Saturday, January 1, 2011

සුභ උපන් දිනයක් ආදරණීය අම්මේ . . . !


දුමීගේ ගමහාමිනේගේ මල්ලීගේ මිතුරියක් දුමීගේත් මගේත් බ්ලොග් රසිකාවියක්. ඇය කෙටි නිවාඩුවකට ඩුබායි ඇවිත්. ඈ දුමීට කෝල් කරපු වෙලාවේ කියලා ඩුබායි ආපු එක දුකාවත් හමුවෙන්නම ඕන කියලා.

මම දුමීට කිව්වා එයාවත් එක්කරගෙන අපේ ගෙදර එන්න කියලා.

අපේ ගෙදරඋන්දෑගේ මළයටත් කිව්වා එයාගේ බිරින්දෑත් එක්කම එන්න කියලා කස්ටියට එකතු වෙන්න.

උදේ නමයට සාජා වලින් පිටත් වෙන්නම් කියපු දුමී එහෙන් පිටත් වෙනකොට උදේ පාන්දර 11.30ට විතර වෙලා මොකද පැය එකහාමාරෙන් එන්න පුලුවන් ගමන කස්ටිය අපේ ගෙදර එනකොට යාන්තම් උදේ එක විතර වුනා.

පොඩි වෙලාවක් අපේ ගෙදර ගත කරපු කස්ටියම හදාගෙන ආපු කෑමයි, අපේ මිතුරිය දීපානි අරගෙන ආපු දෙකලප්පමුයි අහ් නෑ වටලප්පමුයි, අපි හදපු කෑමයි ඔක්කෝම අරගෙන ගියා "කිඩ්ස් පාර්ක්" කියලා නමක් තියෙන පොඩි සත්වෝද්‍යානයකට.

එතන ඉඳන් කාලා බීලා හවස් වෙලා අපි හැමෝම ගියේ අපේ මිතුරිය අපේ ගෙදර එන්න කියලා අරාධනා කරපු වෙලාවේ ඉඳන් පුන පුනා කියපු ඩුබායි වල තියෙන ලෝකයේ උසම ගොඩනැගිල්ලේ (Burj Khalifa) තියන්න සංවිධනය කරල තිබුනු මල් වෙඩි සංදර්ෂනය බලන්න.



පාර්කින් ප්‍රශ්න එයි කියලා දැනන් උන්නු නිසා වාහන දුමියගේ කාර්‍‍යාලය ලඟ පාර්ක් කරලා මෙට්‍රෝ කෝච්චියේ තමයි ගියේ ඕන්.

මගේ අම්මෝ ඒකට ඇවිත් හිටපු සෙනඟ කන්දරාව.

සංදර්ශනය ඉවර වෙලා "බර්ජ් කලීෆා" මෙට්‍රෝ ස්ටේශන් එකෙන් කෝච්චියට නගින්න බැරි බව තේරුනු අපි කලේ කිලෝ මීටර් 2ක් විතර දුරින් තිබුනු ඊලඟ ස්ටේශන් එකට පයින් ගිහින් එතනින් කෝච්චිය ගත්තු එක.

ඒක තමයි නියම ගමන.

දුමියා උගේ පුතාව කර උඩ තියාගෙන මම මගේ සොඳුරු ත්‍රස්තවාදියා විරුල්ව කර උඩ තියාගෙන. හරියට ලංකාවේදි පෙරහර බලන්න ගිහින් එන්නේ . . . අන්න ඒ වගේ . .

ස්ටේශන් එකේ පැය ගානක් හිරවෙලා බුදු දුකක් විඳලා (ඒ වුනාට අපි නම් කිය කිය හිනාවුනේ ඒන මාර ආතල් රැග් එකක් කියලයි) දුමීලයි අපේ මසියයි කස්ටිය සාජා ගියා . . . අපි අබුඩාබි ආවා.

හැමෝම ගෙවල් වලට එනකොට පාන්දර 3.30-4.00ට විතර ඇති.

ජීවිතයට අමතක නොවන දෙසැම්බර් තිස් එකක් ඔන්න ඔහොම ගත කලා.

ෆෝන් ඕෆ් කරලා නිදා ගත්තු අපි ඇහැරුනේ ඊයේ උදේ පාන්දර 11ට විතර.

විරුල් හීනෙන් මොනවදෝ දැකලා. ඌට කියා ගන්න තේරෙන්නේ නෑ ඒ මොනාද කියලා. කොල්ලා ඒක දෙන්න කියලා කියන එකට කියන්නේ "ඒක දේ" කියලා. උදේම විරුල් අඬාගෙන නැගිට්ටේ ඒක දේ කියාගෙන. අපි ඉතිං අහනවා අහනවා ඌ කෑ ගගහා අඬනවා ඒක දේ කියලා. දෙන දෙන දේ පොලොවේ ගහනවා ඒක නෙමෙයි කියලා.

මම ඉතිං කොල්ලව වඩාගෙන අහනවා මොනාද පැටියෝ ඔයාට ඕන කියලා.

මූ ඒක දේ . . ඒක දේ කියනවා විතරයි.

මට එකපාරටම මතක් වුනේ මම ගැන අපේ ගෙදර අය කියපු කියන දෙයක්.

මම පොඩි කාලේ හරිම චුරු චුරුවලු. අඬාගත්තු ගමන්මලු. (මේ විරුල් කොල්ලා නම් එහෙම නෑ ඌ හිනාපාල වගේ . . හිනා වුනු ගමන් මයි ) මට හිතුනේම අපේ අම්මා මාව නලව ගන්න කොයි තරම් නම් දුකක් විඳින්න ඇද්ද කියලයි.

තාත්තත් නිතර ගෙදර නෑ බිස්නස් වලටයි දේශපාලන වැඩ වලටයි නිතරම ගෙදරින් එලියේ.

නංගි ඉපදුනු ගමන් අම්මට තනියෙන් වැඩ කරන්න බෑ කියලා අක්කව ගමේ ආච්චිලගේ ගෙදර නතර කලා වුනත් පුංචි එකී නංගීවත් බලාගෙන මගේ චුරු චුරු ඇඬිල්ල එක්ක අම්මා මොන තරම් දුකක් විඳින්න ඇද්ද කියලා හිත හිතා ඉන්න කොට තමයි අපේ ගෙදර උන්දෑ නදීෂා මතක් කලේ අද අම්මගේ උපන් දිනේනේ . . ඉක්මනට කෝල් කරන්න කියලා . . . .

අම්මගේ 66වෙනි උපන්දිනේට සුභ පතන කොටම තමයි නංගියි එයාගේ පවුලේ අයයි හැම ජනවාරි පළමුවෙනිදාම තියෙන අම්මගේ විශේෂ දවල් කෑම පාර්ටියට සහභාගි වෙන්න ඇවිත් තියෙන්නේ.

ඒ වෙනකොටත් අක්කලා මඟ එනවලු. දුසිම් භාගෙට එකක් අඩු අක්කගේ ළමයි ටික ලෑස්ති කරගෙන ගමන්ක් එන එක ඉතිං ලේසි නෑනේ.

තාත්තගේ ඉස්සෝ ස්ටුවයි, අම්මගේ දැවිල්ල චිකන් කරි එකයි අල හොද්දයි බෝංචි කරි එකයි එක්ක බත් කටක් කාලා අම්මට උපන්දින හාදුවක් දෙන්න යන්න බැරි උනු එක නම් හිතට හරිම දුකයි තමයි. කමක් නෑ අපේ පවුල විතරනේ අඩු . . අක්කයි නංගියි අපේ අඩුවත් පුරවයි කියලා හිතාගෙන අම්මට සුභ උපන් දිනයක් පතලා අපි කිරිබත් කාලා ආපහු නිදා ගත්තා.

ප. ලි.
අම්මට සුභ උපන් දිනයක් කිව්වා වගේම මගේ බ්ලොග් සහෘදයෝ හැමදෙනාටමත් සියළු පැතුම් ඉටුවෙන සතුටින් පිරුනු සුභ අලුත් අවුරුද්දක් වේවා කියලාත් මම හදවතින්ම සුභ පතනවා.






39 comments:

  1. ඕව ඔහොම තමයි දුකෝ. එකක් ලැබෙනකොට අපිට දෙකක් නැති වෙලා. ඒක් මේ ඔටු කිරි බොන අපි ලබා උපන් හැටි තමයි.
    ඒ කොහොම උනත් සොඳුරු පුතෙක් වැදූ ආදරනීය මවට දීර්ඝායුෂ ලැබේවා!
    උඹටත් මේ බ්ලොග් ලොවේ සියලු ලියන්නන් කියවන්නටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  2. හැමදේටම ස්තුතියි, දුකා සහෝ.. ආදරණීය අම්මාට සුභ උපන් දිනයක්!

    (හැබෑටම Burj Khalifa ගොහින් එන්න එච්චර අමාරු උනාද, ආ..? හයියෝ...!!)

    ReplyDelete
  3. දුකා අයියාගේ අම්මාට සුබම සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා...

    එ වගේම ඔන්න සුබ අලුත් අවුරුද්දක් අයියේ. ඔයාටත්..

    ReplyDelete
  4. අම්මාට සුභ උපන් දිනයක් වේවා!

    අපෝ ඔය බුරාජ් එකේ ෆයර්වර්ක්ස් වගේද සිඩ්නිවල ඒවා.

    ReplyDelete
  5. ඔන්න දුකා අයියගේ අම්මට දිනේෂ් කොලුවත් සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරණවා...........
    ඒ වාගෙම ඔයාල හැමෝටමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..............!!!

    ReplyDelete
  6. දුකා මම වැඩට යන්න හදද්දියි මෙක දැක්කේ..ඒ හැටි වෙලාවක් නැහැ...

    දුකාගේ මෑණියන්ට දරු මුණුපුරු සුරතල් විඳිමින් සැපසේ සිටීමට හැකි වෙවා..

    අර කොළුවා මොනවද ඉල්ලුවෙ කියලා තාමත් දන්නෙ නැද්ද..?

    ReplyDelete
  7. සුභ උපන්දිනක් වේවා අම්මේ !!!!!!!!!

    ReplyDelete
  8. දුකා අයියාගේ අම්මාට සුබ උපන්දිනයක් ප්‍රර්ථනා කරනවා..අයියාලාටත් සුබ නව වසරක් වේවා.ඇත්තටම විරුල් මොනවාද ඉල්ලුවේ...

    ReplyDelete
  9. සබ්බේ තියෝ විවජ්ජන්තූ...
    සබ්බ රෝගෝ විනස්සතූ....
    මාතේ භවතු අන්තරායෝ...
    සුඛී දීඝායු කෝ භව.......

    මගෙනුත් සුභපැතුම් පිරිනමන්න දුකා... දීර්ඝායුෂ සමග නිරෝගී සුව පැතුවා කියන්න.

    ReplyDelete
  10. අම්මේ සුභ උපන්දිනයක් වේවා!

    සැමටම සුභ නව වසරක් පතන්නෙමු!

    ReplyDelete
  11. සුභ උපන්දිනයක් වෙවා අම්මාට.

    ඒත් එක්කම දුකා ඇතුලු පවුලේ සැමට සියලු බලාපොරොත්තු ඉටුවන නව වසරක් වේවා!

    ReplyDelete
  12. සුභ උපන්දිනයක් වේවා දුකා අයියාගේ අම්මාට..
    ඒ වගේම සුභ අලුත් අවුරුද්දක් වේවා, සියලුම දෙනාට.
    :)

    ReplyDelete
  13. ඔන්න ගඩොල් පූසොත් දුකාගේ මෑණියන්ට සුබම සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා.

    ඒ වගේම පවුලේ කට්ටියටම සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  14. අම්මට සතුට සමගිය නිදුක් නීරෝගී සුව පිරීඉතිරෙන සුභම සුභ උපන්දිනයක් වේවා...!!! අම්මට දීර්ඝායුවේවා...!!! ඒ වගේම සියළු පැතුම් ඉටුවෙන සෞභාග්‍යමත් නිදුක් නී‍රෝගී සුව සතුට සාමය සමගිය පිරුණු සුභ නව වසරක් වේවා...!!!
    ඔන්න අම්මේ අපෙන් උණුසුම් සුභ පැතුම් මුළු හදවතින්ම...!!!

    දුකා අයියටත් දුකා අක්කටත් සොදුරු ත්‍රස්තවාදියාටත් ඇතුළු පවුලේ සැමට සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන...කරන කියන හැමදේම අතිසාර්ථක වෙන....නිදුක් නීරෝගී සුව සතුට සාමය සමගිය ආදරය කරුණාව දයාව පිරී ඉතිරෙන....සුභම සුභ නව වසරක් වේවා....!!!

    හසියගෙන් ඔන්න හදවතින්ම සහ බොක්කෙන් යන දෙකෙන්ම උණුසුම් සුභ පැතුම්....!!!

    ReplyDelete
  15. දුකා අයියගේ අම්මට සුභ උපන්දිනයක් වේවා කියලා මාත් ප්‍රාර්ථනා කරනවා...!!

    (http://sithuwillkaaruma.blogspot.com/2010/10/blog-post_11.html මේ මගේ අම්මගේ උපන්දිනේට මම ලියපු පද පේලි ටිකක් දුකා අයියගේ අම්මටත් ඒ විදියටම සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..)

    ReplyDelete
  16. දුකා අයියගෙ අම්මට සුබ උපන් දිනයක් වේවා
    සහ සුබ අලුත් අව්රුද්දක් වේවා කියල ප්රාර්ථනා කරනව
    අයියට විතරක් නෙමෙයි .. සයිබර් යාලුවො හැමෝටම සුබ අලුත් අව්රුද්දක් වේවා !!

    අර දෙවෙනි ෆොටෝ එකේ අයියගෙ තාත්ත අයිය වගේමයි ....
    මටත් මේ අව්රුද්ද ගොඩක්ම සතුටින් හිටිය ....
    ජයවේවා හැමෝටම !!

    ReplyDelete
  17. දුකා අයියගෙ අම්මට සුභ උපන් දිනක් වේවා...!

    ReplyDelete
  18. දුකා අයියගේ අම්මට සුභ උපන් දිනයක් වගේම පවුලේ සැමට සියළු පැතුම් බලාපොරොත්තු ඉටුවන නීරෝගිමත් සුභම සුභ නව වසරක් කියලත් ප්‍රාර්ථනා කරනවා.......!!!!!

    ReplyDelete
  19. සුභ උපන් දිනයක් දුකාගෙ අම්මේ. ඒ වගේම දුකාටත්, පවුලේ ඔක්කෝමටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  20. අම්මට සුබ උපන් දිනයක් මමත් පතනවා දුකා,

    ඒ වගේම ඔයාල ඔක්කෝටම සුබ නව වසරක්!!!!

    ReplyDelete
  21. දුකායියාගේ අම්මාට ඔන්න මාත් සුභ උපන්දිනයක් පැතුවා කියන්න..අයියාගේ පව්ලේ හැමෝටමත් සුභම සුභ නව වසරක් වේවා...!!

    ReplyDelete
  22. දුකා අයියගේ අම්මට සුබ උපන්දිනයක් වේවා කියලා පතනවා. ඒ වගේම අම්මට නිරෝගි සුව අත්වෙන්න කියලත් පතනවා

    ReplyDelete
  23. උඹ වගේ සොඳුරු මිනිසෙක්, දයාබර මිතුරෙක්, ආදරණීය ස්වාමි පුරුෂයෙක්, සෙනේවන්ත පියෙක් වදා හදාපු ඒ දයාබර මෑණියන්ට නිරෝගී වූ වාසනාවන්ත උපන්දිනයක් වේවා කියලා හදවත පතුලෙන්ම පැතුම් පතන්නම්....!

    ReplyDelete
  24. සුබ උපන්දිනයක් අම්මේ!!

    ReplyDelete
  25. දුකා අයියාගේ අම්මාට සුභම සුභ උපන්දියක් ප්‍රාර්ථනා කරනවා.
    ඒ වගේම අයියාට සහ පවුලේ හැමෝටම සුභම සුභ නවවසරක් වේවා!!!!!!!

    ReplyDelete
  26. ඒ ආදරණීය මාතාවට සුභ උපන් දිනයක්!!!!!!

    ReplyDelete
  27. ඉතින් විරුල් පුතා මොනාද ඉල්ලුවේ....

    සුබ උපන් දිනයක් කියල ප්‍රාර්ථනා කරනවා විරුල්ලගේ ආච්චිට ....

    ReplyDelete
  28. මමත් සුභම සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කලා කියන්න අම්මාට.., අපෙත් ආයු ගෙන සුවෙන් වාසය කරන්නට වරම් ලෑබේවා ඈට..! ජය!!
    උඹටත්, නදීශා අක්කටත් විරුල් පුතාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියා කිව්වැයි කියන්න..!

    ReplyDelete
  29. අම්මාට සුබ උපන්දිනයක් පතමි.....
    ආදරනීය දුකා අයියේ...
    මා රත්ගමයාහුය...අලුත් ගෙදරක පදින්චියට ගියාහුය....ඇවිල්ලා යන මෙන් ඉල්ල සිටිමි....
    ස්තූති....
    මෙයට විශ්වාසි
    රත්ගමයා හෙවත් ඉරු

    ReplyDelete
  30. දුකා අයියගේ අම්මට සුභ උපන්දිනයක් සමග නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා..
    සුභ නව වසරක් කියලත් කියන්නම් ප්‍රමාද වෙලා උනත්...

    ReplyDelete
  31. ජනවාරි පලමුවෙනිදා තිබුනු අම්මගේ උපන් දිනය වෙනුවෙන් සුභපතපු සැමටත් . . නව වසරට සුභ පතපු සැමටත් බොහෝම ස්තූතියි.

    ReplyDelete
  32. කොලුවා ඉල්ලපු දේ නම් මොනාද කියලා තාම දැන ගන්න ලැබුනේ නෑ.
    සමහර විට ඌ දන්නෙත් නැතුව ඇති ඌට මොනාද ඕන කියල . . හික්ස්

    ReplyDelete
  33. ඔබගේ මෑණියන්ට සුබ උපන් දිනයක් වේවා කියලා පතනවා..........

    ReplyDelete
  34. සුබම සුබ වෙන්න ඕන ලොකු අයියගේ අම්මාට උපන්දිනයටත්, අලුත් අවුරුද්ද වෙනුවෙන් ලොකු අයියාගේ පවුලටත් ජයෙන් ජයම වෙන්න කියලා පතනවා.

    ReplyDelete
  35. සියලු යහපත් පැතුම් ඉටු වන, සුභම සුභ නව වසරක් වේවා!.
    දුකා අයියගෙ අම්මගෙ උපන් දිනයට, මගෙනුත් සුභ පැතුම්.
    තව දෙයක්. ඔය අන්තිමට දාල තියෙන, ඔයාගේ අම්මගෙයි තාත්තගෙයි, අතීත, වර්ථමාන ෆොටෝ දෙක දැක්කම මට හිතුනේ, කාලය කියන දේ ගැන. දැන් එහෙට මෙහෙට දඟලලා අයියල වගේ හිටියට, අපිත් කවදහරි ඔය ලෝක ස්වභාවයට මූණ දෙන්න ඕනිනේ.

    ReplyDelete
  36. සුබ උපන්දිනයක් දුකාගේ අම්මට ඒ වගේම සුබ නව වසරක්

    ReplyDelete
  37. මේ ටිකේ පට්ට බිසී නිසා කියවන්න බැරි වුනා බං. දැනුයි කියෙව්වේ. පහුවෙලාහරි කමක් නෑ සුභ පතන්න මමත් එකතු වෙනවා...!!!

    ReplyDelete
  38. ආයේ පාරක් හැමදෙනාටම ස්තූතියි කිව්වා ඕන් හොඳේ.

    ReplyDelete
  39. Sorry machan singligh walin liyana ekata. Umbe story eka ahapuwahama mata hithana ane amme mama ara ithuru wechcha bath tika kala hithale podi walk ekak dala ithuru wehchcha kotekuth gahala budiya gaththa eka hondayi kiyala. matath katha kala oya fireworks scene ekata. welawata giye naththe :)

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails