Wednesday, November 1, 2017

රළු සුමුදු පෙති !



මලක පෙත්තක් ඇති
සැඩ සුලඟේ හැපි හැපී
වේදනා විඳ විඳ
ආදරයේ වේදනාවත්
සතුටක්යැ කියන!

අනෙක් පස හැරී
කාටවත් නොපෙනෙන්න
කඳුළු පිස දමන,
යලිත් ඉදිරිය බලා
සිනා මුව පෙන්වන!

මලක පෙත්තක් ඇති
බඹර තුඩු ඇනී ඇනී
සියොලඟම රිදුම් දෙන අතර
වේදනාවෙන් තොර
ආදරයක් නැතැයි
කොඳුරන !

ලොවම නිදිගත් පැයේ
රහසින් ඉකිබිඳින!

මලක පෙත්තක් ඇති
දුක් කඳුලු වේදනා
මලක් නම් උරුම යැයි සිතන!

හෙට මිලිනවන බව දැන
අද ඇතිතරම් හිනාවෙන්
ලොවට සුවඳ දෙන !


Photo by Evan Kirby on Unsplash

13 comments:

  1. අපූරුයි දුකා. කාලෙකින් ලස්සන නිර්මාණයක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ දුමී . . !
      ඔයාගේ කවි නිසඳැස් නම් අහලකටවත් එන්න අපිට ලියන්න බෑ ඉතින් :D

      Delete
  2. ඒ්ක ලස්සනයි අයියණ්ඩි.

    ReplyDelete
  3. ඊයෙ රෑ ඉදල මැදපෙරදිග සක්‍රිය වෙලා... චියර්ස්

    ReplyDelete
    Replies
    1. අපා එහෙමත් එකක්ද?
      තව කවුද බන් ලිව්වේ
      හෙ හෙ හේ

      Delete
  4. +++++++වැටක් ගැහුවා

    ReplyDelete
  5. පදපෙලේ kaleidoscope රූප රටා බොහෝ සුන්දරයි

    ReplyDelete
    Replies
    1. වචනේ තේරුම ගූගල් කරලා හොයා ගත්තා ඩීන් අයියා . . !
      සන්තෝසයි ඒ විදිහට මේක දැක්ක එක !

      Delete
  6. සුමුදු මල් පෙත්තක් වෙති
    රුදුරු කටුවකින් රැකවරණය යදින
    රළු නමුත් ඒ මල් පෙති
    බෙදයි සුවඳ ලොබ නැතුවම ලොවට

    ReplyDelete
  7. ආදරය සුන්දර වරදකි.
    විචාරක දියණිය

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails