Monday, March 14, 2011

අද උඹට හැම දේම අතහැරලා යන්න වෙනවා පුතෝ !!


"අද උඹට හැම දේම අතහැරලා යන්න වෙනවා පුතෝ" කියලා ඔබේ ඉරණම ඔබට කිව්වොත් ඔබ කුමක් කරයිද??

"අනේ මට තව අවුරුද්දක් දෙන්න, මාසයක්, සතියක්, දවසක් . . . . "අවිවාදයෙන්ම කල් ඉල්ලා වැඳ වැටේවී නේද??

මොනවටද මේ කල් ඉල්ලන්නේ

හැබෑ කර ගන්න බැරි උනු හීන අටෝරාසියෙන් එකක් දෙකක් හරි හැබෑ කරගන්න උත්සාහයක් දරන්න

තමන්ට කියලා තියෙන දේපල (ඇඳුම් කඩමාල්ලක් හරි කමක් නෑ) තමන් කැමති කෙනෙකුට පවරලා එන්න

තමන්ගෙන් යැපෙන අය ඉන්නවනම් ඒ අය වෙනුවෙන් තමන්ගෙන් කෙරෙන්න ඕන දේවල් කරලා ඉන්න

තමන්ගේ තරහා කාරයට අන්තිම මොහොතේත් ගේමක් දීලා එන්න

මේ ඕන එකක් වෙන්න පුලුවන් නේද . .

ඕනෑම කෙනෙකුට මේ කියපු ඕනෑම දෙයක් හරි මීට සමාන දෙයක් හරි හිතිලා කල් ඉල්ලා ගන්නම හිතේවී නේද??

එහෙම නොවී "අහ් එහෙමත් එකක්ද?? අදම යන්න වෙනවද ?? හරි මම ලෑස්තියි එහෙනම්" කියලා කියන එකෙක් ඉන්න පුලුවන්ද??

ඔව් මම හිතන්නෙත් එහෙම කෙනෙක් ඉන්න බෑ කියලයි.

එහෙම එකෙක් ඉන්නවනම් ඒ කෙනා . .

මුලු ජීවිතේම එපා වෙලා කලකිරිලා ඉන්න කෙනෙක්,

ලෝකෙටම වෛර කරන කෙනෙක්,
වෙන්න ඕන නේද??

. . . . . . . . . . . . . . .

ජීවිතේ හෙන ම ආසාවෙන් බදාගෙන අල්ලන් ඉන්න,

සියලු සැප පහුසුකම් සහිතව තමන්ම සැලසුම් කලතට්ටු ගෙයක් බාගෙට හදාගෙන යන;

දරු පවුලේ සහෝදරියන්ගේ, මිතුරු මිතුරියන්ගේ ආදරය නො අඩුව ලබමින් ප්‍රීතිමත් ජීවිතයක් ගතකරන;

බ්‍රෑන්ඩඩ් ෂර්ට්, ටී ෂර්ට්, සන්ග්ලාස් වලට ලෝබ;

කෑමට බීමට ත් පෙරේත;
එකෙක් ට එහෙම "හදිසියේ යන්න වෙයිද දන්නේ නෑ" කියලා හිතුනොත් ඌ ඒ තීරණේ සතුටින් භාර ගනීවි කියලා හිතනවද??

එහෙම සතුටින් භාර ගන්න හිතනවනම් ඌ ට මානසික රෝගයක් වත්දැයි කියලා හිතෙනවද??

හැබෑවට එහෙම එකෙක් ඉඳීවිද අප්පා . . ??

. . . . . . . . . . . . . . .

ඉන්නවා ඉන්නවා මෙහේ ඉන්නවා.

මීට අවුරුදු 17කට කලින් ඉස්සරහා ගෙදර ගෑස් එක ලීක් වෙලා ගිනි ගන්න එක නිවන්න උදව් කරන්න ගිහින් පිච්චුනු එකයි පුංචිම කාලේ සෙල්ලම් කරද්දී බෝලයක් අහුලන්න කම්බි වැටකින් පනින්න ගිහින් බෙල්ලේ කම්බි වැට පැටලුනු එකයි තමයි මගේ ජීවිතේ මතක තියෙන ශාරීරික අකරතබ්බ.

ඔපරේෂන් එකෙක් කියලා දෙයක් මගේ ජීවිතේ ප්‍රථම වතාවට කලේ මේ ගිය නිවාඩුවේ නහයට කරපු ඔපරේෂන් එක තමයි. ඒකේ විස්තර කලින් පෝස්ට් එකේ තියෙනවා ඕන්.

වැඩිපුර ගොරවන අයට ඔපරේෂන් වලදී සිහි නැති කරන්න වෙනමම ක්‍රම තියෙනවා කියලා ඊ.සී.ජී එකක්, ෆුල් බ්ලඩ් කවුන්ට් එකක්, බ්ලඩ් ශුගර් රිපොර්ට් එකක් අරගෙන වෙන ඩොක්ටර් කෙනෙක්ට ඔපරේෂන් එකට කලින් පෙන්නන කිව්ව බව අම්මට කිව්ව වෙලාවේ ඉඳන් අම්ම කියන්නෙම ඔය ඔපරේෂන් එක කරන්න එපාමයි කියලමයි.

එහෙම වෙලා අහවලා, අහවලා, අහවලා සිහිය එන්නේ නැතුව මළා කිය කිය අම්ම මට කියන ගමන් අක්කවත් වත් හොඳටම බය කරලා.

නදීෂා නම් චන්ඩි කෙල්ල වගේ හිටියා.

නෑ නෑ හිටියා නෙමෙයි "ඉන්ජෙක්ෂන් එකක් ගහනවටත් බයේ මැරෙන්න හදන මෙයා ඔපරේෂන් නම් කරයි" කියලා හිතාගෙන තමයි මුලින් ඉන්න ඇත්තේ.

ඒත් පස්සේ මම බය නැතුව මූන දෙන්න හදනකොට අම්මගේ වචන වලින් බය වුනු බව නොපෙන්නා ඉන්න ඇති "මමත් බය වුනොත් මෙයා ඇත්තටම බය වෙයිද දන්නේ නෑ, ඒක නිසා මෙයාට ශක්තියක් වෙනන්ත් එක්ක බය නෑ වගේ ඉන්න ඕන" වගේ කියලා හිතලා.

කොහොම හරි නවලෝක රෝහලේ කාමරේ ඉඳන් ඔපරේෂන් තියටර් එකට යනකොටත් මම කල්පනා කර කර ගියේ අර කිව්ව වගේ එහෙම සිහිය නො එන වගේ දෙයක් වෙලා යන්නම යන්න වුනොත් කියලා . .

විස්වාස කරනවද . . මට මොහොතක් වත් යන්න බෑ තව කල් ඉල්ල ගන්න ඕන කියලා හිතුනේම නෑ නේ . . .

විරුල්ව නදීෂා බලා ගනීවී, අම්මටයි තාත්තටයි රත්මලානේ ගෙදරින් ලැබෙන කුලිය මදි නම් නංගිගෙන් ඉල්ලගනීවී කියලා හිතලා යන්න තියෙනවනම් ඔන්න ඔහේ යන එකනේ කියලා හිතලා මම හරිම සැහැල්ලුවෙන් තමයි හිටියේ.

තියටර් එක ඇතුලේ ට්‍රොලිය තල්ලු කරගෙන ගිය හෙදිය මගෙන් අහනවා "කලින් ඔපරේෂන් වලට මූන දීලා තියෙනවද" කියලා.

මම "නෑ මේ පලවෙනි පාර" කියපු ගමන් එයා කියනවා එයාගේ සහායකයාට "අයියේ මේ බලන්නකෝ පලවෙනි පාර වෙලත් බය නැතුව හිනා වෙලා ඉන්න හැටි" කියලා.

"ඇයි බය වෙලා ඉන්න ඕනද" කියලා ආයේ මම ඇහුවාම කියනවා

"නෑ බය වෙන්න කිසිම දෙයක් නෑ. ඒත් ගොඩක් අය පලවෙනි පාර ඉන්නේ පුදුම බයකින්. ඔයා හිනාවෙනා සැහැල්ලුවෙන් ඉන්නවා දැක්කම පුදුම හිතුනා" කියලා

නිකමට හරි හිතන්න පුලුවන්ද යන්න වෙනවනම් ඔන්න ඔහේ යන එකනේ කියලා එහෙම සැහැල්ලුවෙන් මම හිටියේ ඇයි කියලා.

කාලයක් තිස්සේ මම උපේක්ෂාව පුහුනු කරපු නිසා. අටලෝ දහමින් කම්පා නොවී ඉන්න උත්සාහ කරමින් සිටින නිසා. කිසිම කෙනෙකුට වෛර නොකරන නිසා, ක්‍රෝධ නොකරන නිසා (පොඩ්ඩක් හරි තරහින් ඉන්නේ එකම එක්කෙනෙක් එක්ක විතරයි - ඒ තමයි අපේ තාත්තා)

ලාභ , අලාභ, යස, අයස, නින්දා, ප්‍රසංසා, සැප, දුක.

මේ තමයි අටලෝ දහම මගේ දැනීමේ තරමට.

මේ අටලෝ දහමින් එකම එකක් නිසා තමයි මම මොහොතකට හරි සැලෙන්නේ. ඒ තමයි "නින්දා" අනෙක් ඒවා නම් කිසිම දේකින් නොසැලී ඉන්න තරම් සිත දැන් ශක්තිමත් කියලා මටම හිතෙනවා.

මම කියනවටවත් පොඩ්ඩක් දවසක්, සතියක්, මාසයක් උත්සාහ කරලා බලන්න මේ අටලෝ දහමින් කම්පා නොවී ඉන්න, අනෙක් අයට වෛර නොකර ඉන්න, ක්‍රෝධ නොකර ඉන්න.

බලන්න හිත කොයි තරම් නිදහස් වෙයිද කියලා.

ඕන වෙලාවක ආපහු යන්න තරම් හිත සැහැල්ලු නොවෙයිද කියලා . . !!

47 comments:

  1. ඔව් ඔය වැඩේ කරල බලන්න ඕනෙ .. හැ‍බැයි මෙහෙම ගොඩක් පාරක් හිතල ඇති ‍‍...ඒත් මොකක් හරි හේතුවක් නිසා හැමවෙලාවෙම අප්සෙට් යනවනෙ .. මේපාර වත් කරල බලන්න ඕනෙ

    ප.ලි.
    අපරාදෙ අප්පා අර හොදට තිබ්බ නහෙ .. අර ප්ලාස්ටරේ ගහන් හිනාවෙනකොට මාර ගති :P

    ReplyDelete
  2. matath okanam hithila thiyana
    karanna try karanawa but amarui nee
    lokuma prob 1ka mata tharaha yana 1kanee

    ReplyDelete
  3. දුකා හරි.... මටත් අවුරුදු දෙකක් වත් ඔනේ ඉතින්... එක පාරටම යන්නත් බෑනේ ....

    ReplyDelete
  4. බොහොම ප්‍රබල කතාවක්. ජීවිතයට ලොකු ආලෝකයක් එල්ල කරන ලිපි මේවා. පහුගිය කාලෙ මේ බ්ලොග් එකේ පල වුනු මෙවැනි බොහෝ ලිපි කියෙව්වා, ප්‍රතිචාර ලිව්වෙ නැති වුනත්. මේවා ලිවීම ගැන ඔබට ස්තුතියි.

    ReplyDelete
  5. දුකා අයියා.
    මම උත්සහාකරලා තියනවා අටලො දහමින් කම්පා නොවි ඉන්න. වැඩෙ ගොඩක් අමාරුයි.
    හයියෙන් අඬන කෙනා හයියෙන් හිනාවෙනවා මම දැකලා තියනවා..
    ඔයා හයියෙන් හිනාවෙන කෙනෙක් නෙ.

    කම්පා නොවි ඉන්න උත්සහා කරමු.. බොරුවට.. එත් කම්පාවෙමු කස්ටිය සෙට් වුණ වෙලාවක.. :D:D:D

    ReplyDelete
  6. කරලා බලන්න ඔනේ කිව්වත් වගේ...

    ReplyDelete
  7. මං නම් දෙකම දෙකක් කළා මචන් ෆුලි අනස්තයිස් ඔපරේෂන්. මුල් එක කලේ ලංකාවේ නොවේ. ඒ කාලේ මටම කියලා මේ අහස යට හිටියේ මං විතරයි [අම්ම හිටියට අම්මට තව පුතෙක් හිටියා]. මං ෆුල් ෆිට් එකේ කලේ අම්මලටත් නොකියා.

    වැඩේට කලින් ඩොකා කිව්වා "මේකෙන් තමුසේ මැරෙන්න පුළුවන්" [එහෙ බාසාවෙන්] කියලා. ඌ පල් හිනාවක් දාලා කිව්වා හැබැයි තමුසේ බස් එකේ නගින්න අර පාර ක්‍රොස් කරනකොට ඊට වඩා මැරෙන්න සම්භාවිතාවක් තියෙනවා කියලා. මං බය වුනේ මැරෙන්න නොවේ. සමහර උන්ගේ චලන හා ප්‍රකාශන හැකියාව පමණක් නිර්වින්දනය වී වේදනා දැනිම දිගටම සිදු වන බව ඇහුවම. කවුරුත් කලබල වෙන්න එපා කෝටි ගානකට එකෙක් ලබා උපන් තත්වයක්. මොකුත් උනේ නම් නැහැ මට.

    ඔයිට පස්සේ දවසක් ඇලජික් වීමක් නිසා මැරෙන්න ගිහින් මොලය අඩපන වෙන තරම් දුරක් ගියා. ඩොකා බයේ වෙවුල වෙවුල ගහපු ඉන්ජෙක්ෂන් එකකින් යන්තම් මෙලොව ආවේ. එදා නම් [ඒ කාලෙත් කාත් කවුරුත් නැති එකෙක්] මැරෙන්න හිත හදා ගෙන අම්මට බායි කියන්න හදන කොට තමයි පන ආවේ.

    දෙවෙනි ඔපරේෂන් එක කරන කොට මං බන්ධන ගණනක් හදා ගෙන. උඹ වගේම ඉන්ජෙක්ෂන් එකක්වත් ගහනවට බය මං අතට දාපු නිර්වින්දනේ අත දිගේ එනකොට අර කාටුන් වල වේයෝ කනවා වගේ අත නැතිවේගෙන යනකොට නම් පට්ට සිරාවට සැලුනා. වැඩි වෙලා ගියේ නැති නිසා හොඳයි.

    උඹේ හිසරදය දැන් නිට්ටාවට සුව ඇති යයි සිතමු. එයින් නිදහස් වීම නිසා වැඩිපුර ලියවෙයි කියා ද සිතමු.

    ReplyDelete
  8. උඹට එකෙක් අතෑරුනා බං...

    ReplyDelete
  9. මාරයා හමුවෙලා නෑ එහෙනම්! කොහොමටත් පොර තමන් ගේ පාඩුවේ ඉන්න කැමතියි කියලා කියල තිබුණනේ.

    ඔය ගොරොවන එක නැති කරගත්ත එකනං ලොකු දෙයක් වෙන්න ඕනෑ ගෙදර අයට!

    ReplyDelete
  10. මාත් දවසක් එලොව ලඟටම ගියා. දෙයියො-ගොයියොත් දැක්කා, ඒත්, පොඩි එකා මතක් වුණාම හිතුනා දැම්ම යන්න බෑ කියලා.

    මෙන්න ඒ පරණ කතාව
    http://kathandara.blogspot.com/2010/07/blog-post_28.html

    ReplyDelete
  11. වෙනස් ඒ උනාට කතාව ඇත්ත..!! මම එක අවස්ථාවක දී ඔය දේ කරලා බැලුවා.., වැඩේ හරි ගියා..!! එක පාරයි..! ඊට පස්සේ නෑ..!

    ReplyDelete
  12. වේලාව  ආවහම  අපි  කවුරුත්  යන්න  ඕන  මල්ලියෙ............ 

    ReplyDelete
  13. තියෙන නැහැදිච්ච කමට ට්‍රොලිය තල්ලු කරන නර්ස්වත් ටෝක් කරලා....

    ReplyDelete
  14. ම් ම්... වටින අදහසක්.
    ට්‍රයි කරල බලන්න ඕනෙ

    ReplyDelete
  15. දවසක බණ අහද්දි, එදා මතෘකාව මර්ණය අපේ ආරියවංශාලංකාර හාමුදුරුවො දේශනා කලා, ගෙදර පස් දෙනෙක් ඉන්නවනම් ඒ ගෙදර අනීවාර්යයෙන්ම කවදහරි මරණ පහක් වෙනව කියල.
    අනික තමයි, මමත් අප සියලු දෙනාත් මොනයම්ම මොහොතක හරි මැරෙන මිනිස්සු කියල හිතාගෙන ජීවත් වීම. එවිට පුලුවන් අපට අටලෝදහමින් කම්පා නොවි ජීවත් වෙන්න.

    අපට තීයෙන කරුමෙ තමයි ඒ ඒ අවස්ථාවෙදි මේ මොකක්වත් මතක් නොවීම.
    දවසක් මගේ යාලුවෙක්, මිනිහ ධර්මය දන්න හොඳ බෞධදය. එයාගෙ ලඟම ඥාතියෙකුගෙ අභාවයකදි ඊට සති දෙක තුනකට පස්සෙත් මිනිහ හොඳටම කම්පාවුනා. ඉතින් මම මිනිහට ඉහත කියපු කාරණා ටික කිව්ව. මිනිහ කියාපි "උඹ ඔය මොනව කිව්වත් ඒ සිද්ධියට මූණ දීපු එකයි දන්නෙ ඒකේ තියෙන වෙදනාව" කියල.

    ReplyDelete
  16. ජීවිතේ අනිත්‍යයි.
    හරියට බ්ලොග් එකක් හැක් කොරනවා වගෙ ආයිබොවං.
    කොයි වෙලාවෙද කියංට බෑ. (බයබෝයි)/(බය boy)

    ReplyDelete
  17. මාත් එක පාරක් කෙලවුනු කෙනෙක් ඒක නිසා ආයෙත් යන්න කතා කලොත් ඔක්කොම දාල යන්න රෙඩි.. අවුලකට තියෙන්නේ ආයෙත් ඉස්කෝලේ යන්න වෙන එක තමයි.. ;) දාල යන එක නම් අවුලක් නැ..

    ReplyDelete
  18. හිතන්නට දෙයක් ඇති හොද කතාවකි

    ReplyDelete
  19. එහෙව් සැහැල්ලු හිතක් තිබීම වගේ වාසනාවක් තවත් කොයින්ද

    ReplyDelete
  20. උඹ ඔය ඉන්නවා වගේ වැටෙන වැටෙන වෙලාවල් වලදි හිත කරදර කර නොගෙන ඉන්න තියෙනවානම් කොච්චර දෙයක්ද......! මම ඒ අතින් සෑහෙන්න දුර්වලයි......!

    ReplyDelete
  21. මමත් ඒ ලෝකෙට ගිහින් වීසා රිජෙක්ට වෙලා ආපු එකෙක්,,,දැන් නම් යන්න බයක් නම් නෑ අහලකවත්,,පුරුදුයි නේ,,අනේ අපිත් මැරෙනවා නේ කියලා 100% අත්දැකීමක් එක්ක ලැබුනම,,ආයේ යන්න බය නෑ

    ReplyDelete
  22. හොඳ ලිපියක් මචං. මං ඔපරේෂන් වලට නම් මූණ දීලා නෑ. ඒත් වාහනේක කන්දක් නගිද්දී.... ඒ වාහනේ පල්ලම පැත්තට ඇදිලා යද්දි බය වෙන්නේ නැතිව හිටපු සිද්ධියක් නම් මතකයි....

    දැන් නම් ඉස්සරට වඩා ගොඩාක් ජීවිතේ ගැන හිතනවා... ඒ මගේ දෙමවුපියෝ බලාගන්න උඹේ නංගීට වගේ මගේ අක්කට පුළුවං කමක් නැති නිසා...! දරුවො දෙන්න නම් කොහොම හරි දුකක් නොදී බලාගන්න මගේ බිරින්දෑට පුළුවං වෙයි....

    ReplyDelete
  23. ගිනියම් වුවද වත
    අත ගත් සුමුදු මුදු කැට
    රඳනු බැරි, පසක් කළ
    පලා යෑමට ගත
    මොළවා ගතිමි තද කොට
    රඳවා ගනු රිසින් තව
    මුසු කොට මිහිමතට
    පිටවී යනු නොහෙන ලෙද
    අත ඇති දෙයට වැඩි
    ගිළිහුණු දෙයකි තව
    මෙළවූ තරමටම
    නැතිවූ දෙයකි ළඟ

    ReplyDelete
  24. ඇත්ත කතාව ලොකු අය්යේ. මට මතකයි එක පාරක් සැමී පොවෙල් කියන අධ‍යක්ෂකවරයා කරපු වර්ක් ෂොප් එකකදී අපිට කිවුවා හිතන්න මේ දැන් ඔබ දැනගන්නවා ඔබට ජීවත් වෙන්න තියෙන්නේ තව පැය විසි හතරයි කියලා. මොකද කරන්නේ කියලා හිතලා රඟපාන්න කියලා. එතන හිටපු අපි හයදෙනාගෙන් පස් දෙනෙක්ම කිවුවා හරි දැන් අපි දන්නවනේ තව පැය විසි හතරයි කියලා, ඒ නිසා අපි ඉවර නොවුනු වැඩ ඉවර කරයි, චැරිටි වැඩ එහෙම කරයි, අවසන් කැමැත්ත ලියයි වගේ දේවල්. ඒත් සැමී කිවුවා නෑ කියලා. අපි ඇත්තටම ඒ අවස්ථාව අපේ ඇතුළට ගත්තා නම්, ඇත්තටම ෆීල් වුනානම් අපි මුලින්ම එලියට වෙලා එක්කෝ අඬයි කිවුවා, නැත්නම් පිස්සෙක් වගේ කල්පනා කර කර ඉඳියි කිවුවා. අඩු තරමේ අපි එතනින් කෙලින්ම අම්මා ගාවට හරි බිරිඳ ගාවට හරි ගියත් අපි අනික් හැමදේම කරන්න කලින් සෑහෙන වෙලාවක් අඬයි කියලා මනුස්සයා කිවුවේ. ඒ කථාව පට්ටම පට්ට ඇත්ත! මට මේ පෝස්ට් එක දැක්කහම ඒක මතක් වුනා...

    ReplyDelete
  25. හිපියා මලයා...
    ඇත්තටම එහෙම දැන ගන්න ලැබුනොත් ඒකත් ලොකු අවස්ථාවක් මිනිහෙකුට...
    මංනං දන්න වා මම කරන වැඩ ටික..
    නෙට් එකට කනෙක්ට් උනා..මැකුවා සියළු ඊමේල්..අනිත් අයගේ ලිපිනත් එක්කම..බ්ලොග් එකේ ලිපි ටික ඇර..අනිකුත් සියළුම දත්තයන් මකලා දානවා..
    අන්තිම පෝස්ට් එක ලියනවා..මාරයා ඉතිහාසයට එක්වෙයි කියලා..
    ඊ ළගට ඊමේල් එකට දානවා ලොවෙත් නැති පාස්වර්ඩ් එකක්..මටවත් ආපහු ලොග් වෙන්න බැරි විදියට.
    ඊ ළගට ලැප් එක ෆෝමැට් කලා...
    හරි ඔක්කෝම ඉවරයි..උයන්න මහන්සි වෙන්න ඔන නැහැ.
    අස්පස් කරන්න දෙයක් නැහැ..
    රෙදි හෝදන්න නැහැ..කොටින්ම වෙන කරන්න මුකත්ම නැහැ.
    දෙයියනේ කියලා නාලා කරලා ටිකක් වේල පහ නිදා ගන්නවා...

    ඔයිට වඩා වෙන මොන මගුලක්ද මලයා..?

    ReplyDelete
  26. @ මාරයියා

    ඒක හැබැයි, මටත් එහෙම මාරයාගෙන් වෝර්නින්ග් එකක් ආවොත් මොක වුනත් ලැප ෆෝමැට් කරලා ඉන්න ඕන. ;)

    ReplyDelete
  27. ඇත්තටම අපි බොහෝදෙනෙක් වැඩකටයුතු කරන්නේ මැරෙන්නේ නැති මිනිසුන් කියල හිතල. තමන් ගත කරන කෙටි ජීවිත කා‍ලයදී තමන් ගෙන් පසුව ලෝකයට බිහිවන අය ගැන සිතන්නේ නැතුව මිහිකත සතුව තිබෙන සීමිත සම්පත් ටිකත් උලා කන එක තමයි කරන්නේ. අපි කවුරුත් හිතට ගන්න ඕන අපි මහපොළොවේ භාරකාරයෝ මිසක් අයිතිකාරයන් නොවන වග...

    ReplyDelete
  28. @සහෝදරයා!
    මටත් මේ විදිහට හිත සැහැල්ලු වෙන් තියා ගනන් එක එක දවසින් කරන්න පුලුවන් වුනේ නෑ මල්ලී.
    කාලයක් උත්සාහ කරලා බලන්න ඕන.
    මෛත්‍රී කරන්න පුලුවන් ඒත් අමාරුම දේ තරහා නොගෙන ඉන්න එක.

    @මහිම!
    අහ් සහෝදරයට කියපු දේ තමයි ඔයාටත් කියන්න තියෙන්නේ.
    ලේසි නෑ . . ඒත් බැරි නෑ

    @නචී!
    හරි එහෙනම් අද හෙටම පටන් ගන්නකෝ වැඩේ

    @ආනන්දවර්ධන !
    බොහෝම ස්තූතියි අදහස් දක්වීම ගැන.

    ReplyDelete
  29. @රවා!
    මමත් හයියෙන් හිනාවෙන කෙනෙක් තමයි.
    හයියෙන් අඬන්න බැරි කමට හයියෙන් හිනාවුනු කාල තිබුනා තමයි.
    ඒත් දැන් හයියෙන් හිනාවෙන්නේ හිත සැහැල්ලු නිසා බන්.
    නොසැලෙනවා මත් නෙමෙයි . .
    සැලුනත් ඉක්මනට ආපහු ඉක්මනට හිත හදාගන්න පුලුවන් තරමකට දැන් ඇවිත් තියෙන්නේ

    @සුජීව!
    බන්ධන ගානක් හදාගෙන උන්නත් බන්ධන නිසා මුලු ජීවිතේම ඒ මත්තේ නහින තරම් බැඳෙන්නේ නැතුව නෙලුම් කොලේ උඩ නොරඳන දිය පොදක් වගේ වෙන්න පුලුවන් නම් කොයි තරම් දෙයක් වෙයිද මචන්. . .

    ඔපරේෂන් එකෙන් පස්සේ මේ සති තුනට තාම ඔලුවේ කැක්කුම හැදුනේ එකපාරයි එකත් අම්බානක මහන්සි වෙච්චි දවසක.

    ඔලුව කැක්කුම හැදෙනවනම් හැදෙන තරම් ප්‍රශ්න ගොඩක් මේ දවස්වල තියෙනව වුනත් එහෙම ප්‍රශ්න තියෙන එකෙක්ද මූ මේ කියලා කීන්ක්ට හිතෙන තරම් සැහැල්ලුවකින් මම තාම ඉනන්වා. ලියන එක නම් ඉස්සරහට කරන්න නිදහස ලැබේවී මචන් සිරාවටම . .
    @නිම්ශා!
    ඔව් ඔව් පරක්කු නොකර හොඳේ

    ReplyDelete
  30. @මාරයා!
    අනේ ඔව් බන් ඌව දකින්න හෙන කැමැත්තෙන් ඉන්නේ ඒත් කොහෙද

    @කකා!
    නෑ මචෝ ගොරවන එක නම් තාම අඩු නෑ. මේක අඩු කර ගත්තොත් අපේ උන්දැට නින්ද නොයයිද දන්නේ නෑ දැන්. හැබැයි කලින් තරම්ම නම් නෑලු. .
    ඔව් ඔව් මම ඒ ලිපි ඔක්කෝම කියෙව්වා බන් . . සමහර ඒවට කොමෙන්ට් කරන්න නම් බැරි වෙලා තියෙනවා. සමාවෙන්ඩෝන

    @ලිෂ්!
    එක පාරක් උත්සාහ කරලා බලලා හරි ගියේ මැරෙන එකද?? හික්ස්

    @රංජිත්!
    ඒකනම් ඇත්ත අයියේ.
    ඒ කිව්ව වගේ ඕන වෙලාවක යන්න හිත සැහැල්ලුවෙන් තියාගෙන ඉන්න ඕන කියලයි මම මේ කිව්වේ.

    @අභීත!
    යකෝ මනුපයෙක් පුරස්නයක් ඇහුවාම කට Xක වහගෙන ඉන්නද බන්??
    හැබයි ඉතිං අපි දන්න බිස්නස් පොරක් ඉනන්වා.
    ඌ නම් ඔපරේසන් එක වෙලාවෙත් ඩොක්ටර්ට ටෝක් කරලා ඩොක්ටර්ගේ දතක් ගලවන්න ට්‍රයි කරන ජාතියේ එකෙක් . . හික් හික් හික්

    ReplyDelete
  31. ඇත්තටම බං ඔය කියන්නේ අර සුද්දන්ට වැද්දන්ව පෙන්නන ගමන් වැද්දන්ට් සුද්දන්ව පෙන්නලත් ගාණ කපන මෑන් එහෙම නෙවේ නේද..

    ReplyDelete
  32. @තාරක!
    ඔව් ඔව් ට්‍රයි එකක් දීලා බලන්න.
    අනිවාර්යෙන් කරන්න පුලුවන් දෙයක්

    @සනත් !
    ඔව් ඒක ඇත්ත කෙනෙක්ට කියන්න පුලුවන් තමයි ඒකට මුහුන දුන්නු කෙනා තමයි දන්නේ කියලා.
    මමත් මුහුන දුන්නු නිසා තමයි කිව්වේ හිත සැහැල්ලු උනාම වැරදිලාවත් (බැරි වෙලාවත්) යන්න උනොත් යන්න අවුලක් නෑ කියලා.

    @විකී!
    උඹලට ඕනම නම් ඉතිං හැක් කොරපන් කියලා හිත හදාගෙන ඉන්න තමයි තියෙන්නේ නේද බන්

    @නවීන්!
    ඒක නියම කතාව බන්.
    යන්න නම් රෙඩි ඒත් ආයේ පාරක් ඉස්කෝලේ යන්න??
    ඔක්කෝටම හපන් උදේ පාන්දර ඇහැරෙන්න??හික්ස්

    ReplyDelete
  33. @මාරයා!
    අහ් හරියටම හරි මාරයෝ . .
    මෑන්ස් තමයි මිනිහා . . හික් හික් හික්

    ReplyDelete
  34. ආ..මම හිතුවා..ඌ ලේසි පොරක්යෑ..
    උපදින කොටම වින්නඹු අම්මගෙත් දත් ගලවගෙන ඕකා ඉපදිලා තියෙන්නේ...

    ReplyDelete
  35. @රංචාගොඩ ළමයා !
    එහෙම හිතේ නම් මටත් ලොකු සතුටකි

    @සිතුවිලි මන්ඩිය!
    ඒක නම් හැබෑ වාසනාවක් බන්.

    @දුමී !
    දුමී, ඒ කියන්නේ උඹ ජීවිතේ ගොඩක් කඩාවැටීම් වලට මූන දීලා නෑ. මම ඒ අතින් උබට වඩා ගොඩක් ඉස්සරහින්. ඒ කඩා වැටීම් හා ඒවායේ බර නිසාම වෙන්න ඇති අද දවසේ මේ ලෝකේ කඩා වැටුනත් වගේ වගක් නැතුව ඉන්න ඇහැක් වෙලා තියෙන්නේ.

    @ItalyDilan !
    බය නැති එකත් එක්ක මැරෙන කෙනෙක් කියලා හිතලා ජීවත් වෙන්න ඇහක් නම් ඒකම ලෝකෙට කරන ලොකු දෙයක් වෙනවා බන්

    ReplyDelete
  36. @චතුර!
    ඔක්කෝටම කලින් කියන්න ඕන උඹව එදා අහම්බෙන් බස් එකේදි අඳුනගෙන කතා කරන්න ලැබීම සතුටක්.
    ඔව් මචෝ ලේසි නෑ තමයි. ඒක නිසාම මම තීරනය කලා ඉක්මනටම මෙඩිකල් සහ ජීවිත රක්ශණයක් ගන්න ඕන කියලා.
    පුලුවන් ඉක්මනට අම්මයි තාත්තයි වෙනුවෙනුත් ස්ථීර ආදායම් මාර්ගයක් හදා දෙන්න ඕන කියලා.

    @Thilina Madhushankha!
    මිට මොලවා තව තවත් තදින්
    අල්වා ගනු වෙනුවට ජීවිතය
    නෙළුම් පතෙහි රැඳි දිය මෙන්
    නොඇලී සිටිය හැකි නම් . . . !!

    @හිපියා මළේ!
    මටත් හිතෙනවා ඒ කියපු දේ ඇත්ත වෙන්න ඇති කියලා.
    මොකද අපිට බැඳීම් අත්හරින්න වෙනවා කියන්නේ කරන්න අමාරුම කාරියක්
    අනේ මළේ ඒ වගේ කරපු ෆිල්ම් එකක් ගන හෝඩුවාවක් නැද්ද?/ සමහර විට අර අධ්‍යක්ෂක කරපු එකක්??

    @මාරයෝ!
    මොකෑ බන් කොම්පීතරේට ඔච්චර ලොකු ජිල්මාට් එකක් දාන්නේ මැරෙනවා කියලා දැන ගත්තාම??
    අර උදල්ලේ කතාව වගේ සීන් එකක් නෙමෙයි උඹේ කොම්පීතරේ තියෙන නසරානි දේවල් අනෙක් උන් දැකලා "අම්මට සිරි අපිට බන කියපු මාරයා මාර පොරක්නේ කියලා හිතයි කියලද" ඉතිං දැම්මම ඔය හිත හිරි වට්ටන ඒවා මකලා සැහැල්ලුවෙන් හිටපන්කෝ . . හි හි හී

    @දිනේශ් දීපාල්!
    ඒක නම් ඇත්ත දිනේශ්.
    වැඩේ කියන්නේ අද බොහෝ දෙනෙක්ට අපි මැරෙන මිනිස්සු කියලා හිතාගෙන ජීවත් වෙන්න කියන ගොඩක් අය ජීවත්වෙන්නේ නොමැරෙන මිනිස්සු විදිහට නිසා මිනිස්සුත් අතරමං වෙලා ඉන්නේ අවවාදය පිලිගන්නවාද ආදර්ෂය පිලිගන්නවාද කියලා . .

    ReplyDelete
  37. @මාරයෝ!
    අර වින්නඹු අම්මගේ මොකද්ද එක ගලවපු එකා තාම මේවා දැකලා නැද්ද කොහේද . .

    ReplyDelete
  38. නැහැ නැහැ තාම දැකලා නැහැ..දැක්කනං මෙලහකට මෙතන සොකරි නටනවා...

    කොම්පීතරේනං ඇති රෙද්දක් නැතිවා..ඒත් ඉතිං බර ගානකගේ උපන් දින..එතනින් ගියහම පවුල් පුරස්න ඔකේ තියෙනවා නෙව..මගේ පුරස්නනං එකක්වත් නැහැ..ඒත් මාත් ඔය උඹේ නම මුලට දාං ගන්නා රාළ කෙනෙක් වෙලානේ ඉන්නේ..ආන්න එවුවා මකලා දාලා..මගේ බ්ලොග් පඩංගුව හැකි තරමට සුරක්ෂිත කොරලා යන්ට විතරයි තියෙන්නේ..
    කොම්පීතරේ ඇති දත්ත තව කෙනෙකුට යන එක වැලැක්වීම ඒ තොරතුරු හිමි අයගේ ආරක්ෂාව සඳහා
    බ්ලොගේ ආරක්ෂා කොරන්නේ උඹලාගේ පුතණ්ඩියට එහෙම කාලෙකදී බලන්ට තාත්තා ආස්සරේ කරපු පිස්සෝ කවුද කියලා...

    ReplyDelete
  39. මාරයා
    ආ එහෙනම් කමක් නෑ . . මම ඒත් හිතුවා . . ??hiks

    මේ එක නෙමෙයි මාරයෝ මගේ වෙලාව බලලා එවපිය වෙලාවක

    ReplyDelete
  40. සිරාවටම දුකා අයියේ මමත් ඔය වගේ කියලා බයක් නැතිව කියන්න පුලුවන්.මට බයක් නෑ... මම අද වෙනකම් දැනුවත්ව වරදක් කරලා නෑ කාටවත්.මට සතුටුයි මගේ වගේ කෙනෙක් වෙච්චි එක ගැන දුකා අයියාත්.වෙලාවකට යාලුවෝ කියනවා මට පිස්සුද කියලා.

    මට තාම 23.ඒත් මට තේරෙනවා ඉන්න ඕනි කෝමද කියලා. ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රසංසා, සැප,දුක, සේරටම උපේක්ෂාවෙන් මුණ දෙන්න පුලූවන් හයියක් ඇවිත් තියනවා කොහෙන් හරි.

    දුකා අයියා මගේ අනිත් බ්ලොගිය පැත්තේත් එනවා.ඔයා මාව දන්නවා මම හිතන්නේ.

    ReplyDelete
  41. ඔබේ මේ පාඩම ගොඩාක් සාර්ථක වෙලා යාළු. පොස්ට් එක හා කොමන්ටු කියෙව්වාම එය තේරුම් යනවා.

    ජීවිතයත් කලර් ලයිට් නැති පරක් වගේ; හැම එකටම මුහුණ දීලා හෙමින්, වේගෙන් එන හැම වාහනයටම ඉඩදීලා පරිස්සමෙන් පාර පනින්න වෙනවා. ඒත් නොසැලකිල්ලෙන් එන වාහනයක් හැම පරිස්සම ම අරන් යන්න බැරි නැහැ.

    ජිවිතයට නොයෙක් කාලවකවානු එක්ක පැටවෙන වගකීම් වෙනස්. අද හිතෙන්න පුලුවන් ඒ වගකීම් නොවුනා නම් කියලා, ඒත් ඒ බැඳීම් නේද මේ ලෝකය ජීවත් කරවන ලෝක ස්වභාවය.

    ReplyDelete
  42. @ මාරයා,
    ඕනෙ වුනොත් කියන්න මල්ලි, මං අඳුරන දොස්තර කෙනෙක් ඉන්නව දොස්තර නිශ්කි නම. ඕනෙ වුනොත් අර විදියට ඔක්කොම වැඩ කටයුතු ඉවර කරල යන්න චාන්ස් ඒක අරන් දෙනව. මං හිතන විධියට කතන්දරත් පොරව දන්නව.

    ReplyDelete
  43. මාරෙගෙ කොමෙන්ට් එක කියවද්දි මතක් උනේ . . . මගෙ මිත්‍රයෙක් ඉන්නව නාරම්මල. ඌ මට කියල තියෙන්නෙ කවද හරි මට කලිං ඌ අකාලෙ මලොත් මිනිය ගේන්නත් කලිං ගෙදර ඇවිත් උගෙ මේසෙ කොනක තියල තියන පරන පර්ස් එකේ ඇතුලෙ සාක්කුවක දාල තියන 808 යතුරෙන් මේසෙ ලාච්චුව ඇරල ඒකෙ තියන පත්තර, සඟරා, CD, DVD ඔක්කොම පුච්චන්න හරි මොන ක්‍රමේකිං හරි ගෙදරිං පිට කරන්න කියල . . . . .

    ReplyDelete
  44. Come here from Malaysia

    http://najib-razak-quote.blogspot.com

    ReplyDelete
  45. අනේ මන්දා අයියා. මේක දෙපාරක්ම කියෙව්වා, ඒතමද නම් මගේ හිතට මොකක්වත් එන්නේ නෑ ලියන්න තරම්.

    ReplyDelete
  46. මම නම් ඕනම වෙලාවක යන්න බලගෙන ඉන්නේ අයියා......

    හිතේ දුකක් නෑ.. මගේනම් .. ඕනවෙලාවකයන්න ලෑහෑස්තියි...

    ඒත් ඒ වෙලාව අවහම මොනවා වෙයිද කියලා කියන්න අමරුයි...

    ReplyDelete
  47. මට නම් අව්ලක් නෑ. මේ තත්පරේ උනත් යන්න ලෑස්තියි.. ඒත් මම පිස්සෙක් වත් මුළු ලෝකෙටම වෛර කරන එකෙක් නම් නෙවෙයි...

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails