Thursday, October 27, 2011

අවුරුදු පහක් . . . අම්මේ අද ඊයේ වගේ . . !!



අම්මේ කාලය ගතවෙන ඉක්මන.

අවුරුදු පහක්ම කොහොම ගියාද කියලා හිතෙනවා.

මුල් අවුරුදු තුනේම (හතරෙම?) වගේ යුද්ධ කාලේ උතුරු නැගෙනහිර වගේ තිබිලා දැන් යුද්ධ ඉවර වෙලා තිරසාර සාමයක් උදාවෙලා තියෙන නිසා අර නවම් මලයා උන්දැලගේ ඇනිවසරි එක වෙනුවෙන් ලියපු පෝස්ට් එකේ ලිව්වා වගේ “උන්නු හැටියට මලා මදැයි” කියලා නම් කියන්න බැරියෝ බැරියෝ වගේ . . .

යුද්ධය මානුශීය මුහුනුවරකින් නිමා කරන්න, මගේ මේ බ්ලොග් අඩවිය සාම දූතයෙක්ගේ සේවාව ඉටු කලා කියන්නේ බ්ලොග් එකටත් කොමෙන්ට් කල අයටත් බොහෝම ස්තූතිවන්ත වෙමින්.

ඉස්සර බර අවි භාවිතා කරලා යුද්ද කල දාල පහුවදාට හිතේ දුක කිව්වේ බ්ලොග් එකට.

අනේ මගේ බ්ලොග් සහෘදයොත් ලෝභ නැතුව මධ්‍යස්තව හිතන්න පොලඹවන විදිහේ කොමෙන්ට් ලබා දුන්නා.

මේ යුද්ධයෙන් පසුව දාන ලිපි යුද්ධයක අතුරු ප්‍රතිපලයක් කියලා ඉවෙන් වගේ තේරුම් ගන්න හැකියාවක් තිබූ, "එක කුස නූපන් අවුරුද්දක් බාල මගේ නිවුන්නා" කියලා මාව හඳුන්වන බ්ලොග් සහෝදරියක් ඉස්සර ස්කයිප් එක හරහා මට නිතර එවන මෙසේජ් එකක් තිබ්බා . . .

"ගොඩක් අය බඳින්න කලින් අවුරුදු ගනන් ලව් කරලා බැන්දට පස්සේ ඒ ලව් සාමාන්‍යකරය වෙලා කලින් එහෙම උද්යෝගයකින් ලව් කරපු අයද කියලා හිතා ගන්න බැරි විදිහේ ඒකාකාරී ජීවිත ගෙවනවා . . සමහර අය මැරෙනකම් හැමදාම රන්ඩුවෙවී ජීවත් වෙනවා. ඔයාලා අහම්බෙන් අඳුනගෙන, විවාහ වෙලා මුල් අවුරුද්දේ දෙකේ රන්ඩු කරලා එකිනෙකා තේරුම් අරගෙන ඉන්පස්සේ මැරෙන තුරා ජීවිත කාලෙම සන්තෝසයෙන් ආදරයෙන් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.”

ඒ යුද්ධ කාලේ මට වුනු ලොකුම දේ මම මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන ගෑනු පස් දෙනාගෙන් එකෙක් යුද්ධ ප්‍රකාෂ කලාම මගේ පැත්තට එකෙක් වත් නැති වීම.

අර ගෑනු පස් දෙනාගෙන් ලාබාලම එකී, අක්කගේ දූ ෂෙරූ "මාමා උඹ හොඳ ස්වාමියෙක්, ඕනෑම ගෑනියෙක් හීන මවන ජාතියේ ස්වාමියෙක්. මම උනත් අම්මලට කියන්නේ මට උඹ වගේ ස්වාමියෙක් හම්බවෙනවනම් භෞතික සැප සම්පත් මහා ගොඩක් නොලැබුනත් කමක් නෑ කියලයි. ඒත් උඹේ කට?? උඹ පොල්ලෙන් ගැහුවා වගේ කියන ඒවට උඹව මරන් කන්න නොහිතෙනවද?" කියලා කියද්දී . . .

ඒ ගෑනුන්ගෙන් වැඩි මහලුම කෙනා උනු අපේ අම්මාගෙන් දායාද වුනු "තමන් වැරැද්දක් නැත්නම් නම් කට කෑවත් කෙලින් ඇත්ත කියන්න ඕන" කියන දැඩි ගති නිසා ම ඒකිගේ වචන මායිම් නොකර ඉන්න ඇහැක් උනා.

පස් දෙනාගෙන් තවත් ගෑනියෙක් උනු අක්කා කිව්වෙත් "තමුසේ වැරදියි . . මම නිශ්ශබ්ද බිරිඳක් නිසා පවුලේ සමඟිය ගැන හිතලා කතා නොකර හිටියත් ගෑනු අපි ඔක්කෝම හිතන්නේ ඔය විදිහට. තමුසේ ඒක දැනගෙන ඒ මනුස්සයට තරහ නොයන විදිහට ඉන්න බලනවා" කියලා . . .

පොඩි හරි සහනයක් ලැබුනේ අර පස් දෙනාගෙන් ඉතුරු කෙනා උනා නංගීගෙන් "උඹේ තමයි වැරැද්ද . . .අපේ මනුස්සය එක්ක මම වලි දාගන්න හැටි තමුසේ දන්නවනේ . . ඒත් පොඩ්ඩක් ඉවසලා හිටපන්කෝ . .. උඹේ වැරදි උඹේ හැටි කියලා ඒ මනුස්සයා තේරුම් අරගෙන උඹ හරියටම කවුද කියලා අඳුර ගත්තු දවසට ඒ මනුස්ස්යා උඹට ආදරේ කරන එක නවත්වන්න කොහොමටවත් බැරි වෙයි"

හරි . . . . ඒ කතා ඔක්කෝම අතීතෙට එකතු වෙලා ඉවරයි . . .

අපි දැන් බොහෝම සතුටින් . .

අර එක කුස නූපන් නිවුන්නි කියනවා වගේ ඉන් පස්සේ ඉදිරියට අපිට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියන එක තමයි මගේත් ලොකුම ප්‍රාර්ථනය . . ..
(අපේ උන්දෑගේ අතින් හැදූ අපූරු උපන්දින සුභ පැතුම් පත සහ ඇනිවසරි සුභ පැතුම් පත )

අද අපේ පස් වෙනි ඇනිවසරිය දවසේ මම හිතුවා තවත් පොඩි විශේෂ යමක් මගේ බ්ලොග් සහෘදයන්ට දෙන්න . .

ගොඩක් අය මඟුල් ගෙවල් වලදී Wedding ඇල්බම් එකට වගේම DVD එකටත් විශේෂ තැනක් දෙන්නේ එදා ඒ අමතක නොවන දවසේ සිදුවීම් සදා කෙසේ වෙතත් සෑහෙනන කාලයක් මතකේ රඳවා ගන්න ඕන නිසාමයි.

අපේ වෙඩිමේත් පින්තූර ගන්න ලොකු නමක් තියෙන තැනකට ලොකු ගානක් ගෙවලා අපි භාර දුන්නා. ඒත් ඉතිං අර ලොකු නම තියෙන කෙනා නම් ආවේ නෑ ගෝලයෝ එව්වා . .

කොහොමින් හරි පින්තූර ටික ගොඩක් හොඳට තිබ්බ නිසා බනින්න තරම් දෙයක් තිබ්බේ නෑ . . .

ඒත් වීඩියෝ කරපු ඒවත් ඒ ලොකු නම තියෙන ආයතනයෙන්ම භාර ගත්තේ එයාලගේ වැඩ භාර දෙන වෙනම ආයතනයක් තියෙනවා ඒකට ම දෙන්නම් කියලා එතනින්ම ගරන්ට් කරපු නිසා තමයි.

අන්තිමට වීඩියෝ එක බලනකොට තමයි යකා නැග්ගේ . .

අර ලොකු නම තියෙන තැනට කතා කරලා බැන්නා බැනිල්ලක් . .

"මේ ඔයාලගේ පින්තූර නම් හොඳයි. එකම අඩුවකට උනේ Indoor ගෲප් ෆොටෝ එකක් සහ හරිහමන් Indoor කපල් ෆොටෝ එකක් නැති එක විතරයි . . ඒත් අර DVD එක? අයියෝ ඒක බලනකොට ප්‍රයිවෙට් බස් එකක යනකොට වගේනේ . . . ජරාම ජරා සින්දු ටිකක් දාලා තියෙන්නේ . . ."

ආ ඒක අපි නෙමෙයිනේ කලේ . . අපි කිව්වනේ වෙන කට්ටියකට දීලා කරන්නේ කියල . .ඒ නිසා ඒ ගැන අපිට කරන්න දෙයක් නෑ . . ඔන්න ඔහොමයි අර ලොකු තැනින් උත්තර ලැබුනේ . .

පස්සේ කල්පනා කරලා බැලුවාව අපෙත් වැරැද්ද . . දාන්න ඕන සින්දු ටික අපි තෝරලා දුන්නා නම් කිසි කචල් එකක් නෑ නේද කියලා හිතුනා.

දැන් ඉතිං හිතාගෙන ඉන්නවා ලංකාවට ගිය වෙලාවක හොඳ වීඩියෝ එඩිටර් කෙනෙක් මුන ගැහිලා අපි කැමති සිංදු ටික දීලා ඒ වීඩියෝ එක අපිට කැමති විදිහකට හදා ගන්න කියලා . .

ඉතිං අද අපේ ඇනිවසරිය දවසේ මම දෙන්න හිතපු විශේෂ දේ තමයි මේ වෙඩින් DVD එකකට ඇතුළුකල යුතු සිංදු මොනවද කියලා ඔයාලට පොඩි අදහසක් ලබා දීම.

මේකේ සමහර සින්දුවල මුල් කොටස එහෙම නැතිනම් කොටස් දෙකක් විතර හරි තමයි වැඩේට ගැලපෙන්නේ.
නොගැලපෙන සින්දු එහෙමත් තියෙනවනම් කස්ටිය සමාවෙන්ට ඕන් ඈ . .

ඒ සින්දු ඔක්කෝම අහලා මේ මේ තැනට මේ මේ සින්දුවේ මේ මේ කෑල්ල දාන්න කියලා වීඩියෝ එඩිටර් ලඟ ඉඳගෙන කියලා වැඩේ ගොඩ දාගන්න එක ඉතිං තමන්ගේ කාරියක් හරිය . . .
________________________________________________________

වීඩියෝ එකේ මුලින්ම තියෙන්නේ මනමාලි ගෙදර ඉඳන් මේකප් කරන, මනමාලිගේ අම්මා නළල් පටිය බඳින, වේල් එක හදන සිදුවීම්නේ . . ඒවට මේ පහල සින්දු හෝ ඒවායින් සින්දු කෑලි දාන්න පුලුවන්.

මනමාලිය වී හෙට දවසේ . . . වෙන් වී යන්නම් ලිහිනියනේ
මංගල ඇඳුමින් . . රිය පෙරහැරකින් . . පිට වී යනවා සොයුරියනේ
- නිරංජලා සරෝජනී -

කැදැල්ලේ ඇතිවූ කිරිල්ලී වගේ දෙමාපියන් සෙවනේ . .
නිදැල්ලේ උන්නේ මා විනෝදයෙන් විඳ අමෝද සහනේ
මංගල නැකතින් පෙම්බරයෙකු හා හෙට මා පිට වෙනවා
ඒ ගැන සිතනා මොහොතක් පාසා දෙනෙත තෙමී යනවා
- ඩැල්රිසන් සුබී ??-

මගේ ලොවට ඔබ වඩින තුරා . . වඩින තුරා
තරුවක් වාගේ හෙටත් නොපායන
මගේ යොවුන් හද ප්‍රාර්ථනා
- නීලා වික්‍රමසිංහ -

ඉරට අකීකරු හඳට අකීකරු . . .
රෝස කැලේ රතු කැකුලී
- ඉන්ද්‍රානි -

කුරුළු ගමේ කුරුළු ගෙදර කුරුළු කුමාරී
බඳින දවස මගුල අදයි යස හැඩකාරී . .
- චිත්‍රා සෝමපාල -

සඳ කැන් දහරින් දෙනුවන් පිපිලා
දෙනුවන් කැලුමෙන් පියුමන් සැලිලා
- මාලනී බුලත්සිංහල

මගෙ හද වෙණ පිරිමැදලා . . . සැතපෙන සත්සර වයලා
අරුමැසි ගී තනු බිහිකරලා . . . නළවයි කවුදෝ එබිලා
. . .
සිරවුනු පාළුව මකලා . . ඔහු සදහට ගෙනයාවී
උනුසුම කරපින්නාලා . . .පොදිබැඳ අරගෙන ඒවී
. . .
ඔහු පදවන ඔංචිල්ලාවේ . . .බිලිඳිය ලෙස නැළවෙන්නම්
සොය සොය උන් සැනසිල්ලේ . . සහනය තුරුළට ගන්නම්
. . .
ඔහු මා සිත අරගත්තේ . . . ඉන් පිටවෙන මං නැත්තේ
අද හෙට ඉන් මතු මත්තේ . . .මගෙ දිවි ඔහු අත ඇත්තේ
- ඇන්ජලීන් ගුණතිලක -

රන් දුනුකේ මල සේ . . රන් මැනිකේ සැරසේ . .
පති කුළයේ කුමරා . . ඇය කැන්දා යනවා . .
- ක්ලරන්ස් -

හෙල කුල සිරිතට .. . සුභ නැකතින් සැරසී . .
මංගල ගමනට . . යන දියණී . . .
- රෝහන වීරසිංහ -

දේදුනු පායා පාට වැටෙනවා . . ජීවන අහස් තලේ . .
ආදර පවනේ සුසුම් කුසුම් වැල් මා යන මඟට හැලේ . .
- නන්දා මාලනී -
. . . . .. . . . . .. . . . . .
ඉන් පස්සේ තියෙන්නේ මනමාලයා එන ටිකයි පෝරුවේ චාර්ත්‍ර කර ටිකයි . . . දෙන්නා සෝෆා එකේ ඉඳගෙන කතා කර කර ඉන්න ටිකයි . . බීම බොන ටිකයි . . කේක් හරි කිරිබත් හරි කවන ටිකයි වගේ සිදුවීම් . .

ඒ ටිකට මෙන්න මේ සිංදු හරි ඒවායින් කෑලි හරි දාන්න පුලුවන්ද කියලා බලන්න

සුදු මුතු මාල පැලැන්දූ . . මුතු පවුරේ . .
පෙන මල් බුමුතුරුනේ . . සිහින ගිම්න් අරනේ . .
පිය නඟා යමු අපි දෙන්නා . . යමු අපි දෙන්නා . .
සුදු මුතු මාල පලන්දා . . .
- නන්දා මාලනී සහ වික්ටර් රත්නායක -

සෙවනේ කුඹුක් සෙවනේ . . ගංතෙරේ හමන පවනේ
මියුරු ගී වැල් පා කෙරේ . . සියුම් තත් බිඳ හදවතේ
- ලතා වල්පොල ටී.එම් ජයරත්න -

අහසට සොඳුරුද සඳ කෙතරම්
ගසකට සොඳුරුද මල කෙතරම්
සයුරට සොඳුර්ද රළ කෙතරම්
එතරම් මිහිරී ඔබ මට නම් . .
- නෙලූ අදිකාරී සමඟ කාෂ්‍යප දිසානායක -
මේ සින්දුවේ නම් මුල් කොටස් දෙක විතරක් දාන්න මතක ඇතුව

සරා සොඳුරු මල් පැටලී . . ලිහී නොයන ජීවිතයයි . .
නුරා දියර ගඟුල් හැලී සිහිල සදන ජීවිතයයි
- නන්දා මාලනී සහ වික්ටර් රත්නායක -

චාමර සැලුනාවේ . . සේසත් සැලුනාවේ . .
සුරංගනා සුළං රොදේ . . චාමර සැලුනාවේ . .
- නීලා වික්‍රමසිංහ -

නිම් හිම් සෙව්වා මා සසරේ
හමු වී යුගයෙන් බැඳි යුගයේ
- අමරදේව මාස්ටර්

රන් සමනලයෝ පුංචි කැකුලියෝ දේදුන්න්නේ නැගිලා
- සුනිල් එදිරිසිංහ

පෙම් සිලිලාරේ තුන්සිත යාවී විහිදී විසිරෙන්නා
වසන්ත ගීතේ . . සවනේ යාවේ
- නීලා වික්‍රමසිංහ -

සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමූ
සංසාරෙන් අපි සමුගන්නාදා . . ඒ ගමනත් අපි එකට යමූ
- විජය කුමාරණතුංග සහ චන්ද්‍රලේඛා පෙරේරා -

ආදරයේ මන්දිරේ ඇරුනා මහදේ
ගීතේ ඇසේ යොවුන් මල් බඹර කලාපේ
- චන්ද්‍රලේඛා පෙරේරා සහ වික්ටර් රත්නායක -

වාසනා වේවා . .වාසනා වේවා . .
පෙම්බර යුවතිය කුළ කුමරිය වී . .
මංගල මල් නැකතේ . .
පිංබර කුමරෙකු අතිනත ගෙන ඈ . .
දීගෙක යන දවසේ
වාසනා වේවා . .වාසනා වේවා
- සනත් නන්දසිරි -

රෑන ගිරා ජෝඩුවයි . . හාද වෙලා අදරේ
රෑන ගිරා ජෝඩුවයි . .
- නන්දා මාලනී

පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මධුරස වෑහෙනා . . ම්හ්ම් ම් ම් ම් ම්
ආදර නැකත උදාවේ
- වික්ටර් රත්නායක සමඟ ඉන්ද්‍රානි පෙරේරා -

සුදු මුතු රළ පෙළ . . කිඳුරු කොදෙව්වේ
පාවඩ පළස එලා . . .
කිඳුරඟ ගෙන දුන් මුතු කැකුලක් සේ
ඔබ මට තිලිණ වෙලා
- නීලා වික්‍රමසිංහ - (ස්තූතියි නිසූපා)

ජෝඩුව නෑදෑ හිතවතුන්ගේ මේස වලට ගිහින් එයාලත් එක්ක කතා බහ කරන සීන් ලන්නග්දී මෙන්න මේ සරල පෙම් ගී දාන්න පුලුවන් . . .

සීතල දිය පිරි සුනිල විලයි . .
ඒ විල මැද ඔබ සුවඳ මලයි
- සුනිල් එදිරිසිංහ

සීත අරනේ සුපුල් නාමල සුවඳ ගැල්වූ ජීවිතේ
සීත හිම ගිර සීත නොදැනේ . .
දැනේ උනුසුම ආදරේ
- නිරංජලා, මිල්ටන්

හිම කඳු යහනේ යහනේ . . යහනේ
වළා සඳැල්ලේ . . සදාහරිත තුරු සෙවනැල්ලේ
මොහොතක් සැඟවෙමු ලොවෙන් මුවාවී . . අපේ සිදින යනේ
- ග්‍රේෂන්, නිරංජලා,

දේදුන්නෙන් එන සමනලුනේ . . ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
රෑන් රෑන් ඇවිදිල්ලා . .අපේ ලඟින් ඉඳහල්ලා
දේදුන්නෙන් එන සමනලුනේ
- ලතා වල්පොල සමඟ සනත් නන්දසිරි -

ඔබේ සිනා ලඟ නෙත නැවතුනු දා
ඔබේ කතා ලඟ සිත නැවතුනු දා
ප්‍රේමය හැඳින්නෙමී . . ප්‍රේමය හැඳින්නෙමී
- ජගත් වික්‍රමසිංහ

ලතා මඬුල්ලක් කතා කරනවා සෙවනට එන්න කියා
මේ මල් උධ්‍යානේ . . නවතිමු හැන්දෑවේ
- චන්ද්‍රානි ගුණවර්ධන සහ එඩ්වඩ් ජයකොඩි -

මේ ප්‍රේම සීමා මාලකේ තනිවී
නෙතු කැන් නිවා . . හසරැල් සලා
කඳුලින් සිනාසෙමූ
- නිර්මලා රණතුංග -

සුදු රෝසයි මුහුන පුරා. .
රතු රෝසයි දෝත දරා
හිනැහෙන්නේ මල් වාගේ මනමාලියේ
දෙව්දූය ඈ ආදරේ
- ගායකයා?? - (ස්තූතියි ගයාන්)

කඳුල ඉතිං සමාවෙයන් . . අපි වෙන් වෙමු අද හවසට
මගෙ ගෙපැලට ඈ එනවා . . සිරි යහනේ තනි රකින්න
- කීර්ති පැස්කුවල් - (ස්තූතියි ගයාන්)

කස්ටිය ඩාන්ස් කරන ඒවා තියෙන තැනට මෙන්න මේ සින්දු දාන්න පුලුවන් . .

තොරන් බඳින්නට රබන් ගසන්නට සුභ මොහොතක් ආවා
පැතුම් ලොවේ මල් සිහින සැබෑවී අලුත් යුවල ආවා
- සුනිල් පෙරේරා ජිප්සීස් -

ඔයා මගේ සුරංගනා කතාවේ . . ලස්සන සුරංගනාවී
දසන් විදා සිනා නඟන වෙලාවේ
හදවත සිසිල් කරාවී . .
- වර්නන් පෙරේරා -

යෞවන උයනේ පියුම් තටාකේ බිඟු වැල් පෑහේ . . මා ඔබ පෑහේ . .
- මිල්ටන්, ඇන්ජි

මී පිරුනු සුවඳ මල් වනේ . . ආදරය සිනා සෙනු පෙනේ
පැතුම් බිහිවෙලා . . කුරුලු වෙස් වලා . .
අනන්තයට යයි පියාඹලා . .
- එච්.ආර්. ජෝතිපාල සහ ඇන්ජලීන් ගුණතිලක -

සතුටු සිනා ආ වාසනා . . පිරුනු සමය අද එළැඹුනා
ගයමු තුටු ගී ගායනා වාසනා . . . වාසනා .
- සුනිල් පෙරේරා ජිප්සීස් -

සිහිල් පින්න ගාව ගාවා සරාගී සුළන් රැලේ
-නිරෝෂා සහ බී.එන්.එස්. - (ස්තූතියි නිසූපා)

සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා
එන්න යන්න මල් මාවතේ
- රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා

සුදු මීදුම පීදෙන තොටිල්ලේ
සඳ පායන කෝමළ ඇසිල්ලේ
ඈතට ඈතට යමු අපි පාවීලා
අප සිත් සැනසෙනවා
- ග්‍රේෂන් ජයමහ - (තැන්කූ ලකී)

එක යායේ කකා වැටී එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කල ආරක්ෂා
නාස් ලනුව දමනවාලු .. කරත්තයට බඳිනවාලු
අපට හිටිය ළපටි කැකුලු නාඹර වස්සා . . .
- එඩ්වර්ඩ් ජයකොඩි - (ස්තූතියි ලකී සහ නවම්)

අන්තිමට දෙන්නා දෙමාපියන්ගෙන් නෑදෑ හිතවතුන්ගෙන් සමුගෙන පිටත් වෙන වෙලාව්ට මේ සින්දු දාන්න පුලුවන් . . .

කැන්දම් යන්නම් රන් මල් මාලා දාලා
පායනා තරුවේ . .
තරු පලඳා . . මුතු පලඳා . . .
තරු මුතු වැල් පලඳා . . .. .
- මිල්ටන් මල්ලවාරච්චි -

අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා
යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැඳලා
- සුනිල් එදිරිසිංහ -

තුරුණුවනේ සරණයි..
හැදු වැඩු දෙමාපියන් සරණයි....
- මාලනි බුලත්සින්හල - (ස්තූතියි සුභා)

පුංචි දවස් වල නින්දට යද්දී . . පීතු පාදං නමා මහන් කියලා
වැන්ද දෙපා යලි අදත් වඳින්නම් . .
මංගල ගමනට යන්න අවසරයි පියාණනී . .
- සුජාතා අත්තනායක -

මංගල නැකතින් යන්නට . . සුභ වෙලාව ලංවිය දුවණී
අපේ සෙවන හැර අපට නොරිදවා ඔබ අපගෙන් සමුගන්නේ . .
සුභ ගමනක් වේවා සුදු දුව . . .සුභ ගමනක් වේවා
- චන්ද්‍රලේඛා පෙරේරා -

දෙන්නා කාර් එකේ නැගලා ටටා බායි කියලා යද්දී මෙන්න මේ සින්දුව දාන්න පුලුවන්

ඉතිං ඊට පස්සේ ඔබේ රූ පිලිරූ . .
පාට පාට දේදුනු සේ .. . මා සිසාරා
මහද මැනික් පහනක් වූවා . .
- වික්ටර් රත්නායක

වෙඩින් ඩීවීඩී වලට දාන්න මීට වඩා හොඳ සින්දු මතක් වුනොත් පහලින් ලියලා දාන්ට හොඳේ . . !

79 comments:

  1. සුභ පැතුම් අයියටයි අක්කටයි දෙන්නටම

    ReplyDelete
  2. උණුසුම් සුභ පැතුම් ලොකු අයියේ... ඔයාලා දෙන්නටත් පැටියටත් සාමය සතුට නිරෝගී සුව සපිරි සුභ අනාගතයක්... එත් ඉඳලාහිටලා හරි පොඩි වලියකින් පස්සේ ෂේප් වුනාම ආදරේ වැඩී වෙලවලු... මම නෙමේ කියන්නේ කවුද පඬියෙක් කියලා තියෙන්නේ.. බුදුසරණයි....!!!

    ReplyDelete
  3. සහතික ඇත්ත .අවුරුදු හතක් ආස්සරය කරලා බැඳලත් අපිත් මුල් කාලේ වලි දාගත්තේ නැද්ද . දැන් නම් ටිකක් අඩුයි . වෙලාවක් නෑ මෙයා වලියක් දා ගන්නවත් ..
    හැමදේටම එහෙයි කියන්න බැහැනේ . හැබැයි වලිය දිගටම ගෙනියන්න හොඳ නැහැ . එකම වලිය දිගටම යද්දී ගතියක් නැහැ .යාළුවෙලා පස්සේ වෙන වලියක් දා ගත්තට කමක් නැහැ . ගෙවල් දෙකක ඉඳල ඇවිත් එක ගෙදරක ඉන්න ගියහම ..ඒ මදිවට නැන්දම්මල .,මාමලා ...අපොයි . හැබැයි කාලයක් යද්දී පොඩ්ඩක් එහා මෙහා වෙලා ගලපාගෙන ජිවත් වෙන්න පුළුවන් .
    වලියක් හෙම දාගෙන ආයේ වැඩියෙන් ආදරේ වෙලා ජොලියෙන් ඉතුරු ටිකත් ඇදගෙන යන්න සුබ පැතුම් මගෙන් .
    දුකා වගේ අයට ඉකමනින් තරහ යනවා .
    . හැබැයි හිත උනුවෙන්නත් යන්නේ විනාඩි පහයි . ඔක්තෝම්බර් උපන් ය එහෙමද මන්දා
    සින්දු ටික නම් හිමිට බලන්න ඕන ...

    ReplyDelete
  4. happy anniversary machan. give my regards to nadeesha

    ReplyDelete
  5. ඔන්න මගෙනුත් සුභපැතුම්.....

    ReplyDelete
  6. ඇත්තටම සන්තෝෂයි දුකා...

    “වැස්සට පසු පායන ඉර හරි එළියයි නේද?“

    ලියන්න දේවල් අනන්තයි.. අන්තිමට මේ කමෙන්ට් එක බ්ලොග් පෝස්ට් එකක් වෙයි නිසා මුකුත්ම නොලියා ඔය තුන්දෙනාටම අර්ථවත් ජීවිත ගත කරන්ට වරම් ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා..

    ප.ලි. මේ සොඳුරු ත්‍රස්තවාදියාව අයියෙක් කරහල්ලකො ඉක්මනට... අපේ වයස බලා ඉන්නෙ නෑනෙ... මමත් ඔයාගෙ වයසෙ.. දැන් බලන් යනකොට මාසයයි එහා මෙහා.. විහිළුවට නම් නෙමේ කීවේ.. හැබැයි තරහ ගන්නත් එපා..

    විරුල්, නදීෂා, දුකා ඔයාලාට තුණුරුවන්ගේම සරණයි!!

    ReplyDelete
  7. සුභ පැතුම් අයියේ දෙන්නටම...:DDDD

    ReplyDelete
  8. සුභ පතමි - "..යායුතු මග දුරයි.."

    මල පැනිනි - ඔක්කොම සින්දු උඹ දැම්මම අපි දාන්නේ මක්කද?

    ආ මේ තියෙන්නේ එකක්... අර ටටා බායි කියන තැනට මේක දාපන් fade වෙලා යන විදිහට....

    "උම්බෑ කිය කියා - මරණ බයේ" - මිල්ටන් පෙරේරා :-)

    ReplyDelete
  9. සුභ පැතුම් දුකා...ස්ථිර සාර සාමයක් සඳහා විරුල්ව අයියෙක් කිරීමේ ව්‍යාපෘතිය ඉක්මණින්ම ආරම්භ කරපන්..නැත්තම ඊළඟ වලිය පොඩි එකාගෙන්...අනික් හැමෝටම ඉන්නවා මට නෑ කියල අඬනකොට බලපන්කෝ...

    මම දන්න කෙනෙක් එහෙම අඬන නිසා තව එකෙක් හැදුවා..ඊට පස්සෙ මේකා අඬන්න තියා ගත්තනෙ..මගේ යාළුවො හැමෝටම නංගිලා මල්ලිලා ගෙනත් ඉවර වුනාට පස්සෙ තමයි ඔයාලා මට ගේන්නෙ...මම තමයි අන්තිමයා..ඒ නිසා මට දැන් එපා කියලා..කාලා වරෙන්කො ඉතින්.

    මේ අර අතනට එක යායේ කකා බිබි එක පවුලේ එකට හැදී සින්දුව නෑනෙ..ඕනම නම් බ්ලු ස්ක්‍රීන් එකක් දාලා ග්‍රේෂන් ජයමහගෙ සුදු මීදුම පීදෙන තොටිල්ලේ සින්දුවත් ඔය දවස් දෙක මැද්දට දාපන්.

    @ තිස්ස අයියා..
    +++++1

    ReplyDelete
  10. ඔන්න මගෙනුත් උණුසුම් සුභපැතුම් අයියා....

    අක්කත් එක්ක හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා!!!

    ReplyDelete
  11. හැපී 5ත් ඇනිවසරි!!!

    ReplyDelete
  12. සුභ පැතුම් ලොක්කා... සින්දු ලිස්ට් එකනං බැළුවේ නැහැ...

    ReplyDelete
  13. ඔන්න අපෙනුත් සුබ පැතුම්.....! මුල් කාලේ පොඩි පොඩි වලි යන තරමට හොඳයි...පහු පහු වෙනකොට කොහු කොහු වෙන්නෙ එහෙම වලි ගියේ නැතුවහම. මොකද දෙන්නට දෙන්නා හොඳින් අඳුන ගන්න පුළුවන් වෙන්නෙ ඒ වලි හරහා නෙ. ඇස් වහක් කට වහක් නෑ, දැන් ඉතින් ඔය මල් වගේ ඉන්නෙ. ඔක්කොම වෙන්නෙ හොඳටයි කියන්නෙ ඕක තමා නේද?

    ReplyDelete
  14. දෙන්නටම හද පිරි සුබ පැතුම් අවුරුදු පහේ සංවත්සරේට...

    තව අවුරුදු ගණනාවක්ම සතුටින් ඉන්නට ලැබේවා!!!!!

    ReplyDelete
  15. අනේ අම්මේ තිස්ස අයියත් කියලා තියෙන කතාව..:))))

    අයියටයි,අක්කාටයි, පුංචි පුතාටත් චිරාත් කාලයක් සතුට්න් සිටීමට ලැබේවා. මොකක්දෝ මන්දා හේතුවකට මට අක්කව මීට කලින් දැකලා තියෙනවා වගේ හැගීමක් දැනෙනවා.ඇයිදෝ මන්දා

    අයියට තව සින්දුවක් අමතක වෙලා."සුදු මුදු රළ පෙළ" නීලා වික්‍රමසිංහ සහ ටී.එම්.ජයරත්න ගායනා කරන එක.මේ වගේ එකකට නියමෙටම ගැලපෙන සින්දුවක්.මං හරිම ආස සින්දුවක් ඒක

    ReplyDelete
  16. මුලින්ම සුභ පැතුම් අයියෙ පස් වෙනි ඇනිවසරි එකට

    "සුදු රෝසයි මුණ පුරා- රතු රෝසයි දෝත දරා"

    මේක දාන්න තැනක් තමයි හිතා ගන්න බැරි

    ReplyDelete
  17. ආහ්...තව එකක් අමතක වුනා.. ටටා බායි කියන තැනට "සිහිල් පින්න ගාව ගාව" නිරෝශා විරාජිනී...:))

    ReplyDelete
  18. ඔබේ විවාහ දිවියට මාගේ සුබ පැතුම්....ඔව ඔහොම තමා...ගඟ ගලද්දී...ගල් මුල් වක්කලං හම්බෙනවනේ....එතකොට ජීවිතේ තව සුන්දර වෙනව...අර ගඟ වගේ...ජය

    ReplyDelete
  19. උඹටයි, නදීෂා නංගිටයි හැපිම හැපි ඇනිවර්සරියක් වේවා !!!!

    ඉඳලා හිටලා හරි පොඩි වලියක් දාගත්තෙ නැත්නම් ඊට පස්සෙ එන ලව් එකේ ගතියක් නැති වෙනවා....!

    අපිත් මේ දස වර්ෂය පූර්ණය කරලා තියෙන්නෙ වලි ටිකයි, ලවු ගොඩකුයි තරණය කරලා....!

    සින්දු ටික ඇනලයිස් කරන්න පස්සෙ එන්නම්...!

    ජය වේවා !!

    ReplyDelete
  20. බ්ලොග් අවකාශයෙන් , අති සුන්දර සරල හා හිතවන්ත හදවත් හමුවූවා නම් ඒ ගොඩේ උඩින්ම ඉන්න දුකා සහ , ඊයේ දවසෙදි ඉස් ඉස්සෙල්ලම කටහඬ අහද්දි 'මේ අක්කන්ඩිත් දුක අවගෙම සොඳුරු සිතක් තියෙන සුන්දරියක් බව පසක් කර' නදීශා අක්කා ට තවත් පැතිය යුතු දෙයක් ඉතුරුව නැති තරමට මිහිපිට සැනසිල්ල උඹල ගාව නො අඩුව තියනව අයියේ.

    අපිටත් හොඳ පරමාදර්ශ වෙන, සුන්දර පවුලක තිබෙන මිහිරි බව පෙන්වන උඹලට ගොඩාක් පින්. !
    සහ උපන්දිනේ සහ ඈනිවසරිය වෙනුවෙන් සත්කාර්යයට මහා දායකත්වයක් දුන්නාටත් පින් ! පින්! පින්!

    ReplyDelete
  21. සුබ පැතුම් දුකා අයියේ... සහ නදීශා අක්කේ..

    ReplyDelete
  22. මුලින්ම අයියගේ විවාහ සංවත්සරයට සුභපතලා ඉන්නම්!

    අපේ ගෙදරත් ඔහොම තමයි.වලියක් ගියවෙලාවට අම්මයි,නංගියි එකපැත්තේ.මට තනියම ඈටෑක් එක දෙන්න වෙන්නේ.ඒක නිසා ඒ වගේ වෙලාවට මම උපක්‍රමශීලීව පසුබහිනවා.නැත්නම් ඩිෆෙන්ස් මූඩ්

    එදා බස් එකේ මේ වගේ පෝස්ට් එකක් ලියනවා කියපු වෙලාවෙ මම හිතුවෙ නෑ මේක ලියයි කියලා.සුපිරියටම ලියලා තියෙනවා.

    ReplyDelete
  23. ඕං මාත් සුභපතනව දෙන්නටම.හොස්ස අගින් මැස්ස යන්න බැරි ගතිය අඩුකරගන්න එක ඇගට ගුණයි...:)
    වීඩියෝ එක හදනකොට ඔය සන්නෑසියම මටත් උනා. මම නං හිතං ඉන්නෙ සාම්ප්‍රදායික සිංදු දාන්නෙ නැතිව වෙනම සිංදු සෙට් එකක් දාන්න. (මොකද මට නං හිතෙන්නෙ වෙඩින් එකේ උනත් 100%ක්ම ඊට අදාල සිංදු දාන්න ඕන නෑ කියල)

    ReplyDelete
  24. ඔන්න මගෙනුත් සුභ පැතුම් ..

    …මේ සින්දුවත් එකතුකරගන්න ...
    …සුදු මුදු රල පෙල ...කිඳුරු කොදෙව්වේ ...පාවඩ පලස එලා
    …සීඳු ළඳ ගෙන දුන් මුතු කැකුලක් සේ ඔබ මට තිලින වෙලා ..
    … ටී .එම් ජයරත්න ...

    ReplyDelete
  25. අන්න බලන්න සමාන ‍දේවල් වලට සමාන දේවල් ඇදෙන හැටි! චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා.....

    ReplyDelete
  26. තව එකක් අමතක උන 'කඳුළ ඉතිං සමාවෙයන්..' කීර්ති පැස්කුවල්

    ReplyDelete
  27. මේ සින්දුවත් එකතු කරන්න..

    තුරුණුවනේ සරණයි.. හැදු වැඩු දෙමාපියන් සරණයි....
    ( මාලනි බුලත්සින්හල )

    -subha-

    ReplyDelete
  28. සුභපැතුම් දුකා අයියේ. අම්මප හරිම රහට ලියල තියනව පෝස්ට් එක. මල් හතයි !

    මඟුල් පොටෝ ගැන කතා මොටෝ ! මයෙ එක නං කලේ මයෙ ජංගි කාලෙ ඉඳං ඉන්න හොඳ යාළුවෙක් [විජය නිවුස්පේපර්ස් වල වැඩ කරන] ජාති පහට තිබුන ඒකනම්.

    හැබැයි කිව්ව වගේ වීඩියෝ එක බැලුවම බල්ලො බත් කන්නෙ නෑ. අජූවයි ඒක. ඒක හදාපු එවුන්ට කිව්වම කියාපි එඩිටර් දැං උං එක්කෙ වැඩ කරන්නෙ නෑ කියල. කාල වරෙංකො.

    ඒක නෙමෙයි කොහොම හරි අස්සෙන් මේකත්අමාරුවෙන් හරි බස්සගත්තොත් ඔන්න වැඩේ සර්ව සම්පූර්ණයි

    ReplyDelete
  29. මගෙන් සුබ පැතුම් අයියෙ....මේ සතුට හැමදාම පවතීවා....

    වලි ඉතින් ඔයාල බැන්ඳට පස්සෙ දාන එක අරුමයක් යෑ...අපි බඳින්න කලිනුත් දා ගන්නවා..ඊයෙත් වලියක් දා ගත්තා...අද මාව ෂෙප් කරන්න ඩිනර් එකක්...අනික ඉතින් වලියක් නැති ආදරෙන් ඇති වැඩකුත් නෑ බලාගෙන ගියාම.... ඒකෙන් හිතවල් අස්සෙ තියෙන ඒවා හැංගෙන්නෙ නැතුව එළියට එනවා...දෙන්නව තව තවත් දැනගන්න පුළුවන් වෙනවා...ඔයාලා දෙන්න වගේ අපි දෙන්නෙගෙ හමුවීමත් අහම්බයෙන් වෙච්ච එකක්නෙ.... ඔයාලව අපි ආදර්ශයට ගන්නවා....

    ReplyDelete
  30. මංගලම් ජය මංගලම්... සෙට් උන දෙන්නට මංගලම්...

    ReplyDelete
  31. නියමයි... හැමදාමත් සතුටින් සෙනෙහසින් ඉන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...!

    ReplyDelete
  32. අවුරුදු පහක්. සුබපැතුම් දුකා පවුලට ම..
    පොටෝ කාරයෝ ගැන නම් කියලා වැඩක් නෑ. උන් හිතන්නෙ වෙඩින් එක කියන්නෙ පොටෝ ගහනඑක විතරයි කියලායි. මනාල ජෝඩුවට ඕන විදියට නෙවි පොටෝගහන කෙනාට ඕන විදියටයි ගොඩක් වෙලාවට උත්සවේ කටයුතු කෙරෙන්නෙ.
    අත්දැකීමෙන් කියන්නෙ. අපේ අක්කා කෙනෙක් අඳුරන කෙනෙකුට අපේ අයියා කෙනෙකුගෙ වෙඩින්එකේ පොටෝ ගන්න බාර දුන්නා. ඒ මනුස්සයා ලොකේෂන් තිබුනෙ නෑ කියලා මල්වත්තට යන්න කතා කරා. බෑ කිවම අක්කා ඇවිත් මට බනිනවා මම බෑ කියන්න කීවා කියලා. මමත් ඉතින් වෙඩින්එකේ දෙවනමනාලයා මමයි කියන එක අමතක කරලා අක්කාට ඇමතුවා.
    මෙතැනදි බොහෝවිට වෙන්නෙ ඇල්බම් එක ලස්සන කරගෙන තව තව වැඩ හොයාගන්න කරන උත්සාහයක් මිසක් මනාල යුවලට අවශ්‍ය විදියට වෙඩින්එක පොටෝගන්න එක නෙවි..

    ReplyDelete
  33. My heartiest congratulations මචෝ..!! බොලා දෙන්නට තව චිරාත් කාලයක් මේ වගේ වලි දාගනිමින් යාළුවෙමින් ගතකරන්නට අවස්ථාව උදාවේවා..!!

    ආ මෙන්න මේ සිංදුවත් හොදයි වීඩියෝ එකට දාන්න.. :D

    එක යායේ කකා වැටී එකා වගේ එකට හිටී
    එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා
    නාස් ලණුව දමනවාලු කරත්තයට බදිනවාලු
    අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා


    @බින්දි,

    // දුකා වගේ අයට ඉකමනින් තරහ යනවා . හැබැයි හිත උනුවෙන්නත් යන්නේ විනාඩි පහයි . ඔක්තෝම්බර් උපන් ය එහෙමද මන්දා //

    හික් හික් ඒකනං සමහරවිට ඇත්ත වෙන්ටැති.. මාත් ඔක්තෝබර් නේ.. :)

    ReplyDelete
  34. happy anniversary අයියේ

    එක යායේ කකා වැටී එකා වගේ එකට හිටී
    එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා
    නාස් ලණුව දමනවාලු කරත්තයට බදිනවාලු
    අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා

    මේකනම් කොහොම හරි දාන්න

    ReplyDelete
  35. පෝස්ට් එක කියෙව්වා.. නියමයි. සුබ පැතුම්..
    මේ සිංදුව කොහාට හරි ඔබන්න පුළුවන්ද බලන්න. මේක හැබැයි කෙල්ල - සමා වෙන්න - මනමාලි කියන්න ඕන.
    " දෙවියන් විසින් දුන් පඬුරක් ලෙසින්
    ප්‍රියයානනේ ඔබ සුරකිම්...."
    මේක පොඩි විහිළුවක්.. දෙන්න පිටත් වෙන වෙලාවට
    "උම්බෑ කිය කියා මරණ බයේ."
    ආයෙමත් කියනවා තව අවුරුදු පනහක් ඔහොමම ඇදගෙන යන්න ලැබේවා කියල

    ReplyDelete
  36. දහසක් මල් පිපිලා -අතුල/සමිතා

    -පැතුම් හර්ෂණ

    ReplyDelete
  37. දාල තියෙන සින්දු ටික නම් මල් හතයි... මගේ ප්‍රියතම...

    අපේ නංගිගෙ වෙඩිමෙ වීඩියෝ එක ගෙනත් බලනකොට අර ටටා බායි කියන තැන වීඩියෝකාරයා focus කරල තියෙන්නෙ මධු පානයෙන් සප්පායම් වෙච්චි රෙද්ද බැනියම අඳින ඥාතියෙක් රෙද්දත් පැත්තකින් උස්සගෙන උඩ පැනලා ටටා දාන එකක්..

    කසාදෙ කියන්නෙ ඇඹුල් අඹයක් වගේලුනේ... අනිත් අය කනවා දකිනකොට දකින අයට කන්න හිතෙන.... ඒ උනාට කන එකා තමයි දන්නෙ ඒකෙ අමාරුව, දත් හිරි වැටි වැටි කනකොට....කෙසේ වෙතත් කුම්බලා කරවල කෑවනම් විඳවපන් බලලෝ කිව්වලු...මම නෙවේ, වෙන කවුද.. ඔය වගේ දේවල් වෙන්නෙ නැති කසාදයක් නැතුව ඇති... මොනව උනත් ජීවිතේ සුන්දරයි මලයා....

    සුබ අනාගතයක් දෙන්න දෙමාල්ලන්ටම...!!

    ReplyDelete
  38. මේක සුපිරි නෙව..

    ReplyDelete
  39. හෆ්ෆේ දුකා දවස් දෙකක් පරක්කු උනා සුභ පැතුම් එක් කරන්න ! විවාහ ජීවිතෙත් පරණ වෙන්න පරණ වෙන්න තමයි සතුට, සහයෝගය, ආදරය වැඩි වෙන්නෙ කියලා මට පොඩි සමාවක් දීලා පරක්කුවට, බාර ගන්නකො මගෙ සුභ පැතුමත් !

    ReplyDelete
  40. උණුම උණු උණුසුම් සුබපැතුම්zzzzzzz දුකා අයියාටයි අක්කටයි දෙන්නටම :D

    ReplyDelete
  41. හදවතින්ම සුබ පැතුම් දෙන්නටම.

    ReplyDelete
  42. මගෙනුත් උණුසුම් සුභ පැතුම්

    ReplyDelete
  43. අවුරුදු පහක් කියන්නෙ පවුල් ජීවිතේක මහ දිග කාලයක් නෙමෙයි... ඉතින් මගේ සුබපැතුම් ගෙවුණු අවුරුදු පහට නෙමෙයි... එන්න තියෙන දිගු කාලයට... !!!

    අර ලකීගෙ යෝජනාව ගැනත් සලකල බලපං...

    ReplyDelete
  44. සුබ පතපු හැමෝටම බොහෝම ස්තූතියි හොඳේ . . .

    ReplyDelete
  45. උණුසුම් සුභ පැතුම් දුකාට සහ දුකීට...
    ජය !!!!

    ReplyDelete
  46. අඩේ . . මේ පොස්ට් එක මට මගෑරිලා අයියෙ . . . .සොරි වෙන්න ඕනෙ ටිකක් පරක්කු උනාට මේ පැත්තට එන්න . . .
    අයියට සහ අක්කට සුභ විවාහ සංවත්සරයක් . . . . ඒත් එක්කම . . . . තුන්දෙනාටම සුභ අනාගතයක් . . .

    ReplyDelete
  47. දෙක, තුන, හතර, පහ, හය ලෙස වැඩි වේවා.
    ඔබලා වැනිම හොඳ දරුවන් බොහො වේවා

    ReplyDelete
  48. උණුසුම් සුබපැතුම්... දුකා අයියාටයි අක්කටයි දෙන්නටම

    මගේ Wedding එක ජනවාරි මම මේ කල්පනා කර කර හිටියේ මොනාද Music Group එකට දෙන සින්දු කියල... ඔයා වෙලාවට පොස්ට් එකේ දල ගොඩක් පින්

    මම
    රිෂ්

    ReplyDelete
  49. Wish your family all the best.




    P.S.
    "ඔබ කැන්දා යෑම සඳහා, මරුවා එය් සොයා" සින්දුව දුකාට අමතක වෙලානේ. මන් හිතන්නේ මනමාලි අන්දන වෙලාවට වගේ දාන්න හොඳා.

    ReplyDelete
  50. අර කොහුවල පැත්තෙ කෙනාද පින්තුර වැඩේ බාර ගත්තෙ. මෑන්ම ටීම් එකක් එක්ක ඇවිල්ල පොඩි දුවගෙ වෙඩින් එක සහ හෝම් කමින් එක කවර් කළා. වීඩියෝ වලට නියම සින්දු එහෙමත් දාල තිබ්බ. පින්තුර සහ වීඩියෝ, හොඳටම තිබුන. හැබය් හෙණ වාතයක් වුනා ඒ යක්කු, මගුල රන් කරන්නෙ උන්ට ඕනේ විදියට

    ReplyDelete
  51. දුකා ගේ විවාහ සංවත්සරයට මගෙනුත් උණුසුම් සුබ පැතුම්....
    (ප්‍රමාද උනාට සමා වෙන්න ඕනි)

    ලංකාවේ ප්‍රසිද්ධම මනුස්සයෙක් ෆොටෝ ගහපු ඇල්බම් එකක් මම වතාවක් බැලුවා
    ඒකෙ ගොඩක් ෆොටෝ හරියට ෆෝකස් වෙලාවත් නැහැ
    ෆොටෝ ගැහිල්ලේම විතරක් නෙමෙයි වැඩේ තියෙන්නේ, post processing සහ ඇල්බම් එක නියමාකාරයෙන් ගොඩ නැගීම යන කරුණුත් ඉතා වැදගත්

    ReplyDelete
  52. දැං ආවේ..මුලින්ම මගේ උණුසුම් සුභ පැතුම්... ඔය වගේ සිංදු ලිස්ට් එකක් හොයලා මට එපාම වුනා මගේ වෙඩිමට.. ඔයා පමා වුකා දුකා ඔය ලිස්ට් එක දෙන්න...

    ReplyDelete
  53. සුභ පැතුම් අයියේ...............
    සින්දු ටික සෝයි....

    ReplyDelete
  54. සුභ පැතුම් අයියේ!

    ReplyDelete
  55. අයියටයි අක්කාටයි දෙන්නටම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  56. උඹේ පස්වෙනි සංවත්සරේට සුභ පැතුම්. අපිත් ලඟදි දහය පාස් කරල ඇරිය, පස්සෙ එකොළහම සමරනව කියල හිතල.

    ඔය වීඩියෝ එකේ යාලුවොන්ට කතා කරන හරියට දාහං අර එම් එස් ගෙ "වවුල වගේ රෑ තීස්සේ නිදි මැරුවේ මං, හවුලේ ජීවත් වෙන්නට හිටපු එකා මං, දැං මචං එහෙම බෑනෙ පවුල් වෙලා මං..." කියන එක.

    අනික කෝ බං අර මාස්ටර්ගෙ "කඳුළු කතාවේ නිමක් දුටුව දා...සිහින ලතාවේ මලක් පිපුණ දා.." උඹලට හරි නොගියට ගොඩක් උන්ට ඒක සෙට්නෙ!

    ReplyDelete
  57. මොන ප්‍රශ්නේ මොන විදියට ආවත් අයියටයි අක්කටයි ඒ හැම දෙයකටම හොදට මූණ දීලා ජීවිතේ කෙලවරට වෙන දවස වෙනකල්ම සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා.

    අයියෝ මතක් වෙන හැම සිංදුවක්ම බලාගෙන යද්දී අයියා ලියලා. එහෙමයි කියලා බෑනේ. කොහොම හරි හොද සිංදුවක් මතක් වුනු සැනින් දන්වන්නම්.

    ReplyDelete
  58. ඕං සුභම සුභ අනාගතයක් ඔයාලට. අර කිවුවත් වගේ පුංචි එකා තනිවෙන නිසා දැන් නංගියෙක් මල්ලියෙක් එක්ක එන්න කාලේ හරි මයේ හිතේ

    ReplyDelete
  59. ලොකු අයියටයි අක්කටයි මගෙනුත් උනුසුම් සුබපැතුම්!

    පස් වෙනි සංවත්සරේ වගේම පනස් වෙනි සංවත්සරෙත් ඔය විදියටම ආදරෙන් සමරන්න ලැබේවා....

    ඇත්තටම කියනවනම් ඔය දෙන්නා කොච්චර හොදට තේරුම් අරං ජීවත් වෙනවද කියලා එදා මම උඹව Airport එකෙන් අරං නුවර නදීශා අක්කලාගේ ගෙදර ගිය වෙලේ දැක්කා. ගෑනියි මිනිහයි වගේ නෙමෙයි හොද යාලුවෝ වගේ දෙන්නා ඉන්නේ. එදා ඒ ගමන ගිහිල්ලා ආවට පස්සේ මං මගේ වෙන්න නෝනටත් කිව්වේ අපි දෙන්නටත් ආදර්ශෙට ගන්න මාරු කපල් එක කියලා. බොරුනම් එයාගෙන්ම අහලා බලන්න....

    @ තිස්ස අයියා..
    ++++++++++1

    ReplyDelete
  60. හලේ..... කියන්න අමතක උනානේ, නරකද ලබන ඇනිවසරිය වෙද්දි ලස්සන දූ සිගිත්තියෙකුත් කැන්දගෙන ආවොත්........

    ReplyDelete
  61. මට මේක කොහොමදෝ මංදා මිස් වෙලා....
    උණුසුම් සුබ පැතුම් දෙන්නටම.....
    ඔයාලාගේ පවුලේ දුක නැති වී සතුට ඉතිරේවා....

    ReplyDelete
  62. ඇනිවසරියට සුභ පැතුම් දුකා අයියේ... වලි නම් මොනවද බං... ඒවා නැත්නම් මැරේජ් එක බෝරිං නේ... ඔය වලි ඔප්ෂන් එකක් දීලා තියෙන්නේ මැරීඩ් කපල් වලට ලව් එක රිෆ්‍රෙෂ් කරගන්න. මගේ අවුරුදු 2 වගේයෑ දුකා අයියා දන්නවා ඇති නොවැ ඒකේ රඟේ...

    රණ්ඩු වෙවී හිනහා වෙනකොට තමා වෙනසකුත් තියෙන්නේ... 5 ට බිංදුවක් වෙලා 50 ක්ම ඇනිවසරි කන්න ලැබේවා... නෝනිගෙන් තව තව බැනුම් අහගන්න ලැබේවා !!!!

    සුභ සංවත්සරයක් අයියේ... ඔයාටත්, නෝනිටත්, පැටව් ටත්... ජයවේවා !!!

    ReplyDelete
  63. Happy Anniversay!!!!

    ඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි
    දිව්‍ය බ්‍රහ්ම දිනුසුරු දෙවි පිහිට ලබන්නයි
    .........සිලෙන් පවන් සැලෙන්නයි
    කොකුමගරා නළල දිලෙන්නයි.....

    (සමාවෙන්න. හරියටම මතක නැත)

    ReplyDelete
  64. අයියේ පුළුවන් නම් මට මේ සිංදු බාගන්න පුළුවන් විදියක් කියන්න. අද දවසෙම කලේ ඕක.ඒත් බාගත්තේ 9. අනිත්වා හොයා ගන්න බෑත

    ReplyDelete
  65. දෙන්නටම මගෙන් සුබ පැතුම් !!

    ReplyDelete
  66. Happy Anniversay!!!!ලොක්කා
    ගොඩ කාලෙකට පස්සේ මේ පෑත්තට ආවේ

    ReplyDelete
  67. ජය වේවා...!

    දුකා අයියේ. ඉබ්බයි කිරි ඉබ්බියි බැඳලා දැන් අවුරුදු දෙකහමාරයි.අපි දෙන්නා වීඩියෝ එක හදවගත්තෙ මහරගම ස්පොට් එකකින්.මිනිහා මහ විසාල ඩයල් එකක් නෙවෙයි.එත් බොහොම ඇහුම්කන් දීලා අපිට ඕනෙ විදියට වැඩේ කරවගන්න පුළුවන් පොරක්. ඊට පස්සෙ බුවාව අපි දෙතුන් දෙනෙකුට අල්ලලා දුන්නා. ඒ කවුරුත් දොසක් කිවුවෙ නෑ. ගණනුත් බොහෝම සාධාරණයි.සින්දු දාන්න කලින් අපි දෙන්නට එන්න කියලා ඇහුවා මෙන්න මේ සින්දු මේ මේ තැන් වලට දාන්නද කියලා. අපි කැමති සින්දු ගෙනත් දෙන්න කිවුවා.ඊට පස්සෙ අන්තිම වීඩියෝ එකට කලින් අපිට එන්න කියලා ඔක්කොම පෙන්නලා ඕනෙ කරන වෙනස් කම් හිටන් කරලා දුන්නා.වෙඩින් එකේ රෝ වීඩියෝ එක හිටන අරන් එන්න දුන්නා. මෙන්න මේ පහළ තියනවා පොරගෙ විස්තර.

    Dushan Malawiarachchi Phone:+94 773 044219
    http://en-gb.facebook.com/people/Dushan-Malawiarachchi/100000093312369
    තාම එතන ඉන්නවද දන්නෙ නෑ.

    දුකා අයියා සොෆ්ට්වෙයාර් එක්ක ඕ කේ ද? ඔය වැඩේ ඔයාටම ලේසියෙන් කරගන්නත් පුළුවන්. ඔයා ඔය කැමති සින්දු නෙට් එකේ ගහලා ඔරිජිනල් මියුසික් කියලත් ගහලා ගූගල් පාරක් දාන්න. එතකොට හොඳ සින්දු හම්බු වෙනවා. සමහර ඒවානම් හොයාගන්න අමාරුයි. MP3 ටික බාගන්න. MP3 වල සවුන්ඩ් ලෙවල් වෙනස්. ඒක නිසා මේ ඔක්කොම එක ලෙවල් එකකට ගන්න ඕනෙ. ඒකට ඔයාට පාවිච්චි කරන්න පුළුවන් mp3gain කියන සොෆ්ට්වෙයාර් එක. ඒකෙන් සවුන්ඩ් ලෙවල් ඔක්කොම එකම ලෙවල් එකකට ගන්න පුළුවන්.ඊටපස්සෙ ඔයාට පුළුවන් වින්ඩොස් මූවි මේකර් පාවිච්චි කරලා ඔයාගෙ වීඩියෝ එකයි සින්දු ටිකයි අමුණගන්න.මූවි මේකර් වින්ඩෝස් 7 වල නැද්ද කොහෙද. ඒක ෆ්‍රී ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. XP වලනම් ඩිෆෝල්ට් තියනවා.මම මේ කියන ඔක්කොම නොමිලේ කරගන්න පුළුවන් ඒවා. අපේ වීඩියෝ පොර නම් පාවිච්චි කළේ ඇවිඩ් ලික්විඩ් කියන එඩිටිං ටූල් එක. මම ඒකෙත් හොර කොපියක් බෑවා. ඒත් ඒක ට්‍රයි කළේ නෑ. ඒක නම් ටිකක් දරුණුයි.හැබැයි පොඩි කොස්සක් තියනවා. දුකා අයියගෙ වීඩියෝ එකේ සවුන්ඩ් ට්‍රැක් එක ඉස්සෙල්ලම අයින් කරන්න ඕනෙ. ඒකට මොකක් හරි ජිල් මාට් එකක් දාන්න වෙනවා. මම ඒ වැඩේ නම් කරළා නෑ.

    දුකා අයියා කැමති නම් එකේක භාෂාවෙන් සබ්ටයිටල් හිටන් දාන්න පුළුවන්. පුරුදු වුනාම මේ ඔක්කොම සිම්පල් වැඩ බවට පත් වෙනවා. පළවෙනි එක කරනකන් තමා අමාරු. ඊට පස්සෙ සිම්පල්.දුකා අයියට පොඩි ත්‍රස්තවාදියෙක් ඉන්නවා නේද? බට්ටත් කැමති වෙයි එයාගෙ හෝම් මූවි වලට. මම අපේ අක්කගෙ පෝරිසාදයො දෙන්නට ඉඳලා හිටලා ඒවා හදලා දෙනවා.මේ ටූල් වලින් පුළුවන් අපේ පින්තූර වලින් හෝම් මූවි හදලා ඒවා ඩී වී ඩී එකක රයිට් කරලා ප්ලේයර් එකේ බලන්න. නැත්තං අපි ගත්ත පින්තූර දාපු තැනක්වත් මතක නැතුව යනවා ටික දවසකින්. ඇයි ඉතිං අපි ඒවා කලට වේලාවට ප්‍රින්ට් කරන්නෙ නෑනෙ.දුකා අයියට සපෝර්ට් එකක් ඕනෙ නම් මට ලියුමක් දාන්න. ibikatha@gmail.com

    ReplyDelete
  68. සුබ පැතුම් දුකෝ.. බලනකොට උඹ අපට පස්සෙ නොවැ අමාරුවෙ වැටිලා තියෙන්නේ.. (කට වැරදුනාද මංදා)

    ReplyDelete
  69. ජය වේවා....! මගෙනුත් සුභ පැතුම්…!

    දුකා අයියා, මේ වැඩේ ඔයාටම තනියම කරන්න පුළුවන්. පොඩි එක්ස්පෙරිමන්ට් පාරක් දාමුද? ඔයා පාවිච්චි කරන්නෙ වින්ඩෝස් 7 ද? එහෙම නම් මුලින්ම වින්ඩෝස් movie maker ඩවුන්ලෝඩ් කරගන්න ඕනෙ (වින්ඩෝස් 7 වලට ගැලපෙන). ඊට පස්සෙ mp3gain ඩවුන්ලෝඩ් කරගන්න ඕනෙ. මේකෙන් පුළුවන් එකේක සවුන්ඩ් level වල තියන MP3 එකම සවුන්ඩ් level එකකට ගන්න. ඊට පස්සෙ ඔයාට සිද්ධවෙනවා වර්චුවල් ඩබ් කියන සොෆ්ට්වෙයාර් එක බාගන්න. මේකෙන් පුළුවන් ඔයාගෙ වීඩියෝ ෆයිල් එකේ දැනට තියන සවුන්ඩ් ට්‍රැක් එක අයින් කරන්න. මම නම් තාම එහෙම එකක් කරළා නෑ. ඒත් සබ්ටයිටල් වීඩියෝ ෆයිල් එකටම එම්බෙඩ් කරන්න නම් මේ ටූල් එක පාවිච්චි කළා. ඊට පස්සෙ ඔයා ආස සින්දු ටික නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.ඒවා දාලා සවුන්ඩ් නෝමලයිස් කරගන්න.දැං සින්දු ටික හරිනෙ.ඊට පස්සෙ වර්චුවල් ඩබ් එකට ඔයාගෙ වීඩියෝ ෆයිල් එක දාලා සවුන්ඩ් ට්‍රැක් එක අයින් කරළා වීඩියෝ එක විතරක් සේව් කරගන්න.දැං මූවි මේකර් ඇරලා වීඩියෝ file එක දාලා අදාල තැනට ආස කරන සවුන්ඩ් ට්‍රැක් එක දාගන්න. ඊට පස්සෙ මුළු ෆයිල් එකම සවුන්ඩ් එක්ක සේව් කරගන්න.දැං වැඩේ හරි. ඊළඟට තියෙන්නෙ මේක ඩී වී ඩී එකකට ලියන්නනෙ. ඊට කළින් ඔයාගෙ තනි වීඩියෝ ෆයිල් එක ඩී වී ඩී එකකට ඕනෙ කරන ස්ට්‍රක්චර් එකට හරෝගන්න ඕනෙ. මේකට DVDFlick බාගන්න වෙනවා.අපි හදාගත්ත වීඩියෝ ෆයිල් එක මේකට දාලා හරිගස්ස ගන්න.ඊට පස්සෙ මේක ඩී වී ඩී එකේ රයිට් කරන්න Free and Easy Burner බාගන්න වෙනවා.මේකට දාලා ඩී වී ඩී එක ලියාගන්න පුළුවන්. දුකා අයියා ආස නම් එකේක භාෂා වලින් සබ්ටයිටලුත් දාගන්න පුළුවන්. ඒකට ඩී වී ඩී එක ලියන්න කලින් හදාගත්ත වීඩියෝ ෆයිල් එක ඒජිසබ්(aegisub) කියන ටූල් එකට ලෝඩ් කරළා අපිට ඕනෙ තැන් වලට වචන දාන්න පුළුවන්. එහෙම කරළා ඉංග්‍රීසියෙන්, සිංහලෙන් ආදී වශයෙන් සබ් ෆයිල් හදලා ඒවත් DVDFlick එකට දීලම ඩී වී ඩී ස්ට්‍රක්චර් එක හදා ගන්න පුළුවන්.ඊටපස්සෙ මේ තැටිය ප්ලේයරේම බලන්න පුළුවන්.ඒ තියා ෆිල්ම් එකේ අන්තිමට එඩිටඩ් බයි දුකා අයියා කියලා දැම්මම කාටද ආඩම්බර. හිහ්...

    පළවෙනි පාර ටිකක් නටන්න වෙනවා. ඊට පස්සෙ මේක ටොයිස් වෙනවා.එතකොට ඔය ට්‍රිප් ෆොටෝ එහෙම දාලා ලස්සන ලස්සන හෝම් මූවි හදන්න පුළුවන්.දුකා අයියගෙ පුංචි ත්‍රස්තවාදියානම් එහෙම ඒවට කැමති වෙයි. මම අපේ අක්කගේ පොඩි පෝරිසාදයෝ දෙන්නට මේ වගේ පොඩි එකක් දෙකක් හදලා දුන්නා.

    මේ ඔක්කොම වැඩ ටික එක ටූල් එකෙන්ම කරන්න පුළුවන්. ඒ වගේ ටූල් එකක් තමා ඇවිඩ් ලික්විඩ්. මගේ වෙඩිම වීඩියෝ කරපු හාදයා ඒක තමා පාවිච්චි කළේ. මම ඒකෙත් හොර කොපියක් ඩවුන්ලෝඩ් කළා. හැබැයි වැඩේ ටිකක් සංකීර්ණයි. මගේ වීඩියෝග්‍රැෆර් එලමකිරි බුවා.අහින්සක ඩයල් එකක්. අපිට ඕනෙ විදියට වැඩේ කරගන්න පුළුවන්.ඉන්නෙ මහරගම පැත්තෙ.එඩිට් කරනකොට ඕනෙ නම් සින්දුත් අරන් අපිටත් එන්න කියනවා. ගාණත් බොහොම සාධාරණයි. දුකා අයියට ඕනෙ නම් මිනිහව කන්ටැක්ට් කරළා බලන්න. මිනිහගෙ විස්තරේ පහළ තියනවා.

    Dushan Malawiarachchi Phone: 0773044219

    http://en-gb.facebook.com/people/Dushan-Malawiarachchi/100000093312369

    ඉස්සර මම වීඩියෝ සීන් ගැන පොඩි බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තා. ඒක එහෙම්මම මග හිටියා. හැබැයි ඒකෙ ඔය පොඩි පොඩි වීඩියෝ එඩිටිං ටිකක් විස්තර ඇතුව තියනවා. වෙලාවක් තියනවා නම් ට්‍රයි කරළා බලන්න.
    http://ibiteetar.wordpress.com/

    පුළුවන් නම් මම සපොර්ර්ට් එකක් දෙන්නම්. දුකා අයියා ට්‍රයි එකක් දීලා බලන්න.
    ibikatha@gmail.com

    ReplyDelete
  70. @ශානු
    බොහොම ස්තූතියි නගේ

    @කුෂාන්
    අහ් එහෙම කියලා උඹල නිතරම රන්ඩු වෙනවද මලේ. හික්ස්
    මට නම් රන්ඩු පෙන්න බෑ අප්පා
    තැන්කූ ඈ

    @බින්දි
    මම හිතන්නේ ඔයා කියපු එක හරි වෙන්න ඇති.
    ඔක්තෝම්බර් උපන් ගොඩක් අයගේ ඒ ලක්ෂනය තියෙනවා මමත් දැකලා තියෙනවා.
    ස්තූතියි සුභ පැතුම් වලට හොඳේ.

    @රංගි
    තැන්කූ මචන්
    හරි ඕන් මම කිව්වා

    @නොදුටු ලොවක්
    බොහොම ස්තූතියි ඔයාටත්

    @තනෝජා
    ඔව් ඔව් අප්පා කොල්ලව ඉක්මනට අයියෙක් කොරන්න ඕන.
    අපි ඉතිං උගේ හුරතල් උපරිමයෙන් විඳින්න ඕන නිසා ටිකක් කල් දැම්මා . . හික්ස්
    තැන්කූ ඈ . .

    @ප්‍රියා
    තැන්කූ මල්ලී

    @තිසා
    උඹ බැඳපු දා කියපු සින්දුව නෙමේ බන් මම ඇහුවේ . . හික්ස්
    තැන්ක්ස් කිව්වා එහෙනම්

    @ලකී
    අපේ එකාගෙන් ඇහුවාම නංගියෙක්ද මල්ලියෙක්ද ඕන කියල ඌ කියන්නේ අක්කි කෙනෙක් කියලා . .
    ඉතිං මක්කැයි කොරන්නේ හික්ස්
    ස්තූතියි උඹටත්

    @සිනි
    තැන්කූ තැන්කූ සුබ පැතුම් වලට

    @නදී!
    ඔයාටත් ස්තූතියි හොඳේ

    ReplyDelete
  71. @මාරයා
    ඔව් ඔව් උඹට දැම්මම වැඩක් නෑ ඒ සින්දු වලින් . . හික්ස්
    තැන්කූ ලොක්කා

    @සචී
    ඔව් ඔව් පහු පහු වෙලා මැරෙනකම් කොහො වෙනවට වඩා මුලදී කොහු වෙලා වැඩි කාලයක් ජොලියේ ඉන්න ලැබෙන එක කොයි තරම් දෙයක්ද නේ . .
    එල එල (තැන්කූ කියන්න බෑ නේ අප්පා )

    @අලුත් කොල්ලා
    තැන්කූ අනුරුද්ද මලේ

    @නිසූපා
    ඔයා කටුගස්තොටද නෙමේ නේද නංගී . .
    ස්තූතියි සුභ පැතුම් වලට.
    අහ් අර සින්දුවත් දැම්මා

    @ගයාන්
    කොමෙන්ටුවල සින්දු ටික හෙමීට පෝස්ට් එකට එකතු කොරන්න ඕන මලේ.
    බොහෝම ස්තූතියි

    @රජ්
    ඔව් ඔව් රාජ් . . ඒක නම් එහෙම තමයි . . මුලදී බාදක තිබිලා පස්සේ හීන් සීරුවේ ගලා යනවටයි මම නම් කැමති.
    ඔයාටත් ස්තූතියි හොඳේ

    @දුමී
    යකඩෝ දස වර්ෂ පූර්ණයත් සම්පූර්න කලාද . . පව් බන් අර මනුස්පයා . . නෑ මම කිව්වේ දුමිය ගැන හික්ස්

    @බුවා
    තැන්කූ වේවා බුවා

    @දිල්ෂාරා
    තැන්කූ දිලෝ . . .
    අනේ බන් පරමාදර්ශී නම් . . . හික්ස් (නෑ නෑ දැන් එහෙම කියන්න ඇහක් වගේ)

    @ලසියා
    තැන්කූ ඈ . . .

    @රජිත්
    අපි එහෙමයි කිව්වොත් ලිව්වා හික් හික් හික්
    ස්තූතියි ඔයාටත් මල්ලී

    @රාජ්
    නෑ බන් මම නම් ආස ඒ පරන සිදු වලට
    හොස්ස අගින් මැස්ස යන්න බැරි නෑ බන් . . හොස්ස අස්සේ රින්ගනකොට තමා මල . .හික්ස්

    @ගිම්හානි
    බොහොම ස්තූතියි සුභ පැතුම් වලට
    ඔක්කෝම සින්දු ටික හෙමින් සීරුවේ දාන්නම්
    බඳින අයට ඕන ඕන වෙලාවට ගන්න ඇහැකිනේ එතකොට

    @බුද්ධි
    ඒ ඒ කෙහෙල් වලට ඒ ඒ බනිස් . . හික්ස්
    තැන්කූ තැන්කූ

    @ඇනෝ
    බොහොම ස්තූතියි.
    හරි ඔක්කෝම සින්දු අර කිව්ව වගේ නිවාඩු පාඩුවේ දාන්නම් හොඳේ

    ReplyDelete
  72. @නවම්
    වෙලාවක ජාති පහේ පින්තූර බලන්න එන්නම්කෝ අපි
    තැන්කූ වේවා කිව්වා උඹටත්

    @දිල්
    හම්මේ එහෙනම් බඳින්න කලින් ඇති තරම් වලි දාගෙන බැන්දට පස්සේ ජොලියේ හිටහල්ලා
    තැන්කූ නගේ උඹටත්

    @මාතරේ
    තැන්කූ තැන්කූ

    @ප්‍රසන්න
    බොහොම ස්තූතියි ප්‍රසන්න

    @රොෂාන් හේරත්
    ස්තූතියි මල්ලී.
    ඔව් ඔව් සමහර පොටෝ කාරයෝ එක්ක නම් මල පනිනවා ඒත් උන් කියන්නේ අන්තිමට මතක සටහන් විදිහට ඉතුරු වෙන්නේ ෆොටෝ ටික විතරක් නිසා ඒකට මුල් තැන දෙන්න කියලනේ . .

    @බුරා
    බොගේ මගුලට ඇවිත් අපි ඔක්කොම ඒ සින්දුව කියනවා ඈ . .
    තැන්කූ මචෝ සුභ පැතුම් වලට

    @මහිම
    හරි ඕන් දැම්මා .. .
    ඔයාටත් ස්තූතියි හොඳේ

    @නිහාල්
    නන්දක්කගේ ඒ සින්දුව නම් හැබෑ ලස්සනයි තමා.
    ඒකත් දාන්නම් අයියේ
    බොහොම ස්තූතියි අයියටත්

    @ඇනෝ-පැතුම් හර්ෂන
    අඩේ ඒකත් සිරා සිදුව
    තැන්කූ තැන්කූ

    @මියුරු
    ඔව් ඔව් ඔය ඇඹුල් අඹ කතාව නම් මම නිතර අහලා තියෙනවා . . හික් හික් හික්
    සුභ පැතුම් වලට ස්තූතියි හොඳේ . .

    @වැම්පා
    යකෝ මටයි කොමෙන්ට් දාපු අයටයි අමතක වෙච්චි සින්දු තියෙනවනම් කියපිය

    @වෙනී
    ඔව් ඔව් උඹව බඳින ගෑනිත් ඔහොම පරන බඩු වලට කැමති එකක් උනොත් හොඳා . . හික්ස්
    තැන්කූ ඈ සුභ පැතුම් වලට

    @ජේඩී
    තැන්ක්ස් මලේ

    @ප්‍රසන්න
    ඔයාටත් ස්තූතියි

    @විසිතුරු
    ඔයාටත් ඈ . .

    ReplyDelete
  73. @සපා
    හාකෝ අපි සලකලා බලන්නම්කෝ
    තැන්කූ මචන් ඈ

    @බස්සා
    තැන්කූ තැන්කූ බස්සෝ . .

    @ඕනයා
    තැන්කූ මල්ලී

    @ඊමේල්කවිකාරි
    හප්පෙ හතර පහ . . එච්චර . .?? හික්ස්
    ස්තූතියි අක්කේ

    @රිශ්
    අඩේ නියමයි . .
    ඔන්න මටත් හෙන සතුටුයි මේ වැඩේ කාට හරි ඔන් ද ස්පොට් ප්‍රයෝජන උනා කියලා දැන ගත්තාම
    සුභ පැතුමට ස්තූතියි රිෂ් . . ඔයාටත් සුභ මංගල්‍යක් වේවා . .

    @ඔබා මාමා අයියා
    "ඔබ කැන්දා යෑම සඳහා, මරුවා එය් සොයා"
    අනේ අයියේ ඒක ඔබා නැන්දා අක්කා කියපු සින්දුවනේ අයියෝ . . හික්ස්
    නෑ නෑ අයියේ මම දුන්නේ මහරගම පැත්තේ බුවෙක්ට
    ස්තූත්යි අයියේ සුභ පැතුම් වලට

    @ලොකු පුතා
    එහෙම ෆෝකස් නොකර ගන්න එකත් අලුත් කලාවක්ද දන්නේ නෑ මල්ලී
    ස්තූතියි මල්ලී ඔයාටත්

    @ශ්‍රී
    නෑ නෑ මම පරක්කු නෑ අර ඉබ්බා දාපු කොමෙන්ටුව බලන්නකෝ
    ස්තූත්යි සුභ පැතුම් වලට

    @හිම කුමාරි
    තැන්කූ ඈ . .
    සින්දු ටික එහෙනම් ප්‍රයෝජනේට ගන්ටකෝ හික්ස්

    @පූසා
    තැන්කූ මල්ලී

    @දිනේෂ්
    බොහොම ස්තූතියි මල්ලී

    @ඉන්දික
    අඩේ වවුල සින්දුව ත් අනිත් සින්දුවත් එල . .
    ඒ ටික නිවාඩු පාඩුවේ පෝස්ට් එකට දාන්නම් මචෝ . . එකොලහ සමරන්න ඩුබායි වරෙන්
    ස්තූතියි උඹටත් මචෝ

    @බට්ටි
    බොහොම ස්තූතියි සුභ පැතුම් වලට.
    මතක් වුනු වෙලාවක දාන්නකෝ සින්දුවක්

    @මල්මි
    ඔයාටත් ස්තූතියි
    ඔව් ඔව් අපි ඒ ගැන දැන් කම්පනා කොරන්න හදන්නේ . . හික්ස්

    @හෂිත මධුසංඛ
    අඩෝ පනස් වෙනි එක සමරන්න අපි ප්‍රාර්තනා කොරන්නේ වලේ ඉඳන් . . හික්ස්
    අපි දෙන්න දැන් දෙපැත්තේනේ බන් . . ලබන ඇනිවසරියට බැරි වෙයි . . බලමුකෝ ඊලඟ එකටවත් . . .හි හී

    ReplyDelete
  74. @ගලයා
    ඔව් මල්ලී. මේ පෝස්ට් එක බ්ලොග් රෝල් එකේ අප්ඩේට් උනේ නෑ මොකද්ද කේස් එකක්.
    ස්තූතියි උඹටත් හොඳේ

    @චතුරංග පෙරේරා
    ඔව් ඔව් අර සින්දුවකුත් තියෙන්නේ "මහ වරුසාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එලියයි . . . " කියලා ඒත් මොකද්දෝ හේතුවකට මම නම් ආස නෑ බන් වලි දාගන්න.

    @චන්දි
    අඩේ ඒකත් ලස්සන සින්දුව අක්කේ
    අක්කටත් ස්තූතියි හොඳේ

    @බට්ටි
    අනේ අප්පේ මගේ ලඟ නෑ මේ සින්දු . . නෙට් එකෙන්ම තමා හොයා ගන්න වෙන්නේ නගේ

    @මදුරංග
    බොහොම ස්තූතියි මලේ

    @කිරි
    තැන්කූ ලොක්කා
    කාලෙකින් හරි ආවා මදෑ . .

    @චතුර
    ඔව් ඔව් තාම ඒ හැටි කාලයක් නෑ හික්ස්
    තැන්ක්ස් මචෝ

    @ඉබ්බා
    අනේ මලේ උඹේ කොමෙන්ටුව මටත් ආයේ මේක බලන අයටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි . .
    මම උඹට මේල් එකක් එවන්නම් වැඩි විස්තර දැන ගන්න . .
    උඹට ගොඩාක් ස්තූතියි හොඳේ

    ReplyDelete
  75. වාසනාව සතුට පිරුන යුග දිවියකට සුබ පතනවා දුකා මල්ලිටයි , නංගිටයි දෙන්නාටම . මේ සතුට සැමදා රැදේවා! කියල ආදරෙන් පතනවා.

    ReplyDelete
  76. මේ පෝස්ට් ටික දැක්කේ බොහොම කාලෙකට පස්සෙ...
    මම නම් ඇනිවසරියට කියන්නෙ එකම සිංදුව
    දෙමාපියන්ගේ... කීම අසාලා...
    තිබුණු නිදහසත් අනෙ මම නැතිකරගත්තා....

    ඕක තමයි හැමදාම කියන්නෙ...
    ඒ වුනත් ඇල්කෙමිච්චි නෙවෙයි කටක් ඇරලා හ්ම් කියන්නෙ...
    උන්දැ දන්නවා මොන ලෝකෙ කරක් ගහලා ආවත් උන්දැ හොයාගෙනයි ගෙදර එන්නෙ කියලා...
    ඒ කියන්නෙ මොන හෝටලේ මෙනු එක බැලුවත්... වෙන හෝටල් වලින් කන්නෙ නෑ කියලා....
    ඉතිං අපිට එච්චරයි...
    සුබ ඇනිවසරියක්... !

    ඇල්

    ReplyDelete
  77. සුබ පැතුම් සුභාශ්ගෙන් - සුභාෂ්ට, ප්‍රිය බිරිඳට හා විරුශ්ට !!!

    ReplyDelete
  78. Suba pathum aiyatai akkatai... lagadie aiyage blog eka kiyawanna gatte. habai mama hoya hoya hitiya deyak hambuna. mage wedding video ekata danna hoda sindu tikak... bohoma pin!

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails