Tuesday, June 23, 2015

සිතුවිලි ගඟ . . !

ගඟ:
බෝ දුරක සිට ඇවිත් 
නැවැත් වූ පසුව එහි
සුකෝමල ගමන් මඟ
බැඳ දමා ඇල වේලි
ඉවසලා බැරිම තැන 
ගලා යයි පිටාරව 
ගම් බිම්ද යටත් කොට . .

සිතුවිලි:
මතක ඇතිදා පටන් 
හිත් කොනේ ගොඩ ගැසුණු
දිනෙන් දින විසල් වූ
හොඳද නරකද නොදත්
ගරහන්න සැදි ලොවක
ගැරහුමට බිය සැකෙන්
විසි කරන්නට බැරුව
තව තවත් ගොඩ ගසන . . !


Pic from: http://www.prevention.com/

8 comments:

  1. ගඟ වල්මත්ව ගලා,
    කිමිදෙයි පල නැති කරදිය ගැඹුරක...

    සිත කුල්මත්ව ගලා,
    නවතියි කරදර පිරිපුන් අඳුරක...

    ReplyDelete
    Replies
    1. කිව්වත් වගේ බන් . .
      ඔන්නොහේ ඉන්න විදිහටම හිටාන් කියලා කියන එක තමා ඕඳ නේහ් :D

      Delete
    2. ෆොටෝ දෙකම එක වගෙ. අයියයි මල්ලියි ද :)

      Delete
  2. :) සිතිවිලි ගංගා දෙනෙතේ ඇඳිලා කඳුලක් වී සුලඟේ පා වේවා... ගීතය මතක් වුනා..

    ReplyDelete
  3. හොඳ වෙලාවට සිතුවිලි පිටට ගලන්නෙ නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. පිටට ගැලුවනං තමයි වැඩේ !

      Delete
  4. වහිනා වැස්ස සිතුවිලි කතරකට සොඳින්
    වටිනා නැද්ද ගෙරවිලි හඬ මතට සවන්
    වමිනා බැන්ද සැනසිලි සුව හිතට ඉතින්
    වඩිනා ඇන්ද රූ සිතුවිලි ලයට සෙමින්

    ReplyDelete
  5. ලෝකෙ ගැන නොහිතා සිතුවිලි වීසි කරන්න අනේ... බැරිම නම් දමලවත් ගහන්න...

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails