Thursday, August 24, 2017

සිහින !


ඇත්තෙන්ම ජීවිතේ සමහර සිහින - සිහින විදිහට සදහටම තියෙනවා.

නමුත් සමහර සිහින හැබෑ කරගන්න වාසනාව උදා වෙනවා

මගේ බ්ලොග් එකේ හෝ ෆේස්බුක් එකේ දාපු තොරතුරු අනුව ගොඩක් අය දන්නවා අපේ "විරූස් - Virooz" සිහිනයේ තොරතුරු.

නොදන්න අයට දැන ගන්න කෙටියෙන් ලියන්නම්කෝ.

අපි ඇඳුම් ගන්න ගියාම මුහුණ දුන්නු ලොකුම ප්‍රශ්නයක් තමා පොකට් එකට දරන්න පුළුවන් ගානට හොඳ කොලිටියේ ඇඳුම් සපත්තු නැතිකම.

ලොකු ගණන් දීලා නදීෂාට ඇඳුම් ගෙණෙද්දී කාලෙකට කලින් දවසක එයා කිව්වේ "මට මේ තරම් ගණන් ඇඳුම් එපා - මහන මැෂිමක් අරන් දෙන්න, රෙදි අරන් දෙන්න මම ම හොඳ කොලිටි එකට මහගන්නම්" කියලා.

ඒ අරන් දුන්නු මැෂිමෙන් මට ෂර්ට් එකක් මහලා තෑගි කරපු වෙලාවක ඒකේ ෆොටෝ එකක් ෆේස්බුක් එකේ දැම්මහම "අපිටත් මහලා දීපල්ලකෝ" කියන මිතුරු ඉල්ලීම් තමා අපේ විරූස් සිහිනයට මූලික උණේ.

එදා ඉඳන් අපේම බ්‍රෑන්ඩ් එකකින් දරන්න පුළුවන් මිල ගණන් වලට හොඳ කොලිටි එකේ නිර්මාණ කරන්න ඕන කියන අපි සිහින මැව්වා.

බහතෝරන කාලේ ඉඳන් ගෙදර හැම දේකටම "දිස් ඉස් විරූ'ස්, දිස් ඉස් විරූ'ස්" කිය කියා අයිතිවාසිකම් කිව්ව මගේ සොඳුරු ත්‍රස්තවාදියා විරුල් නිසා අපි හිතා ගත්තා අපේ බ්‍රෑන්ඩ් නේම් එක විරූස් වෙන්න ඕන කියලා.

නදීෂා ඇඳුම් මහන කෝස් එක ඉවර කරලා සපත්තු හදන කෝස් එක කරද්දී ඒකෙදි හදපු සපත්තු දැකපු හැමෝම "අනේ අපිටත් හදලා දෙන්න" කියපු නිසා අපි 2012දී අපේ විරූස් කම්පනි එක රෙජිස්ටර් කරලා අපේ හීනයේ කොටසක් හැබෑ කර ගත්තා.

ඒ කාලේ නදීෂයි විරුලුයි ලංකාවේ මම මේ අරාබි රටේ කාන්තාරේ.

උණුහුමට තුරුල් වෙලා ඉන්න අප්පච්චි නැති කමින් විරුල් ඒ කාලේ මාත් එක්ක තරහින් හිටියේ.

කෝල් එකක් දුන්නත් ෆෝන් එක නදීෂට දෙනවලු "මෙන්න ඔයාගේ හස්බන්ඩ් කෝල් කරනවා" කියලා.

එයාට කතා කරන්න එන්න කිව්වම "බෑ මම බිසී" කියනවා.

මම පුදුම දුකෙන් හිටි කාලයක්.

2013 අගෝස්තු ස්කොලේ නිවාඩුවට එයාල මෙහේ ආවහම විරුල් කියලම හිටියා ආයේ මාව දාලා යන්න බෑ කියලා.

දරුවගේ අනාගතේ වෙනුවෙන් කියලා පටන් ගත්තු විරූස් තාවකාලිකව අපි නතර කළේ දරුවගේ වර්තමාන සතුට නැති කරලා ලබන අනාගත ජයග්‍රහණ මොකටද කියලා හිතලා.

ඉන් අවුරුද්දකට පස්සේ, මාෂා ඇන්ඩ් බෙයා කාටූන් බලද්දී දෙවියන්ගෙන් ඉල්ලපු ඊෂා අපිට ලැබුණා.

දවසින් දවස වයසට යන දෙමවුපියෝ බලා ගන්න ආපහු අපේ රටට යන්න ඕන කියලා හිතද්දී විරූස් සිහිනය ආයේ අලුතින් දකින්න ගත්තා.

ගිය අවුරුද්දේ අවසාන කාර්තුවේ ඉඳන් අපි දෙන්න දවල් රෑ නැතුව මහන්සි උණා.

ඒ මහන්සියත් අපි දෙන්නගේ යාළු හිත මිත්‍රාදීන්, දෙමාපියන්, සහෝදර සහෝදරියන් හැමෝගෙම උදව් උපකාරයෙන් ගිය මාසේ ජූලි 29 වෙනිදා විරූස් බිස්නස් ලෝන්ච් එක කරන්න පුළුවන් වුණා.

ගිය සැරේ වගේම සහ ඊට වඩා උදව් කරන අය අපි එක කණ්ඩායමක් විදිහට වැඩ කරන්න කතා වුණා.

ටීම් එකේ අපි කීප දෙනෙක් ප්‍රොඩක්ෂන් කර ගන්න මහන්සි වෙන අතරේ අනිත් අය අදාළ අනෙක් වැඩ (ලෝන්චින් පාර්ටිය, ප්‍රින්ටින්ග් වැඩ) වගේ දේවලට මහන්සි වුණා.

මගේ නිවාඩු අනුමත කර ගන්න වෙලා ගිය නිසාවෙන් හැමදේම කර ගන්න වුණේ හදි-හදිසියේ.

මුලින් පවුලේ අයට අමතරව තව සීමිත කීප දෙනෙක්ට විතරක් ආරාධනා කරමු කියන අදහස මම ලංකාවට ආවට පස්සේ වෙනස් කරන්න උණා ටීම් එකේ අයගේ අදහස් අනුව.

ආරාධනා කරන භාර ධූර වැඩේ පැවරුණේ මට.

ලෝන්ච් එකට දවස් කීපෙකට කලින් අනිත් වැඩ වලට දුවන පනින අතරේ ලැබෙන පොඩි ඉඩකදී ෆේස්බුක් ලොග් වෙලා තමා මේ ආරාධනා කරන වැඩේ කළේ.

ආරාධනා කරපු හැම දෙනාම වගේ ආවා.

ලෝන්ච් එකෙන් දවස් කීපයක් ගිහින් ආපහු බලද්දී තමා බොහොම දෙනෙක්ට ආරාධනා කරන්න බැරි වෙලා කියන දේ

ඒ හැමෝගෙන්ම පුද්ගලිකව සමාව ඉල්ලන්න වුණේ නෑ.

ඒ නිසා මේ පෝස්ට් එකෙන් පොදුවේ ඒ ආරාධනා කරනන් බැරි වුණු හමෝගෙන්ම සමාවෙන්න කියලා ඉල්ලා සිටිනවා.

ඒ වගේම අපේ ආරාධනව පිළිගෙන විරූස් එළිදැක්වීමේ සාදයට සහභාගී වුණු හැමෝටම බොහෝම ස්තූතියි කියලත් කියන්න ඕන.

එළිදැක්වීමේ උත්සවය වෙනුවෙන් ෆේස්බුක් එකේ කවර් ෆොටෝ මාරු කරන කැම්පේන් එකක් කරමු කියලා මිතුරෙක් යෝජනා කළත් ඒ වෙද්දී අපේ ප්‍රොඩක්ට්ස් සම්පූර්ණ වෙලා නොතිබුණු නිසා ප්‍රොඩක්ස් එළියට දාන්න වුණේ ටිකක් පහුවෙලා.

ඒ වෙනුවෙන් අපේ විරූස් ව්‍යාපාරයට උදව්වක් විදිහට ෆේස්බුක් එකේ තමන්ගේ කවර් පික් එක මාරු කරන්න පුළුවන්ද කියලා මම ඉල්ලා සිටි හැමෝම වගේත්, තව මම පුද්ගලිකව නොදන්න අය පවා ඒ කැම්පේන් එකට සහභාගී වෙලා තමන්ගේ කවර් ෆොටෝ එකට මම දුන්නු විරූස් කවර් ෆොටෝ එක දාලා විරූන් නම ගොඩක් අය අතරට ගෙනියනන් ලොකු උදව්වක් කළා.

ඒ හැම දෙනාටම මගේ ගෞරවණීය ආදරණීය කෘතවේදී බව දන්වන්න ඕන - ඒ උදව් කල හැමෝටම බොහෝම ස්තූතියි !

විරූස් අපි මේ පොඩි අඩියක් තිබ්බා විතරයි.

ඉදිරියට දිග ගමනක් යන්න ඔබ හැමෝගෙම සහයෝගය අපිට දිගටම ලැබෙන බව විශ්වාසයි.

නන් අයුරින් උදව් උපකාර කල හැමෝටම යළිත් වතාවක් ස්තූතියි !

ආදරෙන් - සුභාෂ් ගුණවර්ධන සහ විරූස් කණ්ඩායම

විරූස් සෝෂල් මීඩියා ලින්ක්ස් මේ තියෙන්නේ.
ලයික් කරන්න, ෆලෝ කරන්න, උපදෙස් ලබා දෙන්න කියලා ආදරෙන් ඉල්ලා සින්නත් කැමතියි.
Facebook: www.fabebook.com/viroozv
Instagram: www.instagram.com/virooz_v
Twitter: www.Twitter.com/viroozv
Blog: www.viroozv.blogspot.ae/

25 comments:

  1. දුකා මචන් එල...... බැරි වෙයිද තඩියගෙ සයිස් එකට ටී-ශර්ට් හරි ශර්ට් හරි දෙක තුනක් වත් හදා ගන්න...... මොන කඩේකට ගියත් ඇදුම් නෑ මස්සිනේ ගන්ඩ.... ඔන්න ලොකු පිනක් වෙන බිස්නස් එකක්... තඩි සයිස් ඇදුම් .....

    ReplyDelete
    Replies
    1. මීගමුවේ ප්‍රසිද්දයි කියන කඩ ඔක්කොටම ගියා... කොලඹ හවුස් ඔප් පැසොන් ගියා හිත රිද්දොගෙන ආපහු බර්ගර් එකයි කොකා කෝල එකයි කකා බිබී ආව... මෙහෙම ගියොත් තව ටික දවසකින් නිගන්ටක වගේ තමයි ඉන්ඩ වෙන්නෙ

      Delete
    2. ඔච්චර processed ෆූඩ් කන්න බොන්න එපා තඩියෝ :D

      Delete
    3. මම කන් නෑ..නිකන්ම කැවෙනවා... කෑම මගෙ පස්සෙන් එලෝනවා.

      Delete
  2. විස්තර, ෆොටෝ දැක්කා!

    සුබ පැතුම්!

    ReplyDelete
  3. සුභ පැතුම් දුකා.. අඩියෙන් අඩිය ඉදිරියටම යන්න හැකියාව ලැබේවා.. ජය

    ReplyDelete
  4. අතන මෙතන හැම තැනකම තිබුණත් කඩ ඇඳුම්
    හිතන තරමටම තත්වය හොඳින්ම නෑ ගෙතුම්
    කොතන කොහෙද ඇරඹුවෙ මේ විරුස් කඩේ ඇඳුම්
    පතන දියුණුවම ලැබෙන්න තබනව සුභ පැතුම්....

    ජයවේවා!!!

    ReplyDelete
  5. නියමයි.. හදවතින්ම සුභ පැතුම්...

    ReplyDelete
  6. හුටා , එෆ් බී පැත්තේ වැඩිය යැවෙන්නේ නැති නිසා මේක දැක්කේ නෑ.
    සුබ පැතුම් දුකෝ . විස්තර බලාගෙන එන්නම්කෝ

    ReplyDelete
  7. පින්තුර නම් දුටුවා.හරි විස්තරයක් දැන ගත්තේ මේ පොස්ට් එකෙන්.

    මේ හීනේ තව දිගු දුර යන්න සුබ පැතුම්...!

    ReplyDelete
  8. පින්තුර නම් දුටුවා.හරි විස්තරයක් දැන ගත්තේ මේ පොස්ට් එකෙන් X 2

    Jaya weiwa

    ReplyDelete
  9. සුබ පැතුම් මුලින්ම

    අපිටත් ඇදුම් තියෙවී නේද ?

    ReplyDelete
  10. සුබ පැතුම් මුලින්ම

    අපිටත් ඇදුම් තියෙවී නේද ?

    ReplyDelete
  11. මේ හීනේ තව දිගු දුර යන්න සුබ පැතුම්.

    ReplyDelete
  12. ජය වේවා ලොක්කා...!!

    ReplyDelete
  13. ඉදිරියටම යන්න ලැබේවා.

    ReplyDelete
  14. සැබෑ කරගත් සිහිනයට සුබපැතුම් !!!

    ReplyDelete
  15. සුබ පැතුම් !! ව්‍යාපාරය දිනෙන් දින සාර්ථක වේවා !!!

    ReplyDelete
  16. මේ වගේ වැඩක් ලෙහෙසි නැහැ කරන්න. ඇඟෙන් ම බැහැල වැඩ කරනන් වෙනවා. ඉතා සාර්ථක වේවා.

    ReplyDelete
  17. අපි හැමදාම දකින්නෙ... දැකිය යුත්තේ සෙනෙහසේ සිහින... හිත් පිරිසිදු නම් හැමවිටම ඒවා සඵල කරගන්න පුලුවන්. විරූස් ඒ එක් සිහිනයක්... නමුත් ඊට පෙර දරු සෙනෙහස... ලේසි වැඩක් නෙවෙයි මේ කරලා තියෙන්නෙ... ඇඩ්ඩටයිසිං කියන්නෙ ඉතිං... කියලා වැඩක් නෑ... සුභාෂ් මල්ලි මගේ සුබපැතුම්. ඔන්න අර උඩ කියලා තිබුණු විරූස් VirooZ ටීෂර්ට් කතාවට මමත් කැමතියි... මාත් ළඟදීම ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවේට සහභාගි වෙනවානේ... :D :p :D

    ReplyDelete
  18. ඔබට සුබ පැතුම්
    විචාරක diyaniya

    ReplyDelete
  19. මන් හිතන්නේ ගොඩක් හොඳ ව්‍යාපෘතියක්. දිගටම යන්න මගෙනුත් සුබපැතුම් දුකා!

    ReplyDelete
  20. සුභ පැතුම් අයියා..... ඊෂාස් එකකුත් දාන්න වෙයි හොදේ නංගට.....

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails