Thursday, February 24, 2011

බඩ ගැත්තරයාට සමාව බයබෝයි . ..!



අනින්ඩ හාන්දුනන්නේ අනින්ඩ
පිට පොත්තටම ඇලුනු බඩ පොත්තටම අනින්ඩ
රුපියල් හැත්තෑවේ හාල් ඔලින් බැරි නම්
රුපියල් පනහේ පොල් ගෙඩියෙන් හරි අනින්ඩ
කැවුත්ත කුඩු වෙන්ටම අනින්ඩ . . .!

දැයට කිරුලේ පාට පාට බලුප් වල එලියට
ගිනිකනවැටුනු දෑහින් තරු විසි වෙන්ටම අනින්ඩ
රත්තරන් මුදු දමාපු ඔය අතින්
වසී බොලේ හිර කොරන් ඉන්න ඔය අතින් 
බඩ පොත්තට කැවුත්තට ඉතරක් නම් මොකෑ
ඉහ මොල කුඩු පට්ටම් වෙන්ට ඇන්නත්
හැබෑ සනීපයි ආයොබෝං . .. !

කෝටි දාහක් වියදම් කොට හැදූ
කෝටි සීයක් වටින හැයිවේ එකේ
ප්‍රාඩෝ පැජරෝ ඔලින්
ලොකු ලොකු මහත්තැන් යන කොට
බඩ සා ගින්දරේ උන්නත්
අපි අප්පොඩි තලන්නං හාන්දුනන්නේ . .. !

පාන්ඩු පාට ගැහුනු අපේ බර ගොයියෝ
පරන ටෑර් එකක් තල්ලු කොලාන යන දිහා
සෝකෙන් දුකෙන් බලා හිටියත්
අනේ ආයිබෝං ඔබ තුමන්ලාගේ
රත්තරන්පාට බේබි මහත්තුරු
ඇස්ටිං මාටිං ඔලින් උජාරුවට යන හැඩ
තන්තෝසෙන් බලා ඉන්නම් හාන්දුනන්නේ . ...!

නිව් යොරොක් ඒරොප්පේ යනකොට ලබන සැරේත්
යාලුමිත්තරයෝ ඔක්කෝම ඇන්න යන්ට ආයිබෝං
නැව් නො එන වරායත් තව දෙපාරක් වත්
විවුර්ත කොරන්ඩ ආයොබෝං
අපිට පෙරහැරේ ඇවිත් හුරේ දාන්ඩ
වෙන මක්කැයි ඉතිං ....!

(අ)සාධාරනේට විරුද්ද වෙන උන් රොත්තම
දඟගෙයි දාන්ඩ හාන්දුනන්නේ
අනේ එහෙම බැරිනම්
අපේ රත්තරන් ඇමතිතුමාට කියා
උන්ගේ පස්සටම දෙවන්ඩ හාන්දුනන්නේ
අපි ඔය සෙල්ලම් ලෙල්ලම් දිහා බලන්
දේස පෙරේමෙන් උඩ පැන පැන
නටන්නම් හාන්දුනන්නේ . . ...!

හැබැයි ඉතිං ඔය මොනවා කොලත්
ටැලි විසොන් පෙට්ටියේ පෙන්නන
පබායි පබලුයි නැවැත්තුවොත් නම්
අන්න එදාට අපි බලාගන්නම් ආයිබෝං . ...!

මගේ ප්‍රියතම නවකතා රචිකාවියක වන "සේපාලි මායාදුන්නේ"ගේ අලුත්ම නව කතාව වූ "දණ්ඩ චක්‍රය" නවකතා පොත බලා උපන් සංවේගයෙන් හා ගෝනි කරේ තියන් පක්ෂයක් වෙනුවෙන් කඩේ යන "මහා ජනතාවක්" දැක උපන් කෝපයෙන් ලියවිනි.

54 comments:

  1. නියමයි අය්යා

    ReplyDelete
  2. කාලෙට ගැලපෙනව....හික්....

    ReplyDelete
  3. දෙයියනේ අපේ අසරණකම

    ReplyDelete
  4. සිරා කථාව දුකා අයියා...

    ටික කලකට ඉහත මම ලියපු එකක් මෙන්න http://sithuwillkaaruma.blogspot.com/2010/10/blog-post_19.html

    ReplyDelete
  5. දුකා, නියමයි. දුකාටත් ලංකාවට ආපු දවස් කීපයට ජීවන බර දැනිලා වගේ...!

    ReplyDelete
  6. දුකෝ. මං නං ඇත්තටම පොලිටික් හරි පොලිටික් රිලේටඩ් දේවල් හරි කතා කරන්නේ නෑ බං. ඒත් මෙව්වා දැක්කම ඉබේට කට ඇරුනා ආයුබෝවන්ඩ. මේ බලහං මයෙ කට තාමත් පැත්තක් ඇරිලා. උඹට ලංකාවට ආවම විසතරේ තක්කෙටම පොයින්ටැර් වෙලා වගේ නේ බං.

    අගේ ඇති අකුරු මල්ල...
    ජය වේවා...

    ReplyDelete
  7. පට්ට වදන් ටික අයියේ .... මෙක තමයි ඈත්ත තිත්ත ඈත්ත..

    "ඈත්තෝ කති බොති සුකති
    නෑත්තෝ සූත්ත පිටක පෙරලා බලති"

    ReplyDelete
  8. බොහොම අපූරුවට වචන වලට පෙරලුන යථාර්තය ...

    Rupika A.

    ReplyDelete
  9. මරු බං... මරු !!!

    ReplyDelete
  10. දුකා,උඹේ මේ අගනා ලේඛනායුධය පාපතර දෙස්පලුවන්ගේ ගෙල සිඳලනු පිණිස ෆේස් බුක්හි නැවත පළකිරීමට තරහ අවසර....!

    ReplyDelete
  11. හික්.. ලස්සනට ලියල තියෙනවා... මහරජාට බ්ලොග් කියවන පුරුද්ද ඇතිකලා නම් හරි... සින්ඩියේ URL එක තැපෑලෙන් හරි යවල මේක බලන්න කියන්න වටිනවා

    ReplyDelete
  12. හරි මට කියාදීහං දැන් මොකක්ද වෙන්න ඕන කියලා.
    බයිලා ගහන එක සුළු දෙයක්.
    විසදුමක් කියාපිය බලන්න.
    නිකං ජෙප්පෝ වගේ නොවී

    ReplyDelete
  13. හිනහත් යයි. අඩන්ඩත් හිතෙයි (වචන දෙකකින් කියනවා නන් 'පිස්සු හැදෙයි')

    ReplyDelete
  14. "මහා ජනතාවක්" :D කොහෙද දුකෝ ඒ කට්ටිය මෙහෙදි දැක්කේ??

    ReplyDelete
  15. මම මොනවත් කියන්න යන්නේ නෑ ..

    මට අපේ ගමට 50Km එහා ගමක් මතක් වෙනවා . හැමදාමත් ඔහොම තමයි වෙනසක් නෑ කොළඹට කිරි ..ගමට හුලං !

    ජය වේවා දුකා අයියා !!

    ReplyDelete
  16. කියන්නේ මොනවද කියල හිතාගන්න බෑ.
    දුකා අයියට දැනෙන දේ හැමෝටම දැනෙන්න ලියල තියන අපූරුව...
    ඇස් වලින් බලන්න කියන්නේ මේකට නේද?

    ReplyDelete
  17. සරම ගලවන් කඩේ යනව. බොරු ගෝනි ගන්න් විදිනව. දුකෝ ඔය ඉරිසියාව නැති කර ගනිං. රටේ ඇවිදල බලපං මේක හැදිල නැද්ද කියල.

    ReplyDelete
  18. "(අ)සාධාරනේට විරුද්ද වෙන උන් රොත්තම
    දඟගෙයි දාන්ඩ හාන්දුනන්නේ"

    පැන පැන කල වැද්දට දීපං. එළ! එළ!

    ReplyDelete
  19. කියන්න දෙයක් ඇත්තෙම නෑ.පංකාදු පහයි මචං.

    ReplyDelete
  20. මුඛ වාඩම් ගලවන්න මේ අකිකරු අකුරු ඇති..................

    ReplyDelete
  21. උපරිමයි..වන්නියත් කිව්ව දුකා ලංකාවෙ කියල..යන්න කලින් තව ලියන්ට ආයිබෝං

    ReplyDelete
  22. පක්ෂ පාට පසෙක ලා බැලූ කල සුපිරි පියැවිල්ලක් දුකා අයියා...

    ReplyDelete
  23. හුඟ කාලෙකින් කියෙව්වේ මේ වගේ හිනාවෙන්නද අඬන්නද කියලා හිතාගන්න බැරි ලිපියක්. ලියලා තියන විදිහ නම් හරිම අපූරුයි. සමාජ යථාර්තය වෙනුවෙන් අපියි කියලා වෙන මක් කරන්නද? සුපිරි ලිපියට බොහොම පිං මචං....

    ReplyDelete
  24. දුකා අය්යේ : උඹට සති 3 ට හිතෙන්නෙ මෙහෙම නම් අපිට මොනව නොහිතෙනවද?

    ReplyDelete
  25. අසාදාරනේට කෑකොස්සං ගහන එක හරි, ඒකෙ කිසිම වරදක් නෑ. ඒත් කෑ කොස්සං ගැහීමෙන් විතරක් තේරුමක් නෑ දුකා, එහෙම උනොත් කාලකණ්නි සීනුවෙයි ඔයයි අතරෙ කිසිම වෙනසක් නැති වෙනව. කෑ ගහල උන්ට රිද්දෙව්වයි කියමු, ඒක උන්ට තේරුනයි කියමු. ඊට පස්සෙ උන් සහ අපි මොකක්ද කරන්න ඕන, ඊට පස්සෙ එන එකාත් කාලයක් ගොහින් මෙහෙම කරනකොට ආයෙමත් කෑගහමුද? එහෙමත් නැත්නම් මේ ක්‍රමය පරාදකරපු ලෝකෙ කොහේ හරි රටක්, වර්ථමානයෙන් බැරිනම් අතීතයෙන්, එහෙමත් නැතිනම් අනාගතයෙන් වත් උදාහරනයක් අරන් පෙන්නමුද?

    කාලෙකට ඉස්සර නන්දා මාලනීත් ඔහොම කෑකොස්සන් ගැහුව මතක ඇති හැමෝටම. ඒත් දැං උන්දැත් සිරසත් එක්ක ෂ්වේත රාත්‍රියෙ දපනව. නන්දගෙ සින්දු වලින් චූන් වෙලා කෙලව ගත්තු කොල්ලන්ගෙ, කෙල්ලන්ගෙ අම්මල තාත්තල ඒව දිහා බලං ඉන්නව.

    බලය උදෙසා, බලයම උත්කෘෂ්ඨය කරගනිපු ලෝකෙක, ඔබාම, පුටීන්, ඊය පෙරේදා එලවපු මුබාරක්, හෙට අනිද්ද එලවන්න බලං ඉන්න ගඩා‍ෆි, නාකි ක්‍රැස්තෝ,රාජපක්ෂ, රනිල්, සෝමෙ එක ගහේ පොල් වලු. සමහර ඒව වේලිච්ච, සමහර ඒව කලටි, අතරින් පතර ගොබළු. ඔය කොයි එකත් හනස්සෙන් ගහට ඈඳිලා.

    අමතක කරන්න එපා, මටත් පොල් ගෙඩිය පනස් අටයි, හාල් කිලෝව හැටයි, කැරට් දෙසීයපනහ පනහයි, රතු ළූණු කෑවෙ නෑ මාස දෙකකින් විතර. ඒත් මට නිල් බාල්දිය පෙල්ලගත්තු නරියෙක් වෙන්න බෑ මචන්.

    ReplyDelete
  26. සත්‍යය වායුව වගේ හැම තැනම තිබුනත් එක දැනෙන මිනිස්සුන්ටවත් පෙනෙන්නේ නෑ.. දැනගතයුතු ජනයා බ්ලොග් නොකියවතත් ලිවීමෙන් අඩු ගන්නේ ලියන අපේ කොපයවත් පිටවෙනවා මලේ ..

    ReplyDelete
  27. පෑන පාවිච්චි කොරන ඇත්තෝ, තුවක්කු පාවිච්චි කොරන්න දන්නේ නෑ ආයි..බෝන්
    මහා රැලි ඇතිවෙන්න පුංචි ගල් කැට විසිකොරන්නේ නම් උන් තමයි... ඔං...

    ReplyDelete
  28. @ නොම්මරේ

    ඇත්ත, පුංචි ගල්කැට ‍රැළි ඇතිකරනව තමයි, ඒත් ඒ ‍රැල්ලෙන් වෙන්නෙ ගොඩක් වෙලාවට වතුරෙ පාවෙන බෝට්‍ටු අනිත්පැත්ත පෙරලල දාන එක. ‍රැල්ල විසින් පෙරළපු බෝට්‍ටුවත් ගිලගෙන මහා වැව ආපහු සන්සුන් වෙනව. ඒ තව කවුරු හරි ගල් කැටයක් ගහනකන් විතරයි.

    ReplyDelete
  29. අන්තිම හරියෙ කොමෙන්ට් දෙකක් දාපු ඇනෝට,

    ඔබ ලියපු දේවල් වල ඇත්තක් තියෙනව. දුකා හිතේ අමාරුවට කවි ලියල. ඉතින් ඇනෝගේ විකල්පය හරි විසඳුම හරි මොකද්ද කියල කිව්වොත්......

    ReplyDelete
  30. මං පරක්කු උනා...
    මටත් තියෙන්නේ ගැටළුව මෙච්චරයි.
    හැම කෙනාම දන්නවා තත්වේ ගැන..ඒත් විසඳුමක් එක්ක ගහනවා මසක්..නිකංම ගැහැවුවට මේක හොලවන්න බැහැ..මාත් බලං ඉන්නවා කවුද විසදුමක් දෙන්නේ කියලා...විකල්ප තියෙනවා උනාට ඒ විසඳුම්නං නෙවෙයි දුකා.
    අද මේ තත්වේ යටතේ කල යුතු..ප්‍රායෝගික තලයේ ඉඳලා කරන්නට හැකි විසඳුමක් ගැන හෝඩුවාවක්වත් තියෙනවද..?

    හැම එකාම තමන්ගේ කුට්ටිය විතරක් ලැබෙනකල් කෑගහනවා.
    ඊට පස්සේ කටයි පුකයි වහගෙන නිකා ඉන්නවා.
    හැම එකාම අනිත් එවුන්ව හදන්න කතා කරනවා..ඒත් ඒ කතා කරන එකා හැදෙන්න හිතන්නෙවත් නැහැ.

    අද උඹ කියයි මෙහෙම...ඕකට අවඩන්න ලේසියෙන්ම පුළුවන්..සමහරු ඇත්තටම පීඩනය හින්දා..තවත් සමහරු උන්ගේ අරමුණට එකග හින්දා..ඒ කිව්වේ වාසියට..
    තවත් සමහරු උඹත් එක්ක තියෙන හිතවත් කමට..
    මටත් හිතුනා සද්ද නැතිව හිටියනං හොඳයි කියලා..ඒත් මං දන්නවා එහෙම කොලොත් මට මගේ හිත කියනවා..

    "මොනවද බූරුවෝ..තොටත් කොන්දක් නැද්ද හිතෙන දේ කියන්න..කියහං අනිත් උන් තොට පට්ට පළු යන්න බැන්නත් කියහං..මොකද තෝ උංගෙන් කාලා ඇදලා ඉන්නවද..?"

    ඒ ටික මට අහගෙන හිතත් එක්ක ජීවත් වෙන්න අමාරුයි.ඒ හින්දා ඔන්න මාත් මට හිතෙන ටික කිව්වා.

    සමා වෙයං මට මේකට හුරේ දාන්න බැරි වෙච්ච එකට...
    අර උඩ කව්ද කිව්වා වගේ මාත් හැටට හාල් පණහට පොල් කන එකෙක් තමා..රතුළුණුත් එහෙමම තමා.
    ආණ්ඩුව අරක්කු ලාබ කරන කොට මං බීම නැවැත්තුවා..ඒ හින්දා ඒ ලාබ කිරිල්ලනං මට දැනුනේ නැහැ.

    ReplyDelete
  31. @ ඔබ්සර්වර්: දුකාට ඇත්තේ ජ.වි.පෙ.ට වගේ රාජපක්ෂ විරෝධයක්. උන්දෑ හොඳ දෙයක් කළත් මුගේ කට ඇරෙන්නේ නෑ ඒක හොඳයි කියන්න. ඒ වගෙම මුදට පොන්සේක රත්තරන්. රට චාටර් කරපු ඒ උන්දෑ හිරේ ඉන්න එක ගැන මූට තියෙන්නේ පුදුම අමාරුවක්.

    හාල් හැට තමයි, රතු ලූණු නෑ තමයි. ඒවා ලෝකෙ පුරාම නැත්තං හඳෙන් ගේන්නද? මම නම් හල් හැටැයි, පොල් පණහයි කිය කිය අඬ අන්නඩ ඉන්නේ නෑ. ගහන සිගරට් එක, අඩිය නවත්තලා දානවා. තව ටිකක් මහන්සි වෙනවා. ආණ්ඩුවකට රටේ යතිතල පහසුකම් දෙන්න පුළුවන්. හම්බ කර ගන්න එක තමන්ගෙ වැඩක්. සහනාධාරෙ කටට වැටෙනකම් බලා ඉන්න අමනයො තමයි තමන්ගෙ කුහක ඉරිසියාව මේ විදියට පිට කරන්නෙ.

    ReplyDelete
  32. If there are any one man think like you I don't think so

    ReplyDelete
  33. @ ඔය අන්තිඅට කොමෙන්ට් කරපු රාජ -පක්ෂ ඇණ මවුස්ට

    මේ ඔයා වෙන මොකක් හරි නමක් දාගෙනම කියන බයිල එකක් කියනවද? අපිට ඔයාව අර ඊට කලින් තේරුමක් තියෙන යමක් කියන්න හදන ඇනෝනිමස් එක්ක පැටලෙනව

    ReplyDelete
  34. හුටා, ඒ ටිකට තව මවුසෙක් රිංගල.

    මං කිව්වෙ, අන්තිම මවුස්ට උඩින් ඉන්න මවුස්ට. සිංහලෙන් ලියපු එක්කෙනාට

    ReplyDelete
  35. කලබල වෙන්න, දුක් වෙන්න් එපා ආයුබෝවන්ඩ, මේක ආසියාවේ ආශ්චර්යය! මේ ලිපියේ සිරස්තලය වෙනස් උනා නං . . . මම කැමති.

    ReplyDelete
  36. ඔය එක උත්සවයකට වියදම් කරන සල්ලි වලින් ඉස්කෝල සිය ගානකට සුපිරි පහසුකම් සහිත පරිඝනක විද්‍යාගාර හදලා දෙන්න පුළුවන්. ඒත් එකක් කැඩුනොත් හදා ගන්න පුරවන්න ඕනි කොළ ගාන......! දුකා අයියා ගෙ සති 3 ඉවර වුණාම තව කොයි තරම් දේවල් හිතෙන්න ඇද්ද!

    ReplyDelete
  37. දුකා, දැං තමන්ගෙ මතය වෙනුවෙන් අදහස් දක්වන්න, ඒක සාධාරණීයකරනය කරන්න කල් හරි. එහෙම නැත්නම් ඔයාගේ මේ උත්සාහය පුස්සක් වෙන්න වැඩි කලක් යන එකක් නෑ. එහෙම උනොත් ඔයත් නිකං ජෙප්පො වගේ පිදුරු ගොඩට ගිණි තියල ඒකෙ රස්නෙන් හීතල මකා ගන්නව වගේ වෙනව. එහෙම උනොත් ආයෙමත් ඔයාට ගින්නක් තියන දෙයක් හොයාගන්න වෙයි.

    මට හිතෙන විදියට මේ දුකාගෙ දුක නෙමෙයි ලියල තියෙන්නෙ, කාගෙන් හරි කුලියට ගත්තු දුකක්. හෙලන්නෙ කිඹුල් කඳුළු [කිඹුල කට අරිනකොට නිකන්ම උගෙ ඇස් තෙමෙනව. ඒක දුකට කියල තේරුම් අරගෙන අනේ කිඹුල පව් කියල ඔළුව අතගන ගියොත් බඩුම තමයි] හරියට අපේ සමහර විකල්පයැයි කියාගන්නා මාධ්‍යවේදීන් වගේ. ලංකාවෙන් පිට ඉන්න දුකාට මෙච්චර කැක්කුමක් අවංකවම එන්නෙ කොහොමද කියල මට තේරෙන්නෙ නෑ. ඇවිල්ල සති තුනකට වැඩි නෑ නේද?

    පොරක් වෙන්න විරෝධාකල්පී වෙන්න ඕන කියන එක බොහෝම පරණ සිතුවිල්ලක්. ඒක පුස් කාල ගොඩක් කල්. ඒක නිසා මට හිතෙන විදියටනං දුකා ඇත්තටම කරන්න තිබුනෙ කුලී හැඟීම් එලිය දාන එකත් එක්ක තව මේ හීන හැබෑ කරගන්නෙ කොහොමද කියලත් කිව්වනම් බොහෝම අගේ ඇති කතාවක් වෙන්න තිබුන, සාකඡාවක් වෙන්න තිබුන.

    එලියට එන්න දුකා, අපි කතාකරමු මෙතන ඉඳන් !

    [මම තමයි ඔය මුලින්ම ඇනෝ කමෙන්ට් එක දැම්මෙ]

    ReplyDelete
  38. සමා වෙන්න පොඩි වැරදීමක්. පලවෙනි නෙමෙයි අර February 25, 2011 11:13 AM කමෙන්ට් දාපු ඇනෝ [පටලවාගන්න එපා. මොකද පලවෙනි ඇනෝගෙ දැක්ම මගේ දැක්මට වඩා ගොඩක් වෙනස්]

    ReplyDelete
  39. සුජීව,

    මන් දන්නවා මේ February 25, 2011 11:13 AM කමෙන්ට් දාපු ඇනෝ අස්සේ හැන්ගිලා ඉන්න ඔබ කියලා,දුකා ලියලා තියෙන්නේ ඔහුට දැනුන දේ.ඔබ කොහොමද කියන්නේ ඒ හැඟීම් වංකයි කියලා?

    කෝටි 3ක් තමන්ගේ දුවගේ මඟුලට වියදම් කරපු ඇමතිලා,
    ජගුවර් වලින් යන ඇමතිලාගේ පුත්තු

    හොඳයි, ඔබම කියන්න,ඔවුන් මේ වියදම් කරන්නේ ඔවුන්ගේ අම්ම අප්පගේ බූදලයද?එසේත් නැතිනම් මහ ජනතාවගේ මුදල්ද?

    එවැනි වන්චාවට සහ දූෂණයට විරුද්ධ වීම කිබුල් කදුළු වෙන්නේ කොහොමද?

    එලියට එන්න සුජීව,අපි කතාකරමු මෙතන ඉඳන් !

    ReplyDelete
  40. @Anony
    [එහෙම උනොත් ඔයත් නිකං ජෙප්පො වගේ පිදුරු ගොඩට ගිණි තියල ඒකෙ රස්නෙන් හීතල මකා ගන්නව වගේ වෙනව]

    උබලා වගේ මට්ටයන්ට වෑඩිය ජෙප්පො සියදහස්වාරයක් හොදයි.
    උබල තමයි ජනතාවගෙ ප්‍රශ්න දෑන්නෑති ස0වෙදීතාවයක් නෑති ඔටුවො.
    උබලගෙ ආස්චර්යෙ රෙදි ගෑලවෙනකොට මිනිස්සු ඵව ගෑන ප්‍රශ්න කරනකොට ජෙප්පන්ට බෑනල ගොඩ යන්න පුලුවන් කියලද හිතුවෙ?????

    ReplyDelete
  41. @anony
    [හාල් හැට තමයි, රතු ලූණු නෑ තමයි. ඒවා ලෝකෙ පුරාම නැත්තං හඳෙන් ගේන්නද? මම නම් හල් හැටැයි, පොල් පණහයි කිය කිය අඬ අන්නඩ ඉන්නේ නෑ. ගහන සිගරට් එක, අඩිය නවත්තලා දානවා. තව ටිකක් මහන්සි
    වෙනවා.]
    අපිනඔ ඔව නවත්තල ගොඩක් කල්.දෑන් නවත්තන්න තියෙන්නෙ දවසටම කන ඵකම ඵක වේල විතරයි.

    ඔයා කඩේ යන්නෙ රෙදි ඈදන්ද ඈනෝ?

    ReplyDelete
  42. මට මේ දවස් වල අන්තර්ජාල පහසුකම නෑ.
    මේකත් බැලුවේ කැෆේ එකකින්.
    ඒකෙත් යුනිකෝඩ් නෑ.
    තව සති දෙකක් ගියාම මම ලියපු දේ ගැන ආපු කොමෙන්ට් වලට මට හිතෙන විදිහට පිලිතුරු දෙන්නම්.

    දැනට කියන්න තියෙන්නේ මිනිස්සු පක්ෂ වලට බෙදිලා තම තමන්ගේ පක්ශේ කරන ඕනෑම ජරා වැඩක් සාධාරණීය කරන එක නතර කරන්න කාලේ දැන් උදා වෙලා කියන එක.

    තමන්ගේ පක්ෂේ උනත් කරන කියන දේවල් වල විනිවිදභාවය ගැන ප්‍රශ්න කරන තැන දැන් උගත් මහ ජනතාව ඉන්න ඕන බවයි මගේ හැඟීම.

    ලොකුම දේ පක්ෂ බදාගෙන තමන්ගේ බඩ ගැන විතරක් හිතන දේශපාලනෙන් මිදිලා පාවෙන චන්ද ගොඩට එන්න ඕන බවයි.

    ඇවිත් සියලුම සංවර්ධනයැයි කියලා කරන දේවල් වල විනිවිදභාවය ප්‍රශ්න කල යුතු බවයි.

    පිට රටක රැකියාව කලත් මගේ හිත තියෙන්නේ ලංකාවේ. අම්ම තාත්තා සහෝදරියෝ ජීවත් වෙන්නේ ලංකාවේ. මගේ හදමින් පවතින ගෙදර තියෙන්නේ ලංකාවේ. අම්ම තාත්තට කන්න බොන්න දෙන්නේ මම. ඒක නිසා හාල් පොල් වල ගනන් මිනුන් මට අදාල නැත්තේ නෑ.

    බොරු උත්සව වලට කෝටි ගනන් නාස්ති කරන දිහා චියර් කර කර බලන් ඉන්න පුලුවන් කඩේ යන අයටද රට ගැන කැක්කුමක් තියෙන අයටද කියන එක තමගේම හර්ද්‍ය සාක්සියෙන් (තියෙනවනම්) අහල බලන්න මිතුරනේ.

    ReplyDelete
  43. ගිය අප්‍රේල් මාසෙ මං ලංකාවට යනකොට චන්දයක්. මම අම්මට කිව්ව මහින්දගෙ පක්සෙට කතිරෙ ගහන්න කියල.
    මේ 15 වැනිදත් යනව. මේ පාරත් චන්දෙට අහුවෙනව. මං අම්මට කියනව එකෙකුටවත් දෙන්න එපා කියල. අම්ම කියයිද දන්නෙ නෑ " උඹ මහ ප්‍රතිපත්තියක් නැති එකෙක් " කියල.
    හැදෙන එකෙකුට නං මේ බ්ලොග් ටික කියෙව්වත් ඇති හැදෙන්න.
    ඔය වෙලාවට තමයි හිතෙන්නෙ සුද්දටම රට තිබ්බ නං හොඳයි කියල.

    දුකාගෙ අදහස් නං අපූරුයි.

    ReplyDelete
  44. අඬන්නද හිනා වෙන්නද මන්දා ආසියාවේ ආශ්චර්ය දැකලා

    ReplyDelete
  45. අහ්..බඩ ගැත්තරයාත් මේක කියවල තියෙන්නෙ..! කමෙන්ට්ස් බැලුවාමයි තේරුණේ..!!! :D :D :D

    ReplyDelete
  46. ආසියාවෙ අර මොකද්ද එකට යන ගමනට අඩම්බර කාර තත්තාට අපෙන් පොඩි තල්ලුවක් ඕන්......

    ReplyDelete
  47. Yako magajanaya witara badagosthara wadi nohita rata gana hitanna ona, ape salli kabasiniya karana una ewain sura sapa windina un badai pukai gana hituwata kamak na, ewa diha balala unta kade yana untai hena wadinna ona issellama

    ReplyDelete
  48. ගින්දර ගින්දර...!!!
    ඔන්න ඕක තමා මේ රටේ සත්‍ය තත්වය...

    අපි දුක් මහන්සියෙන් හම්බකරලා බදු ගෙවන සල්ලි හිතු හිතූ හැටියට කාබාසිනියාකරලා දාන්න ලයිසන් එකක් දුන්න කියල තමයි මුං හිතන් ඉන්නේ... ඒ මදිවට මේ රටේ එවුන්ට මේවට විරුද්ධවෙන්න කොන්දක් නෑ...

    ReplyDelete
  49. ගොවිතැන වූ සුද්දගේ "රත්තරන් මුදු දමාපු ඔය අතින්" මොනවාද, එක් හැඳින්නත්? Regard Telkom University

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails