Tuesday, August 14, 2012

සාරභූමිය


ඒකට හැමෝම කිව්වේ සාරභූමිය කියලා.

අහම්බෙන් වැටෙන ඇටයකින් උනත් රූස්ස ගහක් හැදෙන්න තරම් සාරවත් බවක් එකේ තිබුනු නිසාම එහෙම කියන්න ඇති.

ඒක ඇත්තෙන්ම බටහිර අධිරාජ්‍යවාදීන්ට අයිති ඉඩමක්. ඔවුන් එකට දාලා තිබුනු නම වුනු “සයිමන් ස්පේස්” කියන එක හැදිලා තිබුනේ ඒක මුලින්ම මිලදී ගත්තු සුද්දා - සයිමන්ගේ සාවිය කියන එකෙන් කියලා දැනගන්න ලැබුනේ කාලෙකට පස්සේ.

මෑත කාලයේ සාරභූමිය හෙවත් සයිමන්ගේ සාවිය හෙවත් සයිමන් ස්පේස් එකේ කටයුතු සිද්ද උනේ මහා පුදුම අකාරයකට.

පස්සේ කාලේක මේ ඉඩමේ අයිතිය ලබා ගත්තු බටහිර අධිරාජ්‍යවාදීන්, මේ ඉඩම තමන්ගේම කියලා දෙයක් වවාගන්න කැමති නමුත් ඒකට අදාල බර-පැන නැති එහෙම නැතිනම් බර-පැන තිබබ්ත් තාක්ෂනික දැනීම නැති අයට පහසුවෙන් තමන්ගේම කියලා දෙයක් වවා ගන්න කියලා මේ ඉඩමේ කොටස් නොමිලේ ලබා දෙන්න තීරණය කලා.

නොමිලේ ලබාගන්න ඕන වුනු අයට කරන්න වුනේ බොහෝම සුළු දෙයයි.

ඒ බටහිර අධිරාජ්‍යවාදීන්ට අයිති එන්.ජී.ඕ එකේ සාමාජිකත්වය ඉල්ලලා තමන්ගේ නම ගම ආදිය සටහන් කරපු ඉල්ලුම්පත්‍රයක් යවන එක විතයි.

ඊලඟ දවසේ ඉඳන් ඉඩම තමන්ගේ.

කැමති කැමති අයට හිතේ හැටියට වවන්න පුලුවන්.

වෙන වෙන රටවල මේ ක්‍රමේට ඒ අයම ඉඩම් ලබා දීලා තමන්ගේම කියලා ඉඩමක වවන එක කාලෙකට කලින් ඉඳන් ජනප්‍රිය වෙලා තිබ්බත් අපේ අයට ඒක අල්ලලා ගියේ බොහෝම මෑත කාලෙදි.

කට්ටිය හිතේ හැටියට වවන්න පටන් ගත්තා. පුංචි කාලේ ඉඳන් අනුන් වවපු දේවල් දිහා බලාගෙන හිතේ විතරක් දළු දාමින් තිබුනු ගස්-වැල් තව දුරටත් හීනයක්ම නොවී හැබෑවටම අත්විඳින්න ලැබුනා.

ආසාවෙන් පොහොර වතුර දාදා ඒ තමන්ම පැල කරපු ගස් වැල් මෝරන දිහා ඇස් වල කඳුලු පුරවාගෙන බලන් හිටියා.

වත්තේ වැවුනු මල්-පළතුරු අහලින් පහලින් යන අය එක්ක, අහල පහල වතු වල අය එක්ක බෙදා හදා ගත්තේ උතුරා යන සන්තෝෂයෙන්.

අහලින් පහලින් ගිය අය “ෂා මේ වත්තේ මල් හරිම ලස්සනයි, මේ පළතුරු හරිම මිහිරියි කියල කියද්දී අත්වින්දේ පුදුම නිරාමිස ප්‍රීතියක්.

සමහර අය නීරස ගෙඩි උනත් රසයි කිව්වා වත්තේ අයිතිකාරයගේ හිත රිදෙයි කියලා හිතලා. ඒත් ඇත්ත ඇති සැටියෙන් කීම වගා කරන කෙනාට කරන උදව්වක් විදිහට හිතපු සමහර අය නම් “මේ ගෙඩි නම් මෙලෝ රහක් නෑ බන්” වගේ කතා කිව්වා.

කොහොම නමුත්  හැමෝම මල් පලතුරු විතරක් වැව්වේ නෑ. සමහරු නීති විරෝධී දේත් වැව්වා. පරිසරයම ගඳ ගස්සන කීඩාරම් මල් එහෙමත් වවපු අය හිටියා.

ඒත් මේ මල් පලතුරු වල සුවඳ – රස හොඳින් අඳුන්න පුලුවන් තරම් රසඥතාවයක් තිබුනු අය හොඳම මල් වතු – හොඳම පළතුරු උයන් වලට ගිහින් ඒ මල් වල අපූර්වත්වය වින්දා . . .පළතුරුවල මිහිර රසවින්දා

එක ජාතියේ මල් – පළතුරු වලට කැමති අය එක එක පොඩි පොඩි හවුල් හදාගෙන එයාලා වවන දේවල් වල අත්දැකීම් බෙදා හදා ගත්තා. එයාලා වවන්න ආසාකරන දේවල් ගැන අදහස් හුවමාරු කර ගත්තා.

ඔව් ඔව් අපේ අයගේ ඕනේම හවුලකට සහභාගී වන මිතුරා “මධුපාන්‍ය”ත් ඒ තන් වල නිතරම ගැවසුනා. ඒත් ඒ මධුපාන්‍ය ඒ මිතුරු සමාගම් වල සමාගම රකින්න එකතු වුනු කෙනෙක් විතරක් උනා.

“මධුපාන්‍ය” වෙනුවෙන්ම ඇතිවුනු මිතුරු සමාගමුත් මේ වැවිල්ල නිසා ඇතිඋනා කිව්වොත් ඒක බොරුවක් නෙමේ.

සරලව කිව්වොත් මධුපාන්‍ය ට ලොල් වෙච්චි අය, ඒක තමන්ගේ ආත්මයේ කොටසක් කර ගත්තු අය ඒ වෙනුවෙන් මිතුරන් ඇති කර ගන්න මේ වැවිල්ල යොදා ගන්නවා කියලා එහෙම නොකරපු අයට සාධාරණ සැකයන් පහල උනු අවස්ථාත් තිබුනා.

කොහොම නමුත් මේ එක් එක් කුඩා කන්ඩායම් කල්ලි අතරේ තිබුනු මත ගැටුම්, තමන්ගේ වත්තේ වැවෙන දේවල් වල අගය සහ අනුන්ගේ වතුවල වැවෙන දේවල් වල නිස්සාරත්වය, කල්ලි ගැසීමේ හොඳ කම සහ නරක, මධුපාන්‍ය සහ ශෘන්ගාරය මේ වැවිල්ලට සම්බන්ධ කර ගත යුතුද වගේ මාතෘකා ඔස්සේ සුහදව ගල ගියා මිසක් එතනින් එහාට ශාරිරිකව හෝ මානසිකව වදයක් දෙන තරම් ලොකු රන්ඩු සරුවල් වුනේ නෑ.

මොකද සමහර අය අනුන්ගේ වතු වල වැවෙන මල්-පළතුරු රසවින්දාට ඒවායේ අයිතිකාරයා හරියටම කවුරුද කියලා නොදැන හිටි අවස්ථා ඉඳන් තිබ්බා.

එහෙම වෙන්නත් හේතු තිබ්බා. සමහර වවපු අය කැමති උනේ නෑ තමන්ගේ අනන්‍යතාවය එලි කරන්න. ඒ අය කිව්වේ “මගේ වත්තේ මල් වල පළතුරු වල රසය-සුවඳ විතරක් විඳින්න වවන කෙනාගේ ජාතකේ නොසොයන්න – වෙනස් විදිහකට කිව්වොත් “මයියොක්කා ගන්න ආවනම් මයියොක්කා අරගෙන පලයන් වත්තේ හතර මායිම් නොසොයා” වගේ ජාති වහෙන් ඔරෝ කිව්වා . . . එහෙම නැතිනම් කිව්ව බව දැන ගන්න ලැබුනා.

සුවඳ–ගඳ මල්, රස-නීරස පළතුරු, සුහද සංවාද – පුංචි පුංචි මතවාද – අඬදබර තිබුනු සාරභූමි වතුයාය උඩු යටිකුරු වුනේ සාර්ථක වවන්නෙක්ගේ මඟ පෙන්වීමෙන් එකතු උනු අලුත් වවන්නෙක් නිසා. 

මුලින් ඔහුත් කිසිම වෙනසක් නැති අන් අය වගේම තමන්ගේ කියලා දෙයක් වවා ගැනීමේ පරම චේතනාවෙන් වවන්න එක් වුනු වවන්නෙක් ලෙස පෙනී සිටිය නමුත් ඔහු ඔහුගේම ඇජෙන්ඩා එකකට – (න්‍යාය පත්‍රයක් කියමූ) අනුව වෙනස්ම ප්‍රතිලාභ බලා පොරොත්තුවෙන් වවන්න ආවෙක් බව අනෙක් අයට දැන ගන්න ලැබෙන කොට, සාරභූමි වතුයායේ සාරය අසාරය වෙයිදෝ කියා සිතන මන්සන්ධියකට පැමින තිබුනා.

කරුනාසේන ජයලත්ගේ රිදී නිම්නය නවකතාව කියවලා තිබුනු අය ඔහු ගැන කිව්වේ සිල්ලර එලිය හෙවත් රිදී නිම්නය (සිල්වර් වැලි) විනාස කරන්න ආපු සොයිසා වගේ පිලිලයක් කියලා, "හිස්ට්‍රි රිපීට්ස් කියන්නේ මේකයි මචං" කියලා කියපු අයත් හිටියා.

සොයිසා සිල්ලර එලියේ ඔහුට බාගන්න පුලුවන් උනු කොල්ලන්ව බේබද්දෝ කලා, කෙල්ලන්ව ගණිකාවෝ කලා, සොයිසාගෙන් පිනට බොන්න ආපු අය සොයිසාගේ හෙංචයියෝ විදිහට තියාගෙන සිල්ලර එලියේ සාමාන්‍ය මිනිසුන්ට එරෙහිව, එහෙම නැතිනම්සොයිසාගේ ජඩ වැඩ වලට එරෙහිව කතා කරන ලියන මහත්තයා වගේ අයට එරෙහිව පවා කල්ලි ගැහිලා වටවෙලා ගැහුවා.

ඒ වගේ ඔහුත් ඔහුට බා ගන්න පුලුවන් වුනු අයව ඔහුගෙ  හෙංචයියෝ විදිහට තියාගෙන ඔහුගේ වැවිල්ලට ඔහුගේ වැඩවලට විරුද්ධ ව යමක් කියන අයව මර්ධනය කරන්න යොදා ගත්තා. (මේ සමහර අය ඔහුගෙන් පිනට බොන්න ආපු අයම නෙමේ ඔහු සැබෑ මිතුරෙක් කියලා වැරදියට වටහා ගත්තු අයත් මේ හෙංචයියා කල්ලි වල හිටියා)

කොහේ හරි දෙන්නෙක් තුන්දෙනෙක් අතර මත භේධයක් තියෙනවා දැක්කොත් (යටි හිතේ වෙනස් බලා පොරොත්තු තියාගෙන නෝර්වේ රජයෙන් සාම සාධකයෝ එනවා) වගේ ඔහු සාම සාධකයා උනා.

පස්සේ හතර පැත්තම කොටවලා කුකුල්ලු කොටවන්න පොර පිටියට තමන්ගේ වත්ත දෙනවා වගේ මරා ගන්න අයට ගහ මරා ගන්න තමන්ගේ වත්තේ ඉඩ දුන්නා.

දිය යටින් ගින්දර ගෙනිහින් හතර අතේ කෙටෙව්වත් ඔහු නිතර පෙනී සිටියා ඔහු තමයි සයිමන් ස්පේස් එකේ හෙවත් සාරභූමියේ ආරක්ෂකයා එහෙම නැතිනම් ගැලවුම් කරුවා වගේ.

මොකද මුලින් ඔහු සැබෑ මනුස්සයෙක් කියලා වැරදියට වටහා ගත්තු අය ඔහුගේ මූලිකත්වයෙන් හෝ සහභාගීත්වයෙන් වවන්නන් අතර සුහද හමුවක්, පොහොර, බීජ නැති අය කීප දෙනෙක්ට ආධාර ලබා දීම් වගේ ඉසව් කීපයක් සංවිධානය කිරීමේදී ඔහුගේ සහාය ලබා ගත්තා.  හැබැයි මේ හෑම් තැනකදීම ඔහු තනියෙම සියළු දේ කලා වගේ හැඟීමක් සැබෑ තත්වය නොදන්නා අයට අඟවන්න පුලුවන් වෙන විදිහට රඟපාන්න තරම් ඔහුගේ කපටි මොලේ වැඩ කලා.

කොහොම නමුත් ඔහුගේ බැටළු හමට යටින් තියෙන නරි මූන "එක වවන්නෙක්" හෙලි කරනකොට ඔහු බොරු හිතවත්කම් පෙන්නලා වවන්නෝ කීප දෙනෙක්වම අපහසුවට පත්කරලා ඉවරයි.

අන්න එතනදියි ගොඩක් අයට වැටහුනේ ඔහුගේ අපේක්ෂාව වැවීම නෙමෙයි කියන එක.

ඔහුට ඕන වුනේ වවන්නෙක් විදිහට පෙනී සිටිමින් ඔහුගේ වෙනත් ව්‍යාපරවලට ආයෝජකයෝ සොයා ගැනීම.

මොකද මේ වැවිල්ලට එන්නේ ලෝකේ කාලා වතුර බීපු තෙම්පරාදු වෙච්චි මනුස්සයෝ නෙමෙයි සංවේදී කලාකාමී හදවත් ඇත්තෝ කියන එක ඔහුගේ කපටි මොලෙට වැටහිලා තිබුනු නිසා.

කොහොම නමුත් ඔහුත් ඔහුගේ හෙංචයියලා කන්ඩායමත්, කුකුල් කෙටවිලිත්, දිය යටින් ගින්දර ගෙනයෑමුත් නිසා සැබෑවටම වවන්න ආසාවෙන් හෝ වැවූ දේවල් රසවිඳින්න සාරභූමියට ආපු අයටත් මේ වෙනකොට සාරභූමිය එපා වෙන තත්වයකට පත්වෙලා තිබ්බා.

ඉස්සර ආසාවෙන් තමන්ගේ වතුවල මල්-පලතුරු වවපු අය සාරභූමිය පැත්ත පලාතේ නොයන තරම් අප්‍රසන්න තැනක් බවට ඔහු පත්කරලා තිබ්බ උනත්, කිසිම දෙයක් නොකල කෙනෙක් ලෙසට ඔහුගේ වත්තේ ඉඳහිට යමක් වන්න ඔහු අමතක කලෙත් නෑ.

සිරි ලාංකිකයින්ට ඕනෑම දෙයක් මතක සති දෙකයි කියලා ජරාම ජරා ත්‍රස්තවාදී නායකයා කියපු දේ සහතික ඇත්තක් කියලා ඔප්පු උනා මුලින් ඔහුට බැනපු අය පවා ඔහු සාරභූමිය විනාස කරන්න මුල් වුනු පුද්ගලයා බව අමතක කරලා ටික දවසක් ගිහින් ඔහුගේ වත්තේ මල්-පල අගය කරන්න පටන් ගත්තාම.

ඉස්සර සාරභූමියේ ආසාවෙන් මල් – පලතුරු වවපු අය, වැවුනු මල්වල සුවඳ විඳි අය, පලතුරු වල රස විඳපු අය තාමත් ඉඳහිට හිතින් හඬනවා ඒ සිහිනෙන් දිව ගෑ අතීතය සිහි කරමින්.

සොයිසාට සිල්ලර එලිය විනාසෙටම විනාස කරන්න බැරි උනා වගේ සිල්ලර එලියේ කුසලලා – ජෝතිරත්නලා වගේ අය ආපහු ඇවිත් සාරභූමිය රසින්-සුවඳින් පුරවන දවස වෙනකම් ඔවුන් බලන් ඉන්නවා.

50 comments:

  1. රත්නදීප ජන්මභූමි.....

    ReplyDelete
  2. වවන්නෝ දිනන්නෝ... වවන එකා විකුණන්නෝ රජ වෙන්නෝ...

    (දිග කමෙන්ට් දෙකක්ම ලියලත් ආයේ මැකුවා... මැරිලා ඉපදිලා වගේ වැඩ කරන උන් ඉන්න තැන මොකට වචන නාස්ති කරනවද බං... මේ ලෝකේ හරියන්නේ මැරිච්ච මිනිස්සුන්ට..)

    ReplyDelete
  3. තැනේටම වැදුනා ඇනේ

    ReplyDelete
  4. අපි වවමු රට නගමු ඈ...
    මරු පෝස්ට් එක අයියේ..

    ReplyDelete
  5. මේ වක්‍ර‍ව ලිව්වෙ බ්ලොග් නම් වත්ත ගැන නේද ?

    ReplyDelete
  6. කවදවත් බ්ලොග් නොලිවත් අවුරුදු 3ට කලින් ඉදලම මම බ්ලොග්ස් කියවනව.. මුලින්ම දක්කෙ අය්යා ගෙ බ්ලොග් එක.. ඊට පස්සෙ ගොඩක් බ්ලොග්ස් අදුන ගත්තා අඉයගෙ ලින්ක්ස් වලින් ගිහින්. අත්තටම ගොඩක් දුකය් අද බ්ලොග් කලාවට වෙලා තියන දෙ දක්කම නම්.. :(

    ReplyDelete
  7. තව ඩිංගෙන් වැරදි කොමෙන්ටුවක් දානව.ඇත්තම කිව්වොත් ටියුබ්ලයිට් උනා එකසැරයක්. :)
    හොඳ වැවිලිකරුවන්‍, නරක වැවිලිකරුවන් වගේම අනුන්ගෙ වගා විනාශකරන්න බලාගෙන ඉන්න උදවියත් ඉන්නව. ඒ වගේම වල්පැල 100%ක් නැතිකරන්න බෑ කවදාවත්. මම නං හොඳ වගාවන් බලල රසවිඳල එනව. මගේ වගාවත් පුළුවන් විදියට කරගෙව යනව. වැවිලිකරුවන්ගේ රැස්වීම්වලට යන්නෙත් නෑ. එතකොට ප්‍රශ්නත් නෑ.

    මේ වගාවෙත් ඉස්සර නිතර ඵලදාව නෙළුව. දැන් ඵලදාව අඩුයි වගේ. පොහොර ටිකක් දැම්මනං හරි.

    ReplyDelete
  8. බොරුවට ආයුෂ නෑ කියනවනෙ.
    යටින් කියවෙන කතාවනම් ආයෙ මොකට කියනවද...

    ReplyDelete
  9. ෂා මේ වත්තේ මල් හරිම ලස්සනයි, මේ පළතුරු හරිම මිහිරියි... :D

    ReplyDelete
  10. බ්ලොග් ලෝකය...

    ReplyDelete
  11. ඔය දීලා තියෙන්නේ ඉහ මොල කුඩු වෙන්නම..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  12. මට මතක් වුනේ "සාර භූමි" හූරන ටිකට් පත... හූරලා දැම්මම ගන්න දෙයක් නෑ....

    ReplyDelete
  13. එළටම ලියලා...කියන්න දෙයක් නෑ.....

    ReplyDelete
  14. ඔන්න ඕක තමා වැරැද්ද බ්ලොග් ලෝකෙයි ඇත්ත ලෝකෙයි කියල දෙකක් නෑ.දෙකේම ඉන්නේ එකම මිනිස්සුනේ? ඔහොම දේවල් වෙන්න ඕනනේ එක නිසා. :)

    ReplyDelete
  15. මාත් මේකෙ ඉඩං කෑලි දෙකක් ගන්නකොට මම දන්නෙ නෑ බං මේකෙ පෝර හැටියට යොදන්නෙ අමු ගූ කියලා. දැන් මොකක් කරන්නද?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  16. දුකා.. කලකිරෙන්න එපා කවදාවත්. හොඳ නරක කොහෙත් තියෙනවා. මම දන්නවා උඹ අවංක හදවතින් ආශ්‍රය කල උන් උඹට කල දේවල. ඒ ගැන දැණුවත් කලාට උඹට පින්.

    නෑ... මේ වත්ත තවමත් ලස්සනයි, සුවඳයි. මට නම් දැනෙන්නේ එහෙමයි. මොකද මම දකින්නේ හොඳ දේ නිසා. විඳින්නේ හොඳ දේ නිසා. ලබන්නේ හොඳ දේ නිසා. හිතන්නේ හොඳ දේ නිසා. ලියන්නේ හොඳ දේ නිසා.

    ReplyDelete
  17. දැන් කොයින්ද වැවිල්ලක් අනුන්ගේ වතුවලට එබිකන් කර කර ඒවායේ ගුණ දොස් විචෑරිල්ලක් මිසක් :-D

    ReplyDelete
  18. නුඹේ වත්තේ පල ගැන නිබ්බුත පද කියන්නට මට උවමනා නැත..,
    කාලය මේ හැමදේට පිළිතුරු සපයයි.
    එතෙක් අපි අපේ වතු වවමින් රස පල ලොවට දෙමු..!

    ReplyDelete
  19. සිල්ලර එළිය විනාස කළේ නම් සොයිසා...සිල්වා නෙවෙයි....!!!!

    ReplyDelete
  20. සාමලා අමරලා පසුතැවිලි වෙලා පැත්තකට නොවී සුවඳ හමන මල්, මිහිරි පළතුරු වවන්නයි ඒවා කඩන්නයි යා යුතුමයි ... නැත්නම් සොයිසලාට බැන බැන නිකම් ඉන්නයි හැමදාම වෙන්නෙ.

    දුකා මල්ලිගේ වත්තේ තවත් කාලයක් සුවඳ මල් පිපේවා!! මිහිරි පළතුරු ඵල ගනිත්වා!!!

    ReplyDelete
  21. අරුණි කියපු දේම තමා බං මටත් කියන්න තියෙන්නෙ.. තම තමා වවපු ‍දේවල ඵල ඒ ඒ අයම නෙලාගනී දවසක.. මමනං හැමදාමත් කියන්නෙ ‍සොයිසලාට බනින්න කටඅරින එකත් වචන හා ශක්තිය නාස්ති කිරීමක්.. ඒවා ඉග්නෝර් කරලා වෙනදා වගේම තමන්ගෙ මල්-පළතුරු ටික වගාකරන් හිටියානම් ඉවරයි..

    පලි: හැබැයි අර කවුදෝ කිවුවා වගේ මේ වත්තෙ නං දැන් ඒ හැටි මල්-පළතුරු දකින්ට නෑ බං, වවන එකාගෙ කිසි උනන්දුවක් නෑ.. :)

    ReplyDelete
  22. අහ්.... වැදුන නේද බොකු බඩවැලටම

    ReplyDelete
  23. හ්ම්ම්..මොනවා කියන්නද මන්ද..

    ReplyDelete
  24. මැණික් ගල් යට ගිහිල්ලා ගොමරිටි උඩට එන කාලයක් මේක දුකා. කරන්න දෙයක් නැහැ..එකතු කරන්න වෙනුවට භේද භින්න කරන්න හිස් අවකාශය යොදන්නන්ගෙන් ඒක පිරිලා. එත්.. වරක් පැල කළ ගසක් තව ගස් සිය දහස් ගණනකට ජීවිතය දේවි.. එතෙක් යන මගම යමු..

    ReplyDelete
  25. /* ඉස්සර සාරභූමියේ ආසාවෙන් මල් – පලතුරු වවපු අය, වැවුනු මල්වල සුවඳ විඳි අය, පලතුරු වල රස විඳපු අය තාමත් ඉඳහිට හිතින් හඬනවා ඒ සිහිනෙන් දිව ගෑ අතීතය සිහි කරමින්. */

    සහතික ඇත්ත දුකා අයියෙ...

    ReplyDelete
  26. මොක උනත් සාරභූමි වලම තමයි වල්පැලත් මතු වෙන්නේ නේද?
    වවන්නෝ හැටියට කරන්න තියෙන එකම දේ වල්පැල මර්දනය කරන එක...තමන්ගේ ඉඩමේ වල් පැලයක් මතු උනාම කටපියාගෙන ඉන්නේ නැතුව අනිත් අයටත් කියලා තනි තනියෙන් බැරි නම් එකතු වෙලා හරි, බේතක් ගහලා බැරිනම් මුලින්ම උගුල්ලලා පුච්චලා දාන එක... මොකද වල්පැල ඉක්මණට බෝ වෙනවා.....
    කළකිරීමට වගාව අත ඇරලා දාන එක හොද වවන්නෙක් කරන්නේ නෑ නේද අය්යේ.....?

    මට කෙලින්ම කියන්න තියෙන දේ මේකයි... මත්පැන් ගෑවුන තැනක් වෙතොත් එතනින් හොදකට වඩා නරකක් සිදුවෙන්න තියෙන ඉඩ වැඩියි....

    කාලෙකට පස්සේ මේ බ්ලොග් පැත්තේ ආවම මං වැඩියම ආසාවෙන් කියවපු දෙතුන් දෙනෙක්ම මේ තරම් කළකිරිලා ඉන්නවා දැක්කම මටත් කළකිරීමක් දැනුනා....

    ReplyDelete
  27. //ඒත් මේ මල් පලතුරු වල සුවඳ – රස හොඳින් අඳුන්න පුලුවන් තරම් රසඥතාවයක් තිබුනු අය හොඳම මල් වතු – හොඳම පළතුරු උයන් වලට ගිහින් ඒ මල් වල අපූර්වත්වය වින්දා . . .පළතුරුවල මිහිර රසවින්දා//
    එයාලට දැන් තියෙන ප්‍රශ්නය තමයි.. සුවඳ, රස විඳින්න ආවට වැවිලිකරුවෝ නම් වගාවට කලින් තරම් උනන්දු නැහැ වගේ පෙනෙන එක.

    ReplyDelete
  28. ආවෙමි
    වැවූ මලක සුවඳ වින්දෙමි
    කියන්නට දෙයක් නැති හෙයින්
    ආපසු යමි..

    ReplyDelete
  29. මටත් කලකිරීමක් නම් නෑ. මේ බ්ලොග් වත්ත කියවන්න ආවෙ පොත්, පත්තර, සඟරා වගේ මුද්‍රිත දේවල් කියවන්න තිබ්බ කාලයෙන් බිඳක් හොරෙන් අරන්.. මෙතන කියවන්න , කියවලා විඳින්න දෙයක් නැති උනදාට මන් ආයි මේකට වෙන කරපු කාලයත් ඒකටම දානවා.. බ්ලොග් වත්තෙ වගා කොලේ නම් හිතේ සතුටට.. ඒකත් වෙනවැඩකට යොදපු කාලයෙන් හොරෙන් අරන් කලේ.. ඒකෙ සරු පල වගේම මන් කැමති වල් පැලත් හිටෝනවා.. කවුරු ආවත් නැතත්..ඔය වත්ත වගා කරන එකට එහා ගිය ජීවිතයක් තියෙන නිසාත්, ඔය වගාවෙන් කියවන අයගේ සතුට හරි වින්දනය හරි මොකක් හරි වැඩි කරන්න යන එක හැර කිසිම දෙයක් පෞද්ගලිකව බලාපොරොත්තු නොවන නිසාවෙනුත් මන් ආයිමත් කියන්නෙ මට නම් කිසිම කලකිරීමක් නෑ. ඔය කියන මිනිස්සු එක්ක මන් කෑවා බිව්වා තමයි. හැබැයි හැම විටම මන් නම් බිව්වෙ මගේ කන්ට්‍රිබියුශන් එක දීලා. නැතුව පිනට බොන්න ගියේ නෑ. නොබොන වෙලාවල් වලත් බොන ගාන දීලා ඇති. ආන්න ඒ නිසාම වෙන්න ඇති මට ඒ අය ආශ්‍රය කලත් ඒ ගැනවත් කිසිම පසුතැවීල්ලක් නැත්තෙ. නමුත් අර බල්ලො එක්ක නිදියන් හිටපු නිසා මැක්කො කන්නා වාගේ මටත් කීප දෙනෙක්ම කෝල් කරලම බැන්නා. අනුන්ගෙ පව් වලට මට කරගහන්න ඕනි නැති නිසා මන් ඒවා මනුස්සකමට අහන් ඉඳලා ඔළුවෙන් අයින් කර ගත්තා. මට අදටත් බ්ලොග් ලියලා හරි කියවලා හරි ඉශ්ඨ කර ගන්න ටාගට් නෑ.. ඒ නිසාම හෙටටත් මේ වතු වගාව ගැන කිසිම කලකිරීමකට හේතුවක් නෑ.

    ReplyDelete
  30. නියමයි අයියේ නියම කතාවක් ....

    ReplyDelete
  31. හ්ම්..හ්ම්..තෙරුනා..දුකා..!
    අපිනම් පාඩුවේ බ්ලොක් එක ලියාගෙන සිටින්නෝ වෙමු..!!

    ReplyDelete
  32. අන් අයගේ වගාවන් ගැන හිතන්න යන්න එපා දුකා මල්ලී. අපි හිමිහිට අපේ සත්කාරය කලාම හරි. වැඩිය ඒවා නොබලන තරමට ඇඟට ගුනයි. දෙයක් කියවන්න තියෙන වටිනා කාලය මොකට අනවශ්‍ය දේට නාස්ති කරනවා ද? ඒ අය වගා කරනා ලෙසම ඵලදාවත් ලැබේවි, වපුරන බීජ ලෙස නේ ඵලදාව. තැවිමෙන් හෝ දුක්වීමෙන් පලක් නෑ. ඔබට දුගු ගමනක් යන්නට සුබ පතනවා! සෙනෙහසින්.

    ReplyDelete
  33. මන්දා බං.. ඕක කොතනටත් හරි.. ඔය සොයිස ලා ගැන නං මං දන්න එකක් නෑ.. කොහොම වුණත් අපූරු ලියුම් පොඩ්ඩ.. ප්‍රශ්න එනකොට දිරිය ගන්ට ඕනය කියලා දුකාට මතක් කොරන්ට තරං මං මෝඩ වෙන්නේ නෑ ඕං..

    ReplyDelete
  34. මේ අගක් මුලක් නොතේරුනත් ලියපු ලිපියේ වැදගත් යමක් තියෙනවා. ඒ වගේම නොකියා කියපු කතාවක් තියෙනවා.

    ReplyDelete
  35. ඔන්න ඕව පැත්තකට දාල වරෙන් යන්න මන්නාරං...

    ReplyDelete
  36. @රාජ්!
    ලංකා දීප විජය භූමි

    @මාරයා!
    කියල වැඩක් නෑ බන් . . අසාධාරනේ දැක්කම කටපුක වහගෙන ඉන්න ඇහැක්නම් කියලා හිතෙනවා

    @ලොකු ජෝන්!
    වැඩක් නෑ බන් ඒ වුනාට බලු වලිගේ උන පුරුකේ දැම්මත් නෑ ඇදේ ඇරෙන්නේ

    @තරියා!
    වවපු වවමු බන් නිකම් ලැබුනු ඉඩමනේ

    @සිරා!
    තව පොඩ්ඩක් කියෝලා බලන්ඩකෝ

    @පින්කි
    ඇත්ත . . . බ්ලොග් කලාව ආයේ ට්‍රැක් එකට ගන්න හමෝටම සෑහෙන්න මහන්සි වෙන්න වෙයි වගේ..

    @රාජ්!
    ඇත්ත බන් මමත් එහෙම කරන්න හිතා ගත්තා.
    මේ වත්තෙත් ඉඳලා හිටලා හරි යමක් වන්න ඕන කියලත් හිතා ගත්තා.

    @විමුක්ති!
    ඒත් අපේ රටේ නම් වැඩි ආයුෂ තියෙන්නේ බොරුවටම තමයි මොකෝ කියන්නේ?

    @බීට්ල්
    ෂා ෂා . . .

    @ප්‍රමුදි!
    ඒකත් ඉතිං හෑබෙ ලෝකෙම තමා ඉතිං

    @අඩවිරජා!
    අහ් එහෙම වෙලා තියෙනව දැක්කද . . බොරු එපා බන් . .

    @ගෝල්ඩ්ෆිෂ්!
    හෙ හෙ හේ මේ ගොඩක් ඒවා එහෙම තම බන් . . හීරුවට පස්සේ මොකුත් නෑ

    ReplyDelete
  37. @ඔබ නොදු‍ටු ලොවක්!
    තැන්කූ තැන්කූ

    @මහිම!
    ඒක නම් එහෙම තමා මහිම . .

    @ඩූඩ්!
    එහෙම්ම මත් නෑ බන් . . ඒත් පහුගිය කාලේ නම් අමු ගූ පෝර විදිහට දැම්මා ඉතරක් නෙමේ ඒවා වලින් නෑවා කස්ටිය. . හික්ස්

    @මාතලන්!
    ඔව් බන් . . . කලකිරිලා වැඩක් නෑ තමා. එත් මට අසාධාරණයක් උනු වෙලාවේ කට වහගෙන හිටියට තවත් අපේම එකෙක්ට අසාධාරණයක් උනාම එහෙම ඉන්න බෑ කියලා හිතුනා

    @මරේ!
    ඒ මදිද යකෝ . . .

    @ලිෂ්!
    හ්හ්ම්ම්ම් ම්ම් ම්ම් ම්

    @සචී!
    හෆොයි . . දැක්ක ගමන් හැදුවා ඒක . . .

    @අරුණි!
    ඔව් ඔව් අක්කා . . ඒත් ඒක බැනුමක්ම නෙමේ . . වැරැද්ද්දක් අසාධාරණයක් දැක්කාම ඒකට එරෙහි වීමක් කියලා කියනවනම් මම් කැමති

    @බුරා!
    හ්හ්ම් ම්ම් ඔව් ඔව් . . ඒකත් ඇත්ත තමා . . හරි ඕන් ඉඳලා හිටලා හරි වවන්න ඕන කියලා හිතට ගත්තා . .

    @සුදු මහත්තයා!
    කෝ කොහාටද?

    @හිරු හිමාවී!
    මොකුත් නොකිව්වත් කමක් නෑ අයියෝ

    @සරත්!
    කොසොල් හීන ඇස් පනාපිට හෑබෑ වෙනවා නේද බන් . .

    ReplyDelete
  38. @සාතන්!
    කට්ටියම එකතු උනොත් මලේ බැරිවෙන එකක් නෑ ගොඩ දාගන්න . .

    @හිරු!
    මත්පැන් හැමදේම විනාස කරන්නේ නෑ මිනිස්සුන්ගේ සිතුවිලියි විනාසකාරී.
    මත්පැන් කියන්නෙත් කලාවක් . . අපේ රටේ ගොඩක් අය ඒක නොදනන් එකයි දුක.
    හ්හ්ම්ම්ම් හැමදාමත් කලකිරිලා ඉඳලා බෑ නම් තමා

    @සුභා!
    ඒක ලොකු චෝදනාවක් . . බලමු අපි ඇහැක් හැටියට ආපහු කට්ටියව ෆොර්ම් කරලා ගන්න.

    @රූ!
    ස්තූතියි ආවටත් රසවින්ඳාටත් . . ජය

    @වෙනී!
    අහ්ත්වලාමේ . . උඹ මොකෝ මේ මේ තරම් සීරියස් ගත්තෙ.
    ඇත්ත බන් වැවිල්ල ඉතරක් කරගෙන හිටියනම් මේ තරම් සුන්දර මිනිස්සු කොහෙන් අඳුන ගන්නද? වල් ගහක් දැක්කම ඉගිල්ලුවා නම් මොකෝ කියලා කිව්වා විතරයි බන්z

    ReplyDelete
  39. පොඩ්ඩක් අපේ ඒවාටත් ඔලුව දාලා යන්න එන්න...

    ReplyDelete
  40. හිනා යනවා යකෝ.....! කොහොම හරි ඔය පොත හොයාගෙන කියවන්න ඕනේ......! කොහේද ඒකටත් ඉතින් වෙලාවක් නෑනේ....!

    මමත් මේ කල්පනා කොලේ වත්ත අත අරිනවද කියලත්.....!

    ReplyDelete
  41. හික්ස්... හරි ෂෝක් එකට ලියල තියෙනවා...

    ReplyDelete
  42. මෙතැනයි කියා වැටක් නැති ඔය වත්තේ මං උන්නේ වත්තේ ද නොවත්තේ ද යන්න අපැහැදිලි පසල් සාවියකයි. අසු හාර දාහට වැඩ අධික වීමත් ඉතිරි වෙලාවට අයිතිය කියන පොඩිත්තියත් නිසා වත්තේ සිදු වන දෑ අපට හුදෙක් ටීවී නිවුස් වීය. හැකි සෑම විටකම අනෙකෙකුගේ පලතුරක්‌ රස විදින්නට හා රස නම් රසයි කියන්නට පෙළඹුනෙමි. කතිකාවක් ලෙස [වල්පල් කතිකාවක්] ලෙස වැල්වටාරම් ලියුවත් ඒ ලියුවේ ලියන්න ඕනේ කියා හිතෙන ඒවයේ පමණි. ප්‍රතිපත්තියක් ලෙස නාමික "සිරා" "පට්ට" නොදමුවෙමි. ගැන්සි නොගසුනෙමි.

    සොයිසලාගේ ක්‍රියාවන් මට බල නොපෑවේ එබැවිනි. කොටින්ම මෙතන සොයිසා කවුද කියා පවා මට ඇත්තේ ඉඟියකි.

    මගේ අදහස නම් කිසිම ආකාරයක වාරණයක් පාලනයක් අනවශ්‍ය බවයි. ඒ වගේ සෙට් වීමේ දිග පලලද සෙට් වීම් තුල විසඳා ගත යුතු බවයි. අරුණි කියූ මතයට සමාන අදහසක් දරමි.

    කොලිටි අඩුනම් කොලිටි දේ ලිවීමෙන් ඒ අඩුව මග හැරීම කොලිටි දේ ලියන්නන්ගේ වගකීමයි. "කොලිටි" යන සබ්ජෙක්ටිව් වදන විවිධ අර්ථකතන තුලින් දැකීම නිදහස හැමට හිමිය.

    ReplyDelete
  43. දුකා අයියේ - වෙන අදහසකින් ආපු වවන්නෝ වගේම අනුන්ගේ වතු වල වැවෙන පළතුරු ගස් වද වෙන විදිහේ රසායනික දාන එවුන් සෙට් එකකුත් සාරභූමියේ බිහි වෙලා තියනවා නේද?

    ත්‍රස්තවාදී නායකයා කිව්වේ 'ශ්‍රී ලාංකිකයන්ට අමතක වෙනවා' කියල නෙමේ, 'සිංහළයන්ට අමතක වෙනවා කියල'. ඒ ප්‍රකාශය මේ ලිපියට ගොඩක්ම ගැලපෙනවා. හේතුව මේ වත්ත පැත්තේ ආයෙ ආයෙ යන්නේ 'සොයිසා' ව එච්චරම නොදන්න එවුනුයි, 'සොයිසා' ගේ ඇත්ත මුණ මුල ඉදල දැකල මිනිහට කවදාවත් නොරැවටුන එවුනුයි නේද?

    මම දැකපු විදිහට ත්‍රස්තවාදියාට සහයෝගේ දුන්න (ප්‍රකාශය අනුව 'සිංහළ' නොවන) එකට කාපු බීපු, මිනිහගේ අතින්ම විනාශ වුන අය තමා දැන් නොයා ඉන්නෙත්. ඒ වගේම ත්‍රස්තවාදියාට විරුද්ධ පිලේ 'කරුණා අම්මානුත්' වෙලා ඉන්නේ.

    බොහෝ දෙනෙක් බොහෝ වතුවල කථා කරන දෙයක් (මගෙත් වැටහීම) තමා මම මේ කිව්වේ. මමත් අළුත් වවන්නෙක් නිසා වැටහීම වැරදිද කියල දන්නේ නෑ. වැරදිනම් සමාවෙලා නිවැරදි කරන්න.

    ReplyDelete
  44. මම මුළ ඉඳන් අගට යනකන් වංලූන් හොයනවා..... මේ වෙන එකක්නේ.....


    බයනං නෑ කියලා නමේම තියනවනේ.... අඩු තරමේ ලැජ්ජාවවත් නැද්ද

    ReplyDelete
  45. @ දුමී අය්යා

    යකෝ වත්ත අත අරින්න... පිස්සුනම් කරන්න එපා.. ආසවෙන්ම යන වත්ත.ක්

    ReplyDelete
  46. තමන් වවන්නේ යම් දේද ඒ දේම නෙලා ගනී !

    ReplyDelete
  47. ගොඩක් දෙනෙක් වවන තැනේ තියෙන අවුල් මේ විදියට කිව්වට තව ගොඩක් දෙනෙක්ට ඒක තේරුණේ නෑ කියලයි මං නං හිතන්නෙ බං. මේකත් තේරෙන්නෙ නැති අය ඉන්න පුළුවන්. හැබැයි හැමදාමත් වවන්න ආසාවෙන් අලුතෙන් ගොවියො සාරභූමියට බහිනව. ඉතින් මේක හැමදාමත් වෙන්න පුළුවන් දෙයක්! වැවිල්ලෙ මැනුවල් එකට මේ වාගෙ දේවලුත් ඇතුළත් වෙන්න ඕනෙ කියලයි හිතෙන්නේ.

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails