Sunday, December 4, 2016

නඩු අහන්නේ පවතින ආන්ඩුවද?



"මට විශ්වාස කරගන්නත් අමාරුයි ඊ නිව්ස් ප්‍රධාන කර්තෘ අත් අඩංගුවට ගන්න තැනට අපේ ආණ්ඩුව කොහොම පත් උනාද කියල“ - නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා

හර්ෂ විතරක් නෙමේ යහපාලන ආන්ඩුවේ මැති ඇමතිවරුන් වන හරීන් ප්‍රනාන්දු රන්ජන් රාමනායක එහෙමත් මේ අදහසම එන විදිහේ ප්‍රකාෂ කරලා තියෙන බව ඊනිව්ස් එකේ දැක්කා.

අපිට පැටලිලාද උන්ට පැටලිලාද?

අධිකරණය කියන්නේ එතකොට ව්‍යවස්ථාව විධායකය වගේ ස්වාධීන ආයතනයක් නෙමේද?

ව්‍යවස්ථාවයි විධායකයයිත් ස්වාධීනයි කියලා අපි හිතන් හිටියට ඒවත් ස්වාධීන නැද්ද?

කැලෑ උසාවියේ නඩු අහනවා වගේ නඩු අහලා අගවිනිසුරුවරිය පහත් විදිහට එලොපු කලින් හිටි ඒකාධිපති ගනයේ නායකයා ස්වාධීන අධිකරණයට අනවශ්‍ය ඇඟිලි ගහනවා කියලා ඒ ආන්ඩුව ගෙදර යවලා මේ පත් කරගෙන තියෙන්නෙත් එතකොට ඒ ජාතියෙම ආන්ඩුවක්ද?

එකිනෙකාගේ බලය අනිසි විදිහට භාවිතා කරන එක වැලැක්වීමේ බලයන් සහිත ස්වාධීන බලකනු තුනෙන් එකක් වැරද්දක් කලාම ඒක වලක්වන්නේ වොයිස්කට් දීලාද?

කොටින්ම උසාවිය කියන බලකනුවෙන් දුන්නු තීරණයක් වැරදි කියලා අනෙක් බල කනු දෙකේ අයට හිතෙනවා නම් විධායකය කියන බලකනුව ජනාධිපති කොමිසමක් කැඳවලා විමර්ෂනය කිරීම හෝ ව්‍යවස්ථාදායකය කියන බලකනුවේ උන් පාර්ලිමේන්තුවේ විවස්දයක් කැඳවලා ඒකේ වැඩි චන්දෙන් සම්මත වෙන විදිහට ඒ වැරදි කරපු බලකනුවේ තීරණය අභියෝග කරන එක නැතුව වොයිස්කට් දීම මොකද්ද එක හන්ගගෙන මොකද්ද දෙකෙන් රමණයේ යෙදෙන්න හදනවා වගේ නෙමේද?

මේ තුන්ගොල්ලෝම එකතු වෙලා ඩීල් දැමීමේ සෙල්ලමක්ද තියෙන්නේ එතකොට?

එහෙමත් නැතිනම් අරුන් තුන්දෙනා තාම කලින් ආන්ඩුව බලයේ ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවාද?

නැති නම් ඇත්තෙන්ම තිරෙන් එහා පැත්තේ වෙන්නේ මොනාද කියලා දන්න නිසා හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නා වත්ද?

අරුනුත් කසාය බීබු ගොලුවෝ වගේ කිසි සද්දයක් නැතුව ඉන්නේ උනුත් ඩීල් දාලා මාට්ටු වෙලා නිසා අතින් ඉල්ලන් පුක මස්සගෙන බඩ යන්න බෙහෙත් බොන්නේ ඇයි කියලා හිතනවා වත්ද?

උනුත් එකයි මුනුත් එකයි අරුනුත් එකයි කියලා අපිට හිතෙන්නේ නැතුව තියෙයිද?

උන්ට පිස්සුද ? 

අපිට පිස්සුද?

හිතා ගන්න බෑ ඕයි !!

8 comments:

  1. අපිට නම් පිස්සු නෑ... උන්ට පිස්සු කියලා නම් 48 ඉඳලා හොඳට පේනවා.. අධිකරණ ඇමති කමට පිස්සෙක් දැම්මාම වෙන දේවල් මේ.. ඌ හිතන්නේ ඌ සියල්ල දත්, සියල්ල ඌට ඕන ආකාරයට විය යුතුයි කියා...

    ReplyDelete
    Replies
    1. ස්ස්ස්ස්ස්....දූෂණයට එරෙහි දකුණු ආසියාවේ හඩ

      Delete
  2. මුන් හිතන්නෙ අපිට පිස්සු කියලා..මතකනෙ විමලත් ඒ කාලේ ආණ්ඩුවට විරුද්දවම කතා කිව්වෙ නිකන් බබා වගේ. අර ආර්ථික ඝාතකයා වගේ බරසාර වචන එහෙම දාල. උන් හිතන්නේ අපි ගොන්නු කියලා. උන්ගේ වැරදි උන්ටම ප්‍රශ්ණයක් වෙනකොට වැඩේ ෆුල් ලල්නේ....අනිවාර්යෙන්ම දුකා නඩු අහන්නේ දැන් පවතින ආණ්ඩු තමයි.මොකද අධිකරණයෙන් සාධාරණයක් වුනේ හිරුණිකාට විතරයි....

    ReplyDelete
    Replies
    1. /// මොකද අධිකරණයෙන් සාධාරණයක් වුනේ හිරුණිකාට විතරයි.... ///

      ඒක ඇත්ත, එකම නඩුව උනත් කුඩු දුමියට වෙඩි තියපු එකා හෝ එවුන් ගැන කිසි සඳහනක් නැහැ...
      ඌට මතක නැතිකම කෙසේ වෙතත් දුමියට වෙඩි වැදිලා තියෙනවා කියන කාරණය බැහැර වෙන්නේ නැහැ...
      එම නඩුව පවා බලවා ඇත්තේ ඒක පාර්ශවියව බව මගේ අදහසයි...

      Delete
  3. මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු.. කිව්වේ මම නෙමේ.. දුකා දන්නවා කිව්ව කෙනා :)

    ReplyDelete
  4. ඊ නිවුස් සම්බන්ධයෙන් ගම්පහ මහේස්ත්‍රාත් දීපු තීන්දුව අපක්ෂපාති එකක් බව පැහැදිලියි.එත් ඒ දීපු තීන්දුව ගැන මේ දේශපාලකයින් කරන ප්‍රකශ තුලින් වෙන්නේ අධිකරණ ස්වාධීනත්වය ප්‍රශ්න කිරීමක්.හරියට එකත් නිකම් මහින්දගේ කාලේදී තිබ්බේ අර මොන මිනීමරුවා,හොරා උනත් තමන් ලගට ආවොත් දේශප්‍රේමියෙක් වෙනවා වගේ.මොන වරදක් තිබ්බත් අපිට බලයට එන්න උදව් කරලා තියෙනවා නම් උන්ව බේරා ගන්න ඕන කියනවා වගේ වැඩක්නේ මේ.

    ReplyDelete
  5. උන්ටත් පිස්සු.... උඩ පැනල කතිරෙ ගහල උන්ව තෝරන අපිටත් පිස්සු. නැත්නම් මේ රට දවසින් දවස පස්සට යයි යැ

    ReplyDelete
  6. උන්ට පිස්සු. අපිට, ඒ කිව්වෙ ජනතාවට ඊටත් වඩා පිස්සු.

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails