Saturday, July 3, 2010

සමුගැන්මක් නොවූ කඳුලින් සමුදුන් තවත් සමුගැනීමක් !



ජීවිතය නම් දිගු ගමනක්මැය
නොනැවතී ඉදිරියටම යා යුතු
කටු කොහුලින් සැදි ගිරි දුර්ග මාවත්ද
මල් පාවඩ අතුල මංමාවත් දිගද
පා නගා යා යුතු නොනැවතී ඉදිරියට . . . .

රුදුරු මිගිඳුන්, කපටි කැනහිලුන්
ගහන ඝන වනාන්තර ද පසු කරමින්
බියෙන් සැකෙන් සීරුමාරුවෙන් පා තැබිය යුතු
සියොත් පෙම් ගී නින්නාද දෙන
මල් උයන් මතින්ද සිනා නඟමින්
තුටින් ගී ගයමින් විඩා නිවමින්
නොනැවතී පා නැගිය යුතු ඉදිරියටම . . . .

තෙරක් නොපෙනෙන මිරිඟු දිය රැලි නඟන
දිය බිඳක් නොමැති කතරවල් හරහාද
රස බොජුන් සමඟින් සිහිල් දිය පිරි
සොඳුරු හිතැත්තන් මියුරු තෙපුලැත්තන්
සපිරුනු නවාතැන් පොලවල්ද
දමා යා නොහැකියි සිත කෑ ගසා හඬන
දිවිය එකළු කල සොඳුරු හිතැත්තන්
ඇතැර යා නොහැකිව කඳුලු සලමින් වුව
අතැර නොනැවතී ඉදිරියට ම යා යුතු
ජීවිතය නම් දිගු ගමනක්මැය . . .. .

දයාබර අනුරාධ අයියා ඔබත් එවැනි සොඳුරු හිතැත්තෙක්
මේ දිගු ජීවන ගමනේ එක් සොඳුරු නවාතැන් පලක හමුවූ
දමා යා නොහැකිව සිත කෑ ගසා ගඬන
අතැර ය නොහැකිව ළතැවුලෙන් තැවෙන
නමුදු අකමත්තෙන් වුවත් සමු දිය යුතු
කිමද ජීවිතය නම් දිගු ගමනක්මැය
නොනැවතී ඉදිරියට යා යුතු . . .

අසාධාරණය දුටු තැන කෝප වෙන
කෝප වූ සැනින් තරාතිරම නොබලා බැන වදින
එසැනින් අප අසලට විත් තරහා නිවාගෙන
පුංචි දරුවෙක් මෙන් සිනා නඟන
හතුරෙක් වුව උදවු ඉල්ලූ සැනින්
ඔබේ වැඩ පසුවට තබා කැපවීමෙන් ඉටුකර දෙන
ඔබෙන් උගත් දේ බොහෝයි සැක නැත ඒ ගැන

දයාබර අරුණ අයියා අප අතැර ගියාක් මෙන්
කැන්ගරු දේසෙට පියඹන්න අපෙන් සමුගන්න නුඹට
ගතින් දුරක යනවා උනත්, සිතෙන් බෝ ලඟම ඉන්නා නිසාවෙන්
සමුදුන්නෙමි සෙහෙහසින් නමුදු කඳුලු පිරුනු හදවතින් . . .

ජීවිතය නම් දිගු ගමනක්මැය
නොනැවතී ඉදිරියටම යා යුතු . . . .. !!!

22 comments:

  1. උඹත් අපට නිකං ඉන්න දෙන්නේම නැත. මේ හැරී මේ බලන විට පෝස් එකකි. :ඩී මේ වා නොකියවාද බැරිය. මසුරංය.

    ප්‍රියයන්ගෙන් වෙන්වීමේ වේදනාව නොදන්නා කෙනෙක් මේ මිහිපිට නෑ බං... ඕක දැක්කනං ඔය ෆ්‍රෙඩා ආපහු එනවා... මසුරං...

    ReplyDelete
  2. හැමදෙයටම Price-Tag එකක් එල්ලන කාලෙක හරවත් දෙයක්, සත්‍යයක් සමාජයට කියා පාන මෙ පදවැල විශිෂ්ඨයි යාලුවේ.

    අනුරාධ සොයුරාට සුබපැතුම්!

    ReplyDelete
  3. ජීවිතය නම් දිගු ගමනක් මැය නොනැවතී ඉදිරියටම යා යුතු...යථාර්තය......:).

    ReplyDelete
  4. අපේ ලඟින්ම ඉන්න අය කාලයක් යද්දි ඈත් වෙනවා.. අලුත් අය එනවා... ඒත් ඒ හොඳ මිනිස්සුන්ගෙ මතකය හැමදාමත් තියෙනවා...

    යාලුවො ඈත් වෙන එක නම් දුකක් කියන්නේ හොඳම එක.

    සුබ පතනවා අයියගේ යාලුවට.

    ReplyDelete
  5. අයියන්ඩි බිය නොවන්න....ජාලයට පින් සිදුවන්නට ඒ අයියව හැමදාම උනත් හම්බුවෙන්න පුලුවන්

    වෙන්ව යන එක ගැන දුකයි...ඒත් ඒ අයියට සුබ පතනව

    ReplyDelete
  6. දුකා අයියගෙ අපූරු පද ටික දිල්ගෙ ඇස්වලට කඳුළුත් ගෙනාවා අයියේ.සමහරවෙලාවට අපිට දයාබර වෙන අය අපේ හදවත්වලට මොන තරම් නතු වෙනවද ...;ලං වෙනවද ?

    එවන් සොඳුරු හිතැත්තෙක් ගැන අපූරු සටහනක්.......

    ReplyDelete
  7. සුබ පතනවා අයියගේ යාලුවට.

    ReplyDelete
  8. හැරයන මිතුරා මේ බ්ලොගේ කියවන කෙනෙක් නම් අයියේ උඹව සදහට ම හිත ඇතුලේ තබා ගන්නවා සත්තයි...! පැත්තට පඩියක් දාලා හැමදේට ම මිලක් දෙන්න හදනා අදවගේ කාලෙක මේ වගේ මිතුදම් මට නම් අමිලයි අයීයේ...!

    ReplyDelete
  9. සල්ලිත් ඕන ප්‍රියයන් ළඟ ඉන්නත් ඕන ඔය දෙකම සමබර කරගන්න තමා අමාරු. තිව්වත් වගේ දැන් ජාලයෙන් එමු වෙන්න පළුවන් එක්ත් ලොකු දෙයන නේ. නික්ම ගිය මිතුරාගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වීමට පැතුම් මේ සමග.

    ReplyDelete
  10. හේමන්තයෙදී වෙන්වු විහඟුන්
    නැවත හමුවෙනවා ඇත වසන්තයේදී
    එය එසේම වේවා !

    ReplyDelete
  11. කුෂාන්
    අනේ නෑ බං මම ඒ තරම්ම ගොඩක් පෝස්ට් දාන්නේ නෑ නේ . . ඔව් අප්පා හරිම දුකයි ඒත් මොනා කරන්නද . . . ස්තූතියි මචෝ අදහස් දැක්වූවාට

    ReplyDelete
  12. @ඩීන්!
    ස්තූතියි යාලුවේ.

    අනුරාධ සොයුරාට සුබපැතුම් පිරිනැමූ බව මම
    කියන්නම් . . .

    ReplyDelete
  13. @හේමලයා !

    ඒක සිරා ඇත්තක් නේද මචං . . . !

    ReplyDelete
  14. @පිස්සා පලාමල්ල!

    ඔව් මලේ ඒක හරිම දුකක් ඒත් යාලුවගේ සුභ අනාගතේ වෙනුවෙන් අපි ඒ දුක ඉවසන්න වෙනවා . . .!

    ReplyDelete
  15. @Hashitha!
    ඔව් මලේ ජාලයට ජය වේවා

    @දිල්!
    ඔව් දිල් ඒ දයාබරයෝ අපිව දාල යනකොට දනෙන දුක නම් මේ තරම් කියල කියන්න බෑ

    ReplyDelete
  16. @අසන්කා
    ස්තූතියි නගේ

    @ලිෂ්!
    මනුෂ්‍යත්වය මිල කරන්න බෑ කියලා ඔප්පු කරපු පුද්ගලයෙක් තමයි මළේ අනුරාධ අයියා . ..

    ReplyDelete
  17. @ප්‍රියන්ත!

    ස්තූතියි මචෝ . . ඔව් ඇත්තෙන්ම ජාලය නිසා ගොඩක් දුරස් නොවී ඉන්න පුලුවන් තමයි

    ReplyDelete
  18. වෙන්වීමකින් දැනෙන වේදනාවකට හොඳම විසදුම කාලයයි.

    ReplyDelete
  19. දුකා අය්යා..

    යක්කු ගස් නගින වෙලාවෙ මේක දැක්ක උනත් ඔයාගේ යාලුවා වෙනුවෙන් අකුරු කල මේ පද වල තියෙන ලෙංගතුකම දැනුනම මම මගේ නිදිමත ටිකක් අමතක කරලා දැම්මා....

    අපිට යාලුවෝ කොච්චර හිටියත් එක යාලුවෙක් හරි අපෙන් ඈත් වෙන්න යන බව දැනෙනකොට කාටවත් නොකිව්ව උනත් ලොකු දුකක් හිතට දැනෙනවා නේද... ??

    ඔයාගේ යාලුවට මගෙනුත් සුබ පැතුම්... මේක වෙන්වීමක් ම නොවේවා කියලා පතනවා.. ( හොද යාලුවෝ ‍කොහේ හිටියත් අපි එක්කම ඉන්නවා කියලා මම අදහන නිසාවෙන්..)

    ReplyDelete
  20. @දුමී!
    ම් ම් ම්ම් එහෙනම් වෙන්න නම් වසන්තයේදී ඔස්ට්‍රේලියා යන්න වෙනවා බන් . . ඒත් ඒ අයියලා හදවතේ ලඟම නිතර ඉන්නවා . .. ඒක නිසා දුරස් වුනු බවක් නොදැනේවී

    ReplyDelete
  21. @පිණිබිඳු!
    හරියටම හරි . ..

    @Hiru !
    ඔව් නගේ හදවතට දැනුනු යාලුවන් . . මිනිසුන් කොයි තරම් දුරකින් හිටියත් ලඟම ඉන්නවා වගේ තමයි දැනෙන්නේ

    ReplyDelete
  22. මේ මිතුරා ඔසී රටේ කොයි පලාතට ද සැපත් වෙන්නේ?

    Rasika

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails