Tuesday, July 10, 2012

ගිය සඳුදා ඩුබායි වලට වැස්සා . . . !!!



(පරන පෝස්ට් එකක් . . මොකද්දෝ හේතුවකට පබ්ලිශ් කලාට පස්සේ ආපහු අදහස වෙනස් කරලා ඩ්‍රාෆ්ට් එකක් විදිහට තිබ්බේ . . )


ගිය සඳුදා ඩුබායි වලට වැස්සා . . .

ගෙවල් ලඟ ඉන්දියන් කඩේ පාතරාසයට තෝසේ තුනක් ගිලමින් ඉන්න වෙලාවේ වහින්න පටන් ගත්තේ.

වැස්සේ අසිරිය හොඳින් විඳින ඕන නිසාම වේටර් කොලුවට කියලා තේ එක ප්ලාස්ටික් කෝප්පෙකට ඉල්ලගෙන හෝටලේ එලියේ ආවරණය යටට වුනා.

ඉස්කෝලේ ගිය පුංචි කාලෙත් වැස්සේ අසිරිය මම වින්දේ සදෙව් ලෝකෙට යන ගමනක් කියලා හිතාගෙන.

හෝටලේ එලිපත්තේ හිස් ප්ලාස්ටික් කෝප්ප, අතපිහිදපු කොල දාන්න තියලා තිබුනු කුනු බාස්කට් එකේ පියන උඩ නිල්පාට ඇස් තියෙන දුඹුරු පාට ලස්සන පූසෙක් හීතලට ගුලි ගැහිලා හිටියා.

හෝටලය ඉස්සරහා නවත්වපු කාර් එකක වීදුරුව පහත් උනා.

මගේ සොඳුරු ත්‍රස්තවාදියා තරම් පුංචි එකෙක් තොප්පියක් දාගෙන කාර් එකේ ජනේලෙන් "මියෑව් මියෑව්" කියමින් කම්මැලි පූසව අවුස්සන්න උත්සාහයක්.

පුංචි එකාගේ තාත්තා ඒකා දිහා බලාගෙන සතුටින් හිනාවෙනවා.

තේ එක බිබී උන්නු මටත් හිනා. හරිම සතුටු දායක සිදුවීමක්.

වැස්ස, හීතල, තේ, පුංචි එකා, පූසා . . .

මෙහෙම සිදුවීමක් හිත මහා සතුටකින් පුරවන්න තරම් ලොකු දෙයක් උනේ කොහොමෙයි . . .

ජීවිතේ සුන්දරයි.

ගිය සඳුදා ඩුබායි වලට වැස්සා . . .

ගෙදර ගිහින් ෆේස් බුක් එකේ ස්ටේටස් එකක් දැම්මා

"දේඛෝ බාරිෂ් හෝරහීහේ . . .

It’s Raining . . it’s raining . . it’s raining . . … .

ගිය සඳුදා ඩුබායි වලට වැස්සා . . .

මොහොතකට කලින් පුංචි සිදුවීමකින් මහා සතුටක් ලබමින් උන්නු එකෙක්ගේ හිත දුකෙන් බරවෙලා.

අනේ ලංකාවේ හිටිය නම් වැස්සේ අසිරිය නිතර විඳින්න තිබ්බා නේද?

හීතල වෙලාවේ සොඳුරු ත්‍රස්තවාදියයි ඒකගේ අම්මයි එක්ක ගුලි වෙලා වැස්ස දිහා බලා ඉන්න තිබ්බා නේද?

ගෙයක් දොරක් හදාගෙන තමන්ගෙම කියලා වාහනයක් අරගෙන එහේ පදිංචි වෙන කාලෙ වෙනකොට කිසිම දේක සුන්දරත්වයක් දකින්න බැරි තරම් ජීවත් වීමේ අරගලය උග්‍ර වෙලා තියෙයිද?

රට යන හැටි ගැන මේ අහන්න දකින්න ලැබෙන විදිහට හෙට දවස ගැන සුන්දර හීන දකින්න පුලුවන්ද?

නැති නම් ඌ තේ කෝප්පේ කිඹුල්ලු දකිනවද?

අම්මා තාත්තටයි ගෑනිටයි දරුවටයි දුකක් නොදී ජීවත් වෙන්න සලස්වන්න ඌට වයසට යනකම් මේ අවුරුද්දකට එක පාරක් වහින කාන්තාරේම ඉන්න වෙයිද?

වැස්ස ගෙනියපු දුරක් . . .

ගිය සඳුදා ඩුබායි වලට වැස්සා . . .

වැස්ස මවපු හීතලේ කල්පනා කර කර ඉන්න කොට මතක් උනේ නෑයෙකුගෙයි යාලුවෙකුගෙයි ඉල්ලීම්

උන් දෙන්න මතකුනේ එක පාරට ලංකාවෙන් ආපු කෝල් එකක් නිසා . .

අර නෑදෑ වෙන මල්ලී ඩුබායි එනවලු . .

උන් දෙන්නගේම ඉල්ලීම

"අනේ මචං, අනේ අයියේ ලංකාවේ ජීවත් වෙන්න බෑ. ඩුබායි වලින් මොකක් හරි රස්සාවක් හොයලා දෙන්න"

එක පාරට මතක් උනේ ගිය නිවාඩු දෙකේදිමුයි ස්කයිප් එකෙනුයි උන් එක්ක දේසපාලනේ නිසා මරා ගත්තු හැටි.

තාත්තයි මුන් දෙන්නයි එක්ක මරා ගත්තු තරම කොයි තරම්ද කිනවනම් මගේ පෝස්ට් වලින් හොඳම පෝස්ට් එක කියලා මම හිතන"බඩගැත්තරයාට සමාව බය බෝයි" ලිව්වෙත් ඒ නිවාඩුවකදී.
"වරායක් හදන්න කලින්, එකේ තියෙන ගල කඩලා හරියට වැඩ ඉවර කරන්න කලින් කෝටි ගනන් නාස්ති කරලා උත්සව තියනවා"

"කුඩු ගෙනවන උන්, එක්සටසි මත් පෙති ගෙන්වන උන් ඇමතිවරු, ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂන මන්ත්‍රීවරු"

"ඩෙන්ගු වලක්වන්න උපදෙස් දෙන්න ඩොස්තරලා පකිස්තාන් යවනවා අපේ රටේ ඩෙන්ගු හැදිලා අවුරුද්දකට සිය ගනන් මැරෙනවා"

"අපි ඩුබායි වලින් රුපියල් 60ට විතර පෙට්‍රෝල් ලීටරේ ගනිද්දී මෙහේ මෙහේ ලීටරේ 120"

"අසාධාරනේට එරෙහිව කතා කරන්න බෑ සුදු වෑන්, පාතාලේ"

"රට බේර ගත්තු ජෙනරාල් ජනාධිපතිවරනෙට ඉල්ලුවා කියලා බොරු චෝදනා දාලා හිරේ"

"ජනාදිපතිගේ පුතාට තනියෙම නීති විභාගේ ලියන්න ඉන්ටර්නෙට් තියෙන කාමරයක් දුන්නා කියලා චෝදනා කරපු තුෂාර ජයරත්නව මරන්න හොයනවා"

"බාල තෙල් ගෙන්නලා වාහන අබලන් කලා. වැරදිකාරයෝ වත් උන්ට දඬුවමක්වත් නෑ"

"මාලබේ කැම්පස් එකේ නිපුණ රාමනායකගේ ඔලුව උඩ නැගපු ගෑනිගේ පොලිසියේ මහත්තයට උසස්වීමක්"

"සිංහරාජේ කැලෑ කපනවා"

"භාරතව මැරුවා. ඇහින් දුටු සාක්කි ඇතත් මිනීමරුවෝ නීතිය ඉදිරියට ගෙනාවද?"

"ජනාදිපතිගේ පුතාට ටීවී චැනල් දාන්න මහජන මුදල් යොදා ගන්නවා"

"කොළඹ ඉඩම් විදේශ වලට විකුනලා ඒත් සල්ලි බැරවුනු ගිනුම මොකද්ද කියලා විරුද්ධ පක්සේ අහනකොට කිසි සද්දයක් නෑ"

"මිනිස්සුන්ට නීතිය ගැන තියෙන විස්වාසේ බිඳිලා මිනිස්සු නීතිය අතට අරන් ගෙවල් ගිනි තියනවා, දේපල නාස්ති කරනවා"

"මහජන දේපල විකුනන්න හැදුව කියලා වරෙනතු නිකුත් කරලා තියෙන රදලියගොඩ කිසි කරදරයක් නැතුව පොලිසිය ඇතුලට ගිහින් පොලිසියට තග දාලත් එනවා"

"එක්සත් ජාතීන්ගේ සමුළුවට නිව්යොර්ක් යද්දී හැත්ත බුරුත්ත ඔක්කෝම එක්ක ගිහින් උන්ට ලිමෝසින් වලයි රෙඩ් ස්ට්‍රීට් වලයි සැප අරන් දෙන්න කෝටි ගනන් නාස්ති කරනවා"

"මේ ඔක්කෝම බැලුවම නාස්තියයි දූෂනයයි නිසා බඩුවලට එකට දෙකක් අපි සල්ලි ගෙවන්න ඕන"

උන්ගේ පිලිතුර එකයි . .

"ඔය ඔක්කෝම පිට රට ඉන්න උන් කියවන වෙබ් සයිට් වල තියෙන බොරු"

"බලපන් අපේ රට කොයි තරම් දියුනු වෙලාද කියලා"

"අපේ ජනාධිපතු තුමා කියනවා වගේ තව ටික කාලෙකින්ම අපේ රට ආසියාවේ ආශ්චර්ය වෙනවා"

"රටේ දියුනුවට ඉරිසියා කරන පිට රටවල ඉන්න උන් තමයි කියන්නේ මෙහේ ජීවත් වෙන්න අමාරුයි කියලා"

ගිය සඳුදා ඩුබායි වලට වැස්සා . . .

වැස්ස ගෙනියපු දුරක් . .

"අනේ මචං, අනේ අයියේ ලංකාවේ ජීවත් වෙන්න බෑ. ඩුබායි වලින් මොකක් හරි රස්සාවක් හොයලා දෙන්න"

හොඳම යාලුවෙක් උනත් හිතවත්ම නෑදෑයෙක් උනත් . . දෙන්න තිබ්බේ එකම උත්තරයයි . . .

"ඉතිං ඇයි බන් ඔය ආශ්චර්ය දාලා , ඔය තරම් දියුනු රට දාලා මේ කාන්තාරෙට එන්න හදන්නේ ??"

ගිය සඳුදා ඩුබායි වලට වැස්සා . . .

වැස්ස ගෙනියපු දුරක් . . .



ප.ලි.:
නෑදෑවෙන මල්ලී ආශ්චර්ය අතහැරලා විසිට් වීසා එකක් ගහගෙන ඩුබායි ඇවිත්.

මේ ටිකේ මගේ ගෙදර.

ඌට ජොබ් එකක් සෙට් කරලා දෙන්න එහෙ මෙහේ දුවනවා.

පෝස්ට් එකක් ලියන්න, කොමෙන්ට් කරනන් වෙලාවක් නැතුවා.



47 comments:

  1. සමන් කළුබෝවිලNovember 10, 2011 at 4:47 PM

    එක දවසක් පොඩ්ඩක් වස්සලා වැහි දේයියොත් ශේප් උනා.... මොනා උනත් දැන් නම් සීතලයි.... ඔය අය්යගේ නාතියට (මේක හරියට ගහන්න මට හේන් ගේමක් දීලත් බැරි උනා. )ජොබක් සෙට් වේවා...... අයියට ජය.....

    ReplyDelete
  2. අයියා ඩුබායි වලට වහිනකම් බලාන ඉන්නවා.. මං ලංකාවේ ගාල්ලට හිම වැටෙනකම් බලාන ඉන්නවා.. :D

    ReplyDelete
  3. wassanam! mmm! mmm! lankawe wassa wage athal wassak man nam wena kohewath thama dakala na! mmm! :)

    ReplyDelete
  4. දේශපාලනයක් පටලලා අච්චර කළාතුරකින් වහින වැස්සේ ආතල් එකත් කාලා දැම්මා :D

    ReplyDelete
  5. තව රස්සා බිහිවෙයි ආයෝජකයො බයවෙන නීති රීති ගේනකොට...

    මචෝ මල්ලි දන්න කරුමාන්තෙ මොකක්ද... මාත් ටිකක් හොයල බලඤ්ඤං....

    ReplyDelete
  6. අපිට නම් මේ දවස් වල වහිනවා...ආය මදි නොකියන්න.

    ReplyDelete
  7. අපිටනම් වැස්ස එපා වෙලා.. ඔය පැත්තට ටිකක් එවන්නද අයියේ?

    බනියා කිව්වා වගේ මමත් හිම වැටෙනකම් බලා ඉන්නවා... :)

    ReplyDelete
  8. ඇයි මෙහෙටත් වැස්ස...

    හික් හික්... පොඩි කාලේ අහපු මැක්කාගේ කතාව මතක වුනා :)

    ReplyDelete
  9. @සමන්
    මෙහෙට මල්ලී වැස්ස නම් ඉතින් පොඩ්ඩක් උනත් මදෑ . .

    @බනී
    බලාගෙන හිටපන් ලන්නගදීම වැටෙයි . .

    @මාධව
    ඔව් බන් කියලා වැඩක් නෑ . .

    @බීට්ල්
    බලපන් ලංකාවට ගිහින් වැස්සේ ආතල් එක ගන්න විදිහක් නැති හැටි
    යුද්ධෙන් පස්සේ ඔක්කෝම හරි ගිහින් එහේ ගිහින් ජොලියේ ඉන්න හීන මැව්වා බන් . . හ්හ්ම්ම්

    @සපා!
    ඔව් නේ . . .පොඩි පොඩි බිසිනස් කාරයින්ට අවුලක් නෑලු බන් . . ලාභ ලබන ලොකු ඒවට වෙන්ටැ බැස්ටිය දෙන්නේ . . හික්ස්
    හරි මම උඹට කතා කරන්නම් මචෝ

    @නදී
    ඉරිසියයි හලෝ . .

    @හසී
    වැස්ස එපා වෙලා? මගුලක් කතා කරනවා.
    වැස්ස එපා නම් හිම මොටෝ?

    @ලොකු පුතා
    අපේ ජීවිතවල හුස්ම ගන්න එකටත් දේසපාලනේ බලපානව බන් . .
    එහෙව් එකේ මැක්කා ඇර වෙන මොකා ගැන කතා කරන්නද?

    ReplyDelete
  10. මෙහෙත් මේ දවස් වල වැස්ස.. දෙගොඩ තලා යන වැස්ස.. ඇත්තමයි ඒ වෙලාවට ලංකාව මතක් වෙන්නේ ඇයිද මන්දා.. ඒ වැස්සේ ලංකාවේ වැස්ස තරම් සුන්දරත්වයක් නැති නිසාද??

    ReplyDelete
  11. වැස්ස..!ගෙනියපු දුරක්...
    මෙච්චර අපෙන් බදු ගන්නේ ලංකාවේ ආශ්චර්ය කරන්න වෙන්ට ඇති....
    අනේ මංදා අපේ දුප්පත් අම්මා තාත්තා හූරං මේ රටේ රජ පවුල සැප විඳිනවා...!

    ReplyDelete
  12. මමත් ලගදීම ඔය පැත්තේ එන්න ඉන්න හින්දා මේ දවස්වල ලංකාවේ වහින දිහා හොඳට බලාගෙන ඉන්නවා

    ReplyDelete
  13. මේ පෝස්ට් එක මටත් බොහොම සමීපබවක් දැනෙනව.පුළුවන් ඉක්මනින් මේ දේශ දීපංකරෙන් චුතවෙලා මගේ රටට පයතියන දවසක් එනකන් අපිත් ඇඟිලිගනිනව. මගේ පවුලෙ ගොඩක් අය ඉන්නෙ එක එක රටවල. මුලින් ගියෙ ටික කාලෙකින් එන අදහසින් ඒත් ටික කලක් යද්දි ‍රැකියාව,දරුමල්ලො වගේ හේතු උන ඒ රටවලටම සින්නක්කර වෙලා.

    ReplyDelete
  14. එහෙත් හරි වැස්ස මෙහෙත් හරි වැස්ස. අනික්වා ගැන කිසිත් නොකියමි. ඒ තරම් තත්ත්වේ හොඳයි.

    ReplyDelete
  15. වැස්සේ ලස්සන ගැන කියවන්න ආස වෙලා ආවට තියෙන්නේ දේශපාලන කැතනේ... හික්... හැමදේටම දේශපාලනේ ගාව ගන්නෙ නැතුව අපේ ජීවිත අපිට ඕනේ ව්දියට ගෙනියන්න අපි ඉගෙන ගත්තම රට යන ව්දිය මොකක් වුනත් සතුට අපි ගාව හැමදාම තියෙනව... සර්ව සම්පූර්ණ රටක ලස්සන ජීවිත ගැන හීන දකිනවට වඩා පවතින රට ඇතුලේ ලස්සන ජීවිත ගොඩනඟා ගන්න කිසිම බාධාවක් නෑ කියලයි මම නම් හිතන්නේ.... කොහෙට වහින්නෙත් එකම වැස්ස...ලස්සනද කැතද කියල තීරණේ කරන්නේ අපිම නේද?

    ReplyDelete
  16. පැතුම කියපු කතාව ඇත්ත. ඇත්තටම දුකා ඔය රටේ එහෙම කිසිම ප්‍රශ්නයක් නැද්ද ? නොදන්නා කමට අහන්නේ. මෙහෙ ඉංගිරිසි චැනල් එකක් දැම්මොත් නම් වෙන රටවල ප්‍රශ්න තම කියන්නේ.. වෙන එකක් තියා පහුගිය දවස් වල අර ඇමෙරිකාවේ මිනිස්සුත් උද්ගෝෂණ කරනවා දැක්ක . රස්සා නැහැ කියල.

    ReplyDelete
  17. මෙහෙම ලියන්න ගියොත් නම් දුකාමලයව ban වෙයි.

    ReplyDelete
  18. We are leading a pathetic life here in Sri Lanka But No One Admits it.

    ReplyDelete
  19. රට ත්‍රස්ත්‍රවාදයෙන් බේර ගත්ත දේශපාලන නායකයන්ට මෙන්ම හමුදා නායකයන්ට ද මේ රටේ බුද්ධිමත් ජනතාව නිරතුරුවම ස්තූතිවන්ත වෙනවා, එය පක්ශ දේශපාලනයෙන් එහාට ගිය ඊට වඩ පුලුල් දැක්මක්.
    එහෙත් ත්‍රස්තවාදයෙන් රට බේරාගත් ඉහත කවර ආකාරයේ නායකයෙක් උවද යුද්ධයෙන් පසු වතාවරණය කලමණාකරනය කිරීමට තරම් දක්ශයන් නොවන බවට වර්තමානයේ අසන්නට ලැබෙන පුවත් උදාහරනයක්....

    මේ සදහා සුදුසු නායකත්වයක් වර්තමාන දේශපාලන සිතියම් තුල ඇති බවක්ද මයියා ට නම් පෙනි යන්නෙ නැහැ...පක්ශ වලට සින්න උන...රස්සවටයි බත්පැකට් එකටයි චන්දේ දාන බහුතර ජනතාවක් ඉන්න රටකට මේය ඒතරම් ප්‍රශ්ණයක් ද නැත....

    එම නිසා වැස්ස පොඩ්ඩක් අඩු උනද.......ඔය පැත්තේම ඉදගෙන, රට හදන්න බැරි නම් තමන්වත් හැදෙන්න කල්පනා කරන එක බුද්ධිමත් තීරනයක් බව මයියා ගේ විශ්වාසයයි, මේය ආත්මාර්තකාමි හැගීමක් නොව, තම දරුපවුල වෙනුවෙන තම කාලය ශ්‍රමය කැප කරන මිනිසකුගේ සිතුවිල්ලක්....

    ReplyDelete
  20. හිතුමතේ දුකා අය්යාගේ බ්ලොග් එකේ සටහන් තබන මුල්ම කමෙන්‍ටුව....

    ඔහෙත් හරි වැස්ස... මෙහෙත් හරි වැස්ස...

    දැන් නම් අපිට වැස්ස එපා වෙන්න තරමට වැහැලා...

    ජිවිතේ හැම ප්‍රශ්නයක්ම හිතනවටත් වඩා හොදට විසදගෙන මේ මව් තුරුලේ සැනහෙන්න ඉක්මනින්ම ලැබේවා කියලා සුභ පතමි.....

    ReplyDelete
  21. ගොරවන තරමට වහීවිද ?

    මම බලාන ඉන්නේ තෙල් වැස්ස වැට්ටෙනකම් ..එදාට කිරෙන් කාලා තෙලෙන් අත හෝදාගන්නවත් බැරියැ ..

    ReplyDelete
  22. මාත් හරි ආසයි මෙහේ වැස්සට. දවසක් ලංකාවේ මහ වැස්සක් වීඩියෝ කරගෙන ඇවිත් මෙහේ ඉඳන් විටින් විට බැලුව. පැල්බැඳගෙන ලංකාවෙ වහින කොට දැනෙන හීතල හිතින මවාගන්නව එතකොට.

    අනේ මෙහේ වැස්ස වලාහක දෙවියනේ 23 වැනිද වෙනකල් ඔහොමම ටිකක් හැංගිලා ඉන්නකො අපේ මැචස් ට්ක ඉවර වෙනකල්.

    මං දැක්ක ක්‍රික් ඉන්ෆො එකේ තිබුන අපේ කස්ටිය ඇටකාමා කාන්තාරෙට යවන්න ඔනෙ කියල එහෙටත් වහීවිද බලන්න.

    ReplyDelete
  23. වැස්ස ගැන නම් කතා කරන්න එපා. මගෙ කාර් එකේ ලස්සනට තිබුණු දුවිලි තට්ටුව බාගෙට හේදිලා ගිහිල්ල දැන් හරියට තිත් මුවෙක් වගේ. සියිඩ් කන්නාඩියෙන් බැලුවට මෙලෝ දෙයක් පේන්නෙ නෑ ඒකේත දුවිල්ල තිත් තිත්.
    මෙහෙ වැස්සත් හරියට ලංකාවෙ දේශපාලනය වගේ බාගෙට.
    මොකද කියන්නෙ අයියෙ පෝස්ට් එකේ ටයිටල් එක වෙනස් කරමුද
    ගිය සඳුදා ඩුබායි වලට වැස්සා බාගෙට . . .
    කියල

    ReplyDelete
  24. වැස්ස කියද්දී මතක් උනේ ...පැයයි දෙකයි වහින්නේ මුන්ට මෙන්න වැඩේ,http://www.youtube.com/results?search_query=jeddha+rain&aq=o ,අපිට මාස ගානක් වැස්සත් මෙහෙම නැ. කොහොමින් කොහොම හරි ඔය දුකාලගේ වැස්ස මෙහාටත් එන්න කලින් ගම රට යන්න තාම අපේනම් කල්පනාව.......

    ReplyDelete
  25. දුකාට හිතුනු දේම නොවුනත් ඊට ගොඩක් ලඟින් යනවා!කියවල බලන්න!
    අහිමි සැප!!
    http://sabithl.blogspot.com/2011/08/blog-post_29.html

    ReplyDelete
  26. පිස්සු හැදෙන වැස්ස..!
    මෙහෙ

    පාරවල් හදනවා...
    කඩ කඩා හදනවා
    හද හදා කඩනවා
    අනේ උන් හැදෙනවා..

    ReplyDelete
  27. මං කීවෙ . . ලංකාවෙ ක්‍රිකට් ටීම් එකම එන්න ඕනෙ . . .

    ReplyDelete
  28. අපිත් ඔයාගේ බෝට්ටුවෙම තමා දුකා අයියේ

    ReplyDelete
  29. හ්ම් එක දවසක් වැහැල මෙහෙම ලිව්වනම් දිගටම වැස්සොත් ?

    ReplyDelete
  30. මහ හයියෙන් වැහලා, පීලි උතුරලා, හෝ ගාල බැහලා යන වතුර පාරක්... හිතෙන් මවාගන්න විතරයි අපිට උරුම. දැන් ඒ සද්දයත් හිතෙන් හේදිලා යනවද? දැනෙන්නේ වේදනාවක්.

    කට්ට කාගෙන හරි තමන්ගේ එවුන් වෙනුවෙන්, තමන්ට අහිමි දේවල් සුළුවෙන් හරි සරි කර දෙන්න මහන්සි ගන්න එවුන් ඊටත් වඩා ලොකු කොටසක් සමස්ත රටටම කරනවා - ඒ විදේශ විනිමය කියන මහා කුළුණ ඉහළට ඔසවලා. හබැයි එවුන් කවදත් ඒ කුළුණ පාමුළ.

    ඉඳහිට වැටෙන පොද වැස්සක් වුනත් නුඹ කියනවා වගේ කාන්තාරයේ අපිට ලොකුයි, ඒකත් හිසමත වැටෙද්දී හීසැර වගේ දැනෙන්න පටන් ගන්නවා...

    ReplyDelete
  31. අපිට නම් එපා වෙන්න වහිනවා...

    ReplyDelete
  32. ලංකාවෙන් පිට ඉන්නකොට තමා වැඩියම ඔය වගේ දේවල් දැනෙන්නෙ නේද අයියා..

    ReplyDelete
  33. මෙහෙ අයට නම් දුක මැච් එක වැස්සට හෙදුන එකට මොකද කවදාවත් වහින්නෙ නැති සාජාවලටත් වැස්සනෙ අපරාදෙ මැච් එක

    ReplyDelete
  34. ගිය සඳුදා ඩුබායි වලට වැස්සා......!

    අපරාදේ !! අපිට මැච් එක දිනන්න බැරි උනා....!

    වැස්සට හෙනම ගහපිය.....!

    ReplyDelete
  35. තවම ආශ්චර්යය පටන් ගත්තා විතරයි, එලි වෙන ජාමෙට තමා හොඳ හොඳ සෙල්ලං .......

    කොහොම උනත් ස්ථිර ආදායමක් හදා ගන්නෙ නැතුව නං මේ පැත්ත පලාතේ එන්න එපා .......

    කොහොම කලත් අපිට දෙයක් ගන්න දෙයක් කැප කරන්න වෙනවාමයි ඒකට ඉතිං කොරන්න දෙයක් නැත .......

    ReplyDelete
  36. අපිට නම් වැස්ස අඩු නැත . හෙට අනිද්දාට හිතල වෙන එක තමයි ඉවසන්න බැරි .

    ReplyDelete
  37. මෙහේටත් වැස්සා හොඳටෝම පහුගිය දොහේ හැන්දෑවට හැන්දෑවට.
    ගෙදර යන්නෙ නාගෙන, පස්සෙන් එන උණ හෙම්බිරිසාවත් කර ගහගෙන
    කරුමෙ කියල මෙහේ ඉඳං හිතුවට කාන්තාරෙට වහින වැස්සෙ ලස්සන
    දුකා කාලා දැම්ම කොහේද යන දේසපාලන ඌරෙක් ගෙනැල්ල කණුවෙ බැඳල

    ReplyDelete
  38. මම කියවපු ලස්සනම බ්ලොග් එකේ ලස්සනම කතාවක්.... ඒ වචන ටික කියවද්දි මටත් නොදැනීම මමත් ඒ ඇතුලට කිදා බැස්සා....
    ජය!
    (මාව මතකද දන්නෑ)

    ReplyDelete
  39. ලංකාවෙ වැස්ස හරි තදයි..ලොකු කුඩ තියන අයට නම් ඒ තරම් ප්‍රශ්ණයක් නැතුවා වගේ....

    ReplyDelete
  40. මේ සේරම බලාගෙන ගියාම කවදා හරි ලංකාව දාලා එන්න වෙන තත්ත්වයක් ඇති වෙයි.

    ReplyDelete
  41. අපටත් වැස්ස නම් හොදටෝම....තිත්ත උනත් ඇත්ත කියපු එක ගැන සතුටුයි සහෝ. හුගක් අය කතා කරන්න බයයි. මයේ හිතේ දත් හැලෙන හන්දා වෙන්ටෑ. සතුටුයි කොන්ද ඇති එකෙක්වත් මෙහෙම හරි ඉන්න එක ගැන.

    ReplyDelete
  42. සමහර රටවලට විකල්ප තියෙනව, අපිට නුදුරු අනාගතේක එහෙම දෙයක් පේන්නවත් නැහැ.

    ReplyDelete
  43. සමහර රටවලට විකල්ප තියෙනව, අපිට නුදුරු අනාගතේක එහෙම දෙයක් පේන්නවත් නැහැ.

    ReplyDelete
  44. "මගේ සොඳුරු ත්‍රස්තවාදියා තරම් පුංචි එකෙක් තොප්පියක් දාගෙන කාර් එකේ ජනේලෙන් "මියෑව් මියෑව්" කියමින් කම්මැලි පූසව අවුස්සන්න උත්සාහයක්."

    මම වගේම පොඩි එකෙක් :)
    ==============

    සයිබර් යායටත් ලඟදි ලොකු වැස්සක් වැහැල තිබ්බා

    http://cyberyaya.blogspot.com/2011/11/blog-post_7171.html

    ReplyDelete
  45. ඔය දුක අපිත් ඇති තරමට වින්දා.. දැන් නම් දෙයියනේ කියල එකට ඉන්නවා ඔස්ට්‍රේලියවට වෙලා.... මේ පැත්තෙ එන්න බැලුවෙ නැද්ද....

    ReplyDelete
  46. අච්චර සුන්දර රටක් දාලා . . .ආදරේ කරන මිනිස්සු දාලා මයිග්‍රේට් කරන්න හිත හදාගන්න අමාරුයි අප්පා . . .

    ඒ ගැන කතාවක් ඇති වෙන හැම වෙලාවෙම එතනම ලොප් වෙනවා.

    අපි දෙන්නගෙන් එකෙක්ට වත් ඔය අදහස හිතට ගන්න බොහෝම අමාරුයි.

    ReplyDelete
  47. අප්පට සිරි කිව්වලු

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails