twitter
    Find out what I'm doing, Follow Me :)

හීනෙන් මගෙ රටේ නිදියන හැම රෑම . . !!!


ඕනෑම දේක ලොකු වටිනාකමක් දැනෙන්නේ ඒ දේ අපෙන් දුරස් උනාම . ..

එහෙම නැති නම් නැත්තටම නැති උනාම . . .

රට ගැන උනත් එහෙම තමයි . . .

ඉස්සර ගෙදර ඉන්න කාලේ "මොන කන් කරච්චරලයක්ද මන්දා" කියලා හිතපු අම්මගේ තාත්තගේ බැනුම් අපව ජීවත් කරවපු උදා ගී කියලා තේරෙන්නේ රටින් පිට ගිහින් ඒ බැනුම් ආයේ ආයේ අහන්න කන් දෙක පෙරුම් පුරන බව දැනුනාමයි.

බිරිඳ, සැමියා, දූ පුතුන්, සහෝදර සහෝදරියෝ, අසල්වසියෝ, ඥාතියෝ . . . . මේ හැම දෙනෙක්ම අපේ ජීවිතවලට සුවිශේෂී අය බව පසක් වෙන්නේ රටින් පිට ගියාම . . .

රට ඇතුලේ ඉන්නකම් ලිඳේ ගෙම්බෝ වගේ අනෙක් රටවලට වඩා අපේ රට උතුම් කිව්ව වුනත් හැබෑ ලෙසම අපේ රටේ වටිනාකමක් දැනෙන්නේ රටින් එලියට ගියාම . . .

එතනදී රටේ ඉන්න බොහෝ අයට හරි කියලා හිතෙන දේවල්, "අපි එහේ ඉන්නකොට හරි කියලා හිතුනත් හරි නෑ මද මන්දා?" කියලා හිතෙන්න ත් පුලුවන් රටින් එලියට ගිහින් රට දිහා ආයි අමුතුවෙන්ම බලන්න ගත්තාම.

බටහිර රටකට ගියාට වඩා මැද පෙරදිග රටකට ආ අයට අපේ රටේ අගය වෙන අයට වඩා දැනෙන්නේ තියෙන ඉඩ කඩ වැඩී . .. .

ඒ බව නන්දක්කාගේ මේ ගීතය අහන ඕන කෙනෙකුට තේරේවි කියලා මම හිතනවා . ..

විලක් උනත් නිල් දිය පිරි විලක් නොවේ
මලක් උනත් සුවඳක් ඇති මලක් නොවේ
සඳක් උනත් පසලොස්වක සඳක් නොවේ
රටක් උනත් මගෙ රට වැනි රටක් නොවේ
. . . .
නෑවත් වතුර මල යට ඉඳ නළ වතුර
තාමත් සිතින් කිමිදෙමි ගගදිය අතර
කීවත් ගීත මැදපෙරදිග මරු කතර
කාටත් හොරෙන් කියවෙයි පැල් කවි නිතර
. . ..
සායෙන් හඬන දූ දරුවන් උදෙසාම
ආයෙම් මෙහෙවරට නොරටුන් ලඟ මෙහෙම
බානෙන් බැඳී සිටියත් යදියන් සේම
හීනෙන් මගෙ රටේ නිදියන හැම රෑම . . !!!


මම දේශපාලන අන්තවාදියෙක් නෙමේ . . . .

සුන්දර නිදහස් ශ්‍රී ලංකාවක් ගැන උදේ හවා හීන මවන මිනිහෙක්.

ඇත්තම කියනවනම් "මම" නන්දක්කා මේ කියනවා වගේ "හීනෙන් මගේ රටේ නිදියන හැම රෑම"

එහෙව් අයට සමහර විට රටේ ජීවත්වන අයට සුලු දෙයක් කියලා හිතෙන දෙයක් උනත් මහා ලොකු ඛේදවාචයකයක් විදිහට දැනෙනවා වෙන්න පුලුවන්.

කලින් ලිපිය තාවකාලික ව ඉවත් කලා පුද්ගලික හේතුවක් නිසා.

ඒ ගැන තව දුරටත් සුහදව සාකච්චා කරන්න කැමති අය ඉන්නවනම් මට ඊයක් එවන්න,

නැති නම් ස්කයිප් ලිපිනය දෙන්න . . .

අපි සුහදව කතා කරමු.



29 යි අදහස්:

ඉන්දික උපශාන්ත said...

අර අයින්කරපු එක හොඳයි. අනික අපි හීනෙන් අපේ රටෙ ජීවත් උනාට එහෙ උන් ජීවත් වෙන්නෙ ඇමරිකාවෙනෙ බං. ඒකයි අවුල!

ලකී said...

අපි ළඟ හිටියත් අපිට වටිනාකම නොදැනෙන අපේ අයගෙ වටිනාකම දැනෙන්නෙ මේ විදියට රටින් පිට වෙලා ඉන්නකොට...

ඒ වගේම තමයි අපි අපේ කියලා හිතන් ඉන්න දේවල් ඇත්තටම අපේ නෙවෙයි කියලා වැටහෙන්නෙත් මේ වගේ වෙලාවට..

අයින් කරපු එක හොඳයි....මම ඒ ගැන කොමෙන්ට් කලෙත් නැහැ..කරන්න බලාපොරොත්තුවකුත් නැහැ.

ජිලා said...

තනිකර ඇත්ත...... ලංකවෙ අගය වගේම ලංකාවෙ මිනිසුන් අතර තියෙන දුර්වලතාත් ලේසියෙන්ම තේරෙන්නෙ ලංකාවෙන් පිටට ආවහම. ගහ කොළ, සතා සිව්පාව, සුන්දර වෙරළ, පැරණි නටඹුන්, ස්වභාවික සම්පත්, කෘෂිකර්මාන්තයට සුදුසු ඉඩම්, අවම ස්වභාවික ආපදා....... මේ ටික ඔක්කොම බැලුවොත් ලංකාව කියන්නේ හරිහමන් පාලනයකට යටවුනොත් වසර තුන හතරකින් පාරාදීසක් කරන්න පුලුවන් රටක්.... වැඩියෙන්ම කනගාටුව මේ රට දැන් යන විදිය ගැන නෙමේ, අපි මේ ගමන් කරන්නෙ අපායකට කියල අපේ ඇත්තො බොහොමයකට තේරෙන්නෙවත් නැති එකට..... අනේ මන්ද

108543860788859599679 said...

යමක් සිදු උනාද? සිදුවෙන්ට යනවාද? පසුබෑමට හේතු කිමද?මට ඊයක් දමනවාද? emailkavikaari@gmail.com

කතන්දර Kathandara said...

දුකා සුදු කොඩියක් දාලා වගේ!

මාලන් said...

ටැබූ විනාශ වී ගියේය. බියෝන්ඩ් ෆ්‍රේම්ට ඇපත් නැත. මා වැනි "කබ්බෙක්ටත්" ඔවුන් එළවා පහර දුන්හ [ෆේක් ප්‍රෝෆයිලයකින් මා රාජ්‍ය විරෝධී, බෞද්ධ විරෝධීයෙකු ලෙස හංවඩු ගැසූහ, මුහුණු පොත දකින්නට ඇතැයි සිතමි].

දුකා අයියේ, සිතන දේ ප්‍රකාශ කිරීම අද ලාංකීය සමාජය තුළ අතිශයෙන්ම භයානකය. සූදානමින් සිටින්න. මීළඟ ඉලක්කය ඔබ [හෝ ඔවුන්ගේ මතයට විරුද්ධව එළිපිට කතාකරන කවුරුන් හෝ] විය හැකියි..!

මේ පෝස්ටයට කිසිදු අදාලත්වයක් නැතත් අනතුරු හඟවන්නට සිතුනි.

Weni said...

ඔව් ඒක ඇත්ත.. ඕනිම දෙයක වටිනාකම දැනෙන්නෙ ඒක ළඟ නැති උනහම තමයි ! ස්වභාවයේ අපූරුව !

ගොඩයා said...

"හීනෙන් මගෙ රටේ නිදියන හැම රෑම" ඒ ගැන නම් කවර කතාද? දුක් විඳින්නෙ නැති ඈයොත් ඉන්නවානේ රටවල්වල. ඒ මොන සැප තිබ්බත් මගේ රට කියද්දි දැනෙන නිදහස දැනෙන්නේ කොහෙන්ද ????

රාජ් said...

ලිපියත් කොමෙන්ටුත් ඊයේ හවස්වනතුරු බැලුවෙමි. ඊට පසුව යමක් සිදුවුනාද? [raj_wvp@yahoo.com(පුංචි හෝ කරදරයක් නැත්නම්)]

සපතේරු උන්නැහේ said...

අපිට ඕනැම දේක වටිනාකම දැනෙන්නෙ ඈත් වුනහම... ඒක සාමාන්‍ය ස්වභාවය... මචෝ... ඕනැම දේකදි වගේ මෙතෙන්දිත් එලියෙන් ඉඳන් බලන අපිට පේන විදිහට නෙමේ ඇතුලෙන් ඉඳන් බලන කෙනාට පේන්නෙ...

දැන් බලපං.. අපි ටිකක් වැඩිපුර හම්බකරනව ලංකාවෙ ඉන්නවට වඩා... ඒත් ලංකාවට නිවාඩුවට ගියාම සුපර්මාර්කට් එකට ගියහම බය හිතෙනව ප්‍රයිස් ටැග්ස් දැක්කහම...ඒත් ලංකාවෙ ඉන්න කට්ටිය සූ ගාල පෝලිමේ බඩු ගන්න... එයාලට ඒ ගනන් ගනන් වැඩියි කියල හිතෙන් නෑ... ඕනැම දෙයක් වගේ ඒකත් පුරුදු වෙලා..

අරක අයින් කරපු එක හොඳයි.... උඹ ඇනෝ කෙනෙක් නෙමෙයි නිසා..

මාතලන් said...

උඹ රත්තරන් මනුස්සයෙක් මම ඒක දන්නවා. නමුත් උඹ මට බාල වගේ පේන නිසා අවවාදයක් දෙන්නම්. මචන් කිසිම දේකට ආවේගශීලී වෙන්න එපා. ඒක අපේ රටේ දුර්වලතාවයක්. ඇනෝලට උනත් දෙන්න තියෙන්නේ ඒ පනිවිඩේම තමයි. අපි අපි සහෝදරයෝ. නමුත් මීට වඩා ශිෂ්ඨ සම්පන්න වෙන්න ඕන. සිංහල ජාතිය කියන්නේ වඳවෙමින් පවතින ජාතියක්. අපි අපි මරාගන්න කොට අනෙකාට අපිමයි ජෝක් එකක් වෙන්නේ. හොඳම උදාහරනය ඊශ්‍රායලය. මොන වාද විවාද තිබුනත් යුදෙව්වෙක් යුදෙව්වෙකුට විරුද්ධ වන්නේ නෑ. අපි මීට වඩා සංවරවෙමු. නිවෙමු.. Thanks

amal said...

ජාතිය කියන බෙදුම් රේඛාව ගහගන්න තැනම බෙදුම්වාදෙකට යනවා . එතැන මනුස්සකම පවතින්න ඉඩක් නැහැ

ගෝල්ඩ් ෆිෂ් said...

අයියා කියන කතාව සම්පූර්ණයෙන් ඇත්ත... යමක් නැති වෙන්නම ඕනේ අගේ දැනෙන්න...

හිස් අහස said...

අදහස් දැක්වීමේ අයිතිය අපේ රටේ උපරිමේටම තියනවා !!

ඒත් පුංචි අවුලකට කියලා තියෙන්නේ අදහස් දැක්වූවායින් පස්සෙ නිදහසක් නැති වීම .

Dinesh said...

අයියා හරි අයියේ.. ලංකාව කොයි තරම් හොදද කියලා දැනෙන්නේ ලංකාවෙන් ආවට පස්සේ...

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

මක්කෙයි වුනේ දුකා අය්යෙ ? දුකා ඉන්නෙ ලංකාවෙ නොවෙන නිසා අර ලිපිය නිසා නම් ලොකු නස්පැත්තියක් නොවෙන්න ඇති කියල හිතනව

arunishapiro said...

මම නම් හීනෙන් නිදියන්නෙත් ඇමෙරිකාවේ ම තමා දුකා මල්ලී ... ඒත් ලංකාව ගැන හීන දකින අය එක්ක එකතු වෙන්න නම් කැමතියි!!!

ඕනයා said...

සිරාවටම දැනෙනවා අයියෙ . . . . රටිං පිටවෙන්නම ඕනෙ ඔය හැඟිම දැනෙන්න . . .

ප.ලි.
අරක අයිං කරපු එක හොඳා . . . . .

ariyananda said...

හයියෝ.. ඉස්සෙල්ලා පෝස්ට් එක දැක්කෙ නෑනෙ...
මමත් හැමදාම දකින හීනයක් තමයි අපට ආපහු අපේ රටට ගිහින් රටට යමක් කරන්න පුළුවන් වාතාවරණයක් හැදේවා කියන හීනෙ...
නමුත්... ඒක හීනයක්ම විතරයි කියලා මට දැන් තේරෙනවා... කොච්චර අපි ලිවුවත්, කී දෙනෙක් බැලුවත්, කවුරුවත් හැදෙන්නත් නෑ.. අපා රාණ්ඩුව හැදෙන්නම විතරක් නෙවෙයිනේ ලියන්නේ... ඒත් කිසිම කෙනෙක් හැදෙන පාටක් නෑ ලිපිය කියවලා අහක දානවා මිසක්...
අනෙක ඉතිං අපි ලියන දේවල්වල හැටියට ආයෙ ලංකාවට යන්න ලැබෙයිද දන්නෙත් නෑ.. අපේ පාලක කට්ටියගෙ මානසිකත්වය හැටියට ඒක පුදුමයකුත් නැහැ...
අපිට බොහෝ දේවල අගය දැනෙන්නේ අපිට ඒ දේවල් නැති වුනාම... ඒක මිනිස් ස්වභාවය.. තියෙන කම් අගයක් නෑ...

ඇල්කෙමියා

මගේ කතාව said...

බ්ලොග් ආරම්භ කිරීමත්, ආරම්භ කල බ්ලොග් වල ලියන දේත් බ්ලොගයේ නීති රීතිත් එය අයිතිකරුගේ කැමැත්ත වේ.
ඒ කියන දේ ගැන අදහස් ඇති කර ගැනීමත් ඒ අදහස් පල කිරීමත් අනිත් අයගේ කැමැත්ත අනුව වේ.

Jeew said...

කොහොම වුණත් තව දවස් 5 යි.....

Observer said...

දුකා, ඊයක් බලාපොරොත්තු වන්න. ලිපිය පිළිබඳව සංවාදයක් සඳහා නොව, වෙනත් ඉල්ලීමක්.

ඔබ නොදු‍ටු ලොවක්..... said...

"පින් පුරව් සිහළුනි සදා ඉපදී මියෙන්නට සිංහලේ "

ගල්මල්-Coral said...

අද නැතත් හෙට ඒ පුංචි රටේ නිදියන්න වරම පතනවා අපි කවුරුත්.

ආවාට පිරිලා තිබුණත් හඳේ හාවා, මිනිසුන්ට අඩිය තියලා ඉන්න බැරි වුනත් හඳ සෞම්‍යයි. අපිත් ඈත ඉඳන් හඳ බලමු, වෙනෙකක් නිසා නෙවේ හැංඟුන ඉරේ නොපෙනෙන රැස් අරන් අඳුර මඩිමින් එළිය දෙන නිසා.

යාලුවේ මාතලන් උන්නැහේ අගේ කරයුතු සටහනක් කරලා තියෙන්නේ.

පිස්සා පලාමල්ල said...

මේ සින්දුව උබ දාල තියෙනව දැක්කම මම කී පාරක් ඇහුවද මන්ද අයියේ...
ලංකාවෙ වටිනකම මටනම් උපරිමෙන්ම දැනෙනවා...

ඕනයා said...

@මාතලන්:

//උඹ මට බාල වගේ පේන නිසා //

දුකා උඹට වඩා අවුරුදු 8ක් බාලයි . . . .

Miyuru said...

ලංකාවෙන් පිට ඉන්නකොට ලංකාව ගැන දැනෙන ගැඟීම නම් කියල වැඩක් නෑ....

දුකා said...

@ඉන්දික
ඒක නම් ඇත්ත බන්

@ලකී
"ඒ වගේම තමයි අපි අපේ කියලා හිතන් ඉන්න දේවල් ඇත්තටම අපේ නෙවෙයි කියලා වැටහෙන්නෙත් මේ වගේ වෙලාවට.."
බොහොම ස්තූතියි මචං . . මම ලොකු දෙයක් ඉගෙන ගත්තා මේ වචන ටිකෙන්

@ජිලා
ඔය කියන්නේ අර උපහැරනෙද?
ලිප දිය මෙලවෙන තෙක් දිය සැලියේ
සැපයක් යැයි කකුළුවා දිය කෙලියේ

@ඊමේල් කවිකාරි
ස්තූතියි අක්කේ හොයල බලනවට

@කකා
ඔව් ඔව්
සුලඟට නොසෙල්ලන ලොකු ගහක් වෙලා කඩන් වැටෙනවද?
බට ගහක් වෙලා හුලඟට නැමිලා ජීවිතේ බේර ගන්නවද කියලා හිතුවා

@මාලන්
ස්තූතියි මාලන්. ඇහැට වත් දැකලා නැති නමුත් බ්ලොග් ලෝකයේ මේ සුන්දර මිනිසත් කම නොමිනිසත්කම් අමතක කරවන එක අහන්නත් දෙයක්ද?

@වෙනි
ඒකනේ කියන්නේ

@ගොඩයා
භෞතික සැප කොයි තරම් තිබ්බත් තමන්ගේ ඈයෝ ලඟ තමන්ගේ කියලා හිතාගෙන ඉන්න රටේ ඉන්නකොට දැනෙන සනීපේ කොයින්ද?

@රාජ්
නෑ නෑ තාම නෑ රාජ්. වෙනස් පැත්තකට වාදය ගිය නිසා අයින් කලා

@සපා
ඒක නම් ඇත්ත බන්
මතකයිනේ රුචා කිව්ව චොක්ලට් එකේ කතාව.
මෙහේදි දිරාහ්ම්ස් පහයි ඒත් එහේදි රුපියල් එකසිය පනහක් කිව්වම බය හිතෙනවා.

දුකා said...

@මාතලන්
"සිංහල ජාතිය කියන්නේ වඳවෙමින් පවතින ජාතියක්"
මේ යන විදිහට නම් ඒක නවත්වන්න කොහොමට වත් බැරි වෙයි වගේ බන්.
දුක ඒකයි.

@අමල්
එක රජක් ඇතුලේ ජාතීන් ගොඩක් සමඟියෙන් ඉන්න පුලුවන් අමල්
හොඳම උදාහරනේ ඩුබායි
ඇවිත් බලන්න බොරුනම්

@ගෝල්ඩ්ෆිෂ්
අර සුනිල් එදිරිසිංහ මහත්තය සින්දුවෙන් කියන්නෙත් ඒකම නේද?
"වියෝ වූ පසුවයි දැනෙන්නේ . . ප්‍රේමයේ අභිමන්"

@සඳරු
හික් හික් හික් නියම කතාව බන්

@දිනේෂ්
ඒක නම් එහෙම්ම තමා මල්ලී

@බුවා
ලංකාවේ නොහිටියට නිතර නිතර යනව එනවනේ බන්ස් හික්ස්

@අරුණි
අක්කා සුදු මහත්තයා එක්ක ඔය රටේම කෙනෙක් වෙලා ඉවරයිනේ අක්කේ
ඒත් අපිට එහෙම බෑ . .
තොපිට දැන් වැඩකරන්න බෑ දැන් තොපි නාකියි . . පලයව් යන්න කිව්වාම අකුලගෙන යන්නේ වෙන කොහේටද අප්පේ අපි. . . හි හි

@ඕනයා
ආ දැන් තේරෙනවා නේද . . ඔන්න ඔහොමලු උනේ . . හික්ස්

@ඇල්කෙමියා
ඔය මහත්තයට වගේ ලස්සනට ලියන්න නම් බෑ . . ඒත් ඒකේ ලිව්වේ ප්‍රජාතත්‍රවාදෙට අපේ තියෙන සංවේදී කම ගැන.
පස්සේ සංවාදේ වෙන පැත්තකට ගිය නිසා අයින් කලා.
ගූගල් ඩොක් එක නම් ඇති.
ඊමේල් එක එව්වොත් නිවාඩු වෙලාවක එවන්නම්

@මගේ කතාව
ලිපියෙන් සාකච්චා කරන්න හදපු දේ වෙනස් පැත්තකට ගිය නිසා ලිපිය අයින් කරන්න උනා.
ඔය මහත්තයා කැමතිනම් අපි වෙලාවක සුහද සාකච්චාවක් දාමු.
අදහස් හුවමාරුවෙන් තමයි හරි දේ ගැන වැටහීමක් ගන්න පුලුවන් කියල අදහන මිනිහෙක් මම.

@ජීව්
අහ් උඹ නිවාඩු යනවැයි?
එල එල

@ඔබා
අනේ ඔබා මාමා අයියේ . .
මට අමතකම උනා අයියගේ ඉල්ලීම
තව දවසක් දෙකක් දෙන්න ඈ . . .

@ඔබ නොදුටු ලොවක්
අනගාරික ධර්මපාල තුමා නම් ඊට වෙනස් දෙයක් ප්‍රාර්ථනා කලා කියල අහලා තියෙනවා

@ඩීන්
මාතලන්ට කියන්න ඕන වුනේ අපි සිරි ලාංකිකයෝ එකා එකා මරාගන්නේ නැතුව ඉමු කියන එක බව උඹ පිලිගන්න ඇති කියලා හිතනවා මචෝ

@පිස්සා
ඔව් බන් මටත් ඔය සිංදුව මතක් නොවෙන වෙලාවක් නෑ . . විශේෂයෙන් රෑට නිදාගන්න යද්දී

@ඕනයා
යකෝ මූ රෙජිස්ටාර් රාළහාමි වගේ නේ

@මියුරු
ඔව් අප්පා . . පිට ඉන්නකොට යන්නම හිතෙනවා.
ගියාම කොයි වෙලාවෙද ආපහු එන්නේ කියලා හිතෙනවා (අතේ තියෙන තුට්ටු දෙක වාෂ්ප වෙලා ගියාට පස්සේ මම කිව්වේ). . හික්ස්

Post a Comment

ඔබගේ අදහස් තමයි මගේ ශක්තිය..
සිංහලෙන් ලියන්න අවැසි නම්
මෙතනට යන්න..

Related Posts with Thumbnails