Saturday, August 22, 2015

සුදු දුවේ එදිනට නුඹ කොතැනක සිටියත් . . . !

කිරිකැටි පායුග හැඩකල

හුරතල් නුඹේ මේස් පොඩි

තබා ගමි සුරැකිව

මතු අනාගතේ දවසක

මහළුව මියෙන මොහොතක

එන්නට බැරි දුරක සිටියොතින්

මියෙන්නට මොහොතකට පෙර

කිරිකැටි නුබේ මතකයේ

සුවඳ යලි යලිත් විඳ 

මියෙන්නට සොම්නසින් !


24 comments:

  1. දරාගන්න බෑ …… උඹ මේක නොදැම්මානම් හොඳයි !!

    සේරම නවත්තලා එලියට ඇවිත් සිගරට් එකක් පත්තු කරගත්තා මචං..

    ReplyDelete
  2. මා පිය සෙනෙහස උතුම්
    විශේෂයි පීතෘ ස්නේහය
    කිසි දින නොපෙන්වුවත්

    ReplyDelete
    Replies
    1. ටී එම් මෙහෙම කියනවා…

      මවකට මුවා වී නුඹ වෙත දිරි දුන්නේ 
      මම වෙමි පුතුණි එය මා පමණයි දන්නේ …

      Delete
    2. මාපිය දෙන්නගේම ආදරේ එකකට එකක් අඩු වැඩිය කිරන්න බෑ මල්ලී . .

      Delete
    3. පත්තර මල්ලී . . ඔව් බන් ගොඩක් තාත්තලා ආදරේ පෙන්නන්නේ නෑ ඒකයි අවුල . . ඒකට මම්

      Delete
    4. සුභාෂ් අයියා ගැන මම දන්නවා.. විරුල් කොච්චර වාසනාවන්ත ද කියලා....
      අම්මාගේයි තාත්තාගෙයි ආදරයේ එක තරාදියේ දෙපැත්තට දාලා කොයි පැත්ත බර වැඩි ද කියලා බලන්න බැ..
      ඒත් තාත්තෙක් දුවෙක්ට පුතෙක්ට වැඩිය එක දශමයක් හරි ආදරෙයි කියලා නම් මම දන්නවා

      Delete
  3. ඔය මේස් වලට වෙන දේ මං දන්නවා.
    කෙල්ල නව යොවුන් වියේදි ඕකෙ වටිනාකමක් දකින්නේ නෑ.
    සමහරවිට තාත්තලට විකාර කියලත් හිතන්න පුලුවන්.
    අවුරුදු විසි ගනං වලදි ඔන්න ඕවා හොය හොයා ගේ පෙරලනවා
    ඊට පස්සේ Facebook එකේ (හෝ ඒ කාලෙට අදාල මාධ්‍යයක) දානවා.

    ReplyDelete
    Replies
    1. මේවා නම් ළමයින්ට නොදී අපිම තියා ගන්නවා බන් . . නන්දක්කගේ සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ සිංදුවේ වගේ . . .
      දරුවන් ඇඳුම් ඇඟලුම් ගෙන සිඹින්නෙමී . .
      මනසින් එදා කෙලි සෙල්ලම් දකින්නෙමී . .
      මරණයේ දොරකඩට සපැමිණ සිටින්නෙමී
      ලේ කිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමී . . . කියලා මැරෙන්න කලින් අපිව බලන්න වරෙල්ලා කියලා නෝක්කඩු නොකියා ඉන්න . .

      Delete
  4. දුක කැටි කරපු.. සුන්දර වචන ටිකක්......

    ReplyDelete
    Replies
    1. ම් ම් දුක . . නෑ නේහ් සතුට . . . මැරෙන දාක දකින්න නොලැබුනත් සතුටින් මැරෙන්නම් කියල නේ කියන්නේ :D

      Delete
  5. දුවෙක් ගැන පියෙකුගෙ සිතුවිලි මොනතරම් සෙනෙහෙබරද.ආදරණීය පදවැලක්.

    ReplyDelete
    Replies
    1. හ්හ්ම්ම් හ්හ්ම්ම් දුවලට පුතාලට කියලා නෑ හැබැයි දරුවෝ හැමෝටම ආදරෙයි :D

      Delete
  6. දුවෙක් කියන්නේ මගේ ජීවිතෙත් අනාගත හීනයක්..

    ReplyDelete
    Replies
    1. ඉක්මනට හීනය හැබෑ කර ගන්න ලැබේවා කියලා පතනවා

      Delete
  7. මේස් විතරක් නෙමෙයි මේ සටහනුත් දුවට පෙනෙන තැනක ඒ කාලෙට තියන්න මතක තියාගන්.

    ReplyDelete
    Replies
    1. සටහන් නම් උන් ගූගල් සර්ච් කරලා හොයාගත්තාවේ බන් :D

      Delete
  8. ලොකුවට දැනුන පදවැල් ටිකක් .කාලයක් ගියාම මේස් පොඩියකින් මතක ගොඩක් දිග ඇරේවි

    ReplyDelete
  9. කවිය පොඩි වුණාට සෑහෙන සැරයි... දැවිල්ලට කඳුලුත් එනවා...

    ReplyDelete
  10. සෑහෙන්ඩ අමාරුකරනවා ඒක නම්!

    ReplyDelete
  11. අනේ මන්දා හිත නිකම් මොකක්දෝ වෙලා ගියා ...(මට මතක් උනේ මේ සින්දුව )

    මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
    මේ රැයේ මිහිරිම වෙලාවයි
    දොර ඇරන් එළියට ආවොතින්
    මේ මිහිරි දේවල් ඔබට මයි

    සේපාලිකා මල් බිමට බැහැලා
    ඇවිදින්න යන වෙලාවයි
    නිල් තාරකා බිම බලාගෙන
    වැව් දියට පෙම් බැඳි වෙලාවයි
    මේ පොළෙව කොතරම් සුන්දරද
    මගෙ දූ තනිවම හිනාවෙයි...

    ඝන කලුවරට අප පෙම් කළොත්
    ඉර හඳ තරුවලට ණය ගැතියි
    ලොව දුන්න දේවල් අද අපට
    හෙට ලොවට පෙරළා දිය යුතුයි
    ඔබ මේ ලොවට ආදරේ නම්
    මුලු ලොවම ඔබටත් ආදරෙයි...

    ගී පද - රත්න ශ්‍රී විජේසිංහ
    සංගීතය - රෝහණ වීරසිංහ
    ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

    ReplyDelete
    Replies
    1. ඊට වඩා මම කැමති සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ ගීතයට

      Delete
  12. මේ දැන් ටිකට් එකක් හදන් ලංකාවට යන්න තරම් හිත රිදුන . මට පිරිසක් ඉන්න තැනක අහන්න අකමැතිම ගීත දෙකක් (මගෙ දුවේ ඔබ අවදියෙන් නම් , දුවේ නුඹ මගෙ ප්‍රානයයි ) තියෙනවා.මේ කවියත් පිරිසක් තැනක කියෙව්වනම් උන් අහයි ඇයි උඹ අඬන්නේ කියල .

    ReplyDelete
    Replies
    1. ඇත්ත.
      දරුවෝ තමයි දෙමව්පියන්ගේ ලොකුම වස්තුව.
      එහෙම කියලා අපි වයසට ගිය කාලෙක ළමයිව කොටු කරන්න හොඳ නෑ කියලා හිතලා තමයි මේ වගේ දේවල් එකතු කරන්නේ . . උන්ට වදයක් නොවී උන්ගේ මතකේ රස විඳින්න

      Delete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails