පහුගිය මාසයේ දින කීපයක් අසනීපෙන් උන්නු නිසාවෙන් ලැබුනු පොඩි විවේකයේ කලින් වතාවක් කියවා තිබූ පොතක් යලිත් වරක් කියවන්න සිතා පොතත් රැගෙන සයනයේ හරි බරි ගැසුනෙමි.
පොතේ නම “ගෝ දානය” නූතන ඉන්දීය ලේඛකයින් විසින් විශිෂ්ඨතම කතුවරයෙකු ලෙස සලකන ප්‍රේම් චාන්ද් විසින් රචිත, චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි විසින් පරිවර්ථිත ශ්‍රේෂ්ඨ නවකතාවක්. පොත පතට ආදරය කරන අපි බොහෝ දෙනෙක් ආදරයෙන් වැළඳගත් පොතක් . ..
පොතේ කතෘ හා පරිවර්තිකාව පොත හරහා විවරණය කරන්න අදහස් කරන සමාජ කතිකාව කලින් වතාවේ කියවනවිට දැනුනාට වඩා විශාල ලෙස හදවතට වැදුනු බවක් දැනුනා වුවත් අද මගේ සටහනේ පරමාර්ථය පොත ගැන මට හැඟුනු දේ සටහන් කිරීම නොවේ . . . .
ඒ ගැන නුදුරු දිනෙක ලියා තබන්නම් කියා පොරොන්දු වෙන්නම්.
පොතේ පෙරවදන ලෙස එකතු කර තිබෙන සරත් විජේසූරිය මහතා විසින් දිවයින පුවත්පතට 2000-08-20 දින ලියූ ලිපිය කියවූ සැනින් එතනින් එහාට පොත කියවාගන්න තරම් ශක්තියක් නොමැතිව හදවත ගල්වූවා වැනි හැඟීමක්, එසේත් නොමැතිනම් මගේ දයාබර නැගෙනිය මා හැරදමා දුරු රටකට ගියදා දැනුනාක් බඳු ගිලින්නත් නොහැකි විසිකරන්නත් නොහැකි ගුලියක් වැනි යමක් උගුරේ සිරවුනාක් වැනි හැඟීමක් නිසාවෙන් දෙනෙතේ හා හදවතේ රැඳි කඳුලු බිඳු අතරින් ඇගේ මහඟු සත්කාරිය මගේ ජීවිතයට කෙසේ බැලපෑමක් කලාදැයි සිතන්න මා වෙහෙසුනා . . .
සෝමා ජයකොඩි, මර්ටින් වික්‍රමසිංහ, ජී බී සේනානායක, ජයකොඩි සෙනෙවිරත්නයන් ආදීන්ගේ පොත් තුලින් මානව දයාවේ වටිනා කම හා එහි ගැඹුර උගත් ලෙසින්, කරුණාසේන ජයලත් මහතාගේ පොත් තුලින් සොයුරියන්ට, මිතුරු මිතුරියන්ට ගහකොලට මුලු විශ්වයටම ආදරය කරන්න ඉගෙන ගත් ලෙස, ජයසේන ජයකොඩි මහතාගේ පොත් තුලින් ජීවිතයේ ඕනෑම කඩාවැටීමක් උපේක්ෂාවෙන් දරාගැනීමට හුරුවූවාක් මෙන් සුනේත්‍රා රාජකරුණාය්නායකගේ පූර්වජන්ම අපූර්වය පොත තුලුන් ක්‍රෝධය ඉවතලන හැටි ඉගෙන ගත්තාක් මෙන් වෙනසක් නොමැත ඇගේ අපූ ත්‍රිත්වය, ගෝ දානය හා අරණකට පෙම්බැඳ තුලින් ලද දෙයින් තුටුවන අකාරය, ජීවිතයේ සතුට ලබන ආකාරය, සොබාදහමට ආදරය කරනා ආකාරය ආදී ලෙසින් කොටින්ම ජීවිතය විඳිනා අයුරු ඉගෙන ගතිමි.
ඉදින් මා අද දින මගේ දිවියේ මේ අත්විඳින සැහැල්ලුව සතුට වෙනුවෙන් මා සදා ණයගැති අය අතර ඈත් මූලිකම ස්ථානයක හිඳින නිසාවෙන් මීට දසවසකට පෙර අප අතරින් වියෝවූ නමුත් ඇගේ මියගිය ආත්මයට ශාන්තියක් උදාවේවායි හදවතේ ගැඹුරුම තැනින් කල ප්‍රාර්ථනාවෙන් පසු මා ගෝදානය පොතේ පිටු පෙරලන්නට වීමි.
ලිපිය දිගු වුවත් ඇගේ පොත් හරහා ජීවිතයේ සතුට ලද අය විසින් කියවාවි යයි උපකල්පනයෙන් තවදුරටත් ඈට උපහාරයක් ලෙස ගෝදානය පොතේ මුලට හැඳින්වීම ලෙස එකතුකොට තිබූ සරත් විජේසූරිය මහතා විසින් 2000-08-20 දින දිවයින පුවත්පතට සැපයූ ලිපිය ස්කෑන් කර මේ ලිපියේ අගට ඇමිනීමට මා අදහස් කලෙමි.



