Monday, April 5, 2010

If you Love Something Set it Free . . !



අසන්න මේ සුරංගනා කතාවක් නොවූ තමන් ආදරය කරන කෙනාගේ සතුට තමන්ගේ සතුටයි ලෙස සැලකූ ඒයට වන්දි ලෙස වේදනාව උරුම කරගත් මානවිකාවකගේ කතාවයි . . .. !



"විහඟ නුවන් විජේසේකර"
එක වසරේ සිටම එකට සිටි ඔහු හා මා එකල නිකම්ම නිකම් කලාස්මේට්ලා පමනක් වීමු.
නිවසේ සිට කිලෝ මීටරයක් පමන දුරින් තිබූ මගේ නිවසේ සිට මා පයින් එන විට ඊට අඩු දුරකින් තිබුනු ඔහුගේ නිවසේ සිට ඔහු පසැල් ආවේ පියාගේ කාරයෙනි.
ඔහුගේ පියා ඉතා ඉහල රැකියාවක් කල අයෙක් බවත් මවත් ගරු කටයුතු රැකියාවක් කල බවත්, පවුලේ නෑදෑයින් සියල්ලෝ ඉතා ඉහල රැකියා හෝ ව්‍යාපාර කරන ඉහල පංතියේ බව මා දැන ගත්තේ තෙවෙනිවර අප මුන ගැසුනාට පසු මිතුරු කම් අලුත් වූවාට පසුවයි.

තෙවෙනි වර කියා කීවේ මුලින්ම එක වසරේ සිට එකට සිටි අප හත වසරේදී ඔහු අපේ පාසැලින් අස්වී කොලඹ ප්‍රධාන ජාතික පාසැලකට යනතුරු තිබුනු අපේ මිතුරු කම පලමු හමුවීමයි . .

දහය වසරේදී මගේ පාසලේ මිතුරන් නිදහස තිබූ උපකාරක පන්තියකට ගියා වුවත් අක්කාගේ අනුදැනුමෙන් තද විනය නීති තිබූ උපකාරක පංතියට යාම පටන් ගත් අවදියේ ඇති වූ පෙර තිබූ මිතුරු කම අලුත් වීම අපගේ දෙවෙනි හමුවීම් වටයයි . . .

කෙතරම් තද විනය නීති තිබුනා වුවත් ගුරුවරුන්ගේ කනින් රිංගා පෙම් කල අපි සියල්ලෝ අතුරින් මූලිකයා ඔහුයි. ඔහුගේ ප්‍රේමයට උදව් කරන්නා වූ මාත් ඒ ගොඩටම වැටී, ඔහුගේ සබඳකම් ශක්තිමත් වෙද්දී මගේ පෙම් සබඳකම් නරුමයෙක් මෙන් බිඳ හෙලීමේ වරදට ඔහු මා සමඟ අමනාප වී උසස් පෙළින් වසර හයකට පසු අහම්බයෙන් එකම බස් රියේදී මුනගැසී නැවත් අලුත් වුනු මිතුරුකම අපේ තෙවෙනි හමුවීම් වටයයි ..

"අම්මෝ උඹව දැක්ක කල්"

"ඔව් නේ බං . . අවුරුදු කීයක්ද?"

"මම උඹව හිටපු ගමන් දකිනවා ඒත් අර පරන තරහට කතා නොකර ඉන්න හිතුවා. හැබැයි මම බස් එකේ ඉන්නකොට උඹ හෝල්ට් එකේ ඉන්නවා තමයි මම දැක්කේ"

"ඒකට කමක් නෑ. මොකෝ මේ බස්වල?"

"තාත්තලට වාහන තිබ්බට මට නෑ නේ බං. මගේ ගමන දැන් බස් එකේ"

"කොහොමද චමිදි? උඹල බැන්දද? දැං අවුරුදු 10ක් විතරනේ උඹලගේ ලව් එකට"

"ම් ම් ම් අපි ලඟදී එෆෙයාර් එක නැවැත්තුවා බං"

"මොක . . .. ක්? ඔච්චර ස්ට්‍රොග් රිලේෂන්ශිප් එකක්?"

"ගෙවල් වලින් කැමති වෙලා හිටියා. ඒත් පස්සේ කිසි තේරුමක් නැති ප්‍රශ්නයක් නිසා එයාලගේ ගෙදරින් කචල් දැම්මා. චමිදි ත් එකපාටම නවත්තමු කිව්වා"

"අයියෝ හරි අපාරදයක් නේ . . උඹ හෙන අප්සට් යන්න අති නේද? දැං ෂේප්ද"

"අවුරුදු 10ක් නේ බන්. මුලින් හෙන අමාරු උනා හිත හදා ගන්න ඒත් දැන් ගොඩක් ෂේප්"

ඒ විදිහට අලුත් වුනු අපේ මිතුරු කම ඔහු මගේ නිවසට නිතර යන්න එනන් ගත් හා මා ඔහුගේ නිවසට නිතරයන්න එන්න ගත් පසු දැඩි මිතුරු කමක් වෙන්න බලපෑ හේතුවක් ලෙසට මගේ විනෝදශීලී හැසිරීම ඔහුගේ පවුලේ නෑදෑයන් ඇතුලු සියලු දෙනාටම අතහැරිය නොහැකි තරමට දැනෙන්න වීම කියා කීවොත් එය බොරුවක් නොවේ. . .

එකම වත්තේ ගෙවල් කීපයක ජීවත් වූ ඔහුගේ නෑදෑ පිරිසත් ඔහුගේ පවුලේ අයත් ඇත්තෙන්ම බොහෝ දිනවල සවස 6න් 7න් පසු මා එනතුරු මඟ බලා සිටින තරමට මගේ ඇසුර ඔවුන් ප්‍රියකලා.

බොහෝ දිනවල ඔහු මා ඔහුගේ මිතුරියකගේ නිවසට කැඳවාගෙන ගියා.

ඈ "විහඟි"
කඳුරට ගම් පලාත වුවත් පවුලේ බාලයන් වූ ඇගේත් නංගීගේත් මල්ලීගේත් ඉගෙනීමේ පහසුව තකා ඇගේ පවුලේ අය කොලඹ අවට තාවකාලික පදිංචියට පැමින එතරම්ම කාලයක් ගත වී නෑ.

කන්ද උඩරට වැදගත් ව්‍යාපාරික පවුලකින් පැවත එන්නෝ. ගමේ හැදුනු අය නිසා කුලෑටි අය කියා අප සිතුවත් කොලඹ අය තරම්ම සමාජශීලී ලෙස ඔවුන් වටපිටාවේ අය ඇසුරු කලේ . .

ඇගේ වැඩිමහල් සොයුරා ඉතා තද අයෙක් බවත් නපුරු අයෙක් බවත් ඈ කීප වර පැවසූ අයුරු මට මතකයි.

මෙසේ කාලයක් යන විට ඔවුන් අතර ඇත්තේ මිතුරු කමක් පමනක්ද කියා මට ඇති වූ සැකය ඔහුගේ නිවැසියන්ටත් තිබුනා.

"පුතා ඔයා විහඟ ගෙන අහන්න විහඟි එක්ක එෆෙයර් එකක් තියෙනවද කියලා . . . ඒ කෙල්ල නම් හරි හොඳයි . . මෙයා චමිදි ගේ සීන් එකෙන් අප්සෙට් ගියාට පස්සේ හරිම නපුරු වුනා පුතා. අපි හිතුවේ ආයි කාටවත් ලව් කරන එකක් නෑ කියලා"

විහඟගේ අම්මා නිතර මා උනන්දු කලා ඒ ගැන ඔහුගෙන් අසා දැන ගන්නට.

"මචං රෑ දොලහයි . . උඹට හෙට වැඩ නේද? මම උඹව අම්මගේ කාර් එකේ ගිහින් දාන්නම්"

"කමක් නෑ විහඟ, මම ට්‍රයිශෝ එකක යන්නම්. අද මට බයික් එකේ එන්න කම්මැලි හිතුනා"

"පිස්සුද හිටපන් මම උඹව ගිහින් දාල එන්නම්"

"හරි උඹ මට තාම කිව්වේ නෑ නේ උඹයි විහඟියි අතරේ තියෙන්නේ මොනවගේ ෆිට් එකක්ද කියලා"

"නිකම් ප්‍රෙන්ඩ්ෂිප් එකක් විතරයි බං"

"උඹට ෂුවර් ද"

"ඔව් මචං ඔව්. චමිලි හිංදා බිඳුනු හිත හැදුවේ විහඟි. එයා තමයි මට මගේ දුක කියන්න පුලුවන් වුනු, මගේ දුක අහපු, ඒ දුකින් මිදෙන්න මට පාර පෙනන්පු කෙනා. අපි හොඳ යාලුවෝ"

"හ්හ්හ්හ්ම්ම්ම්ම්ම්"

පහුවදා සවස 2ට පමන මගේ කාර්‍‍යාලයේ පියන් පැවසුවේ කිසිවෙක් මා මුනගැසෙන්න පැමින ඇති වගයි

"විහඟ. . මොකෝ සීන් එක"

"බලපන් අර කැබ් එක ඇතුලේ ඉන්නේ කවුද කියලා"

"විහඟි . . . හායි නංගී. . . මොකෝ මේ අලි බෑග් එකකුත් කැබ් එකේ දාගෙන"

"නුවන් අයියගෙන්ම අහන්නකෝ"

"මොකෝ බන්. . උඹල පැනලා යනවද?"

"මචං, අපි දෙන්න කසාද බඳින්න යන්නේ. උඹ එන්න ඕන සාක්කියට අත්සන් කරන්න"

"මොකා . . .. . ක්?? ඇයි යකෝ ඊයේ රෑ 12ටත් මම ඇහුවාම උඹ කිව්වේ උඹලා අතරේ එෆෙයා නෑ කියල . . දැන් මොකෝ මේ??"

හරි කතාව කියන්නම් උඹ ෂෝර්ට් ලීව් දාලා වරෙන් කෝ.

මා පහලට එන විට ම මගේ තවත් මිතුරෙක් මා මුන ගැසෙන්න ඇවිත්.

"මචන් වරෙන් පොඩි ගමනක් යන්න"

"හරි විහඟ . .දැං කියපන් මොකෝ මේ හදිස්සිය කියලා"

"මෙහෙමයි අපි අතරේ කාලෙක ඉඳන් එෆෙයාර් එකක් තිබුනා. චමිලිගේ සීන් එකෙන් මාස ගානකට පස්සේ තමයි ඒක පටන් ගත්තේ. ඊයේ විහඟි ලගේ අම්මා අපි දෙන්නගේ හඳහන් බලලා, මේක කොහොමත් කරන්න දෙන්න එපා කියලා කිව්වලු. පස්සේ විහඟිට අම්මා ආදරෙන් කිව්වලු මාව අමතක කරන්න කියලා"

"මම කියලම හිටියා අයියා නුවන් අයියව අමතක කරන්න බෑ කියලම. අපේ අම්මා මට ගැහුවේ බැන්නේ නෑ ආදරෙන් කිව්වේ."

"තව පාරක් කියලා තේරුම් කරල දුන්නොත් මොකද?

"අපෝ අපේ අයියට කිව්වොත් එයා මාව ගමේ එකක්ගෙන යනවා ෂුවර්. ඊට පස්සේ නුවන් අයියට ආයේ පාරක් පරන වේදනවාම විඳින්න වෙන්නේ. මට බෑ ඒ දේ කරන්න ඉතිං මම අකමැත්තෙන් වුනත් මේ තීරනේ ගත්තා"

කෙසේ හෝ පවුල් දෙකේම බලවත් ඉල්ලීම මත කීප දිනකට පසු පැමිනි ඔවුන් පවුලේ දෙකේම නෑදෑ හිතමිතුරන් මැද විවාහ උත්සවයක් පවත්වා පවුල් දෙකටම සිදුවිය හැකි අවමානයෙන් ගලවා ගත්තා . . .

ඉන් පසු සියල්ලෝ සතුටින් ජීවත් වුනා යැයි කීමට ම සතුටු වුවත් එය එසේ නොවීම කෙසේ නම් අදහන්නද . .. ?

ඔවුන්ගේ විවාහයෙන් වසර හතරකට පමන පසු දිනක මට නුපුරුදු අංකයකින් ලැබුනු දුරකතන ඇමතුමක් . . .

"අයියා මම විහඟි"

"හලෝ . . කොහොමද ඉතිං . . කොහෙන්ද මගේ මේ නම්බර් එක හොයා ගත්තේ"

"නුවන් අයියගේ පොතක අහම්බෙන් දැකලා මම ලියා ගත්තේ. ඒක නෙමෙයි අයියා කවදද ආපහු ලංකාවට එන්නේ?"

"ලබන මාසේ එනවා ඇයි නංගී"

"අයියා මට අයියට කතා කරන්න ඕන . . මට මේක කියන්න වෙන කිසි කෙනෙක් නෑ අයියා. ඔයා ලංකාවට ආපු ගමන්ම නැතත් පුලුවන් ඉක්මනට මාව මීට් වෙන්න අනේ ලොකු පිනක් "

"හරි මම අපු ගමන් කතා කරන්නම්කෝ මේ ඔයාගේ මොබයිල් න්ම්බර් එකනේ. . ?

"ඔව් අයියා"

ඒ වෙනකොට විහඟ ඔහුගේම ව්‍යාපාරයක් හිමි වාහන දෙකක් හා ඉහල සමාජ සම්බන්ධකම් ඇති මධ්‍යම ප්‍රමානයේ නමුත් සාර්ථක ව්‍යාපාරිකයෙක්.

නිවාඩුවේ මුල් දින කීපයෙන් පසු මා විහඟ ලගේ නිවසට ගිය විටෙක එහි සිටියේ ඔහුගේ මව පමනයි . .

"අනේ පුතා බලන්න මේ අපේ බූරුවා කරන වැඩ. මට නම් මූ මගේ දරුවෙක් කියන්නත් ලැජ්ජයි"

"ඇයි ඇන්ටි මොකද්ද සීන් එක?"

"මූ මුගේ සෙකට්‍රි එක්ක යාලු වෙලානේ. ඒ ගෑනි දනන්වා මූ බැඳපු එකෙක් කියලා ඒකි මූව රවට්ටගෙන මුගේ සල්ලි වලට ද කොහෙද"

"මොකක් . . මට නම් හිතා ගන්නවත් බෑ. විහඟ ඒ ජාතියේ එකෙක් නෙමෙයි ආන්ටි කාගේ හරි බොරුවක් වෙන්න ඇති

"නෑ පුතා මූ මයි විහඟි දූට කියලා තියෙන්නෙ කෙල්ල රන්ඩු කරද්දී . . .එහෙම එකක් තියෙනවා ඉන්න පුලුවන් නම් හිටපන් බැරි නම් පලයන් කියලා."

"අයියෝ"

"ඒකනේ පුතා දැන් දරුවො දෙන්නෙක්. අනික මේ කෙල්ල වගේ කෙල්ලෙක් මම හිතන්නේ නෑ අපේ රටෙන් හොයන්න වත් පුලුවන් කියලා.හරිම අන්ඩර්ස්ටෑන්ඩබල්, ඒ වගේම ජොලි යෙ ඉන්න කැමති කෙල්ල . . ඕන දෙකට ඕන වෙලාවක . . . අපේ පවුලේ හැමෝම මූට වැඩිය අදරෙයි මේ කෙල්ලට"

“අන්න විහඟි ආවා ලමයින්ව ටියුෂන් අරන් ගිහින්. මම ළමයින්ව මේ ලඟ පාර්ක් එකට එකක්ගෙන යන්නම් පුතා එයා එක්ක කතා කරන්නකෝ”

"හලෝ හලෝ කොහොමද?"

"අනේ හරිම දුකෙන් ඉන්නේ අයියා. අම්මා කිව්වද සීන් එක?"

"ඔව්"

"මම මුලින්ම අම්මට වත් කිව්වේ නෑ ඒත් නුවන් අයියා නිතර නිතර මාත් එක්ක රන්ඩු කරද්දී අම්මල තේරිලා ඇහුවා"

"ඒක නෙමේ කෝ ගෙදර අනිත් අය"

"හැමෝම යුරෝප් වල සිටිසන් ලැබිලා ගියා. අම්මා ගිහින් ආවා මාව දාල යන්න බෑ කියලා"

"ෂා හොඳයිනේ"

"මම හැම දේම තනියෙන් විඳ ගත්තා අයියා මෙහේ අම්මට වත් කිව්වේ නෑ එයාල නුවන් අයියත් එක්ක තරහ වෙයි කියලා."

“ඇත්තෙන්ම මට මෙහේ අම්මට කියන්න වුනේ එක පාරක් නුවන් අයියා මත් එකක් රන්ඩු වෙලා මම මට ගෙදරින් යන්න කිව්වා. මම කැබ් එකක් ගෙන්නගෙන, බෑග් දෙකකට මගේයි ළමයි දෙනන්ගෙයි ඇඳුම් ටිකක් දාගෙන අම්මලගේ ගෙදර ගියා (මේ වන විට ඔවුන් තාවකාලික පදිංචිය විහඟ ලගේ නිවසේ සිට කි.මී. 10කට පමන දුකකට වෙනස් කරගෙන තිබිණ )අපේ අම්මල ඇහුවට මම කිව්වේ නෑ විස්තරේ. ගෙදර ගියා වුනත් මම බෑග් දෙක දොර ගාව තියාගෙන බලං හිටියේ නුවන් අයියා කොයි වෙලාවේ එයිද කියලා"

"ඉතිං"

"මම දන්නවා මෙහේ අම්මා ආපු ගමන් නුවන් අයියට බැනලා මාව එකක් යන්න එනවා කියලා. මෙහේ අම්මා මට හරිම ආදරෙයි. මමත් මගේ අම්මට තරම්ම මෙහේ අමම්ටත් ආදරෙන් සලකන්නේ. අම්මා වැඩ ඇරිලා ආපු ගමන් නුවන් අයියා එක්ක ආවා. මම වෑන් එක නතර කරපු ගමන් ගිහින් නැග්ගා අපේ අම්මලා එයාගෙන් මොකුත් අහන්න කලින්."

"ඔයා නම් මාර ගෑනියෙක් නංගී"

"ගියා වුනත් මගේ හිත මෙහෙමයි. අයිය කිසිම වැඩක් තනියෙන් කර ගන්නෙ නෑ. මට ඉතිං දුකේ බෑ තරහට යන්න කිව්වට එයා තනියෙම කොහොම කනව බොනව ඇත්ද කියලා හිතෙනකොට"

"ඔයාට නම් පිස්සු ද කොහෙද විහඟී"

"නෑ අයියා මම නුවන් අයියා අඳුන ගත්තු දවසේ ඉඳන් ප්‍රර්ථනා කලේ එයාගේ සතුට. මම එයාට ආදරේ නිසා තමයි එයගේ සතුටට කවදාවත් බාදා කලේ නැත්තේ"

"අයියෝ මට නම් හිතන්නත් බෑ විහඟ ඔය වගේ වැඩක් කරයි කියලා."

"ඒකනේ අයියා මටයි ළමයි දෙනන්ටයි හරිම ආදරෙන් හිටියේ. ඒත් දැන් ගෙදර ඉන්නේ බෝඩින් කාරයෙක් වගේ. ගොඩක් රෑ වෙලා එනවා, කනවා, නිදා ගනන්වා. අනිත් අය එක්ක කතා කලත් මාත් එක්ක වචනයක් වත් කතා කරනෙන නෑ"

"මට හිතා ගන්නවත් බෑ නංගී මොනා කරනන්ද කියලා"

"එයා එක්ක තරහා වෙන්න එපා අයියා . . මට මේවා අපේ අම්මලට වත් අයියලට නංගිලට මල්ලිලට කියන්න බෑ. අපි බැඳපු දවසේ ඉඳන් අයියා මට මගේ ම අයියා කෙනෙකුට වැඩිය හිතවත්කමින් සැලකුවා. අනික අපේ කසාදේ සාක්කියටත් අත්සන් කලේ අයියා. ඉතිං මට ඕන මේක කාට හරි කියන්න. . පංසලකට පල්ලියකට ගිහින් කියනවා වගේ කියනවට වැඩිය මගේ දුක, ආදරේ තේරුම් ගන්න පුලුවන් පන තියෙන කෙනෙකුට කියන්න . . . අයියා අහං හිටපු එකට පිං . .”

මෙය කෙටි කතාවක් පමනක්දැයි නො අසන්න . . !

78 comments:

  1. ඔය "විහඟ"ද මොකාද එකා මහ කාලකණ්නියෙක් නේ! :/ Grrr!

    ReplyDelete
  2. අපි ආදරෙ අය අපිට ආදරෙ නොකළත් අපිට බෑ ඒ අයට ආදරෙ නොකර ඉන්න. මං නම් එහෙමයි...සුභ පැතුම් අයියා තවත් අලුත් දේකට

    Dinithi

    ReplyDelete
  3. දිනිති ගෙ කතාවට මාත් එකගයි. අපි ආදරේ කරන්නෙ හිතකට. ඒ හිත එක තප්පරයෙන් වෙනස් වෙලා ඔය විහග වගේ වෙන්නත් පුළුවන්නෙ......

    ඒත් ඉතින් සැබෑවට ආදරය කරද්දී අවිශ්වාසයක් තියාගෙන ආදරය කරන්නත් බෑ. මොනා උනත් විහග වැරදියි. හුගාක් වැරදියි

    ReplyDelete
  4. ඇත්ත දුකා අයියෙ.... ආදරේ නම් නිදහස දෙන්න ඕනෙ...... උරුමයි නම් ලඟ රැදෙයි....... 'විහඟි' හැබෑවටම ආදරේ කරන කෙනෙක්........ හැබෑ ආදරේදි කෙනෙක්ට සතුටක් ලැබෙන්නෙ අනිත් කෙනාගෙ සතුට තුලින් විතරයි..... ඒත් මේ තරම් ආදරේ කරලත් විහඟිට ඒ සතුට නොලැබීම අවාසනාවක්.... විහඟිටත් වඩා 'විහඟ' අවාසනාවන්තයි..... මෙහෙම ආදරයකට පයින් ගහන්න තරම් මෝඩයෙක් වුන නිසාම.....නමුත් දෙයක් විය යුතුව ඇත්නම් නොසිනත විදියට සිද්ධවෙනවා........උරුම වුනත් නොවුනත් සැබෑ ආදරේ වෙනස් වෙන්නෙ නෑ.....

    ReplyDelete
  5. අවංකව ම කියනවා නම් මට කියන්න තියෙන්නේත් බුධාජීව මල්ලි කියපු දේම තමා...!

    ReplyDelete
  6. ඒකනේ මම කියන්නේ ... කසාදය තිත්තයි කියල... මේව දැක දැක කොහොමද විවාහ වෙන්නෙ..

    ලූෂන් බුලත්සිංහල මහත්තයා කිව දේ කොයි තරම් ඇත්තද....

    හැබෑ පෙම්වතුන්
    කිසිදා එක් නොවේ
    එක් වූ කිසිවකුත්
    හැබෑ පෙම්වතුන් ලෙස
    ජීවත් නොවේ
    වෙන් වී ගියවුන්
    සදාකල් පෙම්වතුන් ලෙසට
    ජීවත් වෙයි

    ReplyDelete
  7. අපි හැම තිස්සෙම කියනවා ගැහැනු චපලයි කියලා ! නමුත් ඒ කතාවෙ තවත් පැත්තකුත් තියෙනවා කියල මේ වගේ කතා වලින් හොඳටම තේරුම් යනවා.
    - උබ පොඩි ට්‍රයි එකක් දුන්නෙ නැද්ද මෑන්ට තේරුම් කරලා දෙන්න. නැත්තන් අර සෙකට්‍රි කෙල්ලට හරි තේරුම් කරලා දෙන්න !

    ReplyDelete
  8. mekay lokkaa. ehema eka parama aru weradi kiyanne nee mama. meke monawahari api nodanna kelit athi. balamuko mokada wenne kiyala

    ReplyDelete
  9. සම්පූර්ණ වැරද්ද උඹේ...
    ඔක්කොම දැනගෙනත්...
    1. අරූගේ හොම්බට දෙකක් නො ඇන්නට...
    2. විහඟිට හොඳවයින් දෙකක් කියලා කසාදේයි ආදරෙයි කියන්නේ පරිත්‍යාගය නෙවෙයි කියන එක කියලා නොදුන්නට
    ඊට අමතරව...
    3. මෙතන ඉන්න උන්ටත් ආදරේ කියන්නේ තමන් ආදරේ අයගේ සතුට යන අමූලික බොරු කියාදීම...
    4. කඩුවක් ඇවැසි තැන කඩුවක් ගෙන කොටනු යන ගීතය ප්‍රචලිත නොකිරීම...
    5. ආදරේ යනු තමන් ආදරේ කරන දේ හොඳින් හරි නරකින් හරි තමන් ලඟ තබා ගැනීම යන දේව භාෂිතය ප්‍රචලිත නොකිරීම

    තව නං එමට ...දැනට ඔය මදෑ නොමග ගිය සිත් නිවැරදි මගට දාන්න...

    ReplyDelete
  10. @budhajeewa, LishWish !
    අනේ මන්දා . . මම කෙල්ලෙක්ට බූට් එක තිබ්බා කියලා මාත් එක්ක අවුරුදු ගානක් තරහා වෙලා හිටපු එකා . . .

    @දිනිති!
    ඒත් ඒ අදරෙන් දෙන්නටම වැඩක් වෙන්නේ නැත්නම් ඒ ආදරේ නොකර ඉන්න එකමයි හොඳ . . . මේකේදී විහඟි ආදරේ කරන එකෙන් අඩු තරමින් දරුවන්ගේ අනාගතේ වත් සුරක්ෂිතයි නේ . .

    @දිල් !
    මම නම් තාම්ත් හිතන්නේ විහඟට හා විහඟිට පූර්ව ජන්ම අකුසලයක් පලදෙනවා කියලයි . . . ඒක නිමා වුනාම දෙන්නම පෙර පරිදි සතුටින් ඉඳීවී කියලයි මම හිතන්නේ.

    @විශ්මි !
    මගේ හැඟීමත් විහඟ අවාසනාවන්තයෙක් නිසා කියන එකයි විහඟිගේ ආදරේ නොතේරෙන්නේ . . . ඒත් අනේ මන්දා මට නම් මේ කතාව මතක් වෙන කොටත් හිතා ගන්න බෑ කාගේ වරදද මොකක් කියන්නද මොකක් කරන්නද කියලා . ..

    ReplyDelete
  11. @වත් !
    ඔයාගේ කසාදය පෝස්ට් එකට දාපු කමන්ට් එකම මෙතන මම දානන්ම් . . ඒක තමයි නියම පිලිතුර ඔයාට දෙන්න ඕන . .
    හැම කසාදයක්ම තිත්ත කසායක් වගේ නෙමෙයි . . .
    කසාදය තිත්ත කසයක් නොවෙන්න නම් සිදු විය යුත්තේ අවබෝදය
    ස්වාමියා කැමති බිරිඳ මම කැමති දේවල් වලට කැමති වෙනවා නම්
    බිරිඳ කැමති ස්වමියා තමන් කැමති විදිහට ඉන්නවානම්
    If you love something set it Free කියන එක අහලා තිබුනට කරන්නේ ආදරේ නාමයෙන් අනිත් කෙනාට විලංගු දාන්න හදන එක. (මම මේ ඔයාට ආදරේට කියන්නේ කියලා)
    එතකොට ඇති වෙන්නේ ආදරයක් නෙමේ තරහක්. ඒත් ඔයා අර කිව්ව බැමි නිසා තරහා හිරකරගෙන ඉන්නවා.

    තොටිල්ල පදවන අත ලොවක් පාලනය කරයි කියලනේ කියන්නේ. . .

    (කසාද නොබැඳ දරුවන් වැදීම නොහොබිනා කමක් කියා සිතන නිසා)ගෑනු ඔක්කෝම කසාදය කසායක් කියලා හිතාගෙන කසාද නොබැඳ හිටියොත් . . .

    අපේ රටේ හෙට දවස බාර දෙන්නේ කාටද . . .?

    ReplyDelete
  12. @රොකියා | Udara!
    නෑ මචන් විහඟි එයා එක්ක මේ ගැන කතා කරන්න එපා කිව්ව නිසා මම මොකුත් ඇහුවේ නෑ . . . මගේ නිවාඩුව සීමා සහිත නිසා මට වැඩි දෙයක් කරන්න ලැබුනෙත් නෑ අඩු තරමින් විහඟ ව මීට් වෙන්න වත් පුලුවන් වුනේ නෑ. මගේ වෙඩින් එකට උන් දෙන්න ළමයි එකක් ආවා (දනට අවුරුදු තුනාමාරකට කලින්). ඒ වෙලාවේ මම ශේප් එකේ විහඟි ගෙන් ඇහුවාම කිව්වේ දැන් ගොඩක් ශේප් කියලා. දැන් නම් කාලෙකින් විස්තර අහන්නත් බැරි උනා . .

    ReplyDelete
  13. @බිඟුවා...!
    අනේ මන්දා බන් . . . වෙලාවක විස්තර අහන්න ඕන. කාලෙකේන් කතා කරන්න බැරි උනා . . මගේ ෆෝන් එකේ කන්ටෑක්ට්ස් ඔක්කොම ඩිලීට් වෙලා දැන් ආපහු හොයා ගන්න වෙනවා කොහෙන් හරි උන්ගේ කන්ටෑක්ස්.

    ReplyDelete
  14. අනේ මන්ද බන්. මටනම් තෙරෙන්නෑ. මට ඔහොම කෙල්ලෙක් හිටියනම් කියල හිතුනා. ඒත් අපිට කාටවත් වරද පටවන්න පුලුවන්ද කියල මට තෙරෙන්නෑ. මගේ 3න් අවුරුදු ප්‍රෙමයක් තිබ්බා. එක දවසක් උදේ පාන්දර එයා කතා කරල මට කිව්වා...
    "xxxx අයියෙ, මට සමාවෙන්න. මම කසාද බැන්දා" කියල...
    එදා ඉදන් මම අවුරුදු2ක් විතර යනකම් බඩදරු අම්මකෙනෙක්ටවත් සීට්1ක් දුන්නෙනෑ...මට ඒ තරම් මට ගෑනු සංහතියම එපාවුනා...
    දැන්නම් ටිකක් ඒක හරි... මම ඒක පොස්ට්1ක් විදියටම දන්නම්කො...

    ReplyDelete
  15. මොන රෙද්දක්ද ඌට @#$@$$$ කියල අම්මත් එක්ක රට ගිහින් ලමයින්වත් අරන් අලුත් ජීවිතයක් පටන් ගන්න තියෙන්නෙ. මිනිස්සු මුලින්ම ආදරේ කරන්න ඕනෙ තමන්ටම. අනිත් ඔක්කොටම ඊට පස්සෙ. රෙද්දෙ ආදරේ මම නම් කියන්නෙ මෝඩ කම. තිස්ස අයියා කියල තියෙන දේවල් වලට සම්පූ‍ර්ණයෙන්ම එකඟයි.

    ReplyDelete
  16. තිසා!
    කෙලා හුටා !
    සම්පූර්ණ වැරද්ද උඹේ... මොකක් . . ???
    1. අනුන්ගේ පවුල් ප්‍රශ්න වලට කොහොමෙයි බන් එහෙම කඩා පනින්නෙ? අනික උගෙන් අහනන්වත් එපා කියල තියෙද්දී??
    2. ඒක නම් මම කියන්න පුලුවන් විදිහකින් කිව්වා . . . ඔය තරම් ම ආදරේ කරන්න එපා . . ඕක නිකම් අන්ධ භක්තියක් වගේ කියලා . .
    3. මාල ගිරවා ව තටු කපලා කූඩුවක හිර කරලා ඌට පියාඹන්න නොදී තියා ගන්න එක ඌට තියෙන ආදරේද මම මාල ගිරවුන්ට ආස නිසාද කියලා මට නම් තාම හිතා ගන්න බෑ . . .
    4. ඒ කියන්නේ තමන් ගේ ආගම නො අදහන එකා මිත්‍යාදෘෂ්ටිකයා නිසා ඌව මගේ ආගමට ගන්න ඕන නැති නම් ඌව විනාශ කරන්න ඕන . . .ඒකද මචං . . ?
    5. හඃ හඃ හා . . . ඔන්න උඹේ බළලා මල්ලෙන් එලිය පැන්නා . . . ඕකට කියන්නේ ආදරේ නෙමෙයි බං කෑදරකම . .. හික් හික් හික් . ..

    "තව නං එමට ...දැනට ඔය මදෑ නොමග ගිය සිත් නිවැරදි මගට දාන්න..." අනේ ඉතුරු ටිකත් කියපන් බං . . .

    ReplyDelete
  17. @Buddy --බඩී !
    මටත් හිතා ගන්න බෑ කාගේ වරදද කියලා . . . හැබැයි මචං එක මකුනෙක් කාපු එකට ඔක්කෝම මකුනෝ මරන එක නම් අනුමත කරන්න බෑ . . . හරි හරි ලියන්නකෝ අපි බලමු . .. සමහර විට අර ඉන්දික්ගේ කතාවේ වගේ උඹේ වැරදිත් තිබුනා වෙන්න පුලුවන් . . .ඒත් තමන්ට තමන්ගේ වැරදි පෙන්නේ අඩුවෙන්නේ බන් . .

    ReplyDelete
  18. @ත‍රිඳු!
    ඈ බං බන කියපු කටකින් නේද උඹ මේ කුනුහරුප කියන්නේ . . හික් හික් . ..

    වෛරය අවෛරයෙන් ජය ගන්න බැරිද එතකොට . . ??
    තරහව මෛත්‍රියෙන් ජය ගන්න බැරිද . . ??

    ඉන්නකෝ ඒ කෙල්ල ජය ගත්තද පරාද වුනාද කියලා මම හියලා බලා කියන්න . ..

    මතක තියා ගන්න හැමෝම එකම සාහසික විදිහට ආදරේ කරන්නේ නෑ . . මම අත්දැකීමෙන් කියන්නේ . ..

    ReplyDelete
  19. ඒ උනත් දුකා අයියේ කතාවක් තියෙනවනෙ වඳින්න වඳින්න ගහන මිනිහයි, ගහන්න ගහන්න වඳින මිනිහයි දෙන්නම මෝඩයෝ කියල.

    ReplyDelete
  20. හිහ් හිහ් හිහ්... මට තනියම හිනා...උඹේ මූණ මට මැවිලා පේනවා...
    1. උඹ ඇසූපිරූ තැන් ඇති මිනිහ වෙච්චි...උඹට තිබ්බ සක්‍රීයව මැදිහත් වෙන්න... මමනම් කඩා පනිනවා, දැන දැන මගේ හිතවතෙක් බුලක් කෙලිනවනම්... යාලු කං යකාට ගියාදෙං කියලා... අර පොඩිඋන් ගැන හිතලා...
    2. No Arguments... both agree...
    3. උඹට හිතාගන්න බැරිනම් උඹේ වරද... උන්ට හිතෙන්නැත්නම් උන්ගේ වරද... උඹ ගිරවට ආදරෙයි.. එච්චරයි... වැඩේ complex කරන්න එපා... "ලස්සන ගීත කියන... සොම්නස සතුට ගෙනෙන පෙම්බර ගිරවිය ගැන මොනවද දැන් කියන්නේ මම..."
    4. ඕං.. ඕං... යෝගියා කිව්වා ආගම, ජාතිය, දේශපාලනය බ්ලොග් වලට ගන්න එපා කියලා... මම යොගී අනුගාමිකයෙකි...
    5. මං දන්නේ නෑ බං... මට ඕනෑ දේ, මට ඕනෑ... වචනේ මක්ක උනහම මොකද...?

    වෙලාවක එන්නං ඔය පැත්තේ ...ඉතිරි ටික කියන්න..හෙහ් හෙහ් හෙහ්...

    ReplyDelete
  21. අනේ මන්දා මොනා කියන්නද කියලා.
    තමන් කැමති තැන් වල මිනිස්සු රැ‍‍දෙනවා. අකමැති තැන් වලින් ඈත් වෙනවා. ඒවට සාධාරණ හේතු කියල දෙයක් ඒ අයට අවශ්‍ය වෙන්නෙත් නෑ.එක අතකට සාධාරණයි අසාධාරණයි කියල බෙදල වෙන් කරන්න සීමාවනුත් අපිට නෑ.
    හිත් ගැන හිතා ගන්න බෑ..

    ReplyDelete
  22. @ත‍රිඳු, තිසා!
    ඇති යාන්තම් . .
    දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ . .
    මම හිතුවේ මගේ කමෙන්ට් එක හින්දා මගේ ආදරණීය යාලුවෝ දෙනෙන්ක් තරහ වුනා වත්දෝ කියලා . . .

    ReplyDelete
  23. මිටින් මුදා හැර බැලුවෙමි සත්තයි නුඹ නොගියා මවෙතින් ඉගිලී... කියන සිංදුව අහල තියෙනවද ?
    සොරි වෙන්න කියල මට මේකට ඊමේල් එකක් පෝස්ට් කරන්න වෙලා තියෙනව ඒත් කෑලි දෙකකට දාන්න වෙයි වගේ.. අවුලක් නම් මකල දාන්න..
    To those who are married, .. Not married .. and soon to be married
    When I got home that night as my wife served dinner, I held her hand and said, I've got something to tell you. She sat down and ate quietly. Again I observed the hurt in her eyes.

    Suddenly I didn't know how to open my mouth. But I had to lether know what I was thinking. I want a divorce.. I raised the topic calmly.

    She didn't seem to be annoyed by my words, instead she asked me softly, why?
    I avoided her question. This made her angry. She threw away the chopsticks and shouted at me, you are not a man! That night, we didn't talk to each other. She was weeping. I knew she wanted to findout what had happened to our marriage. But I could hardly give her a satisfactory answer; she had lost my heart to Dew. I didn't love her anymore. I just pitied her!

    With a deep sense of guilt, I drafted a divorce agreement which stated that she could own our house, our car, and 30% stake of my company.

    She glanced at it and then tore it into pieces. The woman whohad spent ten years of her life with me had become a stranger. I felt sorry for her wasted time, resources and energy but I could not takeback what I had said for I loved Dew so dearly. Finally she cried loudlyin front of me, which was what I had expected to see. To me her cry was actually a kind of release. The idea of divorce which had obsessed mefor several weeks seemed to be firmer and clearer now.

    The next day, I came back home very late and found her writingsomething at the table. I didn't have supper but went straight to sleep and fell asleep very fast because I was tired after an eventful day with Dew.

    When I woke up, she was still there at the table writing. I justdid not care so I turned over and was asleep again.

    In the morning she presented her divorce conditions: she didn'twant anything from me, but needed a month's notice before the divorce.
    She requested that in that one month we both struggle to live as normala life as possible. Her reasons were simple: our son had his exams in amonth's time and she didn't want to disrupt him with our broken marriage.

    This was agreeable to me. But she had something more, she askedme to recall how I had carried her into out bridal room on our wedding day.

    ReplyDelete
  24. She requested that everyday for the month's duration I carry herout of our bedroom to the front door ever morning. I thought she was going crazy.. Just to make our last days together bearable I accepted herodd request.
    I told Dew about my wife's divorce conditions.. . She laughedloudly and thought it was absurd. No matter what tricks she applies, she has to face the divorce, she said scornfully..

    My wife and I hadn't had any body contact since my divorce intention was explicitly expressed. So when I carried her out on the first day, we both appeared clumsy. Our son clapped behind us, daddy isholding mummy in his arms. His words brought me a sense of pain. >From the bedroom to the sitting room, then to the door, I walked over ten meters with her in my arms. She closed her eyes and said softly; don't tell our son about the divorce. I nodded, feeling somewhat upset. I puther down outside the door. She went to wait for the bus to work. I drove alone to the office.
    On the second day, both of us acted much more easily. She leaned on my chest. I could smell the fragrance of her blouse. I realized thatI hadn't looked at this woman carefully for a long time.. I realized she was not young any more. There were fine wrinkles on her face, her hair was graying! Our marriage had taken its toll on her. For a minute I wondered what I had done to her.
    On the fourth day, when I lifted her up, I felt a sense of intimacy returning. This was the woman who had given ten years of her life to me.

    On the fifth and sixth day, I realized that our sense ofintimacy was growing again. I didn't tell Dew about this. It became easier to carry her as the month slipped by. Perhaps the everydayworkout made me stronger.
    She was choosing what to wear one morning. She tried on quite afew dresses but could not find a suitable one. Then she sighed, all my dresses have grown bigger. I suddenly realized that she had grown sothin, that was the reason why I could carry her more easily.

    Suddenly it hit me... she had buried so much pain and bitternessin her heart. Subconsciously I reached out and touched her head.

    ReplyDelete
  25. Our son came in at the moment and said, Dad, it's time to carry mum out. To him, seeing his father carrying his mother out had become anessential part of his life. My wife gestured to our son to come closerand hugged him tightly. I turned my face away because I was afraid I might change my mind at this last minute. I then held her in my arms,walking from the bedroom, through the sitting room, to the hallway. Her hand surrounded my neck softly and naturally. I held her body tightly;it was just like our wedding day.

    But her much lighter weight made me sad. On the last day,when I held her in my arms I could hardly move a step. Our son had gone toschool. I held her tightly and said, I hadn't noticed that our life lacked intimacy.

    I drove to office.... jumped out of the car swiftly withoutlocking the door. I was afraid any delay would make me change my mind... I walked upstairs. Dew opened the door and I said to her, Sorry, Dew, Ido not want the divorce anymore.

    She looked at me, astonished, and then touched my forehead. Doyou have a fever? She said. Imoved her hand off my head. Sorry, Dew, I said, I won't divorce. My marriage life was boring probably because she and I didn't value the details of our lives, not because we didn't loveeach other any more. Now I realize that since I carried her into my home on our wedding day I am supposed to hold her until death do us apart.

    Dew seemed to suddenly wake up. She gave me a loud slap and thenslammed the door and burst into tears. I walked downstairs and drove away.

    At the floral shop on the way, I ordered a bouquet of flowersfor my wife. The salesgirl asked me what to write on the card. I smiled and wrote, I'll carry you out every morning until death do us apart.

    That evening I arrived home, flowers in my hands, a smile on my face, I ran up stairs, only to find my wife in the bed - dead......I cried and cried uncontrollably and carried her for the last time from the room to the hall with tears streaming down my face and gazing at my only son, his tears rolling from his eyes, they made me cry even more. I had lost my love, my wife and a loving and caring mother and nothing I could do now to put the clock backward. I had all the time now to look at her motionless body in detail but I knew it was going to be only for a short while until she made her last journey to the Lord.....I held my son and wept again and again thinking of all the things I did not do for her when she was still alive....... ..and placed gently the flowers in her hands with my tears trickling on them.......she was gone forever, all my tears would not bring her back .



    The small details of your lives are what really matter in arelationship. It is not the mansion, the car, property, the money in the bank, blah..blah.. blah. These create an environment conducive for happiness but cannot give happiness in themselves. So find time to beyour spouse's friend and do those little things for each other that build intimacy. Do have a real happy marriage!

    If you don't share this, nothing will happen to you.

    If you do, you might just save a marriage.

    ReplyDelete
  26. තරහ වෙන්නෙ අහවල් එක බෙදා ගන්න බැරුවද ? හිකිස් :D

    ReplyDelete
  27. @සු෴ !
    it is so touching story and this story really made me cry . . . !

    what to say . . .. !

    I hope he may read this post and this comments as well and realize how much she loves him, before her death . . . !

    ReplyDelete
  28. @සු෴ !

    "I hope he may read this post and this comments as well and realize how much she loves him, before her death . . . !"

    i mean my friend "Vihanga"

    ReplyDelete
  29. විහග මේ තරම්ම් ලොකු වැරද්දක් කරද්දිත් ඒ හැමදේම ඉවසගෙන ඉන්න තරම් විහගිගෙ හිත ශක්තිමත්.
    ඒ පිළිබද මගේ ප්‍රසාදය.
    අනික තමන්ගෙ පවුල රැකගන්න ඕන කියන අදහසත් හුගාක් උතුම්.
    එත් අර තරිදු කියන්න වගේ
    ගහන්න ගහන්න වදින එකත් මෝඩය, වදින්න වදින්න ගහන එකාත් මෝඩයා කියන කාරනෙ විහගිට පැහැදිලි කරල දෙනව නම් තමයි වටින්නේ .........

    ReplyDelete
  30. දුකා හනේ බං...උඹ තාමත් හිතනවද ඌ මෙව්වා කියවලා හැදෙන එකෙක් කියලා...?
    පිස්සුද බං... මට නම් හිතෙන්නෙම දෙකක් අන්නවන්නමයි... උඹ ලව්වා හැබැයි ඈ..

    ReplyDelete
  31. @ දුකා

    කෙලෙස් පර්වත පොත බැලුවනම්, ඒකෙ ඉන් සුභාට වුනදේ මතකද. එතකොට අර දරුව සනීප කරගන්න සත්‍ය ක්‍රියා කරපු ගැහැණිය මතකද? බොරුවෙන් වැහුණ විවාහායක්..???

    අපොයි එපා මට නම්....

    නිමලවංශලා වැඩි ලෝකේ.. උපතිස්සලා හිඟයි දුකා..

    ReplyDelete
  32. දුකා

    මම ඒ කෙල්ල වුනානම්. අර සෙක්ක්‍රටි කෙල්ලත් එක්ක එයාට ඔන දෙයක් කරගන්න කියල දරුවනුත් අරන් නොපෙනෙන දුරකට යනව. කවදහරි මට හරියන ආදරයක් හමුවුනොත් (නාකි වෙලා හරි) ඕන දේයක් කියල එයත් එක්ක ජීවත් වෙනව. හැබැයි විවාහ වෙන්නෙ නැහැ. විවාහය ආදරය විනාශ කරනව.........

    ReplyDelete
  33. @දුකා,
    පේගන් කතංදර වලට අනුව ඉස්සර මිනිස්සුන්ට ඔලු දෙකයි අත් හතරයි, කකුල් හතරයි තිබුනලුනෙ. ඒ අයට තිබුනු ශක්තිය ගැන බයවුනු 'සූස්' (දෙයියංගෙ ලොකු බුවා) මිනිස්සුන්ව දෙකඩ කරලා අද තියන තත්වෙන් හැදුවලු. නමුත් හිත එකයිලු. එදා ඉදලා මිනිස්සු තමංගෙ අනිත් කොටස හොය හොය ඉන්නවලු. තමංගෙ සහකාරයා (පරණ). හොයාගන්න එක ලේසි නෑලු තවත් මොකද්ද සාපයක සීන් එකක් නිසා.
    කතංදර කොහොම කිව්වත් අරූට හොම්බට දෙකක් ඇනපු නැති එකනම් ලොකු අපරාධයක්.

    @සු෴,
    that's the best story i read since the one about 'the boy who scratched dad's car'.

    ReplyDelete
  34. විහඟ ද මොකක්දෝ එකාට පින නෑ. ඔය වගේ උන්ට කියන්නේ පිංගුත්තරයෝ කියලා.
    ඔයාට තිබුණේ අර ගල් බමුණට දෙකක් කියලා මතක් කරල දෙන්න.

    ReplyDelete
  35. කතාව කියවද්දි ලොකූ දුකක් හිතේ ඇතිල්ලීගෙන ගියා.. දුක දැනුනේ විහඟලා, විහඟිලා ගැන විතරක්ම නෙමෙයි දුකා අයියේ... සමස්ත ලෝකය ගැනම..

    ආදරය ජීවිතයේ අපරිමිත උත්තරීතර ආත්මය කර ගන්නා අහිංසක විහඟිලා ගැන කෑ ගහලා අඬන්න තරම් දුකයි. අපේ ජීවිත වලත් අඩු හෝ වැඩි වශයෙන් විහඟිලා ජීවත් වෙනවා අයියේ...

    මුලු හදවතින්ම අවංකව ආදරය කරන අහිංසක ආදරනීය ගැහැනුන්ට 99%ක්ම අවස්ථා වලදී මුණ ගැහෙන්නේ, හිත යන්නේ විහඟලා කෙරෙහිම වීම මට නම් දිග හැර ගන්න බැරි ප්‍රශ්නයක්..බොහෝ උතුම් විහඟිලා දෙවිවරුන් මගහරිමින් ගොස් නවතින්නේ විහඟලා ගාව. හිතා ගන්නවත් බැහැ.

    එක අතකින් විහඟට උනත් දොස් කියන්නේ කොහොමද? කෙනෙක් ජීවිතයේ අලුත් අරමුනක් සොයා යන්නේ වර්තමාන අරමුණු වල අඩුවක් දැනෙන නිසාදැයි කවුද දන්නේ... මම මෙහෙම ලිව්වට සමා වෙන්න.. මෙහිදී මා මතු කරන්නේ සාධාරණ සමබර තත්ත්වය මිසක් ඔබ ලියූ කතාවේම පසුබිමම නෙමෙයි.කෙසේ වෙතත් අඩුව පිරිමසා ගන්නට , තමුන්ගේ ජීවිතය තුල විසාල කැප කිරීමක් කල අයෙකුට එවන් දුකක් දීම කිසි සේත්ම අනුමත කල නොහැකියි.

    මිනිස් සිත විවිධාකාරයි. විෂමයි. එය ඉන්ද්‍රජාලයක් මෙන් මොහොතින් මොහොත වෙනස් වෙනවා. මොහොතකට පෙර වෛර කල දේට මොහොතකින් ආදරය කරනවා. එයයි මනෝ භාවය... සිතෙහි ස්වභාවය..

    මිනිස්කම හඳුනන අපි, සිතට පාට වෙනස් කරන්නට ඉඩ ගන්නා විට, සිත දෙසම මොහොතක් හැරී බැලිය යුතුයි. කරන්නට යනදේ විවරණය කල යුතුයි. එසේ නොවෙද්දී විහඟලා අතින් මග හැරී යන විහඟිලා තව තවත් මේ සමාජයේදී අපට හමුවේවි. විහඟිලා ඉන් නොනැවතේවි. අනාගතයට ඔවුන් ගෙන යන්නේ මිනිසුන්ට වෛර කරන , මිනිසුන් විස්වාස නොකරන දරුවන්. අම්මෙකුගේ කඳුලු, තාත්තෙකුගෙ ලෙන්ගතු පවුල් බැඳියාව නොදකින දරුවන් කෙසේ නම් කු‍ටුම්භයට ගරු කරාවිද? ආදරය අහිමි වීමම පමණක් නෙමෙයි මෙහි ව්‍යසනය.. එයින් බිඳ වැටෙන හදවත් දරන්නේ විහඟලා, විහඟිලා පමණක් නෙමෙයි, විහඟ පැටවුනුත්...

    ReplyDelete
  36. @ සු෴

    i cried.... cried and cried... hope this story will make a few 'divorce minded' fools look back what they are going to do... i pray ..and pray....

    thanks a lot su for sharing this.. it was such a message to the whole world.. about love.. what actually missed in human lives.. its very very true.. and sometimes we are 'too late' ...hmmmm

    ReplyDelete
  37. මම දවල් මෙක කියෙව්වෙ, කියවන ගමන් හැමතැනම හිත දුවොලා බැලුවා විහඟගෙ ඔලුව ගැන, එයාගෙ වැඩ කිඩ ගැන.
    දුකා අයියා කෙනෙකු දුකකින් ඉන්න විට අපිට පුළුවන් වචන වලින් කෙනෙක්ගෙ හිතකට අවශ්‍ය ශක්තිය දෙන්න.. විහඟ සාර්ථක ව්‍යාපරිකයෙක් කියන්නෙ, එයා ගෙ ගතිගුණ අනුව ඔයා එහෙම පුද්ගලික සීමාවන් ඇතුලට ගියොත් ගැටුමක් ඇතිවෙන්න ඉඩතියනවා කොච්චර පිට් එක තිබුනත් ඔයගෙ සමාජ පන්තියෙ තිබෙන ස්භාවය අනුව.. නමුත් ඔයාගෙ ගති ගුන අනුව ගැටුමට පෙර ඔයා අයින් වෙන්න පුළුවන් නමුත් එතනින් තවත් විහඟි ට බලපැම වැඩිවෙනවා. එයා යි ඔයයි දෙන්නම පිරිමි අය හින්දා ඔයාට එයගෙ ඇතුලට දැන්නන යමක් කරන්න අමාරුයි..

    හැබැයි ඔයාට විහඟි ගෙ හිතට හැදෙන්න වචන ටිකක් දෙන්න පුළුවන්...මෙතනදි විහඟි නිශ්ශබ්දව දරුවන් දිහැ බලලා, දරුවන් වෙනුවෙන් කැපවෙලා, උන් කෙරෙහි සම්පුර්න අවධානය දක්වන එක තමයි විහඟිගෙ සම්පුර්නත්වය..

    හැබැයි ඔයගෙ යහලුවා කොච්චර සෙල්ලම් දැම්මත් එයා තැනකදි ගොඩාක් අසරණ වෙනවා.. ඔයාට පුළුවන්නම් එයාට එතන ගැන මතක් කරන්න... එක වටිනවා..යහලුවා නිසා යහලුවගෙ බිරිද වෙදනාවෙන්.. නමුත් යහලුවා අන්ධ වෙලා.. කොහොම උනත් යහලුවගෙ බිරිද දරුවො දෙන්නවත් අරන් කොහෙවත් නොයන එක..

    දුකා අයියා මෙතන දාල තියන පොස්ට් එක කියවන්නකො..

    නමුත් මෙ ප්‍රශ්නයට මැදිහත් වෙන්න කවුරු හරි ඔනා.. එ දෙන්නගෙ තාත්තාලා තමයි හොදම මිනිස්සු.

    තව දෙයක් හොයන් යන්නෙ වර්ථමාන ව ලැබෙන දෙ අඩුවක් නිසා කියන එක මම පිළිගන්නෙ නැහැ..(ජිවිතෙ මල්). මිනිස්සු කොහොමත් ආසයි.. නමුත් බුද්ධියක් , හදවතක්, හෘදසාක්ෂියක් තියන මනුස්සයෙක් කවදාවත් තමුන්ගෙ බිරිදව ඈත් කරන්නෙ නැහැ කිසිම හෙතුවක් නිසා..

    දැන් මෙතන මම දකින විදියට ලිංගික ජිවිතෙ ගැටලුවක් තිබෙවා වෙන්න පුළුවන්. නමුත් දරුවො දෙදෙනෙක් වදාපු ගැහැණු කෙනෙකුගෙන් වයස 25 ක තරුණියෙකුගෙ ලැබෙන ලිංගික සතුට බලාපොරොත්තු වෙනවා නම්.. එ මනුස්සයා මන්ද බුද්ධිකයෙක් වෙනවා. කසාද බැන්දට පස්සෙ වෘතිය ජිවිතයයි, ගෘහ ජිවිතයයි, ලිංගික ජිවිතයයි, ආධ්‍යාත්මික ජිවිතයයි... පටලවගන්නෙ නැහැ..හොද හැගිම් තියන මිනිස්සු.. මෙතන ප්‍රශ්නයක් තියන්නෙ පිරිමි කෙනාගෙ හිතෙ, හදවතෙ .. අම්මලා තාත්තාලා දරුවන්ව කිසිම තෙතමනයක් නැතුව හදලා..
    මෙතන තියන්නෙ පිරිමි කෙනාගෙ හදවතෙ අවුලක්. මෙ මනුස්සයාට යමක් ලැබිලා තියනවා.. දැන් කරන දෙවල් වලින් එවා නැතිකරගන්නවා..

    මම හිතනවා යහලුවා වයස 38 ක් , 40 ක විතර කෙනෙක් කියලා.. යහලුවට හොද යහලුවෙක් නැතිවෙලා මෙවා කියලා දෙන්න..යහලුවා ගොඩාක් ලොකු අමාරුවක වැටෙනවා..ධනය අතින් නොවෙ.

    ReplyDelete
  38. මෝඩ කොල්ලෙක්.ඒත් විහඟ ගෙ පැත්තෙන් එයාට කියන්න තියෙන කතාව මොකක්ද දන්නෙ නෑ...හ්ම්...
    @සු෴,-ඇත්තෙන්ම හරිම දුක්බර කතාවක්.බඳින්නත් එපා වෙනව මේව කියෙව්වම.divorce වෙන්න බඳින්නෙ ඇයි?hmmmm I'll rather live together!

    ReplyDelete
  39. @සු෴ !
    some one can say your story is collection of some one thoughts.. but i belive this is the reality.. impact is the most important thing affect for realationship. if some one forget her/his partner fragrance of affection he/she will be worry oneday. thanks for sharing sensitive story among us..

    ReplyDelete
  40. මේක දැක්කහම ලඟදි බලපු මෙක්සිකානු චිත්‍රපටියක් මතක් වුනා...Carlos Reygadas ගෙ Silent Light.. මේකේ කතා නායකයා Johan ලමයි ඉන්න පියෙක්... ආදරණීය බිරිඳක් ඉන්න සැමියෙක්....දේව භක්තිකයෙක්.. ඒත් මෙයාට වෙන සම්බන්දයක් තියනව තවත් කාන්තාවක් එක්ක...ඒක මෙයාගෙ බිරිඳ, තාත්ත, හොඳම යාලුව දන්නව.... ජොහාන්ගේ අදහස තම අනියම් පෙම්වතිය තමාට මේ ලෝකේ ගැලපෙන හොඳම ගැහැනිය කියලා. ඒත් එයා තමාගේ බිරිඳ ගැන හරිම දුකකින් ඉන්නෙ... චිත්‍රපටිය පුරාම තියෙන්නෙ ජොහාන්ගේ guilty එක... මේ අනියම් පෙම්වතුන් දෙන්න ලිංගිකව එක්වන ජවනිකාවකදි පවා මතු වෙන්නෙ ඔවුන් දෙන්නගෙම තියන පසුතැවිම.... ඒත් මේකෙදි ඔහු තමන්ගේ බිරින්දෑට රළු විදිහට සලකන්නෙ නැහැ....
    දුකාගේ කතාව කියවද්දි මට මෙහෙම හිතුන... මට මනෝ විද්‍යාව ගැන ලොකු දැනුමක් නැහැ..ඒත් මේක මම දැකපු දේවල් වලින් ගොඩනගා ගත්ත අදහසක්. සමහර වෙලාවට මිනිස්සු තමන්ගෙ guilty එකට ප්‍රතික්‍රියා දක්වන්නෙ හරිම වෙනස් විදිහට. තමන් කාට හරි වරදක් කලා කියල හිතුනහම ඒ guilty එක පිටකරන්නෙ ඒ වරදට ලක් වෙච්ච පුද්ගලයට රළු විදිහට සැලකීමෙන්. මේක මම දැකල තියන දෙයක්. සමහර විට තමන්ට මේ වරදකාරි හැගීම ඇතිවුනේ (තමන්ගෙ වරද නිසා උනත්) අර මනුස්සයා නිසා කියල තමන්ගෙ selfish යටිහිතෙන් එන අදහස නිසා ඇති වෙන කෝපයක් වෙන්ඩත් පුලුවන්...එක හරි කියන එක නෙවි කියන්නෙ...ඒත් එහෙම දේකුත් තියනව කියන එකයි මට කියන්ඩ ඕනෙ..ඒක හරිම දුක්බර තත්වයක්
    මට හිතෙන්නේ විහඟ පිට කරන්නේ එයගේ guilty එක... විහඟ හිතින් සෑහෙන්ඩ විඳවනව ඇති කියලා හිතෙනවා... මොනව වුනත් විහඟි ගැන මට දුකයි.. දෙන්න ගැනම දුකයි....

    ReplyDelete
  41. චමිල ට
    විහඟ එහෙම guilty එක පිට කරද්දි එයා යම් තැනක් ඉතුරු කරන්න ඔනා තමුන්ගෙ අත්මයට ගැලවිම පිණිස, එයාට හොදම තැන තමයි එක්කො දෙමව්පියො නැත්නම් හොදම යහලුවෙක්.. නමුත් දුකා අයියා පොස්ට් එකෙ දලා තිබුණු විදියට විහඟ ඇතුලෙ තිබෙන දෙ පිට කාටවත් බිරිදටවත් දැනෙන්න දිලා තිබලා නැහැ. විහඟ එ වෙලාවෙ එහෙම විදවන්නෙ නැතුව ඇති.. එයා පසුතැවිලිවිමක්, වරදකාරි ස්භාවයක් එහෙම පිට කරයි කියලා හිතන්න අමාරුයි සාර්ථක බිස්නස් එකක් කරගෙන යන කෙනෙක්, අවුරුදු 10 ක් ආදරය කරපු කෙනෙකුව ලෙහෙසියෙන් අතහැරපු කෙනෙක්, දුකා අයියා මෙ විහඟ ගෙ චරිත ලක්ෂන පෙන්නුම් කරලා තියන විදියට මට එහෙම හිතන්න අමාරුයි...

    ReplyDelete
  42. @චමිල: මෙන්න හොඳ සමබර දැක්මක්... මාත්, දුකාත් අතරට...
    මෙහෙම තමයි කල්පනාව එක් එක් කෙනා වෙන් වෙන්ව යොමු කලයුත්තේ...
    (හැබැයි මගේ විසඳුම තාමත් දත් නැතුව බත්...විහඟට..!!!)
    නියමයි චමිල...නිකං චිත්‍රපටියක් බලලා ආතල් ගන්නවට වඩා... හිතන්න පුලුවන් පරාසය පුලුල් කර ගන්න එක...

    ReplyDelete
  43. රවා ට... හොඳ පොයින්ට් එකක්...!!! හැබැයි මට හිතෙන දේ තමයි කොච්චර ලොකු සාර්ථක මිනිහෙක්ගෙ උනත් guilty කියන එක තියෙන්ඩ පුලුවන්. ලොකයට හරිම සතුටු මුනක් පෙන්නගෙන, ඒත් ඇතුලෙන් තැවි තැවි ඉන්න මිනිස්සු ඕනෙ තරං. අනික විහඟ කාටවත් ඒක කිව්වෙ නෑ කියන එකෙන් කියන්ඩ බෑ එහෙම දෙයක් නෑ කියලා. එහෙම කාටවත් නොකිය ඉන්න එකෙ ආතතිය විගඟි හරහ පිටවෙනව වෙන්ඩත් පුලුවන්... රවා කියනව වගේ ඇත්තටම මිනිහගෙ හිතේ එහෙම guilty එකක් නැත්තන් එහෙම වෙන්ඩ හේතුව විදිහට මට පේන්නෙ විහඟ විහඟිව දකින්නේ අපි බලන කෝණයෙන් නෙවේ. අපට අනුව විහඟි හරිම ආදරණීය, යහපත් බිරිඳක්. දේවතාවියක් වගේ... ඒත් විහඟගෙ විහඟි ගැන චිත්‍රය මීට වඩා සම්පුර්නයෙන්ම වෙනස් ඇති. මිනිහට අනුව මේක වරදක් නෙවේ... එහෙම නැතුව අපි බලන කෝණයෙන්ම බලලා, guilty එකකුත් නැතිව ඉන්ඩනන් විදිහක් නෑ මට හිතෙන විදිහට.

    තිස්ස අය්යට...ස්තුතියි ප්‍රශසාවට...!!! සමහර දේවල් වලදි අයියගේ දත් නැතුව බත් තියරිය හරියටම හරි යන, බොහොම ප්‍රැක්ටිකල් විසඳුමක්. ඒත් මේ ප්‍රශ්නෙදිනන් ඒ විසඳුමට යන්ඩ දත්ත මදි කියල හිතෙන්නෙ... :D

    ReplyDelete
  44. චමිල අයියා..
    මමත් විහඟගෙ දරුවෙක් වගෙ කෙනෙක්.. මෙතනදි විහඟගෙ ලක්ෂන වලට සමානව තමයි මගෙ පියා හැසිරුනෙ. මුලදි හංගා ගෙන අනියම් සම්බන්දය ගෙනිච්චත්, දිනෙක අම්මා ඉදිරියෙ පිළිගන්න සිදු උනා. මව ඉට පස්සෙ බොහොම නිශ්ශබ්ද උනා. මිනිස්සු තමුන්ගෙ වරදකාරි ස්භාවය පිට කරන විදියක් තමයි ලක් වුනු කෙනාට රළු විදියට සැලකීම. එහෙම වෙන්නෙ මානසික විකෘතිතාවයක් නිසා. නමුත් එවැනි විකෘතියක් පෙන්නන්නෙ නැහැ විහඟ. එහෙමනම් එයා එක විහඟිගෙ මුණට කියන්නෙ නැහැ. බිස්නස් කරන අය බොහොම සියුම් මොලවල් තියන අය. මෙ අය පසුතැවිලිවිම්, වරදකාරි හැගිම් ඉතාම සුලු මොහොතකට පමණයි තබා ගන්නෙ.. හිත ඇතුලෙන්ම කරුණු කාරනා මතු කරන් එයාල තමුන් කරන දෙ නිවැරදි යන්න හදවතට දන්වනවා...විහගි රන්ඩු කරනවා කියන දෙයින් පෙනෙන්නෙ විහඟිත් උත්සහයක් දරනවා විහඟගෙ වෙනස්විමට ප්‍රතිරොදයක් දක්වන්න. මගෙ අත්දැකිම් වලට අනුව නම් විහඟ ගෙ දරුවන් දෙස බලන විට විහඟට කෙදිනක හො එම වරදකාරි හැගිම කැලලක් ලෙස හිටින්න පුළුවන්..

    ReplyDelete
  45. මාරම සංවේදි කතාවක් . . හැමදේම හොදින් විසදෙයි.

    ReplyDelete
  46. මතකයිනේ මුලින්මත් මම කිව්ව මම මේ කතාව ලියන්නේ දෙගිඩියාවකින් මොකද ඒකෙන් මේ චරිතවල නියම අනන්‍යතාවය හෙලිවීම හැර වෙන සිදුවිය හැකි යමක් වේදෝ කියල මට සැකයි කියලා .. . .ඒත් දැං මට දැන්න්නේ මම කලේ හරි දෙයක් කියලා. .

    මේ කතාව කියවපු කිසිම කෙනෙක් අනාගතයේදී "විහඟ" කෙනෙක් නොවන බව මට විස්වාසයි. ඒකෙන් අනාගතයේ විහඟිලා වෙලා දුක් විඳින්න සිදුවෙන කාන්තාවන් කීපයක් හෝ එයින් මුදවා ගන්න ලැබුනා කියන සතුට මට බොහෝම වටිනවා.

    මම හිතනවා විහඟ හරි විහඟි හරි මේක දැක්කත් මා එක්ක තරහ වෙන එකක් නෑ ඒ හේතු නිසාවෙන්ම.

    මම හිතන්නේ චමිල කියපු දේ තමයි ගොඩක් වෙලාවට වෙන්න ඇත්තේ. මගේ වෙඩින් එක වෙලාවේදී විහඟ මම දැක්කා විහඟගේ ඇස් වල ලොකූ වේදනාවක් . . ඒක අර චමිල කිව්ව ගිල්ටි ෆීලින්ග් එක කියලා මම හිතනවා.

    එයා දන්නවා කවදාවත් ඒ වගේ කෙල්ලෙක් එයාට ලැබෙන්නේ නෑ කියලා. විහඟත් පාසැල් යන කාලේ ඊට පසු අපි ඇසුරු කල කාලේ හරිම සංවේදී කෙනෙක්.

    මම වගේම ඌත් ඉස්සර ෆිල්ම් බලලා පොත් බලලා අඬන කෙනෙක්. සල්ලි තිබුනා කියලා පොඩ්ඩක් වත් ආඩම්බර වුනු එකෙක් නෙමෙයි. අපි ක්ලාස් ඇරිලා එලියෙන් කෑම කන්න යන කොට මගේ දවසෙදි ඌ හොඳටම දන්න නිසා ඒ කාලේ මගේ ලඟ සල්ලි නෑ කියලා මාව අනිත් අය ඉස්සරහා නෝන්ඩි වෙයි කියලා බයට අද මගේ ගානේ කියලා පැනලා කියනවා. හැබැයි මට අඟවන්නේ නෑ ඌ මගේ ලඟ සල්ලි නෑ කියලා දනන්ව කියල වත්.

    දෛවයේ මොකද්දෝ සරදමකට වෙන්න ඇති ඌට ඔය විදිහට වෙන්න ඇත්තේ . . . මගේ නම් හැඟීම ගොඩක් වෙලාවට ලිංගික ආකර්ශයනක් වෙන්න ඇති . . . අධ්‍යාත්මික බැඳීමක් නම් ඌ විහඟි හැර වෙන කා එක්ක වත් ඇතිකර ගන්න එකක් නෑ කියලා මට ෆුල් ෂුවර්.

    අනික විහඟි දන්නවා ඌ කොයිතරම් ලව්ලි එකෙක්ද කියලා . . මම හිතන්නේ එයාගේ ඉවසීම ත් ඒ නිසාම වෙන්න ඇති . . මොකද ඒ කෙල්ල හරිම හොඳ ජීවිතාවබෝධයක් තියෙන කෙනෙක්. උන් බැදපු කාලේ ඉඳන් සෑහෙන කාලයක් වෙනකම් .

    හිටපු හැටි මට මතකයි. ඒ ගෙදර අය අතරේ ලොකූ බැඳීමක් ඇති කලේ විහඟි අරූ පිට අයට ගොඩාක් හොඳ උනාට ගෙදර අය එක්ක තරහකින් හිටියේ. ඒකට නම් ඌට සාධාරන හේතු තිබුනා. ඒත් විහඟි ආවහම ඒ හැම දේම නැතිවුනා. . . මට තාම මතකයි අපි කට්ටිය මහ රෑ වෙනකම් ඇවිදපු හැටි . . පාර්ටි වලට ගිය හැටි . . . සෙල්ලම් කල හැටි . . . සමහර විට මම රටෙන් පිට ගියාට පස්සේ ටිකක් දුරස් වෙන්න හේතු වෙන්න ඇත්තෙත් එයාලගේ කතාව හැපි එවර් ආෆ්ටර් එකක් වෙන ලකුනු මම දැකපු නිසා වෙන්න ඇති . ..

    මම හැම දෙනාටම පොරොන්දු වෙන්නම් ටික කාලයක් (මේ පෝස්ට් එකේ උනුසුම ගිහින් - මොකෝ බැරි වෙලාවත් බලපු කවුරු හරිගෙන් නම් මම කන්ටෑක්ට්ස් ඉල්ලන්නේ එයාල සැක හිතයි ) ගියාට පසු මම අද තත්වේ හොයලා බලලා කියන්නම් කියලා . ..

    හව දෙයක්, අග පිපි මල් කතාව බලපු හරි ටෙලිය බලපු හරි කෙනෙකුට හිතෙන්න පුලුවන් මේ වගේ සිදුවීම් වෙන්න පුලුවන් බව. මම පුද්ගලික ව මේ වගේ සිදුවීම් 3ක් හෝ 4ක් දන්නවා (මම ඉතිං දුකා නිසා මට කියනවා කියලා කියන්න පුලුවන්) කිසිම හේතුවක් නැතුව පෙරාපු රත්තරන් වගේ 100% පර්ෆෙක්ට් නැතත් හොඳ සැමියන්ව / බිරිඳව එපා වුනු පවුල් කීපයක් ගන මම දන්නවා. මට ඒ කතා කීමෙන් එයාලා බලාපොරොත්තු වෙන්නේ උපදෙස් නෙමෙයි. තමන්ගේ හිත සනස ගන්න විස්වාස කල හැකි ඒ විස්තර අනවශ්ය ලෙසට යොදා නොගනී කියල විස්වාස කෙනෙකුට කියන එක.

    රවා අහල තිබුන විහඟ ගේ වයස . . ඔයා කියපු තරම් වයසක එකෙක් නීම්යි . . . මේ සිදුවීම වෙනකොට ඌට 30යි.

    තිසා කියල තිබුන දත් න්‍යායට මට යන්න බැරි උනේ මම නඩු ඇහුවේ එක පාර්ශවයකින්නේ . . . එහ්ම කොහොමද විත්තිකරුගෙන් ප්‍රශ්න කරන්නේ වත් නැතුව ඌට දඬුවම් කරන්නේ . ..

    කොහොම උනත් කමෙන්ට් කරපු හැම දෙනාටම ස්තූතියි . .. වෙන වෙනම පිලිතුරු දෙන්න ඕන අයට (විශේශයෙන් වත් ට ) වෙන වෙලවක පිලිතුරු දෙන්නම් . . .

    ReplyDelete
  47. මිනිස් හිත කාට නම් හඳුනා ගත හැකිද...

    ReplyDelete
  48. @ දුකා: Damn good concluding remark mucho...! I bow to your most humble nature my dear friend... Truly glad to have a friend like you....

    ReplyDelete
  49. @Raven!
    ඒ අතරෙම මිනිස්සු අතින් වැරදි වෙනවා ඒ වැරදි අඳුන ගත්තු සමහරු යලි ජීවිත කාලයකටම ඒ වැරදි නොකර ඉන්නවා . . . සමාහරු තමන් කරන්නේ වරද්දක් බව දැන දැනම ඒ වැරද්ද යලි යලිත් කරනවා . . . මනෝ විද්‍යාවෙන් පිලිතුරු දිය යුතු ප්‍රශ්නයක් වගේ නේද මලේ . . !

    @පබලු !
    ඇත්ත ඒත් කලින් සුන්දර මිනිසෙක්ව සිටි බව ඈ දන්න නිසා සමාව දුන්න විය හැකියි. . අනික ඔහුගේ වරද හඳුනාගෙන ඔහුට ඒ වරද නිවරදි කර ගන්න කාලයත් ලබා දෙන්න ඈ හිත හදා ගන්න ඇති කියලා මම හිතනවා

    @änthräX !
    ඔය බොරු සුරංගනා කතා බං . . . හරි ඌට හොම්බට අනින්න ඕන නෑ අනාගතේ උඹ ඒ වගේ වැරද්දක් නොකර හිටපන්කෝ . . ඒ හොඳටෝම ඇති . . . නැත්නම් උඹේ වියෝලා පවුනේ . .

    ReplyDelete
  50. @වත්!
    වත් කෙලෙස් පර්වත එකේ සුභාගේ දුර්වල පෞරුෂය නෙමෙයිද එයාට ඒ දුක උරුම කරලා දුන්නේ. කන්‍යාභාවය කියන්නේ ගෑනියෙක්ට මුලු ජීවිතේමද ??? පිස්සු විකාර !! සුභා නිමලවංශගෙන් පලිගන්නනේ ඌව බඳින්නේ . . . ! චේතනා හම් භික්කවේ කම්මං වදාමි . . . (හරිද මංදා කෝ මේ තරිඳු . .!) සුභාගේ චේතනාව හොඳ එකක් නෙමෙයි නේ ඉතිං ඊට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද . . . ? මිනිහෙක් නිමලවංශ කෙනෙක් කරන්නෙත් උපතිස්ස කෙනෙක් කරන්නේත් සුභා ල . . මතක තියා ගන්න . . මම ආයේ අයේ කියනවා තොටිලල් පදවන අත ලොවක් පාලනය කරයි . ..

    ගෑනු මාතෘත්වයට කාන්තාවන්ට ලැබිය යුතු නියම ගෞරවය ලැබිය යුතු ලෙස ඉන්නවා නම් උපතිස්සලා බිහිවෙන එක ඉබේ සිදුවෙනවා. එහෙම නැතුව ගෑනු හිට්ලර්ලා කාලි අම්මලා වෙන්න ගියාම නිමලවංශලා උඩපැන පැන පිනුම් ගහනවා . . . කලාතුරකින් අර මම කිව්ව වගේ දෛවයේ සරදමින් සිදුවෙන දේවල වලක්වන්න කාටවත් බෑ . . . ඉතිහාසයේ හැම සාර්ථක හෝ අසාර්තක පිරිමි කෙනෙක් ගැන හොයලා බලන්න . . පිටි පස්සේ ඉන්නේ ගෑනු කෙනෙක් නෙමෙයිද කියලා . . .

    විවාහ වෙන්න ඕන . . ගෑනු පිරිමින්ට වඩා අවබෝදයෙන් (පරිකල්පන ශක්තිය හා පිරිමි වැඩේන ලෝක වල බලපෙමෙන් පිරිමි අයව කල්පනාකාරී ලෙස පාලනය කල යුතුයි - ගහැනු ලොව පිරිමි ලොව පොත කියවන්න ) හැමෝගෙම ජීවිත පාලනය කරන්න ඕන . . දරුවෝ හදන්න ඕන . . . කල්පනාවෙන් උන් යහමගට ගන්න ඕන . . මේ හැම දේම තියෙන්නේ ගෑනු අතේ . .

    ඉතිං ඔයාලා බඳින්නේ නෑ කිව්වම කවුද මේවා කරන්නේ . . . අනේ මේ පිස්සු කරන්නෙපා වත් . .

    ReplyDelete
  51. @මිස්සක !
    ඒ පිංගුත්තරයා මේ වෙන කොට තේරුම් අරන් ඇති කියලා හිතනවා බං . . මට මගේ තිබුනු අනෙක් දේවල් එක්ක මේ සීන් එකට ගැඹුරින් ඉන්වෝල්ව් වෙන්න බැරි උනා මචන් . ..

    @ජීවිතේමල්!
    ඒක තමයි . . . විහඟ පැටව් ගැන සිතීමෙනුත් . . අතීතයේ ජීවත් වූ සුන්දර විහඟේ ගේ මතකයනුත් එකපාරටම වලදමානු බැරි නිසාවෙනුත් කාලයට ඉඩදීලා ඉවසගෙන ඉන්න (හිටි ) විහඟිගේ මාතෘත්වයටත් ප්‍රේමනීය හිතටත් මම ඇත්තෙන්ම ගරු කරන්නේ ඒ නිසාමයි . . .

    ReplyDelete
  52. @දුකා: to ජීවිතේමල්... "...... ප්‍රේමනීය හිතටත් මම ඇත්තෙන්ම ගරු කරන්නේ ඒ නිසාමයි . . ."

    දැන් තේරෙනවා මෙතන ප්‍රස්නෙට මුල...
    උඹ අපිව නියමෙට කඩේ යැව්වා නේ...?

    ReplyDelete
  53. @තිසා!
    මගුලක් කතා කරනවා . .යකෝ ප්‍රේමනීය හිත කිව්වේ ඌට පෙම් කරපු හිතට . . . හිටු තෝ හම්බුවෙනකම් මේ බ්‍රහස්පතින්දාට ඕවට රිටර්න් එක දෙන්න . . . Grrrrrrr

    ReplyDelete
  54. දුකා ,වත් ට ලියුව කතාව නම් හරියටම හරි. ගැහැනිය කියන්නේ ලොවක් තැනිය හෝ නැසිය හැකි ආකර්ශනීය බලවේගයක්. පවුලක්, මිනිසෙක් හෝ රටක්. ඇත්ත... ගැහැනු තම ගැහැනු ගතිය , සුන්දරත්වය ‍රැක ගන්නා අතරම තම බුද්ධිය වඩවා ගත යුතුයි. මේ දෙයම emphasise කරන කතනදරයක් මා අතිනුත් ලඟදි ලියවුනා .

    දුකා ඔබ කියන ගැහැනු ලොව-පිරිමි ලොව පොත මාත් දු‍ටුවා. අපූරුම පොතක් . නියමාකාර විවරණයක් දෙනවා ගැහැනු සහ පිරිමි මනස ගැන.

    ලෝකය තැනෙන්නේ මවකගේ බලපෑමෙනැයි මම කියනවා.
    මගේ පෝස්ට් එකක(http://sansaare.blogspot.com/2010/04/blog-post.html) මෙයම කියවෙන නිසා එය උධෘත කරන්නම්

    "දුවෙක් තුල සිටින අනාගත ගැහැනිය තීරණය වන්නේ අම්මාගේ පෞරුෂයෙන්. පුතෙක් ගැහැනිය කෙබඳු සත්වයෙක්දැයි මුලින්ම නිගමන වලට එලඹෙන්නේ අම්මගේ ප්‍රතිරූපයෙන්. ඒ නිගමන දුවෙකුගේ -පුතෙකුගේ හිතේ මියෙන තුරාවටම තිබෙන ආකල්ප බවට පත් වෙනවා. අම්මා තාත්තට කතා කරන විදිය, භාවිත කරන වචන, දෙයකට ප්‍රතිචාර දක්වන විදියේ පටන් අම්ම සමාජයේ හැසිරෙන විදිය දක්වා හැම දෙයක්ම දුවෙකුට ක්ලෝනීකරණය වෙනවා.එය කොතරම් අවැසි උනත් යටිහිතෙන් ඉන් පසු ඉවත් කරන්න බොහොම අපහසුයි.
    පුතෙක් ගැහැනිය නිර්වචනය කරන්නේ අම්මාගේ ස්වභාවය විශ්ලේෂණය කිරීමෙන්. ඒ නිසාම අම්මලා- බොහොම පරිස්සමෙන්. ඔබ තමයි දරුවන්ගෙ හැම ආකල්පයකම ආරම්භය.!"

    විහඟ පැටවුන් ගැන සිතන විහඟි ඉවසිලිමත් උදාර මවක්. එවන් ගැහැනුන් දුක් වින්දවීම විහඟ වැන්නවුන් කර ගන්නා පාපයක්... එහෙත් මෙය එක් පැත්තකින් ඇසෙන කතාවක් නිසා විහඟ ගැන වැඩි දෙයක් කතා කරන එක සුදුසුද මන්දා. ඒත් දරුවන්, අවබෝදයෙන් යුතු වටිනා බිරිඳ ගැන හිතලා විහඟ සත්‍යය දැකිය යුතුයි. ලාබාල වයසේම විහඟිට තනිවී ඉන්න වුනොත් විහඟ කර ගන්නා ලොකූ පාපයක්.

    ReplyDelete
  55. දුකා අයියා .. ඔයා පොස්ට් එකෙ විහඟට අසාධාරණයක් කරලා තියන්නෙ.. විහඟගෙ න් බිරිදට ආපු වචන ටිකෙන් තමයි.. මම විහඟව එහෙම නිර්ණය කරෙ.... ඔයා විගඟට පොඩි සද්දයක් දැම්මෙ නැද්ද...?

    ReplyDelete
  56. බොහොම ස්තූතියි. "ගැහැණු ලොව පිරිමි ලොව" අර තඩි පොත කියවා ඇත්තෙමි. අපේ අම්මා කියනව වගේ " පොත් තමයි මාව පිස්සු වට්ටල තියෙන්නෙ,"...

    තරහ වෙන්න එපා දුකා. ඔයා මගේ හිත රිද්දුවා. බොහොම ස්තූතියි.

    ReplyDelete
  57. @වත්!
    හැමදේටම කලින් සමාවෙන්න මට, මම ඒ වගේ ෆ්‍රී ස්ටයිල් එකකින් පිලිතුරු දුන්නේ ඔයාත් තිසා වගේම මට ගොඩක් ලඟයි වගේ හිතට දැනුනු නිසා . .

    නැතිනම් කවදාවත් මම ඒ විදිහට කෙලින්ම කියන්නේ නෑ විස්වාස කරන්න . . . !

    මම හිතනවා ඔයා ඒක තේරුම් ගනී කියලා . . . .

    ReplyDelete
  58. දුකා ස‍හෝ,
    මේකෙදි තව පැත්තක් තියෙනවා අපි බලනන් ඕන.විවාහයකදි ආදරය විතරක් නෙමේ ලිංගික සතුටත් ගොඩාක් වැදගත්.
    ඒ කියන්නෙ දෙන්නටම දෙන්නගෙන් පූර්න ලිංගික තෘප්තිය ලබාගන්න පුලුවන් වෙන්න ඕනි.
    කවුද දන්නෙ විහඟිට ඒක ලැබුනට විහඟට ඒක ලැබුන්නැද්ද කියලා.........

    ReplyDelete
  59. දුක්බර කතාවක්.

    මෙය හොඳ උදාහරණයක් විවාහ සංස්ථාව යහපත්ව පවත්වා ගන්න ගොඩාක් කැප කිරීම් කලයුතු වෙනවා, අවබෝධයෙන් කටයුතු කරන්න වෙනවා යන්න තෙරුම් ගන්න. එය සම සමව දෙදෙනාගෙන් සිදුවිය යුතු වගකීමක්.

    එහෙම නොවෙන්න තරාදියෙ එක පැත්තක් බරවෙන්න ගත්තාම... හරියට මෙතැනදී විහඟිය වගේ අසරණ වෙනවා. තරාදියේ දෙපැත්ත සම්බන්ධ කරන දණ්ඩ (බැඳීම) පවා කැඩෙන්න පුලුවනි. ඉන් දරුවන් මොනතරම් අවාසනාවන්ත තත්වයකට පත්වේවිද?

    විවාහ ජීවිතය ලොකු ෂොක් අබ්සෝබර් උඩ දිවෙන, දිවිය යුතු වගකීමෙන් පිරි වාහනයක්. වින්ඩ් ෂීල්ඩ් තියෙන්නේ සුලං පාර වලකන්න විතරක් නෙවේ, පැහැදිලිව දුර බලන්න පුලුවන් වෙන්නත් එක්කයි. මග අපහැදිලි වෙන වෙලාවට වයිපර්ස් ද පාවිච්චි කරන්න වෙනවා. එත් ඉතිං සුක්කානම අත ඇති ඇත්තෝ හොයලා බලලා වතුර පුරවන්නේ නැතිනම් ඝන වීදුරුව උනත් සීරෙනවා. කෙසේ නමුත් වාහනය පරිස්සමෙන් ඉදිරියට ගෙන යාම එකම අරමුණ විය යුතු වන්නේය.

    මෙවන් ලිපියක් ගෙනෙමින් කල සේවයට ඔබට තුති සොයුර.
    (අකුරු කෙටීමේ දෝෂය පමාවට හේතුවිය)

    ReplyDelete
  60. විහග කියන්නෙත් හුදෙක් common ෙපාදු පුරුෂයෙක් තමයි‍..
    භය හිතෙනවා...

    ReplyDelete
  61. දුකෝ....

    මුලින්ම කියන්න ඔනෙ මේ කතාන්දරය වනාහි සුරoගනා කතාවක් නම් නොවේ....මෙය ඛේදාන්තයක්...හිතේ ඇතිවන සිතිවිලිවල ස්වාභාවයන් ගැන වැටහීමක් නැතිව අතොරක් නැති ආශාවන් සහිත සිතිවිලිවලට ඉඩදීමෙන් ඇතිවන අතුරු ඵලයක්...සමහරවිට දුකා කියන්න ඇත්තේ අපි දකින ඇතැම් නවකතාවල සිදුවීමක් හැබෑවටම අත් දකින්නට සිදු වූ නිසා වෙන්න ඕන...

    කොහොම නමුත් උක්ත කතානායකයා දෙවන වර ආදරය කළත් ඔහුගේ පළමු පෙම ගැන කළකිරීමක් වත් හිතේ තියෙන්න ඇති....දුකාට අතපසුවීමක් වෙලා තියෙන බව පේනවා....ඇය දුක් ගන්නා රාළව සොයාන එන්න ඇත්තේ...යමක් බලා පොරොත්තුවෙන්නේ...ඉතින් උඹට තිබුණා එකම එක සැරයක් හෝ මේ බිඳුණු සිත් ගැට ගහන්න උත්සහයක් ගන්න...එය අන් ජීවිතවලට අත පෙවීමක් නෙවි....

    මම දුකාට යෝජනා කරණවා "දැන්ම සොයා බලාපන්" යමක් කළ හැකිද කියා....සමහරවිට උඹේ එක වචනයක් ඇතිවේවි...

    අවසාන වශයෙන් අපි ප්‍රාර්ථනා කරමු මේ කුරුළු කූඩුව ඉක්මනින් පෑහේවායි කියා...

    මේ


    සුලා...

    ReplyDelete
  62. මිනිසාව තේරුම් ගන්න එක තමයි මේ ලෝකේ කරන්න අමාරුම දේ. මොකද කාලයත් සමග මිනිසා වෙනස් වෙනවා (බොහෝවිට)

    ReplyDelete
  63. @හුටපටයා!
    ම් ම් ම් බලමු මොනා හරි දුකාට මේ වෙනුවෙන් කරන්න පුලුවන් වෙයිද කියලා . .

    @- නිල් අහස -!
    හිතත් වෙලාවකට අහස වගේ කියලා කියනේ එක නිසා වෙන්න ඇති නේද . .. ?

    @ජීවිතේමල් !
    ඔයාගේ ඒ ලිපිය හරිම වටිනා ලිපියක් ඒක මම මූනු පොතේ ශෙයාර් කලා. හොඳ දේවල හැමෝටම කියවන්න අපි මග පාදල දෙන්න ඕන නේ . .

    @Rosha !
    ඒක තමයි මට මේ සිදුවීමට බලපෑමක් කල හැකි විදිහේ තත්වයක් තිබුනේ නෑ. එකක් මට විහඟ ගෙන් අහන්නවත් එපා කියලා කියපු එක. අනික මම මගේ කෙටි කාලීන නිවාඩුවේදී (මාසයක නිවාඩුවේදී අවුරුද්දක ඒවා කරගෙන එන්නයි අපි ප්ලේන් කරන්නේ.. පිට රට ඉන්න අය ඒක දනන්වා ඇති) මට වැඩි කාලවේලාවක් ලැබුනේ නෑ. තව දෙයක් විහඟ ගේ කාල වේලා වල් වලට සෙට් වෙන්න පුලුවන් කමක් තිබුනේ නෑ මට මොකද අපි ඒ වෙන්කොට ටිකක් දුරකට පදින්චිය වෙනස් කරලා තිබුනේ.

    ReplyDelete
  64. @රවා!
    නෑ මම විහඟට මේ පෝස්ට් එකේ අසාධාරණයක් කලා කියලා හිතෙන්නේ නෑ. ඌ කරපු වැඩේ 100% වැරදියි කියන මතේ තමයි මම ඉන්නේ. ඒත් ඒක අනුමත කරන්න බැරි මට උගෙන් ඒ ගැන වචනයක් වත් අහන්න බැරි උනු නිසා. සමහර වෙලාවට ඌටත් කියන්න දේවල් තියෙනවද දන්නේ නෑනේ. බලමු මම හොයලා බලනවා මේ දිනවල එයාලව සම්බන්ධ කර ගන්න විදිහක් ගැන

    ReplyDelete
  65. @ගල්මල්-Coral !
    මචන් ඩීන් , මම හිතන්නේ ත් මේක ලියපු එකෙන් ඒ අය වෙනුවෙන් මට කල හැකි කිසිවක් නැති උනා වුනත් (එහෙම වෙන එකක් නෑ මම හොයලා බලන්නම් මට කල හැකි දෙයක් තියෙනවද කියලා) අනාගතයේ ඒ වගේ පටු තීරන ගන්න විහඟ කෙනෙක් බිහිකරන එක මගහරවන්න හැකි ආකල්පමය වෙනසක් කරන්න මේ ලිපිය හේතු වුනා වෙන්න පුලුවන් කියලා මට හිතෙනවා.

    @ireshasy !
    එක මකුනෙක් කෑවට මකුනෝ ඔක්කෝම මරන එක හරිද . . .?
    එක අනුලා කෙනෙක් නිසා ඔක්කෝම ගෑනු අනුලා බිසෝලා කියලා කියන්න පුලුවන්ද? පුරුෂයා / කාන්තාවගේ නෙමේ ප්‍රශ්නේ . . මනුශ්ෂ්‍යත්වයේ . . .

    @සුලා!
    මචන් ඒ නංගී මට පැහැදිලිව කිව්වා මට කරන්න තියෙන්නේ අහගෙන ඉන්න එක විතරයි කියලා . . . මාව පොරොන්දු කර ගත්තා අරූගෙන් අහන්න වත් එපා කියලා . . . ඒක මම අහන්න ගිහින් ප්‍රශ්නේ තව වැඩි වෙයි කියලා එයා හිතපු නිසාද දන්නේ නෑ. අනික මගේ සීමිත නිවාඩු කාලේදී වැඩි ලොකු දෙයක් කරන්න පුලුවන් කමක් තිබුනෙත් නෑ. ඊට පස්සේ මගේ Wedding එකේ වැඩ, ගෙවල් හදන වැඩ, පුතාගේ වැඩ, පවුලේම අනෙක් අයගේ වැඩ, බ්ලා බ්ලා බ්ලා ඕවා මේවා නිසා මට ඒකට හොට පොවන්න ම බැරි වෙලා ගියා . . .
    මම දැනටම ඒකට පසුබිම සකස් කලා මචන් (හොයලා බලන්න සහ කරන්න පුලුවන් දෙයක් කරන්න ) . . . මම හිතන්වා මේ ටික ඇති කියලා . . . තව දෙයක් මේ සිදුවීම පාඩමකට අරගෙන මේ විදිහේ ම සිදුවීමකට මම හොට දාන්න ගිහින් ඇන ගත්තු තරම (ඒ කතාවත් ලියනවද කියලා තව තව හිතලා බලන්න ඕන) මතක් වෙද්දී නම් ආයේ ඒ වගේ දෙයක් කරන්නේ නෑ මයි කියලාමයි හිතෙන්නේ . .. උඹ අබුඩාබි ඉන්න එකේ 050-4514671 වලට කෝල් එකක් දුන්න නම් මම තිසා ට කියපු විස්තරත් උඹට කියන්න තිබුනා . ..

    ReplyDelete
  66. @Roshan Herath !
    ලොකේ වෙනස් නොවන එකම දේ සියලු දේ වෙනස් වෙනවායි කියන ධර්මතාවය යි කියලා මම කොහේ හරි දැක්කා . . . වෙනස්වීම් වලට මූන දෙන්න ශක්තිය ඇති කරගන්න එක හොඳ පිලිතුරක් කියලත් හිතෙනවා

    ReplyDelete
  67. හරි වැරැද්ද නෙවෙයි... මේ කතාවේ තියෙන වැදගත්ම දේ මිනිසුන් තුල විවිධ චරිත ජීවත් වෙන බවයි... අපි හිතනවට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් සමහර වෙලාවට මිනිස්සු කරන්නේ ඒ නිසයි කියලා තමයි මට හිතෙන්නේ.... අපි දෙබිඩි ජීවිත කියලා කියන්නේ ඒවට... ඒත් මට හිතෙනවා දෙබිඩි කියන වචනය හරියටම ගැලපෙන්නේ නෑ කියලා... මොකද චරිත ගණන 2 කට වැඩි වෙන්නත් පුළුවන් නිසා...

    හොඳ ලිපියක් මචං... මාත් පතනවා... ආපහු ඒ අවංක හදවතට සතුට ලැබේවා කියලා....

    ReplyDelete
  68. @Chathura Wijekoon|චතුර විජේකෝන් !
    හොඳ විග්‍රහයක් මචන්. සමහර වෙලාවට මේ දෙබිඩි හෝ ඊට වැඩි චරිත රඟපාන්න වෙන එක රඟපාන එකාගේම වැරද්ද නෙමයි වෙන්න පුලුවන්. සමහර විට සැමියා / බිරිඳ කැමති සමාජශීලී කෙනෙකුට නම් තමන් ඇත්තෙන්ම සමාජශීලී නැතත් සමාජශීලී වගේ පෙන්නගෙන ඉන්නවා වෙන්න ත් පුලුවන්. ඒ වගේම ඕකේ අනිත් පැත්ත ත් වෙන්න පුලුවන්. ඇත්තෙන්ම සමාජශීලී වෙලා සැමියා / බිරිඳ අකමැති නිසා ගීක් වගේ ඉන්නවා වෙන්නත් පුලුවන් . . . ඒ එක උදාහරණයක්

    ReplyDelete
  69. මට හරිම සතුටුයි මේ ලිපිය මේ වගේ ලොකු සංවාදයක් දක්වා දිව ගිය එක ගැන.

    ඒ වගේම මුලුන් මම හිත හිතා හිටියේ උනත් මේක ලියන එක හරිද වැරදිද කියලා දැන් නම් හිතෙනවා මේක ලියපු එකෙන් ලොකු දෙයක් වුනා කියලා. . .

    අදහස් දැක්වපු . . කියවපු හැම දෙනාටම ස්තූතියි . . .

    ReplyDelete
  70. ඇඩෙනවා ලොක්ක... උඹ මේව කොහොම ලියනවද මන්ද...

    ReplyDelete
  71. @කරුමක්කාරයා !
    උඹ මේවා කොහොම ලියනවද මන්දා කියලා උඹ ලියලා තිබුනාට . . .
    උබත් උඹේ බ්ලොග් එකේ ලියාලා තියෙන්නේ බලන අයට ඇඬෙන්නම . . .

    ReplyDelete
  72. This comment has been removed by the author.

    ReplyDelete
  73. ජීවිතෙ හැටි.මෙ දවස්වල මටත් මොකක්දො හොද කර ගන්න බැරි ලෙඩක් තියනව වගෙ දනෙනව මෙක කියවනකොට මොකද මන්ද.........

    ReplyDelete
  74. 'කරුමක්කාරය' කිව්වදේ මයි මටත් කියන්න තියෙන්නෙ දුකා අයියෙ....

    "ඇඩෙනවා ලොක්ක... උඹ මේව කොහොම ලියනවද මන්ද..."

    ReplyDelete
  75. දුකා අයිය, කතාව ගොඩක් සංවේදී. ඒත් මම හිතන්නෙත් අයියට ඔයිට වඩා දෙයක් කරන්න තිබ්බ. මොකද විහඟ අයියගෙ යාළුව. අනික කසාදෙට අත්සන් කලෙත් අයිය.
    ඕනෙ කෙනෙක් කියන්නෙ අනිත් කෙනාට කියන්න එපා, කතාකරන්න එපා කියල. ඒත් එයාගෙම හොඳ වෙනුවෙන් ඒකට මැදිහත් උනාට වරදක් නැහැ නේද?
    ආදරය නිසා ගොඩක් දුක් විඳපු නිසාද මන්ද මමනම් ඕනෙම කෙනෙකුගෙ ආදරය වෙනුවෙන් මට කරන්න පුළුවන් හැමදේම කරනව. මම විඳපු දුක තවත් කෙනෙකුට විඳින්න දීල නිකම් බලන් ඉන්න මටනම් බැහැ...

    ReplyDelete
  76. පලවෙනි වතාවටයි බ්ලොග් එක බලන්න ආවෙ.ඉස්සෙල්ලම බලපු පෝස්ට් එකෙන් හුගක් හිත රිදුනා.ඒක කියන්න ඕනි.ඔය තරම් බරපතල නෑතත් (මම කසාද බෑදලා නෑති නිසා සහ බෑදපු යාලුවෝ අඩු නිසා) මාත් ඔය වගේ දේවල් දෑකලා සහ විදලා තියෙනවා.මේ කතාව ගෑන කියනවා නම් ඔබට මීට වඩා යමක් ඒ වෙනුවෙන් කරන්න තිබුනා.පොදුවේ ගත්තොත් හුගක් පිරිමි වගේම ගෑනුත් හරි ආදරය හදුනා ගන්නේ නෑ හුගක් වෙලාවට.

    ReplyDelete
  77. This comment has been removed by the author.

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails