jim's Funeral Is On Sunday

. . . . . . .. . . .. . . .

Cool message by a wife

Dear Mother-in-law,

"Don't Teach me how 2 handle my children, I'm living with one of yours & he needs a lot of improvement"

. . . . . . .. . . .. . . .

Lion bounced on wife

In an African Safari, A LION suddenly bounced on Santa's wife.

WIFE: Shoot him! Shoot him!

SANTA: Yes, Yes. I'm changing d battery of my camera..

. . . . . . .. . . .. . . .

Throwing knives on wife's picture

Husband was throwing knives on wife’s picture.

All were missing the target!

Suddenly he received call from her "Hi, what r u doing?"

His honest reply, "MISSING U"

. . . . . . .. . . .. . . .

I will think about it

When a married man says "I'll think about it",

What he really means that,

He doesn't know his wife's opinion yet..

. . . . . .. . . .. . . .

Habbit of talking in sleep

A Lady to Doctor: My husband has habit of talking in sleep! what shud i give him to cure?

Dr: Give him an Opportunity to speak wen hez awake

. . . . . .. . . .. . . .

Head & Neck of the family

It is said that Husband is the head of the family,

but remember that wife is the Neck of the family & the Neck can turn the Head exactly the way she wants.

. . . . . .. . . .. . . .

What is the Difference between Mother & Wife?

A - One Woman Brings U into this world crying...

& the other ensures U Continue to do so.

. . . . . .. . . .. . . .

To whom do you owe your success as a millionaire

Interviewer to Millionaire: To whom do you owe your success as a millionaire?"

Millionaire: "I owe everything to my wife."

Interviewer: "Wow, she must be some woman.

Interviewer: "What were you before you married her?"

Millionaire: "A Billionaire"

. . . . . .. . . .. . . .

I look at your picture and the problem disappears

Wife: You always carry my photo in your handbag to the office. Why?

Darling: When there is a problem, no matter how impossible, I look at your picture and the problem disappears.

Wife: You see, how miraculous and powerful I am for you?

Darling: Yes, I see your picture and say to myself, "What other problem Can there be greater than this one?

. . . . . . . . . . . . . .

Do you know the meaning of WIFE?

Husband asks: Do you know the meaning of WIFE? It means...

Without Information, Fighting Everytime!

WIFE says: No darling, it means:

With Idiot For Ever

. . . . . . . . . . . . . .

Wife wish 2 be a newspaper

Wife: I wish I was a newspaper so I would be in ur hands all day.

Husband: I too wish that u were a newspaper so I could have a new one every day.

. . . . . . . . . . . . . .

Husband, wife & spare tyre

HUSBAND and WIFE are like 2 tyres of a vehicle.

If 1 punctures, the vehicle can't move further

Moral: Always Keep a SPARE TYRE....

. . . . . . . . . . . . . .

WIFE IS DANGEROUS

LOVE IS LIFE

LIFE IS WIFE

WIFE IS KNIFE and

KNIFE IS DANGEROUS

. . . . . . . . . . . . . .

What if you don't see me for 2 days?

A man came home late at night after a party.

His wife yelled: "how would you feel if you don't see me for two days?"

The man couldn’t believe his luck: 'that would be great'!

Monday passed and he didn’t see her......

Tuesday and Wednesday passed too.....

On Thursday his swelling became better

And now he could see her from the corner of one eye.

. . . . . . . . . . . . . .

Why women starts with W

You know why women starts with 'W'...

because all questions start with "W".. !

Who ?

Why ?

What ?

When ?

Which ?

Whom ?

Where ?

&

Finally Wife..!!!

. . . . . . . . . . . . . .

NATURAL DISASTERS JUST HAPPEN

Nobody teaches Volcanoes to erupt,

Tsunamis to devastate,

Hurricanes to sway around

& no one teaches How to choose a Wife,

NATURAL DISASTERS JUST HAPPEN.

. . . . . . . . . . . . . .

Difference between Friend & Wife

Difference between Friend & Wife

U can Tell ur Friend "U r my Best Friend"

But Do u have courage tell to ur Wife "U r my Best Wife?"

. . . . . . . . . . . . . .

Recently fired stock trader

A recently fired stock trader said ...

"This is worse than divorce... I have lost everything

and I still have my wife..."

. . . . . . . . . . . . . .

Your husband needs rest

Doctor: Madam, your husband needs rest and peace, so here are some sleeping pills.

Wife: Doc, when should I give them to him?

Doctor: They are for you.!!

. . . . . . . . . . . . . .

මේකේ ඒවා ගොඩක් බටහිර රටවලට අදාල ජෝක්ස් . . අපේ අයට අදාල ඒවා තියෙන්නේ නම් කීපයයි . ..

ඔන්න අපි කලින් අවවාද කලා හොඳේ . . . .

හික් හික් හික්

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails