Thursday, April 19, 2018

ඊයේ - අද - හෙට !


හොඳින් දිදුලන තාරුකාවක්
අද නැතත් හෙට පායනවා වෙන්නැති
අඳුරු අහසට ඇස් යොමාගෙන
පුරුද්දට මෙන් බැලෙනවත් ඇති

තරු නැතත් අද විසල් නුබ ගැබ
පුදුම ලස්සන ලෙස පෙනෙන හැටි
හීන් පින්නේ ඇස් වසාගෙන
හෙටක් නැති ලෙස අද විඳිමු අපි

හෙටදි පායන තරු දකින්නට
ඉඳීදැයි අපි තව නොදන්නෙමු
අහම්බයකින් ඉන්න වුනොතින්
ඊයේ දවසට හිනා වෙමු අපි !

Pic By:

unsplash-logoTimo Stern

11 comments:

  1. කදිමයි - නුඹ නෙමෙයි නුබ නේද අදහස් කළේ..?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ටයිපින් මිස්ටේක් එකක්
      ඒක එඩිට් කලා
      තෑන්කූ ඈ

      Delete
  2. කොයි තරම් දිදුලුවත් හැඩට
    පරාදයි හඳ පායපුවාම අහසට
    හඳේ එළියට නොපෙනුනාට
    තරුත් ඉන්නවා ඔබේ තනියට

    ReplyDelete
  3. අන්තිම වර්ස් එක මරු.

    ReplyDelete
  4. හෙට වෙන දේ හෙට වෙන්න ඇරල අද කාල බීල ආතල් ගන්න එපැයි.

    ReplyDelete
  5. කොයි තරම් නම් තරු ගනීවිද
    රැය පහන් වන තුරා ලඟ හිඳ
    රැය පහන් වී හිරු නැගෙන සඳ
    දවල් තරු පෙනිලා තියේවිද

    සිහිනපුරේ පැත්තෙත් අැවිදින් යන්න ඒන්න.

    ReplyDelete
  6. අලංකාර නිර්මාණයක්
    විචාරක දියණිය

    ReplyDelete
  7. මතකය නම් වූ මළ පොත පෙරලා
    මළගිය ඊයේ සිහිපත් කළ මැන
    පැතූ පැතුම් අත් මිට මොලවා ගත්
    දෑතෙහි දසැඟිලි දිගහැරලුව මැන
    එහි මොනවද ඇත්තේ කිසිත් නැත
    හිස් බව කිව ඇත්තේ

    ReplyDelete
  8. lassana nirmaanayak dukaa. Dukaage lipi kiipayakma Mata magaerilaa.

    jayaweawaa

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails