Tuesday, January 19, 2010

පාර්ටි . . . . පාර්ටි . . . පාර්ටි . . . !!



"චමල් අද මොකෝ කරන්නේ . . . කොහෙද සෙට් වෙන්නේ. . ?"

"දමිත්ල ගේ ගෙදරද . . උඹල ගේ ගෙදරද . . අපේ ගෙදර වුනත් පුලුවන් . . "

"ඉස්සර අපි හැමදාම දමිත්ලගේ ගෙදරම සෙට් වුනානේ බන් . . පවුනේ උන්ටම වද දෙන්නේ . . . අපේ ගෙදර සෙට් වෙමු . . ."

"අහ් නෑ එහෙමට කරදරයක් නෑ අපිට . . අපේ ගෙදර සෙට් වෙමු . . "

"අවුලක් නෑ දමිත් මල්ලී . . උඹලගේ ඔයෙසිස් වතුර බෝතලේ අරන් වරෙන් ඒ ඇති . . වතුර තියෙනවනම් හලල හරි ගෙනෙන් . . ඩිරාහ්ම්ස් අටයිනේ බං . . . ගිටාර් බිටාර් තිබුනත් අපේ ඩ්‍රම් එක නැතුව පාර්ටියෙන් වැඩක් තියෙනවාද . . . හෙ හෙ හෙ හේ "

"තුෂාර උඹේ ලඟ මොනාද තියෙන්නේ බොන්න . . මගේ ලඟ ජැක් ඩැනියෙල් එකක් තියෙනවා . . . බැලැක් ලේබල් එකකුත් තියෙනවා . .. "

"අහ් මම RAK බා කුඩා වලින් ගෙනාපු රෙඩ් වයින් ලීටර් 3නේ පැක් එකක් තියෙනවා . . "

"අපේ කාන්තාවෝ වැඩි හරියක් බොන්නේ නෑ නේ බං . . මගේ ෆ්‍රිඩ්ජ් ඊක ස්මිනෝෆ් වගයකුත් ඇති . . . . එයාල බොනවනම් ඒවා අරගෙන බොන්න කියමු . . . මංජුලා හැමදාම චංඩියා වගේ මට ටිකිලා එකක් ඕන කිව්වට බොන එකක්යැ. . . ටිකිලා බාගයකුත් තියෙනවා ෆ්‍රිඩ්ජ් එකේම . . "

"සංජීවත් කිව්වා ඌ ලඟත් බැලන්ටයින් එකක් තියෙනවා කියලා . . ඒකත් අරන් ඌටයි චම්පිටයි කෙල්ලෝ දෙන්නට යිත් එන්න කියමු . . . "

"ඔව් මචං චමල්, චම්පිට කිව්ව නම් එග් පුඩිමක් ඒ කිව්වේ මේ වපලට්ටමකුත් හදාගෙන එයි නේද . .. "

"ඔව් ඔව් චම්පිට ඔය අනං මනං වැඩිය හදන්න දන්නේ නෑ නේ . . . මම චුට්ටිට (චුට්ටි = චමීරා . . . චුට්ටි කිව්වට චුට්ටිම නැත . . .හික් හික්) කියන්නම් ෆ්‍රයිඩ් රයිස් එකක් හදන්න කියලා . . . "

"ආ ඒක හොඳයි . . . මම ගයාත්‍රිට කියන්නම් චිකන් කරි එකක් හදන්න කියලා . . "

"ඔව් ඔව් ගයාගේ චිකන් කරි එක රසයිනේ . . හරි දමිත් උඹ එහෙනම් මාලකටයි . . ලිඳුලි ටයි ත් කියපන් අල හොද්දක් හදන්න කියලා . . පොඩි උන්ට කන්න දෙන්න පුළුවනේ එතකොට . . . නදීෂාගේ බෝංචි කරි එක රසයි නේ . . . මම එයාට කියන්නම් බෝංචි කරි එකක් හදන්න කියලා .. ""

"සුමින්ද ටයි මංජුලාටයි එන්න කිව්වොත් උන්දෙන්නා කට්ලට් හදාගෙන එයි නේද . . ."

"මංජුලාගේ කට්ලට් කාලා ඉස්පිරිතාලේ ඉන්න වෙයිද දන්නේ නෑ. . හික් හික් .. කමක් නෑ උන් අර කෑම ගන්න අක්කට කියලා හරි හදාගෙන එන්නේ නැතැයි . . ."

"බුද්ධිකයි කුමුදුනිත් මොනා හරි හදාගෙන එයි . . ."

"ජනක් ටයි තක්ෂිලාටයි ත් එන්න කියමු නේද . . . "

"ජනක් ගේ එග්සෑම් නිසා උන් දෙන්න එයිද දන්නෙ නෑ . . ඒත් කොඉ එකටත් උන්ටත් එන්න කියමු . . "

"RAK තුෂාරලටත් එන්න කියනවාද . . "

"උන් කොහෙ එන්නද . . . උන්ගේ ගෙදරත් හැම බ්‍රහස්පතින්දාම පාර්ටිනේ බං . . . අනික මේ වීකෙන්ඩ් එකේ රුවනුයි නිසංසලායිත් එහේ එනවා කිව්වා . . "

"චෙෆ් ලංකා එකෙන් මොනා හරි ගෙන්නමුද . . ?"

"අපෝ එපා . . ඒකේ ඒවා කන්න බෑ බං . . මාර විදිහටනේ උන් මිරිස් දාන්නේ . . . "

"එහෙනම් අරලිය එකෙන් බැදපු මාළු ටිකක් ගෙන්න ගමු . . . බයිට් එකට . . ."

"අහ් . . එහෙනම් ලළන්තට කියම් ඒ ටික අරගෙන එන්න කියල. . . එතකොට අරලිය එකේ නංගිවත් බලල එන්න බැරියයි ඒ ගමන්ම. . . "

"ඇයි PIGI ට පුළුවන්නේ ඕන නම් තව චිකන් එකකුත් චූටි කෑලිවලට කපලා ගම්මිරිස් ලුනු අතගාලා තියලා ඩීප් ෆ්‍රයි කරගෙන අරන් එන්න . . . මොකෝ කියන්නේ තුෂාර .. . "

"හරි හරි මම බදින්නම් . .. "

"රුචිරට එන්න කියන්නේ නැද්ද සුබා. . ."

"චුරු චුරුට මාව දැක්කම තම්බිට ඌරු මාලු දැක්ක වගේ නේ බං . .. කමක් නෑ මල අතේ තියාගෙන බුම්මගෙන හරි ඉන්නෙ නැතැයි . . ඌටත් එන්න කියමු . . "

. . . . . .. . . . . .. . .. . . .. . . .. . ..

මේ කාලයකට පෙර (ඈත කාලයේ නෙමෙයි . . බොහෝම මෑත කාලයේ පවා . . ) හැම බ්‍රහස්පතින්දා දවසකම අපේ මිතුරු සමාගමේ සුපුරුදු සංවාදයක් . . . ඉරිදා ඉඳන් බ්‍රහස්පතින්දා වෙනකම් මැෂින් වගේ එක දිගට වැඩ කරලා සති අන්තේ (අපේ සති අන්ත නිවාඩුව සිකුරාදා සහ සෙනසුරාදා වේ . . ) වෙනකම් අපි හැමෝම බලං ඉන්නේ කාන්තාරයක ගමන් කරනවුන් ටිකක් ක්ෂේමභූමියක් දකින කම් ඉන්නවා වැනි නොයිවසිල්ලකින් . ..

බොහෝ විට රෑ අටට නමයට පටන් ගන්නා මේ පාර්ටි ඉවර වෙන්නේ පහුවදා උදේ හතරට නැති නම් පහට විතර . . . මට තාම මතකයි අපි විවාහ වුනු මුල්කාලයේ බ්‍රහස්පතින්දාක දමිත්ලගේ ගෙදර තිබුනු ඔයවගේ පාර්ටියක් ඉවරවෙලා සිකුරාදා උදේ පහට විතර අපේ ගෙදර යන ගමන් නදීෂා මට කියනවා . . . " මම නම් කවදාවත් හිතුවේ නෑ මේ වගේ නිශාචර ජීවිතයක් ගතකරන්න වෙයි කියලා . . . "

ඒකට පිලිතුරු වශයෙන් "නිශාචරයෙක්ව බැන්දනම් නිශාචර ජීවිතයක් ගත කරනන් වෙනවා" කියලා මම කිව්වද කියලා නම් මට මතක නෑ . . සමහර විට හොඳ ම සිහියෙන් නෙමෙයිද දන්නෙ නෑ ඒ වෙලාවේ හිටියේ . . හික් හික් . .. .

හොඳම වැඩේ කියනනේ අපේ සෙට් එකේ හිටියේ බෙබාලා නෙමෙයි . . . සෙට් වෙලා . . .රෑ එලි වෙනකම් සිංදු කියලා . . . නැත්නම් එකාට එකා මඩ ගහගෙන . . එහෙමත් නැත්නම් අපේ පරන කතා හෙවත් පැරණි රසාංග කිය කියා සතුටු වෙන්න ඕනෑවට බිව්වා මිසක් . . . .කන සාක්කුවේ දාගන්න ගානට බොන වුන් නම් අපේ සෙට් එකේ එකෙක් වත් නෑ . . . දමිතුයි මාලකයි ලළන්තයි නම් කොහොමටවත් බොන්නේ නෑ . . . (අපරාදෙ උන්ගේ ජීවිත . . හික් හික් . . )

මගෙයි දමිත්ගෙයි සංජීවගෙයි ගිටාර් තිබුනා වුනාට ගිටාර් ගහන්න පුලුවන් එකෙක් හිටියේ සංජීව විතරයි . . . චමල් හැමදාම කැලැරන්ස්ගේ සිංදු ඕන එකක් මම කියන්නම් කිව්වට . . . කියන්න ගත්තාම බොරුවාට කුටු කුටු ගගා ඉන්නවා . . .දමිතුයි මායි තමයි ඉතිං ගොඩදාලා දෙන්න ඕන . . .

මට නම් ඉතිං සිංදු ගොඩාක් මතක තියෙනවා වුනාට කියන්න නම් බෑ . . . ඒ වුනාට ඉතිං අර ගස් නැති රටේ එඬරු ගසුත් ගස් වගේ . . මේ මගේ ගීත ගායන හැකියාවටත් (වසරේ විහිලුව . . හික් හික් . . ). . . (අසන්නන්ට දෙයියන්ගේම පිහිටයි. . ) ඒ වගේ වෙලාවට තැනක් ලැබෙනවා . ..

ඒ අස්සේ මට මතක් වෙන්නේ රුවන්වැල්ලේ නැන්දලාගේ කලාඋළෙල නිමා වෙලා අපි කෙල්ලෝ කොල්ලෝ කට්ටිය රෑ වෙන කම් සිංදු කියපු දවසේ කලායතනේ සංගීතය උගන්වන කරවනැල්ලේ "ජගත් සර්" කියපු දෙයක් . . .

"මල්ලී ඔයාට සිංදු ගොඩක් කට පාඩම් ඒත් ඔයාට ගායනා කරන්න බෑ . . . සිංදු කට පාඩම් එකයි ගායනා කිරීමයි කියන්නේ දෙකක් . . ."

මම ඉතිං නදීෂාට නිතරම කියනවා අමරසිරි පීරිස් සංගීත ක්ෂේත්‍රයේ කාලයක් තිස්සේ ඉඳලා වයසට ගියාම නේ ගායකයෙන් විදියට එලිපහලියට ආවේ . .ඒ වගේ මාත් වයසට ගිහින් හරි නියමිත පරිදි සංගීතය හරියට හදාරනවා කියලා . ..

රෑ ඉඳන් පාන්දර වෙනකම් සිංදු කියන්න වුනාම අපි මුහුන දෙන ලොකුම ප්‍රශ්නේ තමයි සිංදු මතක නැති කම . . . පොඩි පාවෙන වගේ ගතියත් එක්ක සමහර වෙලාවට මතක තියෙන සිංදුත් මතක තියෙන්නේ මැද්දෙන් පොඩි කෑල්ලක් . . . "අර අර අහවලා කියන්නේ බං . . අර . . මෙන්න මෙහෙම කෑල්ලක් තියෙන්නෙ . . " කියලා සමහර වෙලාවට සිංදු දහයක් විතර කියන කාලයක් අපතේ හරිනවා එක සිංදුවක් මතක් කරන්න . . .

මේකට පිලියමක් කල්පනා කරපු මම කලේ . . . . මම ඒ කාලේ ටයිප් කරන්න දන්න කපුටා ඩොට් කොම් ෆොන්ට් එකෙන් අපේ ප්‍රියතම ගීත වල මුල් කොටස විතරක් අපි ඒවා කැටගරයිස් කරලා කියන විදිහටම ටයිප් කරපු එක . . .

ඒ කිව්වේ අපි සිංදු කියන්න ගත්දී මුලින්ම ස්ලෝ ඒවා . . පස්සේ චිත්‍රපටිවල ඒවා . . . පස්සේ බයිලා . . වෙලාවක නාට්‍ය ගීත . . . මගුල් ගෙවල් වල දාන ඒවා . . අම්මට තාත්තට කියාන ඒවා . . . ඔන්න ඔය විදිහට තමයි අපි කැටගරයිස් කලේ . . .

මේ ලඟදි මට ගෙදර අස් කරද්ද්දී ඒ ටයිප් කරපු ලිස්ට් එක හම්බුනා . . . ඉතිං මම හිතුවා ඔයාලටත් මේක ප්‍රයෝජනවත් වෙයි කියලා පාර්ටි දාන වෙලාවක . . .

අනික මේ දවස් වල මම ලබන සතියේ නිවාඩු ආවහම පාර්ටියක් දාමු කියලා කතා වෙවී ඉන්න වෙලාවේ නිසා මේක මටත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙන බව නම් මට විශ්වාසයි . . .

ගොඩාක් වෙලාවට වික්ටර්ගේ සිංදුයි නංදාගේ සිංදුයි ගොඩක් දමිත්ටයි මටයි මතක නිසා වික්ටර්ගේ,නංදාගේ ගීත වලින් නිතර නෑසෙන ඒවා විතරයි මේකේ ඇත්තේ . . .

මේක බලල මට මිස් වුනා කියලා හිතෙන ගීත කමෙන්ට් එකක් විදිහට දාන්න කියලා මම ඉල්ලීමකුත් කරන්න කැමතියි ඔයාලා හැමෝගෙන්ම . . . . .









මේ කස්ටිය මේකේ පොඩි පොඩි ටයිපින් මිස්ටෑක් . . වචන වැරදීම් එහෙම තියෙනවා . . .ඒවා ගැන වැඩිය හිතන්න එපා හොඳේ . . . හික්ස්

25 comments:

  1. පාටියකට ගියාම සිංදු දන්නේ නැති උනත් මම තාලෙට අත්පොඩියක් ගහලා ඒකට සහයෝගේ දෙන්න පුලුවන් වීමේ හැකියාව මත හා සිංහල සිංදු මොන මට්ටමේ ගීත ගායනයක් උවත් ලයාන්විතයැයි සිතා අසාඉන්නට ඇති හැකියාව නිසාම මම, මේ සින්දු කැටගරි හතර ම මතු පාවිච්චියට අරන්තියන්න හිතාගත්තා.
    ස්තූතියි දුකා අය්යේ...,

    උඹ නම් නියම Party Animal කෙනෙක්. :D :) ;)

    ReplyDelete
  2. දුකෝ උඹ ඔය උඩින් කියපු කෑම ජාති ගැන මං දන්නේ නෑනේ,, ඇහුවෙත් අදයි..
    අපේ කන බොන බ්ලොග් එකට, ඒ එක එක කෑම හදන හැටි දාන්නකෝ.. මට ඒ කෑම තොගේ ගැන කෙළත් ගිලුනානේ... දැන් අප්සට් වෙන එකක් නෑ, උඹලාගේ බඩවල් වලට..හෙ හේ..
    නියමයි, ලංකාවේ කට්ටිය ඔහොම සෙට් වෙනවා නම්.. මම නම් ආසයි එහෙම වෙනවා නම්..මම මෙහේ තනියමමනේ...(දැන් ඒක ගානක් නෑ)

    ReplyDelete
  3. අපිත් සෙට් උනාම මඩනම් ෂුවර්ම තමයි

    ReplyDelete
  4. කිව්වවත් වගේ කෑම ලිස්ට් එක දැක්කම මටත් කෙළ ගිලුනා :-(

    මෙහෙම සෙට් වෙනකොට ගිටාර් එකක් ප්ලේ කරනන් පුළුවන් කෙනෙක් ඉන්න එක නම් ෂෝක්..මම හරි ආසයි ඒකට..

    ලංකාවේ අය සෙට් වෙන තැන් වල, හොදටම ‍ෆිට් අය නැත්නම් මම ආස නෑ ඒවට සහභාගි වෙන්න..සමහරු එතන ෆන් එක ගන්නකම් හොදයි..පස්සෙ කතන්දර කියනවා අරයා එදා මෙහෙමයි, අරකයි , මේකයි කියලා...

    තැන්කූ සින්දු ලිස්ට් එකට..

    ReplyDelete
  5. මාර ස්ටෝරියක්නෙ. අපිටත් ඔහොම සෙට් වෙන්න පුලුවන්නම් , කොහෙද ඕව මෙහෙ කරන්න ගියොත් හෙට ලංකාවට එන්න තමයි වෙන්නෙ. කොහොම උනත් දුකා අය්යා බීමට ආදරෙයි කියල දැන ගත්තෙ අදයි. ලංකාවට ආවහම අපි කට්ටියත් දාමුද ඔය වගේ පොඩි සින්දු පාටියක් ?

    ReplyDelete
  6. පිස්සු හැදිලා ආයේ හැදෙනවානේ.. මරු මරු.. ඔන්න මාත් සිංදු ටික සේව් කර ගන්නවා.. මම නම් යාළුවෝ එක්ක ‍එක ළග ඉදන් සෙට් වෙලා සිංදු කිව්වේ ඒලෙවල් කාලේ විතරයි අපේ ගදස් තමයි ඒ එෆ් එම් එක බාරව කටයුතු කලේ.. වැඩියෙන්ම ‍ප්ලේ උනේ මිල්ටන් මල්ලවාරච්චිගේ සිංදු.. එෆ් එම් එක කලාට මොකද ඌට එක තාලෙට අත්පුඩි 5ක් එක දිගට ගහන්න බෑ.. ඒ නිසා සිංදු හැමවෙලේම අමුතුම තාල වලින් තමා නතර වුනේ.. වැඩ කරන ගමන් සිංදු කියන්න ඌට තිබ්බේ හොද හැකියාවක්.. අපි ඉතිං පාඩම් කරන ගමන් සිංදු ඇහුවා.. එයින් පස්සේ අපි සිංදු කියන්න පුළුවන් පරිසරයක සෙට් වු‍නේ නෑ.. වාද බයිලා :පී

    ReplyDelete
  7. මටනම් ඉතින් ඔය වගේ සෙට් වෙද්දි මුලින් සින්දු මෙලෝ දෙයක් බැහැ. අත්පොඩියක් ගහල, පොඩ්ඩක් නටල තමයි ගොඩදාන්නෙ. ඒත් ඉතින් ටිකක් පදම හරියාගෙන එද්දිනම් හොඳට කියනවලු.
    ආයෙ සෙට් වුනාම කට්ටිය කියනව එදා උඹ කිව්ව එක කියපන්කො කියල. කොහෙද ඉතින් එහෙම කිව්වද කියල මට මතකවත් නෑනෙ. හික් හික්...:)

    මොනව වුනත් දුකාගෙ සින්දු ටිකනම් මැක්සා...

    ReplyDelete
  8. මේ ගීත list එකනම් එළ දුකා. පැහැදිළිවම පේන දෙයක් තමයි list එකේ තියෙන බහුතරයක් ගීත 70-80 දශකවල (මම හිතන විදිහට අපේ ගීත සාහිත්‍යයේ ස්වර්ණමය කාලය) එළියට ආපු ගීත. අවුරුදු 30-40 කට පස්සෙ තාමත් ඒ ගීත රස විදින අපි තව අවුරුදු 20-30 කට පස්සෙත් ඒවා රස විදියි කියලයි මටනම් හිතෙන්නෙ. මේ සමහර ගීත දැන්නම් අහන්නවත් ලැබෙන්නෙ නෑ. උදාහරණයක් විදිහට බිංදු බිංදු මල් වැස්සේ, මිදුලේ මල්සූරිය ගහ මුදු‍නේ, බකිනි ගහේ බකිනි මලින් වගේ ගීත අහපු කාලයක් මතක නෑ. දැං ඉන්න අය දන්නවද දන්නෙත් නෑ නන්දා පතිරණ කියලා ගායිකාවක් හිටියද කියලවත්... :)

    ps: ගීත list එක කෙසේ වෙතත් බීම list එකට නම් තව ටිකක් එකතු කරන්නම්. ඔතනට russian std vodka එකකුයි jameican rum එකකුයි ආවනම් බඩුම තමා... :)

    ReplyDelete
  9. දුකාට වගේ තමයි මටත් කාලයක් ගීත පාඩම් කිරීමෙ අමාරුවක් තිබුනා.. ඒත් දැන් නම් මතක නැහැ..ඒ කාලේ විනෝද ගමනකට සෙට් උනහම එක ගීතයක් එක පාරකට වඩා නොකියා ඉන්න තරමට ගීත මෙමරිය හොදට තිබුනා.. දවස් දෙක පැන්නහම තමයි නැවත් කියපු ගීතයක්ම කරළියට එන්නේ..
    දැන් කොහේද එහෙම මතකයක්..
    (දැන් තමයි කල්පනා වෙන්නේ මම කිවුවා වගේ නෙවෙයි අනිත් උන් අහන් හිටියේ කොහොමද මන්දා..)
    දැනටත් හවසට හීනියට දාගෙන සෝමතිලක ජයමහගේ හරි වික්ටර් රත්නායකගේ ගීතයක් හරි හෙමිහිට කියාගෙන වෙල් යාය දිහා බලාගෙන ඉන්න එක තරම් සැනසිල්ලක් වෙන කොහේද..

    ReplyDelete
  10. දවස් 5ක් වැඩ කරලා සති අන්තෙට බොන්නේ නිවාඩු දවස් ආපු සතුටටම නෙමේ නේද?......
    මට නම් සිංදු කියන්න බෑ අප්පා. ඒත් අහන් ඉන්නත් පොඩි සපෝට් එකක් දෙන්නත් පුලුවන්

    නියම සිංදු සෙට් එකක්නේ..

    ReplyDelete
  11. ෂික්, අපේ වයසේ සිංහලත් කතා කරන ඔය වගේ ෆිට් අය හිටියා නම් මට!

    ඉන්න ටිකත් Toronto වල නෙව!!!
    සාදයකදී වාදන කිරිමක් හරි අත්පුඩි ගැසීමක් හැරෙන්නට මුකුත් නොකළත් ඔයාලාගේ සාදයන් ගැන මම සතුටු වෙනවා. ලිෂාන අයියා කිව්වත් කලත් වගේ මාත් "සෙව්" කරා.

    ReplyDelete
  12. ela ela ayiya list eka nam sirama thama

    ReplyDelete
  13. ඉක්මනටම ලංකාවට වරෙන්.....මෙහෙත් පාටියක් දාමු.මම අනිවා එනවා.....

    ReplyDelete
  14. @ ලිෂ්!
    අනේ ලිෂ් බොරුව නම් දාන්න එපා . . .මෙච්චර ලස්සනට කවි ලියන කලා රිටක් වෙච්චි උඹට සිංදු කියන්න බෑ කියන එක අපිට පිලිගන්න කියලද උඹ කියන්නේ . ..

    @පිස්සා!
    යකෝ පිස්සෝ . . . උඹ ඉපදුනෙ . . හැදුනේ වැඩුනේ පිටරටකද . . ??

    බෝංචි කරි, චිකන් කරි, අලහොදි, ප්‍රයිඩ් රයිස් මේවා උඹ අහුවේ අදයි කියන්නේ . . . අනේ මංදා දැන්නම් හිතෙනවා උඹට ඇත්තටම පිස්සුද කියලත් . . .

    මේ වගේ සෙට් වෙන්න කස්ටියක් උඹට ලැබේවා කියලා පතන්නම් . . .

    ReplyDelete
  15. @ලස්සන ලංකා. . .
    ඔව් ඔව් මඩ කියන්නේ අපේ රටේ ප්‍රධාන දෙයක්නේ මචං . . .හික්ස්

    @LG
    අපේ කස්ටිය නම් එහෙම නෑ . . මේ ඔක්කෝම වගේ අවුරුදු ගානක් එකට හිටිය එක පවුලේ වගේ ඉන්න සෙට් එක . . . ඉතිං ඔය වගේ දේවල් වැඩිය සිදුවෙන්නේ නෑ විහිලුවට කියපු දෙයක් සීරියස් ගත්තොත් ඇර . .

    ReplyDelete
  16. @රොකියා | Udara
    "කොහෙද ඕව මෙහෙ කරන්න ගියොත් හෙට ලංකාවට එන්න තමයි වෙන්නෙ" මොන පිස්සුද බං . . අපි ඔහේ ඉන්න කාලේ හිටියේ බින් ඔම් රාන් වල අපේ ගෙදරට ඉස්සරහ (පාරෙන් එහා පැත්තේ) ජර්මන් එම්බසියද කොහෙද . . අපි හැම සති අන්තෙම සෙට් වෙනවා . . . එලියේන් යාලුවෝ 15ක් විතර අපේ ගෙදර එනවා . .. බිල්ඩින් එක දෙක වෙන්න සිංදු කියනවා . . ඒත් කිසි ප්‍රශ්නයක් නෑ . . හැබැයි බීලා පාරේ යනවට නම් ඔහේ පොලිසියේ අය කැමති නෑ . .
    අනිවා අපි ඔය වගේ පාර්ටියක් දාමු මල්ලියා . .

    @මලී
    අෆ්ෆටසිරි උඹට සිංදුත් කියන්න පුලුවන්ද . . . අසන්නන්ට දෙයියන්ගේම පිහිටයි . . හික් හික් . . . .

    ReplyDelete
  17. @indik
    උඹ බිව්වහම විතරයි සිංදු කියන්න පුලුවන් කිව්වහම මට මතක් වුනේ සමහර පොරවල් ඉන්නවා උන්ට ගස් නඟින්න පුලුවන් රෑට විතරයි . . විශේෂයෙන් පොල් ගස් . . හික් හික් . ..

    @Buratheno !
    ඇත්තෙන්ම ඔව් . .සමහර අය දන්නවද දන්නෙත් නෑ නංදා පතිරන ගැන . . ඒත් අපේ නම් ආසම සිංදු දෙකක් තමයි බිංදු බිංදු මල් වැස්සේ එකයි . . . බකිනි ගහේ බකිනි මලෙන් සිංදුවයි . ..
    ඔබ කිව්ව වගේ 70-80 දශක දෙක අපේ ගීත කලාවේ හා චිත්‍රපටි කලාවේ ස්වර්ණමය යුගය . . . විජය-මාලනී, ගාමිනී-මාලනී, වික්ටර්-ප්‍රේමකීර්ති, සේකර-අමරදේව, ජෝති-ලතා, ලතා-ධර්මදාස, ධර්මසිරි ගමගේ, ධර්මසේන පතිරාජ, කේමදාස, ඔය ආදී නියමුවන් කීදෙනෙක්ද ඒ කාලේ

    ReplyDelete
  18. @මාරයාගේ හෝරාව!
    මට සිංදු කට පාඩම් හිටියේ අපේ අම්මා නිසා . . .ඉස්සර මම පුංචි කාලේ ඉඳන් රේඩියෝ එකේ ලස්සන සිංදුවක් යනකොටම අම්මා කොලේකුයි පෑනකුයි දීලා කියනවා ඒක ලියා ගන්න කියලා . . . ඔය නිසා තමයි මට සිංදු පාඩම් හිටියේ . . .
    "දැනටත් හවසට හීනියට දාගෙන" මට බෑනේ මචං ඔය වැඩේ කරන්න . . .මම අද වෙනකම් තනියෙම බියර් එකක් වයින් එකක් වත් බීලා නෑ මතක හැටියට . .

    @Prabath !
    "දවස් 5ක් වැඩ කරලා සති අන්තෙට බොන්නේ නිවාඩු දවස් ආපු සතුටටම නෙමේ නේද"
    උඹ අදහස් කලේ ගෙදරින් වෙන්වෙලා . .ආදරේ කරන අයගෙන් දුරස් වෙලා ඉන්න එකේ වේදනාව මකා ගන්නත් එකක්ම කියන එක නේද . . ??ඔව් මචං ඒක නම් ඇත්ත . . .

    ReplyDelete
  19. @~බිன்ku~ !
    උත්සාහ කලොත් හොයා ගන්න බැරි වෙන එකක් නෑ මලේ ඔය වගේ සෙට් වෙන සෙට් එකක් . . . ම් ම් ම් ම් එලකිරි එකෙන් මම අඳුග ගත්තු හොඳ අයියා කෙනෙක් ඉන්නවා . . ඉන්න මම වෙලාවක ඔයාට එයාව අඳුන්නල දෙන්නම් . . .

    @Dam !
    එලකිරි . . . ඕක සේව් කරලා තියා ගන්න ෂුවර් එකටම පාර්ටියකදී ඕන වෙනවා බොරුද බලන්න . ..

    @නුවන්!
    ලබන සතියේ අන්තිමට මම එනවා සති දෙකක නිවාඩුවට . . දැනට පොඩි පාර්ටියක් දාන්න කතා කර කර ඉන්නවා . . ඉඩ පාඩු ප්‍රශ්නයකුත් තියෙන නිසා පොඩි සෙට් එකක් තමයි සෙට් වෙන්න අදහස . . කොහොම වේද දන්නේ නෑ . . . බලමු බලමු . . .උදාර මල්ලිත් ඇහුවා නච්චාදූවේ යමුද කියලත් . . බලමුකෝ . . ඇවිත් කතා කරමු වෙලාවක . . .

    ReplyDelete
  20. Machan, Ada thamai mata Duka blog eka kiyawanna set une. Thanks mawath mathak unata "party" gana liyaddiwath. Ethakotana dukai wage Lankawata apu eka gana, mehe mata oya wage yaluwo naha. Kanna, bonna,setwenna tharam ho e okkoma karath ara wage apidennage eliwenakal sindu kawi kireema karanna kenek naha. E "party" eke liyala thibunu hamoma mathak kala kiyanna. Ceeeeaars.

    ReplyDelete
  21. මචන් උඹේ කතාවයි මගේ කතාවයි දෙකම එකයි. අපි සෙට් වෙන විදිහත් මීට වෙනස් නැහැ. එකම වෙනස අපේ පාටි ඉවරවෙන්නෙ 6 පහුවෙලා. 10 ට ඉවර වෙච්ච දවසුත් තියෙනවා !

    හැබයි ලඟදි නම් සෙට් වෙන්න බැරි උනා !

    උඹේ සිංදු සෙට් එකනම් මැක්සා !

    ReplyDelete
  22. අද මේ බ්ලොග් එක කියවන්න ‍සෙට් වෙලා මේ එක හුස්මට කියවගෙන යනවා තාම.. පරණ සටහන් සහ අලුත් සටහන් සියල්ලම..

    කතාව කියවගෙන යද්දී බරපතල විදිහේ ඊර්ෂ්‍යාවක් ඇති වෙලා මට මෙහෙම හිතනා...

    මොන කරැමෙකට ලංක‍ාවේ කෙල්ලෙක් වෙලා ඉපදුනා ද කියලා...
    ජීවිගතන් බාගයක් ගෙවිච්ච මේ ජීවිතේ අද වෙනතරැත් මොන තරම් දේවල් මට missed ද කියලා...... කෙල්ලෙක් වෙච්ච කරැමෙ නිසා ම.....

    ඉස්සරහටත් මේ වගේ දේවල් ගැන බලාපොරොත්ත තියා ගන්න එක මොඩ කමත් වගේ වුනත්.......අනේ මටත් මේ ව‍ගේ යාලුවො සෙට් එකක් හිටිය නම්....

    ReplyDelete
  23. අඩේ දුකා අයියේ..සිංදු සෙට් එකනම් සිරා ඇහ්...ඉස්සර අපිත් ඔහොම ක්ලාස් එකෙසි සිංදු කිවා..මතක නැති වෙන එකට කලේ ඔය වගේ ලියාගෙන නන්ස්ටොප් එක වගේ කියාගෙන යනවා ඒකත් ආතල් ඉතින් :-D

    ReplyDelete
  24. මාර ෆන් ලයිෆ් එකක්නේ....
    අපි නම් ඉතින් ඉදල හිටල තමා
    කොල්ලෙක්ගෙ ගෙදර සෙට් වෙන්නෙ
    ගෙවල් වල සෙට් වෙන්න බැහැනෙ..
    තාම පොඩි කොල්ලොනේ..

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails