Tuesday, March 29, 2011

බනක් ගිය දුරක් . . !



2011 ජනවාරි මාසේ දවසක මාත් එක්ක වැඩ කරන කතරක සිතුවිලි ලියන මනෝජ් මාල්ලිත් මාත් අතර ඇතිවුනු දෙබසක්.

මනෝජ්: අයියේ, ඩුබායි වල අසපුව කියලා පන්සලක් තියෙනවා. අපි වෙලාවක දානයක් හරි බනක් හරි ඕගනයිස් කරමුද?

මම: ඔය අසපුව අර ලංකාවේ තියෙන අසපුවේ බ්‍රාන්ච් එකක්ද?

මනෝජ්: ඔව්

මම: මල්ලි මම එකේ වෙබ් සයිට් එක බැලුව, ධර්ම දේශනා කීපයක් ඇහුවා. මගේ නම් ඒ තරම් පැහැදීමක් නෑ එකේ බන ගැන.

මනෝජ්: නෑ අයියේ දැන් එතන ඉන්නේ හොඳ සිල්වත්, පැහැදිලිව බන කියන හාමුදුරුවරු.

මම : අහ් එහෙමද? එහෙනම් අභිධර්මය ගැන එහෙම දන්න සිල්වත් හාමුදුරුවරු දැන් ඉන්නවා ඇති.

මනෝජ්: අනේ අයියේ මම කියන නිසාවත් ඕගනයිස් කරන්න. ප්ලීස්. මම ඔයාට දැන් එතන නම්බර් එක එස් එම් එස් කරන්නම්.

. . . . . . . . . . . . . . . . . . . . . . . .

එදාම හවස:

ට්‍රීන් . . .. .ට්‍රීන් . . .

එහා කොනෙන්: තෙරුවන් සරණායි . . . (ගැහැනු කටහඬක් තාලයට )

මම: (මොකක් කියන්නදැයි හිතා ගන්න බැරුව ෆුල් අන්දොස් වෙමින්) ම් ම් ම් තෙරුවන් සරණයි. අපිට වීක් එන්ඩ් එකක දානයක් දෙන්න හරි බනක් කියන්න හරි උවමනාවක් තියෙනවා.

අනෙක් පැත්තෙන්: පොඩ්ඩක් ඉන්න. වීක් එන්ඩ් එකක නම් ලඟදි දවසක් නෑ. ආයේ තියෙන්නේ ජුනි මාසේ.

මම: ජුනි මාසේ මම නිවාඩු යනවා. බනක් කියනවනම් කොහොමද දවස්?

අනෙක් පැත්තෙන්: ඉන්න මම අසපුවේ නොම්මරේ දෙන්නම්. මම කරන්න දාන භාර ගන්න එක විතරයි.


හාමුදුරුවන්ට කෝල් කලාම කිව්වෙත් සති අන්තෙක බනක් සඳහා අප්‍රේල් මාසෙන් මෙහා දින නැති බවයි.


“හරි එහෙනම් ආපහු ටික දවසක් ගිහින් මාර්තු මාසේ මුල වගේ ආයේ ට්‍රයි කරලා බලමු” ජනක, මම මනෝජ් ඒකමතිකව තීරණය කලා.

. . . . . . . . . . . . . . . . . . . . . . . .

2011 මාර්තු මාසේ මුල දවසක බ්ලොග්ස් ලියන අපි හැමදෙනාගේ ආදරණීය අක්කන්ඩීත් මාත් අතර ඇතිවුනු සංවාදයක්.

අක්කණ්ඩී : මල්ලී, මම දැන් ඉන්නේ ඩුබායි. දුවගේ ගෙදරයි පුතාගේ ගෙදරයි මාරුවෙන් මාරුවට ඉන්නේ.

මම : අහ් එහෙමද අක්කණ්ඩී. මම ඩුබායි එන වෙලාවක එන්නම් අක්කන්ඩිව බලන්න.

අක්කණ්ඩී : මෙහේ පන්සලට එන්න වෙලාවක. මගේ පුතා එතනෙ හොඳ දායකයෙක්.

මම: අනේ අක්කණ්ඩී, අපි එකපාරක් බනක් කියන්න දවස්ක් ගන්න ට්‍රයි කලා. වීක් එන්ඩ් එකක දවසක් දෙන්න පුලුවන් අප්‍රේල් මාසේ කිව්ව නිසා වැඩේ කල් දැම්මා.

අක්කණ්ඩී : ආ ඉන්න මම පුතාට කියලා දවසක් ඉල්ලල දෙන්නම්. පුතාගේ නම XXXXX. මේ එයාගේ මොබයිල් නම්බර් එක. ඔයාත් එයාට කෝල් එකක් දෙන්න මල්ලී.


අක්කණ්ඩීගේ පිහිටෙන් XXXXXගේ උදව්වෙන් ගිය බ්‍රහස්පතින්දා හවස බනක් කියන වැඩේට සෙට් වුනා.

අපි ආපහු යන්න ගෙවල් අස් පස් කරන නිසා ජනක මල්ලිලගේ ගෙදර තමයි යොදා ගත්තේ.

. . . . . . . . . . . . . . . . . . . . . . . .

මනෝජ් – සඳමාලි, ජනක – චාමිකා, මම – නදීෂා, සඳුන් – ඩිලූජා, නදීෂලගේ මල්ලී හශිතට, මගේ මිතුරු රුවන්, රුචක – රොජර් – රොෂාන්, බුධ්දික සහ මිතුරු දමිත, මනෝජ්ගේ මිතුරු ඩග්ලස් මේ තමයි බන අහන්න එකතු වුනු කට්ටිය.

හාමුදුරුවන්ව ඩුබායි ඉඳන් අබුඩාබි වඩම්මගෙන එන්න හෂිතට භාර දුන්නා.

බන ඉවර වෙලා පන්සලට ආපහු වඩම්මවන්න රුචක – රොජර් – රොෂාන්ට භාර දුන්නා.

24 බ්‍රහස්පතින්දා වැඩ කරන දවසක් නිසා හැමදෙනාම වැඩ ඉවරවෙලා ගෙවල් වලට ගිහින්, ඇඳුම් මාරු කරගෙන එන්න ඕන.

රුවන් උඔම් අල් කුවීන් ඉඳන් කිලෝමීටර් 300ක් විතර එන්න ඕන, ජනකත් ඉන්නේ සිටි එකට මෙහායින් නිසා සඳුන්ලා කිලෝමීටර් 60ක් විතර ඩුබායි පැත්තට එන්න ඕන. මමත්, මනෝජ්ලත් කිලෝමීටර් 50ක් ගෙදර ඇවිත් ආපහු කිලෝමීටර් 35ක් විතර ඩුබායි පැත්තට එන්න ඕන.

මුලින් අපි කතා වුනේ රෑ 8ට බන පටන් ගමු කියලා. හෂිත ටිකක් කලින් පන්සලට ගිහින් ජනකලගේ ගෙදරට ගාමුදුරුවෝ වඩම්මගෙන එනකොට 7.15ට විතර වුනාලු.

දැන් ඔන්න එනවා කෝල් දිගට හරහට . .

“ඉක්මනට වරෙල්ලා බන්. හාමුදුරුවන්ට මල පැනලා වගේ ඉන්නේ දැන් පය භාගයක් විතර තිස්සේ බලාගෙන ඉඳලා”

“පොඩ්ඩක් ඉවසන්න කියන්න අප්පා. අපිට මෛත්‍රී කරන්න කියන්න. අද වැඩ කරන දවසක්නේ”

“එන්න එන්න ඉක්මනට එන්න”

“මේ අයියේ මම එන ගමන් හාමුදුරුවන්ට කිව්වා ජොබ් කෙලවෙච්ච සීන් එක”

“ආ ඒකට කමක් නෑ”

7.45ට විතර ඔන්න මනෝජ්ලා සඳුන්ලා එන්නත් කලින් මල් පහන් පූජා කරලා වැඩේ පටන් ගත්තා”

. . . . . . . . . . . . . . . . . . . . . . . .

මේ තියෙන්නේ මතක තියෙන තරමට එදා කියපු බන වල සාරාංශය. සමහර තැන් වල හාමුදුරුවෝ අපෙන් කෙටි උත්තර එහෙමත් බලා පොරොත්තු වුනා. ඒවා සහ විශේෂ දේවල් වරහන් ඇතුලේ දාන්නම්.

දැන් අපි අසපුව දාලා අවුරුද්දක් විතර වෙනවා. මේ පින්වතුන් එක්කෙනෙක්ගේ වත් මූනක් අපි එහේදි දැක්කේ නෑ.

බෞද්ධයන්ට පන්සල, බන දහම් මතක් වෙන්නේ ජීවිතට බයක් දැනුනු වෙලාවට, රැකියාව නැති වුනු වෙලාවට තමයි (හාමුදුරුවන්ගේ හින්ට් එකට කස්ටියම මගේ දිහා බලන බව මට තේරුනා)

මුස්ලිම් මිනිස්සු දවසට පස් පාරක් වඳිනවා. ක්‍රිස්තියානි අය හැම ඉරිදාම පල්ලි යනවා. ඒත් එයාලා සුගතියට යනවද? (එතුමා අපි නෑ කියනකම් බලන් ඉන්නවා. අපි කිසි කෙනෙක්ගෙන් සද්දයක් නෑ – අයි අප්පේ අපි කොහොමෙයි නෑ කියන්නේ) පස්සේ එතුමාම කියනවා “නෑ පින්වතුනි” (හරියට එහේ ගිහින් ඇවිත් වගේ – අනෙක් අතට අප බෞද්ධයෝ වූ පලියට අනෙක් ආගම් වලට ගරහන එක ඒවා හෙලා දකින එක කල යුතුද??)

අකුසල් වර්ග දහයක් තියෙනවා – කීයක්ද – දහයක්. අපි වැඩිපුර කරන්නේ කුසල්ද අකුසල්ද?? (අපි අකුසල් කියලා කියනකම් එතුමා බලන් ඉනන්වා – මගේ පිලිතුර “කුසල්” – හාමුදුරුවෝ සමච්චලේට හිනාවුනා)

සිතින් කෙරෙන අකුසල් – ලෝභය, ද්වේෂය, මෝහය; කයින් කෙරෙන අකුසල් – කාමයේ වරදවා හැසිරීම, ප්‍රාණඝාතය, සුරාමේරය, සොරකම් කිරීම; වචනයින් කෙරෙන අකුසල් – බොරු කීම, හිස් වචන කීම, පරුෂ වචන කීම.

මෙහෙම බැලුවාම අපි වැඩියෙන් කරන්නේ මොනවද පින්වතුනි (කිසි කෙනෙක්ගෙන් පිලිතුරු නැත – හාමුදුරුවන්ගේ හිත හැදෙන්න කියලා බොරු කියන්න පුලුවන්ද අප්පා)

අකුසල් කරන අය අපායේ යනවා, ලෝදිය බොන්න වෙනවා, කටු ඉඹුලේ නගින්න වෙනවා.

ජීවිත කාලේම කිසිම පිනක් දහමක් නොකරපු වයසක මෑණි කෙනක් මරන මොහොතෙදි බුදු හාමුදුරුවෝ දැකලා හිත පහදාගෙන දිව්‍යලොකේ ගියා පින්වතුනි (හාමුදුරුවෝ එහේ ගිහින් ඇවිත් වද්ද?? දැක්ක වගේ කිව්වේ. . !!)

බුදු හාමුදුරුවන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂන දන්නවද?? (සද්දයක් නැත – කාටද අප්පේ ඔව්ව කට පාඩම් තියෙන්නේ) බෞද්ධයෝ උනාම දැනගෙන ඉන්න එපැයි. මේ වගේ කිසිම දෙයක් නොදන්න පිරිසකට මම මේ බන කියනවමයි.

අනේ පිඬු සිටු තුමා කවුද කියලා දන්නවද – බුදු හාමුදුරුවන්ගේ අග්‍ර දායකයා (පිලිතුර මගෙන් - ආයෙත් හාමුදුරුවන්ගෙන් සමච්චල් හිනාවක් සමඟ ) එච්චරද දන්නේ - අනේ පිඬු සිටු තුමා කියන්නේ සල්ලි පොලියට දුන්නු කෙනෙක්. බුදුන්ට පන්සලක් හදන්න ඉඩමක් ගන්න ඕන වෙලා ජේත කුමාරයාගේ ඉඩමක් අරන් තියෙන්නේ ඉඩමේ මුලු බිම් ප්‍රමානෙම රන් කාසි අතුරලා.

කල්පය කියන්නේ මොකද්ද කියලා දන්නවද? (සද්දයක් නැත ) සැතපුම් හතක් දිග, සැතපුම් හතක් පළල, සැතපුම් හතක් උස කලු ගලක් තියෙනවා පින්වතුනි. ඒක අවුරුදු සීයකට වරක් කෙනෙක් ඇවිත් සිනිදු රෙදි කඩකින් පිසදාලා ගෙවිලා නැති කරන්න තරම් කාලයක් තමයි කල්පයක් කියන්නේ.

මේවා කියලා තියෙන්නේ බුදු හාමුදුරුවෝ. එතුමා කිව්ව ඒවා ඔක්කෝම ඇත්ත. (බුදු හාමුදුරුවෝ මෙහෙම්ම කිව්ව කියලා කොහොමෙයි ටක්කෙටම කියන්නේ)

මෙහේ ඉන්න අය සල්ලි පස්සේ දුවනවා විතරයි. පන්සලකට යන්නේ නෑ – බනක් අහන්නේ නෑ – පිනක් දහමක් කරන්නේ නෑ.

රුචක – රොජර් – රොෂාන් දෙසට හැරී, අසපුව තියෙන තැන දන්නවද? නෑ (රොෂාන්ගෙන් පිලිතුර ) ඒකනේ ඩේරා සිටි සෙන්ටර් එක තියෙන තැන, ඩුබායි මෝල් එක තියෙන තැන එහෙම නම් දන්නවා ඇති නේද? (ඇයි හත්දෙයියනේ කන්න බොන්න දේවල් ඇඳුමක් කැඩුමක් ගන්න ඕන උනාම මෝල් එකකට එපැයි යන්න නැතුව අසපුවට ගියාම හරියනවැයී

කුසල් රැස් කරන්න පින්වතුනි, කුසල් රැස් කිරීමෙන් තමයි සුගතියකට යන්න පුලුවන් (මොකක්? ධම්ම පදයෙද කොහෙද තියෙනවා නේද කුසල් අකුසල් දෙකාම් රැස් කරන්නේ තෘෂ්නාවෙන් නිසා ඒක සසර ගමන දිගු වෙන්න හේතුවක් කියලා)

ඔයාලට ධර්මය ගැන දන්නේ නැතිනම්, ඉගෙන ගන්න ඕන නම් අසපුවේ වෙබ් සයිට් එකක් තියෙනවා. ඒකෙන් ඉගෙන ගන්න.

නිවාඩු වෙලාවට අසපුවට එන්න. ඇවිත් බන අහන්න.

. . . . . . . . . . . . . . . . . . . . . . . .

බන යන අතරේ මට එනවා එස්. එම්. එස්. එකක් එතනම ඉන්න එකෙක්ගෙන් “මොකද්ද යකෝ තෝ මේ කෙරුවේ – ගෙදර හිටියනම් පාඩුවේ නිදිය ගන්න්වානේ බන්” කියලා.

හාමුදුරුවෝ රුචක මල්ලිලත් එක්ක යවලා අපි කට්ටිය පටන් ගත්තා සංවාදේ . . .

“අපරාදේ මේ බන නිසා අපේ හොඳට තිබුනු හිතත් අවුල් වුනා”

“මේ විදිහේ බන කිව්වාම අසපුව පැත්තේ යන්න හිතන එකාත් නොගිහින් ඉඳීයිනේ අප්පේ”

“අපි කලින් දවසක් යාලුවෙක්ගේ ගෙදරක ගියා එතනදිත් කිව්වේ ඔය බනමයි”

“මෙව්ව බනද – අපරාදේ අපේ කාලේ. හත්ගව්වක් දුර ඉඳ ඇවිත් නිකම් පැට්‍රොල් පුච්ච ගත්තා විතරයි”

දැනටත් මේ පෝස්ට් එක මාගලක් විතර දිගයි . . ඔක්කෝම ටික කියන්න ගියොත් ඉතිං . . .

. . . . . . . . . . . . . . . . . . . . . . . .

පහුවදා උදේම අක්කණ්ඩීගේ පුතා XXXXXට කෝල් එකක් දී බොහොම අකමැත්තෙන් උනත් ලොකු බොරුවක් කියන්න සිදුවුනා.

“XXXXX බොහොම ස්තූතියි – වැඩේ හොන්දින් සිද්ද වුනා” (ඇත්ත කතාව කිව්ව නම් මනුස්සයට හිතෙයි වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුනයි කියලා)

නමුත් අක්කන්ඩිත් එක්ක චැට් එකක් දාලා විස්තරේ කිව්වා.

පුතාගේ හිත රිද්දන්න අකමැති නිසා බොරු කිව්ව බව කියන්න අමතක උනා.

. . . . . . . . . . . . . . . . . . . . . . . .

පෙරේදා ඔෆිස් එකේ වැඩ කරන අතර තුරේ එනවා කෝල් එකක්

“තෙරුවන් සරණයි, මම මේ එදා බනට වැඩිය ස්වාමින්වහන්සේ."

මම : තෙරුවන් සරණයි. ඔව් කියන්න ස්වාමින්වහන්ස.

හාමුදුරුවෝ: මහත්මයා එදා මගේ ධර්ම දේශනාව නිසා මොකක් හරි අප්සට් එකක් උනාද?

මම : ඔව් හාමුදුරුවනේ. ඔබ තුමා කිව්වනේ අපිට ජොබ් එකට කෙල උනාම තමයි බන දහම් මතක් උනේ කියලා. ඇත්තටම අපි ගිය ජනවාරි වල තමයි මේ වැඩේ ප්ලෑන් කලේ. ඒ කාලේ මෙහෙම ජොබ් ප්‍රශ්නයක් තිබ්බේ නෑ, ඒත් දවසක් ලබුනේ නෑ. පස්සේ පුෂ්පා අක්ක නිසා XXXXX මහත්තයට කියලා තමයි මේ දවස ලැබුනේ.

හාමුදුරුවෝ: මම ඒක හිතලා කිව්වේ නෑ මහත්තයා (බොරු ??) එහෙම කියපු එකෙන් හිත රිදුනනම් සමාවෙන්න.

මම : හිත රිදුන තමයි හාමුදුරුවනේ. මොකද අපි ජනප්‍රිය බුද්ධාගම පස්සේ යන ප්‍රදර්ශනාත්මක බෞද්ධයෝ නෙමෙයි. අපි හදවතින්ම බෞද්ධ දර්ෂනයට අනුව ජීවත් වෙන්න උත්සාහ කරන ප්‍රතිපත්ති ගරුක බෞද්ධයෝ.

සාසනයේ පැවැත්මට ආමිස පූජා ඕන කියල දන්න නිසා තමයි පන්සල් යන්නේ, දාන දෙන්නේ, බන කියවන්නේ.

අනික බුදු දහම කියන්නේ හාමුදුරුවනේ ඇත්තටම ආගමක් නෙමෙයිනේ. ඒක දර්ෂනයක්නේ. බෞද්ධ සාහිත්‍ය කියන්නේ පස්සේ කාලේක නූගත් ශ්‍රාවකයන්ගේ හිතේ පැහැදීමක් ඇති කරන්න ඕන කමට බලෙන් එකතු කරපුවානේ.

හාමුදුරුවෝ: මහත්තයාලා යමක් කමක් දන්න අය වගේ.

මම : අපි ධර්ම දේෂනාවක් කියලා බලාපොරොත්තු වුනේ හාමුදුරුවනේ පොඩි කාලේ දහම් පාසලේදි උගන්වනව වගේ නැති නම් මෝඩ උපාසකම්මලා රෑනක් වට කරගෙන කියන අකුසල් කරන්න එපා. අකුසල් කලාම අපායේ යනවා, ලෝදිය බොන්න වෙනවා, කටු ඉඹුලේ නගින්න වෙනවා. කුසල් කලාම දිවිය ලොකේ යනවා ජාතියේ බනක් නෙමෙයි.

හාමුදුරුවෝ: නෑ මහත්තයා මම කිව්වේ අද කාලේ මිනිස්සු ආගමෙන් දහමෙන් ඈත් වෙලා කියලා.

මම : අසපුවට නො එන අය ඔක්කෝම පව් කාරයෝ වගේනේ හාමුදුරුවෝ කතා කලේ. මෙහේ ඉන්න අපි ලංකාවේ ඉන්නකොට වැඩිය හොඳින් ආගමික ජීවිත ගත කරනවා හාමුදුරුවනේ. සතියේ දවස් පහ වැඩට යනවා. සති අන්තේ පවුලේ දරුවන්ගේ වැඩ වෙනුවෙන් වෙහෙසෙනවා. පඩි ගත්තාම දෙමාපියන්ට සහෝදරයින්ට නෑදෑයින්ගේ උවමනාවලට සල්ලි යවනවා. සමහර වෙලාවට පත්තර වල එහෙම දැකලා නොදන්න අයගේ පවා ඔපරේෂන් වලට එහෙම සල්ලි එකතු කරලා යවනවා. ගෙවල් හදා ගන්න, දුප්පත් ලමයින්ට ඉගෙන ගන්න එහෙම උදව් කරනවා. එහම එකේ හාමුදුරුවෝ කොහොමද කියන්නේ මෙහේ ඉන්න අපි සල්ලි පස්සේ දුවනවා විතරයි අසපුව පැත්තේ එන්නේ වත් නැති නිසා පව්කාරයෝ කියලා.

පෘතග්ජන මිනිස්සු හැටියට අපෙන් අකුසල් කෙරෙනවා වෙන්න ඇති. ප්‍රාණඝාතේ නොකලට අපි මස් මාළු කන නිසානේ මරන්නේ. ඒක නිසා කෙලින්ම නැත්ත් අපි වක්‍රාකාරව ප්‍රාණගාතේ කරනවා; මාසෙකට පාරක් විතර කට්ටිය එකතු වෙලා බොනවා; ඒත් අපි අකුසල් කරනෙන බොහොම අඩුවෙන් – ඒකයි හාමුදුරුවෝ අපි වැඩියෙන් කරනේ කුසල්ද අකුසල්ද කියලා ඇහුවාම මම ෆුල් කොන්ෆිඩන්ට් පිට කුසල් කියලා කිව්වේ”

හාමුදුරුවෝ: මගේ මහන ජීවිතේ මේ පලවෙනි වතාව මම කරපු දේෂනාවක් නිසා මේ වගේ හිත රිදෙන කතා ඇහුවේ මහත්මයා. මම විරුද්ධයි අර මහත්තයා කියපු පෘතග්ජන මිනිස්සු කියපු දේට. ඒකේ තේරුම මම කියන්නේ නෑ. ඔය තරම් දේවල් දන්න ඒක හොයා ගන්න.

මම : මම ප්‍රතිපත්තියක් විදිහට බොරු කියන්නේ නෑ. ඒත් XXXXX මහත්තයට බොරුවක් කියන්න උනා. නමුත් හාමුදුරුවන්ට බොරු කියන්න මට ඕන නෑ. මොකද හාමුදුරුවනෙග දර්ම දේශනය න්සිආ අපි ඔක්කෝගෙම හිත් රිදුනා. බනක් කියවන්න ගිහින් අපි අකුසලයක් කර ගත්තේ කියලා අපි ඔක්කෝම කතා වුනා. අපි හාමුදුරුවන්ට ධර්ම දේශනයකට ආරාධනා කල නිසා අපි හැමෝම කටවල් වහගෙන හිටියා. ධර්ම සාකච්චාවකට එන්න කියලා ආරාධනා කරලා තිබුනා නම් එදාම වාද කරනවා.

හාමුදුරුවනේ සමාවෙන්න මම ඔෆිස් එකේ වැඩ කරන වෙලාවේ මේ පැය භාගයක් විතර කතා කලේ. ඒ ගැන තව කතා කරන්න ඕන නම් මම අයේ වෙලාවක ගන්නම්.

හාමුදුරුවෝ: මහත්තයල හැමෝම වෙලාවක අසපුව පැත්තේ එන්නකෝ . .




ධර්ම දේශනාවෙන් පසු පියෝ වෙජිටේරියන් රෑ කෑම.

. . . . . . . . . . . . . . . . . . . . . . . .

ඇත්ත වශයෙන්ම සම්පූර්ණ වරද ඇත්තේ මා අතය.

අපි ර්ම දේශනාවෙන් බලා පොරොත්තු වූයේ අප දන්න කරුනු තවත් පැහැදිලි ලෙස වටහා දීමක් සිදුවේයැයි උපකල්පනය කිරීමය.

චතුරාර්‍ය සත්‍ය එනම් දුක දුකට හේතුව දුක නැති කිරීම - දුක නැති කිරීමේ මාර්ගය (ඉපදීම දුකක් බව, තෘෂ්නාව නිසා ඉපදීම සිදුවන බව, දුක හෙවත් ඉපදීම නැති කරන්න නම් නිර්වාණාය අවබෝද කර ගත යුතු බව, නිර්වාණය ට ඇති එකම මඟ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය (සම්මා දිට්ඨි , සම්මා සඞ්කප්ප,සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි - වැඩි විස්තර මෙතනින්)බව එතුමා පැහැදිලි ලෙස විස්තර කරාවි යැයි අප උපකල්පනය කිරීමය

. . . . . . . . . . . . . . . . . . . . . . . .

මේ ලිපිය කිසි කෙනෙකුට පහර ගැසීම හෝ හෙලා දැකීම අරමුණු කරගෙන ලීවක් නොවේ.

ඒ හාමුදුරුවන් සිතන ආකාරයට ඔහුගේ / ඔවුන්ගේ අනුගාමිකයින්ට සුගතියට යන්නත් ගෞතම බුදු රජාණන් වහන්සේ දෙසූ ධර්මයට අනුව දිවිගෙවන අයට නිර්වාණය අවබෝධ කරගන්නත් එක සමාන අයිතියක් ඇති බව මා එක සිතින් පිලිගන්නා බවද කිව යුතුයි.

මේ ලිපිය නිසා අක්කණ්ඩීට හෝ වෙන කිසියම් පාර්ෂවයක සිත් රිදීමක් සිදුවූවා නම් ඒ ගන සමාවන ලෙසද ඉල්ලා සිටිමි.

92 comments:

  1. සන්සාරේ..!!

    සමාජාවබෝධය නැතුව මොන ධර්මාවබෝධයද..?

    ReplyDelete
  2. දුකාගෙන් බලාපොරොත්තු නොවුන ලිපියක්........... ඒත් කියන දේ නම් ඇත්තක් තියෙනව. මොකද මමත් ඔය අසපුවෙ බන අහල තියෙන නිසා..........

    "ඒ හාමුදුරුවන් සිතන ආකාරයට ඔහුගේ / ඔවුන්ගේ අනුගාමිකයින්ට සුගතියට යන්නත් ගෞතම බුදු රජාණන් වහන්සේ දෙසූ ධර්මයට අනුව දිවිගෙවන අයට නිර්වාණය අවබෝධ කරගන්නත් එක සමාන අයිතියක් ඇති බව මා එක සිතින් පිලිගන්නා බවද කිව යුතුයි"

    එළ කතාව.......ඒ කියන්නෙ බුදු හාමුදුරුවො කියන්නෙ අශාවන් අතහැර සත්‍යය අවබෝධ කරගෙන නිවන් දකින්නත්, අසපුවෙන් කියන්නෙ පින් කර සුගතියට යන්න කියලත් කියල ද?

    ReplyDelete
  3. මමත් හිතන විදියට ඔය කියන දේවල් සමහර හාමුදුරුවරුන් කියල සිවුරු දරන් ඉන්න මෝඩ පුද්ගලයෝ හිතන විදිය.. ඔය අයට හාමුදුරුවරු කියන්නත් ලැජ්ජයි.. ඒ අය හිතන් ඉන්නේ තියෙන ජරා වැඩ ඔක්කොම කරල අන්තිමට විසිහතර පැයම පන්සලට වෙලා ලෝකෙට පේන්න සමහර දේවල් කළාම නිවන් යනවයි කියලා.. ඇත්ත බෞද්ධයා කවුද කියලා ඒ අය දන්නේ නෑ..

    ReplyDelete
  4. welwata mata meeting ekak thibbe nathnam Dubai inddala ohe awilla hitha upset karan yanna wena scene ekak wenne !!!

    ReplyDelete
  5. ලොල්ය. බලාපල්ලකො එකෙත් හැටි. හ්ම්ම්ම් රටට විච්ච දේ...

    ReplyDelete
  6. දුකා අයියා මාව හොඳටම දන්නවා මං ඇනෝනිමස් ආවේ මොකක් හරි පසුව අවුලක්කායියාටත් මතු වෙයිද දන්නේ නැති නිසා මගේ කමෙන්ටුව හේතුවෙන්, මොකද මං අන්‍යාගමිකයෙක්. මං ප්‍රතිපත්තියක් විදිහට දේශපාලනය සහ ආගම සම්බන්ධ ලිපි වලට කමෙන්ට් කරන්නේ නෑ.

    මට කියන්න ඕන වුණේ නම්, No offense, මේ පෝස්ට් එක කියවලා මට තාම හිනාව නවත්තගන්න බෑ. :D :D

    ReplyDelete
  7. හාමුදූරුවෝ උනත් පෘථග්ජනයෙක්. කෙලෙසුන් දුරු කරලා නෑ. මෝහන්ධකාරයෙන් මිදිලත් නෑ වගේ.

    ඔය ගතිය හුඟ දෙනෙකුට පොදුයි.

    දේශප්‍රේමියෝ කියන්නේ අපි එක්ක නැත්තං උඹලා දේශ ද්‍රෝහියෝ කියලයි.

    සමහර වාමාංශිකයින් ට අනිත් උන් සේරම ප්‍රතිගාමියෝ.

    දන්නවද? ද්වේශයෙන්, මෝහයෙන් විතරක් නෙමේ ශ්‍රද්ධාවෙනුත් අගතියට යන්න පුළුවන්.

    ReplyDelete
  8. දුකා අයියෙ මම මෙහෙම කිව්වට මොකවත් හිතන්න එපා. ඔය අසපුව ගැන මගේ හිතේ එච්චර ප්‍රසාදයක් නෑ. මම දන්න තරමින් ඕක ගොඩක් මුදලට ලැදි තැනක්...

    ReplyDelete
  9. @ කතන්දර

    දේශප්‍රේමියෝ කියන්නේ අපි එක්ක නැත්තං උඹලා දේශ ද්‍රෝහියෝ කියලයි.


    ඒකනම් සහතික ඇත්ත

    ReplyDelete
  10. දුකාගෙ ලියවිල්ල දැක්කම නොලියන අපටත් ලියන්න හිතෙනවා. මම ඉන්නෙ සාජා වල. මමත් දවසක් ඔය අසපුවට ගියා, හවස බුද්ධ පූජාවට සහ ධර්ම දේශනයට. බණ ඉවරවෙලා ස්වාමීන්වහන්සෙ මගෙන් ඇහුවා, "අදමයි මහත්තයව දැක්කෙ, දන්නෙ නැද්ද මෙහෙ අසපුවක් තියනවා කියල."
    මම: නැහැ, කලින් දැනං උන්නෙ නැහැ, හාමුදුරුවනේ.
    හාමුදුරුවො: දැන ගත්තත් එනවයැ, ඉතින් වෙලාවක් නැහැ කියයි
    මට හිතුණා, වාද නොකර ඉන්න. අනික් අය ඉස්සරහ හාමුදුරුවන්ට අපහාස කරන එක බෞද්ධයෙක් විදියට නොකළයුත්තක් කියල මට හිතුණා. අපි එදා හරි අසපුවට ආපු එක ගැන අගය නොකර ගිහි අපව හිතින් වට්ටන්න තමයි ස්වාමීන් වහන්සෙ උත්සාහ කළේ. ඉතින් බණ අහන්න තියා බුදුන් වඳින්න වත් එත කොට ඔය අසපුවට යන්න හිතෙනවද?
    අපි මෙහෙ ආවෙ රස්සවට. විවේකයට වත් හිත සැහැල්ලු කර ගන්න යන්න හිතගෙන එදා ගියෙ. ඒ පුණ්‍ය චේතනාව උන් වහන්සෙගෙ වචන නිස ලංකාවට යන කල් යටපත් කර ගන්න වෙන බව මම යහලුවන්ට කීවා.

    ReplyDelete
  11. හ්ම්ම් නාත් බෞඩ්දයෙක් තමා මාත් හිතෙන්නෙ එ හාමුදුරුවො හිතන විදිහ ප‍ටු වැඩි..

    ReplyDelete
  12. චීවරධාරීන්ට බනින්න, ගරහන්න හොඳ නැතිවුණක් එතුමන් විසින් රකින්න ඕන සාසනේ විනාශ වෙනවනම් මොනාද අපි කරන්නේ... ඇයි මේ උත්තම දර්ශණය බහූබූත දේවල් එකතු කරලා විකෘති කරන්නේ එයාලම...

    වැදගත්, අවබෝධාත්මක සරල ලිපියක් දුකා අයියේ....

    ReplyDelete
  13. බලන්න දුකා... හාමුදුරුවො දේශනා කලා වගේ ඔයා උන්නාන්සෙගේ ධර්මය දන්නෙ නෑනෙ. ඉතිං අර වෙබ් සයිට් එකට ගිහිං ඉගෙනගන්න....

    ReplyDelete
  14. අපොයි මෙහෙමත් බන කියන හාමුදුරුවෝ ඉන්නවද අප්පා...

    ReplyDelete
  15. ඔන්න දුකා අයියත් දොස්තර මිගාර වීරක්කොඩිවයි, පෙරමුණේ රාලවයි කුලප්පු කරන්නනෙ යන්නෙ. දැන් ඉතින් බැණ ගෙන පස්සෙන් එනකොට අපට නං කියන්න එපා. හැක්පෙටිපොළ බලකාය එවයිද දන්නෙත් නෑ මේ කියන දේශද්‍රෝහී කතා වලට.

    ReplyDelete
  16. ඇනෝ 4
    හැක්පෙටිපොල බලකාය එවන්න තරම් මම කාටවත් වැරැද්දක් කිව්වේ නෑ බන්

    මම කිව්වේ මම ඕගනයිස් කොරපු වැඩක් නිසා වෙච්චි සංතෑසියක්.

    තාම යාලුවන්ගෙන් බැනුම් අහනවා . .

    ReplyDelete
  17. යාලුවා තරහකට කියනවා කියල හිතන්ට එපා ලිපිය දිහා ස්වාදිනව බෙලුවම පෙන්නෙ උබලගේ වැරදි 85% . ස්වම්න්වහන්සෙගෙ 5% එතිරි 10% දෙපැත්තෙම වැරදි වටහා ගැනිම් කියලය් මටනම් හිතෙන්නෙ . බලපන් උබ දාපු ලිපියට වෙන ආගමක එකෙක් හිනාවෙලත් තියනවද කොහෙද . සින්හල කියමනක් තියනවනෙ මචන් ගෙදර ප්‍රස්න පිටට දෙන්ට එපා කියලා. අපි.. අපි මහ ලොකූ බෞද්ධයො කියල හිතාගන ලොකු ටොක් දෙනව එඋනට බුදුහාමුදුරුවො දේශනා කරපු මූලික කරුනු වත් පිලිපදිනව ද බන් හරියකට. ඔතනය් මචන් අපිට වැරදුන තැන. මම වැරදිනම් හොදට හිතලා තරහා ගන් නැතුව පහලින් මට උත්තරයක් දාපන්.මම දැක්ක විදියට මම විතරය් උබලා වැරදි කියලා කියලා තියෙන්නෙ. උබ උත්තරයක් දුන්නොත් මම දන්න විදියට කියන්ට බලන්නම් උබගෙ මොනද කියල. සමාවෙයන් මචන් හිත රිදුනනම්.

    ReplyDelete
  18. @Theekshana,

    උඹ ප්‍රතිශත ගාණක් හදා ගන්න වත් දන්නෙ නෑනෙ. මට නම් පේන විදියට මේ සිද්ධියට අදාළ වැරදි ප්‍රතිශත මෙහෙමයි.

    දුකාගෙ වැරදි - 80.32%
    හාමුදුරුවන්ගෙ වැරදි - 3.28%
    ජනාධිපතිතුමාගෙ වැරදි - 4.19%
    කුමාර් සංගක්කාරගෙ වැරදි - 10.11%
    කුරාණයෙ වැරදි - 12.95%

    හුටා. 100% පන්නල නේද. පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න. ආපහු ගාණ හදල හරියටම කියනකං වැරදි ප්‍රතිශත.

    ReplyDelete
  19. තීක්ෂණ,

    මම බොහෝම සතුටුයි මගේ වැරදි පෙන්නලා දෙනවා නම්.

    අපි කවුරුත් මචං අපි හරියි කියන මතයේනේ ඉන්නේ.

    ඒත් අපි නොදකින අපේ වැරදි දකින්න පුලුවන් අනිවාර්‍යෙන්ම තුන්වෙනියෙක්ට තමයි.

    මම මගේ මේ බ්ලොග් එකට ගොඩක් කැමතිත් ඒ නිසාමයි.

    උඹේ අදහස් බොහොම අගේකොට සලකනවා මචන්.

    ReplyDelete
  20. ayya waradi ayye.....

    ReplyDelete
  21. සම්පූර්ණ ඇත්ත. තනිකරම උඹේ වැරද්ද නෙවැ දුකෝ, උඹ දන්නෙ නෑනෙ අද කාලෙ සැබෑ බෞද්ධයින් හැසිරෙන ආකාරය. දන්නෙ නැත්නම් දැන්වත් ඉගෙන ගනින්.

    ස්වාමීන් වහන්සේලාගේ කටයුතු වලට ඇඟිලි ගහන එක ගිහියන්ගේ වැඩක් නෙවෙයි. ස්වාමීන් වහන්සේලා සමඟ වාදයට යන එකත් සම්පූර්ණයෙන්ම වැරදියි. උන් වහන්සේලා ඉන්නෙ කියල දෙන්න අපි ඉන්නෙ අහ ගන්න. එච්චරයි. ස්වාමීන් වහන්සේ කෙනෙක් අසුචි මුට්ටියක් අරගෙන පින්වත මේ රත්තරන් කියලා කිව්වොත් වාද නොකර ඒක පිළිගන්න ඕනෑ. පින්වත ඔය ඇත්තා අමු ගොනෙක් කිව්වත් "එසේය ස්වාමීන් වහන්ස!" කියල ඒක පිළිගන්න ඕනැ. දැන් බලන්න ඉස්ලාම් ආගමේ ගිහියො යනවාද මූල්ලාවරු එක්ක වාද කරන්න? ඇයි ඒ ගොල්ලන්ට පුළුවන් නම් බෞද්ධයෝ හැටියට අපට බැරි ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා ප්‍රශ්න නොකර අහගෙන ඉන්න?

    ඒ එක්කම දුකෝ වැරදිලාවත් ඇහුණොත් හෙම ස්වාමීන් වහන්සේ කෙනෙක් සාමනේරයන් වහන්සේලාට ලිංගික අතවරයක් කළා කියලා වහාම ඒක ප්‍රතික්ෂේප කරලා එහෙම කියපු එකා එන් ජී ඕ කාරයෙක්, ඩොලර් කාක්කෙක් කියලා හංවඩු ගහන්න ඕනෑ. එහෙම තමයි හොඳ බෞද්ධයෝ. ප්‍රතික්ෂේප කරන්න බැරි තරමට සාක්ෂි දැඩි නම් ඒ කළේ ස්වාමීන් වහන්සේ නමක් නෙවෙයි පාරාජිකා වෙච්චි චීවරදාරියෙක් කියලා වත් ශේප් පාරක් දාන්න වත් ඕනෑ. (එහෙම කිව්වට දුකෝ ඔය අසපුව පැත්තෙ පොඩි එකාව හෙම යවනව නෙවෙයි ඕං)

    අන්න හොඳ බෞද්ධයින් හැසිරෙන විදිය දුකෝ. එතකොට තමයි ශාසනේ දියුණු වෙන්නේ. නැතුව මේ උඹ දේශ ද්‍රෝහියෙක් වගේ ස්වාමීන් වහන්සේලාගේ නුගුණ කියලා නෙවෙයි. ලංකාවට ආපු වෙලාවක මහමෙව්නාව පැත්තෙ ගිහින් බණ ටිකක අහපන් කිරිබත්ගොඩ ඥානානන්ද ලොකු ස්වාමීන්වහන්සේගෙන් බණ ටිකක් අහල තව ඉගෙන ගනින් සැබෑ බෞද්ධයකු හැසිරිය යුතු විදිය.

    ReplyDelete
  22. ඔය අසපුව කියන එක එක්තරා විකාරයක්. එතන කරන්නෙ හාමුදුරුවරු කියල කියාගන්න කට්ටියක්ව මෙහෙ එක්කගෙන අවිත් එයාලට ආතල් දෙන එක තමයි කරන්නෙ. හිරියට නිකම් ටූරිස්ට්ල වගෙ තමයි එයල. අපිත් එක දවසක් අපෙ ගෙදර බනක් තියන්න එක්කෙනෙක් ඔතනින් එක්කගෙන ආවා. එයත් අපිට බන එපා කෙරෙව්ව. ඊට පස්සෙ දවසක එතනට අරාම පූජාව කියන එක (විලා එකේ දවසේ වියදම ) බාර අරගෙන දෙන්න ගියාම ඒ හාමුදුරුවො කියන කෙනා නාලා එනකම් පෑය දෙකක් විතර ඉන්න උනා. ඒ ඈවිල්ලත් අපිට කතාකරේ අපි එයාට පුදුම කරදරයක් උන විදියට තමයි. ඊට පස්සෙ නම් කවදාවත් ගියේ නෑ.

    ReplyDelete
  23. roshan FB(mata hoda tikak kiyananna hithuna hamuduruwanta dubai mall dannwada kiyala ahuwata passe ... anunge thenak hinda humuduruwo berunaa..)dubai walata yaddinam man hodata kiwwa apita hamuduruwanta wage deewes nane asapuwa koheda kiyalaa danaganna..

    ReplyDelete
  24. මමත් ඉන්නේ පිට රටක මෙහෙත් තියෙනවා අපේ හාමුදුරුවරු ඉන්න පන්සලක්. සැබැ බුද්ධ දර්ශනය ජනප්‍රියත්වයෙන් ඉවත් කරන්න සැහෙන සේවයක් කරනවා..
    ආටෝප ලට පට අතරේ විනයක් නැතිකම කැපිලා පෙනෙනවා. ළඟදී ලොකු හාමුදුරුවෝ රජ්ජුරුවන්ගෙන් නම්බු නාමයක් ගන්න කලිසම් කෝට් ඇඳගෙන ගිහින් පත්තරේ පින්තුර දාල තිබුන.අපි දැන් යන්නේ බුරුම සහ චීන හාමුදුරුවරු පවත්වාගෙන යන තැනකට.. හරිම නිස්කලංකයි. හාමුදුරුවරුත් මිනිස්සුන්ට දැක්කම පැහැදෙන තරම විනය ගරුකයි චාම් නිහතමානියි.. එතනින් තමයි අපි භාවනා කරන්න පවා ඉගෙන ගත්තේ. අර මගේ බ්ලොගේ කියන්න වගේ බුදු හාමුදුරුවෝ දැන් හිටියොත් වැඩ ඉන්න වෙන්නේ මහා කැලේ තමයි..

    ReplyDelete
  25. බුදු අම්මෝ මොනවද බං උබ මේ කියන්නේ. තව ටිකකින් දේශප්‍රේමී බලකාය උබේ ඔලුව පලයි.

    ReplyDelete
  26. මේ උන්නැහේලා ගැන කවියක් තියෙනවා මෙහෙම.

    පන්සලට ගෙනත් දෙන දන් මදිව ගිය තැනේ
    සිවුර කැහැපට ගසා කඩු කිණිසි අරගෙනේ
    යුද මතින් වෛරයේ බිජු ඉසින ගණයිනේ
    තොපි තමයි මගෙ රටට ගහපු දරුණුම හෙණේ

    ඔන්න දැන් දේශප්‍රේමී බලකාය දුකාව හැක් කරපල්ලා. අපි ඕවට නැතෝ.

    ReplyDelete
  27. agganya sutraya hoyagena kiyawanna

    ReplyDelete
  28. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  29. මහා සංඝ රත්නයට අපහාස වෙන විදිහේ කොමෙන්ටු නොදා ඉන්න මිතුරනි.

    එවැනි ඒවා අයින් කරන්න සිදු වෙනවා. (දැනට එකක් අයින් කලා)

    සංවාදයක් ගොඩ නගන්න අවැසි නම් ජනප්‍රිය බුද්ධාගම සහ බෞද්ධ දර්ශනය අතර ඇති වෙනස ගැන කතා කරමු.

    නමුත් මහා සංඝ රත්නයට අපහාස නොකර

    ReplyDelete
  30. දුකාගෙ, කතන්දර කාරයාගෙ වගෙම අක්කන්ඩිගෙත් බ්ලොග් සටහන් කියවන කෙනෙක් හැටියට මටත් යමක් කියන්න හිතුනා. ඒ බ්ලොග් සටහන් වලින් යම් සමාජ මෙහෙවරක් ඉෂ්ටකරන්න යම් ප්‍රමානයකට උත්සාහ කරනව, බොහෝ විට. ඒ මගේ මතය පමනයි.
    මෙතැනදී මට පෙනී යන කාරනයක් නම් සම්මා වාචා කියන ආර්ය අශ්ටාන්ගික මාර්ගය ගැන ඔය දර්ම දේශනාවට වැඩිය බුද්ධ පුත්‍රයන් වහන්සේගේ දැනුම අල්ප බවයි. ශ්‍රද්ධාව වර්ධනය කරලා, බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරනු වෙනුවට මෙමේ ධර්ම දේශනාවෙන් සිදු වී ඇත්තේ එයට හාත්පසින්ම පටහැනි දෙයක්.
    මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන කෙනෙක් හැටියට
    මම ආර්‍ය අෂ්ටාන්ගික මාරගය අනුව ජීවත් වන, සත්‍ර බ්‍රහ්ම විහරන පුරුදු පුහුණු කරන්නෙක්.
    එම නිසා මම දුක මල්ලිට මෛත්‍රීන් කියන්න කැමතියි, ඔය ධර්ම දේශනාව දෙස වගෙම එම ස්වාමීන්වහන්සේලා දෙසත් උපේක්ෂාවෙන් බලන්න කියල. ඔය අසපුව වටා සිටින පිරිසට දොස් කිව යුතු නැහැ. ඔවුන් කරන්නේ සත් කාර්යයක්.
    ඔබලා එම අසපුවට යන්න අකැමති නම් නොයා ඉන්න. ද්වේෂය, වෛරය වගෙ දේවල් ඔබලාගෙ සිත්වලින් දුරු කර ගන්න. බුද්ධපුත්‍රයන් වහන්සේ වචනයෙන් කරන අකුසල් අමතක වුණාට ඔබල තුන් දොරින් කෙරෙන් අකුස්ලයන් ගෙන් මිදෙන්න. වර්තමානයේ සෝවාන් පලයට පැමිණි භික්ෂූන් වහන්සේල ඉන්නවද කියල මම දන්නෙ නැහැ.
    අපි සන්න්ඝ පරපුර විවේචනය නොකර අපිත් හැදෙන්නට බලමු. ගෞතම බුදුරජානන් වහන්සේ එනිසාම තමයි, දේශනා කළේ,"අනුන් සෙවීමට වඩා තමන් සෙවීම උතුම්" කියලා. ස්තුතියි.

    ReplyDelete
  31. මට නම් මේක දැක්කාම කටට ආවේ එක ප්‍රශ්නයයි.. මොකටද ඔය බණ ඕගනයිස් කලේ..? දැන්නම් හොඳම වැඩේ කියවන එක තමා දුකා අයියේ.. මමත් මේ දවස්වල බුද්ධාගම ආගමක් විදිහට නැතුව දර්ශනයක් විදිහට කොහොමද ගොඩදාන්නේ කියන එක බලනවා. මේ ගණින්නාන්සේලා එක්ක දර්ශනයක් ඉගෙන ගන්න බෑ.. මේක මාකටිං ඊරා එකනෙ බං..... (කාලෙකින් ආවේ.)

    ReplyDelete
  32. @ආගන්තුකයා!
    මෙහෙමනේ මල්ලී
    බුද්ධ සාසනේ පැවැත්මට ආමිස පූජා අනිවාර්යෙන් ඕන වෙනවා.

    පන්සල්,සංඝයා වහන්සේලා, දාන – මාන, පිරිත්, බන, පෙරහැර මේ දේවල් ප්‍රතිපත්ති පූජාවෙන් වෙනස් වුනත් මේවා නැතුව සාසනයේ පැවැත්ම පවත්වාගෙන යන්න අමාරුයිනේද?

    ඒ නිසා අපි කොයි තරම් ප්‍රතිපත්ති පූජා වලට කැමති වුනත් ආමිස පූජා වලට අකමැති වුනත් අකමැත්තෙන් හරි කරන්න සිද්ද වෙන වෙලාවල් එනවා.

    විශේෂයෙන් අපි අරාබි රටක ඉන්නේ. මම කලින් හිටපු රටේ නම් හාමුදුරුඅරුන්ට වීසා දෙන්නේ වත් නෑ.

    හාමුදුරුවරු මෙහේ ඇවිත් ධර්ම ප්‍රචාරය කියලා දෙයක් කරන්න අමාරුයි මොකද මෙහේ ඉස්ලාම් භක්තිකයින්ව බෞද්ධයෝ කරන්න බෑනේ පෙරදිග රටවල් වල අන්‍යාගමිකයන්ව බෞද්ධාගමේ අනුගාමිකයෝ කර ගන්නවා වගේ.

    ඉතිං එපමන බාදක මැද හාමුදුරුවරු මෙහේ වැඩ ඉන්න නිසාවෙන් අපි කතාවුනා අපිත් බනක් සංවිධානය කරමු කියලා අපි දන්න ධර්මය ම ටිකක් පැහැදිලිව විස්තර කරයි කියන අනුමානයෙන්.

    ReplyDelete
  33. හෑමොම අයියට වෑරදි කියනවානම් ඒක වෑඩරදි.. මොකද ඈත්ටම දෑන් ජනප්ප්‍රිය බුදුදහම් සහ සෑබෑ බුදු දහම කියලා අපිට කොටස් දෙකක්ට වෙන් කරගන්න වෙලා තියන එක ඈත්ත.. පංසල් ගිහින් අනේ අපෑඅ හමුදුරුවනේ කියලා වෑද වෑටිලා එලියට ඈවිත් කරන්න් අපුලුවන් කෙලි ඔක්කොම කරන අය තමයි සෑබෑ බුදු දහම අනුගමනය කරන අය කියලා හිතාගෙන ඉන්නේ හුගක් හාමුදුරුවරු... ඒකයි අවුල වෙලා තියෙන්නේ.. අනික දෑන් ඉන්න් අසමහර හාමුදුරුවරුන්ට අබිදර්ම්ය දේශනාකරන තරම් දෑනුමක් නෑ.. ඒකය් ඔය උඩුන් පල්ලේන් බුදු දහම ගෑවිලා තියන රසකතා කියලා බන ඉවර කරන්න හදන්නේ

    ReplyDelete
  34. මේගැන මොකුත් කතා ක‍රන්න මම කැමති නැහැ

    බලන්න මේ වැඩසටහන, TV එකේ යන වැඩ සටහන් වලින් හුගක්ම වෙනස් වැඩසටහනක්

    http://www.derana.lk/show.php?prid=350&vid=8490

    ReplyDelete
  35. @Dee!
    සමාජාවබෝදේ කියන දේ අද කාලේ ජීවත්වෙන අයගෙන් කීයෙන් කීදෙනෙක්ටද අප්පේ තියෙන්නේ. හාමුදුරුවරු කියලත් ඉතින් අපි වගේ ම පුරුතග්ජනයෝනේ අනේ.


    @ඇනෝ 1
    මටත් ඒ බන අහපු වෙලාවේ ඉඳන් හිතුනු දෙයක් තමයි ඒ කිව්වේ. මොකද පැයක් විතර බන කිව්වා වුනත් එකපාරක් වත් “නිර්වාණය හෝ නිවන” කියන වචනේ කියවුනේ නම් නෑ. සුගතිය ට යන්න කුසල් රැස් කරන්නම කියලයි කිව්වේ. කුසල් රැස් කරන්නත් අසපුවට විතරක් යන්න කියන ටයිප් එකෙන් තමයි කිව්වේ.

    ReplyDelete
  36. @කැන්ඩි... !


    මෙහෙමයි කැන්ඩි,
    ලෝකයම භෞතික සැප සම්පත් පිරිවරාගෙන “සැපම සොයා” සුපිරි ධාවනයක යෙදෙන කාලේ තමන්ගේ හිස මුඩු කරලා; පාන්ඩු පාට සිවුරක් විතරක් අඳිමින්, රාත්‍රියට ආහාර නොගෙන; ධර්මයට අදාල පොත් පත් කියවමින් – ධර්ම ගවේශනය කරමින්; ශ්‍රාවකයින්ගේ මළගෙවල් වල පාංසකූලය දීම, පිරිත් දෙසුම් සඳහා රෑ නිදිවරන එක වගේ කැප කිරීම් කරමින් හාමුදුරුවරු කරන්නේ ඇත්තෙන්ම මේ නූතන ලෝකයේ උඩුගම් බලා පිහිනිමක්.

    එපමන අසීරු කාරියක් කරද්දී උන් වහන්සේලා අතින් වුනත් වැරදි සිදු වෙන්න පුලුවන්. (සර්ව සම්පූර්ණ කිසිවෙක් ඇත්ද මේ ලොව?)

    මේ ලිපිය ලියපු එකෙන් මම අදහස් කලේ මින් මතු අපි කිසිවෙක් ධර්ම දේෂනාවකට සඳහා ආරාධනාවක් කිරීමේදී අපි ඔවුන්ගෙන් බලාපොරොත්තු වන දේ ගැන අපත් ඔවුනුත් දැනුවත් විය යුතුයි යන පනිවිඩය මෙය කියවන අයට ලබා දීම.

    ReplyDelete
  37. වටිනා අදහස් තියෙන ලිපියක්. ලිව්වාට බොහොම ස්තුතියි

    ReplyDelete
  38. @rc7200.com !
    ඔව් රවී මල්ලී . .එදා බන අහලා අපේ ඔක්කෝගෙම හිත රිදුනු එක විතරයි උනේ.
    ආපු අය ඔක්කෝගෙන්ම මමයි බැනුම් ඇහුවේ.
    උඹ ආවානම් මට බනින තව එකෙක් වැඩි වෙන්න තිබා. හොඳ වෙලාවට උඹ ආවේ නැත්තේ.

    @සුළඟිල්ල | pinkie !
    රටට මුකුත් වෙලා නෑ බන්z. . . උඹට පික්සුද ?ඔය හොඳට තියෙන්නේ . . අපේ හාමුදුරුවරුන්ගේ ඇට මුංඇට කරමු ඇමතිලට 'බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු" නම්බු නාම පිරිනමන්නේ . . පොඩ්ඩක් ඇස් ඇරලා බලපන්කෝ බන්z

    ReplyDelete
  39. @ඇනෝ 2

    මෙහෙමයි මල්ලී හෝ නංගී – මේකේ කමෙන්ට් කරපු කෙනෙක් කියලත් තිබුන අන්‍ය ආගමිකයොත් හිනා වෙන නිසා ගෙයි ගිංදර ගෙදරම තියා ගන්න කියලා.

    අනේ මන්ද මම නම් මැදි වයසේ මනුස්සයෙක් වුනත් හනමිටි අදහස් ඔලුව උඩ තියාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි.

    ගෙයි ගින්දර ගෙයිම තියාගෙන ඉන්න එකෙන් මමත් මගේ දරුපවුලත් අසල්වැසියොත් විනාස වෙනවා වගේ දැනෙනවනම් අසල්වැසියන්ගේ හරි උදව් අරගෙන ගින්න නිවන්න ට්‍රයි කරන ජාතියේ එකෙක් මම නම්.

    මෙහේ ඩුබායි වල ඉන්නවා මගේ ක්‍රිස්තියානි මිතුරෝ රාශියක්.
    එයාලා කීප දෙනෙක්ම මට කිව්වා ඔවුන්ගේ මෙහේ ඉන්න මිතුරෙක් මියගිය වෙලාවේ හාමුදුරුකෙනෙක් ඇවිත් දේශනාවක් කලාය, ඒ හාමුදුරුවෝ කිව්වේ කවුදෝ කෙනෙක් දිවිය ලොකේ ගිය කතාවක්ය, කතාව අතරතුර බන අහන අයගෙන් “කවුද ඒ කාලේ හිටපු රජතුමා – මට නම මතක නෑ” කියලා ඇහුවය, ඒ බන නිසා මලගෙදරට ආපු සියලු දෙනාත් ගෙදර අයත් බොහොම අවුල් වුනය වගේ දේවල්. එදා ඒ මල ගෙදර ගිය මෙහේ ඉන්න අය දන්නවා ඇති ඇත්ත නැත්ත.

    අත්තෙන්ම ඒ අය හිනාවෙන්න ඇති මොනවද මේ බන කියල. මොකද ඒ කතාකල සියලු දෙනා ම බෞද්ධ අය සමඟ බොහෝම කිට්ටු අය. (මම නම් දන්න තරමින් එයාල සමහර බෞද්ධයන්ට වඩා බුදු දහම ගැන දැනුවත් )
    ඒ හාමුදුරුවොයි මේ කෙනායි එක්කෙනෙක්ද කියලවත් මම දන්නේ නෑ.

    වැරැද්ද වැරැද්දක් විදිහට මම නම් කෙලින් කතා කරන්න කැමති කෙනෙක්. ඒත් එදා ඒ මොහොතේ හරි වැරැද්ද ගැන වාද කරන්න බැරි උනු නිසා මේ විදිහට ලිව්වා.

    එච්චරයි

    ReplyDelete
  40. @Praසන්ன!
    බොහොම ස්තූත්යි.

    @කතන්දර!
    බොහොම ස්තූතියි අගේ ඇති අදහ්ස් ටිකට.
    මෙන්න මේ කොටස මැක්සා බන්
    දන්නවද? ද්වේශයෙන්, මෝහයෙන් විතරක් නෙමේ ශ්‍රද්ධාවෙනුත් අගතියට යන්න පුළුවන්.

    ReplyDelete
  41. @ඉෂාර !
    අද ඉතිං මල්ලී කොයි දේ කරන්නත් මුදල් ඕන වෙනවනේ.
    එහෙම එකේ මේ අයටත් මුදල් භාවිතයෙන් විතැන් වෙලා පුලුවන් කමක් නෑ නේ මල්ලී.

    @ඇනෝ 3!
    ඇත්තෙන්ම අපිත් බොහොම ශ්‍රද්දාවෙන් ඒ බන කියන වැඩේ ඕගන්යිස් කලේ. ඒත් එතුමා පටන් ගත්තේම ටිකක් හාඩ් විදිහට. මගේ ලොකු බඩ නිසා මම එදා කකුල් දික් කරගෙන අත්දෙක පිටිපස්සෙන් බිමට තියලා ඉඳගෙන හිටියේ (දන්නවනේ ඇඟපත ටිකක් මහත බඩ තියෙන අයට බිම එරමිනියා ගොතාගෙන ඉඳගන්න අපහසුයිනේ) හාමුදුරුවෝ මට ටිකක් සැරෙන් කිව්ව මහත්තයා බන අහන විදිහට අත්දෙක ඉස්සරහට අරන් ඉඳ ගන්න කියලා.
    මගේ නෝනා ඉඩ දුන්නා පස්සේ බිත්තියට හේත්තුවෙලා ඉඳගන්න.
    ඒ වුනත් මට මතක් වුනේම කවදා හරි අහපු බනකට ඇහුව කියලා බන අහන්න ආපු ශ්‍රාවකයින්ට බුදු හාමුදුරුවෝ කිව්වයි කියලා තමාට පහසු විදිහට ඉඳගන්නයි කියලා කිව්ව බවක්.
    හාමුදුරුවරුන්ට අපි ගෞර්ව කරනවා තමයි ඒ වගේම එයාලා බන අහන අයට කරුනාවෙන් කතා කරන්නත් ඉගෙන ගන්න ඕනනේද?

    @නිසල්!
    ඇත්තටම පටු සීන් එකක් නෙමෙයි වුනේ. අපි බලාපොරොත්තු වෙන්නේ මොන විදිහේ දේශනාවක්ද කියලා අපි නොකියපු එක. ඒකයි මම කිව්වේ අපේ වැරැද්ද කියලා.

    ReplyDelete
  42. @kush!
    “චීවරධාරීන්ට බනින්න, ගරහන්න හොඳ නැතිවුණක් එතුමන් විසින් රකින්න ඕන සාසනේ විනාශ වෙනවනම් මොනාද අපි කරන්නේ... ඇයි මේ උත්තම දර්ශණය බහූබූත දේවල් එකතු කරලා විකෘති කරන්නේ එයාලම...”
    මගේ අදහසත් ඕකම තමයි . .

    @චාර්මි!
    ඇත්තෙන්ම නිවාඩු පාඩු වෙලාවක ඒ සයිට් එකට ගිහින් ඉගෙන ගන්න ඕන.

    @මධුරංග!
    මම නම් කියන්නේ අද අර ඉස්සර උපාසකම්මලා ඔය අපාය දිවිය ලෝක ගැන බන ඇහුවට වර්තමානයේ ජීවත්වෙන පොත් පත් කියවන විද්‍යව ගැන දන්න ශ්‍රාවකයන්ගේ හදවත් වලට දැනෙන්න බන කියන්න අපේ හාමුදුරුවරු තව තවත් පොත පත කියවලා දැනුවත් වෙන්න ඕන කියලයි.

    ReplyDelete
  43. @තීක්ෂණට පසු ඇනෝ!
    ඔයාගේ ප්‍රතිශත් ගනනට එකතු කොරපු අයයි ඒ අයට කොටස් බෙදෙන්නේ කොහොමෙයි කියන එකයි නම් මට තේරෙන්නේ ම නෑ!

    @සුදම්!
    ඇත්ත මල්ලී!

    @Ano 5
    බුහා හ හා
    මගේ ලිපිය දැකලා යාලුවෙක් එව්වා ලින්ක් එකක් . .
    චන්ද්‍ර අනගිරත්න පංසල් ගිය හැටි කියලා . .
    ඇනෝ උඹේ දිග කොමෙන්ටුව නිසා මට ආයේ පාරක් ඒක මතක් උනා.
    මෙන්න ලින්ක් එක ගිහින් බලන්න

    ReplyDelete
  44. If your mind set is like this ....
    Sorry to say...
    Dukken dukkatama path wevi Oba !
    In Sansaraya..
    So, please be careful !!
    Before commenting Sagaruvana ..

    ReplyDelete
  45. @මංජුල!
    මම නම් ඔය ආරාම පූජාව ගැන නම් කිසි දෙයක් දන්නේ නෑ.
    ඇත්තෙන්ම ධර්ම ප්‍රචාරයට ආවහම ශ්‍රාවකයන්ට කරුනාවෙන් මෛත්‍රියෙන් මිත්‍රශීලීව සලකන්න ඕන බව සමහර විට මේ ලිපියෙන් පස්සේ තේරුම් ගනීවි කියල මම හිතනවා.

    @ඇනො 6!
    මේ එදා ආපු රොෂාන් මල්ලි වෙන්න ඕන.
    අහ් ඔයාලා එහෙම කියපු බවක් රුචක මට කිව්වේ නම් නී. ඉන්න මම ඌට කෝල් කරන්න. මටත් හිතුනා කියන්න උන්ට දිවැස් තියෙවැයි කියලා කියන්න. ඒත් බන් එදා අපි ධර්ම සාකච්චාවකට නෙමෙයිනේ එන්න කිව්වේ. ඒ නිසා කටවහගෙන හිටියා.

    ReplyDelete
  46. යකෝ, උඹල මාර බඩුනෙ. හාමුදුරු කෙනෙකුට ගෙදරට එන්න කියන්නෙ දානෙකට පාංශුකූලෙකට වගේ සාම්ප්‍රදායික සිරිතකට විතරයි. උඹලට බෞද්ධ දර්ශනය ගැන ඉගෙන ගන්න ඔච්චර ඕනැ නම් ඔය ඉන්ටර්නෙට් තියෙන්නෙ. යූ ටියුබ් වල තියෙනවද කොච්චර හොඳ බණ. (විහිළුවට නෙවෙයි.) සාකච්ඡා කරන්න ඕනැ නම් ඔය බුද්ධාගම ගැනම ඉන්ටර්නෙට් ෆෝරම් තියෙන්නෙ. අහක යන නයි සරමෙ දාගත්ත නම් ඉතින් කෑවො කෑවෝ කියල කෑ ගහපල්ලා.

    ReplyDelete
  47. @Lankapriya!
    වර්තමාන සමාජයේ පැවිද්ද කියන්නේ ලේසි දෙයක් නෙමෙයි.
    අන්තිමට ආපු ඇනෝනිමස් කොමෙන්ට් එක එහෙම දැක්කාම මට හිතෙන්නේ ඇත්තෙන්ම මුලින්ම කිව්ව වගේ වැරැද්ද අපේම තමයි කියලයි.

    @ඇනො 7!
    අර මොකටද ඇනෝ ඒ බලකාය මගේ ඔලුව පලන්නේ. මේක මගේ බ්ලොග් එක මට වැරදුනු තැන් ගැන මගේ බ්ලොග් එකේ මම ලිපියක් ලිව්වා. එච්චරයි.

    ReplyDelete
  48. @ඇනෝ 8!
    කොහේද මේ වගේ අපහාසාත්මාක් කවි ලියල තියෙන්නේ.
    සිවුරක් දරාගෙන ඉන්න පැවිද්දොත් මනුස්සයෝනේ. පැවිදි වුනු අය හැමෝම මාර්ගපල ලබපු අය නෙමෙයිනේ. අඩු වැඩි වශයෙන් වැරදි කෙරෙනවා. වැරැද්දක් දැක්කම අපහාස නොකර වැරැද්ද පෙන්නලා දෙන එක නෙමෙයිද කෙරෙන්න ඕන.
    අපි ගොඩක් වෙලාවට පුරුදු වෙලා ඉන්නේ ගෞරවේ නිසා වැරැද්දක් දැක්කත් ඒ ගැන කතා නොකරන එක. ඒකෙන් වෙන්නේ වැරැද්ද කරපු කෙනාට තමන්ගෙන් වැරැද්දක් වුනු බව වත් දැන ගන්න නොලැබෙන එක.

    @Ano 9
    "agganya sutraya hoyagena kiyawanna"
    මේ සූත්‍රය සොයා ගන්න පුලුවන් විදිහක් ගැන ඔත්තුවක් දෙන්න පුලුවන්ද?
    නැතිනම් ඒ සූත්‍රයේ මොනවද තියෙන්නේ කියලා පැහැදිලි කිරීමක් වත් කරන්න පුලුවන් නම් හොඳයි

    ReplyDelete
  49. @ඇනෝ 10
    ඇත්තෙන්ම එදා ධර්ම දේශනාවට වැඩම කරපු බුද්ධ පුත්‍රයා ගැන මගේ තරහක් ක්‍රෝධයක් නිසා මේ ලිපිය ලිව්වා නෙමෙයි. මගේ බ්ලොග් අඩවිය මම නිතරම හඳුන්වන්නේ මට වැරදුනු, අලවුනු තැන් ගැන ලිපි සටහන් තබා කියවන අයෙක්ට ඒ වැරැද්දම වෙන්න තියෙන ඉඩ අඩු කරන්න පුංචි මහන්සියක් දරන තැනක් විදිහට.
    මේ ලිපිය හෝ මගේ කොමෙන්ට්ස් කියවද්දී මම එතුමාටවත් අසපුව වටා සිටින අයටවත් පුද්ගලික පහර ගැසීමක් කලා කියා සිතෙනවනම් ඒ කොයි තැන් වලද කියා කියන්න මම ඒවා ඉවත් කරන්නම්.
    මම බොහෝම පැහැදිලිව කියනවා මැදපෙරදිග මේ වගේ අන් ආගම් වල පැවැත්මට බාදාතිබියදීත් ඒ සියලු බාදා මැඩගෙන ඔවුන් මේ කරගෙන යන සද් කාරිය ඉතා අන්ර්‍ඝයි.
    මුලිනුත් සඳහන් කල ලෙසට සාසනයේ පැවැත්මට ආමිස පූජාත් අවැසි කියලා සිතූ නිසා තමයි මේ වගේ දෙයක් සංවිධානය කරන්න සිතුවේ.
    උපදේශයට බොහෝම පින්.

    @ඉලන්දාරියා!
    ඉල්ලුමේ හැටියටනේ මල්ලී සැපයුම. ඇපේ වැඩේදි වුනේ අපිට අවශ්‍ය දේ මොකද්ද කියලා පැහැදිලි කර නොදීම. දහම් දෙසපු කෙනාගේ වැරැද්ද ම නෙමෙයි කියලා හිතෙනවා.

    ReplyDelete
  50. @Malith!
    බොහෝම ස්තූතිහ්යි.
    නිවාඩු පාඩු වෙලාවක මේ ටික එක එක බලන්නම්.

    @Sabry!
    අදහස් දැක්වීම ගැන බොහෝම ස්තූතිහ්යි.

    ReplyDelete
  51. @Ano 11!
    If your mind set is like this Sorry to say “Dukken dukkatama path wevi Oba ! In Sansaraya” – ok . . tnx for advise.

    So, please be careful !! Before commenting Sagaruvana – is this a threat??

    I assume u meant to say “be careful before criticizing the Buddha monks”

    if so, all I have to say is as a Buddhist I do have full rights to do so if I want to do so. Because if Buddhists cannot criticize their religion, who else can do?

    Hope you know that Lord Buddha never regret criticism and in fact he said do not believe blindly unless u cleared what others said.

    Anyway thanks for advice.

    ReplyDelete
  52. @Ano 12!
    ඔබේ අදහස් දැක්වීම ඉතා ප්‍රයෝජනවත්.

    "යකෝ, උඹල මාර බඩුනෙ. හාමුදුරු කෙනෙකුට ගෙදරට එන්න කියන්නෙ දානෙකට පාංශුකූලෙකට වගේ සාම්ප්‍රදායික සිරිතකට විතරයි.
    ඇත්තෙන්ම මම ඒ ගැන දැනගෙන සිටියේ නෑ

    බොහෝම ස්තූතිහ්යි දැනුවත් කලාට.

    ReplyDelete
  53. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  54. දිනමිණ පුවත් පතේ තිබූ ලිපියක් ගෑන් සඳහන් කල ඇනෝට.

    අනේ තරහා වෙන්න එපා. ඒ ලිපිය දිනමිණ පුවත්පත් කියවන අය එතනින්ම කියවපුවාවේ ඇනෝ.

    මගේ ලිපියට ඒ සිදුවීමේ සම්බන්ධයක් නැති නිසා ඔබ අයින් කරන්න එපා කියපු ඉල්ලීම නොසලකා හරින්න සිද්ද වෙනවා.

    ඔන්න ඔබේ කොමෙන්ටුව මම අයින් කලා. සමාවෙන්න.

    ReplyDelete
  55. If your mind set is like this Sorry to say “Dukken dukkatama path wevi Oba ! In Sansaraya” – ok . . tnx for advise.

    So, please be careful !! Before commenting Sagaruvana – is this a threat??

    Yes, threat from “Krmaya”. We like it or not …that’s what going to happen, until YOU change the way of your thinking ..


    Hope you know that Lord Buddha never regret criticism and in fact he said do not believe blindly unless u cleared what others said.

    Yes, what “Load Buddha” said is always true … but, before criticizes… you have lots to clear in your mind …

    ReplyDelete
  56. කවුද ආ මේ බන කියන ඇනෝ 11. ( ඇනෝ 13ත් ඌම තමයි)

    කියන මගුලක් දන්න සිංහලෙන් කියනවද ගොං ආතල් දෙන්නෙ නැතුව.
    සිංහලෙන් කොටන්න දන්නෙ නැත්නම් මෙන්න link එක.....

    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    ReplyDelete
  57. පිටරටවල ජීවත් වෙන අයට හරිම කලාතුරකින් බණක් අහන්න ලැබෙන අවස්තාවකත් මෙහෙම වෙන එක ගැන ඇත්තටම මටත් තියන්නේ ලොකු කණගාටුවක්...
    ලංකාවෙන් වැඩම කරන විචිත්‍ර ධර්ම කතික කියන හාමුදුරුවරුත් කියන බණ මීට දෙවනි නෑ.අපි ලමයිත් අරන් යනවා බණ අහන්න..
    දවසක් මගේ දරුවා අහනවා අර හාමුදුරුවෝ මධුරි ඩික්සිත් ගැන කිව්වේ ඇයි කියලා. අඩුම ගානෙ සිංහල තේරෙන පොඩි ලමයි ගැන හිතලා ආදර්ශෙට ගන්න පොඩි ජාතක කතාවක් වත් කියලා දුන්න නම් මොකද වෙන්නේ..?? අභිධර්මය වගේ ලොකු දේවල් ගැන කතා කරන්න බැරි නම්...
    හිත නරක් කරගෙන ආපහු එන්න වෙනවා ඇරෙන්න දැන් ඒ බණ ඇහිල්ලත් එපා කියලා හිතෙනවා මට නම්...

    ReplyDelete
  58. http://www.buddhanet.net/ebooks_g.htm

    ReplyDelete
  59. Dubai වගේ රටක අවුරුදු 10 - 20 ඉන්න මිනිස්සුන්ට අසපුව වගේ එකක්වත් තියෙන එක අගය කරන්න ඕනෙ. හාමුදුරුවො කියන බන අහන්න බැරිනම් සරලව කියන්න තියෙන්නෙ අහන්න එපා.
    "මා නොකෙරුවත් නොකරමි එය ගැරහීම" (විමලරත්න කුමාරගම - අය්යනායක) දුකා, මන් කියන්නෙ නැහැ උඹේ blog එකෙන් අසපුවට ගරහල කියල, එත් උඹ අම්බානකට අල වෙලා කියල නම් තේරෙනව මචන්. ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැහැ කියනවනෙ Saturday match එක බලපන් set වෙලා he he

    ReplyDelete
  60. දුක අය්ය මම උබට දෙන්ට පැයක් තිස්සෙ ලියපු කමෙන්ට් 1 දිග වැඩ්ය් කියල වැ‍ටුනනිස මම එක හදල අය දන කොට බැක් උනා බන් ඔක්කොම ඉවරය්. මම අය වෙලාවක් තිබ්බොත්වෙන දවසක ලියන්නම්. මට ට්ය්ප් කර ගන්ට බැ බන් වෙගෙන්

    ReplyDelete
  61. මට හිතෙන්නේ උඹ හාමුදුරුවන්ට කරපු අනුශාසනාව ආපු අයට කරා නම් ඒ අය දෝහෝත් මුදුන් තියලා සාධුකාර දේවි..!! හාමුදුරුවරු ගෙන්නලා බණක් ඕගනයිස් කරාම ඒ හාමුදුරුවෝ අර වගේ දෙයක් කිව්වම උඹට ආපු චින්තන දහරා ඉතා සාධාරණයි..!

    පන්සලකට ම යන්න ඕනේ නෑ අයියේ පිංකරන්න.., උඹලා දුමීලා දිලුම් වෙනුවෙන්ම කරන දේවල් ඇති..,

    ReplyDelete
  62. Ano - March 30, 2011 7:27 PM සහ මැදහත් සිතින් මේක කියවන්න පුලුවන් අයට

    හාමුදුරුවෝ මධුරි ඩික්සිත් ගේ ලස්සන බලන්ඩ කිව්වා වෙන්ඩ බෑ නොවැ. උන්නාන්සේ ඒ නම පාවිච්චි කරන්ඩ ඇත්තේ මොකක් හරි උදාහරණෙකට වෙන්ඩ ඕන. හාමුදුරුවෝ කියන්ඩ උත්සාහ කොරපු දේ තේරුම් නොගෙන පාවිච්චි කරපු වචන දිහා මතුපිටින් බලල තියෙන විදිහෙන් පේන්නෙ බණ අහන අයගෙ බුද්ධි මට්ටම තමයි. ජාතක කථාවලත් බණට කියන අනිත් කතාවලත් ස්ත්‍රී නාම විතරක් නෙවෙයි, නගර ශෝබිනියෝ ආදී වශයෙන් එක එක ආකාර පුද්ගලයො ගැන කියවෙන්න පුලුවන් නේ.

    බණක් කියනකොට එතන ඉන්න හැමෝටම හරියන විදියට කියන්නත් අමාරු වෙන්න පුලුවන් නේ. තමන්ට දැනගන්න ඕන දෙයක් තියේ නම් පොතක් පතක් කියවල දැනගන්නත් පුලුවන් (දැන් අන්තර්ජාලේ ඕන තරම් ඒකට ඉඩ කඩ තියෙනවා ). හාමුදුරුවෝ කියන්න කරන්න ඕන දේවල් නියම කරන්න කලින්, තමන් ඉගෙන ගන්න ටිකක් උත්සාහ කරන්නත් පුළුවන් නේ......

    නැතුව තමන් දන්න කියන ඩිංඟෙනුයි, රැඩිකල් මුග්ධයින්ගෙන් අහුලගත්ත කෑලිවලිනුයි පුහු තර්ක කරන්න යන එක නම් වැඩක් නැ කියලයි මට හිතෙන්නේ.

    ඩුබායිවල අසපුව පටන්ගත්ත දවස්වල කීප පාරක්ම එහේ ගියා මම. ඊට පස්සේ ආරාම පූජාව තිබ්බ දවස්වල ඇර යන්න උනේ නැති තරම්. අසපුවට නොයන "චෝදනාව" මටත් දවසක් එල්ලවුනු වෙලේ මට නම් හිතුනේ, එක එක බොරු හේතුවලින් හිත රවට්ටගෙන නොයා හිටපු මන් ගැනම කලකිරීමක්.

    ආමිස පූජාව සාමාන්‍ය මිනිස්සුන්ට නම් ආරම්භයක් විදියට හොඳ දේවල් කියලයි මට හිතෙන්නේ, මම ආමිස පූජාවට ඒ තරම් ලැදි නැති උනත්. දානයත් හොඳ ආරම්භයක්. ඒ දේවල් කරන එක ගැන තීරණය කරන්න ඕන තමන්මයි, හැබැයි ඒ දේවල් ගැන දැනුමක් ඇතුව. නැත්නම් කළ්‍යාණ මිත්‍රයෙක්ගේ උපදෙසක් අනුව.

    ලියන්න ගොඩක් දේවල් තිබුණත් ලොකු වෙලාවක් යොදවන්න ටිකක් අමාරුයි.

    හැමෝටම තෙරුවන් සරණයි....!!!

    ReplyDelete
  63. මචන් අසපුව කියන්නේ ඉන්ද්‍රජාලික ආගමක් දේශනා කරන තැනක්.. මතකනේ එකේ ලොකු ස්වාමින් වහන්සේ අර වැස්සත් නැවැත්තුවනේ.. ඒ ඉන්ද්‍රජාලික බන තේරෙන්නේ පෙර පින් කරපු ශ්‍රද්ධාවෙන් විස්වාසයෙන් අහන ඉඳල මෝඩ ප්‍රශ්න නගන්නේ නැතුව පිලි ගන්න අයට විතරයි.. උබල අපි වගේ ඔලුව කුරොලු වෙච්ච බටහිර විද්‍යාව ඉගන ගත්තු එවුන්ට ඕව තේරුම් ගන්න බෑ

    ReplyDelete
  64. දුකා කතාව සම්පූර්න ඇත්ත බන් හැබැයි ඇත්ත උනත් කිව යුතු නොකිය යුතු තැන් තියෙනවා...............

    ReplyDelete
  65. දුකා අටලෝදහමෙන් එකක් දෙකක් ගැන කම්පා වෙලා නොවැ.

    ReplyDelete
  66. "හරියට එහේ ගිහින් ඇවිත් වගේ – අනෙක් අතට අප බෞද්ධයෝ වූ පලියට අනෙක් ආගම් වලට ගරහන එක ඒවා හෙලා දකින එක කල යුතුද??"
    මිත්‍යාදෘශ්ඨිය දස අකුසල් වලින් එකක්.. කල්ප 91 ආපස්සට බලලත් මිත්‍යාදෘශ්ටිකයෙක් සුගතියක ඉපදිලා නෑ කියල දේශනා කරේ බුදුහාමුදුරුවො.. .. දුකා මත්මයෝ.. මිනිස් ලෝකේ කියන්නෙත් සුගතියක්.. දිව්‍යලෝකෙ පමනක් නොවේ!!

    ReplyDelete
  67. @Kathandara අපිනන් අහල තියෙන්නෙ අගති 4ක් ගැන.. ජන්ද,දේව්ශ, භය, මෝහ. ඔබතුමා කියන්නේ අමූලිකා ශ්‍රද්ධාව ගැන වෙන්ඩෝන. ශ්‍රද්ධාව කොටස් දෙකයි: අමූලිකා ශ්‍රද්ධා ආකාරවතී ශ්‍රද්ධා...

    ReplyDelete
  68. කාලෙකට පසෙ නියම කතාවක් ලියල තියෙන්නෙ දුකා .මරු

    මටත් පෙන්නන්නම බැරි වැඩේ ගොඩක් ප්‍රසිද්ද හාමුඩුරුවරුත් අනික් ආගම පහත් කරල මිනිස්සුන්ව පහත්කරල කතාකරන එක.ඒ වගේම බොහොම ආවේගකාරි දේසනා තමයි කරන්නේ . ඒව ඇහුවම අර කිව්වත් වගේ හිත සැනසෙනව නෙවෙයි තවත් අවුල් වෙනවා.

    ඔය සේරම කාරණා නිසා අපේ පවුලේ ආගමික වැඩ වලදි අපේ ගෙවල් වලට තරමක් ඈතින් තියෙන ආරණ්ය පන්සලකට යන්න අපි පුරුදුවෙලා ඉන්නවා.ඒ හාමුදුරු වරු සමාජෙ එක්ක වැඩි ගනුදෙනු නැතත් වචනයක් කතාකලත් පිරිත් ටිකක් කිව්වත් හිත නිවෙනවා.

    තමුන්ගේ මවු රටෙනුත් ගිහින් වැලි කාන්තාර වල දුක් විඳින මිනිස්සුන්ට මෙහෙම ආගම දර්මෙ අදහන්න කැමැත්තක් ඇතිවුනහම හාමුදුරුවරු මීට වඩා ඒ දේවල් වලට අනුබල දෙන්න ඕනෙ නේ .

    හාමුදුරුවන්ට දුන්න බන ෆීඩ් බැක් එකටනම් කටේ මසුරන් දාන්න ඕනෙ. අසපුවකුයි අන්ධ බක්තිය තියෙන දායකයො රොත්තකුයි හිටියට ආගම අදහන්න බැහැනේ .ඒක දුකා නියමෙට කියල තියෙනවා.ජය වේවා

    ReplyDelete
  69. //චතුරාර්‍ය සත්‍ය එනම්.....බව එතුමා පැහැදිලි ලෙස විස්තර කරාවි යැයි....//

    චතුරාර්‍ය සත්‍ය ඉස්කෝලෙ ටෙක්ස්ට් බුක් එකේ ඉතා පැහැදිලිව තියෙනවනෙ.

    ඉස්කෝලෙදි ඉගෙනගත්තට වඩා වැඩි දෙයක් ඒකෙ තියෙනවයි කියල හිතන එකම තමයි ඔතන තියෙන අර්බුදය! ඊට වඩා නැති දෙයක් කොහොමද තවත් පැහැදිලි කරල දෙන්නෙ. එතකොට ආදේශ වන්නේම වල්පල් බව තේරුම් ගැනීම එතරම්ම අපහසුද?

    හරි..ජනප්‍රිය බුද්ධාගම පස්සේ යන ප්‍රදර්ශනාත්මක බෞද්ධයන්ට ඒක තේරුම් ගන්න අපහසුයි කියමුකෝ. ප්‍රදර්ශනාත්මක බෞද්ධයන් නොවන ඔබ බලාපොරොත්තු වන්නේ මොනවාද? ඔබේ ෆැන්ටසිය මේන්ටේන් කරන බන [ගැඹුරු දහම(ආගමක් නොව දර්ශනයකි***! / අභිධර්මය ) වැනි] විය යුතුයි. බය වෙන්න එපා.. ඔබට කවදාවත් ඒ බන කාගෙන්වත් අහන්න ලැබෙන්නෙ නෑ (මයික්‍රො බයෝලොජි ගැන උපාධි තියෙන අයවත් එක කලේ නෑ) ඔබට කවදාවත් තේරුම් ගන්නටත් බෑ. (එය එතරම් ගැඹුරුයි?). මේ චක්‍රය සදා කැරකෙනු ඇත!!!

    ඔබ බෞද්ධාගම වෙනුවෙන් මරාගන්න නො එන, විවෘත මනසකින් යුතු බෞද්ධයෙක් ලෙස දුටු නිසයි මේ කොමෙන්ටුව.

    - හේතුඵලවාදියා

    *** "බුද්ධාගම ආගමක් නොවේ" යන්න "යාල්දේවී දුම්රිය දුම්රියක් නොවේ" යැයි කීම හා සමානයි!

    ReplyDelete
  70. ඔය කියන අසපුව ගැන හෝ ස්වාමීන් වහන්සේ ගැන මම නොදනිමි, එහෙත් මෙතැනදී මේ ලිපිය ලියා ඇත්තේ බෞද්ධයෙකු ලෙසනම් මම ඔබට එකඟ නොවෙමි, මන්ද බුදු හාමුදුරුවෝ කියපුවා ඇතත් කියා ටක්කෙටම නොදැන හාමුදුරු කෙනෙක් බනකට වඩම්මන්නේ සම්ප්‍රදාය නිසාද? නැත්තන් හාමුදුවෝ බන දන්නවද කියල චෙක් කරන්නද? බ්ලොග් පොස්ට් එකක් දාන්න මාතෘකාවක් නැති නිසාද? මේ වගේ බ්ලොග් එකක් ලිව්වම ගොඩක් හිට් එන බව දන්න නිසාද? අරමුන කුමක් වුවත් ඔබ ජයගෙන ඇත. ඔබ අවම වශයෙන් ඔළු ගෙඩි බෞද්ධයෙකු හෝ නොවේ නම් ඉහත කී කරනා නොසලකා හරින්න.

    ReplyDelete
  71. අග්ගඤ්ඤ සූත්‍රය අසා තිබුනු නිසා, http://goo.gl/EtLr9 මේ මහමෙවුනා සරල පරිවර්ථනය යි, බුද්ධ ජයන්ති පරිවර්ථනය සොයාගෙන කියවිය හැකිනම් වඩා හොඳයි.

    ReplyDelete
  72. මට තවම හිනා දුකා. මට මැවිලා පේනවා ඔයා බණ යන අතරේ වාඩිවෙලා ඉඳගෙන විඳපු දුක. බණ ගැන මම කිසි දෙයක් නොකියා ඉන්නම්. :)

    ReplyDelete
  73. බෞද්ධයෙක් නොවෙන එකත් සමහර වෙලාවට හොඳ බෞද්ධ කමක් නේද?

    ReplyDelete
  74. ඇයි මෙ දුකා අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කෑවෝ කෑවෝ කියල කෑගහන්නෙ කියල ටයිප් කලා. ඒක සබ්මිට් කරන්න කලින් බැලුව අනෙක් අය මොනවද කමෙන්ට් වල කියල තියෙන්නෙ කියල. දැනටමත් එක "ඇනෝ" කෙනෙක් මට කියන්න ඔනේ වුන එක කියල තියෙනව.

    ReplyDelete
  75. දුකා....ශ්‍රාවකයන් බලාපොරොත්තු වන දේ දෙන්න, හාමුදුරුවෝ කියන්නේ , රසිකයන් ඉල්ලන දේ දෙන සන්ෆ්ලවර් හරි ජිප්සීස් ලා හරි නෙමේ....ගොඩක් හමුදුරුවන්ට තමන්ගේ බණ අහන අය ගැන හරි අවබෝදයක් නැ..ඒක හමුදුරුවන්ගේ අඩුපාඩුවක්..ඒක පෙන්නලා දීපු එක හොදයි..ඒ වගේම සහරාව වගේ මුස්ලිම් ආගම තදින් මුල්බැසගත් තැනක, පනසලක් පවත්වාගේන යැමත් ටිකක් අමාරු ඇති, අඩුපාඩු කම් මැද උනත් පන්සලක් කරගෙන යැම ගැනත් පොඩ්ඩක් සදහන් කලා නම් මේ ලිපියේ වටිනාකම අඩු නොව වැඩි වන බව මගේ හැගීමයි..

    ReplyDelete
  76. දුකා, දැන් මෙතැන කමෙන්ට් කරපු බෞද්ධ මහත්වරු/නෝනාවරු ඔබට දීල තියෙන උපදෙස් වල සාරංශය ගත්තහම තේරෙනව ඇතිනෙ මොනවද කියන්නෙ කියල. දැනට පවතින බෞද්ධ සංස්ථාවට අත නොතබනු, විවේචනය නොකරනු කියල තමයි තරහින් මෙන්ම ආදරයෙන්ද කියල තියෙන්නෙ. ආගමික සංස්ථාවක් කියන්නෙ ප්‍රගතිශීලී ආයතනයක් නොවේ. ගතානුගතිකත්වය, අතීතකාමය ආරක්ශා කිරීම තමයි එකේ මූලික පදනම. ඒක වටෙ ඉන්න අය "ආරක්ෂා කිරීමේ" මානසිකවය මිසක් වෙනස් කිරීමේ මානසිකත්වයක නොවේ ඉන්නෙ. ඔබට "වෙනසක් කිරීමට" අවශ්‍යනම් මම දෙන උපදෙස තමයි ඔය සංස්ථාවෙන් ඉවත් වෙලා සාමාජය යහපත් ලෙස මානසිකව වෙනස් කිරීමේ, මිනිසුන්ට වෙනස් විදිහකට සිතන්නට පුරුදු කිරීමේ වැඩ වලට දායක වන්න කියල. එතකොට ආගමික සංස්ථා සිය පැවත්ම උදෙසා ඉබේම පරිණාමය වෙලා වෙනස් වෙනව. පහුගිය අවුරුදු දාස් ගනනක් තිස්සෙ ආගමික සංස්ථා වෙනස් උනේ ඇතුලතින් නොවේ, පිටතින් ආ අදහස් නිසයි.

    ආගම් කියන්නෙ නැනවතුන්ගේ බුද්ධිවර්ධනය සඳහා පවතින්නක් නොවේ, මෝඩයන්ගෙ විනය පවත්වාගන්න, දුබල මනස් ඇත්තන්ගෙ සිත් වලට පොඩි මුක්කුවක් ගහන්න තියෙන දෙයක්. (නැනවත්, මෝඩ, ශක්තිමත්, දුබල කියන්නෙ ඔක්කොම සාපේක්ෂ දේවල් තමයි. මම කතාකරන්නෙ මගේ දැනුමට සාපේක්ෂව ) ඔබට නූතන චින්තන රාමුවක ඉඳන් බෞද්ධ දර්ශනය ගැඹුරින් හදාරන්න ඔනේ නම් ඒකට ආගමික සංස්ථාව තුලට යන්නවත්, එකේ වැඩ වෙන විදිහ විවේචනය කරන්නවත් අවශ්‍ය නැහැ. ඇත්තටම ඔබේ අදහස් දිහා බැලුවහම පේනව ඔබට ආගමක් අවශ්‍ය නැහැ කියල. ඔබට අවශ්‍ය වෙලා තියෙන්න ජීවන දර්ශනයක්. දැන ඔබ ඉන්නෙ වැරදි ෂොප් එකේ. (you are in the wrong shop) නමුත් ආගම් අවශ්‍ය ඇති නැති හැමෝටම ආගම් වලින් බලපෑම් සිද්ධවෙනව. ඒ නිසා ආගම් සංස්ථා වෙනස් කිරීම අවශ්‍යයි. මම ඕකට තෝරගෙන තියෙන්න වෙනත් ක්‍රමයක්. පහත ලින්ක් එකේ තියෙන්නෙ මේ ගැන මගේ වැඩිදුර අදහස්.

    A few questions to fellow secularists

    දැන් සමහරු කියන්න පුලුවන්. ඔය රිටිගල ජයසේන කියල ඇවිල්ල මෙතැන ස්පෑම් කරන්නෙ බටහිර නූතනත්වයේ ඒජන්තයෙක්, ඩොලර් කාක්කෙක්, අරකෙක්, මේකෙක් කියල. ඔව්, පවතින යමක් යහපත් විදිහකට වෙනස් කරන්න අවශ්‍ය නම් ඔය වගේ කතා අහගන්න වෙනව. එහෙම කතා අහගන්න අකමැතිනම්, බොරුවට "මහා සංඝරත්නයට" බටර් ගාමින් තමයි ඔය යහපත් වෙනස් කිරීම් කරන්න උත්සාහ කරන්න වෙන්න. ඒ ක්‍රමයත් වැඩකරන්න ඉඩ තියෙනව. දුකා, ඔබ කැමති ඒ ක්‍රමයට නම් ඔය දැන් කරන විදිහටම කරල බලන්න.

    ReplyDelete
  77. පොඩි පරහකට තියෙන්නේ ඔබ ආගමක් අදහන කෙනෙකු නිර් ආගමීකරනයට පොලඹවන්න හදන එක සහ ඔහුත් අයිති වෙන ආගම් අදහන්නන්ට පහර ගැසීම. මගේ මතේ හැටියට තව කෙනෙක් ගේ ආගමික අවශ්යතාවයන් (හෝ අනවශ්යතාවයන්) අපි තීරණය කරන්න හදන එක හොඳ වැඩක් නෙවෙයි. විශේෂෙන් ඔය වගේ ආගම් අදයන්නන්ට මෝඩයින් කියා පහර ගැසීමෙන් වෙනේ නිර්-ආගමිකත්වයත් තවත් එක් ආගමක මට්ටමට වැටෙන එක.

    දූකා ගේ කමෙන්ට්ස් කියවද්දි පැහැදිලිවම පේනවා ඔහු බෞද්ධ දර්ශනය තුල ඉඳලයි බෞද්ධ සංස්ථාවේ වැරදි විවේචනය කරන්නේ. බුද්ධ ධර්මයේ පැවැත්මට ආමිස පූජාව අවශ්ය නිසයි ඔහු බණක් කියෙව්වේ කියලා ඔහු පැහැදිලිව කියනවා. බණ කියවීම ඔහු කරන්නම් වාලේ කරලා නෑ. ඔහුට ආගමික සංස්ථාව විවේචනය කරන්න තියෙන අයිතියට වගේම, ආගමක් ඇදහීමට තියෙන අයිතිය අපි ගැරහීමකින් තොරව පිලිගන්න ඕනේ. හාමුදුරුවරුන්ට බැන්නයි කියලා බෞද්ධයින් ඔහුව ගරහද්දී, ආගමක් අල්ලගේන් ඉන්නවා කියලා අපි ඔහුව ගරහන එක වෙනසක් නෑ..

    ReplyDelete
  78. මහසෙන් ගෙ අදහසට එකඟයි. කථනයේ වරද පිලිගන්නවා. අර "ආගම යනු මෝඩයන්ගෙ විනය තකා මිස නෑණවතුන්ගෙ දැනුම තකා තිබෙන්නනක් නොවේ" යන්න ඉල්ලා අස්කර ගන්නවා. ඒක කොහේදෝ තැනක මම කියෙව්ව නිසා හිතට ගිය "කියමනක්" මිසක් මගේ අදහසක් නොවේ.

    ReplyDelete
  79. ඔයාගෙ අදහස් වලට 100% එකඟයි. ඔය හේතු නිසා ඔස්ට්‍රේලියාවෙ අපි තායි පන්සල් වලට යනව. අජාන් බ්‍රහ්මවම්සො ( බ්‍රහම්) හාමුදුරුවො තමයි අපි අනුගමනය කරන්නෙ. යූ ටියුබ් එකේ බලන්න කැමති නම්...

    ReplyDelete
  80. මේ බලපන් දුකා අයියේ...නිවාඩු දවසට අපි වගේ අඩියක් ගහල ඉදපන් බං ඕනේ නැති වැඩ නොකර...ඔන්න දැන් ඉතිං අපි නැ..උඹ ආගම් ද්‍රෝහියා දේශ ද්‍රෝහියා උනොත්....ඔබ අසපු ගැන නම් කියලා වැඩක් නැ බං. අඩේ එපා වෙනවා ඒකේ කියන ඒවා ඇහුවාම මචං...මේ උඹේ ජොබ් එක ආයේ සෙට් ද?

    ReplyDelete
  81. මේ බලපන් දුකා අයියේ...නිවාඩු දවසට අපි වගේ අඩියක් ගහල ඉදපන් බං ඕනේ නැති වැඩ නොකර...ඔන්න දැන් ඉතිං අපි නැ..උඹ ආගම් ද්‍රෝහියා දේශ ද්‍රෝහියා උනොත්....ඔබ අසපු ගැන නම් කියලා වැඩක් නැ බං. අඩේ එපා වෙනවා ඒකේ කියන ඒවා ඇහුවාම මචං...මේ උඹේ ජොබ් එක ආයේ සෙට් ද?

    ReplyDelete
  82. දුකා මචන්, මෙහෙත් (මෙල්බර්න් ) වලත් අසපුවක් තියනවා .
    හැම මාසෙම වගේ මමත් යනවා. හාමුදුරුවරු බොහොම ප්‍රසන්නයි
    අලුතෙන් මහනවෙච්ච හින්ද පොඩ්ඩ පොඩ්ඩ වරද්ද වරද්ද හරි බන ටික උපදෙස් ටික දෙනවා.ලොකු බෞද්ධ ප්‍රබෝධයක් ඒ වටා පේන නිසා කියන්නේ. පේන විදියට ඩුබායි පන්සලේ ඉන්න
    ස්වාමින්වහන්සේගේ මිනිසුන් සමග deal කිරීමේ , කතා බහකිරීමේ නොදැනුවත්කම සමාජීය දැනුම මද බව හින්ද වෙච්ච අඩු ලුහුඬු කමක් වගේ. ඒකට මොන එහෙකට සංඝයාට බනිනවද ?
    කොතන සමග උනත් ඕනවට වැඩි සම්බන්ධකම් තියාගත්තොත් හිත අමනාප වෙන්න තියෙන ඉඩ වැඩියි.
    පන්සලට ගියා , බණක් ඇහුවා , පුජා කරන්න තියෙන දෙයක් පුජා කරා , පිට රට පන්සලක් නම් ස්ථානයේ පැවැත්මට
    මුදල් යම් ප්‍රමාණයක් දුන්නා ... තොලොංචි වෙලා අවා ... එච්චරයි... හැම දෙනාටම තිතට බණ කියන්න බැහැ. හැම දෙනාටම පොඉන්ට් ඒකට ධර්ම සාකච්චා කරන්න බැහැ... ඒ හින්ද ඒවා බලාපොරොත්තු වෙන්න එපා බන් ..

    ReplyDelete
  83. @කතන්දර,
    පෘතක්ජන කියන එකේ තෙරුම බුදු හාමුදුරුවො දේශනා කරල තියෙන්නෙ මෙහෙම,
    ඉධ භික්ඛවෙ, අස්සුතවා පුථුත්ජනා,අරියානං
    අදස්සාවි...අරිය ධම්මස්ස අකොවිදො...අරිය ධම්මෙ අවිනීතො..සප්පුරිසානං අදස්සාවි
    සප්පුරිස ධම්මස්ස අකොවිදො..'

    ඒ අනුව බලපුවහම හාමුදුරුවො පෘතක්ජනයි කියල කියන එක වැරදියි.

    @ දුකා,

    ඔය කියන ආයතනයෙ අඩු පාඩු තියෙනව. ඒත් ඒකෙන් ලොකු සේවයකුත් සිද්ද වෙනව. ඒකෙ ඉන්න එක ස්වාමින්වහන්සෙ කෙනෙකුගෙ වරදකට මුලු ආයතනයටම පහර ගහන එක වැරදියි කියලයි මගෙ අදහස. මමත් ඇතුලුව මෙහෙ ( එන්ගලන්තයෙ ) ඉන්න බොහො දෙනෙක් හරි ධර්මය මොකක්ද කියන එක මුලින්ම ඉගෙන ගත්තෙ එතනින්.

    ReplyDelete
  84. @දුකා,
    ( ඉහත කොමෙන්ටුව හා සම්බන්දයි )

    වෙලාවක් තියෙනවනම් මේ link එකට ගිහින් අහන්න...අමිල දේශනා ටිකක්....

    http://niwana.wordpress.com/

    ReplyDelete
  85. Mama lagadi dawasaka giya Polgahawela Asapuwata, Kurunegala gihin enagaman gedara ayath ekka giye, Saduda Dawasaka............... menna yakoooooo Pansale Board ekak dala thiyenawa " Pirisidu Kereema Sadaha Pansala Wasa Etha" Podi Hamuduruwaru godak Vahallu wage weda....................

    ReplyDelete
  86. Oyalata loku weradimak wela thiyenne. Oyalata welawak thiyanawanam thiththagalle anandasiri hamuduruwan wahansege maha sinhanadaya palaweni kotase idala piliwalata ahanna. YouTube eken .mama Oyalata kiyanne mage athdekimak. Sabbe saththa bawanthu sukithththa.

    ReplyDelete
  87. Oyalata loku weradimak wela thiyenne. Oyalata welawak thiyanawanam thiththagalle anandasiri hamuduruwan wahansege maha sinhanadaya palaweni kotase idala piliwalata ahanna. YouTube eken .mama Oyalata kiyanne mage athdekimak. Sabbe saththa bawanthu sukithththa.

    ReplyDelete
  88. This comment has been removed by the author.

    ReplyDelete
  89. මේ වගේ ගොන් පෝස්ට් දාන්න එපා ඒ අසපුවේ වැඩපිළිවෙළ ඉතා ප්‍රියජනකයි. අති විශාල පිරිසක් ඒ වටා ඒකරාශීවී දහම් මග යනවා. පව් කාරයින්ගේ ගල් වලට ඒවා සෙලවෙන්නේ නැත. බෝහෝ පිරිසේ ප්‍රඥාවද තොප වැනි අධමයින්ගේ තුච්ච සුළුතරයද ගෙන බලනවිට බහුතරයට ජය නිවන්මග පෙන්වා දුන්නේද උන්වහන්සේමය. ඒ අප සැබෑ බෞද්ධයන්වූයේද උන්වහන්සේ නිසාය. එක හාමුදුරුනමක් අල්ලන් පහර ගැසීමෙන් වළකින්න. මෝඩකමට බෙහෙත් නැත

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails