Thursday, September 29, 2011

ඔබ නැති නම් මිහිපිට නැත මම් . . !


“ඔය තරම් බොන්නේ ඇයි තාත්තේ”.

“ ඒ විතරක්ද පුතේ සිගරට් එකක් ඉවර වෙන්න එකක් . . කිව්වට අහනවද මෙයා ”

“ තාත්තට ඕන ඔව්ව ඔහොම බීල බීල ලෙඩක් හදාගෙන ඉක්මනට මැරෙන්නද? ”

“ තොපි ඉතිං මම මැරෙන කම් තමයි බලන් ඉන්නේ ”

“ ඔය ඉතිං . . හඳ පෙන්නුවම ඇඟිල්ල ඇදයි කියනවා ”

" හිටපල්ලකෝ . . මම ඉක්මනට මැරෙන්න උඹලට එතකොට නින්ද යයිනේ "

" පිස්සුද සිරී . . ඔයා මැරුනාම කොහොමද . . ඔබ නැති නම් මිහිපිට නැත මම් "

" මොකක් . . අම්මට පිස්සුද? මෙයා බීලා මලා කියලා අම්ම සති පූජා කරන්නද? විකාර නැතුව ඊට පස්සෙවත් හොඳ මිනිහෙක් හොයලා බැඳලා සන්තෝසෙන් ඉන්න තියෙන්නේ "

" මේ නහින දෙහින කාලේ? "

" ඇයි අම්ම කියන්නේ නහින දෙහින කාලේ ඉන්න මිනිස්සු සන්තෝසෙන් ඉන්න එක පවක් කියලද? . . වයසට ගියා කියලා මිනිස්සුන්ගේ කටවල් වලට බයේ දුකෙන් ඉන්න ඕනද? "

ඒ සංවාදේ අපේ ගෙදරදී අම්මයි මායි තාත්තයි අතර ඇති උනේ මීට අවුරුදු දහයකට විතර කලින්.

එදා ඉඳන් අපි හැමෝම එකට හම්බවෙන ගොඩක් වෙලාවට රෙකෝඩින් කරපු කැසට් එකක වගේ මේ සංවාදය කෙරෙනවා . . .

ලස්සනම හරිය අර "ඔබ නැති නම් මිහිපිට නැත මම්" කොටස අම්මා ලස්සනට ගායනා කරන එක.

ඇත්තෙන්ම ශ්‍රීමතී තිලකරත්නගේ ගීත පුංචි කාලයේ ඉඳන් ගුවන් විදිලියේ ඇහුව වුනත් මේ ගීතය විශේෂයෙන්න් අහන්න පටන් ගත්තේ අර සංවාදේ මුලින්ම ඇති උනාට පස්සේ කියලා මට හොඳින් මතකයි.

එදා ඉඳන් අදවන තුරු වෙනසක් නැතුව මම මේ ගීයට කැමතියි. නමුත් කාලයක් යනතුරු නිතර නෑසුනු ගීයක්.

මා මිතුරු තුෂාර ඕමාන්හි රැකියාව කරන කාලයේ ඩුබායි හිටි අපි අනෙක් මිතුරන් නිවාඩුවකට ඕමාන් ගිය මොහොතක ඔහුගේ කාරයේ තිබී අහම්බෙන් මේ ගීය අහන්න ලැබුනාම අර නෑසෙන ගීයේ රසය මාව කොපමන කුල්මත් කරාද කියනවානම් ඒ කැසට් පටය යලි ඩුබායි එන ගමන් තුෂාරගෙන් ඉල්ලන් එන්න මම අමතක කලේ නෑ.

නමුත් "වාසනාවකට" ඒ කැසට් එක ඉල්ලගෙන ගිය මිතුරෙක් ආපහු දුන්නේ නෑ (සුපුරුදු පරිදි)

ඒත් ඒ ගීයට මගේ ඇති කැමැත්ත එහෙම්ම ම තිබුනා.

ලංකාවේ නිවාඩු ගතකරන දිනක නුගේගොඩ සුපිරි වෙළඳ සංක්‍රනයේ සංයුක්ත තැටි සොයා මෙහෙයුමක් දියක් කරපු මොහොතක ශ්‍රීමතී තිලකරත්නගේ අමරස පෙම් සීඩී පටය මිලදී ගැනීමට මා පෙළඹෙව්වේ ඒ කැමැත්තම බව නොකියාම බෑ.



ශ්‍රීමතීගේ ගීත බොහොමයක් රචනා කර තිබෙන්නේ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා.

මගේ යෝජනාව නම් ඔබ ප්‍රේමකීර්ති ගී රචනා සහ 70 දශකයේ අපූරු සරල ගී ප්‍රිය කරන අයෙක් නම් මේ සංයුක්ත තැටිය අනිවාර්යෙන් මිලදීගෙන ඔබේ ගීත එකතුවේ තබා ගත යුතුම බවයි.

ඉතිං අහලා බලන්න එහි අඩංගු ගීත. (මේ ගීත මම අන්තර්ජාලයෙන් බාගත කර ගත්තේ - සබැඳිය නම් මතක නෑ)

අමරස පෙම් රසයෙන් කැලතෙන්
ඔබ නැති නම් මිහිපිට නැත මම්
ඔබ නැති නම් මිහිපිට නැත මම්
අමරස පෙම් රසයෙන් කැලතෙන්

සඳ වතුරෙන් සඳ සිසිල ගෙනා
ඔබ දැකුමෙන් සිත උමතු උනා//
මා ජීවත් වන බව මට දැනුනේ
ඔබ හද සැලෙනානා රාවෙන් . . //

සුපිපුනු මල් නටුවෙන් ගිලිහී
මඳ සුළඟින් ඔබ වෙත පැමිනී//
ඔබ පා මත වැතිරී පර වෙන්නට
මට ඉඩ දෙනු මැන මතුදා //


අර උඩ පින්තූරේ ඉන්න කොල්ලයි කෙල්ලයි ඒ කෙල්ලගේ නංගිගේ වෙඩින් එක දවසේ තමයි යාලුවෙල තියෙන්නේ . . .

ඒ කොල්ලා අර කෙල්ලගේ නංගි බැඳපු කොල්ලගේ නෑදෑ වෙන කොල්ලෙක්.
ඒ කොල්ලව දැක්කම ඒ කෙල්ලට මේ සින්දුවේ කියනවා වගේ "ඔබ දැකුමෙන් සිත උමතු උනා" වගේ වැඩක් වෙන්න ඇති කියලා අපි ඉතිං හිනා වෙනවා.

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

අසා බලන්න මේ ගීතත් ඔබට සුපුරුදු ගීත නොවේද කියා

ආත්මයෙන් ආත්මය පතා එන ගිම් නිවාලන ප්‍රේමයේ කතාවක් . . . . .

ආත්ම ගනනක සිතුවිලි අතරේ
මා ඔබ සෙව්වා නැහැ දුටුවේ
අප දෙ අතක දෙදෙනෙකු වීලා
නැහැ නොවැ කිසිදා මුසු වන්නේ

සඳවත පායන රෑ කල අහසේ
කැලතී කැලතී සිත් යහනේ
මහද ඇඳෙන්නේ ඒ ඔබෙ රූපෙද
පාලුව තනිකම පටලාලා

මිනිසත් බාවය මා නොලදී නම්
පියඹා එනවා සුවඳ දිගේ
ඒ එන පාරේ විඩා නිවාලන
සීතල පවනද ඔබෙ ප්‍රේමේ


. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

මේ ලොවට මා එන්න ඇත්තේ ඔබ ලබන්නම නොවේද?
ඔබට මා නැතුව . . මට ඔබ නැතුව . . අපට අප නැතුව වෙන මොනවා ලැබුනත් පලක් වේද . . ?

ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී
සහන පවන් සැලූ
මා ලඟ ඔබ සිටිනා විටදී
ලොවම දැකුම් කලූ //

මල් වැල් වන විල් පිරී ගියේ
සෙවන දෙවන්නලූ
බිඳු නඳ විහඟුන් ඉගිල්ලුනේ
මිහිරෙ රැඳෙන්නලු
පුන් සඳ නැගුනෙත් අහස් තලේ
අපට බලන්නලූ
දෙනෙතට කඳුලැලි තුරුල් කලේ
පෙමට අඬන්නලූ
පෙමට අඬන්නලූ . . .. .

මීවද මී පැනි පිරී ගියේ
දෙතොලෙ රඳන්නලු
දේදුනු ඕවිලි මැවී ගියේ
ලොවම පිනන්නලූ
මේ ලොව මා ඉපදුනේ ප්‍රියේ
ඔබව ලබන්නලූ
ඒ හැර ලැබුනත් පලක් නැතේ
ඉසුරු මැනික් මලූ

ශ්‍රීමතී වික්ටර් සමඟින්



. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

ඔබේ ආදරය සෙහෙනෙසහ රැකවරනය හැර වෙන කිසිදු භෞතික සම්පතක් මට නොවේ අගනා . . . !

රත්තරන් මැනික් මුතු මොකටද ඒවා
හිස් අතින් සිනා සිසී පැමිනේවා //

මට මල් කුමටද මා උපන්නේ වන මල් උයනේ
මට පැනි කුමටද මා සිටියා මී බැඳී අරණේ
මිණිමුතු රන් සිව් සම්පත් ඇත මේ දෙරණේ
ගෙන එනු මැන ඔබ මට සලසන රැකවරණේ

මුතු බෙල්ලෙකු මුතු රකින ලෙසින් කුස තුල සඟවා
මතු ඔබ රැක ගමි මා සතු පිය සෙනෙහෙස හඟවා
ඔබ පැමිනෙනු පසු සිහිලෙන් හදවත පිනවා
මා ඉන් පසු ඔබ යන හැම තැනකම එනවා



. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

මේ මුලු අහසම මට මදි
ඔබ ගැන මෙතුවක් නොලියූ ගීය ලියන්නට
පුංචි තාරකාවක් දැල්වෙන තැන
ඇත ඉඩ ඔබ ගැන ගීය ලියනන්ට

සප්ත සමුදුරෙහි නිල් සායම් ඇත
එක පැහැයක් මදි ඔබ රුව අඳිනට
ඇසෙන් වැටෙන එක කඳුලු බිඳක් ඇති
මට ඔබෙ පිලිරුව සිතුවම් කරනට . . !

සිත් දහසක් මදි ඔබ ගැන සිතුමට
එපමන ගැඹුරක් ආදරයෙහි ඇත
එක සිතකින් මේ ගැන සිතියැකි මට
ආදරයට සිත් දහසක් ලොව නැත . .

සුභාෂ්: දැක්කා නේද පිරිමි අපි කටින් නොකිව්වට මේ අහසත් ඉඩ මදි අපේ ආදරේ තරම ලියන්න . . ඒකට ගෑනුන්ට පොඩි ඉඩක් තිබ්බ නම් හොඳටෝ . . ම ඇති . . මොනාද ලියන්නේ "කිසි වැඩක් නෑ අපාරාදේ මේ මිනිහව බැන්දේ"

නදීෂා: අනේද ඉතිං කියන්නේ . . ඔය තේරෙන්නේ ඔයාට ගොනාට වගේ . . .


ශ්‍රීමතී වික්ටර් සමඟින්

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

මේ 70 දශකයේ තිරගත වුනු තරංගා චිත්‍රපටයේ මගේ ප්‍රියතම ගීතයක්

කන්දෙන් කන්දට ලන්දෙන ලන්දට
මල් මුව රද ලස විසිරී යනවා
රංචු ගැසීලා පියා සලලා
බමන බමර කැල
රොනට ඇදෙනවා

චන්දන මල් සිහිල උරා
කුන්ද සමන් පෙති අතුරා
මන්දහාස මුව තවරා
සැනහී සැනහී
රංචු ගැසීලා පියා සලලා
බමන බමර කැල
රොනට ඇදෙනවා



ජෝතිපාලට සහය වෙන ශ්‍රීමතී

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

සන්සුන් රුවන් හද මන්දීරයේ //
ආලෝකේ ආලෝකේ ඔබය ප්‍රියේ
රන්වන් එරන්වන් යෞවනියේ //
සෙව්වන්දී පෙම් උයනේ ඔබද ප්‍රියේ

ඔබගේ හද හැඩ
මුහුනෙන් පෙනේ
දෙනෙතේ කැලුම් බර
නිල් මල් පිපේ
තුරු හිස් මුදුන් දළු
සුළඟින් සැලේ
සුවඳක් ඇවිත් පොඩි
රහසක් කියයි

හැලෙනා රිදී දිය ඇල්ලක් වගේ
සංගීතයක් අප දෙහදේ නැගේ
ගීයක් ගයා හොඳ තනුවක් සදා
හිනැහී ටිකක් හැඩ නැටුමක් නටා

සන්සුන් රුවන් හද මන්දීරයේ //
ආලෝකේ ආලෝකේ ඔබය ප්‍රියේ
රන්වන් එරන්වන් යෞවනියේ //
සෙව්වන්දී පෙම් උයනේ ඔබද ප්‍රියේ



මිල්ටර් පෙරේරා සහ ශ්‍රීමතී

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

අපේ වැම්පයර් මළයා නෑසෙන ගීත නිතර ලබා දෙනවා . .

ඔහුට පොඩි උදව්වක් විදිහට මගේ බ්ලොග් එකේ නෑසෙන ගී රස ලේබල් එකේ දූවිලි බොහොම කාලෙකට පස්සේ පොඩ්ඩක් පිහිදලා දාන්න හිතුවා . . .

43 comments:

  1. ඔබට පිං මගේ ප්‍රියතම ගීයක්.

    ReplyDelete
  2. sah maru sindu sat eka duka ayiyaa :D

    ReplyDelete
  3. මා ගාව තියෙනවා මේකේ කැසට් එකක් දැන් අහන්න විදිහක් තමයි නැත්තේ!
    ශ්‍රීමතී ටිකක් ගීතා කාන්ති වගේ නේද?

    ReplyDelete
  4. දුකා අයියේ, සෑහෙන කාලෙකට පස්සේ මේ සින්දු ටික දැක්කේ. මතක් කලාට බොහෝම පින්. සින්දුවක් නිදහසේ අහන්නවත් වෙලාවක් නැති කොට කොහෙද මේවා මතක් වෙන්නේ. එදා ගීත උනාට අදටත් කිසි වෙනසක් නෑ. රසය එලසමයි. පද පේලි ටික කියවද්දිත් මාර කික්.

    ReplyDelete
  5. ඔබ නැති නම් මිහිපිට නැත මම්

    //මේක නම් නියමයි.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.

    ReplyDelete
  6. අනේද කියන්නේ ගොනාට වගේ තේරෙනවලු අපේ දුකා අයියටත්...... හික්ස්.........

    අර අමරම පෙම් සිංදුව ඇහුවේ අදමයි. අනික් සිංදු කාලෙකට කලින් අහලා නැතත් ඇහිලා තියන බව නම් මතකයි. බොහොම ස්තූතියි අයියේ මතක් කරලා දුන්නට..........

    ReplyDelete
  7. බොරු කියන්නෙ මොටෝ මම නම් අදමද මන්දා මේ සිංදු ඇහුවෙ, කොහොම උනත් ලස්සන වචන සෙට් එක .....

    “ඔබ නැති නම් මිහිපිට නැත මම්“

    ReplyDelete
  8. 'සන්සුන් රුවන් හද මන්දීරයේ' විතරයි ඔය සෙට් එකෙන් මං අහල තිබ්බෙ.

    'ඔබ නැති නම් මිහිපිට නැත මම්'
    මරු තමයි...

    ReplyDelete
  9. ෂා නියම සින්දුවක්. මමත් ඉස්සර ඉඳන් හරිම ආසයි මේ සින්දු සෙට් එකටම. දැන් හැදෙන සමහර සින්දු වගේද මේවා.

    ReplyDelete
  10. මමත් ආසම කරන සිංදු සෙට් එකක් අයියා.
    පුලුවන් නම් බාගත්ත විදිය කියන්න.
    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ... රත්තරං ගීත මේවා.

    ඇත්තටම ඔයාගේ රසවින්දනය ගැන මට ආඩම්බරයි...අයියා.

    ReplyDelete
  11. Heard these songs for the first time in my life!! thank you dukaa ayyaa

    *sorry for English. Have an issue :/

    ReplyDelete
  12. මමත් මෙතන තියෙන සමහර සින්දු අහලා නෑ.ඒත් "ඔබ නැති නම් මිහිපිට නැත මම්" කියන සින්දුවටයි,"සන්සුන් රුවන් හද මන්දිරයේ" කියන සින්දුවටයි ආසයි.
    මං මෙච්චර කල් හිතන් හිටියෙ "සන්සුන් රුවන් හද මන්දිරයේ" කියන්නෙ සුජාතා අත්තනායක මහත්මිය කියලා නෙ. අදයි හරිම ගායිකාව දැන ගත්තෙ.ස්තූතියි අයියේ. මේ සින්දු අපිට මෙහෙම හරි අහන්න දකින්න සලස්වන එක.

    ReplyDelete
  13. වෙනදානම් මේ සින්දු අහන්න කැමති නෑ පරණ නිසා

    අද ඉතින් අහලා බැලුවා ටිකක් විතර ගති ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී විතරයි මට නම්

    ReplyDelete
  14. පස්සේ අහන්න බාගන්න බෑද දුකායියේ මේ සිංදු...?

    ReplyDelete
  15. ස්තුතියි දුකා. බැලුවම මේ වැඩිය නොපෙනෙන ගායක ගායිකාවන් අපේ හිත අස්සේ ජීවත් වෙනවා. මේ එකක්වත් ශ්‍රීමතී කියන බවක් මා දන උන්නේ නැහැ. ඒත් ගොඩ හරියක් කැමති ගී.

    ReplyDelete
  16. ''ඔබ නැතිනම් මිහිපිට නැත මම්''

    හ්ම්ම් ඇත්ත නේන්නම්...

    ReplyDelete
  17. තරංගා චිත්‍රපටියේ සින්දු වලට මමත් හරිම ආසයි..."පවන් සුසුම්" සින්දුවත් මේ වගේම ලස්සනයි...

    ReplyDelete
  18. අර කොල්ලගෙයි කෙල්ලගෙයි පින්තුරේ තමයි වැඩියම හිතට ඇල්ලුවේ . මොකද මන් හිත හිටියේ ලෝකේ කෙට්ටුම මනමාලි මන් මන් කියල . සැහෙන කාලෙකට කලින් තව එක්කෙනෙක් ඉඳල තියෙනවා . ලස්සන ජෝඩුව . ඒ දෙන්නට තව ගොඩක් කල් සතුටින් ඉන්න ලැබෙන්න කියල පතනවා .

    ශ්‍රීමතිගේ කටහඬ හරි අපුරුයි තමයි. ස්තුතියි දුකා මේ සැඟවුන ගීත එලියට ගන්නවට .

    ReplyDelete
  19. සින්දු ටික නම් නියමයි.

    ReplyDelete
  20. නියමයි අයියේ...

    ReplyDelete
  21. බොහෝම අපූරු ගීත කිහිපයක්... පුංචිකාලේ ඇහුව ලස්සනම ගීතයක් තමයි "ආත්ම ගණනක සිතිවිලි අතරේ.." ගීතය...

    ස්තූතියි දුකා... ආයෙමත් කියනවා..බොලාගේ තාත්තානං ටොප් කොල්ලෙක් යකෝ... බලපිය උඹ හොඳට ආතල් ගන්න ගමන් අර මනුස්සයට දාහක් නීති දාන්න හදලා...
    ඊ ළගට කියන්න තියෙන්නේ බොට නෙවෙයි මගෙ පුංචි යාළුවට..

    @විරූල්...

    කවදා හරි පුතණ්ඩියෝ උඹ මේ තාත්තගේ බ්ලොග් එක බලාගෙන යනකොට මේ කොමෙන්ටුවත් අහුවෙයි කියලා හිතලයි ලියන්නේ... අනේ පොඩි පුතේ බොලාලගේ තාත්තට අරක්කු සිගරැට් වගේ දේවල් කටේ තියන්ටවත් දෙන්ට එපා... ඒවට එපා කියපු වෙලාවක ලොකු ටෝක් දුන්නොත් මේ පෝස්ට් එක අරගෙන පෙන්නහං.. පෙන්නලා කියහං.. මමත් තාත්තාගේ පුතා තමයි කියලා... තාත්තට හොඳනං සීයට සද්දේ දාන්න මං සීයාගේ අයිතිවාසිකං උල්ලංඝණය කල වරදට තාත්තටත් ඒ සද්දෙම දැම්මම මොකෝ කියලා.. හරිනේ එහෙනං පුත්තරයට තේරුනානේ දැන් වැඩේ සිද්ධ වෙන්න ඕන විදිය..අතාරින්ට එපා ගේම දීහං කොළුවෝ... ඒ කාලෙට මං හිටියොත් පොඩ්ඩක් කතා කරලා කියහං අංකල් ඔන්න ලොක්කට බඩු බනිස් කියලා...:D

    ReplyDelete
  22. පින්සිද්ද වෙනවා මේ දේවල් නව පරපුරට දෙන එකට. ඉතාම රහයි මේ සින්දු. මගේ ගාව බඩු හෑව්. ඔය "මා ළඟ ඔබ සිටිනා විටදී ලොවම දැකුම් කළු ලියල තියෙන්නේ ශ්‍රීමතීටමයි. මොකෝ එයා කළු එකේ හොඳම එක. ඒ උනාට ගීයෙන් කියනව වගේම දැකුම් කලුයි.

    ReplyDelete
  23. දැන් ඔය ගීත ඇහෙනවා හරිම අඩුයිනේ අයියන්ඩි..ඇහෙනවනම් ඇහෙන්නේ ලොකු උන්ගේ නෙවෙයි පුංචි උන්ගේ සංගීත තරග වලදි තමා...පැරණි ගීත වල රහනම් කියල වැඩක් නෑ..

    ReplyDelete
  24. මචං.. මේ දවස්වල හුස්මක් ගන්න වෙලාවක් නැතුව හිටියෙ.. ජෝජ් අයියගෙ කතාව කොටස් දෙකම දෙතුන් සැරයක් කියෙව්වා... ඒත් නිකම් "එල " හරි "පට්ට" හරි කියල කොමෙන්ට් එකක් නොදැම්මෙ ඒක ජෝජ් අයිය වගේ මනුස්සයෙකුටත්.. උඹ ලියපු ඒ පෝස්ට් එකටත් නොසැලකීමක් වෙන නිසා... බලමු ලඟදීම දවසක ඒ අපූරු මනුස්සය මුණ ගැහේවි කියල හිතනව...

    දැන් හැරෙමු අද එක පැත්තට...

    උඹ විස්වාස කරයිද දන්නෙ නෑ.. " ආදර ගඟුලේ " ගීතය තමා මම සිංහල ගීත වලින් වැඩිම වාර ගානක් නැවත නැවත අහල තියෙන ගීතය... මොකක්ද කියන්න දන්නෙ නෑ.. ඒක අහන සෑම වෙලාවකම මට හඉම ප්‍රබෝධමත් හැඟීමක් දැනෙනව... මම කැමතිම සිංහල ගීතය මේක...

    ඒ නිසාම ශ්‍රීමතීගෙ අනිත් ගීත වලටත් කැමතියි...

    ස්තුතියි සද් කාර්යයට... දැක්ක නේද තරුණ ළමයි කියල තියෙන්නෙ අහලම නෑ කියල...

    .............

    කෝ මේ ජනනි ...

    ReplyDelete
  25. ඒව ඇහුවමනම් සින්දු අහන්න හිතෙනව

    ReplyDelete
  26. @මහ වෙදනා !
    සතුටුයි මගේ ප්‍රියතම ගීයක් ඔබේත් ප්‍රියතම ගීයක් උනු එක ගැන

    @ජේ.ඩී!
    එල එල ජේ.ඩී මළයා.

    @කකා!
    මෙන්න මෙතනින් අහන්න පුලුවන්.
    අකමැති වැඩක් උනත් . . ඉන්න පොඩියක් බා ගන්න ලින්ක් එකක් හොයලා දෙන්න.

    ReplyDelete
  27. @ගොඩයා!
    ඕල්ඩ් ඊස් ගෝල්ඩ් කියනවනේ බන් මළයෝ . .

    @නදී!
    හික් හික් හික් . . .බොක්කටම වැදිලා වගේ . .

    @පන්සල් හංදිය!
    අප්පා ලොකු දෙයක් කලා කියලා මාර ජොලියක් එනවා . . මේ පරන සිංදු අළුත් පරම්පරාවට අඳුන්වලා දෙන්න ලැබුනු එක.

    @චමිල !
    උඹටත් බොක්කට වැදුනු බවක් පෙනේ පෙනේ . .
    එළ එළ . .

    ReplyDelete
  28. @ChAnDiKa!
    මෙන්න තවත් සරල ගී රසිකයෙක් . . හුරේ

    @නිල් අහස!
    ස්තූතියි මල්ලී . .
    අනේ බන් මම ඩවුන්ලෝඩ් කර ගත්තු ලින්ක් එක මතක නෑ බන්
    ඒත් පොඩියක් හොයලා බලපන් මළේ ගූගලේ . .
    සොයන්නාට සම්බවෙයි කියනවනේ.

    @සෝරෝ!
    මගේ ලඟ සීඩී එක නම් තියෙනවා . . . බස් රේඩියෝ එකට එහෙම ඕන වෙනවනම් සීඩී එකක් රිප් කරලා ශෙයා කරන වඩේට අකමැති උනත් හොඳ වැඩක් නිසා හිතලා බලන්න පුලුවන්.

    @ඩීප්ස්!
    එළ එළ නගේ . .
    දිගටම අහන්ට ඈ . .

    @නිසුපා!
    හෙන ජොලි වැඩක් වුනා මේක මට . .
    අළුත් කස්ටියට මේ ගී අඳුන්වලා දෙන්න ලැබුනු එක.

    @වැම්පයර්!
    ජය වේවා.

    ReplyDelete
  29. @හිස් අහස !
    ඉතුරු ටිකත් දෙතුන් පාරක් අහලා බලපන් මළේ . .

    @සෝරෝ!
    මගේ ලඟ සීඩී එක නම් තියෙනවා . . . බස් රේඩියෝ එකට එහෙම ඕන වෙනවනම් සීඩී එකක් රිප් කරලා ශෙයා කරන වඩේට අකමැති උනත් හොඳ වැඩක් නිසා හිතලා බලන්න පුලුවන්.

    @සුජීව!
    අඩේ උඹ?
    සිරාවට මම හිතාගෙන හිටියේ උඹ නම් දන්නවා ඇති කියලා බන් . . .

    @ගිම්හානි!
    හා එහෙනම් අරයට ඕක කියල බලන්ටකෝ . .

    @සයුරි!
    අප්පා මම තරංගා ෆිල්ම් එක බැලුවෙ නම් ගොඩක් පුංචි කාලේ . . ඒත් කන්දෙන් කන්දට සින්දුව මොකද්දෝ හේතුවකට හොඳින්ම හිතේ රැඳිලා . . පවන් සුසුම් සින්දුවට නම් ආස කරන්න වුනේ ලඟදී ඉඳන් . .

    ReplyDelete
  30. @බින්දි!
    මගේ බ්ලොග් එකේ මල්සරාගේ දුන්න පෝස්ට් එකේ ඒ කෙල්ලගේ තව ෆොටෝ එකක් තියෙනවා.
    ඔව් ඔව් ඒ දෙන්නගේ ලව් එකට දැන් අවුරුදු 41ක් වෙනවා . .
    ඔව් අප්පා ශ්‍රීමතිගේ කටහඬ මාර ලස්සනයි . .
    වැටි වැටි ඇවිදින මගේ පුංචි පුතා හැංගුනදෝ . .
    ටරර ටරර ටරට ටරා රූ . .
    ටා රා රූ රූ ටා රා රූ . .
    සිංදුව තමයි මම හිතන්නේ වැඩියෙන්ම ජනප්‍රිය . .

    @රජිත්, ප්‍රසන්න!
    එළ එළ . . හොඳට රස විඳින්න ඈ . . .

    @මාරයා!
    හිටු තෝව අහුවෙනකම්
    නෑ බන් විරුල් කොල්ලව හදන්න හිතාගෙන ඉන්නේ උගේ තාත්තා වයසට ගිය කාලෙදි "තාත්තේ වරෙන් බන් ෂොට් එකක් දාන්න" කියන ගානට . . හික්ස්

    ReplyDelete
  31. @මාතලන්!
    ඔව් ඔව් දොදොලුත් රහයිලුනේ . . හික්ස්

    @අසනි!
    එහෙම බැලුවම සුපර් ස්ටාර් තරඟ වල අයගෙන් ලොකු දෙයක් සිද්ද වෙනවා නේද . . ?
    රහයි කියන්නේ කියලා වඩක් නෑ නේ . .

    @සපතේරු උන්නැහේ!
    අනිවා ඩෙෆා අපි ලඟදීම ජෝර්ජ් අයිය එක්ක සෙට් වෙමු.
    උඹත් මේ සින්දු වලට කැමති බව ගැන නූල් පොටක සැකයක් තිබුනේ නෑ මට නම් . .
    ඔව් බන් අලුත් පරපුරේ අයට රසවත් දෙයක් හඳුන්වා දුන්නා කියල හෙන ජොලියක් තියෙනවා.

    @තනිකඩ!
    අහා ඒක සතුටුදායක ආරංචියක් . .

    ReplyDelete
  32. @දුකා : අනේ මම "තරංගා" ෆිල්ම් එක නම් බලල නැහැ...සින්දු විතරයි බලල තියෙන්නේ..අපිට කොහෙන්ද ඉතින් එහෙම වාසනාවක් :( දැන් ඒවා හොයා ගන්නත් නැහැනේ...

    ReplyDelete
  33. @සයුරි!
    ඔව් ඔව් ඒක නම් ඇත්ත . . එව්වා බුදුන් පුංචි කාලේ ෆිල්ම්ස් හික්ස්

    ReplyDelete
  34. ශ්‍රීමතී තිලකරත්න, ස්වර්ණලතා කවීශ්වර, ත්‍යාගා එම් එඩ්වඩ් කියන ගායිකාවන් තිදෙනාගේ ගායන ශෛලීන් වල මොකක්ද ලොකු සමාන කමක් තියෙනවා. ඒ වගේම මේ අය එකිනෙකාගේ සිංදු හුවමාරුවට කියනවා වගෙත් මතකයි. උදාහරණයකට "ආත්ම ගණනක සිතුවිලි අතරේ ගීතය ස්වර්ණලතා කවීශ්වර ගේ හඬිනුත් අහලා තියෙනවා වගේ.

    කොහොම වුණත් මේ හඬවල් වල තියෙන්නේ හරිම සාමාන්‍ය මිහිරි බවක්.

    ඉතාම ලස්සන ගීත ටිකට පිං...

    ReplyDelete
  35. සමා වෙන්න ත්‍යාගා එන් එඩ්වඩ්

    ReplyDelete
  36. මොනව වුණත් අර උඩ තියෙන පින්තූරෙ කොල්ල මාර හැන්ඩියා .මෙච්චර කාලෙකට මම නම් දැකලා නෑ ඔහොම හැන්ඩි කොල්ලෙක් .ඒවගෙම නියම පර්ස්නැලිටි එකක්

    ReplyDelete
  37. ඔබ නැති නම් මිහිපිට නැත මං,.....මටත් එහෙම හිතෙනවා.

    ReplyDelete
  38. චතුර!
    උඹ කියූ අයගෙන් ස්වර්ණලතාගෙයි ශ්‍රීමතීගෙයි කටහඬවල් වල විතරයි මට නම් සමාන කමක් දැනෙන්නේ . . ත්‍යාගාගේ තියෙන්නේ අමුතුම වෙනස් කටහඬක්.
    ස්තූතියි මචං . .

    මනෝ!
    ඒකනේ අපා . . ඒ කොල්ලගේ පුතාට ඒ කොල්ලට තිබුනු හැන්ඩි පෙනුමෙන් බාගයක් නෑ අයියෝ . . පුතා අර කෙල්ල වගේ කියනවනේ . . හික්ස් . .අර කොල්ලට හෙන ජොලියක් යයි මේක නිවාඩුවෙදි කොල්ලගේ පුතා මේ කේලම ඒ කොල්ල එක්ක කිව්වාම . . .

    මල්මි!
    අයියෝ ඔව්වා ටිකක් විතර බොරු කතා මන් හිතන්නේ . . .හික්ස්

    ReplyDelete
  39. ආනේ... දුකයියගෙ ලිපියෙ අර දෙබස් ටික වගෙම ගීයත් හරිම රශයි :) ජය ! :)

    ReplyDelete
  40. ෆස්ටයි ඕයි ෆස්ටයි . . . . .

    ReplyDelete
  41. @දිල්ෂරා!
    තැන්කූ තැන්කූ ඈ

    @ඕනයා!
    උඹටත් තැන්කූ කිව්වා ඕන්

    ReplyDelete
  42. මෙතනින් මම ආසම "ආත්ම ගනනක් සිතිවිලි අතරේ" සහ "රත්තරන් මෑනික්" කියන ගීත් දෙකට. ශ්‍රීමතී තිලකරත්න මහත්මියට ඉතාම මිහිරි හඩක් තියෙන්නේ.
    ආත්ම ගනනක් සිතිවිලි අතරේ කියන ගීතය වෙනස්ම කෝනයකින් ආදරය දිහා බලපු එකක්.සාමාන්යයෙන් ගීත වල තියෙන්නෙ සසර පුරා එන ගමන මේ භවයෙදි ඉවර වෙනවා කියන අදහසක්නෙ. නමුත් මෙහිදී සසර පුරා කවදාවත් ඔවුන් මුනගෑහිලා නෑ.
    ප්‍රේමකීර්ති මහත්මයාගෙ මේ අමුතු අදහස් වලට මම ඉතාමත් ආසයි.ඔහුගේ ගීත් වල වෙන කිසි ගීතයක නෑති රසයක් සහ ප්‍රතිභාවක් තියෙනවා.

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails