Wednesday, December 7, 2011

මං . . මේ මං . . . !



හාත්පස ඇදහිය නොහැකි නිස්කලංක බව හිතේ ඇති කරන්නේ නොසන්සුන්කමකි.

ඒ නිස්කලංකබව අනෝරා වැස්සකට පසු ඇතිවන අරුම නිස්කලංක භාවය මෙනි.

දෙදෙනාගේ වචන හුවමාරුවේ ගෝසාව ඒ නිස්කලංකබව මැද සුලි සුළඟක් මෙන් දෙසවන සිසාරා රැව් පිලිරැව් නඟයි.

කතාබහේ දිගුව කවුරුන් විසින් අරබන්නදෝයි සිතේ කරන පෙරලිය අනෙකාට ඇසෙයිදෝ මෙන් බියෙන් දෙදෙනාම දෙදෙනා දෙස බලාගත්වනම හුන් ආසන වලම හිරවී සිටී.

"නිරාෂා, ඔයාගේ ඔය මල ඉලව් ගායනය නවත්තලා විනෝදාංශ ඕනෙම නම් වෙන මොනව හරි කරන්න . . ., පොත් බලන්න පුලුවන්, ෆිල්ම් බලන්න පුලුවන් කොයි තරම් දේවල් තියෙනවද රටේ ලෝකේ"

නිරාෂාගේ නළලේ රැලි කීපයක් නැඟෙන්නේ ඇගේ මුවට එක්විටම ගලා ආ වදන් සීමා කරගෙන සිත් නොරිදෙන පිලිතුරක් ගොඩ නගා ගන්න කාලය ලබා ගනු වස් යැයි සහන්ට නොතේරිනිද?

"අනේ සහන්, මම හිතන්නේ මට සින්දු කියන්න හොඳ හැකියාවක් තියෙනවා, මට හොඳ කට හඬක් තියෙනවා කියලයි. අනිත් අයත් එහෙම කියනවනේ . . . අනෙක මම හරිම සතුටක් ලබන්නේ ඒ විනෝදාංසෙන් . . ඉතිං එහෙම එකේ ඇයි මම ඒ විනෝදාංශේ නවත්වලා ඔයා කැමති, ඔයා තෝරලා දෙන විනෝදාංශයක් තෝරගන්න කියලා කියන්නේ?"

අධිපතිවාදය, අනෙකා මත තම බලය පැතිරවීමට ඇති කැමැත්ත හෝ ඉරිසියාව . . . මේ සියල්ල සමඟ සම්ම්ශ්‍රණය වූ හැඟීමක් සහන්ගේ හිතට ආ නමුත් ඒ සියල්ලට ප්‍රතිවිරුද්ධ අදහසක් ප්‍රකාෂ කල යුතු බැව් ඔහුගේ හිතට නැගෙන්නේ අසුරක් ගසන නිමේෂයකින්.

"මම එහෙම කියන්නේ ඔයාට තියෙන ආදරේ නිසානේ ළමයෝ . ."

මේ දැන් මෙතන ඉන්නේ මීට මොහොතකට කලින් ගෝරනාඩු කල මිනිසාමදැයි සිතා ගත නොහැකි තරම් වූ ළාමක හඬක් කෙසේ ආරෝපනය කර ගත්තාදැයි සහන්ටම හිතුනු අතර "අනේ මේ මිනිහා මට කිසි හැඟීමක් දැනීමක් නැති එකියෙක් කියලා හිතනවද?" කියා හැඟීමක් නිරාෂාට ඇති වුනු බව සහන් සනාත කර ගන්නේ ඇගේ මුහුනේ ඇතිවී නැතිවුනු සමච්චල් සිනාව නිසාවෙනි.

සැබෑ ආදරය නම් අනෙකාගේ සතුට පතන, තමන් ආදරය කරන කෙනා සතුටු දේ ලබාගෙන සතුටු වීම දිහා බලා සතුටු වීම නොවේදැයි වාදකලේ පසුගිය සතියේය. මේ ඉක්මනට ඒ දේ අමතක වූවාද නැති නම් උවමනාවෙන් අමතක කලාද?

"මට තියෙන ආදරේ නිසා නම් ඇයි මම සතුටු වෙන දෙයක් කරනවට ඔයා ඔය තරම් අකමැති සහන්"

යලිත් ගෝරනාඩුවක් තරම් වචන හුවමාරුවකට යාමට නොරිසි නිරාෂා මතුරන්නේ සහන්ට ඇසෙන්නට නොව ඈත ක්ෂිතිජයේ කොහේ හෝ ඉන්නා හදවතේ සියුම් රිද්මය පවා හඳුනා ගත හැකි ප්‍රානියෙකුට පවසන්නාක් මෙන් නොපෙනෙන අනන්තයක නෙත මානාගෙනයි.

මං . . මේ මං . . . මං කිරිල්ලියක් . .
මං කිරිල්ලියක් තමයි . .
මේ . . මගේ පිහාටූ . .
මට ඉගිල්ලෙන්න නොදෙන එකයි හරි කනගාටූ
හිත සනසවන්න හිස අතගා දෙඩුවත් චාටූ . .
තටු කපන්නේ ඇයි . . හද මවමින් අඳුරු කුනාටූ . . . .

නිල් අහස අයිති අපටයි . .
ඔව් අත්තටු ඇති අයටයි . .
මේ ගමන අලුත් ලොවටයි . .
වැට කඩුළු ලෑම නිවටයි . .

ගඟ ගලන්නේ සමුදුරටයි
ඔව් බාදක නම් එමටයි
තටු ලැබෙන්නේ පෙර පිනටයි
තටු කපන්නේ බැරි කමටයි . .
තටු කපන්නේ බැරි කමටයි . . !

ගායනය - නිරෝෂා විරාජිනී
ගී පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීත නිර්මාණය - මහින්ද බන්ඩාර


පහුගිය කාලේ දවසක් බස් රේඩියෝ එකේ කතාබස් වැඩසටහනකට මට ආරාධනා ලැබිලා ඒක විකාෂනය වෙන අතරට දාන්න මගේ ප්‍රියතම ගීත කීපයක් තෝරා දෙන්න කියපු වෙලාවේ මම තෝරපු ගීතයක් මේ ගීතය.

නමුත් වැඩසටහන අතරතුර ගූගල් බස් සමඟින් එකතු වෙලා වැඩසටහන අහපු අය බස් එකේ කොමෙන්ට් කලා අයියෝ මෙලෝ රහක් නැති සිංදුවක් මේක නම් කියලා.

මම මේ ගීයට ප්‍රිය කරන්නේ මේ ගීයේ මට විඳින්න පුලුවන් තරමේ රසයක් (අර්ථය, සංගීතය, ගායනා කරන ආකාරය) තියෙන නිසා.

එත් මේක මෙලෝ රහක් නැති එකක් කියලා කියන අය මෙකේ පදමාලාවේ අර්ථය තේරුම් අරගෙන නැති නිසා මෙලෝ රහක් නෑ කියනවා වෙන්න ඕන කියලා මට හිතුනා.

ඉතිං එදා හිතුවා වෙලාවක මේ ගීතයේ අර්ථය මට දැනුනු විදිහ ලියන්න ඕන කියලා . . .

ඉතිං එච්චරයි . . . . . !!!

අදහස් දක්වපු හැමෝටම බොහෝම ස්තූතියි . . .

36 comments:

  1. ආදරය කියන සීනි දැවටුමෙන් ඔතලා දෙන්නෙ තිත්ත ඉරිසියාව නේද මේ ?

    ReplyDelete
  2. හම් හම්.......හරි ලස්සන සින්දුවක්....
    කොයි තරම් ඇත්තද කියලා තියන දේ....කියන්නෙනම් ඔයාගේ සතුට තමා මගෙත් සතුට කියලා...ඒත් හැම වෙලේම බලාපොරොත්තු වෙන්නේ අපි එයාලා කියන දේම කරන්න ඕන කියලා....නොකෙරුවාම රණ්ඩු තමා.....

    ReplyDelete
  3. //...සැබෑ ආදරය නම් අනෙකාගේ සතුට පතන, තමන් ආදරය කරන කෙනා සතුටු දේ ලබාගෙන සතුටු වීම දිහා බලා සතුටු වීම..//

    මම හිතන්නෙ මේකට සීමාවක් තියනවා....සීමාව ඉක්මවා අනෙකාගෙන් කැප කිරීම් බලාපොරොත්තු වීම අසාධාරණයි. අයිතිවාසිකම් රැක ගන්න ගෝරනාඩු කරනවා වගේම යුතුකම් ඉෂ්ට කරන්නත් ඕන...
    අනිත් එක මම දන්න තරමින් කිරිල්ලියන්ගෙ තටු කපන්නෙ කුරුල්ලො නෙවෙයි...කිරිල්ලිට තටු කපා ගන්න වෙන්නෙ නොගැලපෙන කෙනෙකුට අයිති වුනොත් නේද ?

    ReplyDelete
  4. "තමන් අකමැති උනත් අනිත් කෙනා එකෙන් සතුටුවෙනවා දැකල සතුටු වෙන්න පුළුවන් එකයි ආදරේ කියන්නේ"
    හොද කතාවක් අය්ය ... මට මතකයි මේ කතාව අය්යගේ මොකද්ද පුරුද්දක් ගැන කියලත් ලියල තිබුන කලින් පොස්ට් එකක
    ජයවේ !!

    ReplyDelete
  5. ලස්සන අර්ථයක් ඇති ගීයක්. මම හරිම ආසයි. ඔබගේ කථාවත් ඉස්තරම්. මම නම් හිතන්නේ අපි දෙන්නෙක් විදියට හිතන්න හොඳ නැහැ. ඇයත් කැමති දේ ඇති. ඒකට ඉඩ දෙන්නත් වෙනවා. තමන්ගේ තත්ත්වේ තියාගෙන මොනවා කලාම මොකද? පටු සීමා වලට කොටු වීම අතිශ්‍යය භ්‍යානකයි විවාහයකදී.

    ReplyDelete
  6. සිංදුවට දීලා තියෙන කතාව නම් නියමයි අයියේ...

    ReplyDelete
  7. මතකද අයියෙ එදා බස් රේඩියෝ එකෙන් ඔය සින්දුව ඉල්ලපු වෙලාවෙ මම කියපු දේ.

    අද තමයි සිංදුවේ නියම තේරුම තේරුනේ..

    "තටු ලැබෙන්නේ පෙර පිනටයි
    තටු කපන්නේ බැරි කමටයි . ."

    ReplyDelete
  8. ඉරිසියාව... ආදරෙත් එක්ක වැඩි වෙනව කියල අහල තියෙනවා... ඒක නිසා වෙන්න ඕනි...

    ගීතයට දීපු කතාව මරු...

    ReplyDelete
  9. මේක කෙල්ල සින්දුවක් වත් කියනවට අකමැති නරුමයෙක්ද? පව් ඒ කෙල්ල.

    ReplyDelete
  10. මේ සින්දුව ගැන හරියට හිතුනෙ දැන් තමයි.
    …කොහොමත් ඔය කතාවෙ වගෙ පොතක් බැලුවනම් කොයි වෙලාවෙත් පොත් බලනවා කියල්ල බනියි. ෆිල්ම් එකක් බැලුවොත් කාලය කනවා කියලා බනියි .. ඔන්න ඔතන තමයි අර පොරොන්දම් ගැලපිල්ල වගෙ ගැලපෙන්න ඔනෙ එතකොට නම් ඔය ප්‍රශ්නය ටිකක් මග හැරෙයි.

    ReplyDelete
  11. හ්ම්ම්... සහන් නීති කාරයෙක්ද නැත්තන් මෙහෙම කියන්නේ ඇත්තටම අනතුර දැකපු නිසාද? ලස්සන කතාව අය්යේ.. මොනවා උනත් තටු තිබ්බ පලියට වැඩිය උඩ නොයා ඉන්න තරමට හොදයි.. කව්ද දන්නේ තටු ලැබෙන්නේ පෙර පිනටද පවටද කියලා.

    ReplyDelete
  12. නියම අදහසක් දුකා අයියේ .. කියවාගෙන ගියේ මේ දුකා ලියාපු මොනවා හරි ඇත්ත කතාවක්ද කියලා හිතන ගමන් ..

    කතාව කියවලා වගේම අහලා යන්නයි හදන්නේ

    ReplyDelete
  13. //සැබෑ ආදරය නම් අනෙකාගේ සතුට පතන, තමන් ආදරය කරන කෙනා සතුටු දේ ලබාගෙන සතුටු වීම දිහා බලා සතුටු වීම නොවේදැයි වාදකලේ පසුගිය සතියේය //

    හැබෑවටම ඕක ඔහොමමද ? තමන්ගෙ සහකාරිය හෝ සහකරුවා සතු‍ටුවෙන්න කරන්නෙ තමන් අකමැති දෙයක් නම්, ඒකෙන් තමන්ගෙ හිතේ ඇතිවෙන්නෙ නොසතුටක්නම්. හුදෙක් අනෙකා දිහා බලල සතු‍ටුවෙන්නෙ කොහොමද ? සතුට තියෙන්න ඕනෙ තමන්ගෙ හිත ඇතුලෙ නෙමෙයිද?

    ආදර කූඩුවෙ ලස්සනට එල්ලන තවත් එක සවුකොළ ‍රැල්ලක් ගැන නෙමෙයිද ඔය කියන්නෙ?

    මම නම් හිතන්නෙ ඔය මනුස්ස බැඳීම් එක්ක සාහිත්‍යය පටලවාගෙන යථාර්ථය ඒකමයි කියල මනෝලෝක වල ජීවත් වෙන්න ගියාම තමයි ඔය රටේ නැති ප්‍රශ්ණ.

    සමහර විට කිසිම කෙනෙක් මීට කලින් නිශාරාගෙ ගායන නොහැකියාව ගැන මූණටම නොකියන්න ඇත්තෙ හිත රිද්දන්න බැරි කම නිසා, එහෙම්ත් නැත්නම් අපිට මොකෝ කියන ආකල්පය හන්දා වෙන්නත් පුළුවන්.

    ඒවගේම රටේ ලෝකෙ අනිත් මිනිස්සුන්ට නිශාරා විහිළුවක් වෙන එක ඉවසාගන්න බැරි කමට [ආදරේට] සහන් එහෙම කිව්ව වෙන්නත් පුළුවන්. [මොකද ඔය අනන්තවත් සුපර් ස්ටාර් ප්‍රොග්‍රෑම් වලට ඇවිල්ල මිනිස්සු තමන්ට සින්දු කියන්න හැකියාවක් තියනව කියල හිතාගෙන මෙලො රහක් නැතු ඒව කියල රෙදි ගලවං යන්නෙ - මම හිතන්නෙ ගෙවල් වල මිනිස්සුත් අනේ ආසාව කියල ඉවසං ඉන්න ඇති රට ඉස්සරහම නෝන්ඩි වෙනකන්]

    ReplyDelete
  14. සින්දුවනම් මාර ලස්සනයි.. ඇත්තමයි අදයි මුලින්ම අහුවේ.. ඒකට ගෙතුන කතාවත් ලස්සනයි..

    ReplyDelete
  15. නැතිවෙයි කියන බය තමයි ඉතින් ඔය එක එක විදියට එළියට එන්නේ..

    ReplyDelete
  16. තටු කපන්නේ ආදරේ නැති නිසා නොවෙයි. ඒ තටු වලින් නොපෙනෙන දුර ඉගිල්ලිලා නැතිවෙලා යයි කියන බයටයි.

    ReplyDelete
  17. සිංදුවත් එක්ක කතාව නියමයි.

    ReplyDelete
  18. අභිමාන් ෆිල්ම් එක වගේ නේද . මගේ හිමියන් වාසනාවන් කියල හිතෙන්නේ මේ වගේ වෙලාවට තමයි.

    ReplyDelete
  19. ආදරෙයි ඉරිසියාවයි දෙක හරියට ජංගියේ ඉලාස්ටික් එක වගේ..තද උනොත් පාර හිටිනවා..බුරුල් උනොත් කඩං හැලෙනවා......

    ReplyDelete
  20. තටු කැපුවායින් පස්සෙ සතුට පෑල දොරින් පලා යාවි නේද....
    ලස්සන කතාවක් වගේම ලස්සන සිංදුවක්....

    ReplyDelete
  21. පහුගිය කාලේ දවසක් බස් රේඩියෝ එකේ කතාබස් වැඩසටහනකට මට ආරාධනා ලැබිලා ඒක විකාෂනය වෙන අතරට දාන්න මගේ ප්‍රියතම ගීත කීපයක් තෝරා දෙන්න කියපු වෙලාවේ මම තෝරපු ගීතයක් මේ ගීතය.

    නමුත් වැඩසටහන අතරතුර ගූගල් බස් සමඟින් එකතු වෙලා වැඩසටහන අහපු අය බස් එකේ කොමෙන්ට් කලා අයියෝ මෙලෝ රහක් නැති සිංදුවක් මේක නම් කියලා.

    මම මේ ගීයට ප්‍රිය කරන්නේ මේ ගීයේ මට විඳින්න පුලුවන් තරමේ රසයක් (අර්ථය, සංගීතය, ගායනා කරන ආකාරය) තියෙන නිසා.

    එත් මේක මෙලෝ රහක් නැති එකක් කියලා කියන අය මෙකේ පදමාලාවේ අර්ථය තේරුම් අරගෙන නැති නිසා මෙලෝ රහක් නෑ කියනවා වෙන්න ඕන කියලා මට හිතුනා.

    ඉතිං එදා හිතුවා වෙලාවක මේ ගීතයේ අර්ථය මට දැනුනු විදිහ ලියන්න ඕන කියලා . . .

    ඉතිං එච්චරයි . . . . . !!!

    අදහස් දක්වපු හැමෝටම බොහෝම ස්තූතියි . . .

    ReplyDelete
  22. අනේ බං.. කඩෙත් වහල ඉවරයි වගේ.. ඒත් මට තාම බැරිවුණා සිංදුව අහන්න... ප්ලේයර් එක එන්නෙ නෑ...

    කමක් නෑ... වෙන තැනකින්වත් අහල... හම්බවුණ වෙලාවක කතාබස් කරමු...

    - සපා

    ReplyDelete
  23. නෑ නෑ කඩේ වැහුවේ නෑ හික්ස් . .

    හිටු බොට මම මේල් කරලා එවන්න . .

    ReplyDelete
  24. මම මේ සින්දුවට ආස කරේ එකේ මෙලඩි එකට.. ඒ හඩ ට.. ඒත් දැන් මේ තේරුම නිසා තව ආස හිතුනා...

    මං කිරිල්ලියක් තමයි . .
    මේ . . මගේ පිහාටූ . .

    ReplyDelete
  25. සැබෑ ආදරය නම් අනෙකාගේ සතුට පතන, තමන් ආදරය කරන කෙනා සතුටු දේ ලබාගෙන සතුටු වීම දිහා බලා සතුටු වීම නොවේදැයි කියල කියන්නෙ කීදෙනෙක් ද? පිරිමි හැමෝම හොයන්නෙ තමන්ගෙ සතුට විතරයි. මොනව හරිම අඩුපාඩු උනාම බලන්න බැරියැ රඟ. තෙරුම් ගන්නෙ නෑ අනිකාගෙ ආසාවන් සිතුම් පැතුම් ඒකයි. ගීතයෙ තේරුම හරිම ලස්සනයි. මෙලඩියත් කටහඬටම ගැලපෙනවා.

    ReplyDelete
  26. මාත් මේ සින්දුවට ගොඩක් කැමති ඒකෙ තේරුම නිසා තමයි.

    ReplyDelete
  27. රෙකෝඩින් එක ඇහුවා! ජය වේවා!

    ReplyDelete
  28. කලිං අහල තිබුනට මෙච්චර කාලෙකට තේරුම ගැන අදහසක් තිබුනෙ නෑ . . .
    ටැංකිවු දුකා අයිය

    ReplyDelete
  29. ගීයේ සෘජු අර්ථයත් එක්ක ගත්තම එහි සාරගර්භය නොපොනුණත් වැදගත් ජීවන සංසිද්ධියක් ඉදිරිපත් කරන්නක්.බොහොම හොඳ ඉදිරිපත් කිරීමක්

    ReplyDelete
  30. මේක මරු සින්දුවක් මචං.... ඇයි දන්නෑ මේක මෙලෝරහක් නෑ කියල කියන්නෙ

    ReplyDelete
  31. ඔන්න කිරිල්ලි ආයි පියාඹන්න හදනවලු තුන්වෙනි කසාදෙත් කටු ගාල!

    ReplyDelete
  32. දුකා.. කියලා තියෙන දේ ඇත්ත.. ඒත් ප්‍රායෝගිකව අපටත් සමහර තැන් වලදී දෙන්නගේ එකඟතාවයෙන් දෙන්නාගෙම තටු කපාගන්නවා..
    නැත්නං කැපෙනවා.. ඒ බැරි කමට නෙවෙයි.. එකිනෙකා වෙනුවෙන් කරගන්නා කැප කිරීම්.. ඕක අඳුනන්නේ නැති කිරිල්ලියෝ ඉන්දික උපශාන්ත කියලා තියෙනවා වගේ ස්ථිර නිවහනක් නැතිව හැම තැනම පියාඹනවා..

    හැම දේම කරන්න ඕන තේරුමක් ඇතිව.. කාලයට, වයසට, තැනට ඔබින විදිහට..


    සිංදුවට නං මාත් ආසයි.. තනුව වගේම අදහසත් ලස්සනයි.. අදහස හැමෝටම සාධාරණ නැති වුණත් සමහරුන්ට සාධාරණයි...

    ReplyDelete
  33. තේරුම බැලුවම නම් ලස්සනයි වගේ...

    ඒත් මොන හේතුවක් නිසාද මන්දා මේ ගායිකාව දැං මට හරියන්නෑ... සමහර විට එයාගේ පෞද්ගලික ජීවිතය නිසා ද දන්නෑ...

    ReplyDelete
  34. puluvannam me link eken gihin youtube eken balanna mahabharata kiyana indiyan epic eken nirmanaya kala teledrama eka..eeka thamai mama jeevithe balapu lassanama teledrama eka.hema episode ekama youtubevala thiyenava.meya minisunge jeevitha venas kala heki aakaraye apurva saha athi vishishta ganaye indian tele drama ekak.avasanaya vana vita mehe charitha samaga apuru bendeemak apata ethi venava.meya ethem vita oba naraba ethi..eya kalakata pera lankaveth vikashaya vuna.meya indiyave vikashaya vana vita ema rate paraval his vu bava pavasenava.ee kiyanne siyaluma indiyanu vesian telenatayaya naraba thibena bava.

    meya avasanaya vana thek belu kenek nisekavama lankave telenatya narabannan gena kanagatu vevi!

    meya liyana ma budhdhagame.. namuth oonema agamaka kenekuta hindu aagama padanam karagath me telenatyaya ihamath ashaven,aadarayen saha gauravayen nerambiya heki..epamanata eya thula jeevithaya,premaya,sanskruthiya saha siyallama geb vee thibenava.

    WATCHING THIS TELEDRAMA IS THE MOST BEAUTIFUL THING EVER HAPPENED TO MY LIFE..

    if you like to watsh it,search google as 'mahabharat with English subtitles'-youtube

    ReplyDelete
  35. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  36. අපූරු අදහස් ටිකක් කමෙන්ට්ස් විදිහට තිබුනා...දුකාගේ තේරීමට හොඳ වටිනා කමක් දීලා...

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails